ප්‍රේමයට කාරණා

Por _dolie_

7.9K 1.1K 2K

සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතු... Más

01
03
04
05
06
07
08
09

02

806 131 422
Por _dolie_

කේසර

කේසර නිරුද් රාජපක්ෂ

කොල්ලා කොහොමත් එයාටම දීගෙන තිබුන පැහැදිලි කිරීම සීයට සීයක්ම නිවැරදියි...

මොකද නිරුද් කියන්නේම සල්ලිකාර තාත්තෙක්ට දාව ඉපදුනු පට්ටම නසරානි පුතෙක්!

මීටත් වඩා සවිස්තරාත්මකව විස්තර කළොත්, මහේන් රාජපක්ෂ.. ඒ කියන්නේ නිරුද් ගේ අප්පච්චි. එතකොට මේ ඉන්න නහරකාරයා තමයි මහේන් රාජපක්ෂගෙ පණ.

මහේන් ගැනත් පුංචි හරි විස්තරයක් කියනවා නම්, මහේන් කියන්නේ මුතු ඇටේ බර තියපු ප්‍රබල දේශපාලන හස්තයක්! කොච්චර ප්‍රබලද කිව්වොත්, මිනිහගෙ නම ඇහුන තැනත් මිනිස්සු වැන්දේ අත් දොහොත් මුදුන් තියලා.. මිනිහා එච්චරට හොද මිනිහා!

හැබැයි මොන දේ කිව්වත් අප්පච්චිට නිරුද්ට වඩා දෙයක් තිබුනෙ නෑ.. මේ දැන් හිතුනොත් පුතන්ඩියාව බලන්න ඕනි කියන එක, අප්පච්චි තව පැයක් යද්දි රටෙන් බාගයක්ම කලඹවගෙන, ආරක්ශාවට තව වැඩිපුර ඩිෆෙන්ඩර් 10ක් විතරත් අරගෙන ඇවිත් මේ දැන් නිරුද් නැවතිලා ඉන්න හොටෙල් එක ඉස්සරහ ඉන්නත් බැරි කමක් නෑ...

අප්පච්චි කියන්නේ එහෙමට බඩුව...!

දේශපාලනය ඇතුලේ සුදු චරිත දකින්න නැති උනත් මහේන් රාජපක්ෂ කියන්නේ තමන්ගේ චරිතෙට වැඩිය කලු පැල්ලම් එකතු කරගත්තු මිනිහෙක් නෙවෙයි.. මිනිහා කියන විදියට, මිනිහා සාමාන්‍ය ජනතාවගෙන් හොරාකාලා තියෙන්නෙත් හරි සාධාරණ විදියට!

ඒත් නිරුද් ලොකු වෙද්දි නම්, අප්පච්චිගෙ නම ඉස්සරහට තිබුන කලු පැල්ලම් එන්න එන්නම වැඩි උනා කිව්වොත්, එතන වරදක් නැතිම තරම්.. මොකද නිරුද් මොනවා කලත් ඒ හැමදේම පැටවුනේ අප්පච්චිගෙ අකවුන්ට් එකට!

ඒ කියලත් මහේන් නෙවෙයි නිරුද්ට වචනයක් වත් කිව්වේ.. පණ තරම් ආදරේ කරපු ගෑනි මේ ලෝකෙන් යන්න යද්දි මහේන්ට ඉතුරු උන අවසාන වස්තුව උන නිරුද්ට මහේන්ට ගෙනත් දෙන්න බැරි වුන දෙයක් තිබුනා නම් ඒ ඉරයි හඳයි කොල්ලගෙ අම්මවයි විතරමයි!

ඉතින් අම්මාගෙ අඩුව පිරිමහන්න ඒ අප්පච්චි නොකල දෙයක් නැති තරම්!

පුන්චි කාලේ කොල්ලා කිරි නැතුව අම්මා නැතුව පිටි කිරි නොබී අඩනකොට කොල්ලට තව අම්මෙක් ගේන්න මහේන්ට බැරි වුනේ, කුඩම්මා කවදාවත් අම්මා වෙන්නෙ නෑ කියන හේතුව මහේන් දැනන් උන්නටත් වඩා ආදරේ කරපු ගෑනිගෙන් පිට තව ගෑනියෙක්ගෙ බඩ උඩ නගින්න මහේන්ට කවදත් හිත හදාගන්න බැරි බව මහේන් දැනන් උන්න නිසා...

ඉතින් කිව්වත් වගේ අප්පච්චිගෙ නමට කලු පැල්ලම් ඇති කලේම නිරුද්...

ඒ කියලා ඒ අප්පච්චිගෙ ආදරේ අඩුවක්ද!

මහේන් රාජපක්ෂ එයාගේ එකම පුතාව ලෝකෙට අදුන්වලා දෙන්නෙම එයාගෙ ලොකුම ආඩම්බරේ විදියට!

තේරෙන කාලෙ ඉදලම බැට් එකට බෝලෙට පට්ටම ලව් නිරුද්ගේ ඒ හීනෙට යන්න කොල්ලට ලොකුම පන්නරය උනේ අප්පච්චි කිව්වොත් ඒකේ කොහොත්ම වරදක් නැති තරම්... අනික කොල්ලගෙ ඉස්කෝලෙ... කොහොමත් ඇමති පුත්තු රජ කරන ලංකාවේ නම ගිය ලොකුම පිරිමි ඉස්කෝලෙත් නිරුද්ට ඒ කාලේ තිබුනේ සුළුපටු තැනක් නම් නෙවෙයි.. දැන් කියලත් වෙනසක් නෑ.. ඉස්කෝලෙටත් නිරුද් කියන්නෙ සෑහෙන ලොකු ආඩම්බරයක්!

අනිකා නිරුද්... මහ පගයා කොච්චර ජඩ වැඩ කලත් උගෙ අප්පච්චිට පණ.. අප්පච්චි පුතේ කිව්වත් ඇති කොල්ලා අප්පච්චිගෙ දෙපා මුල.. ඊටත් වඩා එයාගේ
අප්පච්චි ගැන කවුරුම හරි පිට මනුස්සයෙක් හොදක් කියනවා නිරුද්ට ඇහුනත් ඇති, ඒ මූනේ ඇදෙන්නෙම හරි ලස්සන හිනාවක්.

ගහපු ගේම් සේරම හීන් නූලෙන් ගහලා මුකුත් නොකල අහිංසකයාගෙ චරිතෙ රඟපාන කේසර නිරුද් රාජපක්ෂ ගැනත් තාමත් මුතුඇටේ ජනතාවට තියෙන්නෙත් සැලකියු තරමේ හොඳ ආකල්පයක්..

ඇයි ඉතින් පුතණ්ඩියගෙ ජඩ වැඩ එකක් වත් අප්පච්චිගෙ කනෙන් පිට යන්න අප්පච්චි වත් අප්පච්චිගෙ මිනිස්සුවත් ඉඩ දුන්නද... නෑනේ!

අනිත් කාරණේ නම්, ගෙවුන අවුරුද්දක කාලය ඇතුළත මුතුඇටේ ඉන්න ක්‍රිකට් ලෝලීන්ට නම් නිරුද්ව දෙයියෙක් ගානට පෙනුනා වෙන්නත් බැරි නෑ.. මොක පහුගිය අවුරුදු ගානක් තිස්සෙම වැටීගෙන ආව සිරිලංකන් ක්‍රිකට් ආයෙම යතාතත්‍වයට එන්න ගත්තෙම අවුරුද්දකට උඩදි නිරුද්ගෙ කරපිට පැටවුන නායකත්වයේ බර එක්ක!

කොච්චර ජඩ වැඩ කලත් නිරුද් නියම නායකයෙක් විදියට මේ අවුරුද්ද පුරාවටම තමන්ගේ ටීම් එක ලීඩ් කලා.. ඔව් ඇත්ත!

ඒත් නිරුද්ට අනුව 'පොඩි පකයා' වුන මේඝව ටීම් එකට ආවායින් පස්සෙ නම් හුඟක් දේවල් සාමාන්‍ය පථයෙන් පිට පැන්නේ නිරුද්ගේ අහවල් අවයවේ දිග පලල පවා රහසක් නොවුණු, නිරුද් රයිගමයා නම් ගම්පලයා වුනු දනුජවත් පුදුම කරගෙන!

වෙලාව රෑ 12ත් පහුවෙලා... මැච් එක ඉවර වුනායින් පස්සේ මීඩියා වලටත් ෆේස් කරලා මැච් එක දිනුව සතුට ගැනත් බොරු දාහක් මීඩියා වලට හලලා මදිවට අලුත් තරුව සදෙව් මේඝව ගැන මීඩියා පකයි අහපු ප්‍රශ්න වලටත් උගේ හොද කියලා බොරු කෝටියක් විතර හලපු නිරුද් දැන් පැයක් විතර තිස්සෙම ශවර් එක යට.

කොල්ලා ඉන්නෙ කේන්තියෙන්! ඇයි ඉතින් අදත් මෑන් ඔෆ් ද මැච් trophyය ගත්තෙ මේඝව..

"හෙන ගහන්ඩ පොඩි හුත්තිගෙ පුතාට... කෑවා ඇවිත් මාව"

නිරුද් හිතුවෙම එහෙම...

දැන් නම් ඇගිලි තුඩුත් රැලි වැටිලා.. එච්චර වෙලා මූ වතුරෙ ඉදලා... ඉතින් දැන් ඇතියි හිතුව නිරුද් එහෙම්ම ශවර් එක වහලා දාන ගමන් සුදුපාට ටවල් එක අතට අරන් ඉන වටේ පටලවගත්තා.. කොල්ලා නෙවෙයි ඒත් ඇගේ වතුර පිහින්න කරදර උනේ..

එලියට යන්න දොර අරින්න ගියත් ඒ එක්කම වගේ නිරුද්ගේ ඇස් නැවතුනේ බාතෲම් මිරර් එකෙන් පේන තාමත් වතුර බේරෙන තමන්ගෙම රූපෙ ළඟ.. ඉතින් ඒ තොල් අග ඇදුනෙ ආඩම්බරකාර කොටකොනේ හිනාවක්..

කවදාවත් තමන් ගැන හරි ලොකුවට හිතාගෙන ඉන්න නිරුද් එයාගේ ඇඟ ගැනත් මහ ඉහලින් ආඩම්බර උන තරුණයෙක්.. වරදක් නෑ ඒකෙත්! දවසෙන් බාගයක් ජිම් එකේ නැත්තන් සම්පූර්ණම දවසම ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්ක ගතකරන නිරුද්ගෙ බොඩි එක කියන්නෙම කෙල්ලො පිස්සු වට්ටන ඇගක්!

සමහරවිට ඒ ඇඟ දිගේ පහලට වතුර බිංදුවක් බේරෙන්නත් ඒ වතුර බිංදුව පිං කරන්න ඕනි ඇති...

එහෙව් ඇගට අයිතිකාරයෙක් ඉදලම නැද්ද?

කවුද දන්නේ!!!

තප්පර ගානකින් එහාට ඒ කෝපි පාට ගැඹුරු ඇස් දෙක කණ්ණාඩියෙන් මුදවගත්තු නිරුද් බාතෲම් එකේ දොර ඇරියා විතරයි..

"හැමිනුනාද යකෝ ඔච්චර වෙලා ඕක ඇතුලෙ ඉදන්?"

"නෑ අතේ ගැහුවා... ඇයි උඹටත් ගහල ඕනිද...?"

කොල්ලට එලියට එන්න ඉඩක් නැති වුනා. නිරුද් බාතෲම් එකට යනකොට හිස්ව තිබුනු හොටෙල් රූම් එකේ එයාගේ ඇද උඩ ඉදගෙන ෆෝන් එක එහෙට මෙහෙට ඔබන ගමන් ගේම් ගගහා උන්නු දනුජ උගෙ කඩප්පුලි කට ඇරගන්නකොට ඒ වගේම කඩප්පුලි කටක උරුමක්කාරයෙක් උන නිරුද් දනුජට නොදෙවෙනි කතාවක් කියන ගමන් තමන්ගේ ඉන වටේ පැටළුනු තුවාය කිසි ගානක් නැතුවම ගලවලා අහකට කලා..

දැන් නිරුද් සම්පූර්ණ නිරුවත්! ඒකත් දනුජ ඉස්සරහම.. චහ්! කවුද අනේ ඕවා ගනන් ගන්නේ.. මුන් දෙන්නා උන්ගෙ අහවල් ඒවාට කිරි උනපු කාලෙ ඉදලම වැල බලන් අතේ ගහන්නෙත් එකට...

ඒ කොහොම උනත් දැන් නම් දනුජගෙ ඇස් තියෙන්නෙ නිරුද්ගෙ ඉනෙන් පහල.. කොහොමත් අපි කාටත් ඉන්නවනෙ වෙලාවකට සමලිංගික හැඟීම් පහල වෙන යාලුවෙක්.. දනුජත් අන්න ඒ වගේ එකෙක්. වෙලාවකට ඌ හැසිරෙන්නෙත් නිරුද්ගෙ ගෑනි වගේ!

දනුජගෙ ඇස් තියෙන්නෙ කොහෙද කියලා දැක්කත් නොදැක්ක ගානට ඇද ලඟට ආව නිරුද් අතට ගත්තේ එයා බාතෲම් එකට යන්න කලින් ඇද උඩට දාලා ගිය ස්වෙට්පෑන්ට් එක....

හැබැයි ඒ මූනේ ඇදුනෙත් මහ කින්ඩි හිනාවක්. පොර ඔය ලෑස්ති වෙන්නේ දනුජට මොකක් හරිම කියන්න වෙන්න ඕනි.. හිතුවා විතරයි,

"කොහෙද උඹ ඔය බලාගෙන ඉන්නේ.. ඇයි ආස හිතුනද.."

ඉතින් දැන් දනුජගෙ මූන නිකන්.... ම්ම්... මොකක් වගේද.. හදිසියට හොද උදාහරණයක් එන්නෙත්..

කොහොම උනත් නිරුද්ගෙ ප්‍රශ්නෙ ඉස්සර දනුජගෙ මූන ඇදවෙලා ගියා...

"ආස හිතෙන්න! ඕකට... අම්බේ හරි එකනෙ ආස හිතෙන්නම.. ඒව් ඒව් බලපන් ඉතින් හිච්චි මී පැටියගෙ තරම.. උඹ ඔය ඔච්චර නටන්නේ ඕකටනේ.. චැහ්.. අපේ රොකීගෙත් තියෙනවා ඔයිට වැඩිය...!"

"ඇත්තට... උඹ නිකමටවත් අහලා නැද්ද අකුලන් ඉන්න නයෙකුගේ පෙනේ තරම පුප්පන්න කලින් මනින්න එපා කියලා...?"

"අමෝර් අමෝර් පෙනේ නේද.. ඇයි ලොකුද..?"

දනුජ ඒ ඇහුවෙත් කින්ඩියට... හැබැයි,

"ම්ම්... නග්ගලා බලපන්... ලොකුද පොඩිද පෙනෙයි උඹට!"

කියන ගමන්ම තාමත් තෙට බේරෙන කොන්ඩෙ උඩින් දෙපාරක් තුන් පාරක් විතරක් ටවල් එක එහෙ මෙහෙ කරපු නිරුද් ඒ පිම්මටම ඇද උඩ තිබුන එයාගේ ෆෝන් එක අතට ගන්න ගමන් ඇදෙන්ම ඉදගත්තා..

"ආස ඇති පකයා මට කියලා නග්ගගෙන වතුර ටික යවාගන්න..."

ආයෙම දනුජගෙ කඩප්පුලි කට හඬ ඇහුන නිරුද් ඒ අහගෙනම ෆෝන් එක අස්සට බෙල්ල ඔබාගත්තා.. උනත් දනුජට උත්තරයක් දෙන්නත් නිරුද් අමතක කලේ නම් නෑ..

"උඹමනෙ අහුවෙ ලොකුයිද කියලා.. අනික ඉතින්.... උඹ කැමති නම්, යවන එක මට මහ කජ්ජක් නෙවෙයි කියලා උඹ දන්නවනේ.. හැබැයි පුතෝ... එකෙක්ව ලඟ තියාගෙනත් පිට ‍යැවිලි මගෙ නෑ හරි.. එක්කො ඇතුලෙ නැත්තන් කටේ.."

දැන් නම් දනුජගෙ ඇස් කටේ.. කට කනේ.. කන සාක්කුවේ.. ලේසියට කිව්වොත්, ඇසුයි කටයි කනයි ඔක්කොම කොල්ලගෙ සාක්කුවේ. ඇයි ඉතින්.. වාචාලයි කියලා දැනගෙන හිටියට මූ මෙච්චර කඩප්පුලියෙක් කියලා කවුද හිතුවේ...

"ඉදකින් යකෝ.. තෝ නම් මහ අසික්කිත අසමජ්ජාති ගං කබර සෙවලයෙක්.. ශිහ්.. කිව්ව කැත.. එක අතකට තෝ එක්ක මෙච්චර කල් ඉන්නවට මට ගහන්නෝනි මඩු වලිගෙන්..."

"ම්ම්... ඇයි උඹ ආවේ..."

ඉතින් ඒ ඉඟියක්.. තවත් ඉස්සරහට ඒ කතාව ඇදගෙන යන්න නිරුද් කැමති නෑ කියන ඉඟිය තමයි ඒ දනුජට ලැබුනේ.. ඒකයි නිරුද් කතාව මාරු කලේ...

කතාව සිහිය පිට උනත් ෆෝන් එක අස්සේ ඔලුව ඔබාගෙන නිරුද් කරන්නේ මොකද්ද බලන්න දනුජත් ඒ අස්සටම බෙල්ල ඔබාගත්තා වගේම,

"උඹට කියලා ඇරගන්න ආවේ... ඇයි එන්න එපාද.."

දනුජ දැන් දැන් කතා කලේ ගේමට වගේ.. ඇයි යකෝ තද වෙනවනෙ.. ඔක්කොම කාලත් මේ පකයා විතරක් නොකාම රූම් එක අස්සට රිංගුවා කියලා ටීම් එකේ උන්ගෙන් දැනගත්තට පස්සේ කන්ඩ යමන් කියන්න හොයාගෙන ආවට පස්සෙ මූත් කියාගෙන එන්නේ හැමිනෙන කතානෙ...

දැන් දනුජ නම් ඉන්නෙ තද වෙලාලු ඔන්න. හැබැයි,

"ම්ම් අද නම් මහන්සියි.. කමක් නෑ ඇදුම් ටික ගලවලා ඇදෙන් ඇලවෙයන්.. අප්පච්චිට කෝල් එකක් අරන් ඇවිත් උඹේ වැඩේ කරලා දෙන්නම්..."

දනුජගෙ කේන්තිය තඹේකට ගනන් නොගත්තු නිරුද් ඒ කියන ගමන්ම අතේ තිබුන ෆෝන් එක කනේ තියාගන්නකොට, දෙයියනේ කියලම දනුජ නම් අපේ නිරුද් කොලුවා දිහා බලාගෙන හිටියේ, අනේ මට මේ දැන් මුගෙ හොම්බට දෙකක් ඇනගන්න විදියක් නැති හැටි වගේ බැල්මකින්...!

ඉතින් රින්ග්ස් දෙකයි... වෙලාව කීය උනත් පුතාගේ කෝල් එකට අප්පච්චි ලයින් එකේ.

"හෙලෝ අප්පච්චි..."

"මගෙ පව්කාරයට එහෙනම් අප්පච්චිවත් මතක් වෙලා තියෙන්නේ.. ඉතින් ඉතින්"

ඔය මොකද දන්නවද.. අද දවසටම නිරුද්ට අප්පච්චිට කෝල් එකක් ගන්න බැරි වුන එක වගේම අප්පච්චිගෙන් ආව කෝල්ස් වලට නිරුද්ට ආන්ස්වර් කරන්න බැරි වුන එකේ ඇරියස් එක...

කොහොම උනත් නිරුද්ට අප්පච්චි ආදරේට පවුකාරයා කිව්වේ නැතුවම නෙවෙයි. මොකද ඉතින් මහේන් පව් වැඩක් කලා නම් කලේ නිරුද් නිසාමනෙ..

"ඇයි ගන්න එපාද දැන්.."

නිරුද් උනත් අප්පච්චිගෙ ටෝන් එකෙන්ම ආපිට උත්තර දෙනකොට,

"නෑ බං ඉතින් උඹටත් අප්පච්චිව මතක් වෙන්නේ මොකක් හරි කරගෙන නාගෙන හත්පොලේ ගාගෙන ඒක විසඳගන්න ඕනි උනාමනෙ.. කියපන් ඉතින්. මොකද්ද කේස් එක..."

"එහෙම එකක් නෙවෙයි අප්පච්චි"

ඒත් එක්කම නිරුද්ට ඇහුනේ ලයින් එකේ එහා පැත්තෙන් අප්පච්චි මහ සද්දෙන් හිනාවෙන හඬ... දැන් එහෙම එකක් නෙවෙයි කියන එක ඔච්චර හිනාවෙන්න දෙයක්ද.. අප්පච්චිගෙත් මල විකාරනෙ වෙලාවකට!
මූනත් කුණ්ඩහට්ටියක් කරගත්තු කොහොමත් පෙරේද ඉදන්ම මල පැනලා ඉන්න නිරුද් අප්පච්චි හිනාවෙලා ඉවර වෙනකන් ෆෝන් එක කනෙනුත් අහකට කරන් බලාගෙන හිටියා...

"නෑ මං කියන්නේ... උඹ ඔය කතාව උඹේ අප්පච්චිට නොකියා වෙන එකෙක්ට කිව්වා නම් පිලිගන්න තිබ්බා පුතේ.. එක්කෝ ඕක කිව්වේ උඹ නොවී වෙන එකෙක් උනා නම් මම ඒත් පිළිගන්නවා.. ඒත් උඹෙයි මගෙයි දෙන්නගෙම කරුමෙට උඹ මගෙ පුතණ්ඩියනෙ.. කියපන්.. මොකද්ද වෙන්න ඕනි!"

ලොකු හුස්මක්... අප්පච්චිගෙ කතාවත් එක්කම නිරුද්ගෙන් පිටවුනේ සෑහෙන ලොකු හුස්මක්.. ඉතින් දනුජ දිහාත් එක පාරක් ඇස් කොනෙන් බලපු නිරුද් අවසානේ එයා ඇත්තටම අප්පච්චිට කෝල් කරපු දේ කියන්න තීරණේ කලා...

"එකෙක්ගෙ ෆොටෝ එකක් දෙන්නම්... හෙට උදේ වෙද්දි මට උගෙ උප්පැන්නෙ ඉදන් විස්තර ටික හොයලා ඕනි අප්පච්චි!"

"මම කිව්වේ මම කිව්වේ.. මොකෝ සීන් එක.. මගෙ කොල්ලට කාට හරි හිත වත් ගියාද... ආව් ආව්ව් ඒ කියන්නේ මම මාමණ්ඩි කෙනෙක් වෙන්නද යන්නේ.."

"එහෙම ලබ්බක් නෙවෙයි අප්පච්චි... ටීම් එකට ආව පොඩි පකෙක් ඉන්නවා මට දිරවන් නැති.."

"හ්ම්ම් හ්ම්ම්... හිටහන් ඉතින් නටන්නෙ නැතුව... දැන් අර සිරිසේනයට ඇහැරවන්නත් එපෑ.. මිනිහා මෙලහට ගෑනිගෙ බඩ උඩද දන්නෙත් නෑ.. උන්ටත් නිවාඩුවක් ලැබෙන්නේ එහෙමට දවසකනෙ කොල්ලෝ..."

පුතාටත් අඩුවක් නැතුවම දායාද වෙලා ඇවිත් තිබුන අප්පච්චිගෙ කඩප්පුලි කටින් ඒ කිව්ව කතාවට බලාගෙන ඉන්නකොටම නිරුද්ගේ මූන ඇදවෙලා ගියා... මොකද සිරිසේන කියන්නේ එයාගේ අප්පච්චිගෙ ලේකම්.. කොහොමත් සිරිසේන කාරයටත් නිරුද් එක්ක තියෙන්නේ එච්චර හොද ඇයි හොදැයියක් නම් නෙවෙයි..

ඒ මොකද කිව්වොත්, වැලන්ටයින් එකට එයාගේ ආදරණීය බිරිදට තෑගි කරන්න මිස්ට සිරිසේන අරන් තිබ්බ රතුම රතු පාට බ්‍රා එකයි ඒ පාටම පැන්ට් එකයි
නිරුද්ව ගන්න ඉස්කෝලෙට යන්න හදිසියට මිනිහා කාර් එකේ බැක්සීට් එකේ තියලා තිබ්බේ බෑග් එක පිටින්මයි..  ඒත් ඉතින් අවුරුදු අටේ නිරුද් කියන්නේ හොද අණ්ඩපාල පැටියෙක් නෙවෙයිනෙ.. නිරුද්ව ඉස්කෝලෙන් අරන් මිස්ට සිරිසේන වෙන වැඩකට කොල්ලව වාහනේම තියලා ගිය වෙලාවේ ඉතින් පුන්චි නිරුද්ට ඔය බෑග් එක අහුවුනේ අහුවෙන්න තියලා ගිහින් තිබුන නිසානේ. ඉතින් අර බ්‍රා එකේ කප් දෙක මැදම තිබුන පත සයිස් හිල් දෙකට පුන්චි එකාට දොස් කියලා වැඩක් තියෙද.. ආ සිරිසේන.. අප්පච්චි නම් ඕකට උත්තර බැන්දේ ඔහොම.. අනිත් එක ඉතින් පෑන්ටියේ යට ලොකු හිලක් තිබුනම ගලවන්නෙ නැතුවම උඹට උඹේ වැඩේ කරතැහැකිනෙ.. ඔන්නෝහෙ අල්ලලා දාපන්... ඔය තමයි ඉතින් අප්පච්චිගෙ කීම... මෙහෙමයි.. හිල් වුන ඇදුම් තෑගි දුන්නට ගෑනි මිනිහව එදා රෑ දොට්ට දැම්ම එක අපිට අදාලද.. නිරුද්ට නම් කොහොමවත් අදාලද.. නෑනෙ නෑනේ!!

එවුනාට මම කියන්නේ සිරිසේනට අඩුම තිබුනා.. ඒ දෙක දෙන්න කලින් ආයෙ එක වතාවක් හරි බලලා දෙන්න!

ඉතින් ඔන්න ඕකයි ඒ එදිරිවාදීකමට සාධක උනු හේතුව..!

"හ්ම්ම්... මම එහෙනම් තියනවා අප්පච්චි.. ගුඩ්නයිට්"

අප්පච්චිගෙ ලේකමා මතක් වුන පාරට කට ඇදවුන නිරුද් අප්පච්චිට එහෙම කිව්වත්,

"හ්ම්ම් හ්ම්ම්.. නිරුද්"

"අප්පච්චි...?"

"උඹ මොනා කලත් පරිස්සමෙන් පුතේ... එකා යකා උනත් අප්පච්චිට ඉන්නේ උඹ විතරයිනෙ.. ඒක අමතක නොකර ඕනි දෙයක් කරපන්... මොකද මම ආස නෑ බලේ අපි අතේ නැති උන දවසක මහේන් රාජපක්ෂගෙ පුතා අරක කලා මේක කලා කියලා උඹේ වැරදි එකින් එක එලියට එනවට.. ඒ නිසා කවදාවත් උඹට හිරේ ලඟින්න නොවෙන විදිහේ වැරදි විතරක් කරපන්... අප්පච්චි උඹට ආදරෙයි!"

ඉතින් එච්චරයි.. අඩු තරමේ නිරුද්ට ආපිට උත්තරයක් වත් දෙන්න ඉඩක් නොදීම අප්පච්චි කෝල් එක කට් කලා.. එක පාරක් විතරක් ෆෝන් එක දිහා බලපු නිරුද් එහෙමම ඇද පැත්තට හැරුනත් එයා දැක්කේ එච්චර හොද මූනක් තිබුන දනුජ කෙනෙක්ව නම් නෙවෙයි..

"මොකද්ද උඹ ඒ ගමන කරන්න හදන්නේ නිරෝ....?"

ප්‍රශ්නේ එල්ල උනේ දනුජගෙන්.. ඒත් උත්තර දෙන්න හිතක් මේ වෙලාවේ නිරුද්ට නෑ.. ඒකයි එයාට ඒ කතාව මාරු කරන්න ඕනි උනේ. ඉතින්,

"මම හිතුවා උඹ ආව වැඩේ කරගන්න ලෑස්ති වෙලා ඇති කියලා... ඇයි දැන් එපාද... කෝ ගලවපන් ඔය ටික..."

ඉන්න... නිරුද් ඒ දනුජට ඇහැක් ගැහුවද.. පිස්සුද.. කොහොම උනත් ඒ කිව්ව කතාවට නම් දනුජගෙන් නිරුද්ට එල්ල උනේ මාරාන්තික බැල්මක්..

"හැමිනිය හුත්තිගෙ පුතා.. මම අද කිව්වා කියලා ලියාගෙන හරි මේක තියාගනින්.. තෝ ඔය කරන්න යන වැඩෙන් අම්මට හිකවෙන්නම කෙලවෙලා හත්පොලේ ගාගෙන නහයෙන් අඩන දවස වැඩි ඈතක නෙවෙයි පුතෝ.. එදාට තෝ හැනුජ හැනුජ ගාගෙන මගෙ පස්සෙන් නම් එන්න එපා.. පයින් ගහලා එලවන්නේ පකයව! මම යනවා..!"

කොහොමත් දනුජ කියන්නේ කුණුහරුප සංස්ථාවට සමාන පදයක් වගේ. අප්පච්චි කියන හැටියට නම් එයාගේ අහිංසක පුතාත් කුණුහරුපයක් හරි ඉගෙන ගෙන තියෙන්නේ ඔය වැරදි මිතුරු ඇසුර නිසාලුනේ...!

ඉතින් ගස්සගෙන ගිය දනුජ නිරුද්ගේ රූම් එකේ දොරත් දඩාං ගාලා වහගෙන යන්න යනකොට ලාවට හිනාවෙන ගමන් ඔලුව දෙපැත්තට වනපු නිරුද්ගේ අතට ඊළඟට අහුවුනේ සිගරට් එකක්... තනියම නෙවෙයි.. ලයිටර් එකකුත් එක්කම..

දෙපාරක් නොහිතම ඒ සිගරට් එක සිගරට් බීලාම තදපාට වුනු තොල් දෙක අස්සට හිරවෙලා යද්දි ලයිටර් එකෙන් පත්තු වුන සිගරට් එකේ පලවෙනිම දුම් උගුර නිරුද්ගේ උගුර පුච්චන් පෙනැහැලි වලටම ඇදිලා ගියා.. ඉතින් අතේ තිබුන ෆෝන් එකත් ස්වෙට්පෑන්ට් එකේ පොකට් එක අස්සට ඔබාගත්තු නිරුද් එහෙමම ආවේ එයාගේ බැල්කනි එකට....!

බැල්කනි එකේ අත්වැට උඩින් අතක් තියාගන්න ගමන් ඒකටම හේත්තු වුන නිරුද්ගේ ඇස් ලස්සනට පායපු හඳ හොරාගත්තේ ඉබේටම වගේ.... ඊටත් දැන් ඉන්නෙත් නුවර අහස යට!

ලාවට වැටෙන පින්නේ සීතල නිරුද්ගේ නිරුවත් උඩුකයේ හිරිගඩු පිප්පෙව්වත් නිරුද්ට නෙවෙයි ඒක ගානක් උනේ..

ඒ ඇස් මේ වෙද්දිත් අර මංකොල්ලකාර හඳ හොරාගෙන ගිහින් ඉවරයි..

ඉතින් සිගරට් එක ටිකෙන් ටික ඇවිලි ඇවිලි අලුවෙලා යනකොට නිරුද් දිගටම අර ලස්සන හඳ දිහාම බලාගෙන හිටියා...

නිරුද් ඒ විදියට හඳ දිහා බලාගෙන හිටියත්, බැල්කනි එකේ ඉදන් සිගරට් එකක් බිබී අහස දිහාම බලාගෙන ඉන්න නිරුද්ව පහල ඉදන් බලන කෙනෙකුට හරි ලස්සන දසුනක් නෙවෙයි කියන්න කාටද පුලුවන්... ඒක ඇත්තටම කෙනෙකුට ඕනි තරම් වෙලාවක් බලාගෙන හිතෙන ජාතියේ වීව් එකක්!

කොහොම එහෙම නෑ කියන්නද?

ස්වෙට් පෑන්ට් එකක් විතරක් ඇදගෙන, කට් වෙන්න උවමනා හැම මසල් එකක්ම ගානටම කට් වුන අපර් බොඩි එක එලියට නිරාවරණය කරගෙන සිගරට් එකක් බොන නිරුද් රාජපක්ෂ කියන්නෙම කෙල්ලොන්ව පිස්සු වට්ටන දර්ශනයක්!

ඊටත් හඳ එළියට ඒ නිරුවත් පපුවේ මීපැණි පාට හම දිලිසෙනකොට!

ඉතින් විනාඩි කීයක් ඒ විදියට ගෙවුනද කියලා නිරුද්ටවත් නිච්චියක් නැති වුනත් මේ වෙනකොට එයා අරන් ආව සිගරට් එක නම් සම්පූර්ණම අලු වෙලා ගිහින් ඉවරයි.. ඒ නිසාම කොට කෑල්ල බිම දාලා පාගලා දැම්ම නිරුද්ගේ සිහිය එතනින් මිදුනේ පහලින් ඇහුන වතුර සද්දෙ නිසා කියනව නම්, නිරුද්ට මතකයි මෙච්චර වෙලා එයාට එහෙම සද්දයක් නම් කීයටවත් ඇහුනේ නෑ කියන එක.. ඒත් එක්කම වගේ නිරුද්ගෙ ඇස් ඒ වතුර හඬ හොයාගෙන පහලට ඇදෙනකොට මේ දැන් පූල් එකේ වතුරට පැනලා නිරුද්ගේ අවදාන බින්ද ඒ කෙනා මේ වෙද්දි පීනනවා..

"හහ්! මහ පාන්දර 1ට පීනන්න.. මුන්ට පිස්සුද?"

නිරුද්ගේ හිත කිව්වෙම එහෙම.. වතුර යට නිසා වගේම වටපිටාවේ පැතිරිලා තිබුන අඩ අන්දකාරෙට පිං සිද්ද වෙන්න නිරුද්ට බැරි වුනා ඒ කවුද කියන එක අදුරගන්න.. ඉතින් නිරුද්ට වැඩක් තියෙනවද ඕවා.. චහ්! හඳ දිහා බලාගෙන ඉන්න වැඩේ ඊට වඩා කොච්චර ශෝක්ද...

ඉතින් නිරුද් හැදුවේ පීනන එකාට බම්බු ගහගනින් කියලා තොල් මතුරලා ආයෙම අහසට ඇස් යොමන්න උනත්, මේ සැරේ නිරුද්ගේ 'හඳයි එයයි' පෙමට බාධා කලේ නම් එයාගෙම ෆෝන් එක..

නොටිෆිකේශන් එකක්...

"කවුද හුත්තො මේ මහ රෑ ඉන්ස්ට ස්ටෝරි අප්ලෝඩ් කරන නින්ද යන්නැති එකා...?"

ආයෙම නිරුද්ගේ හිත එහෙම කිව්වත් ආව නොටිෆිකේශන් එක ඉබේටම වගේ නිරුද්ගේ අතින් ටච් උනේ අඩු ගානේ ඒ නමට වත් අවදානය දෙන්න පරක්කු නොවී.. ඉතින් ඒ ඇස් උඩ යන්න ගියේ මහ වෙලාවක් නම් නෙවෙයි..

මොකද... ඒ හිටියේ එයා.. මේ දැන් ඉන්න ඉරියව්වෙන්ම අහස දිහා බලාගෙන සිගරට් එක බොන එයාගේ ෆොටෝ එකක් ස්ටෝරි වැටිලා තිබුනා මදිවට ඒකට දාලා තිබුන කැප්ශන් එක උනේ winning captain...

රෙද්ද තමා... winning captain කියලා දාපු වෙලාවේ Jealous captain කියලා දැම්ම නම් කොච්චර ගැලපෙනවද!

එවුනාට නිරුද්ට නම් දැන් ප්‍රශ්නේ කවුද මේක කලේ කියන එක. ඇයි යකෝ.. එහෙම මේ එයාගේ පොටෝ ගගහා දාන්න එක එකාට පුලුවන්ද...! හුකෝගන්න තමා හදන්නේ ඉතින් ඔය!

ඒ එක්කම ඔක්කොටම කලින් නිරුද්ගේ ඇස් ආයෙම ගියේ පූල් එක ලඟට. අනිවාර්යයෙන්ම ඕකෙ ඉන්න පගයා තමයි මේක කරන්න ඇත්තේ... මොකද ඒ හරියට තමයි එයාව එහෙම පේන්නේ!

අනේ ඉතින් අපේ අභිමානවත් නායකත්වයේ පොල් ඔලුවට ඊටත් පස්සෙනෙ මතක් උනේ ස්ටෝරිය අප්ලෝඩ් වුන අකවුන්ට් එකේ නම බලන්න....

වැඩක් නෑ.. මහ පගයගෙත් කටයි අහවල් එකේ දිගයි ඇරෙන්න තනිකරම ගොන් බඳින කණුවක්නෙ මේ ඉන්නේ!

ඉතින්, මතක් වුන ක්ශනිකෙට නම බලපු නිරුද්ගේ කට දැන් බෝලයක් උනත් එකපාර ඔබන්න පුලුවන් තරමට ඇරිලා ගිහින් බලාගෙන ඉන්නකොටම ඒ ඇස් දෙකත් ලොකු වෙලා යද්දි නිරුද්ගේ කටින් පුදුමෙන්ම පිටවුනේ එකම එක වචන දෙකයි...

"පොඩි පකයා!!!"














අවසානය නොවේ

පොඩි පකයටත් ඕනි නැති එකක් නැනේ🥲😭😂💔

භාශාව අසභ්‍ය බැවින් කුඩා දරුවන් කියවීමෙන් වලකින්න🥲

හෙහෙ👉👈 කෝමතේ යාලුවේ කතාව🌚

අහන්නකෝ පැටව්.... ඔයාලට කොහොමද ඕනි මේක.. කලින් එකේ වගේ කේසරගෙ pov ද මේ වගේ third person pov ද.. මම කොහොමද හොද බලන්න තමයි අද මෙහෙම ලිව්වේ.. ඔයාලා ආස විදියකට ලියන්නම්.

කමෙන්ට් නම් කරපියව් නැත්තන් ලියන්න කම්මැලියි ඈ😂 එවුනාට ඊයෙ එකට ප්‍රතිචාර හොදයි🥹 මේ දරුවා සෑහෙන්න සතුටෙන් ඉන්නෙ ඒ ගැන🙈❤️

අනිත් එක.. නිරුද් ගැන දැනට මොකද හිතෙන්නේ ඔයාලට👉👈  නිරුද්ගෙයි අප්පච්චිගෙයි බැඳීම ගැන?

ආ tk මවාගන්න ඕනි ළමයි... මෙහෙම මවාගන්නකෝ ඒ දෙන්නව..

නිරුද්


මේඝව



එහෙනම් ඩෝලි ගියා... ආදරෙයි මෙච්චරක්❤️🥀
2024.02.24

Seguir leyendo

También te gustarán

170K 19K 54
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
3.5K 558 12
සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover credits goes to :- @Freya_Celestie
669 79 4
"ඉබේම හැදිලා ඉබේම පරවෙන කල්හාර මල් වලට පාටක් නැ" "හරියට හේතුවක් නැතුව ඔයා ගැන ආදරයක් ඇති වෙලා ඔයාම එ ආදරෙ මරනවා වගෙ" "ඉතිම් හෙසදු ඔයා වෙනුවෙන් මගෙ හි...
2.5K 270 30
වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..