โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

Por _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... Mรกs

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”

282 77 42
Por _TaeKitty_


Kim Taehyung p.o.v.

         මගේ ජීවිතය මගේ සහෝදරයෝ හය දෙනා එක්ක ගත කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම ,මට එන ගොඩක් ප්‍රශ්න මං එයාලටයි කිව්වෙ.ඒ හැම ප්‍රශ්නෙකටම ,හැම හිත් රිදුමකටම එයාල ළඟ උත්තර තිබුනා. හිත සැනසෙන විදිහෙ එක දයාබර හිනාවක් ,සහනදායි වචනයක් ,සෙනෙහෙබර වැළඳ ගැනීමක් එයාල ළඟ හැමතිස්සෙම තිබුනා.
          ඒත් මං කරන හැම දගකාර වැඩකටම,මෝඩ වැඩකටම නම් එයාලගෙන් මට කවදාවත් උදව් ලැබුනෙ නෑ.ජිමිනා කොහොම වුනත් අනිත් හියුන්ග්ල නම් ඒ වගේ වැඩ කවමදාවත් අනුමත කරෙත් නෑ.ඉදිරියේදී කරන්නෙත් නෑ.ඒක මං හොදාකාරවම දන්නවා.ඒ වගේ ඕනිම ඔලමොට්ටල වැඩක් කරන වෙලාවකට මං ළඟම මගේ හෙවනැල්ල වගේ ඉඳගෙන උපදෙස් දෙන්නේ වෙන කවුරුත් නෙමේ,මගේ ජන්කුකියා.හැබැයි බැරිවෙලාවත් ඉතින් කරන දේ වැරදුනොත් ,එයා නම් ඒකට ගෑවිලාවත් නෑ.එයා පොඩි එකා.මොකවත්ම දන්නෑ ඒ වෙලාවට එයා.
         ඒ කොහොමවුනත් දැන් මට තියෙන්නේ ඉස්සෙල්ලා තිබුණු ප්‍රශ්න වර්ග දෙකෙන් එක වර්ගෙකවත් ප්‍රශ්නයක් නෙමේ.ඉතින් දැන් මම නිකන් ගිරයට අහුවෙච්චි පුවක් ගෙඩිය වගේ.හිතාගන්න බැහැ මට,මං කාටද මගේ හැගීම් කියන්නේ කියල.හියුන්ග්ලට කියලා උපදෙස් ගන්නවද,ජන්කුක්ට කියලා හිත සැහැල්ලු කර ගන්නවද.........¿¿¿¿¿¿¿🙄🙄
                      දාහක් සිතුවිලි මැද්දේ අතරමං වෙලා හිටිය මම අන්තිමටම තීරණය කලේ වෙනද වගේම මේ දේත් ජන්කුක්ටම කියලා හිත නිදහස් කරගන්නයි.

     "ජන්කුක් මේ අහන්න........මං මේ කියන්න යන දේ ,මං කියල ඉවර වෙනකල්ම ,මැදින් පැනල ඇඩ් දාන්න එපා.......මොකවත්ම අහන්නත් එපා...........අහන්න හරි කියන්න හරි තියෙන ඕනිම දෙයක් ඊට පස්සේ......ඒ වගේම ඔයා අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න කියල ,ඔයා මට බල කරන්නත් බෑ,මං මේක කිව්වයින් පස්සේ......ok......."
 
          මං මුලින්ම එහෙම කියලම පටන් ගත්තේ ,ජන්කුක් ගංවතුර ගලනවා වගේ එකදිගටම ප්‍රශ්න අහන එක නවත්තන්නයි.මං එහෙම කියන පරක්කුවෙන් ජන්කුක් වේගෙන් ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න වගේ.මද වෙලාවක් නැවතත් කල්පනා කල මම කතාව පටන් ගත්තේ ජන්කුක්ගේ දෑස් මගහැර ,නිමක් නොපෙනෙන හිස් අවකාශය දෙසට දෑස් යොමාගන්නා අතරයි.

             " ජන්කුක්.........මේ අහන්න.ඔයාට කවමදාහරි කවුරු වෙනුවෙන් හරි හැඟීමක් ඇති වෙලා තියෙනවද......?.......කාවහරි දැක්ක මොහොතෙම ,එයාව ඔයාගෙ හදවතේ ගැඹුරුම තැනට තදින්ම දැනිල තියෙනවද......?.......ඒ කෙනාව ආයෙ ආයෙම දකින්න ඕනි කියන සිතුවිල්ල දැනිල තියෙනවද......?........ඒ කෙනාගේ  එක බැල්මකින්ම ඔයාගෙ මුලු ආත්මයම සැනසෙනව කියල හිතිල තියෙනවද.......?.......එක පොඩි මොහොතක කාලයක් වුනත් ඒ කෙනාව දැකගන්න ලැබුණේ,ඒ මොහොත මුලු ජීවිත කාලයටම අමතක නොවන මතකයක් විදිහට හදවතේ තැම්පත් වෙලා තියෙනවද.....?.....

            මං ඔයාගෙන් මෙහෙම ඇහුවට මං දන්නව ඔයාට ඒ වගේ හැඟීමක් මෙච්චර කාලෙකට දැනිල නැහැ කියල.හැබැයි ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද මට එහෙම හැඟීමක් දැනුණ කියල.එක්කෙනෙක් ගැන......එක නිමේශයකදී ,එදාම දැකපු,මීට කලින් කවමදාකවත් නොදැකපු කෙනෙක් ගැන මට එහෙම දැනුනා කියලා ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ජන්කුකී.ඇත්තටම මටත් තවම බැහැ විශ්වාස කරන්න ඒක.ඒත් දැන් මට හොදටම විශ්වාසයි මං එයාට ආදරේ කරනවා කියලා.ඔව්......මට ඒක හොදටම විශ්වාසයි.ඒ කෙනාට මං මගේ හදවතින්ම ආදරෙයි.මට හොදටම දැනුණා අද,එයාට මං එතනදී  සමුදීලා එනකොට මගේ හදවතට දැනුනු ඒ දුක.හැමදාටම එයාව මගේ ළඟම තියාගන්න ලැබුනනම් කියල හිතුනු ඒ ලෝබකම මට අද හොදටම දැනුණා.හදවතේ තියෙන හැගීම් තේරුම් අරන් නෙමෙයි මං අද එයා ළඟට ගියේ,ඒත් මං ආවේ ඒ හැගීම් හොදටම තේරුම් අරගෙනයි.
           එයා මං ගැන මොනා හිතනවද කියන්න මං දන්නේ නැහැ.එයාට තියෙන්නේ හැගීම් පිටතට නොපෙනෙන මූනක්.එයා දිහා බැලුවම එයා මොනා හිතනවද කියලා තේරුම් ගන්න බැහැ.ඒ තරමටම එයාගෙ බැල්ම තියුනුයි.ඒත් මට හිතුනා ඒ ඇස් දිහා බලන් හිටිය ඒ තත්පර කීපයක කෙටි කාලයේදී ,එයාටත් ඕනි වුනේ ඒ හැගීමම විඳගන්න බව.එයාගෙ ඇස්වලින් පෙනුනේ පුදුමයක් වුනත් එයා ඒ ගැන සතුටුවෙනවා කියලයි මට හිතුනේ.
          ඒ කොහොම වුනත්, එයා මං ගැන මොනා හිතුවත්,මං එයාට ආදරෙයි.මගේ මුලු හදවතින්ම.කවමදාකවත්  ඒක වෙනස් වෙන එකක් නෑ ජන්කුකී කවුරු මොනවා කිව්වත්.මං සූදානම් නෑ කවුරු වෙනුවෙන්වත් එයාව අතහරින්න.මං තීරණයක් අරගෙනයි ඉන්නේ,මගේ ඇත්ත එයාට කියන්න.මං කවුද කියලා එයාට කියනව මං .එයාගේ තීරනේ මොක වුනත් මට පුලුවන් ඒක සතුටින් භාරගන්න.
           ඒ වගේම එයත් මට ආදරේ කරනවනම් හදවතින්ම ,මං ඉඩ දෙන්නේ නැහැ ඒ බැදීම කැඩෙන්න මොනම හේතුවක් නිසාවත්.කිසිම කෙනෙක් නිසාවත්.එයා වෙනුවෙන් මගේ හදවතේ තියෙන ආදරේ සදාකාලිකයි.මගේ ජීවිතේ තියෙන තුරාවටත් ,ඊට පස්සෙත් මං ප්‍රාර්ථනා කරන්නේ එයාවම විතරයි.එයාගේ ආදරේ නැතත් මට එයාගේ ළඟින් හරි ඉන්න ලැබෙන්න කියන එකයි මගේ එකම ප්‍රාර්ථනාව."

          
             දිග සුසුමක් හෙලමින් මගේ කතාව ඒ විදිහට අවසන් කරපු මම ජන්කුක් දෙසට නිහඩවම බැල්මක් හෙළුවේ ප්‍රශ්න කෝටියක් විතර බලාපොරොත්තුවෙන්.ඒත් ජන්කුක්ගේ මූනෙන් පෙනුනේ මං බලාපොරොත්තු වුන විදිහේ පෙනුමක්නම් නෙමෙයි.මට පෙනුනේ එයා කල්පනා ලෝකෙක අතරමංවෙලා ඉන්න බවකුයි.ඒ විදිහෙ බරපතළ පෙනුමක් ජන්කුක්ගේ මූනේ  ඇදිල තියෙනව මං දැක්කේ පලවෙනිම වතාවටයි.
                 මං මොකුත් නොකියම වාඩිවී සිටි තැනින් නැගිට්ටේ එතනින් පිට වෙන්නයි.

📌️ජන්කුක් :: "ටේහියුන්ග්...."

         මං සිටගත් තැනම නතර වූයේ ජන්කුක්ගේ කටහඩින්.මං එහෙම්මම ජන්කුක් දෙසට බැල්මක් හෙළුවේ ඔහුගෙන් හේතුවක් බලාපොරොත්තුවෙන්.ඒත් එක්කම කටහඩ අවදි කල ජන්කුක් මා හමුවේ පැවසූවේ මා කිසිසේත්ම සිතුවේ නැති විදිහේ පිලිතුරක්.එම පිලිතුරෙන් මට මා ගැනම පුදුමයක් ඇතිවුනේ ,මා සිතා සිටියේ ජන්කුක්ගේ ජීවිතයේ සියල්ලක්ම මා දැනගෙන සිටිනා බවක්  වූ නිසයි.මට හැඟුණේ ඔහුගේ දිවියේ මා නොදන්න කොතෙක් දේ තියෙන්න ඇතිද වැනි හැඟීමක්.

Jeon Jungkook p.o.v.

    ටේහියුන්ග්ට දැනෙන හැගීම් ,එයා මගෙන් ඒ ඇහුව ප්‍රශ්න,ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නකොට මට දැනුනේ,මගේ හදවතට උල් පිහි දහස්ගානකින් අනිනවා වගේ හැඟීමක්.මට කියන්න ඕනි වුනා, එයාට ඔය දැනෙන විදිහටම මටත් දැනුනා කියලා.එයා ඔය අහපු හැම ප්‍රශ්නෙකටම මගෙ ළඟ උත්තර තියෙනව කියලා.ඒ අහපු හැම ප්‍රශ්නෙකටම මට දෙන්න තියෙන එකම උත්තරේ
     "ඔව් ,මට දැනිලා තියෙනවා කෙනෙක් ගැන....කවදාවත්ම ඒ දැනුන විදිහ අමතක වෙන්නෑ මට.ඒ ඔයාට දැනුණ විදිහෙම ඒ හැඟීම මටත් දැනුණා.ඒ වගේම මම තාමත් ජීවත් වෙන්නේ ඒ හැගීමත් එක්ක.ඒ කෙනා වෙනුවෙන් එයා ආපහු එනකන්."
             ඒක තමා මගේ එකම උත්තරේ.මට ඕනි ටේහියුන්ග් ඔයාට මේ උත්තරේ දෙන්න.ඒත් මන් ශක්තිමත් නැහැ ඔයා තරම්.මගේ හිතට ඔයාට තියනවා වගේ ශක්තියක් නෑ.

          එක එක දේවල් හදවතට නැගෙද්දී මටත් නොදැනිම මං මගේ අතීතයේ හිරවුණා.මං මගේම කල්පනා ලෝකෙක තනිවුනා.
           එක පාරටම කතාව නවත්තපු ටේහියුන්ග් ටික වෙලාවකින් එතනින් නැගිට්ටේ මගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා වෙන්න ඕනි.මට කියන්න කොච්චර දේවල් තිබුණත් මං ගොළු වෙලා.මට කියාගන්න ඕනිම කරන දේවල් ,මං කියන්න යනකොට,මගේ කටට අගුල් වැටෙනවා.මං කොච්චර උත්සාහ කරත් මට බැහැ ඒක නවත්තන්න .කොහොමහරි ආයාසයෙන් මං මගේ කටහඩ අවදි කලේ ටේහියුන්ග්ව නවත්තගන්නයි.මොකද කියනවනම් මටත් ඕනි වුනා මගේ හිතේ හිරවෙලා තිබුණු ඒ හැගීම්,ඒ කෙනා ගැන,ඒ කෙනාට මං කොච්චර ආදරේද කියන එක ගැන ටේහියුන්ග්ට කියලා,එයා වගේම මගේ හිතත් නිදහස් කරගන්න.

No One's p.o.v.

📌️ජන්කුක් :: ".........ටේහියුන්ග් ........."

ජන්කුක්ගේ කටහඩින් ඔහු දෙස හැරී බැලූ ටේහියුන්ග් නැවතත් තමා පෙර අසුන්ගෙන සිටි තැනම අසුන් ගත්තේ ජන්කුක් දෙසම දෑස් දල්වා බලාගෙනයි.

📌️ජන්කුක් :: "ටේටේ.......මටත් තියෙනවා දෙයක් කියන්න.අහගෙන ඉන්නවද ඔයත්,අර කලින් විදිහටම.....අර ඔයා මට කිව්ව වගේ,කිසිම ප්‍රශ්නයක් අහන් නැතුව.....??....."

ජන්කුක් ,ටේහියුන්ග් දෙස ආයාචනාත්මක බැල්මක් යොමු කරමින් එසේ විමසුවේ,තමා මේ කියන්න යන දේ කිව්වායින් පසු ටේහියුන්ග්ටද තමාට ඔහු ගැන ඇතිවූවා වැනිම ප්‍රශ්න ඇති වන බව දන්නා නිසායි.

📌️ටේහියුන්ග් :: "හ්ම්ම්.....ඔව් ජන්කුක් ,ඔයා කියන්න......මම ප්‍රශ්න අහන් නෑ........promise වෙනවා."

දිග සුසුමක් ඉහළට ඇදගත් ජන්කුක් ටේහියුන්ග් හමුවේ තැබූවේ ටේහියුන්ග් තියා අනිත් අයත් කිසිවෙකු දැන නොසිටි ජන්කුක්ගේ හදවතේ සදහටම හැංගී තිබූ සෑමදාම වේදනා ගෙනදුන් ඒ මතකයයි.

📌️ජන්කුක් :: "ටේටේ.......ඔයා දන්නවද දැන් ටිකකට කලින් ඔයා මගෙන් ඇහුව හැම ප්‍රශ්නයකටම මං ළඟ උත්තර තියෙනවා කියලා.ඔයා මගෙන් ඇහුව නේද කාවහරි දැක්ක මොහොතෙම එයාව හදවතට දැනුනද කියලා.......දැක්කේ එක නිමේශයයි උනාට ඒ රූපේ හදවතේ තැම්පත් වුණාද කියලා සදහටම..........ඒ එක බැල්මකින් මුලු ආත්මයම සුවපත් වෙනව වගේ දැනිල තියෙනවද කියලා......
               ඔයා මගෙන් ඒ ඇහුව හැම ප්‍රශ්නෙකටම මට දෙන්න තියෙන එකම උත්තරේ තමා 'ඔව්' කියන එක.
                මට එහෙම දැනිල තියෙනව ටේටේ.......ඔයා දන්නවද ටේටේ දැන් ගොඩ කාලේකට කලින් ඉදන්ම මගේ හදවත ගැහෙන්නේ එකම කෙනෙක් වෙනුවෙන් කියලා.හැම මොහොතෙම මගේ හද ගැස්මෙ ඉන්නේ එයාම විතරයි ටේටේ.......ඒ කෙනාව මට දකින්න ලැබුණේ ඒ පොඩි තප්පර කීපයේදී විතරමයි මේ අවුරුදු ගානටම.ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ටේටේ, මට තවම එයාගේ එක කෙස් ගහක්වත් හොයා ගන්න බැරි වුනා කියලා එදායින් පස්සේ.ඒත් මට තවම මතකයි එයාගේ ඒ මූන.අස්සක් මුල්ලක් නෑරම මගේ මතකෙ තියෙනවා එයාගෙ පෙනුම.මට එයාව අමතක කරන්න ඕන වුනත් මට බැහැ ඒක කරන්න.ඒ මොකද දන්නවද එයයි මගේ ජීවිතේට අලුත් එලියක් ගෙනත් දුන්නේ.එයා මාව අතරමං කරලා ගියත් ඒ ගියේ මගේ මුලු ජීවිතේම එලිය කරලා.මට බලාපොරොත්තු ගොන්නක්ම දීලයි.ඒකයි මං තාමත් මගබලාගෙන ඉන්නෙ එයා එනකම්ම......මගේ ළඟට....මාත් එක්ක සදහටම එකට ඉන්න.....ජීවිතේ තියෙන තාක්කලුත්....ඊට පස්සෙත්......
               හ්ම්ම්ම්ම්ම්ම්...........පුදුමයි නේද ටේටේ මං ගැන..........
                ඉතින් ඔයාට ප්‍රශ්න තියෙනෝද ප්‍රශ්න ..............තීනෝනම් අහන්න.......ඔන්න දැන් ඔබේ වාරය................😊😊"

📌️ටේහියුන්ග් :: "අහ්හ්හ්හ්ම්ම්ම්ම්.............නෑ........මං හිතන්නෙ මටත් ප්‍රශ්න නෑ............"

📌️ජන්කුක් :: "ඔයාට ප්‍රශ්න තිබ්බත් කමක් නෑ ටේටේ.මං කියන්නේ ඔයා ඒව විසදගන්න කලින් ගිහින් වොෂ් දාන් එන්න.....😁😁ඔයා ළඟ හඩු ගඳයි.......😅😅අර .......මේ.......අපේ ටැනියා සුවදයි ඔයාට වඩා.........😂😂"

📌️ටේහියුන්ග් :: "යා.........ජන්කුක් මං ළඟ කොහෙද ගඳ ...........🤨මං මලක් වගේ සුවදයි.....🌹🌹මලක් වගේ........🌹🌹හුම්....ආ.....නැද්ද ¿¿¿¿¿¿¿
කමක් නෑ මං ආවෙ කොහොමත් වොෂ් දාන්න යන්න තමා....මං යන්නම් ඒනම්.😁😁"

ටේහියුන්ග් එතැනින් නැගිට දොර දෙසට ඇවිදන් ගියේ හිතට දැනුනු සැහැල්ලුවත් එක්කමයි.ඒත් එක්වරම ටේහියුන්ග් සිටි තැනම නතර වී නැවතත් පිටුපස බැලුවේ ජන්කුක්ගේ කටහඩින් .

📌️ජන්කුක්  :: " ටේටේ ..........මට මගේ ආදරේ හොයාගන්න බැරි උනාට දුක නෑ.ඔයා දන්නවද මට වැඩියෙන්ම දුක හිතෙන්නෙ මොනා වුනාමද කියලා.......????????........"

📌️ටේහියුන්ග් :: "........?.?.?........."

📌️ජන්කුක් :: " හ්ම්ම්......ටේටේ මට වැඩියෙන්ම දුක හිතෙන්නෙ ඔයාගෙ ආදරේ ඔයාට නොලැබුනොත්.ඒ මොකද දන්නවද ........ඔයා ආදරේ කරන කෙනා ඔයා ළඟම ඉද්දිත් ඔයාට ලබාගන්න බැරි වුන නිසා.
               ඔයා එයාට කියන්න ඔයාගෙ හිතේ තියෙන දේ බය නැතුව.මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයා ඔයාගෙම වෙන්න කියලා..........
Fighting........you can do it tae tae.......💪💪"

      ජන්කුක් තම හාවෙකුගේ වැනි දසන් විහිදා හුරතල් ලෙස සිනාසෙන අයුරු මද වෙලාවක් බලා සිටි ටේහියුන්ග් පෙරලා සිනාවක් ජන්කුක් වෙතද යොමුකලේ හිතේ කොනකින් නැගෙන වේදනාව ආයාසයෙන් මැඩගනිමින්.

-......"අනේ දෙවියනේ මගේ ජන්කුකීට එයාගේ ආදරේ ගෙනත් දෙන්න.එයාගෙ හිතට ඔච්චරම වේදනාවක්,ඔච්චරම දුකක් දෙන්න එපා."......-
            ටේහියුන්ගේ හිත ඒ අතරම මහ හයියෙන් මොර ගෑවෙ ඔහුගේ දෑස්ද කෙමෙන් කෙමෙන් කඳුලින් පිරී යද්දියි.

                         *********

Choi Inha p.o.v.

         "...........හම්මෝ.........."

මං මගේ අතේ තිබුණු බෑග් ඔක්කොමත් ඇද උඩට අතාරින ගමන් එහෙම්මම ඇඳට වැටුනේ මට අද පුදුම මහන්සියක් දැනුනු නිසයි.😥😥
     අද දවස ඇතුලත පහුගිය සතියෙ මට මගෑරුනු වැඩ ටික ඉවර කරල දාන්න තිබුනා.ඒක නිසා මගෙ මුලු ඇගටම මහන්සියි.අර අද දැකපු Mr.Kim ගැන දවස පුරාම හිත හිත ඉදලා මගේ හිතටත් මහන්සියි.ගතටයි හිතටයි දැනෙන මහන්සිය මදිවට අර Yurin නිසා මට මගෙ මුලු room එකම  අස් කරන්නත් වුනා.ඒකට එහෙ මෙහෙ දුවලම මගේ අඬු ටිකත් රිදෙනවා.

           "අහ්හ්හ්හ්...............අදනම් මට බෑ උයන්න.හයියෝ...........හිටගෙන ඉන්නත් බෑ කකුල් දෙක රිදෙනවා.ආහ්..........ඒ වුනාට බඩගිනීනේ............මොනාහරි ඕඩර් කරනවද......¿¿¿.......ඔව්....ඔන්න ඔහේ අද විතරනේ.......අද මොනාහරි කඩෙන් කනවා........"

මං එහෙම හිතන ගමන්ම මගේ phone එක අතට ගත්තේ කෑම මොනාහරි ඕඩර් කරන්නයි.

                 "ඈහ්හ්හ්.........Mr.Kim ගෙන් reply එකක්.ආහ්.......එයා මට reply තුනක්ම එවලා. ආහ්හ්හ්හ්.......ෂිට්........මං මේ කෙහෙල්මලේ  නොටිෆිකේෂන් sound අඩු කරලනේ........"

මට ඉබේම කෑගැස්සුනේ phone එක අතට ගත්ත ගමන්,Mr.Kim ගේ number එකෙන් messages තුනක්ම ඇවිල්ල තියෙනවා දැකලයි.

Kim Taehyung p.o.v.

           මං කුකියගෙන් සමුඅරන් කොරිඩෝ එක දිගේ ඇවිදන් ගියේ ,කොරිඩෝ එක කෙලවරේම තිබුණු මගේ කාමරේටයි.මං දිගින් දිගටම කල්පනා කලේ ජන්කුක් ගැනයි."ඇත්තටම  මෙච්චර කාලයක් අපිත් එක්ක එකට හිනාවෙලා ,අපිවත් හිනා ගස්සපු ,කිසිම දෙයක් ගාණක් නැති විදිහට ජොලියෙ හිටපු ජන්කුක් ,ඇත්තටම එයාගෙ ඇතුලෙ කොච්චර රහස් හැන්ගිලා තිබිලද???? අපි එයා ගැන හොයල බැලුවෙ නැද්ද ¿¿¿¿¿¿¿ ඒකද අපිට නොතේරුනේ එයා ඉන්නේ හිත ඇතුලෙන් ගොඩක් වේදනාවෙන් කියලා.නැත්නම් එයා අකමැතිද අපි ඒ ගැන දැනගන්නවට.ඒත්......නෑ....එහෙම වෙන්න බෑ.......ජන්කුක් මට නොකියන දෙයක් නෑ.ඒකනේ එයා මෙච්චර කාලෙකට කිසිම හියුන්ග් කෙනෙක්ට නොකියපු ඒ දේ මට කිව්වේ.අනේ මට මොනවද කරන්න පුලුවන් එයා වෙනුවෙන්........."
මම එහෙම හිතන ගමන්ම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියේ වොෂ් එකක් දා ගන්න හිතාගෙනයි .
               
                එවෙලේ නිකමට වගේ phone එක අතට ගත්ත මං දැක්කේ Inha ගෙන් මට message එකක් ඇවිත් කියලයි.
               මෙච්චර වෙලා එක එක දේවල් හිතමින් හිටිය මට ඒ හැම දෙයක්ම ක්ෂනිකව අමතක වෙලා ගියේ හිරු දුටු පිනි වගේ කිව්වනම් හරි.
                 ඉක්මනින්ම message එක  view කරපු මම ඒක කියවන්න ගත්තේ හිත පුරා විහිදී ගිය සතුටත් එක්කමයි.

      ".......ආආහ්හ්හ්.......හෙට,Grand Hyatt hotel එකට......ඒකත් රෑ 7 ට .......මේක නිකන් dinnerout එකකට වඩා ඩේට් එකක් වගේනෙ.😍😍කමක් නෑ....ඒකත් හොඳයි.ඉක්මනට දාන්න ඕනි reply එකක් නැත්නම් හිතයි මං අකමැතී කියලා...........😁😁"

******************************
A/N

Hi readers,🙏
ඔන්න දුන්න දිග chapter එකක්.
මොකෝ වෙයි කියලද හිතන්නෙ අපේ කුකීයි ටේටේයි දැනගත්තොත් ඒ දෙන්නම මෙච්චර වෙලා කතා කලේ එකම girl ගැන කියලා.🙄🙄
කට්ටිය එහෙනම් අදහස් කියාගෙනම යන්නකෝ..........😁
වෙනදා වගේම මගේ කතාව කියවන ,vote කරන,comment කරන ඔයාල හැමෝටම ගොඩාක් තැන්කූ ...........ගොඩාක් ආදරෙයි.😘😘😘😘😘😘😘😘
ඒනම් vote එකක් comment එකක් දාගෙනම යන්න.💕👋👋👋

..................❤️/💔.................


Love U all 😘

         

Seguir leyendo

Tambiรฉn te gustarรกn

398K 24.2K 83
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
133K 874 14
collection of stories .
191K 6.8K 96
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
184K 3.8K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...