🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂(ළමයි.. අද කතාව ගොඩක් දිගයි.. එ් නිසා මට චැප්ටර් එක දෙකට කඩන්න වුනා.. වට්පෑඩ් එකේ වචන ලිමිට් එක පැන්නම ස්ටක් වෙනවා.. එතකොට එඩිට් කරගන්න බෑ.. මේකේ ඉතුරු ටික මං වෙනම දානවා.. මුලින්ම හිතන් හිටියේ මේ ටික චැප්ටර් දෙකකට දාන්න... එ්ත් ගොඩක් අය කිව්වා එහෙම කරන්න එපා කියලා... එ් නිසයි එකම දවසේ කොටස් දෙකකට දාන්නේ...දිගටම කියවන් යන්න.. කතාව කියවද්දි අඬනවද හිනාවෙනවද කියන එක ඔයාලගෙ තීරණයක්... හැබැයි warning 🔞)
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
උදේ පාන්දර මුලින්ම අැහැරුනේ Jeonviට... කෙල්ලට අැහැරුනේ වතුර තිබහක් හැදිලා... වටෙන් පිටෙන් අාව එලියට අැස් හුරු කරගන්න ගමන් කෙල්ල යාන්තං අැස් අැරගත්තා... Jeonvi බොඳ වුන අැස් අතරන් දැක්කේ කෙල්ල ලඟ හාවෙක් නිදාගෙන ඉන්න හැටි... එ් මදිවට මේකා සද්දෙට හුස්මත් ගන්නවා... Jeonviට හිනා... කලින් දවසේ රෑ පුරාම Jeonvi හිටියේ ජන්කුක්ගෙ දෑත් අතර... කොල්ලගෙ පපුවට තුරුලු වෙලා... Jeonviගෙ ඔලුව ලඟින්ම ඔලුව තියන් සෝක් එකට නිදාගෙන ඉන්න ජන්කුක් දිහා කෙල්ල බලා හිටියා...
ටිකක්වෙලා ගියාට පස්සේ Jeonvi අත තිබ්බේ ජන්කුක්ගෙ වම් කම්මුලේ තියෙන චූටි කැලල උඩ... එ්ක අෑතට පේන්නේ නැති ලඟට විතරක් හොඳට බැලුවොත් පේන චූටි කැලලක්... එ් වගේ කැලලක් අැති වුනේ කොහොමද කියලා කෙල්ලට නොහිතුනාමත් නෙමේ...
"Good Morning..."
ජන්කුක් නිදිමත වොයිස් එකකින් කිව්වේ අැස් අැරලාවත් බලන්නෙ නැතුව...
"ඔහ්... ඔයා අැහැරලද හිටියේ...?"
Jeonvi අැහුව දේට මොකුත්ම නොකියා ජන්කුක් කලේ කෙල්ලව තව ටිකක් ලඟට ගත්ත එක... අැත්තටම ජන්කුක් අැහැරලා හිටියේ ගොඩක් වෙලාවක ඉදන්... ජන්කුක් අැහැරලා තමන්ට තුරුල්වෙලා හොඳට නිදාගෙන ඉන්න කෙල්ල දිහා ගොඩක්වෙලා බලා හිටියා... කොච්චර කාලෙකට පස්සෙද මේ... ? අවුරුදු දෙකක්...? නෑ ඊටත් ටිකක් වැඩිනේ... ගෙවිලා ගිය පහුගිය අවුරුදු දෙකටම ජන්කුක් කොච්චර අමාරු ජීවිතයක්ද ගත කලේ...
YOU ARE READING
🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)
FanfictionNot every story has a happy beginning🍂 Not every story has a happy ending🍃 Some stories start with happiness and end with happiness🍂 Some stories start with happiness and end with sadness🍃 Others start with sadness and end with happiness🍂 But...