โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

By _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... More

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”

267 83 17
By _TaeKitty_


Choi Inha p.o.v.

         මං ඒ කෙනා ළඟට ළං වෙන්න පියවර කීපයක් වගේ කෙටි දුරක් තියෙද්දී ඒ කෙනා එක පාරටම මගේ පැත්තට හැරුණා.එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය විදිහ දැක්කම මාව එතනම ගල් වුනා.එයාගේ මූනෙන්ම පිටතට පේන්න තිබුනේ ඇස් දෙක විතරක් වුනේ එයා මාස්ක් එකක් දාගෙන මූන වහගෙන හිටපු නිසයි.
              
             ඒත් ඒ ඇස් දෙක....ඔව්.....ඒ ඇස් කටින් කතා කරන වචන දහස් ගාණකට වඩා මගේ ඇස් එක්ක දොඩමලු වුනා.මට දැනුනේ එයාගෙ දිලිසෙන , දිග ඇස් ,මාත් එක්ක මගේ හිතත් එක්ක ගොඩක් දේවල් කතාකරනවා වගෙයි.මගේ හදවත වෙනස්ම රිද්මයකට ගැහෙන්න ගත්තේ මීට කලින් කිසිදු දවසක අත් නොවිදි අමුතුම හැගීම් ගොන්නකින් මාව යටපත් කරමින්.මට නොදෙවෙනි විදිහට එයත් මං දිහා බලාගෙන හිටියේ ගල් වෙලා වගෙයි.මං හිතන්නේ මට වගේම එයාටත් ඒ මොහොතින් මිදෙන්න ඕනි වුනේ නෑ.

       මොකක්ද මේ අමුතු හැඟීම...මීට කලින් කවදාවත් කවුරු ඉස්සරහවත් නොදැනුනු මේ නුපුරුදු හැඟීම මොකක්ද.......කිසිම පිරිමියෙක් හමුවේ  නොදැනුනු,ජීවිතේට දැකල නැති ,මුලින්ම අද දැකපු මේ කෙනා වෙනුවෙන් මගේ හිත ඇතිවුණු මේ සිතුවිල්ල මොකක්ද....ඇයි මගේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නේ.....ඒ ඇස් වලට තියෙන අමුතු ආකර්ෂණය මොකක්ද.....බැරිවෙලාවත් මගේ හිත එයාට කැමතී ද.......මුලින්ම දැකපු ගමන්ම ඇතිවුණු මේ හැගීමට කියන්නේ ආදරේ කියලද.....ඒත් කවදාවත් දැකලවත් නැති තත්පර කිහිපයකට කලින් හමුවුනු හරියට මූනවත් බලාගන්න බැරි වුනු කෙනෙක් වෙනුවෙන් මගේ හිතේ ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද.....මේ ලෝකේ කවුරුත්ම ඒ විදිහට ආදරේ කරන එකක් නෑ......නෑ ඒක ආදරේ නෙමේ.....ඒත් ඒ ඇස් ඇයි මාව මෙච්චර නොසන්සුන් කරන්නේ......
          හිතේ දහසකුත් ප්‍රශ්නයි දහසකුත් උත්තරයි එකින් එක තෙරපෙද්දී මං ආයේම ඒ ඇස් වල හිර වෙලා...අතරමංවෙලා....
            තත්පර කිහිපයකට වඩා බලාගෙන හිටියේ නැති උනත් මට දැනුනේ මං එයා දිහා පැය ගාණක් බලන් හිටිය වගේ.සියුම් ලැජ්ජාවක් දැනුනත් ආයාසයෙන් සී සීකඩ විසිරිලා තිබුණු මගේ හිත මං එකතැනකට ගත්තේ එයාගේ ඇස් වලින් මිදිලා එහා පැත්ත බලන ගමන්.
              එයාගේ ඇස් දිහා ආයේ නොබලන්න ප්‍රවේසම් වුනු මම උගුර පාදලා කතා කරන්න පටන් ගත්තේ එයා ආපු කාරණය දැනගන්න අදහසිනුයි.

Kim Taehyung p.o.v.

     මං එක පාරටම ඇස් දෙකත් ලොකු කරගෙන පිටිපස්සට හැරුණේ,ඒ පැත්තෙන් ඇහුනු සපත්තු සද්දයක් නිසා.   

 
      ඔව්........මං එවෙලෙ දැක්කේ එයාව........ 
දැකපු මොහොතෙම මගේ හදවත හොරකම් කරපු ,මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටිය එයාව.අපි දෙන්න අතර පියවර කීපයක් වගේ කෙටි දුරක් ඉතිරි වෙන තරමටම එයා මං ගාවට ඇවිල්ලයි හිටියේ.ඒත් මගේ හදිසි ප්‍රතිචාරයත් එක්කම එයා එතනම ගල් වෙලා වගේ මගේ දිහා බලගෙන හිටියේ ඉස්සරහටවත් පිටිපස්සටවත් මදක් හෝ චලනය වෙන්නේ නැතිවයි.
            ඒ ඇස් අතර මං මටත් නොදැනිම අතරමං වුනේ,එයාගේ ඒ ලස්සන ඇස් දෙක ඇතුලේ නිර්මානය වෙන කැඩපතෙන්  හැමදාටම මට,මාව විතරක්ම දැකගන්න ලබෙනවනම්,එය කෙතරම් දෙයක්දැයි සිතමින්.එයාගේ ලස්සන මූනේ තිබුනේ ලස්සන විතරක්ම නෙමෙයි කියලා මට තේරුණේ ඒ ඇසුත් මගේ ඇස් වලින් මිදෙන් නැතුව මා දෙසම බලා සිටි අතරවාරයේදීයි .එයාට තිබුනේ අවංක ප්‍රතාපවත් ලස්සනක් බව මට හැඟුණේ එයාගේ මූනේ හැම අඟලක් පාසාම මගේ ඇස් දෙක දුවද්දියි.වෙන ගැහැනු ළමයින්ගේ තුල නොවන ගැඹුරු ,පිරිසිදු, අවංක,විමසුම්සහගත බැල්මක් එයාගේ ඇස් වලින් විහිදුනේ මාව ඒ බැල්මෙන් විනිවිද දකිමින්.මාත් ඊට නොදෙවෙනි බැල්මක් ඒ වෙත යොමු කරේ ,එදා රාත්‍රියේ දැකපු හැඩුම්බර තරුණිය කෙතරම් ලස්සන කෙනෙක්ද යන්න මගේ හිතට දැනෙන්න ඉඩ හරිමින්.
     එයා මගේ ඇස් දිහා බලන් හිටියේ ගොඩක් පුදුමයෙන් බව පිටතට දිස් වුනත් මගේ හදවතට දැනුනේ එයත් ඒ මොහොතින් මිදෙන්න අකමැති බවකුයි.
            ඒ ඇස් සදහටම මගේම වෙනවනම් ,මගේ විතරක්ම වෙනවනම් ,ඇත්තටම මට එයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන්.ගතිගුණ ,හිතන පතන විදිහ,හැසිරීම ,මං මේ කිසිම දෙයක් එයා ගැන දන්නේ නෑ.මීට කලින් දැක්කෙත් එකම එක පාරයි.ඒත් මං දන්නව එයාව ආයෙම දකින්න මගේ හිත ගොඩාක් මග බලන් හිටියා.මගේ හදවත ගොඩාක්ම බලාපොරොත්තු වුනා ඔයාගේ රූපය.මං දන්නව කාටවත් බෑ නොදන්න නොහදුනන කෙනෙක්ට ආදරය කරන්න,විශේෂයෙන්ම මං වගේ කෙනෙක්ට.ඒත් මං පොරොන්දු වෙනවා........ඒ හැම බාදාවක්ම මං නැතිකරලා දානවා....ඔයාව මං ළඟට ගන්න..මගේම කරගන්න...
          ඇත්තටම ඔයා මං එදා දැකපු විදිහට වඩා ඔය විදිහට කොච්චර ලස්සනද....ඒත්...ඒත් ඒ ලස්සනට පිටිපස්සෙන් ඔය හිනාවෙන අවංක  ඇස්වලට පිටිපස්සෙන් ඔයා ඉන්නේ කොච්චර වේදනාවෙන්ද?ඇත්තටම ඔයා එදා අර විදිහට වේදනාවෙන් හිටියේ තාවකාලික දුකක් නිසාද?එහෙමත් නැත්නම් ඒක ඔයාට සදාකාලයටම වේදනා දෙන දුක්ඛිත මතකයක්ද?
          ඒ කොහොම වුනත් ඔයාගේ ඔය හදවත සදහටම  මගේම වෙනවනම්,මං ඔයාගේ හිතට කිසිම දුකකට ළං වෙන්නවත් දෙන්නේ නෑ.මේ ඇත්තමයි.ඒක kim taehyung ගේ පොරොන්දුවක් .කිසිම දවසක වෙනස් වෙන්නේ නැති සදාකාලික පොරොන්දුවක් .

එයාගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉන්න ලැබිච්ච ඒ තත්පර  කිහිපයේ මං කොච්චර දේවල් හිතලද කියලා මට තේරුණේ ,මගේ ඇස්වලින් එයා,එයාගේ ඇස් මුදවගත්ත වෙලාවෙයි.ඉක්මනින් අහක බලාගත්ත එයා,එයාගේ උගුර පෑදුවේ මූනේ තිබුන කලබලකාරී නොසන්සුන් පෙනුම ක්ෂනිකව අතුරුදන් කර ගනිමින්.
බැරෑරුම් විදිහට මගේ දිහා බලපු එයා නිතරම මගේ ඇස් මගාරින්න උත්සාහ කරන බවකුයි මට පෙනුනේ.ඒත් එක්කම මට ඇහුණේ එයාගේ හීනි කටහඩයි.

📌️"Excuese me mr.,ඔයා වෙන්න ඕනි මාව හම්බවෙන්න ආවා කිව්වේ...."

එයා එයාගේ පලවෙනි ප්‍රශ්නේ මා හමුවේ තැබුවත් ,මට දැනුනේ එයා නිතරම මගේ ඇස් මගහරින්න විශාල උත්සහයක යෙදෙමින් සිටින බවකුයි.ඒත් මට ඕනි වුනේ නෑ ඒයාගේ  ඇස් මගාරින්න....මට ඕන වුනේ එයාගේ ඇස් තුලිනුත් ආපහු මාවම දකින්නයි.
ක්ෂණිකව එයාගේ පැත්තට නැමුණු මං මගේ ඇස් දෙක ආයෙම ලොකුකරගෙන එයා දිහා බලලා කතා කරන්න පටන් ගත්තේ මද සිනහවකින් මූන සරසගෙනයි.

      "ඇත්තටම මං මේ ආවේ ඔයාට පොඩ්ඩක් caring වෙන්න කියලා යන්නයි.ආ.....ඒ වගේම තව දෙයක් දීලා යන්නයි.......
මං හිතන්නේ මේක ඔයාට ගොඩක් important දෙයක්."

             මං එහෙම කියන ගමන් එයාගේ පැත්තට දික් කලේ එයාගේ ID එකයි.ඒක දිහාවෙ තත්පර කිහිපයක් පුදුමෙන් බලාගෙන හිටපු එයාගෙ මූනේ ඇඳුනේ දගකාර සිනා රැල්ලක්.ඇත්තටම එයාගෙ ඒ හිනාව හරියට ගැහෙන් නැති හදවතකට දීපු රුධිර සැපයුමක් වගෙයි මට දැනුනේ.ඒ හිනාව දැකපු මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියේ මාව තවත් එයාට ආකර්ෂණය කර ගනිමින්.

📌️"හනේ........මං කොච්චර හෙව්වද මේක......ඇත්තටම ඔයාට ගොඩක් ....ගොඩාක්ම ස්තූතියි.thankyou...thankyou very much...."

හිනාවෙන ගමන්ම වයින් කරපු බෝනික්කෙක් වගේ එයා වේගෙන් කියෝගෙන කියෝගෙන ගියේ හිස නවමින් මට ආචාර කරන අතරෙමයි.

"Ooohhhhh.....It's nothing....."

මං යන්‍තන් ගැට ගසාගත් වචන ටිකක් එයා හමුවේ තිබ්බේ ,එයා දිහා බලාගෙන ඉන්නකොට මට කතාකරන්න වචනවත් මතක් නොවුණු නිසයි.

📌️"ඕ....එහෙම බෑනේ...ඔයා දන්නවද ඔයා මට කලේ කොච්චර ලොකු උදව්වක්ද කියලා?......ඇත්තටම මේකට ස්තූති කරල විතරක්  හොදටම මදී.කැමතිනම් ඔයා යමුද මාත් එක්ක කොෆී එකක් බොන්න.මේ ළඟම තියෙනවා හොද කැෆේ එකක්.ඕනි දෙයක් ගන්න....ඒකත් මං ගානේ...."

එයා එහෙම කිව්වේ එයාගේ ලස්සන දත් ටික පෙන්නලා මාත් එක්ක හිනා වෙන ගමනුයි.............

*********************************

A/N

මොකෝ හිතන්නේ අපේ ටේටේ යයිද...…………¿¿¿¿¿¿¿🤔🤔🤔ඒක ඉතින් ඊලඟ chapter එකෙන් තමා...😁
ඉතින් වෙනදා වගේම කතාව කියෝන ඔයාලා හැමෝටම ගොඩ ගොඩාාාාක් ආදරෙයි.....❤️........ගොඩ ගොඩාාාාක් තැන්කූ ......😘😘😘😘
එහෙනම් vote එකක් comment එකක්  දාගෙනම යන්න...👋👋👋

.....................❤️/💔....................


Love U all 😘

Continue Reading

You'll Also Like

80.1K 2.3K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...
659K 21.6K 80
Follow the story of Cathy Potter as she and the entire school of Hogwarts sees what their future has in store for them... Best Rankings: #3 - Lily Ev...
784K 29.1K 97
๐€ ๐’๐Œ๐€๐‹๐‹ ๐…๐€๐‚๐“: you are going to die. does this worry you? โช tua s1 โŽฏโŽฏโŽฏ 4 โซ ยฉ ๐™ต๐™ธ๐š…๐™ด๐™ท๐š‡๐š๐™ถ๐š๐™ด๐™ด๐š…๐™ด๐š‚...
283K 13.6K 92
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...