ප්‍රේමයට කාරණා

Von _dolie_

7.8K 1K 2K

සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතු... Mehr

01
02
03
04
05
07
08
09

06

597 122 203
Von _dolie_

හාහ්.... මහන්සි කියන්නේ... කොච්චර මහන්සිද කියනවා නම් දැන් මේඝවට ඕනි වෙලා තියෙන්නේ අම්මගෙ අතින් හදපු රසම රස කිරිකෝපි එකක් බීලා මෙහෙම්මම ඇදට වැටෙන්න.. ඒ වැටුනා කියන්නේ ආයෙ ඉතින්, දවසක්ම කොල්ලා සැපට දොයි තමා..

ඒත් කොහෙද... තාම බොරැල්ලේ.. හරි ඉතින්... බොරැල්ලේ කියන්නේ ගෙදරටම තව විනාඩි කීයද.. 5ක් වත් නෑනේ.. ඇයි ඉතින් කොල්ලගේ ගෙදර තියෙන්නෙ කොටා රෝඩ්නෙ...

ඒ කියලත්, ගෙදර ගිය ගමන් නිදාගන්න පුලුවන් වෙයිද අද... අද උදේම නුවර ඉදන් කොළඹ ආවට මොකද කොලඹත් සේරම වැඩ ටික ඉවර කරගන්නකොට සෑහෙනම දවල් වෙලා... ඒ අස්සෙන් අද මේඝවව ගෙනියන්න කොල්ලගේ ගෙදරින් වාහනේ ඇවිත් නෑ.. පෙරේදා උදේ වැකේශන් ආව පහන්දි, මේඝවගෙ අක්කා යාලුවො එක්ක කොහෙද ගිහින්ලු.. ඉතින් ගෙදර යන්න කැබ් එකක් දාගන්න හදපු කොල්ලගේ ක්‍රිකට් බෑග් එකත් බලෙන්ම වගේ උදුරගෙන එයාගේ වාහනේට දාගත්තු නිරුද් මේඝවව ගෙදරට ඇරලවන වැඩේ බාරගත්තේ ස්වකැමැත්තෙන්මයි කිව්වොත්, ඔව්!

කොහොමත් පොර හිත හොද අපේ කැප්ටන් නෙ!

ඉතින් මේඝව නම් දැන් කල්පනා කරන්නේ ගෙදරට පැනගත්තු ගමන් මූව එලවගන්න විදියක්.. ඇයි ඉතින් කොල්ලට පුදුම මහන්සියිනෙ..

ඒ කියලා එයාවත් ගෙදරටම එක්කන් ආව එකාව එලවන්නද..

"දකුණු පැත්තේ තුන් වෙනි ගෙදර අයියේ"

වැඩි කතා බහක් නැතුවම ආව අපේ කොල්ලා දෙන්නාගෙන් වාහනේ අරන් ආව නිරුද් කොටා රෝඩ් එකට හරවනවත් එක්කම මේඝව ඒ කිව්වේ එයාගේ අතත් දික් කරලා ගේ දිහාව පෙන්නන ගමන්..

"මෙතනින් නැවැත්තුවට අව්ලක් නෑනෙ මේඝව.. ශේප්නේ.."

"නෑ නෑ ශේප් ශේප්..."

කියාගෙනම මේඝව නම් දැන් වාහනෙන් බැහැලත් ඉවරයි.. දෙයියනේ මෙතන ඉදනුත් කොල්ලට නිකන් ඇද පේනවා පේනවා වගේ! ඉතින් කොහොමද තව ඉවසන්නේ.. නිරුද් වාහනේ හරියට නවත්තන්නත් කලින්ම වාහනෙන් බැහැපු පොඩි එකා දැන් පිටිපස්සේ තිබුන එයාගේ බෑග් එකත් කරේ එල්ලගෙන ඒ දොරත් වහන ගමන් එහෙමම ඩ්‍රයිවින් සීට් එක පැත්තට වාහනේ ඉස්සරහින් ඇවිදගෙන ඇවිත් නැවතුනා...

"එහෙනම් ලිෆ්ට් එකට තෑන්ක්ස් කේසර අයියේ.. ඔයත් පරිස්සමෙන් යන්න..."

නිරුද් පහත් කරපු ශටර් එකෙන් ඇතුලටත් එබිලා හිනාවෙලා ඒ කිව්ව මේඝව දැන් එක හිතින් ලෑස්තියි ගෙට පැනලා ඇදට වැටිලා නිදාගන්න.. හාහ් කිරිකෝපි එක.. ඒක බොන්නත් එපෑනෙ. තව ඩිංගෙන් අමතකත් වෙනවනෙ..

ඉතින් නිරුද්ට පරිස්සමෙන් යන්න කියන ගමන් ආපිට හැරුනු මේඝව එතනින් එන්න ආවත්, කොල්ලට එක අඩියකට වඩා ඉස්සරහට තියාගන්න බැරි උනා වගේම පුදුමෙන් වගේ ආපිට හැරුනු පොඩි එකා දැක්කේ ශටර් එකෙන් එලියට අතක් දාගෙන යන්න ගිය එයාගේ අතේ මැනික්කටුවෙන් අල්ලගෙන ඉන්න නිරුද්ව..

ඉතින් දැන් පුදුමයි! ඒ පාර මොන හෙනගෙඩියක්ද.. ඇයි අප්පා අම්මගේ චූටි පුතාගේ නින්දට මෙච්චරම බාධා වෙන්නේ..?

"ගෙදරටම ආව මනුස්සයෙක්ව ඔහොම පිට පාරෙන්ම හරවලා යවන එක හොදද බබා... ම්ම්?"

හහ්! බබා කිව්වේ.. කවුද බබා? අනික කවුද පොල් ඔලුවගේ බබා.. මේඝව බබෙක්ද.. නෑනේ! පොල් ඔලුවගේ බබා වෙන්න කොහොමත් බෑනේ... එක්කෝ මූට නිදිමත වැඩි වෙලාද විකාර කියවන්නේ..

අනික, ගෙදර පලයන්කෝ බං අයියේ.. මටත් ගිහින් නිදාගන්න ඕනිනේ!

මේඝවගෙ හිත එහෙම කිව්වත්, කොල්ලගේ හිතේ තව කෑල්ලක් දැන් කොල්ලට හොදටම බනිනවා.. ගෙදරටම අරන් ආව එකාවනේ උඹ තේ එකක් වත් නොදී එලවන්න හැදුවෙ කියලා..

"මම හිතුවෙ ඉතින් අයියත් මහන්සි නිසා ගෙදරම යයි කියලා.. ඉන්නකෝ එහෙනම් මම ගේට් එක අරින්නම්.. තේ එකක් බීලා යන්"

හිනාවෙලා එහෙම කිව්වත් හිතින් පුලුවාන් තරමක්ම නිරුද්ට දෙහි කපන ගමන් මේඝව ආයෙම හැරුනේ දැන් ඉතින් එයා ඇතුලට ගිහින් මූට වාහනේ ඇතුලට ගන්නත් ගේට් එක අරින්න ඕනි නිසා උනත්,

මේ පාරත් හැරුනට මොකද මේඝවට අඩියක් වත් ඉස්සරහට යන්න බැරි උනා.. ඇයි ඉතින් අත මෙතන ගලවලා තියලා යන්නද..

"අහ්ම් අහ්ම්... අයියේ.. මේ..."

ආයෙමත් වාහනේ පැත්තට හැරුනු මේඝව එහෙම කිව්වත් වගේ,

"ඇයි ලමයෝ.. ඉක්මන්ට ගිහින් ගේට් එක අරිනවා මෙතන මේක මෙහෙම නවත්තන් ඉන්න බෑනේ..."

"හරි ඉතින් අරින්නම්.. ඉස්සෙල්ලා මගෙ අත දීලා ඉන්නකො.."

ඔන්න ඉතින් දැන් තමයි නිරුද්ට පොලොව පලන් යන්න හිතෙන්නේ.. චහ්! අපේ නිරුද්ට.. ඕවාට ලැජ්ජ හිතෙන්න.. පිස්සුද.. අම්මගෙ බඩින් එලියට ආවත් හරි දොස්තර කාරයා ඉස් ඉස්සෙල්ලාම පෙකනිවැල වෙනුවට කපලා තිබුනේ අප්පච්චිගෙ රන්කැටියගෙ ලැජ්ජා නහරෙනෙ!

මේඝව අත ඉල්ලනවත් එක්කම මහ කැත විදියට කටකොනින් හිනාවුන නිරුද් තවත් පරක්කු නොකරම පොඩි එකාගේ අත අතෑරියා විතරයි මේඝවට ෆ්ලෑශ් වැහුනා වගේ ගේට් එකෙන් ඇතුලේ.. ඊළඟට ලොකු ගේට් එකත් ඇරෙනකොට පරක්කු නොවීම කාර් එක වත්ත ඇතුලට ගත්තු නිරුද් වාහනෙන් බැස්සා විතරයි,

කොල්ලගේ කකුල් දෙක එතනම ලොක් වුනා..

ඒ ඇස් නැවතිලා තිබුනේ දැන් ගෙදර දොරලඟ අම්මාව බදාගෙන ඉන්න මේඝව ළඟ කිව්වොත්, නිරුද්ට දැනෙන්න ගත්තේ එයාගේ ඇග ඇතුලෙන් ගැහෙනවා වගේ හැඟීමක්.. ඒ එක්කම මේඝවව තුරුලෙන් අයින් කරපු මේඝවගේ අම්මා කොල්ලගේ ඔලුව එයාගේ ගානට පහත් කරන් ගෙට එන්නත් ඉස්සර ඒ නලල මැදට තොල් දෙක තදකරන හැටි පවා නිරුද් බලාගෙන හිටියේ බොඳ වුන ඇස් වලින්!

ඔව්! ඒ ඇස් බොඳ වෙලා ගිහින්... සමහරවිට රොඩ්ඩක් යන්න ඇති..

ඉතින් කිව්වත් වගේ, අම්මා නම් නිරුද්ව දැක්කේ එයාගේ පුතාව ගෙදරට පිලිඅරගෙන ඉවර වෙලා.. ඇයි ඉතින් මහන්සි වෙලා මහන්සි වෙලා දවස් ගානකින්නෙ කොල්ලා මේ ගෙදර ආවේ..

"ආ මේ යාලුවෙකුත් ඇවිත් ඉන්නේ.. එන්න පුතා ඇතුලට.."..

තාමත් වාහනේ ගාවම හිටගෙන ඉන්න නිරුද්ව දැකපු මේඝවගේ අම්මා හරි ලස්සනට හිනාවෙලා කොල්ලට ගෙට කතා කරද්දි ඇස් පිල්ලම් දෙකක් ගහන ගමන් අර ඇස් වල තිබුන බොඳ වුන ගතිය නැති කරගත්තු නිරුද් ආපිට අම්මට දුන්නෙත් අම්මා තරම්ම ලස්සන හිනාවක්..

ඔන්න දැන් මේඝව නම් පුදුම වෙලා...

ඒ හිත කිව්වෙම,

පොල් ඔලුවට මෙච්චර ලස්සන හිනාවක් තියෙනවද.. ඒ තියාගෙනත්නේ මූ මේ කොයි වෙලෙත් ඔරවන් ඉන්නේ.. ඔරංඔටා!

"කවුද චූටි මේ දරුවා..."

නිරුද් ගෙට අඩිය තියනකොටම වගේ ඔන්න අම්මට තවත් ප්‍රශ්නයක්.. හැබැයි ගේ ඇතුලට ආව කොල්ලට ආයෙම වතාවක් හරි ලස්සනට හිනාවෙන්නත් ඒ අම්මා අමතක කලේ නම් නෑ.. කොහොම උනත් නිරුද්ට නම් දැන් වෙනම ප්‍රශ්නයක්! හහ්? චූටි? කොහෙද දන්නෑ පොඩි පකයගෙ චූටි? අනේ මගෙ කට! නිරුද්ගේ හිත දැන් එහෙමත් කියනවා...

කොච්චර මොනවා කිව්වත් කොල්ලගේ ඇස් තාමත් තියෙන්නේ මේඝවගේ අම්මා ළඟ... ඇයි ඒ?

"මේ අම්මා අපේ කැප්ටන්.. කේසර අයියා... ඔයා දැකලා ඇතිනේ.. කේසර නිරුද් රාජපක්ෂ"

ඉතින් මේඝව වැඩිදුර තොරතුරක් විදියට කොල්ලගේ සම්පූර්ණම නමම අම්මා ඉස්සරහ දිගෑරියේ ඒ තොරතුරු අනිවාර්යයෙන්ම අම්මාට මේ පොල් ඔලුවා කවුද කියන එක අඳුරගන්න උදව් වෙනවා කියලා දැනගෙනමයි. හිතුවත් වගේ,

"දෙයියනේ මේ එතකොට අපේ අගමැතිතුමාගෙ පුතාද..."

ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගත්තු මේඝවගේ අම්මා එහෙම ඇහුවේ නොසෑහෙන්නම පුදුමෙන්.. ඇයි ඉතින් කවුද හිතුවේ ඒ වගේ කෙනෙක් එයාගේ ගෙදරට එයි කියලා.. අනික... කෝ එතකොට ගාඩ් එක! මෙහෙම මනුස්සයෙක් කිසිම ආරක්ශාවක් නැතුව තනියම එහෙ මෙහෙ යනවා වෙන්න බෑනේ!

ඒත් අම්මගේ ප්‍රශ්නෙට නිරුද් නම් ඒත් කලේ මුකුත්ම නොකියා ඇස් වලින් හිනාවෙන එක.. ඒකත් ලාවට.. දෙයියනේ මේ ලමයගේ තියෙන තැන්පත්කම! අගමැති පුතෙක් කියලා නිකමටවත් හිතුවැකිද?

අම්මට හිතුනෙම එහෙම....

"අගමැතිතුමාගේ පුතාව ටීවි එකෙන් දැකලා තිබ්බට ලඟට මෙච්චර හැඩයි කියලා දන්නේ අදනේ.. ඉතින් ඉතින්.. පුතා මොකෝ මේ අපේ වගේ ගෙදරක..!"

අම්මට ඒ අහලා කට ගන්න ඉඩක් ලැබුනෙ නෑ,

"ආ ඇයි... අගමැති පුතා කියලා එයා ලොකුයිද.. අම්මගෙත් මලවිකාරනෙ.. ඔය දැන් තියෙන නිවිච්ච ගතිය නෑ ග්‍රවුන්ඩ් එකට ගියාම.. අම්මා දන්නවද මෙයා අපිට බනින හැටි! හහ්!"

ඔන්න ඔන්න.. රුසියාවට වඩා ලොකු පොඩි එකාගේ ඉරිසියාව.. කොච්චර උනත් අම්මට වටින්නෙ නෑනේ එයාව ළඟ තියාගෙන වෙන එකෙක්ව හුරතල් කරන්න.. ඒ මේ පොල් ඔලුවා නම්, අම්මට කොහොමත්ම වටින්නේ නෑනේ!
මේවා මේ චූටි පුතු අයිතිවාසිකම් උල්ලංඝනය වෙන වැඩ!

මේඝවගේ කෝනෙන් එහෙම වෙනකොට මේ දැන් නිරුද් නම් යකෙක් දැක්ක ගානට බලාගෙන ඉන්නේ කිසිම බයක් සැකක් නැතුව එයාට බැනපු පොඩි එකා දිහා... යකෝ මුගෙ කටනෙ වැඩේ.. ගහන්ඩ හිතයි උස්සලා පොළොවේ! පකයා.. කමක් නෑ නිරෝ කමක් නෑ.. ඉවසපන්.. මෙතන හොද එකා වගේ ඉවසලා යටින් ගේම ගහපන් පොඩි හුත්තිගෙ පුතාට උන ගැනෙන්නම...!

"ඒ ඉතින් ග්‍රවුන්ඩ් එකේනේ දරුවෝ... එතනට ගියාම මේ දරුවා ඉතින් ඔයාලගේ කැප්ටන් විදියට ඔයාලව බලාගන්න ඕනිනේ.. අනික තරුණ පිරිමි ළමයි මෙල්ල කරගන්න එකම ලේසි වැඩක්ද.. එතනදි එහෙම උනාට මට නම් ඇත්තටම මේ දරුවා හරි තැන්පත් පාටයි.. අනේ ඇයි පුතේ හිටගෙන.. ඉදගන්නකෝ.."

ඉතින් කිව්වත් වගේ නිරුද් තාම හිටගෙන.. මේඝවගේ ඉරිසියාකාර වචන වලටත් අලුතින් ආව පුතාව ලොකු කරගෙන නිරුද්ගේ පැත්තටම කතා කරපු මේඝවගේ අම්මා හිටගෙන ඉන්න කොල්ලගේ අතකිනුත් අල්ලලාම එයාව සෝෆා එකෙන් ඉන්දවනකොට, මේ දිහා බලාගෙන ඉරිසියාවේ පුපුරන පොඩි එකත් දඩාස් ගාලා එයාගේ බෑග් එක පුටුවක් උඩට අතාරින ගමන් නිරුද් ඉදගත්තු සෝෆා එකෙන්ම ඉදගත්තා...

ඉතින් පොඩි එකාගේ ඇද වුන මූනට නිරුද්ට ඒ අස්සෙන් හිනා!! හිනාවෙන්න ගිහින් ආයෙම පොඩි එකා නිරුද්ට රවපු පාරට නිරුද් හිනාව කා ගත්තා කිව්වොත්, ඇත්තටම නිරුද්ට මේඝවගෙ ගෙදරදි කියාගන්න නොතේරෙන අමුතු සැනසීමක් දැනුනා කියන එක ඒ කොල්ලට වත් සමහරවිට නොතේරෙන්න ඇති...

ඉතින්,

"එහෙනම් දෙන්නත් එක්කම ඔහොම ඉන්නකො පුතා.. මම ගිහින් තේ දෙකක් හදාගෙන එන්නම් ඉක්මනට"

"අනේ කරදර වෙන්න එපා ආන්ටි.. මම දැන් යන්න ඕනි.."

"මොන කරදරයක් ද දරුවෝ... කවුද දන්නේ අගමැතිතුමාගේ එකම පුතා ආයෙ අපේ ගෙදරට එයිද කියලා වත්.. ඉතින් ආව වෙලාවෙ ආගන්තුක සත්කාර කරන්න එපෑනෙ!"

හිනාවෙලා එහෙම කියන ගමන් අම්මා ආපිට කුස්සිය කියලා හිතන්න පුලුවන් පැත්තකට ඇවිදගෙන යද්දි සාලේ තනිවුන නිරුද් එහෙමම හැරුනේ දැන් සෝෆා එකේ එයාට එහායින් ඉදගෙන ෆෝන් එක ඔබන මේඝවගේ පැත්තට...

"ඕයිහ්"

හැරුනත් වගේ තාම ෆෝන් එක කන පොඩි එකාගේ අවදානේ තමන්ට ඇදගන්න හිතාගෙන නිරුද් කොල්ලගේ ශෝටෙන් එලියට පේන කලවෙකට ඇඟිල්ලෙන් ඇන්නා විතරයි අර හොයපු අවදානෙ නොඅඩුවම එයාට ලැබුණා.. ඉතින්,

"පකයට ඉරිසියයි නේහ් අම්මා මට ආදරෙන් කතා කරනවට…?"

ආයෙම අර කටකොනේ හිනාව මූනට අරගෙන නිරුද් ඒ ඇහුවත්,

"මට වෙන වැඩ නෑනේ අයියේ උඹට ඉරිසියා කර කර ඉන්නවා ඇරෙන්න...!"

"ඔව් ඔව් මටත් පේනවා වෙන වැඩ නම් තියෙනවා කියලා.. බත් කන හරක් නාම්බා ආයෙ අර නෑම්බිට මැසේජ් කරනවනෙ ඔය!!"

නිරුද් කින්ඩියට වගේ හිනාවෙලා කිව්ව කතාවත් එක්කම ආයෙම නිරුද්ට රවපු මේඝව ෆෝන් එකට අවදානේ දුන්නත් එයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි උනා..

"මම වගේ පවුකාරයෙක්ට උඹ ඔහොම ඉරිසියා කරන්න එපා බං.. මොකද හැමෝටම උඹට වගේ අම්මගේ ආදරේ විදින්න පින නෑ.. ඒ අතින් උඹ පට්ටම වාසනාවන්තයි මල්ලි!"

ඉතින් මේඝව මොහොතකට නිහඬ උනා කිව්වොත්, කොල්ලා දැන් නිරුත්තරයි.. ඊටත් මේ වෙලාවෙ නිරුද්ගේ මූනේ තියෙන බැල්ම.. ඉස්සරහ බලාගෙන ඉන්න නිරුද්ගේ බැල්මට අඩි ගානක් ඉස්සරහින් සුදු හුණු පිරියම් කරපු බිත්තිය හරස් වෙලා තිබුනත් ඒ බැල්ම බිත්තියත් විනිවිද ගිහින් අනන්තය වෙනකන් විහිදිලා තිබුනා වගේ බැල්මක් තමයි මේ වෙලාවේ නිරුද්ගේ ඇස් වල තිබුනේ...

මේඝවට ඇත්තටම කියන්න දෙයක් හිතාගන්නම බැරි තරම්.. කවුද හිතුවේ නිරුද් මෙහෙම කියයි කියල.. අනික ඇත්තටම මේඝවටත් නිරුද්ගේ අම්මා නෑ කියන එක එච්චර මතකයක් තිබුනෙ නෑ..

කොහොම උනත් මේඝවට මුකුත් කියන්න ඉඩක් නැතුවම දෙන්නගෙම අවදානේ වෙනස් කරගෙන පොඩි එකාගේ ෆෝන් එකට කෝල් එකක් එනකොට, ෆෝන් එක අතේ තියන් හිටිය මේඝව වගේම අහක යන කුනු ඇගේ ගහගන්න ආස නිරුදුත් ෆෝන් එක අස්සට ඔලුව ඔබාගනිද්දි, මේඝවගෙන් නම් පිටවුනේ සෑහෙනම බර හුස්මක්..

ඊටත් ඒක කලකිරීම පිරුනු හුස්මක්..

ඉතින් කෝල් එක එන්නේ කාගෙන්ද කියන එක වගේම පොඩි පකයගේ මූනේ මේ දැන් සිද්ද වුන වෙනස දැකපු අපේ නිරුද් කොල්ලා ඒ හිතුවක්කාර හිතට ආව ක්ශනික අදහස ඒ පරක්කුවටම ක්‍රියාත්මක කලේ මේඝවගේ අතේ තියෙන ෆෝන් එකත් කොල්ලා අතින් උදුරගන්න ගමන්... ඒ විතරක්ද මූ අර පොඩි එකාවත් බය කරගෙන එකාව ලඟට ඇදලා අරන් තුරුල් කරගත්තනෙ.. දැන් මේඝව නම් ෆුල් හොලමන්.. එහෙන් නිරුද්ගෙ කටකොනේ හිනාවක්..

ඇරත් කෝල් එක ආපු පැත්තෙන් ආවෙත් වීඩියෝ කෝල් එකක්...

"ඇයි චූටි අයියේ ඔයා දැන් ඕනිවට එපාවට වගේ මට මැසේජ් කරන්නේ.. මගෙ චූටි තාත්තියට මගෙන් වැරැද්දක් වත් උනාද.. අනේ මට ඔහොම කරන්න එපා මම මැරිලා යයි දෙයියනේ.. මේ බලන්න මම කාලත් නෑ ඔයා නිසා....."

කෝල් එක ආන්ස්වර් උනු හැටියෙම නිරුද්ගේ කන් දෙකට ඇහුනේ මේ ලොකේ ජීවත් වෙන කිසිම මනුස්සයෙක්ට අහන්න හොද අඳෝනාවක් නම් නෙවෙයි.. ඒව් ඒව් ඒස බඩ්ඩ ඒ අස්සෙන් ටවල් එකක් පිටින්! එහෙන් කොන්ඩෙන් තෙත බේරෙනවා.. ඒ මදිවට ඒකි හොටු පෙර පෙර අඩනවා.. නෑවට මොකද කඳුළු වලට අයිලයිනර් එක දියවෙලා මූන දිගේ වැක්කෙරෙනවා. එක්කො මේකි කෝල් එක ගන්න කලින් මේකප් කරලා!

ඉතින් නිරුද්ගෙ මුනත් දැන් හත්තිලව්වට ගහපු මොකද්ද එක වහේ.. එහෙන් මේඝව තාමත් කම්පියුස්! ඒ කොල්ලා මාරුවෙන් මාරුවට ෆෝන් එක දිහායි නිරුද් දිහායි බලන්නේ මේ මුකුත් හිතාගන්න බැරි ලුක් එකකින්..

කොහොම උනත්, ඈඩියාව චුට්ටකට නවත්තපු කෙල්ල දැන් ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නේ මේඝවව තුරුල් කරන් ඉන්න නිරුද් දිහා.. කෙල්ලටත් පුදුමයි... ඉතින් බලාගෙන ඉදලා ඉදලා විනාඩියකින් විතර ඒකි ආයෙම අඩන්න ගත්තේ කලින්ටත් වඩා සද්දෙන් කිව්වොත්, දැන් නිරුද්ට නම් හිත මේක මෙහෙමම කට් කරලා දාන්න.. මොන වදයක්ද.. වැස්සියො උම්බෑ ගානවා ඔයිට වඩා ලස්සනට. ඒත් ඉතින් එහෙම කට් කරන්නත් බෑනේ.. එතකොට අර කුපාඩි ප්ලෑනම වතුරෙනෙ!

ඉතින්,

"හා හා දැන් ඉතින් අඩලා වැඩක් නෑ චූටි අම්මියො.. මොකද ඔයාගේ චූටි තාත්තිට දැන් වටේ යන ගස් ලබ්බියන්ගෙන් වැඩක් නෑ... මේ පේනවනේ..  එයාට දැන් ලොකු අප්පච්චි කෙනෙක්ම ඉන්නවා.. ඒ නිසා දැන් ඔහොම වක්කරන්න තියාගන්න එපා.. ඔය උලාගෙන ඉන්න පොටි දියවෙලා යනකොට බලාගෙන ඉන්න අපිටත් අප්පිරියයි.. නේද මගෙ පැටියෝ... ඒකට මගෙ කොල්ලගෙ කම්මුල.. ලෝබකමේ බෑ.. දැක්කම හපන්නමයි හිතෙන්නේ... උම්ම්මහ්හ්හ්!"

හිත යටින් මහ කුපාඩි විදියට හිනාවෙවී මේඝවගේ කම්මුලක් පිරෙන්නම සද්දෙත් ඇහෙන තරම් තද කිස් එකක් කොල්ලගේ කම්මුලට දීපු නිරුද් දැන් හිනාව කාගෙන බලාගෙන ඉන්නේ කෙල්ලගේ රුවිතෙට ගිය කට දිහා. හැබැයි දැන් ඒ ඔක්කොටම වඩා වටින්නේ මේඝවගෙ බැල්ම කිව්වොත්, නිරුද්ට සෑහෙනම විශ්වාසයි පොඩි එකාට දැන් එයාව පේනවා ඇත්තේ පිටසක්වල ජීවියෙක් විදියට..

"අනේහ් මගේ චූටි අයියේ.. මේ කියන්නේ ඇත්තද අයියේ. ඔයා ඇත්තටම දැන් මෙයාටද ආදරේ.. එතකොට අපි දෙන්නට මොකද වෙන්නේ තාත්ති.. අපි දෙන්නා එකතු වෙලා දරු පැටව් 11ක්ම හදලා ක්‍රිකට් ටීම් එකක් හදන්න හිටිය හිනෙට මොකද වෙන්නේ තාත්ති.."

කෙල්ල එහෙන් හෝ ගාලා අඩනවා.. මෙහෙන් නිරුද් හිනාව කාගෙන ඉන්න බුදු ගේමක් දෙනවා. අනිත් පැත්තෙන් මේඝව කල්පනා කරන්නේ එයා කවද්ද ළමයි හදන්න කතා කලේ කියලා.. ඔය සේරම අස්සෙන් ආයෙම නිරුද්ගේ කටට පණ ඇවිත් තිබුනා කිව්වොත්,

"ආහ්.. ඔයා එහෙමත් හිතාගෙන හිටියද මගෙ පැටියෝ.. ඉතින් මට කියන්න තිබ්බනේ.. කොහෙද මගෙ බබාට ලැජ්ජද ඒවා මාත් එක්ක කියන්න ම්ම්.. ඉන්නකො ඉන්නකො.. ඔයාට ළමයි 11ක් ඕනිම නම් අපි අද රෑටම පටන් ගමුකො.. එතකොට අද ඉදන් අවුරුද්දට එක පැටියා ගානේ අවුරුදු 11කින් මට පුලුවන් ඔයාට පැටව් 11ක්ම දෙන්න.. මගෙ චූටි බබා අකමැති නෑනේ.."

මේඝවට දැන් ඕනි මෙතනම පොලොව පලාගෙන ගිහින් කොහෙහරි හැංගෙන්න.. ඇයි යකෝ.. මොනවද මේ මිනිහා මේ කියවන්නේ.. ඇරත් එයාට ළමයි හදන්න පුලුවන් ද. පුලුවන් උනත් මූ එක්ක ළමයි හදන්න! පිස්සුද නැත්තන් හැටිද? නිරුද්ගේ වචන එක්ක එහෙම් පිටින්ම රතු වෙලා ගිය මේඝවගෙ මූන දැකපු නිරුද්ගෙ ඉවසීම සීමා පනිනකොට හයියෙන් හිනායන්න කලින්ම කොල්ලා කෝල් එක කට්කලා..

ඉතින් දැන් නිරුද් හිනාවෙන වෙලාව.. හිනාව කොච්චරද කියනවා නම් කොල්ලා සෝෆා එකෙනුත් පෙරලිලා හිනාව.. ඔක්කොටම වඩා බලන්න වටින්නේ මේඝවගේ මූන වෙද්දි ඒ මූනේ දැන් තිබුනු බැල්මට නිරුද්ට හිනාවෙලාම පණ යන්න තරම්!

ඉතින්,

"මොකද්දෝයි අයියේ තමුසේ ඒ කලේ.."

අන්න අන්න.. පොඩි එකාට මල පැනලා..

"ආහ්.. ඇයි ඇයි මොකෝ උඹ.. සුදු අම්මිට බැන්නම චූචි චෑච්චිට රිදුනද මෙහෙ!"

"රිදුන ලබ්බක් නෙවෙයි අයියේ. එවුනාට මම ආස නෑ මමත් ඒකිගෙ ගානටම වැටෙනවට.."

"අනේ අනේ මේහ් බක පණ්ඩිතයා නොවී හිටපන්.. ආවා මෙතන රෝමියො වෙන්න.. ඔය වගේ පොඩි හුත්තියන්ට ඔහොම කියලා මදි.. ඔකුන්ව රැකලත් වැඩක් නෑ බං.. කොච්චර රැක්කත් වට වන්දනාවේ යන  ඕකුන්‍ට හරියන්නෙම ඇන්නා පැන්නා ඩයල්.. ඔන්න බලපන් මම අද කිව්වා කියලා මතක තියාගනින් හරිද.. ලඟදිම ඕකිට බඩු සෙට් වෙලා උඹ ගාවට අඩාගෙන ආවේ නැත්තන් මගේ අප්පච්චි රාජපක්ෂ නෙවෙයි! ඕන් බලපන්කො.."

ඉතින් හිනාවෙන මූඩ් එකෙන් ආයෙම සීරියස් නිරුද්ට මාරු වුන කොල්ලා ආයෙම සෝෆා එකෙන් ඉදගන්න ගමන් සාක්කුවේ දාගෙන ඉදපු ෆෝන් එක අතට ගත්තත්, මේඝවට ආයෙම ප්‍රශ්නයක්!

"හරි ඒ ඔක්කොම හරි කියමුකෝ.. ඇයි අයියේ උඹ මාව ඉම්බේ.. බපලන් ඉතින් කෙලත් ගෑවුනා කම්මුලේ!"

ඇද උන මූන හතරැස් කරගෙන කටත් අඹරවගෙන මේඝව ඒ කිව්වේ නිරුද්ට තවත් පාරක් රවන්න අමතක නොකර කිව්වොත් දැන් ආයෙත් නිරුද්ගේ මූනේ තියෙන්නෙ අර කෙනෙකුට බලන්න අමාරු කින්ඩි හිනාව..

ඉතින් ඒ හිනාව පිටම මේඝවගේ බෙල්ල පිටිපස්සට අත යවපු නිරුද් මේඝවව එයාගේ මූන ලඟටම ලං කරගත්තෙ බෙල්ලෙන් ඇදලා අරන් වෙද්දි ඒ ගැඹුරු ඇස් වල ඇඳිලා තියෙන සමච්චල් සහගත බැල්ම ඉස්සරහ මේඝව අහක බලාගත්තා.. උනත් අහක බලපු මූන ආයෙම එයා දිහාවට හරවගන්න එයාගේ අර දිග ඇගිලි තුඩු දෙකක් පාවිච්චි කරපු නිරුද්,

"ඇයි උඹට මම ඉම්බ එක ප්‍රශ්නයක් ද.. මතක තියගනින් මම නිරුද් රාජපක්ෂ හරි!! මට ඕනි නම් මම ඉඹිනවා ඒත් මදි කියලා හිතුනොත් මම උඹට ගහනවා... උඹට නෙවෙයි සක්කරයට තියා මගෙ අප්පච්චිටවත් බෑ ඒක නවත්තන්න..."


.


.


"දෙයියනෙ.. ච්..චූටි පුතා.. ඔ..ඔය.. ම්..මොකද කරන්නේ.."














අවසානය නොවේ

ඒකනෙ අම්මේ චූටි පුතා මොකද කරන්නේ නේද😌😂

ඔය ළමයි කියන්න බලන්න චූටි පුතා මොනවා කරනවා ඇතිද කියලා🌚

ළමයි නිරුද්ගේ වෙනසක් තේරුනේ නැතිද ඔයාලට🥹👉👈

කම්මැලි නෑනේ නේද🙈 එහෙනම් ඩෝලියා ගියා😃❤️ හාදු වලින් දුක අරන් එන්නම් ඈ😪👍

2024.03.03

Weiterlesen

Das wird dir gefallen

1.3K 195 10
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ග...
770K 15.5K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
152K 11.2K 23
There's always more than what meets the eye. p. sunghoon completed | © 2020