Cyclamen

By Leo_lac

5.3K 513 196

"මට දැන් තේරෙනවා" ආදි දිහා නුරාධ බැලුවේ ඇස් වලින් ඒ මොකක්ද කියන ප්‍රශ්නය එල්ල කරගෙනමයි. යන්තමින් හිනා වෙච්ච ආ... More

𝗖𝗵𝗮𝗿𝗮𝗰𝘁𝗲𝗿𝘀
🧸
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 1
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 2
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 3
𝗣𝗮𝘀𝘁 1
𝗣𝗮𝘀𝘁 2
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 4
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 5
𝗣𝗮𝘀𝘁 3
𝗣𝗮𝘀𝘁 4
𝗣𝗮𝘀𝘁 5
𝗣𝗮𝘀𝘁 6
𝗣𝗮𝘀𝘁 7
𝗣𝗮𝘀𝘁 8
𝗣𝗮𝘀𝘁 9
𝗣𝗮𝘀𝘁 10
𝗣𝗮𝘀𝘁 11
𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁 6
𝗣𝗮𝘀𝘁 12
𝗣𝗮𝘀𝘁 13
𝗣𝗮𝘀𝘁 15
𝗣𝗮𝘀𝘁 16
𝗣𝗮𝘀𝘁 17
𝗣𝗮𝘀𝘁 18
𝗣𝗮𝘀𝘁 19
𝗣𝗮𝘀𝘁 20
𝗣𝗮𝘀𝘁 21
𝗣𝗮𝘀𝘁 22
𝗣𝗮𝘀𝘁 23

𝗣𝗮𝘀𝘁 14

55 6 4
By Leo_lac

වෙලාව රෑ 7.45 යි.

Chemistry class ඉවර වෙලා නුරාධ කෙලින්ම ගියේ wash එකක් දාගන්න. උදේ වරුවේ තිබ්බ වැස්ස නිසා වතුරේ තරමක සීතලක් තැවරිලා තිබුණා. සුදට හුරු පපුව උඩින් සීතල වතුර ගලාගෙන ගියා. යාන්තමින් මෝදු වෙලා පේන six pack උඩින් වතුර බිංදු පවා ඇදිලා ගියේ පුදුමාකාර ආසාවකින්. කාමරේ lights විතරක් on කරගෙන රෑට මේ විදිහට අඳුරු නාන කාමරය ඇතුලේ ඉඳගෙන වතුර දෙන සුවය විඳින්න නුරාධ දැන් ඇබ්බැහි වෙලා. Attached bathroom එකක් නිසා කාමරයේ දාපු lights වල එලිය යන්තමින් නාන කාමරයේ දොරේ දාර අස්සෙන් නාන කාමරය ඇතුලට රිංගලා තිබුනා. යාන්තමින් වැදෙන කහ පාට light එළි වලින් සුදු පාට පපුව උඩ තියෙන නුරාධගේ රෝස පාටට හුරු තන් පුඩු ඒ අඳුර ඇතුලේ සරාගී විදිහට ඉස්මතු වෙලා පෙනුනා. අත් වල විහිදුණු රෝම වතුර පාරත් එක්ක එක එක දිහා වලට හැරෙද්දි අත් දෙකෙන්ම මූණ වහගෙන නුරාධ ඔහේ හිටගෙන හිටියා. නිරුවත් සිරුර පුරා දුවන වතුර බිංදු කහ පාටට දිලිසෙද්දි ඉන දෙපසින් ඉස්මතු වෙලා පේන ශ්‍රෝණි අස්ථි වල මායාකාරී රටාවන් නුරාධව දක්ෂ සිත්තරෙක් ගේ අතින් මැවිච්ච නග්න යුරෝපියානු තරුණයෙකු බවට හරවලා තිබුනා.

නග්න අහසක සඳ මෝරද්දි නුරාධගේ හිතත් සරාගී හැඟීම් වලින් මෝරන්න පටන් ගත්තා. වතුරත් සමග හිසකෙස් අතර දුවපු ඒ සීතල අත් ටිකෙන් ටික පහළට බර වෙන්න ගත්තා. දකුණු අත දකුණු තන පුඩුව මත නවතිද්දි නුරාධගේ වම් අත හෙමිහිට ළං වුනේ හැඟීම් වලින් ප්‍රාණවත් වුණු රහසඟ ළඟ.

දකුණු අතින් තන පුඩුව මිරිකෙද්දි වම් අතත් උද්දීපනය වුණ ආයුධය මත පිලිවෙලින් ඉහළටත් පහළටත් චලනය වෙන්න පටන් ගත්තා. ඇතිවෙන හිරියත් සමඟ ඒ හිරියේ උපරිම වින්දනයට උදෙසා නුරාධ කකුල් මදක් දෙපසට කර හිස පමණක් නාන කාමරයේ බිත්තියකට හේත්තු කරගෙන ශරීරය ඉදිරි පසට නෙරන සේ හිටගත්තා. දකුණු අතත් ක්‍රමයෙන් වම් අතත් සමග එක් වෙද්දි ඉහළ පහළ යන වේගය ටිකෙන් ටික වැඩි වෙලා ගියා. නහර ඉලිප්පුණු ඒ ශක්තිමත් අත් වල පහස සිරුර පුරා ගමන් කරන අයුරු නුරාධට මැවෙන්න පටන් ගත්තා. ඒ රෝමාන්තික හාදුත් එක්ක ආදිගේ ගැඹුරු ඇස් නුරාධ ඉස්සරහ දෘශ්‍යමාන වෙන්න පටන් ගත්තා. පෙරසම කම්පනය වන වේගය වැඩිවත්ම දැනෙන්නට පටන් ගත් හිරිය ශෘන්ගාරාත්මක සිහින් කෙඳිරිලි විදිහට නුරාධගේ මුවින් නික්මුණා.

අංග චලනයන් ගේ උත්කර්ෂවත් අවස්ථාවට ක්‍රමයෙන් ලං වෙද්දි කෙඳිරිලි පිටවීමේ ශීඝ්‍රතාවත් කෙඳිරිලි වල තීව්‍රතාවත් එන්න එන්නම වැඩි වෙලා ගියා. සීතල වතුර ඔහේ ගලාගෙන වැටෙද්දි හැඟීම් මුක්ත වීම ආසන්නයටම එද්දි හිටගෙන ඉන්න ගමන්ම නුරාධ සෙමින් සෙමින් චංචල වෙන්න පටන් ගත්තා.

අවසානයේදි මදක් උස් හඬින් නික්මුණු කෙඳිරියකුත් සමග ගලාගෙන යන සීතල දිය පහරට උණුසුම පිරිච්ච සුදු පැහැති හැඟීම් මුහු වුනා. පෙරසම සෙමින් ඉස්සරහටත් පස්සටත් ගමන් කරද්දී දිගු හුස්මක් නුරාධගේ මුවින් නික්මිලා වා තලයට මුහු වුණා.

වෙලාව 8.10 යි.

සාලුවකින් තෙත ඔලුව පිහදාන ගමන් නුරාධ නාන කාමරයෙන් එලියට ආවා. කලු පාට කොට කලිසමක් විතරක් ඇඳන් ඉන්න ගමන් සාලුව පැත්තකට තල්ලු කරලා දාලා නුරාධ ඇඳට පැන්නා. ඉස්සරහින් තියෙන විවෘත වෙච්ච ජනේලෙන් මෝදු වෙච්ච හඳ එලියත් එක්ක හුලං රැලි ඇතුලට ගලාගෙන ආවා. ඇඳේ උඩුබැලි අතට හාන්සි වෙච්ච නුරාධ ඇස් අරං ගියේ ජනේලෙන් පේන ඒ කලුවර අවකාශය දිහාවට. වලාකුළු එක්ක හඳ විතරක් තනි වෙච්ච අහසක ඈතින් ඈත තරු එකින් එක මතු වෙන හැටි නුරාධ බලාගෙන හිටියා. ඇස් ඒ ඈත අහසට දුවද්දි නුරාධගේ හිත සති තුනක් ආපස්සට දුවගෙන ගියා.

තේවත්ත පල්ලියේ දම් පාට මල් පිරිච්ච ගහක් යට ආදි හේත්තු වෙලා වාඩි වෙලා හිටියා, ඇස් දෙක පියාගෙන. නුරාධත් ඒ ගහ ළඟම තියෙන තවත් මල් ගහකට හේත්තු වෙලා ඉඳගෙන හිටියා, ඇස් පියාගෙන ඉන්න ආදි දිහා බලාගෙන.

ටික වෙලාවක් නිහඬව ඒ දෙන්නා ඒ විදිහටම හිටියා.

ආදි දිහා බලාගෙන කල්පනා කරපු නුරාධ කතා කරන්න පටන් ගත්තා.

"දන්නවද?"

"ම්ම්ම්ම්......" ඇස් දෙක පියාගෙනම ආදි නුරාධට ඇහුම්කන් දුන්නා.

"කෙනෙක් තව කෙනෙක් මුලින්ම හම්බෙද්දි දෙන first impression එක අනිත් කෙනාට ගොඩක් තදින් මතක හිටින දෙයක්ලු......මාව මුලින්ම හම්බෙච්ච වෙලාවේ මම තමුසෙට බැනපු එකනේ කලේ.....ඒ නිසා ඒ impression එක අමතක කරන්න හරිද?"

"ඒ ඔයා මට දීපු කීවෙනි impression එකද කියල මටනම් මතක නෑ....හැබැයි ඒක නෙවෙයි මැණික උඹේ first impression එක"

"මොකක්?.." ආදි ඇස් ඇරලා නුරාධ දිහා බැලුවා. කිසි දෙයක් තේරෙන්නෙ නැතුව බලාගෙන ඉන්න පොඩි එකෙක් විදිහට ඇසුත් ලොකු කරන් කටත් ඇරන් එයා දිහා නුරාධ බලන් ඉන්න හැටි දැක්කම ආදිට හිනා ගියා. ආයෙත් කලින් විදිහටම ඇස් පියාගතපු ආදි කතා කරන්න පටන් ගත්තා.

"ඔයා interview ආපු දවසේ......මම එදා society එකේ වැඩකට ඇවිත් හිටපු දවසක්......දෙවෙනි තට්ටුවේ science auditorium එක ඉස්සරහින් ඔයා හිටගෙන හිටියා කලින් ස්කෝලේ uniform එකත් ඇඳගෙන.....ඔයාගේ තාත්තට call එකක් ඇවිත් එයා එතනින් ටිකකට එහාට ගියා.....බය වෙලා හිටපු උඹ තවත් බය උනා තාත්තා ගියත් එක්කම....මතකද?....මටනම් ඒ බය වෙච්ච මූණ දැනුත් පේනව පේනවා වගේ....දාඩියත් දාන්න අරන් තිබුණා.....අතේ තිබ්බ ෆයිල් එක තද කරන් අල්ලන් හිටපු විදිහට මම හිතුවේ ප්ලාස්ටික් ෆයිල් එක කැඩිලා යයි කියලා.....සැරින් සැරේ ලොකු හුස්මවල් ගත්තා....ඇස් පියාගත්තා.....ෆයිල් එක කිහිල්ල අස්සේ ගහගෙන අත් දෙකම අරං අත්ලවල් එකට අතුල්ලන්න පටන් ගත්ත විදිහටම මට තේරුනා බය වැඩි කමට අත් හීතල වෙලා ගිහින් කියලා තමුසෙගේ......ඒ දවස්වල කොන්ඩෙත් තිබුණා මෙහෙ වගේ කොටටම කපන්නෙ නෑනෙ අනිත් ස්කෝල වල....."

"දෙයියනේ......."

"ඈත කොරිඩෝවේ එනකොටම science auditorium එක ඉස්සරහ උඹ හිටගෙන ඉන්නවා දකිද්දි මට මහ අමුත්තක් දැනුනා.....අමුතු හැඟීමක්....කලින් කවමදාකවත් දැනිච්ච නැති විදිහේ feeling එකක් ඒක....මට නතර වෙලා උඹ දිහා බලාගෙන ඉන්න ඕන උනා......." ආදි ඇස් ඇරලා නුරාධ දිහා බැලුවා.

"ඒත් මොකක් හරි නිසා මම බය උනා.....ඔයා මාව දකියි කියලා මම බය උනා......ඒ හින්දම මම ඔයාව පහු කරගෙන ගියා......ඒත් ඔයාව පහු කරනවත් එක්කම යන්තමින් මගේ උරහිස ඔයාගේ උරහිසේ ගෑවීගෙන ගියා.....ඒක හරි අමුතුයි....ඉලෙක්ට්‍රික් ශොක් එකක් වගේ......sorry කියන්න ආපහු හැරුනත් ඔයා බය වෙලා ඇස් වහගෙන ඉන්න හැටි දැක්කම මට අනිත් හැමදෙයක්ම අමතක වෙලා ගියා.....ඒ කොරිඩෝවේ මායි උඹයි විතරක් ඉන්නවා කියල දැනෙන්න ගත්තා......මම හිතුවා ඔයාට හොරෙන් මං ඔයා දිහා බලන් ඉන්නවා කියලා....මගේ පපුව පුදුම වේගෙකින් ගැහුනේ එවෙලෙ.....මම ටිකක් ඈතට ගිහින් බලාගෙන හිටියා......චිත්‍රයක් වගේ......මම දැකපු ලස්සනම දේ.....මම ඇබ්බැහි වෙන්න ඇති එවෙලෙ උඹට......."

"ඒ කියන්නෙ......?"

"හ්ම් ඔව්.....Love at first sight....... මම ඊට පස්සෙ ආයෙත් ඔයාව දැක්කෙ නැහැ......Insta, fb හොයන්න හිතුවත් නමවත් නොදැන හොයාගන්න බැරි නිසා මම ඒ idea එක අතෑරලා දැම්මා......ඒත් මට එදා දැකපු කොල්ලය ආයෙත් දකින්න ඕන උනා....හැමතිස්සෙම මට පෙනුනේ උඹව.....ඇස් පියාගත්තත් ඇස් ඇරගෙන හිටියත් මට මැවෙන්න ගත්තෙ උඹව.....උඹ වගේ උස තියෙන කොල්ලෙක් මගේ ඉස්සරහින් යන හැම වෙලාවකම මම රැවටුණා.......ඒ උඹ වෙන්නැති කියලා......ඔයා එදා හයියෙන් හුස්ම ගත්ත විදිහ මට තාමත් මතකයි......ඉතින් ඒක තමා ඔයා මට දීපු first impression එක.....ඊට පස්සෙ ආයෙත් උඹව දැක්කා මම හදිස්සියෙන්ම කිරිබත්ගොඩ town එකේදි....මම පයින් යද්දි ඔයා car එකේ තාත්තා එක්ක යන ගමන් හිටියේ color light එකක් ළඟ නවත්තලා.....දෙවෙනි පාරට මම උඹව තත්පර කීපයකට දැනගත්තා.....මට පට්ටම සතුටුයි එදා......ඊට පස්සෙ ස්කෝලේ ඒලෙවල් පටන් ගත්තම මම උඹ එනකන් ගොඩක් දවස් වලට gate එක ළඟ ඉන්නවා....ඔයා එක්කම ස්කෝලෙ ඇතුලට එනවා.......ඔයාව ඔයාට හොරෙන් පරිස්සමට ඔයාගේ පන්තිය ළඟට ගෙනත් දානවා......එදා මම වේලාසනින් ආවා society එකේ වැඩකට.....ඒකේ කොල වගයක් අරන් යද්දි තමයි අපි හැප්පුනේ.....පලවෙනි පාරට මම ඔයා එක්ක කතා කලා......මගේ අත අල්ලන් ඔයා නැගිට්ටා....අදටත් මට ඒ දේවල් දැනෙනවා දැනෙනවා වගේ......ඉතින් ඒ තමා මම විතරක් කරපු ආදරේට ඔයත් රිංගපු දවස......"

"මාව දැකපු ගමන් ආදරේ කලාද ආදි, හරියට ඔයා දැකපු ගමන් මම ඔයාට ආදරේ කරන්න ගත්තා වගේ?"

"හ්ම් ඔව්.....හරියටම ඒ විදිහටම....."

වලාකුළු වලින් හඳ වැහිලා යද්දි මතක එක්ක ගුලි වෙච්ච නුරාධගේ ඇස් ටිකෙන් ටික පියවෙලා ගියා. සීතල හුළං රැලි තිර රෙදි ගස්සගෙන දිගටම කාමරේ ඇතුලට ආවා. ආදිගේ උණුහම එක්ක ගුලි වෙන අයුරු සිහින දකිමින් නුරාධ නින්දට වැටුනා.

_____________________________

"අද මූ නැද්ද?" bell එක ගැහුවට පස්සෙත් ගිහාන් ඇවිත් හිටියේ නැති නිසා ඉමන්දිව් නුරාධගෙන් ඇහුවා.

"ආහ් නෑ බං......ඌ ආච්චිලාගේ දිහා යනවා කිව්ව අද......"

"ආහ්....."

ඉමන්දිව් පලවෙනි පාරට ආදරය කලේ කොල්ලෙක්ට. ඕලෙවල් දවස් වල class ආපු කෙට්ටු ලස්සන කොල්ලෙක්. කොණ්ඩේ කැරලි ගැහිච්ච කම්මුල් වල ගැහිච්ච සුදු උස කොල්ලෙක්. ජීවිතේ පළවෙනි පාරට ආදරය කියන්නෙ මොන වගේ හැඟීමක් ද කියන එක ඉමන්දිව්ට පෙන්නලා දුන්නේ උගේ පලවෙනි ආදරේ.

ගෙදරින් මොනතරම් නිදහසක් තිබ්බත් මොනතරම් ඇස් වශී කරන පෙනුමක් තිබ්බත් ආවට ගියාට කවමදාකවත් ඉමන්දිව්ගේ හිත වෙන කෙනෙක් වෙනුවෙන් බැඳෙන්නෙ නැහැ. එහෙම බැඳුනත් ඒ උපරිමේටම ආදරය කරන්න පුලුවන් කෙනෙක් වෙනුවෙන් විතරයි.

කලින් කොල්ලට තමන්ටත් වඩා ඉමන්දිව් ආදරය කලා. ඌ වෙනුවෙන් හැම වෙලාවකම හිටියා. උගේ හිනාව වෙනුවෙන් ඉමන්දිව් කරපු දේවල් වචනයෙන් කියලා ඉවර කරන්න බැහැ. කැමති ඇඳුම්, කැමති කෑම, කැමති සපත්තු මේ හැමදෙයක්ම අරන් දුන්නා. උගේ හිනාව තරම් ඉමන්දිව්ට වටින වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. කෝච්චියේ එයාව එක්කන් මහනුවර ගියපු හැටි තවම ඉමන්දිව්ට අමතක කරගන්න බැහැ. එදා ඒ දෙන්නා කතා කරපු දේවල් අදටත් ඒ කන් වල දෝංකාර දෙනවා.

"වස්තුව......"

"ම්ම්ම්......." නුවර වැව රවුමේ බැම්මට හේත්තු වෙලා මාලුන්ට පොරි විසි කර කර තමන්ට කතා කරන ඒ කොල්ලා දිහා ඉමන්දිව් බැලුවා. මාලු දිහා බලාගෙනම ඌ කතා කලා.

"මට බයයි....."

"ඇයි බබෝ ඒ....." ෆෝන් එකේ notification බලලා සාක්කුවට දාගන්න ගමන් ඉමන්දිව් කතා කලේ රනුග දිහා බලාගෙනමයි. රනුග දිවිසිරු මීගස්තැන්න...... ඔව් එයා තමයි ඉමන්දිව්ගේ පලවෙනි ආදරේ......මේ මොහොත වෙනකන් ඉමන්දිව් ආදරේ කරපු එකම කෙනා......ඌ දිගටම කතා කලා.

"නුවර මාළිගාවට ආවහම couple වෙන් වෙනවලු.....අපිත් එහෙම වෙයි කියලා බයයි....."

"පිස්සුද අනේ.....ඔයා ඒ දේවල් විශ්වාස කරනවද?"

"නෑ.....ඒත් මට උඹව නැති කරගන්න බයයි....."

ඊට පස්සෙ දෙන්නත් එක්කම කොළඹ මහජන පුස්තකාලයට යද්දි ඒ යන්නෙ ඒ දෙන්නා එකට යන අන්තිම date එක කියලා ඉමන්දිව් කිසිම වෙලාවක හිතලා තිබ්බෙ නැහැ....අදටත් ඒ දේ විශ්වාස කරන්න ඉමන්දිව් අකමැතියි.....එදා පුස්තකාලෙදි ඉමන්දිව් පරිවර්තන පොත් අස්සේ හිර වෙද්දි science fiction කතා හොයාගෙන ගියපු රනුග වෙන කෙනෙක් එක්ක යාලු වෙලත් ඉවරයි. දෙන්නත් එක්කම එලියට ආවත් රනුග ඒ වෙද්දිත් මැසේජ් කර කර හිටියේ library එකේදි හම්බවෙච්ච කොල්ලත් එක්ක.

කාලයත් එක්ක මේ දේවල් එලි වෙද්දි ඉමන්දිව් රනුගගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි.

"උඹ මාව දාලා යන්නත් බයයි කිව්වා නේද බං?....ඒත් උඹ මාව දාලා ගිහින් නේ....පරිස්සමින් හිටපන්....."

ඉමන්දිව් මොනතරම් මානසිකව වැටුනද කිව්වොත් ඕලෙවල් කරපු ගමන්ම ලංකාව දාලා යන්න ගියේ කවදමහරි දවසක මේ හැමදෙයක්ම අමතක කරලා දාලා ආයෙත් එනවා කියලා හිතාගෙනයි. අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙත් ලංකාවට එද්දි ඌ කාටවත් ආපහු ආදරය නොකරන්න තීරණය කරලා තිබුණත් ඒ තියපු අඩිය දිගටම ඉස්සරහටම තියාගෙන ඉන්න බැරුව ඉමන්දිව් වෙව්ලන්න ගත්තෙ ගිහාන්ට එහා පැත්තෙ ඉඳන් ඔලුව පාත් කරගෙන ගණන් හදන නුරාධ දැක්කත් එක්ක. අවුරුදු ගාණකට කලින් විදිහටම හිත වෙනස් වෙන්න ගන්න කොට වෙන්න යන්නෙ මේකයි කියන්න ඉමන්දිව්ට තේරුන නිසාමයි නුරාධව ටිකක් හරි මගෑරලා ඉන්න තීරණය කලේ. ඒත් ඒ ඇස් කොහොම මගාරින්නද?

ආදරය කියන දෙයින් උපරිමේටම රැවටිච්ච මනුස්සයෙක්වත් ආයේ ආදරය කරන්න පොළඹවන තරමට නුරාධගේ ඇස් මායාකාරි යි. මැරෙන්න තීරණය කරපු කෙනෙකුට ආයෙත් ජීවිතය ගැන ආසාවක් ඇති කරවන තරමට නුරාධගේ හිනාව බලසම්පන්නයි. ඉතින් ඉමන්දිව් කොහොමද එයාව මගාරින්නෙ?

Interval එකෙන් පස්සෙ ආපු ගුරු රැස්වීම නිසා ඊළඟ period දෙකම හිස් උනා. ඔය අතරෙදි class එකේ හැමෝම badminton play කරන්න ගියේ sport room එකෙන් rackets ටිකකුත් අරගෙනමයි. අලුතෙන් හදපු ටෙනිස් කෝට් එකත් එක්කම එහා පැත්තෙන් badminton play කරන තැන තිබුණා. වටේ තියෙන පඩි පෙල්වල කට්ටිය වාඩි වෙලා ඉන්නැද්දි දෙන්නා දෙන්නා ගිහින් badminton ගැහුවා. අනිත් අය වටේ ඉඳන් support කලා. තව කට්ටියක් basketball ගහන්න ගිහින් තිබුණා.

නුරාධ පොඩි කාලේ ඉඳලම badminton play කරපු කෙනෙක්. සනෝජ් එහා පැත්තෙන් racket එක අල්ලන් ඉන්නැද්දි නුරාධ net එකෙන් අනිත් පැත්තෙ racket එකයි මලයි අරගෙන හිටියා. යට හරියේ පඩිපෙළක වාඩි වෙච්ච ඉමන්දිව් හිතේ හැටියට නුරාධ දිහා බලාගෙන හිටියේ නුරාධට එයාව පේන්නෙම නැති බව දන්න නිසාමයි. නිල් පාට ground එකේ එහාටයි මෙහාටයි පැන පැන cap එකකුත් දාගෙන  play කරන නුරාධ දිහා ඉමන්දිව් බලන් හිටියේ ගොඩක් ආසාවෙන්.

'ඌ හරි talented......'

යට කරපු කමිසයත් උඩ පැන පැන සෙල්ලම් කරද්දි උඩට මතු වෙලා තිබුණා. සුදු පාට අත් දාඩියත් එක්ක දිලිසෙනවා. උඩ පැනලා racket එකෙන් එහා පැත්තට මල විසි කරද්දි ඉස්සුන කමිසය යටින් පේන තද බැනියමට හිර වෙච්ච පැතලි බඩ ඉමන්දිව්ගේ ඇස් මෝහනය කලා. ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්න කොට සනෝජ් එහාපැත්තෙන් එවපු පාරකට serve කරන්න යද්දි නුරාධට කකුල පැටලුනා. Racket එකත් විසි කරගෙන නුරාධ වැටෙද්දි ground එක දිගේ එයාගේ අතත් ඇතිල්ලීගෙන ඉස්සරහට විසි උනා. පඩිපෙලේ වාඩි වෙලා Milo එකක් බිබී හිටපු ඉමන්දිව් අතේ තිබ්බ Milo එක විසි කරලා දාලා නුරාධ දිහාවට දුවගෙන ආවේ නුරාධ වටේ වට වෙලා හිටපු අනිත් උන්වත් තල්ලු කරගෙන.

ඒ වෙද්දිත් බිම වාඩි වෙලා අතේ තිබ්බ වැලි පිහදදා හිටපු නුරාධ ගාවට ගියපු ඉමන්දිව් නුරාධව නැගිට්ටවලා කෑ ගහන්න පටන් ගත්තා.

"පිස්සුද ඕයි තමුසෙට.....නිකං සෙල්ලම් කරන්නෙ නැතුව මගුල් කරන්න ගියේ.....කෝ පෙන්නපන් අත"

නුරාධගේ වැලමිටට පහළ කොටසක් තුවාල වෙලා ඒ වෙද්දිත් ලේ ඇවිත් තිබුණා. නුරාධට වචනයක්වත් කතා කරන්න දෙන්නෙ නැතුව අනිත් උන්වත් තල්ලු කරගෙන නුරාධවත් ඇදගෙන ඉමන්දිව් ආවේ ground එහා පැත්තෙ තිබුණ ටැප් පේලිය ළඟට. ටැප් එකක් ඇරලා ඒකෙන් ටික වෙලාවක් වතුර ගලාගෙන යන්න තිබ්බෙ මුල් ටිකේ එන වතුර අව්වේ සැර නිසා හොඳටම රත් වෙලා තියෙනවා කියන්න දන්න නිසාමයි. ඊටපස්සෙ වතුර ටිකක් සීතල උනහම ඉමන්දිව් නුරාධගේ අත අරගෙන ටැප් එකට ඇල්ලුවා. වතුර වැදෙද්දි එන දැවිල්ල නිසාම නුරාධ කටත් එක්ක ඇද කරගෙන ඇසුත් පියාගත්තා. මේ වෙනකන් ඉමන්දිව් වචනයක් කතා කලේ නෑ. නුරාධටත් කතා කරන්න ඉඩ දුන්නෙ නෑ. අත හෝදලා ඉවර උනාට පස්සෙ නුරාධව පන්තියට එක්කන් ගියා. පුටුවකින් වාඩි කරලා first aid box එක අරගෙන තුවාලෙට treat කලා.

"ඔහොම්ම හිටපන් ආයෙ කොහෙවත් යන්නැතුව....මං ඉක්මනට එන්නම්"

නුරාධට කතා කරන්නවත් ඉඩ නොදී ඉමන්දිව් දොරත් වහලා දාලා එලියට දිව්වා.

වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසාම ෆෑන් එකත් දාගෙන නුරාධ බෑග් එකේ තිබ්බ novel එකක් එලියට ගත්තෙ තනියම ඉඳගෙන නිදහසේ පොතක් කියවන්න චාන්ස් එකක් ලැබිච්ච නිසාමයි.

දුම්රියෙන් පැමිණි අනාථ කෙල්ල

නතර කරපු තැනින් book mark එක අයින් කරලා දාලා එයා කතාව කියවන්න පටන් ගත්තා.

'ආව්ස්.......අනාථ කෝච්චියෙන් අවුරුදු විස්සකට විතර පස්සෙ විවියන්ට ආයෙත් ඒ කොල්ලම හම්බෙනවා......මරේ මරු......'

'නිආම් ඩොරති වෙනවා ඩොරති විවියන් වෙනවා.....අන්තිමට කතාවට මොලිත් එකතු වෙනවා.....'

ඇග්නස් පෝලින් නැවෙන් අයර්ලන්තයේ ඉඳලා ආපු නිආම් පවර්ගේ කතාව කියවගෙන යද්දි එලියට දුවගෙන ගියපු ඉමන්දිව් ආයෙත් දොර ඇරගෙන ආවා. මොකුත්ම නොකියා නුරාධගේ මේසේ උඩින් Ice coffee එකක් තියලා එයා ආයෙත් යන්න හැරුණා.

"එලියට නොයා ඕක බොන්න....."

"Thank you......" තාමත් දොර දිහා බලාගෙන එලියට යන්න එපා කියලා උපදෙස් දෙන ඉමන්දිව්ට නුරාධ කියද්දි ඒක ඇහිච්ච නැති ගානට ඉමන්දිව් ආයෙත් එලියට දිව්වා.

'මේකනම් මහා පුදුම මිනිහෙක්'

නුරාධ ආයෙත් පොත කියවද්දි ඉමන්දිව් උඩම තට්ටුවේ බැම්මකට හේත්තු වෙලා ඈතින් පේන උස ගොඩනැගිලි දිහා බලාගෙන හිටියා.

නුරාධ වැටිච්ච වෙලාවේ ඉමන්දිව් බය වෙච්ච විදිහ......
බලෙන්ම නුරාධට බෙහෙත් දාපු විදිහ......
තුවාලෙට වතුර වැටෙද්දි ආපු දැවිල්ලට නුරාධ ඇස් වහගද්දි ඒ වේදනාව තමන්ටත් දැනිච්ච විදිහ......
Ice coffee එක දීලා කෙලින්ම උඩ තට්ටුවට දුවන්නෙ නැතුව ජනේලෙන්, ඇතුලේ ඉඳන් පොත කියවන නුරාධ දිහා හොරෙන් බලාගෙන හිටපු විදිහ.......

මේ දේවල් මතක් වෙද්දි ඉමන්දිව් තේරුම් ගත්තා එයාට නුරාධව නොසලකා හරින්න බැරි තරමටම දැනෙන්න අරං කියන එක.

_____________________________

"මොකද බබා මේ?" බස් එකේදි නුරාධගේ තුවාල වෙච්ච අත දිහා බලාගෙන ආදි නුරාධගෙන් ඇහුවා.

"අද බැඩ්මින්ටන් ගහද්දි වැටුණනේ මම ඒකයි....."

"පරිස්සම් වෙනවකෝ......ආයේ මම නැති තැනක සෙල්ලම් කරන්න එපා හරිද?"

"ඒ මොකද?"

"මම ඉන්න තැනක ඔයාට තුවාල වෙන්න දෙන්නෙ නෑනෙ මැණික මම"

ආදි කිව්වෙ නුරාධගේ ඇස් දිහා බලාගෙන.

Continue Reading

You'll Also Like

3.2K 209 4
#1. htf 07/06/23 It's a beautiful day outside. Birds are singing. Flowers are blooming. On days like this, kids like you, should be doing their homew...
1K 147 13
ඔබ ශුද්ධ වූ දරුවා වේ ! ඔබ ආදරය හිමි ශුද්ධ වූ දරුවා වේ ! ❤️
4.3K 585 43
මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ... මතක පුස්තකාලේ කියවන්න ආවෙ... ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක ප...
87.7K 3.1K 27
"i want jeongin to be my boyfriend. help me you dipshits." - in which jeongin and hyunjin are famous for being rivals. however, what's gonna happen i...