ප්‍රේමයට කාරණා

Oleh _dolie_

7.9K 1.1K 2K

සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතු... Lebih Banyak

01
02
04
05
06
07
08
09

03

717 129 288
Oleh _dolie_

බැලකනි එකෙදි දැකපු ස්ටෝරියේ අයිතිකාරයා වෙන කවුරුත් නෙවෙයි එයාගෙ 'පොඩි පකයා' කියලා දැකපු අපේ නිරුද්ට තවත් ඒ බැල්කනියට වෙලා නිකන්ම නිකන් බලාගෙන විතරක් ඉන්න බැරි වෙලා තිබුනා.. ඉතින් කොල්ලා එහෙමම එයාගෙ බැල්කනියෙක් ආයෙම ඇවිත් තිබුනේ එයාගේ රූම් එකට..

වෙන මොකටවත් නෙවෙයි.. මහ පාන්දර සීතලේ පීනන පොඩි පකයට නායකත්වයේ ගැම්ම අරන් හොදවයින් දෙකක් කියලා පූල් එකෙන් එලවලා දාන්න නිරුද්ට තිබුනෙ එසේ මෙසේ උවමනාවක් නම් නෙවෙයි කිව්වොත්, ඒක තමා ඇත්තටම හරි.

ඉතින් රූම් එක පැත්තක ගලවලා තිබුනු සැන්ඩ්ල්ඩස් දෙකත් කකුලට දාගත්තු නිරුද් සිගරට් එකක් විතරක් අරන් ඒක එයාගේ තොල් අතරෙ රඳවගන්න ගමන් ඉතුරු බොක්ස් එකම එයාගේ ස්වෙට්පෑන්ට් එකේ පොකට් එක අස්සට ඔබාගත්තා.. ඔබාගෙන කටේ තියෙන සිගරට් එකත් පත්තු කරගත්තා..

හරි දැන් කොල්ලා ලෑස්තියි එලියට යන්න...

ඉතින්, හිතුවා වගේම නිරුද්ගේ ගමනාන්තය උනේම අර පොඩි එකා පීනන පූල් එක කිව්වොත්, ඔව්!

කලින් වතුරට පැනපු පිම්ම තාමත් පූල් එකේ එහාට මෙහාට පීනන මේඝවට දැන් ඇත්තටම කිසිම අදහසක් නෑ එයා දිහා කවුරුත් බලන් ඉන්නවද කියන එක.. මොකද කොල්ලාගෙ සිහිය තනිකරම යොමුවෙලා තිබුනේ එයාගේ පිහිනීමට..

ඒත්, අපේ නිරුද්ට නම් දැන් ඇත්තටම ඉවසීමක් නැතිම තරම්.. කොහොමත් නිරුද් කියන්නෙ පොඩි කාලෙ ඉදලම ඉවසීම කියන වචනෙ වත් අදුරන එකෙක්‍යැ!

'ඇයි මේ පොඩි හුත්තිගෙ පුතාට බැරි දැන් වත් ඕකෙන් ගොඩට එන්න.. හීතලේ මැරිලා ගියාම ඒකටත් අපි එපෑ නහින්ඩ!'

නිරුද්ගේ හිත කිව්වෙම එහෙම... මේ දැන් එයත් වතුරට පැනලා පොඩි එකාව ගොඩට අරන් හිතේ තියෙන කේන්තිය යන්නත් එක්කම හොද කනේ පාරවල් දෙක තුනක් දීලා අතාරින්න නිරුද්ගේ හිත නිරුද්ටම බල කරද්දිත් කොල්ලා හිමින් හිමින් සිගරට් එක උඩට ඇද්දෙ සෑහෙනම ඉවසීමකින්!

ඒ අස්සෙන් දැනෙන හීතල.. ඇයි ඉතින් එලියට ආවා කියලා උඩට මුකුත් ඇදලද.. කොහෙද! තාම අර කලිසම් කැල්ල විතරයි නෙ ඇගටම!

'ඇයි හුත්තො මේ හීතලේ පීනන්නේ... උඹේ සෙන්සර් ගෙවිලද.. එක්කෝ.. මූට නම් සිරාවටම සයිකො'

නිරුද්ගේ හිත දැන් එහෙමත් කියනවා... ඒ එක්කම වගේ පොඩි එකත් මෙහෙට පීනගෙන එනවා... ආවත් වගේ ආයෙම නොහැරි නතරවුන මේඝව නොදැන උනත් වතුරෙන් උඩ ඇවිත් තිබුනේ හරියටම නිරුද්ගේ දෙපා මුලින්... මොකද නිරුද් හිටගෙන හිටියෙත් පූල් එක කෙලවරක.. ගැට්ට අයිනටම වෙන්න!

ඉතින්,

"මහ පාන්දර පීනන්නේ... සන්නිය හදාගන්න ආස හිතිලද මේඝවට...?"

හරියට වතුරෙන් මූන උස්සනත් කලින් මේඝවට ඇහුනේ එයා කොහෙත්ම මේ මොහොතේ අහන්න බලාපොරොත්තු නොවුන කටහඬක් කිව්වොත්, ඔව්.... බලාපොරොත්තු නොවුන පාරට කොල්ලව ගැස්සිලා ගිය විදිය නිරුද්ගේ කොටි ඇස් වලට උනත් නොවැරදීම නෝට් වුනා කියන එක සමහරවිට මේඝව නම් දකින්න නැතුව ඇති..

මොකද උත්තරයක් දෙන්නවත් ඒ මූන බලන්න සිහියක් නැති වුන මේඝව තාමත් බලාගෙන හිටියේ එයාගෙ ඇස් මට්ටමෙන් පේන ඒ ලස්සන කකුල් දෙක දිහා.. එතනින් එහා මේඝව උඩට ආවෙත් චුට්ට චුට්ට...

හරිම පිලිවෙලට කොටුවට නියපොතු කපපු මූනෙ පාටම කකුල් දෙක, විලුඹ වෙනකන් දිග උන ස්වෙට් පෑන්ට් එක වගේම ඒ දිගේ ඇස් උඩට අරන් ගිය මේඝවගෙ මූනත් දැන් නම් මැච් එක වෙලාවෙ තිබුන කෝලියගෙ මූන වගේම ඇද වෙලා ගිහින්!

ඇයි ඉතින්... කොල්ලා එයාගෙ ඇස් උඩට අරන් ආවෙ කකුල් දෙක දිගේනෙ.. ඔය ගමන අතරමැද මේඝවගේ ඇස් දෙකට අහුවුන එයා ඉස්සරහ හිටගෙන ඉන්න මහඋරඟ දැවැන්තයගෙ බල්ජ් ඒරියා එක හරිම නිදහසේ තියෙන හැටි මේඝව දැක්කේ ඇස් කොනින් එහෙම නම් නෙවෙයි.. කෙලින්ම තනිකර ඇස් වලින්...

ඉතින් මේඝවට හිතුනෙම,

'ඒව් මූ ජොකෙක් වත් දාලා නැතුවද මේ හොලව හොලව ඇවිදින්නේ... පිසාචයෙක්නෙ මහ'

ඔහොම!

කොහොම හිතින් හිතුවත්, මේඝව උනත් මේ දැන් එයා ඉස්සර හිටගෙන ඉන්නේ ඇත්තටම කවුද කියන්න නොදන්නවාමත් නෙවෙයි. මොකද මීට විනාඩි තුන හතරකට ඉස්සර මහා බර කැප්ශන් එකකුත් එක්ක නායකත්වය දුම් බොන පින්තූරයක් ස්ටෝරි අප්ලෝඩ් කලේ අපි කවුරුත් කියලද.. එයාමනෙ!

ඉතින් නිරුද්ගේ බල්ජ් ඒරියා එකෙන් හරී........ම අමාරුවෙන් වගේ ඇස් දෙක අහක් කරගත්තු මේඝව ඊලඟට දැක්කෙ නම් එයාගේ කැප්ටන්ගේ එක අතක තාමත් ඇවිලෙන සිගරට් එක....

කියන්න දෙයක් නෑ.. දෙවෙනි වතාවටත් මේඝවගෙ මූනට හෙන ගහලා ගියා. මේඝවට මේ ලෝකෙ උහුලන්න අමාරුම ගඳක් තියෙනවා නම්, ඒ තමයි සිඟරට් ගඳ! ඒ කියලා දැන් මේ යකාව මෙතනින් එලවන්නද...

'මොනවට ආවද මන්දා' මේඝවග් හිත ඒ පාර තනියම බනිනවා..

ඇයි ඉතින් එයා ටීම් එකෙන්ම බේරිලා පූල් එක ලඟට ආවේ ටිකක් තනියම ඉන්න කියලනේ! කොහොමත් කට්ටිය එක්ක හිනාවෙවී ඉන්න වත්, සැනසීමෙන් ඇදට වැටිලා ඇස් දෙක පියවගන්නවත් දැන් මේඝවගෙ හිතත් නිදහස් නෑනේ!

තනියම නිරුද්ට බනින අතරෙම ඇස් උඩටම අරගෙන ආව මේඝව ඊළඟට දැක්කේ නහරපෑදුන හයිය අත්දෙක... ඊළඟට ඇබ්ස්! පපුව... පපුව දෙපැත්තෙන් උඩට ඉලිප්පුනු නිපල්ස් දෙක... එතනින් එහාට පර්ෆෙක්ට් කොලර්බෝන්ස්.. ශාර්ප් jawline එක... දෙයියනේ මේ මිනිහගේ තොල් දෙක!

'ආර්හ් අහක බලාගනින් මේඝව! උඹ ඉන්නේ හිත රිදිලා මිසක මේ පොල් ඔලුවගෙ හැඩ බලන්න පුලුවන් සිටුවේශන් එකක නෙවෙයිනෙ!'

ඔන්න දැන් මේඝවගෙ හිතත් එයාට බැන්නා.. ඒත් ඉතින් මේඝව දැන් ටිකකට කලින් ඈත ඉදන් බලාගෙන හිටියෙත් මේ රූපෙ දිහාමනේ.. කොච්චර අලි ඔලුව උනත් මිනිහා හැන්ඩියනේ.. නැද්ද මේඝව.. මේඝවගෙම හිත ආයෙත් මේඝවට වද දෙනවා...

හිත කොහොම මොනවා කිව්වත්, දැන් ඇත්තටම මේඝවගෙ ඇස් තියෙන්නේ කොහෙද කියලා පැහැදිලිව බැලුවොත්, ඇත්තටම ඒ ඇස් දැන් නැවතිලා තිබුනේ නිරුද්ගේ හාෆ් හාඩ් බල්ජ් එක ළඟ!

'ඒ පාර මොන යකෙක් වැහිලද බාගෙට නග්ගගෙන ඉන්නේ.. ඒකත් එළියේ? සමහරවිට සීතලට වෙන්න ඇති...!'

"ඉතින්.... පුන්චි මහත්තයා මගෙ හැඩ බලලා ඉවර නම් දැන් වත් වතුරෙන් ගොඩට එනවද...?"

"අහ්..?"

පූල් එකෙන් ගොඩට එන්නෙත් නැතුවම තාමත් වචනයක් වත් නොකියම නිරුද්ගෙ හැඩ බලන මේඝවගේ මුලු ඇඟම සීතල කරගෙන කන ලඟම ඇහුනු ඒ ගැඹුරු හඬට මේඝව අවංකවම ගැස්සිලා ගියා...

"මොකද්ද කේසර අයියෙ ඇහුවේ...?"

නෑ නෑ... එයාට මේඝව අහපු එක හොඳටම ඇහුනා.. හැබැයි දැන් මේ කරන්නේ ඇහුනේ නෑ වගේ රඟපානවා.. ඒව් මේඝව එක්කෝ ඔච්චර නෝන්ඩි නොවී මේ පූල් එකටම පැනලා මැරියන් උඹ!

ඉතින් මේඝවගෙ ප්‍රශ්නෙත් එක්කම කටකොනින් හිනානොවී හිනාවුන නිරුද් මේඝවගෙන් අඩි දෙක තුනක් පස්සට යන ගමන් තවත් දුම් උගුරක් උඩට අරන් නහයෙන් එලියට දැම්මා..

"උඹ මගෙ යට ඉදන් උඩටම කන්න වගේ බැලුවේ... හැඩ බලලා ඉවර නම් වතුරෙන් ගොඩ වරෙන් කියලා කිව්වේ!"

"පිස්සුද.. හැඩ බැලුවේ කවුද.. මම මේ බැලුවේ කවුද එකපාරට පූල් එක ගාවින් මතුවුන හොල්මන කියලා..."

නිරුද්ගේ කතාවට මේඝවට වැලලෙන්න හිතුනු එක පැත්තක තිබ්බොත්, දැන් කොල්ලා ගානක් නැතුවම ඔහොම කියාගෙන ලඟම තිබුන බෙන්ච් එක ගාවට ඇවිත් නැවතුනා.. මොකද මේඝව එයාගේ ෆෝන් එකයි ටවල් එකයි තියලා තිබ්බේ ඒ බෙන්ච් එක උඩ...

ඉතින් ටවල් එක අතට අරන් යන්තන් දෙපාරක් ඔලුව ගසාගත්තු මේඝව එහෙමම තෙත පිටින්ම උනත් බෙන්ච් එකෙන් ඉදගත්තේ මේඝවගේ හැම ඉරියව්වක්ම දිහා බලාගෙනම සිගරට් දුම උඩට අදින නිරුද් තුත් එහෙමම ඇවිත් ඒ බෙන්ච් එකේම ටිකක් එහායින් ඉදගද්දි...

එතන තිබුනෙ නිහැඬියාවක්.. කොහොමත් නිරුද් කියන්නේ මේඝව එක්ක මීට කලින් ලොකුවට කතා බහ කරලා තිබුන කෙනෙක් නෙවෙයි නිසාම ඒ දෙන්නාට දෙන්නා එක්ක කතා කරන්න තරම් දෙයක් ඇත්තටම නොතිබුන තරම්...

මේඝව කියන්නේ එහෙම නිහඬ කෙනෙක් නොවුනත්, මේ ඉන්නේ එයා සෑහෙන්නම ගරු කරන එයාලගෙ කැප්ටන්.. ඇත්තටම මේඝවගෙ හිතේ නිරුද් ගැන තිබුනේ ලොකු ගෞරවයක් කිව්වොත් තමා වඩා නිවැරදි!

ඉතින් නිහඬයි... පාන්දර 1ත් පැනලා නිසා හොටෙල් එකේ උන්නු හැමෝම මේ වෙලාවේ නිදි නැත්තන් තම තමන්ගේ රූම් වල. ටීම් එකේ උන් නම් මෙහලටත් මහන්සියට වැටිලා නිදි ඇති... දෙවෙනි සිගරට් එකත් අලු වෙලා අවසන් වෙනකනුත් නිහඬවම දුම් උගුර උගුර උඩට ඇදපු නිරුද් අවසානේ එයාගේ ෆෝන් එක සාක්කුවෙන් එලියට ගත්තා..

'යෙස්! ඔය තියෙන්නේ පොඩි පකයව කතාවට අල්ලගන්න මාතෘකාවක්'

ෆෝන් එක එලියට අදින අතරේ නිරුද්ගෙ හිත එහෙම කෑගැහුවත් දැන් මේඝවට නම් තව කෙනෙක් එයා ළඟ ඉන්නවද නැද්ද කියලත් නිච්චියක් නෑ වගේ.. කොල්ලා එච්චර ලොකු කල්පනාවක.. මොකක් ගැන වෙන්න ඇතිද?

ඉතින් ඔය අතරේ, නිරුද්ට නම් උනේ කවදාවත් එයාට වෙලා නැති විදියේ නොසෑහෙන්නම දරුණු ඇබැද්දියක්.. එයාගේ ෆෝන් එකෙන් මේඝව දාපු ස්ටෝරිය ඕපන් කරගත්තු නිරුද් පොඩි එකා දිහාවට හැරුණේ ඒක පෙන්නන්න උනත් නිරුද්ගේ ඇස් නම් නැවතුනේ මේ දැන් හඳ එලියට දිලිසෙන මේඝවගෙ කිරිපාට කලවා ළඟ! එතනින් එහාට කිරි කෑල්ලට දිලිසෙන පපුව ළඟ.. යකෝ මුගෙ ඇබ්ස් වල පාට!

ක්‍රිකට් ගහන නිසා කොල්ලගේ මූන අතපය අව්වට ටිකක් තද පාට වෙලා තිබුනත් එක්සසයිසස් නිසා ගානට මසලස් පිම්බුන පිරුන කලවා වගේම මේඝවගේ පිම්බුන පපුව අමුතු සුදු පාටයි.. ම්ම්... මොකද්ද ඒකට කියන්නේ.. කිරිගරුඬ පාට කියලද! වෙන්න ඇති.

අනික කොල්ලා නිරුද් තරම් ලොකු නැති උනත්, ඒ බොඩි එකත් කෙල්ලො පිස්සු වට්ටන්න පුලුවන් තරමේ ඇගක්!

ඒත් මේ දැන් නම්, ඒ ඇග නිසා පිස්සු වැටීගෙන එන්නේ නිරුද් කිව්වොත්, ඔව්. ඉතින් නිරුද් කලේ අයාලෙ යන්න යන සිතුවිලි එකතැනකට කරගන්න ඒ තොල හපාගන්න ගමන් ඉක්මන්ට අහක බලාගන්න එක!

'හුත්තෝ.. ඒ මොකද්ද ඒ උනේ....'

අහක බලාගත්ත නිරුද්ට දැන් ඒකටත් මල මේඝව එක්ක.. ඇයි ඉතින්, පොඩි කාලේ ඉදලම කොල්ලොන්ගෙ ඇගවල් දැකපු මේඝවට තවත් එක කොල්ලෙක්ගේ කලවයක් කියන්නේ අමුතු දෙයක් වෙන්න කොහොමටත් ඉඩක් නෑනේ. ඒත් නිරුද්ට දැනුනා.. නිරුද්ගේ ඇඟ මේඝවගෙ දර්ශෙනෙත් එක්කම රත් වේගෙන එනවා...!

ඇයි ඒ... කොල්ලා සමලිංගික ද... කවුද දන්නේ!
කොහොම උනත්, මුතුඇටේ ඉන්න ක්‍රිකට් ලෝලී ස්ත්‍රී පරාණ වලට වත් නිරුද්ට මඩ ගහන්න බලාගෙන ඉන්න එෆ්බී පේජ් කාරයොන්ටවත් නිරුද්ගේ මේ නැශනල් ටීම් එකේ ඉන්න අවුරුදු 6ටම නිරුද්ගේ එහෙම දෙයක් ගැන ඉඟියක් වත් ලැබිලා තිබුනේ නෑ කියන එක තමයි අත්තම කතාව..

කොහොම උනත්,

"කවුද උඹට අවසර දුන්නේ මේකට.. ම්ම්.. දන්නෙ නැද්ද හොරෙන් ෆොටෝ ගහන එක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.."

ඈත බලාගෙන කල්පනාවක ඉන්න මේඝවගෙ ඇස් ඉස්සරහට එයාගෙ ෆෝන් එක අල්ලපු නිරුද් එහෙම ඇහුවත් වගේ,

"අවසර නම් ඕනි කියලා හිතුනෙ නෑ.... මට හිතුණේ, ඒ වගේ ලස්සන වීව් එකක් මම විතරක් දකින එක අපරාදෙ කියලා... "

ඉතින් නිරුද්ගෙන් ආපිට මේඝවට ලැබුනෙ කටකොනක හිනාවක්.

"ම්ම්... මොකෝ ආස හිතුනද..!"

ඒ එක්කම මේඝවගෙන් සද්දෙන්ම හිනාවක්.

"අම්මෝ... පිස්සුද අයියේ තමුසෙට... හැබැයි.. ආස හිතෙන්නත් තිබුනා.. මම කෙල්ලෙක් උනා නම්, නැත්තන් මම ගේ වුනා නම්...!"

"ඒ කියන්නේ උඹ ස්ට්‍රේට්?"

හිතට දැනුන කුතුහලේට වගේම වැඩිය නොහිතා නිරුද් ඒ ඇහුව පජාත ප්‍රශ්නෙට පොඩි එකාගෙන් නම් නිරුද්ට ලැබුනේ මහම මහ කින්ඩි හිනාවක්, එක්ක වැලලෙන්න හිතෙන උත්තරයක්.

"දැන් අපේ කැප්ටන්ට මොකටද මගෙ සෙක්ශුවලිටි එක...?"

හිනාවෙවීම මේඝව ඇහුවත්, නිරුද්ට දැනුනේ තමන් මේ පොඩි එකා ඉස්සරහ ඇදගෙන නෑවා හා සමාන ලැජ්ජාවක් වෙද්දි ලැජ්ජාව වහගන්නත් එක්කම නිරුද් කලේ මේඝවගෙ ඔලුවට හොද ටොක්කක් අනින එක.

"කට වැඩියි පොඩි පකයා උඹේ...!! දෙන්නේ උඹට!"

ආයෙම මේඝවගෙන් නිරුද්ට ලැබුනේ හිනාවක්... ඒක ඇත්තටම හරි සැහැල්ලු හිනාවක්. සමහරවිට මේඝව හිතන් හිටිය තරම් පොල් ඔලුවගෙ ඔලුව ලොකු නෑත් වගේ. මොකද නිරුද් එක්ක කතා කරන්න ගත්තට පස්සෙම මේඝවට දැනුනේ හිතේ තිබුන බර නිදහස් වුනා හැඟීමක්. ඉතින්,

"කේසර අයියා මොකද්ද මේ වෙලාවේ එළියේ කරන්නේ... සීතල නැද්ද ඔහොම ඉන්න..?"

"යකෝ... හරිනම් මමයි උඹෙන් ඒක අහන්න ඕනි. උඹනෙ මෙතන පොඩි එකා.. අනික මම නම් ඉන්නෙ ශර්ට් එකක් නැතුව විතරයි කියමුකො.. උඹ තනිකරම ඉන්නේ වතුර පිටනේ.. තෝ මහ පාන්දර පීන පීන ඉදලා හෙට සන්නිය හදාගත්තම ප්‍රැක්ටිස් එන්නෙ උඹෙ බාප්පද කියපන් මට...?"

"එහෙම අව්ලක් නෑ අයියේ... මම ටිකක් මෙහෙම ඉදලා එන්නම්..!"

උත්තර දීපු මේඝව දිගටම ඈත බලාගෙන හිටියත්, ඉතින් ඔන්න දැන් තමයි නිරුද්ට එයාගේ පොඩි පකයගෙ මූනෙ තියෙන වෙනස පෙනුනේ..

නිරුද්ගේ මතකේ හරි නම් මේඝව මැච් එක ඉවර වෙද්දිත් හොදට හිටියා..

'මූට මොන යකා ගහලද ඒ පාර...'

එහෙම හිතුව නිරුද්ම,

'ඇයි ඌට මොන යකා ගැහුවත් තොට මොකද... ඌ ඔහොම සයිඩ් ගහලා ඉන්න එකත් උඹට සතුටු වෙන්න කාරණාවනෙ නිරෝ... ඔන්නෝහෙ ඕකා සීතලේ මලත් කමක් නෑ කියලා උඹ ගිහින් නිදියපන්!'

නිරුද්ගේ හිත එහෙම කිව්වේ නැතුවත් නෙවෙයි.. ඒත් දැන් මිනිහගෙ හිත කියන්නෙම පපුව හොද කැපාගේ චරිතේ රඟපාපන් කියන දේ වෙනකොට,

"මේඝව... මොකෝ කේස් එක.. උඹේ මූන හොද නෑ කොල්ලෝ..."

නිරුද් ඇහුවත් වගේ ඈත කල්පනාවක උන්නු මේඝව කලේ ඒකටත් යන්තන් හිනාවෙන එක..

"එහෙම දෙයක් නෑ අයියේ.. ටිකක් හිත කලබලයි වගේ..."

"අනේ අනේ මේහ්... පානිය නොදා කියපන් නිකන්  බබා නොවී.. මට දිරවන්නෙම නැත්තෙ උඹලගෙ ඔය රෙද්දෙ ලයින් තමා.. යකෝ අපි එක ටීම් එකේ උන්.. අනික මම උඹලගෙ කැපානෙ.. ඒක පැත්තක තිබ්බත් මම උඹට වඩා අවුරුදු 6ක් වැඩිමල්.. වැඩිහිටියෙක් විදියට උපදෙසක් දෙන්න හරි ඔය හිතේ තියන එක කියපන්.. නැත්තන් උඹ ස්ට්‍රෙස් පිට ගිහින් අනිද්දා මැච් එකත් නාගෙන තමා ගෙදර යන්නේ!"

අනේ ඉතින්.. ඕවාට තමා ඔස්කාර් දෙන්න වටින රඟපෑම් කියන්නේ.. වැඩි එකක් තියා නිරුද්ටම හරි විශ්වාසයක් නෑ මේ දැන් එයාගෙන් පිටවුන වචන ගැන.. හිත ඇතුලෙන් පැසවන ඉරිසියාවක් තියාගෙන ඔහොමත් කියන එක! වාව්! ඒත් ඉතින් නිරුද් කලේ රඟපාන එකනේ.. අනික කවුද දන්නේ.. මූ මේ එල්ලන් ඉන්න සීන් එකම නිරුද්ට වාසියක් වෙන්නත් බැරි කමක් නෑනේ..

කොහොම උනත්, එයාලගෙ කැප්ටන්ගේ හදවතටම වදින කතාව ඉස්සරහ මේඝවගේ හිත නැවුනා කිව්වොත්, ඔව්... කොල්ලට කොහොමත් මේ වෙලාවේ ඕනි වෙලා හිටියෙත් පොඩ්ඩක් බදාගෙන ඇති වෙනකන් අඩන්න උරහිසක්. ගෙදර හිටියා නම් අක්කා නැත්තන් අම්මාව බදාගෙන කොල්ලා මෙලහටත් අඩනවා..

කමක් නෑ.. පොල් ඔලුවව බදාගෙන අඩන්න බැරි උනත්, අඩුම මේ වෙලාවේ හිත හරි නිදහස් කරගන්න පුලුවන් වෙයිනේ..

ඉතින් දෙපාරක් නොහිතුව මේඝව එයාගේ ෆෝන් එක නිරුද් අතේ තිබ්බේ වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා මුකුත්ම නොකියමයි..

ඒ ඇස් වල තිබුනේ හරි අසරණ බැල්මක් කියලා දැකපු නිරුද් තුත් ඊලඟ තප්පරේම වීඩියෝ එක අස්සට ඔලුව ඔබාගත්තේ බලන්න තියෙන්නේ මොකක් ගැනද කියලා හරි අදහසකින් නොවුනත්, වැඩි වෙලාවක් නොයාම නිරුද් දැක්කේ කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හිනාවෙවී හොටෙල් රූම් එකක් අස්සට යන පොඩි කෙල්ලෙක්ව..

ඉතින් ඒ ඇහි බැම දෙක රැලිවෙලා යනකොට ප්‍රශ්නාර්තයක් රැඳුණු ගැඹුරු ඇස් ඒ පිම්මටම හොයාගෙන ආවේ අසරණ වෙලා තිබුන බෝල ඇස්දෙක...

"මේ කවුද උඹේ.."

ආයෙම හිනාවක්.. ඇත්තටම හරි අසරණ හිනාවක්.. බලාපොරොත්තු කඩවුන හිනාවක්...

"මගෙ කෙල්ල...!"

ඉතින් වෙලා තියෙන දේ හිතාගන්න බැරි තරම් බබෙක් නෙවෙයි නිරුද් කියන්නේ.. ඒත් නිරුද්ගේ හිත නම් දැන් කියන්නේ,

'යෙස් වුත්තො යෙස්... දුක අහන අයියා වෙලා කොල්ලව නවපන් ආයෙ උඹ හප් කිව්වත් බිම බලන තැනට.... එතකොට ඕනි හැටියට උඹට ඕනි එව්වා කරගතහැකි!'

හිත අස්සෙන් කොච්චර නාඩගම් නැටුවත් මූනෙන් ඒ කිසි දෙයක් පිට නොදාපු නිරුද් ආයෙම මේඝවට කතා කරන්න ගත්තා..

"යකෝ අවුරුදු 19න් ලව් කරන්න ගියේ උඹලටත් පිස්සුනෙ.. දැන් බලපන් ඉතින්... ඒකි වටේ යනවා උඹ හූල්ලනවා.. හරි හරි දැන් ඕක උඹට එව්වේ කවුද.."

"යාලුවෙක්.."

"කවද්ද.. අද..?"

"ම්ම් මැච් එක ඉවර වෙලා ඇවිත් ෆෝන් එක බලද්දි දැක්කේ..."

"කෝ එතකොට කෙල්ල.. තාම උඹට වෙනදා වගේම කතා කරනවද.."

නිරුද් අහනකොට එකටත් වචනෙන් උත්තරයක් නොදීපු මේඝව එයාගේ වට්සැප් එකේ චැට් එකක් ඕපන් කරන ගමන් ආයෙම ෆෝන් එක නිරුද්ගෙ අතින් තිබ්බා..

ඉතින් ආයෙම මහ පගයගෙ හිත,

'යකෝ මේ ඩිංගට මට උගෙ චැට් එකක් බලන්න දෙන්න තරම් පොඩි හුත්තිගෙ පුතාට මාව අල්ලලා ගිහින්ද... ගැම්මක් තමා නිරෝ.. ඔහොම්ම කරන් පලයන්..
මේ බත් කන රට හරකව නම්මගන්න එක උඹට මහ කජ්ජක් වෙන්න බෑ'

හිතුව නිරුද් බබා කියලා සේව් කරගෙන මදිපාඩුවට හාට් එකකුත් දාලා තියෙන චැට් එකේ පේන ටික විතරක් දැන් කියවන්නේ හෙනම උවමනාවෙන්.

"චූටි අයියේ"
"ඔයා අද හොදට සෙල්ලම් කලාලු නේද"
"මට බලන්න උනේ නෑ අනේ එක්සෑම්ස් කිට්ටු නිසා රෑ වෙනකන් රිවිශන් දාලා"
"මොකද කරන්නෙ මගෙ චූටි තාත්තියා.. මහන්සි යන්න කුම්කු චුට්ටක් වත් දෙන්නද"

'අනේ පකෝ මේ මොන විලිලැජ්ජ නැති කමක්ද.. ඒව් ඒව් පොඩි වේසාවිව උස්සලා ගහන්න හිතෙන්නෙ පොලොවෙ දැන්.. රිවිශන් ඉවර උනේ රෑ 10ට වෙන්ඩැ අම්මණ්ඩිට.. තව කිරිත් පොවන්ඩනෙ කතාව.. ඇයි අර රූම් රිංගන එකා හරියට බිව්වෙ නැතුවද දන්නෑ කිරි ටික.. නොදකින් මුන්ව තමා අඹේවෙල කිරි පට්ටියට විකුණලා එන්ඩෝනෙ.. එක්කො අප්පච්චිට කියලා මේකිව උස්සවලා මහා කිරි දන්සලක් වත් දෙනවා.. සෙල්ලන්ද අනික.. ඡන්දයක් හරි ගන්ඩ පුලුවන් වැඩ ඕවා..'

කෙල්ලගෙ මැසේජ් ටික දැකපු නිරුද්ගෙ කට ඇද වෙලා යනකොට කොල්ලා එහෙමම පොඩි එකා මොකද්ද කියලා තියෙන්නෙ බලන්න චැට් එකේ ඉතුරු හරියට බෙල්ල ඔබාගත්තා..

"හ්ම්ම්"
"මහන්සියි බබා"
"මම නිදියනවා"
"Gn❤️"

"උඹට පිස්සුද හරකෝ.. අච්චර හරියක් කරාට පස්සෙත් බබා කිය කිය හාට් යවන්න.."

නිරුද් ඒ ගමන නම් සිරාවටම කතා කලේ කේන්තියෙන් වගේ.. කොල්ලගෙ කේන්තිය කොච්චරද කියනවා නම් මේඝවගෙ ෆෝන් එක නිරුද් කොල්ලට ආයෙ දුන්නා නෙවෙයි ඒ ඔඩොක්කුවට විසිකලා...

"මම වෙන මොනවා කියලා කියන්නද බං අයියේ.. ඒකිට හොඳ හින්දා ඒකි ගියා.. මට ආයෙ රන්ඩු කර කර පස්සෙන් යන්න උවමනාවක් නෑ!"

'රට හරකා කිව්වට හරක් ගතියක්මත් නෑ... කොහොම උනත් පිරිමි කම බල්ලට දාගෙන අරකි පස්සෙන් වැලපි වැලපි යන්නෙ නැති එකම කොච්චර දෙයක්ද..'

නිරුද්ගෙ හිත එහෙම කියනකොට නිරුද් දෙපාරක් නොහිතම ඒ පොඩි එකාගේ පිටට තට්ටුවක් දෙකක් දැම්මා..

"ඔන්න ඕක අමතක කරපන් මේඝව.. ඒකිට පින නෑ කියලා හිත හදාගනින්.. කොහොමත් උඹ ළඟ නැති වෙලේ වෙන එකෙක් ලව්වා ඒ අඩුව පිරිමහගෙන ඒකි තාමත් උඹට බබා හුකුන් වෙන්නේ උඹ සල්ලි ගහක් නිසා.. ඔය වගේ උන් පොල් පිත්තකින් උනත් කපාගත්තැකි මල්ලි.. මම මේ උබට මේවා කියන්නේ අයියා කෙනෙක් විදියට.. ඔන්න ඕක අමතක කරලා හෙට උදේම ප්‍රැක්ටිස් වරෙන්.. අනිද්දා මැච් එකත් අපි කොහොමහරි දිනන්නෝනි"

ඉතින් එතන තවත් විනාඩි ගානකටම රැදුනෙ දරුණු නිහඬ බවක්.. ඒත් ඒ දරුණු නිහඬ බවට අවසානෙදි තිත තිබ්බෙත් නිරුද්ගේ පොඩි පකයා මේඝව!

ඒත් ඒ කොහොමටවත් නිරුද් මේ වෙලාවේ මේඝව එයාගෙන් අහයි කියලා බලාපොරොත්තු වුන ප්‍රශ්නයක් නම් නෙවෙයි.

"හැමෝම මට සදෙව් කියද්දි උඹ විතරක් ඇයි අයියේ මට මේඝව කියන්නේ...?"

ඉතින් හිනාවක්.. නිකන් නෙවෙයි. කටකොනින්.. ඒත් මේඝවට උත්තරයක් දෙන්න කලින්ම නිරුද් කලේ සාක්කුවෙන් ගත්ත තවත් සිගරට් එකක් අරන් ඒ තොල් අතර තියන් පත්තු කරගන්න එක.. කරගෙන අවසානෙ,

"මමත් උඹෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවොත්! හැමෝම මට නිරුද් කියද්දි උඹට විතරක් මම කේසර උනේ කොහොමද...?"

නිරුද්ගේ ප්‍රශ්නෙත් එක්කම මේඝවගෙ මූනේ ඇදුනේ ආයෙමත් හරි සැහැල්ලු හිනාවක්.. ඉතින් කොල්ලා හිනාවෙවීම ආපිට එයාගේ කැප්ටන්ට උත්තර දෙන්න ගත්තා..

"එහෙම බෑ.. මමනෙ ඉස්සෙල්ලා ඇහුවේ.. මට උත්තර දුන්නොත් මමත් දෙන්නම්..."

"ආන් ආන් පොඩි පකයගෙ කට! උඹ ඉස්සෙල්ලා ඇහුවට වැඩක් නෑ මමනෙ මෙතන වැඩිමල් එකා... ඒ නිසා අහපු දේට උත්තර දීපන්.."

"එහෙම හේතුවක් නෑ බං අයියේ.."

"හා එතකොට එහෙම හේතුවක් ඇත්තෙම නෑනෙ.. හැබැයි මේඝව! මම උඹට උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන දවසට උඹත් අනිවාර්යයෙන් මම දැන් අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ලෑස්ති කරගෙන ඉදපන්.. මොකද, මම දෙයක් දෙන්නෙම ආපිට දෙයක් බලාගෙන... දැන් වරෙන් ඇතුලට යන්න.. තොපි සීතලේ ඉදලා ලෙඩ උනාම එතනත් නැත්තන් වදේ මට!"















අවසානය නොවේ

ම්හුක් ඒකනෙ එයැයිට වදේනේ😒

නිරුද්ගේ චරිතෙන් අද දැනුනෙ මොකද්ද ලමයිනේ👉👈 කොල්ලා මේඝවව නවයිද අර කිව්වා වගේ?

එතකොට මේඝව ගැන මොකද.. පොඩි පකයටත් යසයි පොඩි කාලෙම ලව් කොරන්ඩ ගියාට😒

ඉතින් පැටව්නේ... මේකෙන් නම් ඔයාලා හසරැල් වගේ ආදරණීය ටොප් කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා හොදද.. නිරුද් කියන්නේ කවුද කියලා දැනටත් ඔයාලට පැදිලියිනෙ🙂👍

එයා ආදරණීය ටොප් කෙනෙක් නොවුනට මම ප්‍රොමිස් වෙනවා, එයා attractive ටොප් කෙනෙක්😌👉👈 ඔයාලා ආසයිනෙ බෑඩ්බෝයිලට🙈

එහෙනම් ගිහින් එන්නම් ඩෝලියා.. ආදරෙයි මගෙ කෙල්ලො ටිකට🥹❤️

කවුද හා🌚

2024.02.26❤🥀

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

2.6K 436 5
වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්‍රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ...
64K 167 16
These are stories of people giving birth -multiple stories-
6.8K 888 26
හැකි වේදෝ පිරිමි ඇඟකට පිරිමි ඇඟක් හිරවෙන්ඩ..........
39K 1.5K 28
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...