Choi Inha p.o.v.
ජීවිතේ ගතවෙද්දි මිනිස්සු වෙනස් වෙනවා , ඒ වගේම හැගීම් , ඔව් හැගීමුත් වෙනස් වෙනවා , දැක්ම , අවබෝධය , ප්‍රාර්ථනා , බලාපොරොත්තු , ඔව් මේ හැමදේම වෙනස්වෙනවා.කවුද හේතුව මේ දෙයට........කවුරු නිසාද මේ හැමදේම මේ විදිහට වෙනස්වෙන්නෙ........කියාවි කෙනෙක් හේතුව කාලය කියලා.......ඇත්තටම හේතුව කාලය විතරක්මද.....කාලයට හැමදෙයක්ම පවරලා අපිට නිහඩ වෙන්න පුළුවන්ද......කාලයට විතරක්ම හරි වැරදි හැමදේකම වගකීම පවරන්න බැහැ....
මොකද ඒ දේවල් කාලය ගතවෙද්දි එහෙම වෙන්නත් අපි අතින් වෙන සුළුම සුළු මගහැරීමක් හේතුවක් වෙන්න පුළුවන්....හිතන් නැතුව සිද්දවුනු සුළු හිත් රිදුමක්......හිත පාරවන පොඩි වචනයක්........පිටට හැගුනත් ඒක සුළු දෙයක් පොඩි දෙයක් කියලා , ඒ දේ අත්වින්ද කෙනාට ඒක කොයි විදිහට බලපෑවද දැනුනද හැගුනද කියන්න දන්නේ , ඒ දෙයින් රිදුනු පෑරුනු තුවාලවුනු හදවත එක්ක හුස්ම ගන්න ඒ කෙනා විතරමයි.
..........මිනිසුන් වෙනස් වේවි නමුත් මතකයන් එසේම තියේවි..........
ඒත් හිතාගන්න පුළුවන්ද අඩුම තරමේ මතකයවත් එහෙම නොතිබුනොත්......මතකය කියලා දෙයක් තිබුණු බවත් අමතක වුනොත් , වෙනස් වුනු කෙනාට ආපහු මතකයක් විදිහටවත් රැදෙන්න බැරි වේවි නේද ........ අපේ මතකයේ සදහටම සලකුණු වුනු........සදාකාලිකවම නිමැවුනු කැටයමක් වුනත්........කැටයමේ රටාව අමතකනම් , අවුල් වෙලා ගියපු ඉරි රටා රේඛා විතරක්මනම් ඒ කෙනා තුළ , ඒ කෙනාගෙ මනස තුළ තියෙන්නෙ......අපේ හිතේ සදාකාලිකවම කැටයම් වුනු ඒ ලස්සන රටාවෙන් පලක් තියනවද.......
____"Selective memory lose situation"____
ජීවිතේටම අහපු අමිහිරිම වචන කීපය........අකුරක් අකුරක් පාසා වෛර කරනවා මං......Dr.මින්හො ගේ ගොරෝසු කටහඩින් ඒ වචන එළියට එනකොට.......ඔව් මට පළවෙනි වතාවට දැනුනා පිස්සෙක් වුනාම කොහොමද හැගෙන්නේ කියලා.......
_____"කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා dr.ඉන්හා......Mr.Kim Taehyung selective memory lose situation එකක තමයි මේ වෙද්දි ඉන්නෙ......එයාට අවධි කිහිපයක මතකය නැතිවෙලා.......සිහිය ආපුවම අපිට දැනගන්න පුළුවන් ඒ අවධි ගැන.......බොහොම ඉක්මනින් ඒ අවධි කීපයේ මතකය අපිට ගන්න පුළුවන් වේවි කියලා හිතනවා........ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ patient ගේ මානසික තත්වය මත......."______
කවුරු මොනවා කිව්වත් හදවත නතරවෙලා වගෙයි දැනුනෙ මට.....මගෙ හදවතට ආපහුනම් කලින් විදිහට ලස්සන රිද්මෙකින් ගැහෙන්න බැරිවේවි.......ඇත්තටම මගෙ හදවත කියන එක ගැහෙන්නෙම නැත්නම් .........ඔව් ඒක, එක අතකින් සහනයක් මට......
ටේහියුන්ගෙ මූන දිහා පැය ගානක් එකදිගටම සිහිය එනකන් මං බලාගෙන හිටියෙ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන......මොකද මට ආපහු මගේ හදවතේ එකම අයිතිකාරයගෙ ගැඹුරු කටහඩින් අහන්න ඕනි වුනා.....ආපහු අහන්න ඕනි වුනා.......ආදරෙයි කියලා........ආදරෙයි ගොඩක් කියලා......මට ඒ වචන ටික......ආපහු අහන්න විතරමයි ඕනි වුනේ.......
ඒත් මං කවදාවත් හිතුවෙ නෑ ඒ වෙනුවට අහන්න වේවි කියලා මට.......
........කවුද ඔයා......ඔයා ඇයි මෙතන ඉන්නෙ..........
මං ජීවිතේට බලාපොරොත්තු වුනේ නැහැ මගෙ කන් දෙකට ඔයාගෙ ඔය ගැඹුරු කටහඩින් අහන්න වේවි කියලා ඒ වචන........එච්චර භයහිතෙන වචන ටිකක්........මාව ඔයා ඉස්සරහ ගල් වෙලා ගියේ ඒ බයහිතෙන වචන තෙපලුවෙ ලස්සනට එකට ළංවෙලා තිබුනු ඔයාගෙ ඔය හීනි දෙතොල් වලින් නේද කියන සිතුවිල්ල ඔළුව වටේ කැරකෙද්දියි.
.............හැමදෙයක්ම.....අපේ ඒ ලස්සනට ගෙවුනු දවස් කීපය......එකට ගතකරපු ආදරය පිරුනු හැන්දෑවල්......එකට කෑම කාපු........ලස්සන හිනාවල් වලින් පිරිලා ගියපු , විකාර කතා වලින් වැහුනු.....හාදුවලින් ලස්සන වුනු ඒ ආදරණීය දවස්.....ඔයාට ඒ කිසිමදෙයක් මතක නැද්ද ටේහියුන්ග් , ඔයා.....ඔයා මට පොරොන්දු වුනා නේද මොන දේ වුනත් මාව අමතක කරන්න බැහැ කියලා.....ඔයා කිව්වා නේද ඔයා මගේ ජීවිතෙන් කවදාවත් යන් නෑ කියලා.......ඔයාට ඒ හැමදෙයක්ම අමතකද ටේහියුන්ග්...........
කිසිමදෙයක් තේරුන් ගන්න බැරි විදිහට අන්දමන්ද වෙලා මගේ දිහා කටත් ඇරගෙන බලාගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලාගෙන මං කොච්චර නම් දේවල් හිතුවද.......කොච්චරනම් කඩවුනු බලාපොරොත්තු........සින්න වෙලා ගියපු හැගීම් ගැන හිතලා දුක් වුනාද........ඒත් ඒ කිසිම හැගීමක්.....කිසිම සිතුවිල්ලක් නිකමටවත් වචන වුනේ නැ.......බැරිවෙලාවත් වචනයක් විදිහට ඒවා එළියට ආවෙත් නැහැ.මට කතාකරන්න වචන හොයාගන්නවත් බැරි තරමටම මං අසරණ වුනා.වචනයක් පිටවෙන්න නොදී මගේ කටහඩ වෙව්ලුවා....මගේ තොල් සැරින් සැරේට එකට වැදිලා වෙව්ලනවා.....සීතල වෙලා ගියපු ඇගිලි තුඩු වලින් මං ආපහු මගේ ඇස් දෙකම පොඩිකරලා ඔයාගෙ දිහා බැලුවෙ,බැරිවෙලාහරි මේක නපුරු හීනයක් නම් , ඒ හීනෙන් අවදිවේවිනේ කියලා හිතලයි.......නෑ......ඒත් නැ.....මේක හීනයක් නෙමෙයි......මේක තමා ඇත්ත....මේ මොහොතෙ මගෙ ඉස්සරහ සිද්දවෙන හැමදේකම තිත්ත ඇත්ත මේකයි........
මෙච්චර කාලයක් තිස්සෙ පනටත් වඩා ආදරේ කරපු , ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කියලා දුන්නු , මගෙ හිතේ ආදරේ ගැන විශ්වාසයක් , ලස්සන ආකල්පයක් ඇති කරපු........ඔව් ඒ කෙනා......ඒ ලස්සන ආදරණීය හදවතේ අයිතිකාරයා........එයා මගෙන් යන්නම ගිහින්......ආපහු නොඑන්නම ගිහින්.......එයා මගෙන් ඈත්වෙලා.......මං එයා ඉස්සරහ පන පිටින් හිටන් හිටියත් එයාට මං නිකන්ම නිකන් කෙල්ලෙක් විතරයි......එයාගෙ හදවතේ මට තිබ්බ තැන මැරිලා.......මට පන තිබ්බත් මං වෙනුවෙන් ඒ හිතේ තිබ්බ ආදරේට ඒ හැගීමට දැන් පන නෑ......ඒ හැගීමට ආපහු පන එන......මං වෙනුවෙන් ඒ හදවත ගැහෙන දවසක් ආපහු කවදා ඒවිද කියන්න කවුරුත්ම දන්නෙ නැහැ.
කමක් නැහැ මට බලාගෙන ඉන්න පුළුවන් ටේහියුන්ග් ........ඔයා වෙනුවෙන් මැරෙන කල්ම වුනත් බලාගෙන ඉන්නවා මං.ඔයාට අවුරුදු දහයකට විස්සකට තිහකට නෑ සමහරවිට ඊටත් පස්සෙ.......ඔව් ඔයාට කොච්චර අවුරුදු ගානකට පස්සෙ වුනත් මේ මාව මතක්වෙන්නෙ.......අන්න එදාටත් මගේ දෑත් විහිදිලා තියේවි ඔයා දිහාවට.......මගෙ හුස්ම රැදිලා තිබුනෝතින් අනිවාරෙන්ම........මගෙ දෑත් බලාපොරොත්තුවෙන් ඉදිවී ඔයාගෙ පහස....ඒ වැළදගැනීම.........ඔව් ජීවිතේ හුස්ම වැටෙන තාක්කල්ම.
හීනි දිග ඇස් මගෙ දිහාවට හරවගෙන පුදුමෙන් බලාගෙන ඉන්න ටේහියුන්ග්ව දැක්කම මගෙ ඇස් වලට කදුළු පිරුනෙ නිකන්මයි.දවස් කීයක්නම් මං මග බලාගෙන හිටියද සිහිය එනකන් ඔයාට . දවස් කීයක්නම් මං මගබලන් හිටියද කතාකරන්න එක වචනයක් ඔයත් එක්ක.කොච්චරනම් හීන මැව්වද මං ගතකරන්න එක මොහොතක් ආදරෙන් ඔයත් එක්කම.මගෙ හැම හීනයක්ම කණ්නාඩියක් වගේ බිදිලා විසිරිලා ගියා.වීදුරු කෑලි ටික එකතු කර ගත්තත් ආපහු අලවලා හදාගන්න බැරිවේවි......මොකද ඒ තරමටම කණ්නාඩිය විසිරිලා ගිහින්......ආපහු හොයාගත්තත් කලින් තරම් සම්පූර්න නැහැ. කොච්චර හෙව්වත් හොයාගන්න අමාරු.....පොඩි පොඩි වීදුරු කෑලි තියනවා.ඒවා හොයාගන්න ලේසි නෑ.නැතිවුනොත් ඒවා නැතිවුනාම තමයි.හොයාගත්තත් වැඩක් නැහැ ආපහු.මොකද ඒවා තුවාලවෙලා හරියට සියුම් හැගීම් වගේ ආදරය කරන හදවත් වලට විතරක්ම දැනෙන.
මට ටේගෙ මූන එක පොඩ්ඩකට ,එක මොහොතකට අල්ලලා බලන්න ඕනි. වම් කම්මුල ගාව තිබ්බ සීරුම් පාර......පැලිලා තිබුනු යටිතොලේ තාමත් ලාවට ගල්වුනු ලේ බින්දුවක් රටා මවනවා.තැනින් තැනට විසිරිලා අවුල් වෙලා ගියපු කොන්ඩෙන් ඇස් දෙක බාගෙට වැහිලා ගිහින්.මට ඕනි ආපහු දකින්න , ඔයා ඔයාගෙම අත්වලින් කොණ්ඩෙ අයින් කරගන්න විදිහ,හරියට එදා වගේම.මට දකින්න ඕනි ආපහු ඔයාගෙ ඒ කඩවසම් ලස්සන මූන.ඒත් එයා කොහොමද ඒ විදිහට කොණ්ඩෙවත් හදාගන්නෙ හැමතැනින්ම කටුගහලා බැන්ඩේජ් කරලා තියෙන අතක් එක්ක.
මන් මගේ සීතල වුනු ඇගිලි තුඩු ටේගෙ මූන ළගට ළංකලේ ඒ කොණ්ඩෙ අයිනට කරන්නයි.ඕනි වුනා මට ආපහු දකින්න ඒ ලස්සන ඇස්.....දිග ඇහිපිහාටු......ටේගෙ ලස්සන බැල්ම.ඒ ආදරේ හිතෙන හිනාව.
ඒත් එකමොහොතකටවත් එයා ඉඩ දුන්නෙ නැහැ මට.........කිසිම හැගීමක් නැතුව එයා අනිත් අතින් මගෙ අත අල්ලලා නතර කලේ කේන්තිය විහිදුනු ඇස් මගේ දිහාවටම හරවගෙනයි.
මට හිතන්න මුකුත්ම ඉතිරි නොකර අල්ලගෙන හිටපු අතින්ම මාව ඇදලා එහාට තල්ලු කරපු ටේහියුන්ග් මගෙ දිහාවට දාපු ඒ නපුරු බැල්ම........ජීවිතේ කවදාවත් මං හිතුවෙ නෑ මූන දෙන්න වේවි කියලා මේ වගේ මොහොතකට.මෙච්චරම අසරණ කමක් දැනුනෙ නැහැ මේ මුළු ජීවිත කාලෙටම.
මගේ ඇස් වලින් සට සට ගාලා කදුළු කැට කඩාගෙන වැටුනත් මගේ කටින්නම් එක වචනයක්වත් පිටවුනේ නැහැ.මාත් ආසයි කියන්න තිබ්බනම් අපේ කතාව ඔයා එක්ක......අපේ අතීතය.....ඒ ලස්සන කාලෙ ගැන කෑ ගහලා ඔයාට මතක් කරන්න.....ඔව් ආසයි මාත් එහෙම කරන්න.......ඒත් බැහැ.......ඔයා නිසාමයි එහෙම නොකරන්නෙ ටේහියුන්ග්.කොච්චරනම් දුකක් වුනත් දරාගන්නවා මං ඔයා වෙනුවෙන්.
____"මේක හොදටම ඇති.තමුන් ආපහු මගෙ ඇස් වලට පේන්න ආවොත් බලාගමු"____
බොදවෙලා ගියපු ඇස් බිමට හරෝගෙන දොර ළගට ඇවිදන් එද්දි මට ඇහුනා ටේහියුන්ග් මොනාද කියෝනවා.ආදරයක් ගෑවිලාවත් නොතිබුනු ඒ වචනවලත් මං හෙව්වෙ ආදරයමයි.......ආගන්තුකයෙක් විදිහට මාව දකින ඒ ඇස් ඇතුළෙත් මං හෙව්වෙ මං ආදරේ කරපු දගකාර කොල්ලව විතරමයි.
මුනගැසේවිද නොදන්න හීනයක් වෙනුවෙනුයි මං දැන් ජීවත් වෙන්නෙ........බලාපොරොත්තුවක් හැරුනම වෙන කිසිවක් නැති කාන්තාරයකට සමාන හදවතක් එක්ක.
Jeon Jungkook p.o.v.
...........හැමදවසකම බලාපොරොත්තු එක්ක අවදි වුනත්......මොහොතක් යන්නත් කලින් මතක් වෙන ඔය ඇස් මාව ආපහු පරණ අතීතෙ එක්කම තනි කරල දානවා........
තත්පරේකට මිදුනොත් ඒ හැගීමෙන් ඔය මූන මගෙ ඉස්සරහ මැවිලා පේනවා.........
මං මොනාද කරන්න ඕනි ඉන්හා.......මං මොනාද කරන්න ඕනි.......මං ජීවිතෙන් පැරදුනු මනුස්සයෙක් නෙමෙයි.......ඒත් මං ආදරෙන් පැරදුනු මිනිහෙක්.ලෝකෙටනම් මන් විනෝදෙන් ඉන්න කඩවසම් කොල්ලෙක්.......ඒත් ඇතුළෙන් මං කඩාවැටුනු රූස්ස ගහක් වගෙයි.මට හිතාගන්න බැහැ මගෙ දෛවය ලියවිලා තියෙන්නෙ කොහොමද කියලා..... මිනිහෙක්ට ලැබෙන්න ඕනි හැමදෙයක්ම මට ලැබිලා තියෙද්දි ජීවිතයකට වටින ඕනම කරන දේවල් මගෙන් ඈත්වෙලා.ආදරය සැනසීම සෙනෙහස මගෙන් ඈත්වෙලා........ඒවා ආපහු මගේ ළගට ආවෙ නැතොත් මට මේ එපා වුනු ජීවිතේ තවත් එපාවේවි......
ටේහියුන්ගෙ accident එකෙන් එයාට ඇතිවෙලා තියෙන සයිඩ් ඉෆෙක්ට් එක ගැන දැනගත්ත මොහොතෙ ඉදන් මට මාවම පාලනය කරගන්න බැරුව ගියා.ඩ්‍රෝම් එකේදි මං පිස්සෙක් වගේ හැසිරෙද්දි හියුන්ලා මගෙ දිහා බලාගෙන හිටපු විදිහ මතක් වෙනවා.බිත්තියක ගහගෙන ගහගෙන ගියපු ඔළුව ඉස්සරහින් දම් පාටයි තවමත්.
හොස්පිටල් එක ඉස්සරහ වාහනේ නතර කරගෙන මං දිගටම මේ සිද්දවුනු දේවල් ගැන කල්පනා කලා.මුලින්ම ටේහියුන්ග්ට වුනු ඇක්සිඩන්ට් එක.......ඉන්හව හම්බුනු එක.......ටේහියුන්ගෙ නැතිවෙලා ගිය මතකෙ.......මේ හැමදෙයක් ගැනම.
මේ දේවල් වලට වෙන්න ඇති මිනිස්සු දෛවය කියලා කියන්නෙ.දෙවියන් වහන්සේගේ අතින් ලියවුනු ජීවිත කතාව එහෙමත් නැත්නන් දෛවය , ඔව් අනිවාරෙන්ම මේ ඒක වෙන්න ඇති.ඒත් එයා මට ලියලා දීලා තියෙන්නෙ ලස්සන අවසානයක් තියෙන ජීවිත කතාවක් නම් නෙමෙයි.......හරහට දිගට වැටුනු කොටු ගොඩක් එකතු කරලා හදපු ප්‍රෙහෙලිකාවක්.........ඔව් මගෙ මුළු ජීවිතේම ප්‍රෙහෙලිකාවක්......ඒ ප්‍රෙහෙලිකාව නිමවෙන්නෙ ඉන්හගෙයි ටේහියුන්ගෙයි අත්වලින්.....ඒ ප්‍රෙහෙලිකාව විසදෙන්නේ.......මගේ ජීවිතේ තීරණය වෙන්නෙ ඒ දෙන්නගෙ හැගීම් මතයි.
එකිනෙකට වෙනස් විදිහට ලියවුනු ජීවිත කතා තුනක්........හැබැයි එකකට එකක් සම්බන්ධ වෙලා ලියවුනු ඉරණමක්.
ඉස්සරහට මොනවා වේවිද කියලා හිතෙද්දි මට භයක් දැනෙන්නෙ මගෙ ගැනමයි.මගෙ අතින් මන් භයවෙන්න හේතු වුනු දේම කවදමහරි සිද්ද වුනොත්.මං කවදාවත් මටම සමාව දෙන එකක් නෑ.කොහොමද මනුස්සයෙක් ජීවත් වෙන්නෙ තමන්ටම වෛර කර කර.ඊට වඩා නරකද මැරිලා යන එක.
.........ආයිෂ්.........😖
කේන්තියට බිත්තියේ ගහගත්තු ඔළුවම strein wheel එකේ ආපහු ගහගත්තෙ ඒ දැනෙන වේදනාව වගේ දහ ගුණයක් මගෙ හිතට දැනෙන නිසයි.
කාර් එකේ කී එකත් අතට අරගෙන මාස්ක් එකත් දාගෙන මං අඩිය තිබ්බෙ ජීවිතේ පීඩාකාරිම හැගීම මට විදින්න සලස්වපු තැන.........ඔව් හොස්පිටල් එක..........එතනට යන්නයි.
ආදරෙන් පැරදුනු හදවත් ආදරේට බයවෙද්දි ආදරෙන් රැවටුණු හදවත් හිතාගන්නත් බැරි තරම් ආදරේ කියන දේට වෛර කරද්දි ආදරේ නිසාම තනිවුනු හදවත් ආදරේට සුබපතද්දි ආදරේ ගැන අගයක් දැනෙන් නැති හදවත් ආදරේට ද්‍රෝහි වෙද්දි ජීවිතේ යථාර්ථය තේරුම්ගත්ත හදවත් හැමදාම කලේ නිහඩවම ආදරෙන් හැංගුනු එක......ආදරෙන් ඈත් වුනු එක.ආදරේ කියන දේ අතහැරලා දාපු එක.
අතීතය වලලලා දාලා වර්තමානෙට විතරක් ආදරය කරන්න පුළුවන්නම් , ඔව් එහෙම වුනානම් සමහරවිට හැමෝගෙම ජීවිත ලස්සන වේවි.මේ ලෝකෙ අතීතෙ අනාගතය කියලා දෙයක් නැතුව වර්තමානෙ කියන දේ විතරක් තිබුනනම්.........හැමදෙයක්ම හොද වෙන්න තිබ්බා දැන් තියෙනවට වඩා දහස් ගුණයක්.
ටේහියුන්ගෙ රූම් එක ඉස්සරහ බිම ඉදගෙන ඉන්න ඉන්හව දැක්කම මගෙ ඔළුවට ආවෙම අතහැරීම කියන දේ විතරමයි.මිනිස්සු තවත් කෙනෙකුට ලන්වුනාම හිතන්නෙ නැහැ ඒ ලංවීම ඒ හමුවීම ඒ රැකවරණය අපෙන් ගිලිහෙන දවසකුත් තියෙනවා කියලා.මොකද අපි ඒ මොහොතෙ ජීවත් වෙන්නයි ආස.වර්තමානෙ ලස්සනයි.වර්තමානෙ ජීවත් වෙද්දි හැමදෙයක්ම ෆැන්ටසියක්.ඒත් ඉන්පස්සෙ එලබෙන අනාගතය කොහොම කොයි විදිහට ලියවේවිද කියන්න අපි කවුරුත්ම දන්නෙ නෑ.ලස්සනට ගතවුනු අතීතෙයි වර්තමානෙයි සම්බන්ධ වෙලා ලියවුනත්..... අනාගතේ කියන්නෙ කවදාවත් විසදගන්න බැරි හිස් කොටු වලින් පිරිලා ගියපු ප්‍රෙහෙලිකාවක්.......හරියට මගෙ දෛවය වගේ........
"______ඉන්හා______"
කොෆි මැෂින් එකෙන් ගත්තු කෝපි එකත් ඉන්හා දිහාවට දික් කරලා මං එයාට කතා කළා.එකපාරටම ගැස්සිලා මගෙ දිහා බලපු ඒ ඇස්වල මං දැක්කෙ බිදිලා ගිය බලාපොරොත්තු වලින් පිරිනු හිස් බැල්මක්.
.........ඉන්හා මේක ගන්න.........
අතේ තිබ්බ කෝපි එක ඉන්හගෙ මූන ළගටම ගෙනිහින් මං එහෙම කිව්වා.ඇස් වල කලින් තිබ්බ හිස් බැල්ම එහෙම්මම තියෙද්දි ඉන්හා කලේ ආපහු බිම බලාගත්තු එක විතරයි.කකුල් දෙක අස්සෙ මූන හංගගෙන ඉකිගහන කෙල්ල දැක්කම මට දැනුනෙ මගෙ පපුව ගිනිගන්නවා වගෙයි.මං පනවගේ ආදරෙ කරන කෙල්ල වෙන කෙනෙක් නිසා විදවද්දි කොහොමද මං බලාගෙන ඉන්නෙ.මගෙ පපුව ඩග් ඩග් ගාලා ගැහෙද්දි මං එහෙම්මම නැමිලා බිම දණගහගෙන ඉන්හව තුරුල් කරගත්තා.
මන්වත් දන්නෙ නැහැ මං එහෙම කලේ ඇයි කියන්න.ඒත් මට ඕනි වුනා ඉන්හව සනසන්න.ඒ කදුළු පිහිදාලා එයාගෙ දුක මාත් එක්ක බෙදාගන්න කියන්න.එක අතක් ඉන්හගෙ සිනිදු කෙස් අතරින් යවන ගමන් කෝපි කෝප්පය තිබ්බ අතින් මං එයාව වැළදගත්තා.
පළවෙනි වතාවට අපි දෙන්නා මෙච්චරම ළගින්.මගෙ පපුව තාමත් හයියෙන් ගැහෙනවා.සමහරවිට ඉන්හටත් ඇහෙනවා ඇති.මටම පුදුමයි මේ සිද්දවෙන දේවල් ගැන.මේ වෙලාවෙ මෙතන මොන දේ වෙලා තිබුනා වුනත් මං ඉන්නෙ මෙච්චරකල් පිස්සු හැදෙනකන් හොයපු ඒ කෙල්ලව තුරුළුකරන් නේද කියන හැගීම විතරමයි දැනුනෙ මට.
නෑ නෑ නෑහ්හ්හ් ජන්කුක් ඔයාට බැහැ.....මං ඇස් දෙකම තදින් වහලා ඔළුව දෙපැත්තට සෙලෙව්වේ මේ දේවල් අමතක කරන්නයි.
ඉන්හා තාමත් මගේ උරහිසේ ඔළුව හංගගෙන අඩනවා.මං ඇදගෙන හිටපු ටීෂර්ට් එක ඉන්හගෙ කදුළුවලින් තෙත්වෙලා ගිහින්.
"අනේහ්හ්හ්......ජන්කුක්......ජන්කුක්......දෙයියනේ මට මේ දේවල් තේරුන් ගන්න බෑ....මන් කොහොමද ජීවත් වෙන්නෙ ජන්කුක්.......මට දැන් කවුරුත්ම නැහැ කියලයි හිතෙන්නෙ......ටේට.....ටේ...ටේහියුන්ට ආපහු මාව මතක් නොවුනොත්.......මාව අමතක වුනොත් මං මොකක්ද කරන්නෙ ජන්කුක්.....ප්ලීස් මට උදව් කරන්න.....ප්ලීස්ස්......."
අඩලම රතු වුනු ඇස් මගෙ දිහාවට හරෝගෙන ඉන්හා තාමත් ටේහියුන්ග් ගැන මතක් කරනවා.මං වචනයක් වත් කතාකරන්නෙ නැතුව එයා දිහාම බලාගෙන හිටියෙ එයාට කියන්න තියෙන සේරම කියන්න ඉඩදීලයි.මේ විදිහට එයාගෙ හිතට දැනෙන දේවල් බෙදාගන්න තරම් මං එයාට සමීපයි කියලා හිතෙද්දි මට සතුටක් දැනුනෙ ඇයිද මන්දා.සමහරවිට මට දැනෙන්න ඇති මාත් දැන් එයාගෙ ජීවිතෙ කොටසක් කියලා......යාළුවෙක් විදිහට එහෙමත් නැත්නම් අඩුම තරමෙ දන්න අදුරන කෙනෙක් විදිහට හරි.
____"ආහ් ලෝයර් මේ තමා patient ගේ රූම් එක....."_____
මං එකපාරටම ගැස්සිලා පිටිපස්ස බැලුවෙ ඇහුනු කටහඩට.අඩියක් විතර උස හයි හීල්ස් දෙකක් දාලා මල විකාර ගවුමකුත් ඇදගෙන හිටපු කෙල්ලෙක් ටේහියුන්ගෙ රූම් එක ඉස්සරහ ඉදගෙන කියෝන හැටි මං බලාගෙන හිටියෙ ඉන්හව තුරුල්කරන් ඉන්න ගමන්මයි.ඒ ගැන අවධානයක් නොදී ආපහු ඉස්සරහට හැරුනත් ඊටපස්සෙ මට ඇහුනු දේවල් නිසා මගෙ ඇගේ ලේ ටික රත්වෙලා ගියා.
____"actually එයා accident වුනේ මගෙ කාර් එකට වුනත්.....But it's not my fault😌......ඔයා දන්නවද Mr.Jung මේ boy එකපාරටම උඩ බිම බලන් නැතුව පිස්සෙක් වගේ පාරට කඩාපාත්වුනා......😑.......i don't know anything about this accident😌අනික තමයි ඔය accident එක වුනු වෙලාවෙ එයා හිටියෙ හොද සිහියකින් නම් නෙමෙයි......ඒක නිසා මෙතන මගේ සුළුම වැරැද්දක් වත් නෑ......You know I am an international model ...... My name can be insulted because of this work😣මේක මොකක් කරලා හරි ඉක්මනින් settle කරලා දෙන්න plz Mr.Jung........"____
මෙච්චර කදුළු වැටෙන්නෙ මෙච්චරම අපි වේදනා විදින්නෙ මෙච්චරම දුක්වෙන්නෙ මේ කෙල්ලගෙ වැඩ නිසා නේද කියලා දැනගත්තෙ මන් එවෙලෙයි.මං පනටත් වඩා ආදරේ කරන කෙල්ල පිස්සියෙක් ගානට විදවන්නෙ මේ කොහොවත් යන එකියක් නිසා නේද කියලා මතක්වෙද්දි මගෙ අත් දෙක මිට මෙලවුනේ නිකන්මයි.කන් දෙකෙන් දුම් පිටවෙන ගානට මට පුදුම කේන්තියක් දැනුනෙ එවෙලෙ.එච්චරටම කේන්ති ගියපු දවසක් මට මතක කාලෙක තිබ්බෙ නැහැ.ඉන්හව එහෙම්මම පිටිපස්සට කරලා මන් නැගිට්ටෙ නියපොතු වලට අල්ල තුවාලවෙන තරමටම අත් දෙක මිට මොළවගෙනයි.
Choi Inha p.o.v.
සැනසීමක් කියලා දෙයක් අහලකවත් නොතිබුනත් ජන්කුක්ගෙ උරහිසේ මට දැනුනෙ ආරක්ෂාවක්.මගෙ ළගින්ම ඉදගෙන එයා මං කියන හැමදෙයක්ම අහගෙන හිටියෙ ඇස් වලින් එලියට එන්න දගලන කදුළු ඇස්වලම හංගගෙනයි.මගෙ ළගින්ම මේ වෙලාවෙ ඒ විදිහට එයා ඉන්න එක කඩාවැටිලා තිබ්බ මගෙ හිතට ගෙනාවෙ අස්වැසිල්ලක්.ජන්කුගෙ උරහිසේ ඔළුව හංගගෙන මං කොච්චර වෙලා ඇඩුවද කියන්නවත් මට තේරෙන්නෙ නැහැ.ජන්කුක් ඒ මුළු වෙලාවෙම කලේ මගේ ඔළුව අතගගා මාව තුරුල් කරගෙන හිටපු එකයි.වෙන මිනිස්සු වගේ එයා එකදිගට එක ප්‍රශ්නයක් වත් අහපු නැති එක මගේ හිතට පුදුම සැනසීමක් ගෙනල්ලා දුන්නා.කම්මුලට දැනෙන සීතල නිසාම මං ඔළුව ඉස්සුවෙ මගෙ කදුළු වලින් තෙත් වෙලා ගියපු ජන්කුක්ගෙ ඇදුමෙ අත දිහා බලාගෙනයි.ජන්කුක් තාමත් මගේ ඇස් වලට එබීගෙන හිටියෙ මට තව මොනවහරිම කියන්න ඇතියි කියලා දැනුනු නිසා වෙන්නැති.ටේහියුන්ග් දිහා බලාගෙන මං හිතපු හැමදේම වචන කරලා කාටහරි කියන්න පුළුවන්නම් , මේ ලෝකෙ එහෙම කෙනෙකුට ඉන්න එකම කෙනා ජන්කුක් විතරමයි.මගෙ මූන දිහාවටම එල්ල වෙලා තිබ්බ ඒ ඇස් දිලිසෙන්නෙ එයාගෙ හිත ඇතුලෙත් තියෙන වේදනාවෙන් එයා දුක්විදින නිසා වෙන්නැති.ජන්කුක්ට කොහොමත් ඕනි වුනේ මගෙ ඉස්සරහ එයා ශක්තිමත් කෙනෙක් කියලා පෙන්නන්නයි.වෙන දේකට නෙමෙයි ජන්කුක්ට උවමනා වුනා මාව නැගිට්ටවන්න.කඩා වැටිලා තිබ්බ මගේ හිත ආපහු තිබ්බ විදිහටම හදන්න.මට දැනෙන වේදනාව අකුරු කලොත් නැත්නම් වචන කලොත්......ඔව් මට පුළුවන් වේවි මුළු ජීවිත කාලෙම ඒ ගැන කතා කරන්න,ඒ ගැන ලියන්න.මගෙ වේදනාව දැනුනු නිසාම වෙන්නැති තවත් මුකුත්ම කියන නොදී ජන්කුක් ආපහු මාව තුරුල් කරගත්තේ.මං තොල් හපාගෙන කදුළු නතර කරගන්න හැදුවත් මට ඒක කරන බැහැ.ජන්කුක්ගෙ පපුව තමයි හොදම තැන මේ කදුළුවලට ගලාගෙන යන්න ඉඩ දෙන්න.ජන්කුක්ගෙ පපුවෙ ඔළුව ගහගෙන මං ඇති වෙනකල්ම ඇඩුවෙ කවදාවත් නොදැනුනු තරම් ආරක්ෂාවක් මට දැනුනු නිසායි.ටේහියුන්ග් මාව තනි කරලා නැහැ කියන හැගීම මට ආපහු දැනෙන්න ගත්තෙ ඒ නිසාමයි.ටේහියුන්ට මාව අමතක වුනත් එයා මට හොද හදවත් තියෙන සහෝදරයො ටිකක් හොයලා දුන්නා.අයියෙක් වගේ ළගින් ඉන්න , භයක් නැතුව ඔළුව හංගගෙන කෑගහලා අඩන්න පුළුවන් විදිහෙ ශක්තිමත් හදවතක් තියෙන යාළුවෙක්ව හොයලා දුන්නා........අඩුම මට දුක බෙදාගන්න ජන්කුක් වත් ළඟ ඉන්නවා දැන්......මීට කලින් කවමදාකවත් කෙනෙක් හිටියෙ නැහැ මගෙ ළගින් , මං අඩද්දි මේ විදිහට සනසන්න.ළගට අරන් තුරුල් කරන් ඔළුව අතගාන්න.......මෙච්චර කාලෙකට එහෙම කවුරුත්ම හිටියෙ නැහැ.
_____"ඉන්හා පොඩ්ඩක්"____
මාව කෙලින් කරවපු ජන්කුක් දිහා මං බැලුවෙ පුදුමෙන්.හැබැයි ඒ ඇස් එල්ල වෙලා තිබුනෙ මගෙ දිහාවටනම් නෙමෙයි.ගිනි පිටවෙන්න වගේ සුදු ඉගිරියාවෙ පටන් ගැන්මෙන් රතු වීගෙන එන ඒ ජිල් බෝල වගේ ලොකු ඇස් දෙක නතරවෙලා තිබුනෙ ටේහියුන්ගෙ රූම් එක ළගයි.මගෙ ඇස් කෙලින්ම දිව්වෙ ජන්කුක්ගෙ මිට මෙලවෙලා තිබ්බ අත් දෙක දිහාටයි.නහර පෑදෙන්න තරම්ම හයියෙන් මිටමෙලවිලා තිබ්බ අත් දෙකයි එකට වැදිලා වෙව්ලන තොල් දෙකයි රතු වුනු ඇස් දෙකයි දිහා මං බැලුවෙ පුදුමෙන්.එච්චරම කේන්තියක් ජන්කුක්ගෙ මූනෙන් දැක්ක පළවෙනි වතාව.එහෙම්මම නැගිට්ට ජන්කුක් එක එල්ලේම ගියෙ එතෙනටයි.
ඒ දිහාවටම ඇස් හරෝපු මං දැක්කෙ විකාර විදිහට ඇදගෙන ඉන්න ලස්සන සරාගි පෙනුමක් තිබ්බ කෙල්ලෙක්ව.ඒ කෙල්ල දිහා බලලා තත්පරයක් යන්නත් කලින් එතනට ගියපු ජන්කුක් කලේ මං හීනෙන්වත් හිතුවෙ නැති විදිහෙ දෙයක්.මගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු වුනේ ජන්කුක්ගෙන් ඒ විදිහෙ දෙයක් මං බලාපොරොත්තු නොවුනු නිසයි.කකුළත් ඇඹරිලා යද්දි මං ඉක්මනට නැගිට්ටෙ ජන්කුක්ගෙ අතින් ඊළගට මොනා වේවිද කියලා දැනුනු බය නිසාමයි.හොස්පිටල් එකේ මිනිස්සු භයවෙලා බලාගෙන හිටියෙ ජන්කුක් දිහායි.
ටේහියුන්ගෙ රූම් එක ඉස්සරහ හිටගෙන හිටපු කෙල්ලගෙ බෙල්ල එක අතකින් මිරිකගෙන බිත්තියට තදකරගෙන ඉන්න ජන්කුක්ව දැක්කම මගෙ තොල කට වේලෙන්න ගත්තෙ තව ටික වෙලාවක් ගියොත් මේ කෙල්ලගෙ උගුරු දණ්ඩ කැඩේවි කියලා හොදටම පේන්න තිබ්බ නිසයි. ටයිල් එකෙන් උඩටම ඉස්සිලා තිබ්බ කෙල්ලගෙ කකුල් දෙක හිටි ගමන් ලාවට බිම වැදුනෙ හීල් එක නිසයි. දත් මිටි කන ගමන්ම කෙල්ලගෙ බෙල්ල තවත් තදකරන ජන්කුක් දිහා හැම කෙනෙක්ම නිහඩව බලාගෙන හිටියෙ මේ වෙලාවෙ කාටවත්ම මුකුත්ම කරගන්න බැරි නිසයි.
____"තමුසෙ හිතාගෙන ඉන්නෙ මහලොකු වැඩක් කලා කියලද......මහලොකුවට කොහොම හරි සෙට්ල් කරලා දෙන්න කියන්නෙ ආ........තමුසෙ මහ කාලකණ්නි කෙල්ලෙක්......තමුන්ට වාහන එලවන්න බැයිනම් ඇයි කියපන් ලයිෂන් අරගත්තෙ......තමුසෙ වගේ කොහෙවත් යන ගෑනියෙක් නිසා අපි කොච්චර දුක් විදිනවද බලනවා අද.....කොච්චරනම් කදුළු වැටෙනවද අපේ ඇස් වලින් ආ.......ඇස් ඇරලා බලනවා තමුසෙගෙ මෝඩ වැඩ නිසා අද කීයක්නම් ජීවිත නිරපරාදේ විදවනවද කියලා.අරහෙ ටේහියුන්ග් මතකෙ නැතිවෙලා ආතක් පාතක් නැති එකෙක් වගේ හැසිරෙනවා.....මෙතන මේ කෙල්ල පිස්සියෙක් වගේ විදවනවා.....තමුසෙ ආවෙ මෙතන සෙට්ල් කරලා යන්නද කියනවා.......තමුසෙ ඒක සෙට්ල් කරන්න කලින් මන් තමුසෙව සෙට්ල් කරලා ඉවරයක් කරන්නම්......මේ වගේ වැඩ එතකොට ආයෙ තමුසෙ අතින් වෙන,එකක් නෑනේ......"____
ජන්කුක්ගෙ වේදනාවෙන් පිරුනු වෙව්ලන කටහඩ කියන වචනයක් වචනයක් පාසා හැමදෙයක්ම ඇත්ත වුනත් , අපි ඒ නිසා කොච්චර විදවනවා වුනත් , කොච්චර කදුළු අපේ ඇස්වලින් වැටෙනව වුනත් මේ විදිහට මේ දේ වෙන්න දෙන්න බැහැ.ඔයාට මං නිසා ටේහියුන්ග් නිසා මේ කවුරුත් නිසා මිනීමැරුවෙක් වෙන්න දෙන්න බැ.ඔයාගෙ ලස්සන ජීවිතේ කැත කරගන්න දෙන්න බෑ.........
"........ජන්කුක්.......ජන්කුක්.......ප්ලීස් මේ අහන්න.......නෝ.......නෝ........ඔය දේ කරන්න එපා ප්ලීස්.......ඔයා ඕක නැවැත්තුවෙ නැතොත් , මේ ගර්ල්ට මොනාහරි පොඩිම කරදරයක් හරි වුනොත් මං මේ ලෝකෙ තව එක මොහොතක්වත් ඉන්න එකක් නෑ.....මාත් මොනවහරි කරගෙන යන්නම යනවා......ඔයාගෙ යාළුවට මතකෙ ආවත් ආපහු එයා වෙනුවෙන් මං ඉන්න එකක් නැහැ එතකොට......plz jungkook stop it........plz don't do it........plz😖😖......."
ජන්කුක් ගැස්සිලා මගෙ දිහා එකපාරටම බැලුවෙ රතුවුනු ඇස් කදුලු වලින් පිරිලා යද්දියි.බිත්තියට තදකරගෙන හිටපු කෙල්ල දිහාවට ආපහු මූන හරෝපු ජන්කුක් කිසිම ගානක් නැතුව ඒ කෙල්ලව අතහැරලා දැම්මෙ බිමට ඇදගෙන වැටෙන්න ඉඩ හැරලයි.එකපාරටම බිමට වැටුනු කෙල්ල පපුවත් අල්ලගෙන එකදිගට කැස්සෙ මගෙ දිහාටයි ජන්කුක් දිහාටයි බයෙන් වෙව්ලන කදුලු වලින් පිරිලා ගියපු ඇස් හරෝගෙන.
කෙල්ල දිහා නොබලම අඩියෙන් අඩිය මගෙ ඉස්සරහට ඇවිදන් එන ජන්කුක්ගෙ රතු වෙලා ගිය ඇස්වල බය හිතෙන බැල්ම දැක්කම මාව පිටිපස්සෙන් පිටිපස්සට තල්ලු වුනේ නිකන්මයි.වචනයක්වත් නොකියන ඒ තොල් එකට තදවෙලා ගිහින් තිබ්බෙ වෙන කවදාවත් නැති නපුරු පෙනුමක් ජන්කුක්ගෙ හා මූනට එකතු කරලා.හොස්පිටල් එකේ බාල මහළු වැඩිහිටි වෙනසක් නැතුව අපේ දිහා බලාගෙන හිටියෙ ගල් ගැහිලා වගෙයි.
පිටිපස්සෙන් පිටිපස්සටම තල්ලු වෙච්චි මාව ටේහියුන්ගෙ රූම් එකේම දොරට තදවුනේ ජන්කුක්ගෙ රතු ඇස් දෙක මගේ ඇස් ඉස්සරහහින් හරියටම නතර වෙද්දියි.කිරණක් විහිදෙනවා වගේ රතුවෙලා තිබ්බ ඒ ඇස් දිහා බලාගෙන ඉද්දි මගෙ තොල කට බයෙන් වෙව්ලුවෙ ජන්කුක්ගෙ මූනෙන් මෙච්චර කේන්තියක් මීට කලින් කවදාවත් දැකලා නොතිබුනු නිසා.මගෙ ඔළුව දෙපැත්තෙන් දොරට අත්දෙක තියපු ජන්කුක් මගේ මූනට ලන්වුනේ ඒ රතුපාට ඇස් වල බැල්ම මොහොතකට වත් මගෙන් ඈත් නොකරමයි. බැල්ම කොච්චර නපුරු වුනත් ජන්කුක්ගෙ දෙතොල් නම් මිමිනුවෙ මං කීයටවත් බලාපොරොත්තු නොවුනු වචන දෙක තුනක්.......
_____"sorry princess"_____
රහසක් කියන්න වගේ මගෙ කනට මුමුණපු ජන්කුක් මං මුකුත්ම කියන්න කලින් ඊළග මොහොතෙ යන්න ගියේ මාව එතන තනිකරලයි.තනිවුනාටත් වඩා මාව එතන ගල් ගැහුනා.එයා දැන් ටිකකට කලින් කිව්ව දේ මට ඇහුනෙ වැරදීමකින්ද කියල හිතන්න හිතන්න මට දැනුනෙ මගෙ පපුව හයියෙන් ගැහෙනව කියලා විතරයි.ඇත්තටම ඒක මට ඇහුනනම්, එතකොට මේ දැන් එයා ඒ කිව්වෙ princess කියලනම්.......එතකොට ඊයෙ ජන්කුක් මාත් එක්ක කියපු ඒ කෙනා........______
...................මං ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම , ජීවිතේ පහසු එකක් වෙන්න කියලා නෙමෙයි........අපහසු අවස්ථාවලට මුහුණදෙන්න ශක්තිය ලැබෙන්න කියලා...............
මං ටේහියුන්ගෙ රූම් එකේ දොරට ඔළුව තියාගත්තෙ හිත යටින් එහෙම හිතන ගමන්.
No one's p.o.v.
~...........ආදරෙයි කියලා අල්ලගන්න අත් දෙක ගොඩක් අය හරි ඉක්මනට අතහැරලා දානවා.......ඒත් එහෙම අල්ලගත්තු අත් දෙකක් සදහටම අල්ලගෙනත් ඉන්න පුළුවන් වෙන්නෙ ඇත්තටම ආදරේ කරපු කෙනෙකුට විතරමයි..........~
ඔව්.......හැමතැනදිම කතාකරන්නේ අතනොහැර ආදරේ කරන එකේ කටුකත්වය , දුශ්කරතාවය , නැත්නම් එතකොට දැනෙන වේදනාව ගැන.......ඒත් ඇයි මේ ලෝකෙ ඉන්න කාටහරිම බැරි අත්හැරීම , අමතක කිරීම , අන්න ඒ දේවල් ගැනත් කතා කරන්න.සමහරවිට වැඩිපුරම දුශ්කර ඒ දේ වෙන්නැති.ආදරේ කරනවට වඩා ඒ දේ අමාරු ඇති.ආදරේ විදිනවට වඩා අතහැරලා දාන එක වේදනාකාරී ඇති.ඒත් ඇයි කවුරුත්ම කතා නොකරන්නෙ ඒ ගැන.අතහැරලා වේදනා විදින , දුක් වෙන , පසු තැවෙන , ඒ අය වෙනුවෙන්......ඇයි ඉඩක් නැත්තෙ.......ආදරේ ළගට අරගත්තු අය විතරමද ආදරේ කලේ.......එකට ආදරය බෙදාගත්තු එක වහලක් යට ජීවත් වුනු......ඇත්තටම ඒ තැන්වල විතරමද ආදරේ තිබ්බෙ........දකින වෙලාවට අහක බලාගෙන ගියපු , මූනට හම්බුනත් නොදැක්ක ගානට හැසිරුනු.......ලෝකෙට පේන්න වෛර කරපු.......සමහරවිට ඒ තැන්වලයි තිබුනේ ආදරේ වැඩිපුරම.
~..........අතහැරීම දුශ්කරයි........ඒත් ගොඩක් තැන්වලදි ගැළපෙන එකම විසදුමත් අත්හැරීමයි..........~
~~~~මෙතන ඉදන් with u without u ලැබීම් නොලැබීම් විදවීම් අත්හැරීම් මතින් ඉදිරියට ලියවෙන ආදර කතාවක් වේවි........ජීවිත වෙනස් වෙන විදිහ දෛවය ලියවෙන විදිහ ඉරණම විසදෙන විදිහ කියන්න බැහැ කාටවත්.සම්බන්ධයක් ගොඩනැගුවත් අවසානයක් ලියන්න බැහැ.ලිව්වත් කවමදාවත් නිශ්චය කරන්න බෑ~~~~
*****************************
A/N
Hi කෝමද කට්ටිය🤭
හම්මෝ කියන්න එව්වා ගොඩයි😥
කොච්චර special ඒවා වුනාද පහුගිය ටිකේ😂
LGO ස්ට්‍රීමින් වැඩයි clz වැඩයි නිසා මට හෙල්ලෙන්න බැරුව ගියා😂
Sorry for late updates😣
ආ තව ff එකේ ටේට ඇතිවෙලා තියෙන side effect එක ගැන කියනවනම්😊හී ඒක ඇත්ත situation එකක්........selective memory lose condition 🤗 ඔයාලට මේ පහළ තියෙන article එක google එකෙන් අරන් ඒ ගැන තොරතුරු හොයා ගන්න පුළුවන්......😂👇👇👇👇👇
(මට යුද්ධෙ ප්‍රකාශ කරන්න ඉන්න අයට උදව්වක් කලා ඔන්න😅)
ආ අපේ ජින් ඔප්පගෙ බර්ත්ඩේ එකත් තිබ්බනේ🤭🤭🤭
Happy Birthday Kim Seok-Jin🎉️🎉️🎉️
කියෙව්වා වැඩිද 🙄 තව තීනවා😂
Thank you very much for 3K readers🥺
ගොඩක් සතුටුයි මට🙈🙈🙈
ආ අපි LGO එක කෝමහරි 1B ගේමු.......
🎊️KeEp_StReAmInG_aRmY🎊️
ඒ වගේම මගෙ ff එකට වෝට් කමෙන්ට් කරන ඔයාලා හැමෝටම තැන්කූ ගොඩාක් 🥺🥺
හොරෙන් කියෝලා යන අයටත් තැන්කූ ගොඩාක් 🤭🤭
දිගටම මාත් එක්ක ඉන්න😂
වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න😘😘😘
හහ්.......හරි කියෝලා ඉවරයි 😂
බායි👋
.......................♥️/💔......................
Love U all 😘