🍂 Until The Spring Comes Aga...

YOU_I_97 által

92.9K 16.9K 7.2K

Not every story has a happy beginning🍂 Not every story has a happy ending🍃 Some stories start with happines... Több

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Teaser For You
Chapter 41
Chapter 42
Chapter 43
SPECIAL NOTE
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 50- The Final
Bonus Chapter
EPILOGUE
New Story Update
Gift Chapter 1
Gift Chapter 2
Gift Chapter 3
Author Note

Chapter 25

1.2K 254 56
YOU_I_97 által

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂





උදේ 7ටත් වෙලා.... ජන්කුක්ගෙ හොස්පිටල් රූම් එකේ සෝෆා එක උඩට වෙලා කටත් අැරගෙන නිදි... ජන්කුක් නම් උදේම අැහැරලා.... කොල්ලා අැඳට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනවා.... අැයි ඉතිං වෙන මොනවා කරන්නද අණ්ඩ කඩාගෙනනේ.... කම්මැලි කමට ජන්කුක් දෙතුන් සැරයක්ම ජිමින්ට කතා කලත් ජිමින්ට එ්වා අැහුනේවත් නෑ.... ජිමින්ට බෝම්බයක් ගැහුවත් අැහැරෙන එකක් නෑ... කරන්න දෙයක් නැති කමටම ජන්කුක් ඉතිං කල්පනා කරන්න ගත්තා....

එදා අැක්සිඩන්ට් එක ගැන නම් කොල්ලට මතක් කරන්න ඕනි කමක් තිබුනේ නෑ... මොනවා නැතත් Jeonvi ඊයේ කොල්ලගෙ අත අල්ලන් හිටිය හැටිනං කොල්ලට මතක් වුනා....
දැන් ඉතිං කොල්ලට එ්ක හෙන ප්රශ්නයක්.... නෑ.... නෑ.... කෙල්ල අතින් අල්ලන් හිටිය එක නෙමේ ජන්කුක්ට ප්රශ්නයක් වුනේ අතින් අල්ලලා කම්මුලට තියාගත්ත එක...
දැන් ඉතිං මූ අහස පොලොව ගැටගහන්න වගේ කල්පනා කරනවා. ජන්කුක්ට නිදිමතත් නෑ... කරන්න දේකුත් නෑ.. වෙලාවට කොල්ලගෙ ෆෝන් එකත් නෑ.... කම්මැලිකමේ ඔහේ බලාගෙන ඉන්නවා.....
තවත් පැය බාගයක් විතර යද්දි මුලින්ම හොස්පිටල් රූම් එකට අාවේ Hoseok.....

Hoseok දැක්කේ ජන්කුක් ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා....

" කෝ ජිමින්?? "

Hoseok අැහුවේ ජිමින් පේන්නවත් හිටියේ නැති නිසා.... ජන්කුක් මොකුත්ම නොකියා සෝෆා එක පැත්තට අත දික්කලා...

Hoseok සද්දයක් නැතුවම හොරෙක් වගේ අඩිය තිය තිය සෝෆා එක පැත්තට ගියේ ජිමින්ව බය කරන්න හිතාගෙන... හැබැයි සෝෆා එක ලඟට ගිහින් එබිලා බලද්දියි දැක්කේ ජිමින් කටත් අැරගෙන තාම නිදාගෙන ඉන්න හැටි.... ජිමින්ව බය කරන එක පැත්තකට දාලා Hoseok අාපහු හැරුනේ අමුතු විදියේ හිනාවකුත් දාගෙන...මොකද Hoseokට අාවේ පට්ට අයිඩියා එකක්... එහෙමම කොල්ලා ජන්කුක් ලඟට ගියා...


" මං එනකන් ජිමින්ව අැහැරවන්න එපා... මං ඉක්මනින් එන්නම්..."

" හියුන් කොහෙද යන්නේ?? "

ජන්කුක්ගෙ ප්රශ්නෙට උත්තර දෙන්න කවුරුත් හිටියේ නෑ.... මොකද Hoseok එතකොටත් රූම් එකෙන් එලියට ගිහින්.... ජන්කුක් අායෙත් තනියෙම සිවිලිම දිහා බලන් ඉන්න ගත්තා.... විනාඩි පහක් ගියේ නෑ Hoseok අායෙත් හති දාගෙන රූම් එකට අාවා... ජන්කුක් දිහා බලලා අැහැක් ගැහුව Hoseok කලින් දවසේ කෝපි ගෙනැත් ඉතුරුවෙලා තිබුන කප් එකකුත් අරන් කෙලින්ම රිංගුවේ වොෂ්රූම් එකට... ඊට පස්සෙ විනාඩි දෙක තුනක් යනකන් වොෂ්රූම් එක පැත්තෙන් එක එක සද්ද අැහුනා....
Hoseok වොෂ්රූම් එකෙන් එලියට අාවේ එවිල් හිනාවකුත් දාගෙන... මූ කෙලින්ම ගියේ ජිමින් නිදාගෙන හිටිය සෝෆා එක ලඟට.... ජන්කුක් ඉතිං අැඳට වෙලා උගුඩුවෙක් වගේ බලා ඉන්නවා මොකක්ද මේ වෙන්නෙ කියලා... ෆෝන් එකේ කැමරාවත් ඔන් කරගත්ත Hoseok ජිමින්ට කතා කලා...

" ජිමින්! ජිමින්!! ජිමින්!!!

එ්ත් ජිමින්ගෙන් නෑ කිසි සද්දයක්... මූ මැරිලද දන්නෙත් නෑ...

ජිමින්ගෙ අැඟට අත තියලා හොලවන ගමන් Hoseok අායෙත් කතා කලා....

" ඕයි ජිමින්!!!!!! නැගිටිනවා එලිවෙලා !!!!.."

" ම්ම්ම්ම්ම්ම්ම්... "

සෝෆා එකේ අනිත් පැත්තට හැරිලා ජිමින් නින්දෙන්ම කෙඳිරි ගානවා... එ්ත් Hoseok ජිමින්ට අායෙ නිදාගන්න දුන්නෙ නෑ...

" නැගිටිනවා ජිමින්!! අාා නැගිටලා මේක බොනවා..."

ජිමිනත් ඉතිං ඔළුව කස කස සෝෆා එකේ ඉඳගෙන Hoseokගෙ අතේ තිබුන කප් එක අතට ගත්තා... මොකුත් හොයලා බලන්නෙ නැතුව හරකා වගේ නිදිමතේම අර බීම එක බිව්වා...

" ස්ස්ස්ස්ස්රූරූරූරූරූස්ස්ස්ස්ස්ස්ස්.."

" ඊඊඊඊඊඊඊඊඊඊයායායායායායා මොන ජරාවක්ද මේ...."

ජිමින්ගෙ නිදිමත ගියේ එතකොට තමා... කොල්ලා කෙලින්ම දිව්වේ වොෂ්රූම් එකට... Hoseok බඩත් අල්ලගෙන බිම පෙරලි පෙරලි හිනා වෙනවා... ජන්කුක්ටනම් වුනේ මොකක්ද කියලා හිතාගන්න බෑ...

ජිමින් වොෂ් රූම් එකෙන් එලියට අාවේ යකෙක් වගේ මූණත් රතු කරගෙන කොල්ලට හොඳටම කේන්ති ගිහින්.... එ්ක දැක්ක Hoseokට තවත් හිනා....

" Hooooseokkkkkkkkk!!!!! "

දැන් ඉතිං යුද්දෙ පටන් ගත්තා.... Hoseok දුවනවා රූම් එක වටේ... ජිමින් දුවනවා එ් පස්සෙන්... ජන්කුක් බකමූණෙක් වගේ මේ විකාරේ දිහා බලා ඉන්නවා....

" තමුසෙව මං අද ඉතුරු කරන්නෑ Hoseok..."

දැන් ඉතිං ජිමින් Hoseokව අල්ලගත්තත් වැඩක් නෑ... මොකද Hoseok කලින් ඔක්කොම වීඩියෝ කරගත්තනේ.... ජිමින් පව් අනේ... හැමෝම වද දෙනවා ජිමින්ට...




Flashback




කලින් ජිමින් නිදාගෙන ඉන්න හැටි දැක්කම Hoseokගෙ ඔළුවට අාවේ පට්ට අයිඩියා එකක්... කොල්ලා කෙලින්ම දුවලා ගියේ හොස්පිටල් එකේ කැන්ටිමට.... කොල්ලගෙ හැන්ඩ්සම් මූණ පෙන්නලා කැන්ටිමේ වැඩ කරන කෙල්ලෙක්  අල්ලගත්ත කොල්ලා එ් කෙල්ලට ගල් පැලෙන බොරු ටිකකුත් කියලා කෙල්ලගෙන් සුදුලූණු ගෙඩියක්ම ඉල්ලගත්තා... පස්සෙ අාපහු රූම් එකට අැවිත් කොහොමහරි සුදුලූණු ගෙඩිය තලලා හදාගත්තා බීම එකක්... එ් බීම එක තමා කලින් ජිමින් බිව්වේ....

++++++++++++++++++++++++++++++++

ඊටත් පැය බාගෙකට පස්සේ ජින් හියුන් නම්ජුන් දෙන්නා ජන්කුක් බලන්න එද්දි ජන්කුක්ගෙ රූම් එක අපායක් වගේ වෙලා.... Hoseokව බිම දාගෙන ජිමින් Hoseokගෙ අැඟ උඩ නැගගෙන Hoseokට ගහනවා....

ජින්ගෙයි නම්ජුන්ගෙයි දෙන්නගෙම අැස් උඩ ගියා රූම් එක දැක්කම...

" යාාාාාා  තමුසෙලා දෙන්නා මොනවද ඔය කරන්නේ?? මොකාද මේක අපායක් කලේ?? "

ජින් හියුන් පැනපු ගමන් ජිමින්ම අැදලා පැත්තකට ගත්තා.... නම්ජුන් අැවිත් Hoseokව නැගිට්ටවන්න try කලා.... Hoseokට නැගිට ගන්න බෑ... නෑ නෑ කොල්ලා ජිමින්ගෙන් ගුටි කාලා නෑ.... කොල්ලට තාම හිනා එ්කයි නැගිටගන්න බැරි...

" දැන් මෙතන මොකද වුනේ??.."

ජින් අැහුවේ හෙන සද්දෙන්...  එ්ත් එකෙන්ගෙන්වත් නෑ සද්දයක්.... ජිමින් සෝෆා එකේ එහා කෙලවරට වෙලා කුලප්පු වුන හරකෙක් වගේ නහයෙන් පිඹ පිඹ ඉන්නවා....

Hoseok බිම වැටිලා ගංජා ගහලා වගේ හිනාවෙනවා.... ජන්කුක් උලමෙක් වගේ අැඳ උඩට වෙලා බලා ඉන්නවා... ජිනුයි නම්ජුනුයි මේ දැන් හඳේ ඉදන් පෘථිවියට අාවා වගේ මූණත් හදාගෙන මුන් තුන්දෙනා දිහා බලා ඉන්නවා....

" මොකක්ද මෙතන වුනේ?? "

ජිමින්ගෙනුයි Hoseokගෙනුයි  උත්තරයක් නැති නිසා ජින් අැහුවේ ජන්කුක් ලඟට ගිහින්....


" මාත් හරියට දන්නෑ හියුන්...Hoseok හියුන් එද්දි ජිමිනි හියුන් හිටියේ නිදාගෙන.... ඊට පස්සෙ Hoseok හියුන් එලියට ගිහින් මොනවද අරන් අාවා... ඊට පස්සෙ මොනවදෝ හදලා එ්ක ජිමිනි හියුන්ට බොන්න දුන්නා.... එ්ක බිව්වට පස්සේ ජිමිනි හියුන් යකෙක් වැහිලා වගේ Hoseok හියුන් පස්සෙ එලවන්න ගත්තා.... "

ජන්කුක් සිද්දවුන දේ කිව්වේ තාමත් ස්ටූල් එක උඩ තියෙන කෝපි කප් එක දිහාට අත දික්කරගෙන... ජින් ගිහින් කෝපි කප් එක අැරලා සුවඳ බැලුවා... කොල්ලගෙ නහය කඩාගෙන ගියේ සුදුලූණු සුවඳ....

වෙලා තියෙන දේ ජින්ට තේරෙන්න ගියේ එක තත්පරයයි... සැපට සනීපෙට නිදාගෙන ඉන්න කෙනෙක්ට උදේ පාන්දර අැහැරවලා සුදුලූණු බීමක් බොන්න දුන්නම අායෙත් ඉතිං එ් ගැන හිතන්න දෙයක් නෑ.... ජිමින්ට කේන්ති ගිය එක සාදාරණයි...

ජිමින්ගෙ අතේ තිබුන කප් එක අරන් සුවඳ බැලුව නම්ජුන්ටත් වෙලා තියෙන දේ තේරුණා... උන් දෙන්නටම හිනා යන්න අාවත් හිනාව තද කරන් හිටියේ ජිමින්ගෙ තත්වෙ හැටියට හිනා වුනොත් එතන තවත් බෝම්බයක් පත්තුවෙන්න පුලුවන් නිසා....

" හාාාා දැන් දෙන්නම!!! කවුරුහරි එන්න කලින් අස් කරනවලා මේක මේ දැන්ම..."

ජින් කිව්වේ ටිකක් සැරෙන්... කොල්ලො දෙන්නා නැගිටලා සද්ද නැතුවම රූම් එක අස් කරන්න ගත්තා.... එ්කත් ජිමින් රවන ගමන් බලා හිටියේ Hoseokගෙ දත් දෙකක් ගැලවිලා යන්න ගහන්න බැරි වුන එකට දුක් වෙවී... හොඳ වෙලාවට අනිත් අය එද්දි රූම් එක අස් කරලා ඉවරයි... නැත්තං එන එවුන් රූම් එකට බෝම්බ ගහලා කියලා අාපහු දුවන්නත් ඉඩ තිබුනා....

ජන්කුක්ගෙ අම්මලා අැවිත් කොල්ලව බලලා ගිහින් පැය බාගයක් විතර ගියාට පස්සෙයි සෝහයි Jeonviයි රූම් එකට අාවේ.. Jeonvi හිත හිත අාවේ ජන්කුක්ට මූණ දෙන්නේ කොහොමද කියලා ඊයේ සිද්දිය නිසා...

" කමක් නෑ මොකුත් නොවුන ගානට ඉන්නවා... "

Jeonvi මිමිණුවේ සෝහාගේ පස්සෙන් යන ගමන්....

" මොකක්? "

Jeonvi මුමුණපු දේ හරියට අැහුනේ නැති නිසා සෝහා පිටිපස්ස හැරිලා Jeonvi දිහා බැලුවා....

" නෑ මං මොකුත් කිව්වේ නෑ...."

Jeonvi ඉක්මනට කියලා අැඟ බේරගත්තා.... රූම් එකට අාවත් හරි Jeonvi ජන්කුක් දිහා බැලුවේවත් නෑ...

නෑ ඉතිං බැලුවේවත් නෑ නෙමේ.. බැලුවා හොරෙන්.... ජන්කුක් Jeonvi දිහා බැලුවෙත් හොරෙන්... 

" මුන් දෙන්නට මොනවා වෙලාද? "

ජන්කුක් දිහායි Jeonvi දිහායි හොරෙන් බලන ගමන් ජිමින් හිතනවා.... දවල් වෙද්දි ජිමින්ගෙ කේන්තිය ටික ටික අඩුවෙලා ගියා... හැබැයි තාම Hoseok එක්ක වචනයක්වත් කතා කලේ නෑ....

Yoongi ජන්කුක්ව බලන්න අාවේ හොඳටම දවල් වෙලා... ඔව් ඉතිං යුංගි දවල් වෙනකන් නිදාගෙන තමා.... හොස්පිටල් එකට අැවිල්ලත් මූ නිදි... අනේ මන්දා මේ මනුස්සයා කොහොම ජීවිතේ ගෙවනවද කියලා....
කොහොමහරි කට්ටිය දවල්ටත් කාලා ජන්කුක්ටත් කන්න දීලා සෝෆා එකට වෙලා එක එක්කෙනාගෙ පරණ මතකයන් ගැන කියව කියව හිනා වෙවී හිටියා.....

ඩෝ..........න්

එක පාරටම රූම් එකේ දොර අැරුනේ බෝම්බයක් පුපුරපු සද්දෙන්.... හැමෝම බයවෙලා දොර දිහා බැලුවා... මං හිතන්නෙ දොර පුපුරන්න අැති....

" WTF!!!  මොකාද එ් බූරුවා!!"

පැත්තකට වෙලා නිදා වැටි වැටි හිටිය යුංගි අැහැරුනේ උඩ ගිහින්.... කොල්ලට හොඳටම කේන්ති ගිහින්... මොකා වුනත් මරන්න තරම් කේන්තියකින් යුංගි දොර දිහා බැලුවේ....

" ජන්කුක් ඔප්පා..... අනේ ඔප්පා ඔයාට මේ මොකද වුනේ? ඔයාට තුවාලද? අමාරුද? "

දොර ලඟ ඉදන්ම අඬාගෙන ගිහින් ජන්කුක්ගෙ කරේ එල්ලුනේ කෙල්ලෙක්... තව ටිකෙන් එ්කි ජන්කුක්ගෙ බෙල්ලත් කඩනවා....

අනිත් එවුන් ටික කටත් අැරන් බලා ඉන්නවා මොකක්ද යකෝ එ් විකාරේ කියලා....

" එච්චරයි අඩුවෙලා තිබුනේ..."

ජිමින් කිව්වේ අනිත් අයට අැහෙන්න.. ජිමින් මූඩ් එක අප්සෙට් වෙලා ගියා කෙල්ල දැක්කම... ජිමින්ගෙ විතරක් නෙමේ අනිත් හැමෝගෙම හැපි මූඩ් එක කොහේ ගියාද දන්නෑ.... Seohaයි Jeonviයි විතරක් මොනා වුනාද කියලා හිතාගන්න බැරුව බලා ඉන්නවා.... ජන්කුක් අමාරුවෙන් අැඟේ එල්ලිලා හිටිය කෙල්ලව එහාට තල්ලු කලා...

" ඔප්පා...."

ඔන්න ඉතිං කෙල්ල හුරතල් වෙන්න පටන් ගත්තා...

" SaeMi පේන්නෙ නැද්ද මගෙ කකුල කැඩිලා ඔළුව තුවාල වෙලා... ඔයා කොහොමද අහන්නෙ මං හොඳින්ද කියලා.. අැයි අැස් පේන්නෙ නැද්ද? "

අම්මාාාාා ජන්කුක්ට හොඳටම තද වෙලා...  කොල්ලා කෑ ගැහුවේ කේන්තියෙන්... ජන්කුක් ටිකක්වත් කැමති නෑ SaeMiට... ජන්කුක් විතරක් නෙමේ අනිත් කොල්ලො ටිකත් කැමති නෑ....

" මං කොච්චර බය වුනාද ජන්කුක් ඔප්පා අැක්සිඩන්ට් වුනා කියලා දැනගත්තම.. "

සේමී කියන්නෙ බාගෙට අඬලා... ජන්කුක් විතරක් නෙමේ අනිත් හැමෝම දන්නවා කෙල්ලගෙ මේ රඟපෑම...

" බය වුනා? හහ් බය වුනා නම් අැක්සිඩන්ට්  වුන දවසෙම එනන තිබුනනේ මොකටද දවස් තුනකට පස්සේ අැවිත් මෙතන දුක් වෙන්නේ?"

Hoseok සද්දෙට අැහුවේ එ් මල විකාරේ බලා ඉන්න බැරි නිසාමයි...

" මං කතා කලේ ජන්කුක් එක්ක ඔයත් එක්ක නෙමේ..."

SaeMi කිව්වේ Hoseokට රවන ගමන්... තවත් ටික වෙලාවක් ජන්කුක් ලඟ හුරතල් වෙවී හිටිය කෙල්ල අනිත් සෙට් එක ඉඳගෙන හිටිය සෝෆා එක පැත්තට අාවා... අනිත් එවුන් ලොකු කතාවක හරියට කෙල්ල එතන ඉන්නවා පේන්නෙ නෑ වගේ...

" කවුද මේ දෙන්නා?? "

කට්ටිය දිහාම හොඳට බලා හිටිය SaeMi අැහුවේ සෝහායි Jeonviයි පෙන්නලා....

" අපේ යාළුවෝ... අැයි?? "

Hoseok කිසිම ගානක් නැතුව කියලා දැම්මා...

" යාළුවෝ? මං එයාලව කලින් දැකලා නෑ.. අනික ඔයාලට ගෑනු යාළුවෝ ඉන්නවා කියලා මං දැනගෙන හිටියේ නෑ... "

" අැයි අපිට ගෑනු යාළුවෝ ඉන්න බැරිද?? අපි ඔයාගෙන් එ්කට අවසර ගන්නත් ඕනිද දැන්?? "

ජිමින් කියෝගෙන ගියේ හෙන කේන්තියෙන්.... මූ උදේ ඉදන් වලියටමයි යන්නේ...

" හුම්.."

සේමී මොකුත් නොකියා ගස්සගෙන වොෂ්රූම් එක අස්සට ගියා....

" කවුද එ් සක්කරවට්ටම?? "

සෝහා මෙච්චරවෙලා අමාරුවෙන් වහන් හිටිය කට අැරියා...

" එ් SaeMi.. ජන්කුක්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්.. ජන්කුක්ගෙ ලස්සනටයි සල්ලිවලටයි කොල්ලගෙ කරේ එල්ලෙන්න හදනවා... එයා හිතාගෙන ඉන්නෙ ජන්කුක් එයාගේ බූදලයක් කියලා... එයා බලාගෙන ඉන්නේ ජන්කුක් එයාව බඳිනකන්.. එ්ත් ජන්කුක්ගෙ අම්මා පොඩ්ඩක්වත් කැමති නෑ එයාට... අපි හැමෝම කැමතිත් නෑ..."

ජිමින් එක හුස්මට කියවගෙන ගියා....

" හියුන්... එයා ඉක්මනට යවන්න... මං නිදි කියන්න..."

අැඳේ ඉදන්ම ජන්කුක් කෑ ගහලා අැස් දෙකත් වහගෙන බොරුවට නිදාගත්තා... වොෂ්රූම් එකෙන් එලියට අාව සේමී කෙලින්ම ගියේ ජන්කුක් ලඟට....

" ඔප්පා ඔප්පා ඔප්පා... ජන්කුක් ඔප්පා...."

ජන්කුක් නිදි වගේම ඉන්නවා... සද්ද නෑ...

" ජන්කුක් නිදි.. එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ.."

නම්ජුන් කෑ ගහන්න ගත්තා... අම්මේ මුන්ගෙ තියෙන රඟපෑම ඉතිං.... නම්ජුන් දිහා බලලා ගස්සපු සේමී අායෙත් ජන්කුක් දිහාට හැරුනා...

" ඔප්පා මං අායෙත් හවසට එන්නම්..."

එහෙම කියලා සේමී ජන්කුක් දිහාට නැමුනේ කිස් එකක් දෙන්න.... එත් එතකොටම සේමීගේ ෆෝන් එකට කෝල් එකක් අාවා වෙලාවට....

" ඔහ් අැත්තටම... වාව් එ්කනං නියමයි... එහෙනම් අපිට අැති තරම් අද එන්ජෝයි කරන්න පුලුවන්... මං එනවා විනාඩි 10න්..."

රූම්  එක දෙදරලා යන සද්දෙන් කෑ ගැහුව සේමී අාව විදියටම දොරත් සද්දෙන් වහගෙන යන්න ගියා... එන්ජෝයි කරන්න ගත්තම සේමීට ජන්කුක් මතකත් නෑ...

"  හහ්... එයා හිතන් ඉන්නෙ මේ කාමරේ දොර එයාගේ බූදලේ කියලද දන්නෑ..."

දෙවනි පාරටත් නින්ද කැඩුන යුංගි කෑ ගහන්න ගත්තා...

" එයා කොහොමත් හැමදෙයක් ගැනම හිතන්නෙ එයාගේ බූදලේ කියලා තමා...."

ජිමින් කිව්වේ දොර දිහා බලලා රවන ගමන්...

" ජන්කුක් ඔයා හොඳින්ද?? "

ජන්කුක් මොකුත් නොකියා අැඳ උඩ ඉදන් ඔළුව වැනුවා....

" මේ අපි දැන් එයා ගැන අමතක කරලා අපේ දෙයක් කතා කරමු..."

ජින් කිව්වේ සේමී නිසා අවුල්වෙලා ගිය හැමෝගෙම මූඩ් එක වෙනස් කරන්න හිතාගෙන... හැමෝම අායෙත් පරණ මූඩ් එකට අාවත් Jeonviගෙ හිතේ සේමී හොල්මන් කලා..

" මං කොහෙදිද එයාව දැක්කෙ? සේමීව හොඳට දැකලා පුරුදුයි.. කොලේජ් එකේදිද මන්දා.... "

Jeonvi දැන් කල්පනා කරනවා.....

කට්ටියම කතා කර කර ඉද්දි තමා ජිමින්ගෙ ෆෝන් එකට කෝල් එකක් අාවේ... එ් Taehyungගෙන්... හැමෝම කොල්ලගෙ නම දකිද්දි ජිමින් වටේට එකතු වුනා....

" ජන්කුක්ට කොහොමද දැන්? "

ෆෝන් එක අාන්ස්වර් කරපු පලවෙනි තත්පරේම Tae අැහුවේ ජන්කුක් ගැන...

" ඔන්න බලාගන්න ..."

ජිමින් එහෙම කියලා ෆෝන් එක ජන්කුක්ගෙ පැත්තට හැරෙව්වා....

" සොරි ජන්කුක්.... මට බලන්න එන්න බැරි වුනාට..."

" It's okay හියුන්... මං දන්නවනේ එන්න බෑ කියලා...."

ජන්කුක් කිව්වේ හිනාවෙලා... Taeව දැක්කා විතරයි ජන්කුක්ගෙ තරහා ඔක්කොම අමතක වෙලා ගියා....

ඔන්න ඉතිං ටිකක්වෙලා කතා කරද්දියි Tae දැක්කෙ කොල්ලො ටිකත් එක්ක කෙල්ලො දෙන්නෙකුත් ඉන්නවා... කොල්ලට දැන් හෙන කුතුහලේ... හරියට පේන්නෙත් නෑ උන් දෙන්නා...

" ඔහ් අර ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් නේද? කවුද එ්?? "

" Oh wait!!  Is it..........."

"හහහචෝෝෝෝෝෝෝංංංං "

Taehyung කිව්ව එක කාටවත් අහුනේ නෑ ජිමින්ගෙ හචින් එකේ සද්දේට....

" එ් අපේ කොලේජ් එකේ යාළුවෝ දෙන්නෙක් Tae... "

ජිමින් කිසි ගානක් නැතුව කියලා දැම්මා...

" ඔහ් දැන් කෙල්ලොත් ඉන්නවද?? මට හෙන ජෙලස්.. තමුසෙලා මං නැතුව විනෝද වෙනවද...? "

" එ්ක තමා කියන්නෙ ඉක්මනට කොරියාවට එන්න කියලා... අපි මොනවා කරන්නද... නැත්තං නිව්යෝක් වලින්ම කෙල්ලෙක් හොයාගන්න..."

" යාාාාා මං එනවා ඉක්මනින්ම... එතකොට බලාගමු... මං එන්නේ මෙහෙන් කෙල්ලො දෙන්නෙකුත් අරන් තමුසෙලාට රිදෙන්න..."

සේමී නිසා කේන්ති ගිහින් හිටිය හැමෝම අායෙත් හිනාවෙන්න ගත්තා....

++++++++++++++++++++++++++++++++++++

දවසින් දවස හෙමීට ගෙවිලා ගියා... ජන්කුක් අැක්සිඩක්ට් වෙලා දැන් සතියක් වෙනවා.... කොල්ලව අද ඩිස්චාජ් කරන දවස... කොල්ලා මේ දවස එනකන් අැඟිලි ගැන ගැන හිටියේ.... මොකද ජන්කුක්ටත් ඕනි වුනේ ඉක්මනට ගෙදර යන්න.... ගෙදර ගිහින් තමන්ගෙ සැප පහසු අැඳට වෙලා හොඳ නින්දක් දාන්න.... හොස්පිටල් එකේ අැඳේ ඉදලා කොල්ලට අැති වෙලා තිබුනේ.... අායෙත් එනවා කිව්වට සේමී ජන්කුක් බලන්න අාවේ නැති එක ගැන කොල්ලා සතුටු වුනා....

Jeonviටත් එදා වුන සිද්දිය අමතක වෙලා යද්දි පරණ විදියටම ජන්කුක් එක්ක කතා කරන්න ගත්තා... හැමදේම හොඳට සිද්ද වුනා මේ සතියට කිසිම අවුලක් නැතිව.... එ්ත් ඉතිං හැමදේම හොඳින් සිද්දවෙන්නෙ ඉස්සරහට මොන බෝම්බයක් පිපිරෙන්නද මන්දා....

ඔන්න ඉතිං ජන්කුක්ව ගෙදර එක්ක අාවා... කොල්ලට පහල තට්ටුවෙම රූම් එකක් ලෑස්ති කරලා තිබුනේ මොකද ජන්කුක්ට අැවිදින්න බෑ කකුල තාම සනීප නෑනේ... කොල්ලා හෙලවෙද්දිත් කකුල රිදෙනවා... කොල්ලා ඉන්නෙත් අමාරුවෙන්...

කොහෙද ඉතිං සතියකට වැඩිය එකම විදියට අැඳේ ඉන්නවා කියන්නෙ කොයි තරම් වේදනාවක්ද.. 

ඔන්න ඉතිං ගෙදර අාවාට පස්සෙ ජන්කුක් අලි බබාට අම්මා කැව්වත් එක්ක... කාලා බීලා කොල්ලා අැස් වහගත්තේ ටිකක් නිදාගන්න හිතාගෙන... ජන්කුක්ට ගෙදර එන්න හදිස්සි වුනාට ටිකක්වෙලා යද්දිනං කොල්ලට හිතුනා හොස්පිටල් එකේම ඉන්න තිබුනානං හොඳයි කියලා... මොකද ගෙදර හෙන පාළුයි කොල්ලට... හොස්පිටල් එකේ ඉද්දි හියුන්ලා හැම වෙලේම කෑ ගගහා හිටිය නිසා ජන්කුක්ට පාළුවක් දැනුනේ නෑ...

එ් දවස් ටිකේ ජන්කුක් අැති තරම් හිනා වුනත් එක්ක...

" කමක් නෑ මං අැති තරම් නිදාගන්නවා..."

එහෙම හිතපු කොල්ලා අත දික්කරලා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා අැස් දෙක වහගත්තා.... ටිකක්වෙලා යද්දි කොල්ලට හොදටම නින්ද ගියා....

ජන්කුක් කොච්චර වෙලාවක් නිදාගත්තද දන්නෑ... කොල්ලට එක පාරට අැහැරුනේ සද්දයක් අැහිලා...

සද්දේ කොහෙන් අැහුනද කියලා කොල්ලට හිතාගන්නත් බෑ... කොල්ලා අත දික් කරලා ටේබල් ලෑම්ප් එක දාලා එතන මේසේ උඩ තිබුන චූටි ඔරලෝසුව අතට ගත්තා... 7.35pm...

" ගොඩාක් රෑ වෙලා නෑ... හැබැයි මං ගොඩාක් වෙලා නිදාගෙන.. අැයි මට කවුරුත් කතා කලේ නැත්තේ?? "

" මං නිදි නිසා අම්මා කතා කරන්න නැතුව අැති..."

" එ්ත් අැයි ගෙදර කිසිම සද්දයක් නැත්තේ? ගෙදර කවුරුත් නැද්ද? "

" මාව අමතක වෙලා හැමෝම කොහෙවත් ගියාද දන්නෙත් නෑ..."

ජන්කුක්ට දැන් එක එක එ්වා හිතෙනවා... දැන් කොල්ලට එ්ක හෙන ප්රශ්නයක්... කාමරේ ලයිට් එක දාන්නත් බෑ... මොකද ජන්කුක්ට අැවිදින්න බෑනේ... ජන්කුක්ට දැන් බඩගිනිත් එක්ක... කොල්ලා ඉතිං එහෙමම අැඳට වෙලා හිටියා කීයට හරි කාටහරි මාව මතක් වෙලා එයිනේ  කියලා හිතාගෙන...
ටිකක්වෙලා යද්දි ජන්කුක්ට අැහුනේ කාමරේ දොර හෙමීට අැරෙන සද්දේ... කොල්ලා හෙමීට ඔළුව උස්සලා බැලුවත් අාව කෙනා අඳුරගන්න තරම් එලියක් කාමරේ තිබුනේ නෑ... ජන්කුක් එහෙමම නිදි වගේ හිටියා... කවුරු වුනත් කාමරේට අාව කෙනා අාවේ හොරෙක් වගේ හෙමීට අඩි තිය තිය...

" හොරෙක්ද මන්දා .."

හිතට අාව සිතුවිල්ලත් එක්ක ජන්කුක්ගෙ අැඟම සීතල වෙලා ගියා...
අාව මනුස්සයා අැවිදින සද්දෙවත් අැහුනේ නෑ කොල්ලට... ටිකක් වෙලා ගියා... කිසිම සද්දයක් නෑ... මේසේ උඩ තියෙන ඔරලෝසුවේ තත්පර කට්ට ටික් ටික් ගාන සද්දෙ අැහෙනවා... ජන්කුක් හයියෙන් හුස්ම ගන්න සද්දෙත් අැහෙනවා... එ්ත් කාමරේට අාව කෙනා කිසිම සද්දයක් නෑ...

" අාව එකා හොරකම් කරන්න ඕනි දේ අරන් ගියාද දන්නෑ..."

" එ්ත් මට කිසිම කබඩ් එකක් අරින සද්දයක් අැහුනේ නෑනේ..."

" මෝඩ ජන්කුක්... හොරු කවද්ද සද්දෙ අැහෙන්න ඕවා කරන්නේ..."

කොල්ලා එක එක එ්වා හිත හිත තාමත් අැස් වහගෙනම ඉන්නවා...

" මොකා වුනත් උෟ දැන් යන්න අැති.. "

එහෙම හිතපු ජන්කුක් එක පාරටම අැස් අැරියා... කොල්ලගේ මූණට අඟල් දෙක තුනක් උඩින් තිබුන කළුපාට හූඩි කැප් එකකින් වැහුන මූණක් දකිද්දි කොල්ලට මොනා කරන්නද කියලා හිතාගන්න බැරි වුනා...

තත්පරයක් දෙකක් තුනක් යන්න අැති... අාපු මනුස්සයත් ජන්කුක් එක පාරට අැස් අැරියම හොඳටම බය වුනා... මොකද එ් මනුස්සයා හිතුවේ අැඳ උඩ ඉන්න එකා හොඳටම නිදි අැති කියලා... ජන්කුක් හිතුවෙ නැති විදියට අැස් අැරියම එ් මනුස්සයත් බය වුනා... ජේකේයි අනිත් මනුස්සයයි එකපාරම යටිගිරියෙන් කෑ ගහන් ගත්තේ වුන දේ හිතාගන්න බැරි නිසා... කෑ ගහන ගමන් අැඳේ එහා පැත්තේ තිබුන කොට්ටයක් ගත්ත ජන්කුක් අර මනුස්සයගේ මූණටම ගැහුවා එ්කෙන්... ගහපු පාරට එ් මනුස්සයා විසිවෙලා ගිහින් බිම වැටුනා.. හැබැයි දෙන්නම තාමත් කෑ ගහනවා..














To be continued..........


YOU&I
🍓🍓🍓🍓🍓




A/N

අනිත් එක ඉක්මනින් දාන්නම්

💜💜💜💜💜💜💜💜💜💜

Olvasás folytatása

You'll Also Like

153K 4.6K 19
FYI: (g/n) means game name. (g/n) was trapped inside the game Sword Art Online and was struggling to survive. She accidentally killed a girl, believi...
594K 36.2K 100
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
846K 39.4K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
3.9K 756 7
හැමදාම Professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න ජිමින් එයාගේ හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලා professor Min ට කිව්වොත් ඒ ආදරේ පිලිගනියි ද...? 𝐓𝐨�...