💫IT'S OUR FATE💫
~4th chapter ~❤️
#2020.03.06#
🌸🌸🌸🌸🌸🌸🌸
~ mashi pov ~
අපිව ඇතුලට ගත්ත කෙනා එතකොට ජින්ද? ජින්ට හොදටම හිනා. එයා මාස්ක් එක ගලවල අතින් මූන වහන් හිනා වෙනව අපි හොටු පෙරන් අඩනව
ජින්ගෙ ලස්සන දෙවියනේ ඇත්තටම එයාට world wide handsome කියන එකේ වරදක් නැහැ එයා tv එකේ ඉන්නවටත් වඩා ඇත්තට ලස්සනයි
එතකොටම ජිමින් එක්ක අපි ඉදපු තැනට ආපු කෙනත් මාස්ක් එක ගැලෙවුවෙ අපි හැමෝටම කලන්තෙ හදවන ගමන්
ඒ අපි හැමෝම ආදරේ කරපු ටේ ඔප්පා 😭😭
හරිම හුරතල් විදියට හිනා වෙවි එයා තවමත් එතන බිම වාඩිවෙලා ඉදපු වින්ඩි අක්කගෙ අතින් අල්ලල නැගිට්ටවල අපි හැමෝටම annyeong කිවුවා.
අපිට කිසිම දෙයක් කියාගන්න වුන් නෑ...අපි ගොලු වෙලයි ඉදියෙ.හැමෝටම කියාගන්න පුලුවන් වුනේ i love you කියල විතරයි
අපි දන්න විදියට කොරියන් ඉංග්‍රීසි මික්ස් කරල එයාලට කිවුව අපි කොච්චර ආදරෙයිද කියල එයාලට
අපි photos ගන්න හැදුවත් එයාල ඒකට කැමති නොවුනේ ඒකෙන් ප්‍රශ්නයක් වෙයිද කියල දන් නැති නිසා
අපිත් ඒ නිසා එයාලට කරදර කරේ නෑ.හැබැයි අපි එයාලගෙන් sign ගන්න අමතක කරේ නෑ
"අපි දැන් යන්න ඕන හෙට concert එකේදි හම්බුවෙමු annyeong..... "
ජිමිනා එහෙම කියල යන්න හදද්දි ටේ නුයි ජින් නුත් අපෙන් සමුගත්ත
එයාල යද්දිත් සැරින් සැරේ හැරිල අපිට බායි කිවුව.අපි තවමත් ඉදියෙ මොකක්ද වුනේ කියල හිතාගන්න බැරුව... එයාල ඇතුලෙ ප්‍රැක්ටිස් කරනව ඒ කියන්නෙ
•••••••••••••••••••
එයාල ඇතුලට ගියත් අපි එතනම තව ඉන්න හිතුවෙ එයාල ආපහු එලියට ආවොත් කියල.
අපි හැමෝම අතර තිබුනෙ නිහැඩියාවක් විතරයි හැම කෙනෙක්ම ඉදියෙ තම තමන්ගෙ සිහින ලෝක වල.
අපි මෙතනට එද්දි දහවල් 1 විතර වුනත් දැන් වෙලාව සවස පහත් පහුවෙලා.අපි තවමත් ඉදියෙ එයාලව ආපහු එකවතාවක් හෝ දැකගන්න පුලුවන් වේවි කියලයි.
එතකොටම අපි ඉදපු තැනට කෙනෙක් දුවගෙන ආව
"මිස් ඔයාලට ඇතුලට එන්න කිවුව." ඒ කෙනා හතිදාගෙනම කිවුව
"ඇතුලට කිවුවෙ?" මම පුදුම වෙලා එයාගෙන් ඇහුව
"මිස්ලට stadium එක ඇතුලට එන්න කියන්න කිවුව"
අපි හැමෝටම හිතාගන්න බැරි වුනා මොකක්ද මේ කියන්නෙ කියල. කවුද අපිට එන්න කිවුවෙ?
" හරි අපි එන්නම්"
එතනින් එහාට අපිත් මුකුත් ඇහුවෙ නැත්තෙ අපිටත් ඇතුලට යන්න චාන්ස් එකක් ලැබුන එකේ ඒක ගැන මොකටද තවත් හොයන්නෙ කියල හිත හිතමයි
••••••••••••••••••
අපිට රූම් එකක් පෙන්නල පොඩ්ඩක් මේකට වෙලා ඉන්න කියල ඉක්මනටම දුවල ගියා
මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරි උනත් අපිත් ඔන්න ඔහේ ඉදිය
ටික වෙලාවකින් දොරත් ඇරගෙන ඇතුලට ආපු කෙනා දැක්කම අපිට ආපහු හුස්ම ගන්න එක අමතක වුනා
•••••••••••••••••
"ඒ කියන්නෙ ඔයාල තාමත් එලියට වෙලා ඉදිය නේද?මම හිතුව ඔයාල යන්න ඇති කියල"
(මෙතන ඉදන් conversation එක english & korean mix කියල හිතාගන්න😁)
මූන පුරා හිනා වීගෙන ස්ටෙෆී දිහා බලාගෙනම එහෙම කියාගෙන ඇතුලට ආවෙ ජින් ඔප්ප
අපි එහෙමම ඔලුව වැනුව මිසක් කියාගන්න දෙයක් හිතාගන්න බැරි වුනා
"හේයි....මම ඔයාගෙන් ඇහුවෙ"
ජින් එහෙමම ස්ටෙෆී දිහාවට ඇවිත් එයාගෙ මූනටම එබිල කිවුව.
ඇත්තටම ඒ වෙලාවෙ ස්ටෙෆී faint වෙයි කියල අපි බයේ ඉදියත් ස්ටෙෆී හිනා වෙලා ඔලුව වැනුව
"ඔයාල අපේ ෆෑන්ස් ලනෙ අනික මේ ෆස්ට් ටයිම් නිසා මමයි ඔයාලව ඇතුලට ගන්න කිවුවෙ. අපේ අනිත් අයවත් හම්බුවෙලාම යන්න ඉන්න. හැබැයි අපි ප්‍රැක්ටිස් ඉවර වෙද්දි කීය වෙයිද දන් නෑ. පුලුවන් නම් විතරක් ඉන්න"
"නෑ නෑ....අපි ඉන්නම්"
ජින් ඔප්ප එහෙම කිවුවම අපි හමෝම එක සැරේ එහෙම කිවුව
"යමු ඉක්මනට ඔයාව හොයනව"
එකපාරටම කලබලෙන් දොර ඇරගෙන ආපු ජිමින් ජින්ගෙත් අතින් අල්ලන් ඇදගෙන ගියා
යන ගමන් දොර ගාව නැවතුන ජිමින් ශානි ඇගිල්ලක් දික් කරල "මම ආපහු එනකන් ඔහොමම ඉන්න" කියල කට කොනින් හිනාවකුත් දාල ජින්වත් ඇදන් යන්න ගියා.....
.......................................
හැමෝම මාරුවෙන් මාරුවට ස්ටෙෆීය දිහාත් ශානි දිහාත් බැලුවෙ මොකක්ද ඒ වුනේ කියල හිතා ගන්න බැරි නිසයි
"මට කලන්තෙ වගේ ඒයි..." කියාගෙනම ස්ටෙෆී ලග තිබ්බ පුටුවකින් වාඩි වුනා
"මේ ගායිස් ඇත්තටම මේක හීනයක්ද කියන්න මම දන් නෑ ඒත් අපි එයාල ඉස්සරහදී සාමාන්‍ය විදියට හැසිරෙමු" වින්ඩි අක්ක කිවුව
"ඔව් අපි එහෙම ඉමු නැත්නම් එයාල අපහසුතාවෙට පත් වෙනවනෙ" අපි හැමෝම වගේ ඒකට එකග වුනා
••••••••••••••••••
වෙලාව ගෙවිල යන්නෙත් හරි හෙමින් කියලයි අපිට හිතුනෙ.
ආපහු පැය ගානක් යනකන් එයාලව දකින්න ලැබුනෙ නැති වුනත් එයාල ප්‍රැක්ටිස් කරන සද්දෙනම් අපිට ඇහුන
සැරින් සැරේ කීප දෙනෙක්ම ඇවිත් අපිත් එක්ක කතා කරල ගියා.ඒ අතර ඉදපු විශේශම කෙනා තමයි මැනේජර් සෙජින්.
එයත් හුගක් හොද කෙනෙක් කියල අපිට කතා බහ කරද්දිම තේරුනා
"සොරි ඔයාලට ඉන්න කිවුවට මෙහෙම"
රෑ 9ට විතර අපි ඉදපු රෑම් එකට ආපු ජින් එහෙම කිවුව
"ජින් ඔප්ප ඇයි සොරි කියන්නෙ?" ශානි ඇහුවත් ජින් ඉදියෙ මොකක් හරි අවුලක වගේ
"අද අපිට හුගක් රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරන්න වෙනව Sugai ,rm නුත් හොටෙල් එකට ගියා එයාලට ටිකක් අමාරුයි කියල.... ඉතින් සොරි ඔයාලට එයාලව හම්බුවෙන්න වෙන් නෑ.
ජිමිනුත් සොරි කියන්න කිවුව ඔයාලව තියාගන්න වුනාට"
එහෙම කියපු ජින් අවුලෙන් වගේ බිම බලාගත්තෙ ලොකු වරදක් කලා වගෙයි
"ඒකට කමක් නෑ ඔප්ප අපිට මෙහෙම කතා කරපු එක විතරක්ම ඇති" මමත් කිවුව
"ඔයාල හෙට concert එක බලල බැක්ස්ටේජ් එන්න. මැනේජර් සෙජිනුත් දන්න නිසා ඔයාලට එන්න දේවි" එහෙම කියල ජින් රූම් එකෙන් එලියට ගියා
ඇත්තටම අපිට දුක හිතුනත් මේ ලැබුන දේම ඇති නේද කියල අපි හිතාගත්ත
"ඔයා මාව බලන්න හෙට බැක්ස්ටේජ් එන්න හොදද?"
අපි ජින් ඔප්පගෙන් සමු අරන් යන්න හදද්දිම පිටිපස්සෙන් ආපු ස්ටෙෆී නවත්තන් ජින් ඔප්ප කිවුව
"හොදද??.........ඇහුනද?" ජින් ඔප්ප හුරතල් විදියට ආපහු කිවුව
අපි ටිකත් ඈතට වෙලා හිනා වෙවී ස්ටෙෆීගෙ මූන ලැජ්ජාවෙන් රතු වෙන හැටි බලන් හිටිය
🌸🌸🌸🌸🌸
⭕මේක ඇත්තටම වෙන දෙයක් කියල හිතන් කියවන්න ගායිස් 😁 මෙහෙම දේවල් වෙන් නෑ ඉතිං ඒත් හිතමු එහෙම වුනා කියල 😁
Jeon Maknae