โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

By _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... More

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”

390 95 30
By _TaeKitty_

Kim Teahyung p.o.v.

"මං හිත නිදහස් කරගන්නයි කියල එලියට ආවට මොකද දැන්නම් ආව එකේ මෝඩකම කියලා හිතෙනවා.මං මුලු මූණම වහගෙන හිටියත් පාරේ යන කෙල්ලෝ මගේ දිහා බලන්නේ හරියට මස් කට්ටක් දිහා බලන පූසෝ සෙට් එකක් වගේ.ඔව් ඉතින් මූන වහගත්තා කියලා නෑනෙ...මං ඉතින් කෝමත් හැන්සම් කොල්ලනේ....." ආඩම්බරකම මුසු වුනු සියුම් හිනාවක් මගේ මූනට අරූඩ කරගත්තු මන් එහෙම හිතුවා.

"ඒත් එපා වෙනවනේ මේම වෙනකොට අප්පා......මේ කෙල්ලොන්ට හිතෙන් නැද්ද දන්නෑ ඕම බලනකොට මට ලජ්ජයි කියලා."මට එහෙම හිතුනෙ පාරේ හිටිය කෙල්ලො දෙන්නෙක් කටත් ඇරගෙන මගේ දිහා බලන් හිටිය හැටි දැකලා.එයාලගේ අතේ තිබ්බ ice cream මුත් දියවෙලා එයාලගේ සපත්තු උඩට වටෙනවා."කෝ ඉතින් ගානක්වත් නෑනේ.පව් ඉතින් අසරණ ජීවිත...."
මන් එහෙම හිතන ගමන් කල්පනා කලේ මොකද දැන් කරන්නේ කියලා.....එතකොටම මට මතක් වුනේ පරණ පාර්ක් එක.ඒක දැන් වහල දාලා තිබ්බත් මං ඒ තැනට හැමදාම ආස කලා,ආදරේ කලා. අවුරුදු හත අටකට කලින් ඒ කියන්නේ අපි idol හීනේ හැබෑකරගන්න පුහුණු වෙන කාලේ ,විවේකයක් හම්බුණ ගමන් අපි හත්දෙනාම ගියේ එතෙන්ට.ඒ පාර්ක් එකට තිබුණේ පුදුම විදිහට හිත නිවන්න පුලුවන් වටපිටාවක් කිව්වොත් හරි.....කාලෙකින් පාර්ක් එකට යන්න බැරිවුනත් මට තාම මතකයි ඒ කාලේ අපි කරපු පිස්සු වැඩ.පොඩි එව්වො වගේ ඔන්චිල්ලාවට නගින්න රණ්ඩු කරපු හැටි,එපා වෙනකන්ම එහා පැත්තේ කඩෙන් අයිස්ක්‍රීම් කාපු හැටි...මට මතකයි දවසක් ජිමිනා ඔන්චිල්ලාවකින් වැටුණත් එක්ක....


කොච්චර ලස්සන කාලයක්ද ඒ.......පරණ මතක මතක් වෙලා මට හිනා ගියේ නිකන්මයි.
"හරි ෂෝක් ඒ කාලේ...." මං මටම කියාගන්න ගමන් පරණ පාර්ක් එකට යන පාර දිගේ අවිදන් යන්න පටන් ගත්තේ සුන්දර මතක ගොඩකින් හදවත පුරෝගන්න ගමන්.......

Choi Inha p.o.v.

මගේ ඇස් දිගටම අඩමින් හිටියත් මට ඒක ගාණක් වුනේ නෑ.මන් ඒ කදුලු මගේ නොවන ලෙස ,හැගීම් නැත්තෙකු ගානට ඉස්සරහ බලන් හිටියා.මගේ ලගින් යන මිනිස්සු මන් දිහා බැලුවේ අගහරු ලෝකෙන් ආව කෙනෙක් දිහා බලන විදිහට .මිනිස්සු මන් දිහා බලන විදිහ ,මන් ගැන කියන දේවල් ගැන මන් කවදාවත් සැලකිලිමත් නොවුනත් අද මට දැනුනේ ඒ කතාවලින් ,ඒ බැල්මවල් වලින් මාව පිච්චෙනවා වගේ.මට කාගෙහරි උනුහුමකට ගුලිවෙලා අඬන්න ඕනි වුනා,කා එක්කහරි මගේ දුක ,දැනෙන හැගීම් කියන්න ඕනි වුනා.ඒත් මේ මොහොතේ මන් තනි වෙලා,මන් ළඟ කවුරුත්ම නෑ .සිත නොයාකාරයේ සිතුවිලි වලින් තෙරපෙද්දී මං එහෙමම නැගිට්ටේ මේ කලබලකාරී වටපිටාවෙන් මිදෙන්න මට දැඩිව ඕන වුනු නිසායි .මගේ ජීවිතේම වුනේ මේ hospital එක.මට සහනයක් දැනුනනම් දැනුනේ මෙතනදී විතරමයි.මං ,මං මේ වැඩකරන hospital එකට ඇත්තටම ආදරය කලා,ගොඩාක් ගෞරව කලා .ඒත් මට අද ,මං ගැනම පුදුමයි.මොකද කියනවනම් අද මන් වැඩිපුරම ඉන්න ආස කරපු තැන ඉන්න එක මටම එපා වෙලා.
Hospital එකෙන් එලියට ආපු මං එහෙ මෙහෙ ඇස් යැව්වා."දැන්නම් හවස හතරට විතර ඇති."මම හිතින්ම වේලාව නිශ්චය කරගත්තේ අත බැදි අත් ඔරලෝසුව දෙස හෝ නෙත් යොමා බැලීමට මට අවශ්‍ය නොවූ නිසයි.මන් ඔහේ ඇවිදන් යන්න පටන් ගත්තා.අඩියෙන් අඩිය ඉදිරියට ඇවිදන් යනකොට මට මගේ අතීතය මතක් වෙන්න ගත්තේ මට වත් හිතා ගන්න බැරි විදිහටයි.ඒත් මට ඒක වලක්වන්නට උවමනා වුණෙත් නෑ.
මන් චූටී කාලේ සතුටින් හිනා වෙලා හිටපු කාලේ,ඒ කාලෙ ඇත්තටම ගොඩාක් ලස්සනයි .මගේ මතකයක් විදිහට සුන්දර වුනේ ඒ කාලේ විතරමයි .ඊට පස්සේ දිගටම තිබුණේ දුක.....දුකම විතරයි.මේ දේවල් පටන් ගත්තේ එදා....එදා අම්මේ.....ඔයා තාත්තගේ වැරදි නිසා ,මාවත් දාලා යන්නම ගියපු එදා අම්මේ....මං ....මං ...කොච්චර ඔයාව හෙව්වද අම්මේ?මන් හිත හදාගත්ත මට තාත්තා ඉන්නවනේ කියලා හිතලා.ඒත්...ඒත්...එදා කුඩම්මව තාත්තා එක්කරගෙන ආපු දවසෙ ,මට අද වගේ මතකයි එදා,මට දැනුනු හැගීම.මට හිටිය එකම අයිතිය ,මගේ තාත්තා ....මට එයාව නැති වුනා.එදායින් පස්සේ ,දුකෙන් හිටිය මගේ ජීවිතේ අපායක් වුනා කිව්වොත් හරි.කුඩම්මගේ දුව ,එයා මට වඩා අවුරුද්දක් බාල වුනත් එයා මට සලකපු විදිහ.මට කරපු නපුරුකම් .......මට ඒ එකින් එක මතක් වෙද්දී මට දැනුනේ මගේ ඇස් ආයෙම තෙත් වෙනවා වගේ.මාව ඒ අපාගත ජීවිතයෙන් මුදව ගත්තේ ඒ ආදරණීය ඇස්. ඔව්...ඒ මගේ සීයා.එයා මාව තාත්තලාගේ ගෙදරින් එක්කන් ආවා ,එයා ළඟට .මට හොඳට ඉගැන්නුවා .මගේ තාත්තට කොච්චර සල්ලි තිබුණත් එයා ළඟ මං වෙනුවෙන් ආදරය තිබුනේ නෑ. නෑ....සමහරවිට එයා ළඟ ආදරය තියෙන්න ඇති.....නැත්නම් එයා මට තවමත් ආදරේ ඇති.ඒත් තාත්තට පුලුවන් කමක් තිබුනේ නෑ මට ඒ ආදරේ දෙන්නවත් ,අඩුම තරමේ පෙන්නන්නවත්.මට ආදරේ දුන්නේ මගේ සීයා.මගෙත් එකම බලාපොරොත්තුව ,රැකවරණය වුනේ සීයා.ඒත් අද ඒ අත්වැල මාව දලා යන්න අවසර ඉල්ලනවා,මගෙන්ම.මන් කොහොමද දෙවියනේ දරාගන්නේ මේ දේවල් ....අවුරුදු ගාණක් ආපස්සට ගිහින් තිබුණු මගේ මතකය ආයෙත් වර්තමානයේ.මට ආයෙම කෑ ගහලා අඬන්න ඕනි වුනා.මට මතක් වුනේ එකම තැනයි.ඒ තැන තමා මගේ පුංචි කාලේ ලස්සන මතක ගොඩක් හැන්ගිලා තිබුනේ.මගේ කකුල් මටම අවනත නොවෙමින් ඇවිද්දේ එතනට.ඒ නිස්කලංක පරිසරයට....ඒ ලස්සන පාර්ක් එකට .....

Kim Teahyung p.o.v.

පාර්ක් එක ලගටම ගිය මම ඒකේ වහල තිබුණු මල බැදුනු ගේට්ටුව දිහා බලාගෙන කල්පනා කලේ කාලය මොනතරම් දේවල් වෙනස් කරලද කියලා.පාර්ක් එකේ තිබුණු අබලන් වෙච්චි ඔන්චිල්ලාව දිහා බලන් හිටිය මට ඇතිවුනේ ,ආයේම ඔන්චිල්ලාවේ වාඩිවෙලා උඩට...උඩට....ඒක පදින්න බොලඳ ආසාවක්.කාලය මොනතරම් දේවල් වෙනස් කරල තිබ්බත් මගේ ළදරු මානසිකත්වෙනම් ඒ විදිහම බව සිහිපත් කරමින් මම මල බැදුනු ගේට්ටුව විවර කරමින් පාර්ක් එක තුලට පිවිසුණා.


ඔන්චිල්ලාවේ වාඩිවෙන්න ඕන වුනත් මට කොන්ද කඩාගන්න ආසාවක් නොතිබුණු නිසා මම එහෙමම ඔන්චිල්ලාව දිහා බලාගෙන එත්න තිබුණු බෙන්ච් එකෙන් වාඩි වුනා.

මගේ ඇස් ඉස්සරහ අපේ පැරණි මතක මැවි මැවි පේන්න ගත්තා.අපි කොච්චර නිදහසේද හිටියේ ඒ කාලේ.දැන් වගේ අපේ වටේ ගොඩාක් fans ල,haters ල,පත්තර වාර්තා කාරයෝ ඒ කාලේ හිටියේ නෑනේ.පාර්ක් එකේ සිව් දිසාවටම ඇස් යැවුව මට හිතුනේ මෙතන පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ කියලා.ඒ සුන්දර ,සිත් ඇදගන්නා ආදරණීය පරිසරය තවමත් ඒ විදිහටම මෙතන තියෙනවා.අඩුවකට ඉන්නේ මගේ පිස්සු සහෝදරයෝ හය විතරයි .දිග හුස්මක් ඉහළට ඇදගත් මන් ,මගේ සුන්දර අතීතයෙන් එලියට ආවා.ඒත් අතීතයෙන් එලියට ඇවිත් වර්තමානෙට ආවා විතරයි මට දකින්න ලැබුණේ කීයටවත් බලාපොරොත්තු නොවුණු විදිහෙ සිදුවීමක් කිව්වනම් හරි.

***************************
A/N

මන් අද දිග chapter එකක් දෙනව කිව්වට දුන් නෑනේ.😁තරහ වෙන්න එපා හොදේ.....😘කතාව කියවන,ඒකට ආස අය ඉන්න එක ගැන නම් මට ගොඩාක් සතුටුයි......💓💓ඔයාලා හැමෝටම තැන්කූ මේක කියෝනවට.ඉතින් මන් අදත් කියනව මගේ වැරදි තියෙනවනම් කියන්න.එහෙනම් vote එකකුයි comment එකකුයි දාගෙනම යන්න.

.........❤️/💔.........

Love u all 😘

Continue Reading

You'll Also Like

2M 57.2K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
118K 2.1K 47
Alexis Piastri is Oscar Piastri's older sister. After feeling unfulfilled with her life, Alexis decides to drop everything to take a gap year and joi...
202K 3.4K 171
@brandolover21 on tiktok not proof read, sorry if there's any mistakes <3
1M 32.7K 78
"๐™พ๐š‘, ๐š•๐š˜๐š˜๐š” ๐šŠ๐š ๐š๐š‘๐šŽ๐š–! ๐šƒ๐š ๐š˜ ๐š•๐š’๐š๐š๐š•๐šŽ ๐š—๐šž๐š–๐š‹๐šŽ๐š› ๐š๐š’๐šŸ๐šŽ๐šœ! ๐™ธ๐š'๐šœ ๐š•๐š’๐š”๐šŽ ๐š๐š‘๐šŽ๐šข'๐š›๐šŽ...๐š๐š˜๐š™๐š™๐šŽ๐š•๐šรค๐š—๐š๐šŽ๐š›๐šœ ๐š˜๐š ๐šŽ๐šŠ๐šŒ๐š‘...