📌️ This chapter contains a few mature sections...🔞...Not read in an obscene manner 🤫
Min haezel p.o.v.
අහම්බයන් ජීවිතේට අරන් එන්නේ හරි අපූරු සුළි කුණාටු. අපේ ශක්තිය මත පදනම් වේවි ඔරොත්තු දෙනවද නැද්ද කියන එක . කවුරු කොහොම කිව්වත් ජීවිතේ ගලාගෙන යද්දි කාලෙකට කලින් අපිට මග ඇරුණු අතපසු වුනු තැන් ආපහු කැරකිලා තිබුණු විදියටම අපේ ළඟට එනවා , මගහැරුන හිස්තැන් ටික පුරවගන්න. හැම කෙනාටම හොඳ ආරම්භයක් නෑ , ඒත් හොද අවසානයක් ළඟා කරගන්න පුළුවන්.එහෙම වෙන්නනම් අනිවාරෙන්ම අර මගහැරුනු අසම්පූර්ණ හිස් කොටු ටික ජීවිතේ ඇතුලෙදි මැකිලම යන්න ඕනි.මැකිලා යනවා කියන්නේ එක්කො සම්පූර්ණ වෙන්න ඕනි , නැත්නම් සම්පූර්න නැති ඒ හිස්තැන් අතුරුදහන් වෙන්න ඕනි......එහෙමත් නැත්නම් නැති කරල දාන්න ඕනි.
රතුවෙලා ගිනිගන්න ඒ ඇස් දෙක මගෙ මතකෙ ගෙනිච්චෙ අවුරුදු ගානක් ආපස්සට.උගුර කැඩෙන්න වගේ වේදනාවක් දැනුනත් ඇස් අගිස්සෙන් කදුළු බේරුනත් මං දිගටම ඒ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ නිසයි.තාමත් මගේ උගුර ඇතුළෙන් දැවිල්ලයි.නැගිටගන්න බැහැ කකුළ් දෙක වෙව්ලනව.පණ නෑ වගේ.එච්චරටම කේන්තියක් ඒ ඇස් වල දැකල නැහැ මං.ඒ බෝල ඇස් එහෙම කේන්තියකින් දිළිසෙනව බලන්න මට කවදාවත් ඕනි වෙලා තිබුනෙ නෑ.මට ඕනි වුනේ සතුටින් දිළිසෙන ඇස් දකින්නයි ඔයාගෙන්.ඒත් මං ප්‍රාර්ථනා කරනව මේ ඔයා නොවෙන්න කියලා.ඔයා මෙහෙම කෙනෙක් වෙන්න බැහැ.මේ ඔයා වෙන්න බෑ කීයටවත්.😖ඒත් ඇයි මගෙ හිත කියන්නෙ මේ ඔයයි කියලා.මන් බලාපොරොත්තු වුනේ නැහැ මෙහෙම දෙයක් ඒ අවුරුදු ගානටම.මගෙ හිත කියන දේ හරිනම් මේ ඔයානම් , මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ දුන්නොත් මොනව වෙයිද.
..........ආහ්.........😖
මං පපුවත් අල්ලගෙනම එතනින් නැගිට්ටෙ හොස්පිටල් එකේ හිටපු හැම මනුස්සයම මාව වටකරගෙන මගෙ දිහා බලාගෙන හිටපු නිසයි.මිස්ට ජන්ග් වුනත් ගල් ගැහිලා මගෙ දිහා බලං හිටිය මිසක් මට උදව් කරන්නවත් සිහියක් නෑ එයාට.හීල්ස් දෙක ගලවලා අතට ගත්තු මං දූවිලි ගෑවිලා කිලිටු වෙලා තිබුනු ඇදුමත් අතින් පිහිදන ගමන් බැලුවෙ අර ගෑනු ළමය දිහායි.තරුණ ලස්සන මගෙ වයසෙම වගේ පෙනුමක් තිබුණු එයා භයවෙලා වගේ ඉස්සරහම බලාගෙන බිම වාඩිවෙලා හිටියා.
ඇත්තටම එතන මොකක්ද සිද්ද වුනේ.ඇයි අර විදිහට එයා මට රිද්දුවෙ.....මගෙ බෙල්ල....ආහ්......😖.......එතකොට මේ කෙල්ල කවුද......ඊයෙ මගෙ අතින් ඇක්සිඩන්ට් වුනු කෙනා එක්ක තියෙන්නෙ මොකක්ද මෙයාට.....මොකක්ද මේ කට්ටියගෙ සම්බන්ධෙ. ඔළුව වටේ ප්‍රශ්න දාහක් කැරකෙද්දි මං ඒ කිසිම එකකට උත්තර හොයන් නැතුවම ඉන්න තීරණය කළේ මේ වෙලාව එහෙම දේකට සුදුසු නෑ කියල හොදටම පෙනුනු නිසයි.
".......මිස්ට ජන්ග් දැන් අපි මෙතන හිටිය ඇති හොදටම......මට ලේට් වෙන්න බෑ......ඩ්‍රයිවර්ට කියන්න කාර් එක ගන්න කියලා........"
මිස්ට ජන්ග්ට එහෙම කිව්වත් මට ඕනි වුනේ තව ටිකක් මෙතන ඉන්නයි.මට තිබ්බ ප්‍රශ්න හැම එකකටම උත්තර මේ කෙල්ලගෙන් විතරයි හොයාගන්න පුළුවන්.වෙන කාටවත් බැහැ මට මේවට උත්තර හොයල දෙන්න.මට කාලයත් නෑ පුළුවන් කමකුත් නෑ.ඒත් මට විශ්වාසයි මේක නෙමෙයි හරිම වෙලාව.
එතකොට මේ කොල්ලා මං හිතන කෙනානම්.........ඒක එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන් මට.බැරිවෙලාහරි මේ දේවල් මං හිතන විදිහටම සිද්ද වුනොත් ........... එහෙම වුනොත් මේ හැමදේම තියෙනවට වඩා වෙනස් වෙයි.....මට ඉක්මනට මේ දේ විසදගන්න වෙනවා.
ආයිෂ්.....මොකක්ද මේ සිද්ද වුනේ...
මගෙ ජීවිතේ මාත් එක්කම සෙල්ලන් කරනවද දැන්.මෙච්චර කාලයක් මං දුක් විදලා නිදහස් කරගත්තු මගෙ ජීවිතේ ආපහු කවදාවත්ම ඒ තත්වෙට වැටෙන්න ඉඩ තියන්නෙ නෑ මං.......ඒක මගෙ පොරොන්දුවක්............
No one's p.o.v.
.......හේසල්.......
කාටහරි ජීවිතේ ඕනිකරන හැමදේම තියෙනව කියල පේන්න තිබුනොත් හැම මනුස්සයම කියයි ඒ ජීවිතේ ගොඩක් වාසනාවන්තයි කියලා.ලොකු පිනක් නිසා ලැබුනු ජීවිතයක් කියලත් කියයි.ඒත් කවුරුත් හිතන්නෙ නැහැ ඒ ජීවිත වලත් හැංගුනු අදුරක් කොහෙන් හරි තැවරිලා ඇතියි කියලා.පෝයට හද ලස්සනට පායනවා....හැබැයි අමාවක කියලත් හද පායන් නැතුව තියෙන්නෙ නැහැනෙ....හද පෑව්වත් ලස්සන එළියක් ආකර්ෂණයක් නැති වෙන එක විතරයි වෙන්නෙ.
මින් හේසල් , කෙල්ලව දකින කිසිම කෙනෙක්ට නිකමටවත් හිතෙන් නැති වේවි කෙල්ලත් ජීවත් වෙන්නෙ අදුරු ආගාධයක කියලා.කවදාවත් ගොඩ ඒමක් නැති මූසල පාළු තැනක කියලා.හැමදාම රෑට හිතින් ඉකිගගහ ඇස් දෙක පියාගන්න මහන්සි වෙන වේදනාකාරි ජීවිතයක් ඒ කෙල්ලටත් තියෙනව කියලා.ලස්සන දිග ඇස් දෙක කම්මුල් වල ගැවෙන්නම දිග ඇහි පිහාටු රෝසමලක් වගේ මූනක් එක්ක කාටවත් දෙවෙනි වෙන් නැති සරාගි ඇගකුත් තිබ්බා කෙල්ලට. ඒ වගේම ඒ හිත අස්සෙ කාටවත් දෙවෙනි වෙන් නැති වේදනාවකුත් තිබ්බා.ඒ ඇයි , ඒකට හේතුව , කවුද වගකියන්න ඕනි , ඒ දේවල් දැනගෙන හිටියෙ කෙල්ලම විතරයි.
ජීවිත තුනක් එක්ක සෙල්ලන් කරන එකම ඉරණමකින් බැදුණු ජන්කුක්ගෙ, ඉන්හගෙ , ටේහියුන්ගෙ ජීවිත වලට හේසල් මොන විදිහකින් ලංවේවිද.කෙල්ලගෙ ජීවිතේට මොන විදිහෙ දේවල් වලට මුහුණ දෙන්න වේවිද.සමහරවිට තුන් දෙනෙක්ගෙ හැගීම් වලින් ලියවෙන්න තිබුණු ජීවිත කතාව හේසල්ගෙ අතින් ලියවේවි.සිද්දවෙන කිසිම දෙයක් ඔහේ කිසිම හේතුවක් නැතුව සිද්දවෙන් නෑ.....ජීවිතේ ගතවෙද්දි පහුවෙන හැම තත්පරේකම සිද්දවෙන දෙවල් සමහරවිට කාලෙකට පස්සෙ මතු වෙන්න පුළුවන්.වර්තමානෙදි අගයක් නැතුව වැළලිලා ගියත් , කවදහරි දවසක ඒ වර්තමානෙත් අතීතයක් විදිහට එකතු වුනහම ඒ දේටත් වටිනාකමක් ලියවේවි....අනාගතේ තීරණය වෙන මොකක් හරි ඉගියක් ඒ අස්සෙන් දකින්න ලැබේවි.හරියට අවුරුදු ගානකට කලින් හේසල්ගෙ ජීවිතේ සිද්ද වුනු දේවල් වගේම.අමතක කරලා හුස්ම ගන්න බැරි ඒ අදුරු අතීතෙ වගේම.හෙවනැල්ලක්වත් දකින්න අකමැති වෙලා හිටපු ඒ මතකය ආපහු කෙල්ල ඉස්සරහම මැවෙන්න පටන් අරන්.....
****************
සැරින් සැරේට මේපල් ගස්වල අතුවල වැදිලා විසිරිලා යන ලා පොදයක් අස්සෙන් මලානික පාටට බැහැගෙන යන ඉර එළිය යොන්ග්සන් ගගේ (yeongsan) නිල් පාටට දිළිසෙන ජල තලේ වැදෙන වාරයක් වාරයක් ගානෙ ඉබේටම මැවුනෙ දේදුනු පාටක්.ලා අව්වත් එක්ක වැටෙන හීනි පොද වැස්ස දිහා බලාගෙන ඒ හැගීම විදින්නම ආසවුනු , ඒ සුවය විදගන්නම හුරුවුනු , නිදහස් හැගීම්වලින් , ලස්සන හීන වලින් , ඒ වගේම බලාපොරොත්තු වලින් පිරිලා ගියපු හිතකටනම් වචන අමුණලා ලස්සන කවියක් වුනත් ලියන්න තිබුනා.
පාර දෙපැත්තෙන් උඩටම වැවිල ගිහින් තිබුණු සකුරා ගස්වලනම් තිබුණෙ මේපල් ගස්වලට වඩා වෙනස් පෙනුමක්.පාර්ක් එකේ පාර දෙපැත්තෙන් එකම ගානට උඩටම වැවිලා ගිහිල්ලා ආපහු එකට එක්වෙලා අතු පටලවගෙන හිටියෙ ආදරයෙන් පිරිල ගියපු හිත් මොන බාධාව ආවත් හදවත් වලින් එකට ඉන්නවා වගෙයි.තනි තනියෙන් වැවිලා තිබුණු මේපල් ගස් තීරුව කොච්චර ලස්සන වුනත් සකුරා ගස් පේළිය වගේ ලස්සනට එකට එක්වෙලා නම් තිබුණෙ නැහැ.සමහරවිට මේපල් ගස්වලට සකුරා ගස්වලට වගේ බැදීම් වුවමනා නැතුව ඇති.බැදීම් වෙනුවෙන්ම ජීවත් වෙන එකේ අගයක් නැහැයි කියලා හිතෙන්න ඇති.බැදීමක් ඇති වුනාම අපි කොච්චර අසරණ වෙනවද කියලත් හිතෙන්න ඇති.එහෙම වුනාම කවදහරි දවසක විශ්වාස කරන්න බැරි විදිහට කඩාවැටෙන්න වේවි කියලත් තේරුම්ගන්න ඇති.මේපල් ගස් වාසනාවන්තයි.ඒත් ඒ කොල්ලා මේපල් ගස් තරම් වාසනාවන්ත නැතුව ඇති.
ජන්කුක් ඔහේ ඇවිදන් ගියේ අවුරුදු ගානකට කලින් යාළුවොත් එක්ක කෑ ගගහ විකාර නටපු ඒ මතකයන් වලින් පිරිල ගියපු තැනට.ජීවිතේ ගැන පාඩම් ගොඩක් ඉගෙනගත්තු පාර්ක් එකට.මතකයන් අකුරු විදිහට ලියවුනු දින පොතේ පිටු ගොඩකම විස්තර වෙලා තිබුණු ඒ තැනට.
දිග හුස්මක් ගන්න ගමන්ම ෂර්ට් එකේ උඩම බොත්තම් දෙකත් ගලෝලා කොල්ලා වාඩිවුනේ කාලෙකට කලින් රණ්ඩු වෙවී වාඩිවෙන්න පොරකාපු දියසෙවල බැදිල ගියපු බංකුවේ.බංකුව පිටිපස්සටම හේත්තුවෙලා කොල්ලා බලාගෙන හිටියෙ ඉමක් කොනක් පේන්නැති ඈතින් පේන යොන්ග්සන් ගග දිහා.
කොල්ලගෙ ඔළුවෙ වැඩකලේ දැන් ටිකකට කලින් සිද්දවුනු දේවල්.කොල්ලගෙ කටින් පිටවුනු ඒ එක වචනය ගැන.කොල්ලා හිටියෙ තමන් ගැනම කටින් කියල ඉවර කරන්න බැරිතරමෙ පසුතැවිල්ලකින්.එක වචනෙකට මනුස්සයෙක්ගෙ මුළු ජීවිතේම කනපිට හරවන්න පුළුවන් කියල හොදටම දැනගෙන ඉදලත් තමුන්ගෙම අතින් වුනු නොසැලකිල්ලට හිතින් තමන්ටම බැනගන්න ගමන්.බැරිවෙලාහරි කෙල්ලට තේරුනානම් කොල්ලා මෙච්චරකල් කෙල්ල එක්ක කතාකලේ කෙල්ල ගැනමයි කියලා , ජන්කුක් හිතින් හඩාවැටුනෙ ඒ ගැන හිතලයි.
යොන්ග්සන් ගගේ ඉමක් කොනක් පේන්නෑ වගේම කොල්ලගෙ සිතුවිලිවලත් ඉමක් කොනක් නෑ.හිතට නිදහසක් නැතුව ගලාගෙන එන මතකයන් කොල්ලගෙ ඔළුව අවුල් කරනවා.නිදහසක් සැනසීමක් හොයාගෙන කොල්ලා මෙතනට ආවා වුනත් ඒකෙන් වුනේ කොල්ලගෙ හිත තවත් පාළුවෙන් වැහිලා ගියපු එක විතරමයි.
ජන්කුක් හිතින් තවමත් ඉන්හා ළඟ.ඒ ඇස් වල අතරමං වෙලා.ජීවිතේ විදින්න තිබ්බ ගොඩක් දුක් කොල්ලා පොඩිකාලෙදි බාප්පා නිසා විදලා තිබුණා.පපුව මැද්දෙන් හීනියට එන දැවිල්ලක් එක්ක කොල්ලට ආපහු ඒ කාලෙ මතක් වෙනවා.එදා ඒ විදිහට ඉන්හව මුණ ගැහුනෙ නැත්නම් මේ කිසිම දෙයක් මේ විදිහට වෙන්නෙ නැහැනෙ කියලමයි කොල්ලගෙ හිත කෑගැහුවෙ.
බංකුව ළඟ අවුරුදු ගානක් වැටිලා තිබුණු දියසෙවල බැදුණු ගල් කැටයක් කොල්ලගෙ ඇගිලි වලින් ගිලිහිලා යොංග්සන් ගගේ ජල තලේ වැදුනෙ වචනයක් වත් නොකියා එකට තදවෙලා තිබුණු කොල්ලගෙ හීනි තොල් අගිස්සෙන් හිනාවක් ඇදෙද්දි.
ඒ හිනාව වෙන හැමදාටමත් වඩා වෙනස් හිනාවක්.වෙනදට වගේ කොල්ලගෙ ඇස් සතුටට දිළිසුනේ නෑ.දුකින් පියවුනෙත් නෑ.ලාවට රතු වෙලා තිබ්බ කොල්ලගෙ ඇස් වල තිබුණෙ කියල ඉවරකරන්න බැරි ලියලා නවත්තන්න බැරි හිත යටම වැළලිලා ගියපු හැංගුනු වේදනාවක් විතරමයි.
ජන්කුක් කල්පනා කළේ තමන්ට ජීවිතේ වැරදුණු තැන් ගැන.මගෑරුනු පොඩි පොඩි දේවල් ගැන. සතුටින් හිනාවෙලා හිටියත් ඊළග මොහොතෙ හිත කණගාටුවෙන් වේදනාවෙන් පිරුණු අවස්ථා ගැන.කොල්ලට වුවමනා වුනේ හැමදෙයක්ම එකට අමුණලා,තමන්ට වැරදුණු තැන හරියටම හොයාගන්න.
සකුරා මල්වල සුවද හීනියට මුසු වුනු සීතල සුළගක් මේපල් ගස්වල වැදීගෙන කොල්ලා ළගින් හමාගෙන ගියේ වසන්තයක් ඇවිත් තිබුණා කියලා හිතුවත් ඒ වසන්තය අහලකටවත් ඇවිත් නැහැයි කියලා කොල්ලගෙ හිතටම ඒත්තු ගන්වලා.
**************
හොස්පිටල් එකේ ඇදක වාඩිවෙලා අරමුණක් නැතුව ඔහේ බලාගෙන ඉන්න දිළිසෙන ඇස් දෙකක්.ලාවට ඈත්වෙලා තිබ්බ තොල් දෙක හිටපු ගමන් එකට වැදුනෙ සැරින් සැරේට කොල්ලට දැනුනු වේදනාව අඩු කරන්න වගෙයි.හිස් වුනු ජීවිතයක් , අරමුණක් නැතුව ගලාගෙන එන හැගීම් , තේරුමක් නැතුව මැවෙන සිතුවිලි කොල්ලගෙ ඔළුව වටේම කැරකෙනවා.කොල්ලා දිගින් දිගටම කල්පනා කලේ කොල්ලගෙ හිතට දැනුනු මේ තනිකම ගැන.මගහැරිලා ගියපු මොනවහරිම දෙයක්......මොනවහරිම වටින දෙයක් කොල්ලගෙ ඔළුව වටේ කැරකෙනවා.ඒත් ඒ චායාවක් විතරයි.....අදුරු සෙවනැල්ලක් විතරයි...කොල්ලගෙ මතකෙත් හරියට වැස්සට හේදිලා ගිය කැන්වස් එකක ඇදපු චිත්‍රයක් වගෙයි.කකුල් දෙකත් ආපහු එකට ළංකරගෙන කොට්ටයක් බදාගත්ත කොල්ලා ඇදේ ගුලිවුනා.කොල්ලට කිසිම දෙයක් තේරුනෙ නැහැ.වෙලා තියෙන්නෙ මොනාද කියලා හිතන්න හිතන්න කොල්ලට දැනුනෙ පපුව අවුලව ගෙන යන වේදනාවක් විතරයි.එතනින් එහාට කිසිම දෙයක් මතක් වෙන්න දෙන්නෙ නැති ඒ වේදනාවෙන් සැරින් සැරේට කොල්ලව පිච්චුනා.
කොල්ලගෙ ඇස් දිව්වෙ ජනේලෙ ළගට.සුළගට සෙලවෙන තිරේ නිසා හවස් වරුවට පැතිරිලා යන ළා ඉර එළිය එහෙට මෙහෙට වෙලා කොල්ලගෙ ඇස් වලටම වැදුණා.ඉර එළිය තද නැතත් කොල්ලා මුළු මූණම වැහෙන්න රෙද්දත් පොරවගෙන අනිත් පැත්ත හැරුනා.වෙන දවසකනම් ජනේලෙ ළගට ගිහින් මූණත් උඩට උස්සගෙන ඉර එළිය විදින්න තිබ්බා...ඒ ලස්සන බලන්න තිබ්බා....නිල් පාටට දිළිසෙන අහස දිහා බලාගෙන හොද හුස්මක් ගන්නත් තිබ්බා.....ගැඹුරු හීනවල ලස්සන මතක වල ගිලිලා තනියෙන් හිනාවෙන්නත් තිබ්බා....ඇයි වලාකුළු වලින් ලස්සන රූප මැවෙන විදිහ ගැන තනියෙන් හිතන්නත් තිබ්බා.....
ඒත් බැහැ......අද කොල්ලගෙ හිත කොල්ලට ඉඩක් දෙන්නෙම නැහැ.කොල්ලගෙ මුළු හිතම මොකක් හරි දෙයක් නිසා බිදිලා ගිහින්.කැඩිල බිදිල ගියපු හිතකට දැනෙන ලොකුම සැනසීම තමයි නිදහසේ පාඩුවෙ පැත්තකට වෙලා තනියම ඉන්න ලැබෙන එක.ඉතින් කොල්ලටත් උවමනා වුනේ තනියෙන්ම ඉන්න.තමුන්ගෙ පාඩුවෙ නිස්කලංක තැනකට ගිහින් මුළු ලෝකෙන්ම හැංගිලා ඇස් දෙකත් පියාගෙන නිදහසේ හිතන්න ඕනිතරම් දේවල් කොල්ලගෙ හිත අස්සෙ තිබ්බා.ඒත් ඒ දේවල් හිතන්න පටන් ගන්න තැනක් , ඒවයෙ මුලක් මැදක් එහෙමත් නැත්නම් අවසානයක් වත් කොල්ලට හොයාගන්න බැහැ......කිසිම දෙයක තේරුමක් නැතුව කොල්ලා අතරමං වෙලා.
කොල්ලගෙ ඇස් දෙකම දැවිල්ලයි.අඩපු නිසාද.....නැහැ.....කොල්ලා කොයිම වෙලාවකවත් ඇඩුවෙ නැහැ.....එහෙනම් ඇයි ඒ ඇස් දැවිල්ල......ඒක කොල්ලටත් ප්‍රශ්නයක් වුනා......කිසිම දෙයක් හිතන් නැතුව කොල්ලා ඇස් දෙක පියාගත්තා....ටික වෙලාවක් යද්දි බලෙන් තදකරන් වහගෙන හිටපු ඇස් දෙක නිකන්ම පියවුනා.කොල්ලට නින්ද ගිහින්.හිතන්න දේවල් කන්දරාවකුයි කරන්න දේවල් ගොඩකුයි හිත යට තියාගෙන හිටිය කොල්ලා දැන් හැම දෙයක්ම අමතක කරල දාලා නිදි.
ඒත් කොල්ලා දැනගෙන හිටියනම් අමතක කරලා දාලා ඉන්නෙ තමුන් මේ ලෝකෙ වැඩිපුරම ආස කරපු කාලෙමයි කියලා , වැඩිපුරම ආදරේ කරපු කෙනාවයි කියලා , පණ වගේ ආරක්ෂා කරපු කෙල්ලවයි කියලා , කොල්ලා කවදාවත්ම සමාවක් දෙන එකක් නෑ තමන්ටම.ඒත් මොනව කරන්නද දෛවය කියන කෙනා කවදාවත්ම අපි කැමති විදිහට හැසිරෙන්නෙ නැහැනෙ.අපි කැමති විදිහට ඉන්න වුවමනාවකුත් නැහැ එයාට.දෛවය වැඩ කරන්නෙ තමුන් කැමති විදිහට.සමහරවිට කොල්ලට ජීවිතේ තව අවස්ථාවක් ලැබේවි.ඒත් ඒ දවස අපිට ඕනි තරම් ඉක්මනින් උදා වෙන් නැති වේවි.සමහරවිට ඒ දවස උදා වෙද්දි මේ හැමදේම තියෙනවට වඩා සම්පූර්ණෙන්ම වෙනස් වෙලා තියේවි.සතුට තිබුණු තැන්වල දුක තියේවි....දුක තිබුණු තැන්වල සමහරවිට සතුට තියේවි.හැමදෙයක්ම තිබුණු විදිහට හරිගස්සන ඒ දවස එනකම් බලාගෙන ඉන්න විතරයි අපිට පුළුවන්.
වසන්තය වියපත් වේවි......
එනමුදු ළගින් රැදී සිටීවි......
අද හැරගියත් කෙදිනක හෝ ආපසු ඒවි.....
ටේහියුන්ට සිද්ද වුනු දේවල් ගැන කවුරුත්ම ටේහියුන් ඉස්සරහ කතා කරන්න ගියෙ නැහැ.මොකද ඒ දේවල් ගැන කොල්ලා බලෙන් මතක් කරගන්න උත්සහ කරන එකෙන් සිද්දවෙන්නෙ කොල්ලා තවත් දුර්වල වෙන එක විතරයි කියලා හැමෝම දැනගෙන හිටියා.කොල්ලට සිහිය ඇවිල්ලා දවස් දෙකක් ගිහිල්ලත් කවුරුත්ම කොල්ලට දැනෙන්න හැරියෙ නැහැ අමතක වුනු දේවල් ගැන.ඉන්හා වුනත් හිතේ තියෙන හැම දුකක්ම විදගෙන නිහඩවම මග බලාගෙන හිටියෙ ටේහියුන්ග්ට මතක් වෙනකන්.සිද්ද වුනු හැමදෙයක්ම.ඒ කොහොම වුනත් ටේහියුන්ගෙ ඔළුවෙ වැඩ කලේම තමන්ට අමතක වුනු මොනවහරිම දෙයක් තියෙනව කියන සිතුවිල්ල.ඒත් කොල්ලා ඒක මතක් කරන්න මතක් කරන්න දැනුනෙ වේදනාවක්ම විතරයි.ටේහියුන්ග්ට ඕනි වුනේ නැහැ ඒ වේදනාව විදින්න.කොල්ලා ඒ දේවල් මතක් කරනව වෙනුවට අමතක කරන්නයි උත්සාහ කලේ නිතරම.
ටේහියුන්ග් ඇස් දෙකත් පියාගෙන ඇදේ ගුලිවෙලා නිදි.කොල්ලට කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැ.පේන්නෙත් නැහැ.කොල්ලගෙ හිතට පුදුම සැනසීමක් දැනුනා නිදාගත්ත වෙලාවට.
නම්ජුන්,යුන්ගි,හොබී,ජින්,ජිමින් වගේම ටේහියුන්ගෙ මැනේජර් වුනත් තීරණය කරලයි තිබ්බෙ කොල්ල හොදටම හොද වෙනකම්ම , සාමාන්‍ය විදිහට මීඩියා වලට මුහුණ දෙන්න තරම් තත්වය හොද අතට හැරෙනකම්ම , ටේහියුන්ව හොස්පිටල් එකේම තියන්න.ටේහියුන්ග් නතර වෙලා හිටපු තට්ටුවේ තිබුණු කිසිම රූම් එකක වෙන පේෂන්ලා හිටියෙ නැහැ.කොල්ලට උපරිම ආරක්ෂාව දීගෙන මුළු හොස්පිටල් එකේම හිටියෙ කළුපාට ඇදගත්තු බොඩිගාඩ්ස්ලා විතරයි.කොල්ලට හොස්පිටල් එකෙන් එළියට ගිහින් , නැත්නම් රූම් එකෙන්වත් එළියට ගිහින් ඇවිදින්න හිතුණු වාර අනන්තයි.ඒත් කොල්ලා එළියට ගියෙ නැහැ.කා එක්කවත් කතා කළෙත් නෑ.කොල්ලා කළේ රූම් එක අස්සටම වෙලා අරමුණක් නැතුව ඔහේ බලාගෙන හිටපු එක විතරයි.නැත්නම් පැය විසි හතරම නිදාගත්තා.කොල්ලා දකින්න ආස වුනේ සතුටින් හිනාවෙන කොල්ලගෙ පවුල , විහිළු කරලා අවුස්සන්න , ඇතිවෙනකන් රණ්ඩු කරන්න කොල්ලා පණ වගේ ආදරේ කරපු හියුන්ලා ටික , දඩබ්බර වැඩක් කරලා හොරෙන් හිනා වෙන්න කොල්ලගෙ චූටි දඩබ්බර මල්ලි ජන්කුක්ව. කළු ඇදගෙන තුවක්කු උස්සගෙන මූනෙ හිනාවක් වත් නැතුව ගල් වලින් අඹපු පිළිම වගේ හිටගෙන ඉන්න හැගීම් දැනීම් නැති මිනිස්සුන්ව දකින්න ආසාවක් කොල්ලගෙ හිතේ කොනකවත් තිබ්බෙ නැහැ.
හිටිහැටියෙම ටේහියුන්ග්ට දැනුනෙ මෘදු ස්පර්ශයක්.කාගෙහරි දිග ඇගිලි කොල්ලගෙ සිනිදු කෙස් උඩ එහෙට මෙහෙට දිව්වා.සැරින් සැරේට ඒ ඇගිලි කොල්ලගෙ නළලෙ එහෙට මෙහෙට වුනේ මූනට වැටෙන කෙස් රොදවල් පිටිපස්සට කරන ගමන්.
කොල්ලට දැනුනෙ ඒ ස්පර්ශය කොල්ලා බලාපොරොත්තුවෙන්ම හිටපු දෙයක් කියලයි.කොල්ලට මතක් වුනේ පොඩි කාලෙ ඔම්මගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන ඔම්මට කියලා ඔළුව අතගාගත්තු කාලෙ.වැඩ කරලම රළු වුනු ඔම්මගෙ ඇගිලි වලට වඩා ගොඩක් සිනිදු වුනත් ඒ ඇගිලි කොල්ලගෙ කොණ්ඩෙ අතරින් එහෙට මෙහෙට වෙන වාරයක් ගානෙ කොල්ලට දැනුනෙ ඔම්ම ළගින් ඉන්නව වගෙයි.
ටේහියුන්ග් ඇස් පියාගෙනම හිටියෙ ඒ ස්පර්ෂයෙන් මිදෙන්න දැනුනු ලෝභකමට.ඒ උණුහුම නැතිකරගන්න කොල්ල පොඩ්ඩක් වත් ආස වුනේ නැහැ.සැරින් සැරේට ඒ ඇගිලි කොල්ලගෙ වැහිල තිබුනු ඇස්පියන් උඩ දගකලා.ටේහියුන්ග්ට වුවමනා වුනා ඇස් ඇරල ළගින් ඉන්න කෙනා දිහා බලන්න , ඒ කෙනා කවුද කියලා අදුරගන්න.ඒත් කොල්ලා දිගටම ඇස් දෙක තදකරලා වහගෙනම හිටියා.කොල්ලට ඕනි වුනේ ඒ මොහොත විදින්න.මතකයන් එක්ක හරි හරියට හිනාවෙන්නයි කොල්ලා වැඩියෙන්ම ආස වුනේ.
ඊළග මොහොතේ කොල්ලට දැනුනෙ කම්මුල් වල වැදුණු සීතල දෙතොලක පහස.හරි ඉක්මන් සියුම් සිපගැනීමක් වුනත් ඒ දෙතොල් වල උණුහුම , ඒ දෙතොල් වලින් ලාවට හමපු ස්ට්‍රෝබෙරි සුවද කොල්ලගෙ හද ගැස්ම වැඩිකළා.කොල්ලගෙ මුළු ඇගම හිරිවට්ටන්න සමත් වුනු ඒ හාදුව අස්සෙ තිබ්බෙ කවදාවත් දැකල නැති කවදාවත් විදල නැති ඒත් හුරුපුරුද්දක් දැනුණු ආගන්තුක හැගීම් ගොන්නක්.
ටේහියුන්ග් කල්පනා කලේ මේක හීනයක්ද කියලයි.නිදාගෙන ඉන්න වෙලාවක කවුද නැත්නම් මේ විදිහට ඇවිල්ලා කිස් කරන්නෙ.කම්මුල් වලට තදවෙලා තිබුණු ඒ දෙතොල් ඊළග මොහොතේ ඈත්වුනත් කොල්ලට ඕනි වුනේ ඒ උණුහුම ආපහු විදින්න.ඒ ලිප්ස් හැමදාටම කොල්ලගෙ කම්මුලේ නැවතිලාම තියෙනවනම් කියලයි කොල්ලට හිතුනෙ.
ටේහියුන්ග් දෙපාරක් හිතන් නැතුවම ළඟ හිටපු කෙනාගෙ අතිනුත් ඇදලා අල්ලගෙන ගානක් නැතුවම ඇස් දෙක ඇරලා ඒ පැත්ත බැලුවා.ඒත් අල්ලගෙන හිටපු අතේ අයිතිකාරයව දැක්ක විතරයි ඇදේ තිබ්බ කොට්ටත් බිමට පෙරළගෙන කොල්ලා එහෙම්මම ඇදෙන් වාඩි වුනා.කටත් බාගෙට ඇරගෙන එකදිගටම ඇස් පිල්ලම් ගහගෙන ගහගෙන ගියපු කොල්ලා හොද හුස්මකුත් අරගෙන අල්ලගෙන හිටපු අතත් ගසල දාලා අහක බලාගත්තා.😂
Flash back......
ඉන්හා ටේහියුන්ගෙ රූම් එක ළඟ හිටගෙන වීදුරුවෙන් බලාගෙන හිටියෙ ඇදේ පැත්තක ගුලිවෙලා නිදාගෙන ඉන්න කොල්ලා දිහායි.බඩ උඩිනුත් කොට්ටයක් තියාගෙන ලාවට කටත් ඇරගෙන නිදාගෙන හිටපු කොල්ලව දැක්කම කෙල්ලගෙ මූනෙ ඇදුනෙ ලා හිනාවක්.ඒත් ඒ හිනාව පරදගෙන කෙල්ලගෙ ඇස් දෙක ආයෙ බොදවෙලා ගියා.ඇස් අගිස්සෙන් එළියට පැනපු කදුළක් කෙල්ලගෙ රතු වෙලා ගියපු කම්මුල දිගේ රූටලා ටයිල් පොළොව සිපගත්තා.කෙල්ලට උවමනා වුනේ නැහැ කොයිම වෙලාවකවත් ටේහියුන්ට කෙල්ල ගැන මතකෙ බලෙන් අරන් දෙන්න.කවදාවත්ම කෙල්ල ටේහියුන්ග් එක්ක කතාකරන්නවත් නොගියෙ ඒකයි.කෙල්ල හැමදාම කලේ කොල්ලා නිදාගෙන ඉන්න වෙලාවට ඇවිල්ලා හොරෙන් බලාගෙන හිටපු එකයි.ඇස් බොද කරගෙන ගලාගෙන ගියපු කදුළු අත් දෙකෙන්ම පිහිදගෙන කෙල්ල හැරුනෙ ආපහු යන්න.ඒත් කෙල්ලගෙ හිත කෙල්ලට ඉඩ දෙන්නෙ නැහැ.කෙල්ලට ඕනි වුනේ තත්පරයක් දෙකක් හරි කොල්ලා ළග වාඩිවෙලා චිත්‍රයක් වගේ තිබුණු ඒ මූණ දිහා බලාගෙන ඉන්න.දොරේ අගුල හිමිහිට කරකවලා කෙල්ල හිමින් හිමින් ගිහින් ටේහියුන්ගෙ ඇද ගාවම දණගහගත්තෙ ඇස් වලින් ගලන කදුළුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා.ඉකි ගැහෙන කටහඩ නවත්තගන්න අත් දෙකෙන්ම කට තදකරලා වහගෙන සිවිලිම දිහා බලාගෙන කෙල්ල හයියෙන් හුස්මක් ගත්තා.ඇස් වලින් දිය ඇල්ලක් වගේ ගලන කදුළු කෙල්ලගෙ නළල දෙපැත්තෙන් ගලාගෙන යනවා.
කොල්ලගෙ මූණ මැලවිලා ගිහින්.වෙනදට හැමවෙලේම හිනාවෙලා ඉන්න කොල්ලගෙ මූනේ හිනාවක හෙවනැල්ලක්වත් නැහැ.ලස්සනට දිළිසෙන දිග ඇස් දෙක තදවෙලා පියවිලා.ඇදපු චිත්‍රයක් වගේ තිබ්බ මූණෙ තැනින් තැන තුවාල පාරවල්.කෙල්ල බිම දණගහගෙන කොල්ලා දිහා බලාගෙන හිතින් නොසෑහෙන්න ඇඩුවා.කෙල්ලට ඕනි වුනත් කෑ ගහලා අඩන්න කෙල්ල එහෙම නොකළේ කොල්ලා ඉස්සරහ කෙල්ලට දුර්වල වෙන්න බැරි නිසා.
කෙල්ලගෙ ඇගිලි දිව්වෙ කොල්ලගෙ කොණ්ඩෙට.ඒ කොණ්ඩෙ තාමත් එදා වගේමයි.කොල්ලා කෙල්ලව අන්තිමට කිස් කරපු දවසෙ වගේ.සිනිදුයි ඒ වගේම ගොඩක් අකීකරුයි.කෙල්ල කොල්ලගෙ මූනට වැටුනු කෙස් රොදවල් හිමින් සීරුවට පිටිපස්සට කළා.සුදුමැලි වෙලා තිබ්බ කොල්ලගෙ කම්මුලකට ළංවුනු කෙල්ල හිමින් සැරේ ඒ මත හාදුවක් තිබ්බා.කොල්ලා ළගින් විතරක්ම හැමදාම දැනෙන ඒ අමුතු සුවදට කෙල්ල ආස කළා.කොල්ලගෙ සීතල වෙලා තිබ්බ කම්මුලේ තව ඕනිතරම් උණුසුම් හාදුවලට ඉඩ තිබ්බත් කෙල්ල තත්පරයක් යන්නත් කලින් කොල්ලගෙන් ඈත්වුනා.ඒත් කෙල්ලව ගැස්සිලා ගියේ අඬුවකට අහුවුනා වගේ කෙල්ලගෙ අත කොල්ලගෙ අතින් තද වෙද්දි.
Flash back end......
"යාහ්හ්......තමුසෙ.....තමුසෙට මං එදත් කිව්වා නේද ආ......"
ඇදේ ඉදගෙන ටේහියුන්ග් ඉන්හා දිහා බලාගෙන මහ හයියෙන් බෙරිහන් දෙනවා.කෙල්ල තාමත් ගල්වෙලා වගේ ටේහියුන්ග් දිහා බලාගෙන හිටියෙ කෙල්ල කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු නිසා.ඇත්තටම ටේහියුන්ගෙ හැසිරීමෙත් එක අතකට වරදක් නැහැයි කියලා කෙල්ලගෙ යටි හිත කෑගැහුවා.මොන කොල්ලද කැමති වෙන්නෙ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඇවිල්ලා මෙහෙම කිස් කරනවට.අනික විශේශයෙන්ම ටේහියුන්ග් වගේ කෙනෙක්.කෙල්ලට කතාකරන්න වචන හොයාගන්නත් බැරි තරමට කෙල්ල අසරණයි කොල්ලා ඉස්සරහ.
කෙල්ල මොනව කියලා කියන්නද.මමයි ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් , ඔයා මට පණ වගේ ආදරේ කලා , ඔයාට දැන් ඒවා මතක නැහැ කියලා කියන්නද........කොච්චර කාලයක් ආදරේ කළත් කොච්චර ආදරේ බෙදාගත්තා වුනත් දැන් හැමදේම ඉවරයි.හැම දෙයක්ම බිදිල ගිහිල්ලා කෑලි කෑලි වලට.සිද්ද වුනු කිසි දෙයක් කටින් මතක් කළායි කියලා ඒ දේවල් ආපහු කලින් විදිහට වෙන් නැහැනෙ.කටින් කියවලා කාගෙවත් හිතක හැගීමක් ඇති කරන්නෙ කොහොමද.......මතකය නැතිම වෙලා ගියත් හදවත නැති වෙන්නෙ නැහැනෙ....එකම හදවත....එකම සිතුවිලි.....එකම හැගීම්.......ඇත්තටම ආදරේ කළානම් මේ හැගීම කලින් විදිහටම ආපහු දැනේවි.
කෙල්ල හිතුවෙ එහෙමයි.......
"Sorry for the inconvenience"
අත් දෙකෙන්ම කදුළු පිහිදගත්ත කෙල්ල හොද හුස්මකුත් අරන් ගානක් නැතුව අනිත් පැත්ත හැරුණා.ටේහියුන්ග් කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ ඇත්තටම පුදුම වෙලයි.කොල්ලා කල්පනා කළේ මේ මොකක්ද මේ වුනේ කියලා.කිසිම ගානක් නැතුව කෙල්ල එහෙම කියපු නිසා කොල්ලා හිටියෙ ෆුල් හොල්මන් වෙලා.
"ඒ ඒ ඔහේ ඔහොම ඉන්නවා....."
ඇදේ තිබ්බ ඉතුරු කොට්ට ටිකත් බිමට පෙරළගෙන නැගිට්ට කොල්ලා පැනපු ගමන් කෙල්ලගෙ බ්ලව්ස් එකේ කරෙන් අල්ලලා පිටිපස්සට ඇදලා ගත්තා.
"තමුසෙ මං කවුරු කියලද හිතන් ඉන්නෙ ආ......කියනවා ඇයි තමුසෙ මාව අරහම කිස් කළේ....තමුන්ගෙ රාජකාරිය නිදාගෙන ඉන්න කොල්ලන්ව කිස් කරන එකද....මොන ලැජ්ජ නැති කෙල්ලෙක්ද තමුසෙ....."
ටේහියුන්ග් කෙල්ලට එකදිගටම බැනගෙන යනවා.කෙල්ලගෙ හිත පෑරෙන වචන එච්චරටම ටේහියුන්ගෙ කටට කොහෙන් ආවද මන්දා......හිත ගල්කරගෙන ඉන්නව කියලා කොහොම හිතුවත් , පණ වගේ ආදරේ කරපු කොල්ලා මෙහෙම කතාකරද්දි මොන කෙල්ලගෙ ඇහෙන්ද කදුළක් වැටෙන්නෙ නැත්තෙ.ටේහියුන්ගෙ ඇස් මොහොතකට ආපහු කෙල්ලගෙ ඇස් වල නතර වුනා.නොසෑහෙන්න නෝක්කාඩු කතා කියෝපු කොල්ලගෙ කටට අගුල් වැටුනෙ කෙල්ලගෙ බෝල ඇස්වල දිළිසෙන කදුළු දැකපු වෙලෙයි.කොල්ලගෙ අතින් කෙල්ලගෙ බ්ලව්ස් එකේ කර හිමින් සැරේ අතෑරුනා.කෙල්ලගෙ වෙව්ලන තොල් දෙක , රතුවෙලා ගියපු මූන , කදුළු වලින් පිරිලා ගියපු ඇස් දෙක , කොල්ලගෙ හදවත නතර වෙලා....කොල්ලගෙ පපුව ගැහෙන්නෙත් නෑ වගේ දැන්නම්.කොල්ලට දැනුනෙ මහ වරදකාරී හැගීමක්.කවදාවත් දැනුනෙ නැති අමුතු පසුතැවීමකුයි කොල්ලගෙ හිතට දැනුනෙ.ඊළඟට ඇහුනු කෙල්ලගෙ කටහඩ නිසා ඒ වේදනාව පසුතැවීම ආපහු අලුත් වුනා.
"ටේහියුන් ,
හොදම කෙනාව තෝරගන්නවට වඩා හොදම ආදරය තෝරගන්න අමාරුයි....
ලස්සනම කෙනාවනම් හොයාගන්න පුළුවන් වේවි.....ඒත් ලස්සනම ආදරයක් , ඒක හොයාගන්න සෑහෙන්න අමාරුයි.....
ඒ වගේම සීනිබෝල කතා කියෝන කෙනාව තේරුම් ගන්නවට වඩා කැපකිරීම් කරන කෙනාව තේරුම් ගන්න අමාරුයි.....
ස්තූතිය ඔයාගෙ හැම වචනෙකටම....ඔව් මං මහ ජරා කෙල්ලෙක්....කිසිම හැදියාවක් නැති....සමාවදෙන්න මට , ඔයාට පුළුවන්නම් විතරක්.....
සුභ දවසක් ටේහියුන්ග්ෂි......"
ටේහියුන්ග් බලාගෙන හිටියෙ දොරත් ඇරගෙන ඇස් වලින් එළියට එන්න දගලන කදුළු හංගගෙන එළියට ගියපු කෙල්ල දිහා.
කෙල්ලගෙ කටින් පිටවුනු වචනයක් වචනයක් ගානෙ කොල්ලගෙ ඔළුව වටේ දෝංකාර දුන්නා.කෙල්ල අන්තිමට කියපු ඒ වචන දෙක තුන.....
_සීනි බෝල කතා කියන කෙනාට වඩා කැපකිරීම් කරන කෙනාව තේරුම්ගන්න අමාරුයි_
ඔව් ඒක ඇත්ත , ඒක තමා ඇත්තම තත්වය.කැපකිරීම් කරන මනුස්සයව ලෝකය හැමදාම දැක්කෙ වැරදිකාරයෙක් විදිහට , කොල්ලා තාමත් වේගෙන් ගැහෙන පපුවට අතකුත් තියාගෙන ඇදෙන් වාඩිවුනා.කොල්ලගෙ අත ගියේ කෙල්ල කිස් කරපු කම්මුලට.කොල්ලට මතක් වුනේ ඒ මොහොතෙ දැනුනු හැගීම්.
"ඇත්තටම මං ඒ දේ බලාපොරොත්තුවෙන්ද හිටියේ.ඇයි මං ඒ මොහොතට තාමත් මෙච්චර ආස කරන්නේ.මං ඒ හැගීමට මෙච්චරම කැමති ඇයි"
කොල්ලගෙ හිත එකම ප්‍රශ්න ටික ආයෙ ආයෙමත් කොල්ලගෙන්ම අහනවා.
ඕනාට වඩා ඕනිම දෙයක් හිතද්දි නැතිවෙන්න පටන් ගන්නවා සතුටයි නිදහසයි දෙකම...
හිත යටින් එහෙම හිතන ගමන් කොල්ලා ආපහු ඇදෙන් හාන්සිවෙලා ඇස් දෙක පියාගත්තා.
NO ONE'S P.O.V.
...At Octagon Club...
ලාවට පියවීගෙන යන ඇස් බොහොම ආමාරුවෙන් ඇරගෙන කොල්ලා තව ග්ලාස් එකකට විස්කි පිරෙව්වා.ග්ලාස් එක කටට ළංකරගෙන කොල්ලා අවසිහියෙන් මුළු ග්ලාස් එකම බීගෙන බීගෙන ගියා.ග්ලාස් එකේ තිබ්බ විස්කි වලින් බාගයක්ම බෙල්ල දිගේ වැක්කිරිලා කොල්ලගෙ පපුව සිප ගත්තා.විස්කි වලින් තෙත්වුනු සුදු පාට දුහුල් ෂර්ට් එක කොල්ලගෙ ඇගටම ඇලිලා ගිහින් තිබුණේ මස් පිඩු පිරුණු කොල්ලගෙ උඩුකය විනිවිද දක්වමින්.දාඩියට නළලෙ ඇළුණු කෙස් රොදවල් රතුවෙලා අඩවන් වෙලා තිබුණු ඇස් දෙක , විනිවිද පේන උඩුකය , මත්වුනු බැල්මත් එක්ක කොල්ලගෙ තිබුණේ අමුතු ආකර්ෂණයක්.ක්ලබ් එකේ උන්නු කෙල්ලන්ගෙ බාගෙට බාගෙකම ඇස් කැරකුනේ මත්වෙලා ඉන්න කඩවසම් කොල්ලා ජන්කුක් වටේයි.
ඒත් කොල්ලගෙ ඇස් කොයිම වෙලාවකවත් විස්කි වීදුරුවෙන් අහකට නම් ගියෙ නැහැ.වැඩි හරියක්ම foreign ලා සැරිසරන ක්ලබ් එකක් වෙච්චි මෙතන ජන්කුක්ව හරියටම අදුරගත්ත කෙනෙක් හිටියෙත් නැහැ.ඉතින් කොල්ලට හිතේ හැටියට මත් වෙන්න අවසරත් තිබ්බා.ක්ලබ් එකේ හැමතැනම පැතිරිලා තිබ්බ එක එක විදිහෙ ෆ්ලෑෂ් ලයිට්ස් වල ඩිස්කො එළිය සැරින් සැරේට කොල්ලගෙ ඇස් වල වැදුනා.ලයිට් එළිය කොල්ලගෙ ඇස් වල වදිද්දි ඒ දිහාම බලා හිටියනම් කොල්ලගෙ ඇස් වල තිබ්බ වේදනාව හරියටම දැකගන්න තිබ්බා.ඒ තරමටම වේදනාවකින් පිච්චි පිච්චියි ජන්කුක් ජීවත් වෙන්නේ.කොල්ලට හිතුනේ වේදනාව නැති කරගන්න හොදම විදිහ නැත්නම් ගැළපෙනම විදිහ මේක කියලයි.කොල්ලගෙ ප්‍රශ්න ගැන කාටවත් කියලා තියෙන ප්‍රශ්න තවත් වැඩිකරගන්න කොල්ලට උවමනා වුනේ නැහැ.කොල්ලා ප්‍රශ්න විසදගන්න ගැළපෙනම මාර්ගය කියලා විස්කි බෝතලයක් තෝරගත්තෙ ඒකයි.
කොල්ලා නිකමට වගේ ක්ලබ් එක වටේටම ඇස් කරකෝලා බැලුවා.කොල්ලට හැමතැනකම පේන්නෙ එකම මූණයි.ඇහෙන්නෙ එකම කටහඩයි.කොල්ලට ඉවරයක් නැතුවම මතක් වෙන්නෙ කෙල්ලව.ජන්කුක් අත් දෙකෙන්ම ඔළුව බදාගෙන කව්න්ටර් එකේ ඔළුව ඇනගත්තා.ක්ලබ් එකේ වැඩකරන අයත් පුදුමෙන් කොල්ලා දිහා බලාගෙන හිටියෙ කටවලුත් ඇරගෙනයි.එකපාරටම විස්කි බෝතලේකුත් බදාගෙන ඉදගෙන ඉදපු තැනින් නැගිට්ට කොල්ලා වැනි වැනිම ගියේ ක්ලබ් එකේ කැෂියර් එක ළගට.
"ඒහ්හ්හ්......gimme___,, VIP room.....,,"
"Ok.....sir..... here is the key..... nice to help a customer like you......."
"Thankuuu.....Thankuuu....ඒනම් කොල්ලො අපි ගියා....😌👋"
ජන්කුක් විස්කි බෝතලෙත් බදාගෙනම ක්ලබ් එකේ upstairs වල තිබ්බ රූම් එකට ගිහින් දොර වහගත්තා.කොල්ලා විසිවෙවී ගිහින් සෝෆා එකට වැටිලා දිග හුස්මක් අරන් ඇස් දෙක වහගත්තා.
හිතේ දුක අමතක කරන්න හිතාගෙන ක්ලබ් එකට ආවත් කොල්ලට දැනුනෙ ක්ලබ් එක අස්සෙදි මෙච්චර වෙලා දැනුනු පසුතැවීම දුක වේදනාව දෙගුණ වෙලා කියලයි.කොල්ලගෙ මුළු ඔළුවෙම කැරකුනේ කොල්ලගෙ අතින් මෙච්චර කාලෙකට කොච්චරනම් වැරදි වෙලාද කියන සිතුවිල්ල.කොල්ලා මේ දැන් කරන දේත් , ඒකෙනුත් කොල්ලා හියුන්ලට , ඉන්හට , කොල්ලගෙ අම්මට , කොච්චරනම් දුකක්ද දෙන්නේ.ජන්කුක් හිත අස්සෙන් නොසෑහෙන්න වැළපුනා.ආදරේ කියන දෙයින් මෙච්චරම වේදනාවක් දැනෙනව කියලා දැනන් උන්නනම් කවදාවත් ආදරේ කරන් නෑ කියලා හිත හිත කොල්ලා හිතින් දහස් වාරයක් කෑ ගගහා ඇඩුවා.
කල්පනා ලෝකෙක තනිවෙලා උන්නු කොල්ලා එකපාරටම ගැස්සිලා ගියේ මූණ ළගින්ම වැදුණු උණුසුම් හුස්මක් නිසා.මින්ට් පර්ෆියුම් සුවදක් එක්ක සැර වයින් එකක ඇල්කොහොල් සුවද ඒ හුස්මෙ ලාවට තැවරිලා තිබුණා.
"ක....__කවුද__.....???...."
බදාගෙන හිටපු විස්කි බෝතලෙත් සෝෆා එක අයිනට විසික් කරපු ජන්කුක් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා එහෙට මෙහෙට අත යැව්වේ ලෑම්ප් එක දාන්න.රූම් එකට ඇවිල්ලා එහෙම්මම සෝෆා එකට කඩා වැටුණා මිසක් කොල්ලා ලයිට් එකක්වත් දැම්මෙ නැහැනෙ.බැල්කනිය ළඟ ඇරලා දාලා තිබ්බ ජනෙල් වලින් කාමරේ ඇතුළට ගලාගෙන ආපු හද එළියෙන් පැතිරිලා තිබ්බ අදුර අඩු වුනත් කාවහරි පැහැදිලිව දැකගන්න තරම් ඒ එළිය ප්‍රමාණවත් නැහැ.
"ජන්කුක්......."
ඒ කටහඩ........ඔව් කෙල්ලෙක්......හුම් සද්දයක් නැති කාමරේ ඇහුනේ ඒ වචනෙ විතරයි.සරාගී කටහඩකින් මිමිණුනේ කොල්ලගෙ නමයි.ජන්කුක්ගේ වෙරි හිදිලා කොල්ලගෙ කන දෙපැත්තෙන් දාඩියත් වැක්කෙරෙනවා.
"ක...කවුද ආහ්......."
කොල්ලා ගොත ගගහ කළුවරේම ඇස් පුංචි කරලා බැලුවේ සෝෆා එක ළඟ බිම ඉදගෙන ඉන්න චායාව දිහායි.
"මං දන්නවා ඔයා දුකින් නේද......හ්ම්......ඔයාගෙ හිත බිදිලා ගිහිල්ලා.....හරියට බිමට අතෑරුණු වීදුරුවක් වගේ........."
කොල්ලා කළේ මොකුත් නොකියා අහගෙන හිටිය එක විතරයි.කොල්ලගෙ පිච්චිලා ගියපු පපුව තවත් දවාලන්න ඒ වචනවලට පුළුවන් වුනා.කොල්ලා කාටවත් නොකියා හිතේ තියාගෙන හිටපු දේවල් කොහොමද මේ කෙනා දන්නෙ කියලා කොල්ලා කල්පනා කළා.කොල්ලට ඕන වුනා ඒ කටහඩට දිගටම ඇහුම්කන් දෙන්න.ඒ කටහඩ....නැත්නම් ඒ තෙපලන වචන....කොල්ලව ඇදගත්තා....ඒ කටහඩ කතා කළේ කොල්ලගෙ හදවතට.ඔව් ඒ සරාගික කටහඩ අමුතු ගැස්මක් ඇති කළා කොල්ලගෙ පපුවේ.ලෑම්ප් එක හොයාගෙන දිව්ව කොල්ලගෙ අත් ඉබේම නැවතිලා.හද එළියෙන් ආලෝකමත් වෙලා පේන අපහැදිලි චායාව දිහා කොල්ලා දිගටම බලාගෙන හිටියා.ඒ කටහඩ ඊළඟට කියන දේ මොකක් වුනත් ඒ දේ ඉක්මනින්ම අහගන්න තරම් උනන්දුවක් කොල්ලගෙ හිතේ තිබ්බා.
".........ජන්කුක්........"
කොල්ලා සද්ද නෑ.
"ජන්කුක් , ඔයා මාව අහගෙනද ඉන්නෙ........."
"........ඕ.....ඕහ්......."
තත්පර කීපයක නිහැඩියාවකට පස්සෙ කොල්ලා ලාවට මිමිණුවා.
"ඔයා දන්නවද ජන්කුක්........
සමහරු මාව දාලා යනකොට මට ගොඩාක් රිදුනා
මං මහ ගොඩාක් කදුළු පෙරාගෙන ඇඩුවා
කෑගහලා අහන්න හිතුනා මාව දාලා යන්න දුක නැද්ද කියලා
ඒත් මං මොනවත්ම අහන්න කලින් එයාලා මගේ වැරදි කිව්වා
මං ළඟ එයාලට සතුටක් නැහැයි කිව්වා
ඇත්තටම එයාලා යන්නෙ සතුට හොයාගෙන
අපි හැමෝම ආස සතුටින් ඉන්න
ඉතින් මං හිතුවා වෙන කවුරුත් අපි නිසා දුක් විදින්න ඕනේ නැහැයි කියලා
ඒ වගේම කවදාවත් සතුට හොයන් යන්න හදන අයව නවත්තන්න එපා
ඒ වෙනුවට තමන්ට සැනසීම තියෙන තැනට ළංවෙන්න......."
කොල්ලා දිගටම අහගෙන හිටියා.කොල්ලට දැනුනේ අමුතුම හැගීමක්.හිතේ තියෙන දේවල් කඩදාසියක ලියනවා වගේ මේ කෙනා කියවගෙන යද්දි ගැස්සිලා ගියත් , කොල්ලා ඒ වචනයක් වචනයක් ගානේ නිහඩවම කල්පනා කලා.ඊළඟ මොහොතේ කොල්ලගෙ අතේ පැටළුනු ඒ අත කොල්ලව හිමින් සැරේ එක්කගෙන ගියේ හද එළියෙන් නෑවුණු බැල්කනියට.කොල්ලට පිටුපාලා හිටපු කෙනාව දැන්නම් කොල්ලට හද එළියෙන් හොදට පේනවා.ඒත් මූණ තාම දැක්කෙ නැහැ.කොල්ලට උවමනා වුනේ මේ කෙනා කවුද කියලා බලාගන්නයි.කොල්ලා ඉස්සරහට ගිහින් හිටගෙන හිටපු කෙනාගෙ මූණට එබුනා.
"යාහ්......හහ්.....තමුසෙනෙ මේ😏"
කොල්ලා සමච්චල් හිනාවක් දාගෙන බැල්කනියෙ වැටට හේත්තුවෙලා අහස දිහා බැලුවා.හිටගෙන හිටපු කෙල්ලගෙ මූණ දැක්ක වෙලේ ජන්කුක්ගෙ ඇගේ ලේ රත් වෙලා ගියත් කොල්ලා කේන්තිය පාලනය කරගත්තා.කොල්ලට වුවමනා වුනේ නෑ තවත් පසුතැවිලි වෙන්න හේතු හදාගන්න.කේන්තිය කියන දේ පාලනයක් නැතුවම එළියට දාන්න පුරුදුවෙලා හිටිය කොල්ලා සංසුන් වෙලා.ජන්කුක් කළේ මොකවත්ම නොකියා අහස දිහා බලාගෙන හිටපු එකයි.කෙල්ල හෙමින් සැරේ ඇවිත් ජන්කුක්ගෙ මූනට එබුනා.තද රතු පාට තොල් සායම් ගාගෙන හිටපු දෙතොල් නොපිට පෙරළලා , බැල්කනියේ වැටට පිටදීලා කෙල්ල කොල්ලා ළගින්ම හිටගත්තා.කොල්ලගෙ නළලෙ දාලා තිබුණු දාඩිය බිංදු හද එළියට දිලිසෙන විදිහ බලාගෙන කෙල්ල ලාවට හිනාවුනා.ජන්කුක්ගෙ මූනේ තිබුණෙ ප්‍රශ්නාර්ථ බැල්මක්.
"හ්ම්........ඔයා මට වෛර කරනවා නේද ජන්කුක්........"
ජන්කුක් තොල් දෙකත් එකට තද කරගෙන කෙල්ල දිහා ඇස් හීනි කරලා බැලුවා.කොල්ලගෙ මූනෙම රැදිලා තිබ්බ කෙල්ලගෙ ඇස් බිමට හැරවුනේ නිකන්මයි.
"ජීවිතේ කියන්නෙ අවසාන මොහොත වෙනකම් හුස්ම ගන්න හේතුවක් හොයන දිග කතා පොතක් ජන්කුක්....."
ඉමක් කොනක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන කෙල්ල මිමිණුවා.
"ජීවිතේ හොදම කාලේ හොයාගන්න නම් නරක කාලේ එක්ක සටන් කරලා ඉස්සරහට යන්නම ඕනි.ඒ වගේම........අතහැරලා දාලත් ආයෙ මග බලාගෙන ඉන්න පුළුවන්නම් එතන තියෙන්නෙ බැදීමකට එහා ගිය කැපකිරීමක්........."
වචනයක් වත් නොකියා මොච්චරවෙලා නිහඩවම හිටපු කොල්ලා ලාවට මිමිණුවේ ඒ වචන ටිකයි.ඒත් ඒ වචන ඇතුළෙ කොල්ලගෙ මුළු ජීවිත කාලෙම එක් අවධියක් සාරංශ වෙලා තිබ්බා.ඒත් කොල්ලා දැනන් හිටියෙ නැහැ ඒ දේ කොල්ලා හැරුනම තව එකම එක්කෙනෙකුත් දැනන් ඉන්නවා කියලා.
".......ජන්කුක් ,
ජීවිතේදි ඔයා කැපකිරීම් කරන්නෙ කා වෙනුවෙන්ද කියලා හිතලා බලන්න මුලින්ම.නැත්නම් අන්තිමට එයාලා ගැන කේන්තියක් වෙනුවට ඔයා ගැනම කලකිරීමක් ඇතිවෙයි....."
අකුරු වලින් බැදිලා ගියපු කෙටි වචන කිහිපයක් වුනත් ඒ වචන ටික තැම්පත් වුනේ කොල්ලගෙ හදවතේ ගැඹුරුම තැනකයි.කොල්ලා නිහඩවම ආපහු අහස දිහා බලාගත්තේ ඇස් වලින් එළියට එන්න දගලන කදුළු අමාරුවෙන් නවත්තගෙනයි.කොල්ලගෙ යටි හිත කෑ ගගහ කොල්ලගෙන් එකදිගටම ඇහුවේ කොල්ලා මෙච්චරම කැපවීම් කරන්නෙ කා වෙනුවෙන්ද කියලයි.කොල්ලා මෙච්චරම වේදනා විදින්නෙ කවදාවත්ම හිමි වෙන්නෙ නැති ආදරයක් වෙනුවෙන්ද.......කොල්ලා දැනන් හිටියෙ නැහැ උත්තර........කොල්ලා දැනන් හිටියෙ ප්‍රශ්න විතරයි , ඒත් ඒ එක ප්‍රශ්නෙකටවත් උත්තර හොයාගන්න කොල්ලවත් කොල්ලගෙ හදවතවත් ශක්තිමත් නැහැ.
ටික වෙලාවක් කොල්ලා ඔහේ කල්පනා කර කර එහෙම්මම ඉන්න ඇති.ඒත් එකපාරටම කොල්ලා ගැස්සුනේ පිටිපස්සෙන් ආපු අත් දෙකක් කොල්ලව හිමිහිට වැළදගත් නිසයි.කොල්ලා ඉස්සරහ බලාගෙනම හිටියේ බඩ මැද්දෙන් එතුණු ඒ අත් දිහාවට එක බැල්මක් වත් යොමු නොකරයි.
"ජන්කුක්........."
කොල්ලා නිහඩයි.කලින් වගේම කොල්ලගෙ කටින් වචනයක් වත් පිටවෙන්නෙ නැහැ.විස්කි වලින් ඇතිවෙලා තිබ්බ මත් ගතියත් එක්ක නැති වෙලා යාගෙන ආපු වේදනාව , ආපහු කොල්ලා ළගටම ඇවිල්ලා.කොල්ලා සද්ද නැතුව හිටියත් හිත ඇතුළෙන් දස දහස් වාරයක් තමන්ගෙ සිතුවිලිත් එක්කම රණ්ඩු කරන්න ඇති.ගණන් කරන්න බැරි තරමක් කදුළු බිංදු කොල්ලගෙ හදවත දිගේ රූටන්න ඇති.කම්මුල් දිගේ කදුළු වැටුනෙ නැති වුනාට කොල්ලගෙ හදවත කදුළුවලින් මිදිලා යන්නැති.
"ජන්කුක්........turn to my side......."
කොල්ලා මොකුත් නොකියම බැල්කනියෙ වැටට පිට තියලා හේත්තුවෙලා බැලුවෙ තමන්ගෙ ඉස්සරහ හිටගෙන ඉන්න කෙල්ල දිහායි.ඇගටම ඇලුණු කොට සායත් එක්ක ඇදලා තිබ්බ කොට බ්ලව්ස් එක නිසා කෙල්ලගෙ ඇගේ හැඩ කැපිලා පෙනුනා.උඩට කරලා ගැටගහලා තිබ්බ කොණ්ඩෙ නිසා කිරිගරුඩ පාට කෙල්ලගෙ දිග බෙල්ල හද එළිය වැටිලා දිළිසුනා.ජන්කුක්ගෙ කට කොනේ තාම තිබුණෙ කලින් හිනාවමයි.කොහොම ලස්සන වුනත් කොච්චර හැගීම් ඇවිස්සුනත් කොල්ලගෙ හදවත ගැහුනෙ එකම නමක් වෙනුවෙන් විතරයි.ඉස්සරහ හිටගෙන ඉන්න කෙල්ලගෙ ඇග දිහා බලාගෙනත් කොල්ලා මතක් කළේ ඉන්හවම විතරයි.
අඩියෙන් අඩිය ඉස්සරහට ආපු කෙල්ල ජන්කුක්ගෙ බෙල්ල වටේ අත් යවලා කොල්ලගෙ ඇස් දෙක අස්සෙ කිමිදුනා.කෙල්ල දැක්කෙ කිසිම හැගීමක් නැති මැලවුනු ඇස් දෙකක්.කියාගන්න දහසක් දේවල් තිබ්බත් ඒ කිසිම දෙයක් කියාගන්න බැරුව ලතවුනු පසුතැවිලි සහගත බැල්මකුයි ඒ ඇස්වල රැදිලා තිබුණේ.
කෙල්ල හෙමින් සැරේ කොල්ලගෙ දෙතොල් අල්ල ගත්තා.කොල්ලට මිදෙන්න බැරි විදිහට කෙල්ල , කෙල්ලගෙ දෙතොල් වල කොල්ලව හිර කරගත්තා.කොල්ලගෙ ඇස් පියවෙලා ගියත් කොල්ලගෙ හදවතේ තිබුණෙ මැරුණු හැගීම් කන්දරාවක්.කොල්ලා හෙව්වෙ මේ මොහොතට සැනසීමක්. ජන්කුක් ළඟ ඉන්න කෙල්ලගෙ දෙතොල් වලින් හෙව්වේ ආදරයකට සෙනෙහසකට වඩා තෘප්තියක් විතරයි.කෙල්ල ජන්කුක්ගෙ ලිප්ස් වලින් ඈත්වෙලා ඇගිලි තුඩු වලින් ඉස්සිලා ළංවුනේ කොල්ලගෙ කන ළගට.
"ජන්කුක්.......ජීවිතේ ගොඩක් කෙටියි.....
..........ඒ කෙටි ජීවිතේ.........
ගත කරන්න............
ඔයාට හිනාවයි සතුටයි අරගෙන එන අයත් එක්ක..........."
කෙල්ල කොල්ලගෙ කන පිටිපස්ස හෙමින් සිපගත්තේ එහෙම කියන ගමන්.ජන්කුක් කිසිම හැගීමක් නැතුව බැල්කනියෙ තිබුණු හිස්වෙලා ගිය ඉටිපන්දම් රදවනයක් දිහා බලාගෙන හීනියට හිනාවුනා.ඉස්සිලා තිබුණු කෙල්ලගෙ සිහින් ඉන වටේ අත යවපු ජන්කුක් කෙල්ලගෙ නිකට ඇගිලි තුඩු වලින් උස්සලා දෙතොල් සීල් කළා.
හිත අස්සෙ පෑරි පෑරි තිබ්බ වේදනාවන් සියල්ලක්ම කැටිවුණු සිපගැනීමක් ජන්කුක්ගෙන් කෙල්ලට ලැබුණෙ.කෙල්ලගෙ බ්ලව්ස් එක අස්සෙන් ඇතුළට ගියපු ජන්කුක්ගෙ ඇගිලි කෙල්ලගෙ පිට පුරාම එහෙ මෙහෙ අත දිව්වෙ පිස්සුවෙන්.ඇල්කොහොල් වල මත් ගතියත් එක්කම වේදනාව මුසු වෙලා තිබුණු කොල්ලගෙ හැගීම් , කෙල්ලගෙ දිගු බෙල්ල පුරාවටම ජන්කුක්ගෙ දෙතොල් මෙහෙයෙව්වා.ජන්කුක්ගෙ පිට පුරා දුවපු කෙල්ලගෙ උල් නියපොතු කොල්ලගෙ දුහුල් ටී ෂර්ටය ඉරාගෙන පිටට කාවැදුනා.ජන්කුක්ගෙ දෙතොල් වලින් මොහොතකටවත් ඈත් නොවුනු කෙල්ල , කොල්ලගෙ කොලර් එකෙන් අල්ලන් කොල්ලව ඇදගත්තේ හද එළිය පැතිරිලා තිබ්බ කාමරේට.කොල්ලත් කෙල්ලට අවනත වෙලා කෙල්ලත් එක්කම ඇද උඩට වැටුනේ කෙල්ලගෙ සීල් වුනු දෙතොල් මදකට නිදහස් කරලා.මින්ට් සුවද පැතිරුණු කෙල්ලගෙ අඩ නිරුවත් පපුව ඊළග මොහොතේ කොල්ලගෙ දෙතොල් වලට තද වෙද්දි කෙල්ලගෙ කටින් නොදැනුවත්වම පිටවුනේ හීන් කෙදිරියක්.
ජන්කුක් ආපහු කෙල්ලගෙ දෙතොල් වලට ළංවුනා.කොල්ලගෙ මූණෙ ඇදුණෙ සමච්චල් හිනාවක්.කෙල්ලගෙ නොඉවසිලිමත් උණුසුම් හුස්ම කොල්ලගෙ නළලෙ වැදුණා.ජන්කුක් කෙල්ලගෙ දෙතොල් වලින් අහකට ගත්ත ඇස් කෙලින්ම යොමු කළේ අඩවන්ව තිබ්බ කෙල්ලගෙ මත්වෙලා ගිය ඇස් වලට.කෙල්ලගෙ මූණට උඩින් පහතට නැමුණු ජන්කුක් ඊළග මොහොතේ කියපු වචන වලින් කෙල්ලව ගැස්සිලා ගියේ අඩවන්ව පියවෙලා තිබ්බ ඇස් ඕනාටත් වඩා ලොකුවෙද්දි.
"hey what do you think ahhhhhh........😂.........
අහගන්නවා කැපකිරීම් කියන දේ නොතිබුනානම් හමුවීම් වෙන්වීම් කියන දෙක වෙනසක් නැති නිකන්ම නිකන් වචන දෙකක් විතරයි.හමුවීමෙයි වෙන්වීමෙයි පරතරය හදවතේ කැපකිරීමෙන් තීරනේ කරන්න පුරුදු වෙනවා..............
.............මගෙන් අහකට වෙනවා......ඔයාට ඔය වගේ වචන වලින් මාව වට්ටන්න බෑ......මං දුර්වල වෙයි කියලා හිතාගෙන හිටියනම්......😂......poor you.......මට දුකයි ඔහේ ගැන........ඒ වගේම මට ළංවෙන්න උත්සාහ කරන්නත් එපා.මගෙ ළගට ළංවෙන එක කෙසේවෙතත් ඈත්වෙන එක නම් කියන්න බැරි තරම් වේදනාකාරි වෙයි....😂....මං තරම් වෛර කරන්න දන්න මිනිහෙක් මේ ලෝකෙ තවත් ඇතියි කියලා හිතන් නෑ මං.ආන්න ඒකත් තමුන්ගෙ ඔය මෝඩ මොලේ අස්සට දාගන්නවා.......මිනිහෙක් ඉස්සරහ ඇග පෙන්නන්න කලින් කල්පනා කරනවා......තමුන්ව හදන්නත් අම්මා කෙනෙක් ලේ දාඩිය පෙරාගෙන වේදනා වින්දා කියලා.Anyway මේ ටික වෙලාවට මං ඔහේගෙන් සතුටු වුනා😏
I mean i used u 😏.......so i will pay now.......have a nice day........"
මුකුත්ම හිතාගන්න බැරුව අඩනිරුවතින් ඇදේ වැතිරිලා හිටපු කෙල්ලගෙ ඇගට නෝට්ටු කීපයක් විසික් කරලා දාපු කොල්ලා දොර දිහාවට ඇවිදන් ගියා.
"කුකී..........ඔයා මාව අදුරගත්තා.......ඔයා අදුරගත්තා නේද ආහ්...........ඔව්.......කුකී ඔයා මාව කලින්ම අදුරගත්තා...........so i was right ahhh.........කියල යනවා ජන්කුක්........."
කෙල්ල ඇස් පියාගෙනම කෑගැහුවෙ ගානක් නැතුව දොර දිහාවට ඇවිදගෙන යන කොල්ලට ඇහෙන්නයි.දොර ළඟ නැවතුණු කොල්ලා ආපහු හැරිලා මිමිණුවෙ වචන කීපයයි.
"ගැඹුරක් නැති සංසුන් මුහුදකට කවදාවත් අත්දැකීම් වලින් පිරුණු රුවල් නැවක් හදන්න බැහැ.ඒ වගේම අපි කොච්චර උත්සාහ කළත් හීන මැව්වත් සමහර දේවල් අපිට අයිති කරගන්න බැහැ.ඔයාටත් තේරෙයි , හැබැයි කල් යයි.............."
********************************
A/N
Hi 😁
Sorry for late updates 🥺
And තෑන්ක්ස් ගොඩාක් ,
4K+ readers and 1K+ votes 🥺♥️
සතුටුයි මට ගොඩාක්.....තැන්කිව් වෙරි මච් 😭
ආහ් අර ගර්ල් කවුරු කියලද හිතන්නෙ....😁......ගෙස් කරන්න බලන්න......😁......එයා ඇති කරාවි ලොකු වෙනසක් කතාවෙ තව ඉස්සරහට යද්දි.....🤭
Anewww අද මගේ one & only bias (My unilateral love🤭) ගෙ ජන්මදිනේ 😭😭♥️♥️
Happy Birthday Tae Babi 🥺♥️
I can't find the words to say how much I love you😭♥️😭
මේ අවුරුද්දට දෙන අන්තිම update එක 😝
2021 හම්බෙමු ඒනම් 🤭🤭
2021 ඔයාලා හැමෝටම සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා විෂ් කරනවා මං 🥺♥️
වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න එහෙනම් හොදේ 😙😝
බායි බායි 👋😝
.....................❤️/💔......................
Love U all , 😘
I'm ,
Hima.