2024.02.21
වම් අතේ රැඳුන බියර් ටින් එක
දකුණු අතේ ඇගිලි දෙකකට හිර වුන බාගයල් අලුවුන සිගරට් එක
අපායක් උනු හෝටල් කාමරය
බිම පුරා තැන තැන විසිරුනු හිස් බියර් කෑන්
වගේම
අවසානයේ මගේ ඇස් වලින් නිහඬවම ගලන කඳුළු කැට...
මේ තමයි අවුරුද්දක ආදරයෙන් මට ඉතිරි සිහිවටන..
නෑ.. මම උවමනාවෙන් ඉතිරි කරගත්තු සිහිවටන... කිසිම කෙනෙකුට කවදාවත් දොස් කියන්න බැරි මගෙම තීරණ නිසා අවසානේ මට ඉතුරු උන දායාද..
දඩබ්බර.. හිතුවක්කාර.. කොටින්ම කිව්වොත් සල්ලිකාර තාත්තෙක්ට දාව ඉපදුනු නොසන්ඩාල එකම දරුවා මම.. ඒත් එකම දරුවා නිසා ඕනිවටත් වඩා ආදරේ දීලා එකායකා උනු චරිතයක් කිව්වොත් මම සෑහෙන්න දුරට හරි... කොටින්ම මම කළු චරිතයක්... සල්ලි වලට, මගෙ ඩිග්නිටි එකට මගෙම රට පවා, පාවා දීපු නරුමයෙක් මම...
ඉතින් කාටවත් බැනලා වැඩක් නෑ.. මමම කරගත්තු කරුම මම ම ගෙවනව ඇර මට වෙන විකල්පෙකුත් නෑ.. ඒත් මම මේ විදවනවත් මදි.. අහිංසක හිතකට දුන්නු වේදනාවට මම මේ විදවනවා හොදටම මදි..
කේසර නිරුද් රාජපක්ෂ
උඹ මේ විදවනවා මදියි යකෝ... තව බීපන්... නැති වෙනකන් බීපන්.. ඔය අතේ තියෙන සිගරට් එකෙන් උඹවම පුච්චගනින්...
ඉතින් පුච්චගත්තා... මේ පලවෙනි වතාව නෙවෙයි... උඩහම පසාරු කරන් සිගරට් එකේ ගිනියම මාව පුච්චනකොට මට දැනුනේ වේදනාවක් වෙනුවට නිකන්ම නිකන් හිස් හැඟීමක්...
ඇස් වලින් තාමත් කඳුලු ගැලුවත්, ඒ මගේ වේදනාවට නෙවෙයි.. ඒ කඳුළු එන්නේ එයා වෙනුවෙන්.. මම නැතිකරගත්තු මගේ වස්තුව වෙනුවෙන්.. යකෝ ඌ මගෙ හුස්ම... මගෙ පන... මම ආදරේ කලා බං.. ඒත්... ඒත්... ආදරේ කරනවට වඩා මට ඌට දුක් දුන්නා.. ආදරේ කරන මුවාවෙන් මම ඒ අහිංසකයට ඌවම නැති කලා..
උගේ හීන මම උදුරගත්තේ මේ අත් දෙකෙන් යකෝ.. මම ඌව නැති කලේ මේ අත් දෙකෙන්.. ඒ කරලත් මටම ආදරේ දීපු ඒ හිතට උහුලන්නම බැරි තැන මැරෙන්න වැටෙද්දිත් මම කලේ මුකුත් නොදන්න එකා වගේ අහක බලාගෙන ඉන්න එක..
යකෝ... මට හෙන ගහලත් මදි. මට හෙනගහලත් මදි යකෝ..
මගේ මේ අත් වල තියෙන්නේ ඒ ලේ.. හදවතක මලගමක ලේ වල බර උහුලන් ඉන්න මගේ අත් වලට ආයෙ කවදාවත් බෝලයක් පිත්තක් අල්ලන්න නොදෙන්න මම මටම සාපකරගෙන ඉවරයි..
මැරිලා පලයන් නිරුද්.. ඌට දැන්වත් සැනසීමෙන් හුස්මක් ගන්න දීලා උඹ මැරිලා පලයන්...
මගේ හිත මටම එහෙම කෑගහනකොට හිතට එකඟ වෙන ගමන් අලුතින් පිච්චුන තුවාල කැලැල් වලට බැල්මක් වත් නොදීපු මම එහෙමම ඉතුරු බියර් උගුරත් කටට හලාගන්න ගමන් හිස් ටින් එක පොඩි කරලා විසි කලා..
වෙලාව හවස හතරහමාරයි.. තව පැය දෙකහමාරයි.. ඇෆ්ගනිස්තාන් එක්ක අන්තිම ටුවෙන්ටිය.. කොච්චර ඌට උගෙ පාඩුවේ ඉන්න දෙනවා කියලා හිතුවත් පෙරේදා මැච් එක වෙලාවේ ඇන්කල් පේන් එකක් ඇවිත් මැච් එකෙන් රිටයර් වෙන්න උන මගෙ පොඩි එකා අද ගහනවද නැද්ද කියලා දැනගන්න කන් මගේ හිතට නිවනක් නැති උනා..
නෑ.. ඌ මගේ නෙවෙයි.. ඌ මගේ වෙලා උන්නා විතරයි.. ඌට උඹේයි කියන්න තිබ්බ අයිතිය උඹ නැති කරන් ඉවරයි නිරුද්..
කොහොමත් උඹ වගේ පට්‍ටම මූසල අපතයෙක්ට ඌ වගේ අහිංසකයෙක් ගෙ ආදරේ ලැබෙන්න සුදුසු නෑ බං... උඹට ඉතුරු මැරෙන්නම විතරයි..
කොච්චර එහෙම කිව්වත් මට බෑ.. ඇද ළඟ බිම ඔහේ වැටිලා තිබුන මගේ ෆෝන් එක අවසිහියෙන් වගේ අතට ගත්තු මම තාමත් ස්ක්‍රීන් එකේ තියෙන ඒ ලස්සන ඇස් දිහා බලන්න එක විනාඩියක් වැය කරන ගමන් එහෙමම ගන්න උවමනා එකාට කෝල් එක ඩයල් කලා.. කරලා ස්පීකර් ඔන් කරන ගමන් තවත් බියට් ටින් එකක් අතට අරගත්තා..
"හෙලෝ...."
ටක්ස්
"හෙලෝ... නිරුදයා.. කතා කරපන්.. උඹ ඔය බොනවද ආයෙත්..."
ඉතින් ප්‍රශ්න.. ඉතින් ප්‍රශ්න.. හොදම හුත්තිගෙ පුතාට කෝල් එකක් ගන්න බෑ ඌට මට වඩා ප්‍රශ්න.. ඇයි උගෙ අප්පගෙ ඇටෙන් යනවද මම බිව්වම.. මම ඌට ඇහෙන්නම බියර් එක කඩාගත්තා..
"මේඝව ගහනවද අද"
ඉතින් එච්චරයි.. අහන්න ඕනි උනු දේ විතරක් වචන තුනකින් අහපු මම එහා පැත්තෙන් උත්තරයක් එනකන් බලාගෙන උන්නා..
"ඇයි ඌ ගහන්නේ නැත්තන් උඹ ඇවිත් ගහලා දෙන්නද.."
"අහපු දේට... කැහ් කැහ්... උත්තර දීපන්..."
"ඌ ගහන එක ඌ ගහගයි... හැබැයි දැන් තෝ ඔය ලබ්බ පැත්තකින් නොතිබ්බොත් අම්මපා මම මේක ඉවර උනු ගමන් ඇවිත් උඹේ අම්මට හුකෝනවා හරි... කාලකණ්ණියට මම කිව්වා.. කට කැඩෙනකන් කිව්වා... තෝ විහින් කරගත්තු කරුම වලට තෝ විතරක් නෙවෙයි ඌයි මායිත් විදවනවා.."
"ප්ලීස්... දනුජ... මේඝව සෙල්ලම් කරනවද.. නැද්ද කියලා විතරක්.. කියපන්... කැහ්..."
"ඉදපන් ඉතින් මැරෙන් නැතුව..."
තවත් පාරක් මට බැනපු දනුජ ටිකවෙලාවකට සද්දයක් නැති උනත් මම දන්නවා.. ඌ ගියේ මගේ මේඝව හොයාගෙන..
ඌ බනින්නෙත් වේදනාවට.. මොකද ඌ මට කිව්වා.. කාලකණ්ණියෙක් නොවී ඌට ආදරේ කරපන් කියලා දනුජ මට කට කැඩෙනකන් කිව්වා.. අහිංසක හිතකට ගිනි දෙන්න එපා කියලා ඌ මට බලු බැනුම් බැන්නත් මගෙ කාලකණ්ණි කම ඔක්කොටම වඩා ඉස්සර උනා..
ඉතින් දැන් දනුජ මට මොනවා කිව්වත් මම කලේ අහගෙන ඉන්න එක.. උන් තාමත් මට හොද වැඩියි. හරිනම් උන් ඔක්කොම එකතු වෙලා මාව මුහුදට තල්ලු කලත් මට ඒත් මදි...
ඉන්න.. ඒ.. ඒ මගෙ මේඝවද.. අනේ මගෙ රත්තරන් කොල්ලාගෙ කටහඬ... දනුජගෙ ෆෝන් එකෙන් මට ඒකාගේ නම ඇහෙනකොට මගේ මුලු සරුවාංගෙම ගැහෙනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා..
දැන් මෙහෙම අහන්න උනු කටහඬ මම ඉස්සර ඇහුවේ ඌව මගේ පපුව අස්සේ හිර කරන් යකෝ.. මම ඌව එහෙම තියන් හිටියේ.. ඒත්.. දැන්.. දැන්...
"සදෙව්..."
"දනුජ අයියෙ...?"
"උඹ අද සෙල්ලම් කරනවනෙ නේහ්.... දැන් ශේප්නෙ.."
නෑ.. උත්තරයක් ඇහුනේ නෑ. මම දන්නවා. ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම මේඝව කරන්නේ කටින් උත්තර නොදී තම්බ්ස් අප් එකක් දෙන එක... මම මගෙ කොල්ලව දන්නවා යකෝ... ඌ හැරුනත් මම දන්නවා.. එහෙව් මම... මම!!! වැඩක් නෑ.. උඹ මහ පව්කාරයෙක් කේසර!
ඉතින්, මම ආයෙත් අහගෙන හිටියා....
"එල එළ.. එළ කොල්ලෙක් හරක් හොරෙක්... ගේමක් ගහමු කොල්ලෝ අදත්.. එහෙනම්, අපි කැපුනා..."
ආයෙම නිහඬයි.. ටිකකින්,
"උඹට ඇහුනනෙ...."
"හ්ම්ම්..."
"හ්ම්ම් නෙවෙයි.. ගංකබර වේසිගෙ පුතෙක් නොවී-"
කට් කලා... දනුජ කියන්න යන බණ ටික අහලම කටපාඩම් මම ෆොන් එක කට් කරලා ඔඩොක්කුවට අතාරින ගමන් ලාවට හිනාවුනා...
මගෙ කොල්ලා සෙල්ලම් කරනවලු.. මම අද ග්‍රවුන්ඩ් එකේ නැති උනත් මට ඈත ඉදන් හරි එයා සෙල්ලම් කරනවා බලන්න පුලුවන් කියන සිතුවිල්ල මැරුනු ඇස් වලට පුන්චි එලියක් එකතු කරනකොට ලාවට හිනාවුන මගේ අවදානය ෆෝන් එකට ආව මැසේජ් ඒකකින් බිඳිලා ගියා...
.
.
2021.09.20
"අම්මට හැමිනෙන්න අර පොඩි පකයා අදත් අරුන්ගෙ බෝලර්ස්ල්ව වඩාගෙන ගහන්නේ බං"
පස් වෙනි ඕවරේ රවිචන්ද්‍රන් අශ්වින් දාපු අවසාන බෝල දෙකටම පිට පිට පත සයිස් හයේ පාරවල් දෙකක් ගහපු අපේ ටීම් එකට පෙරේදා ආව පොඩි එකා දිහා බලාගෙනම මම එහෙම මිමිනුවේ මගේ එහා පැත්තෙන් ඉදගෙන මම වගේම ග්‍රවුන්ඩ් එක බලාගෙන ඉන්න දනුජට..
මගේ ඇස් දෙක දැන් විනාඩි ගානක් තිස්සෙම තිබුනෙ ග්‍රවුන්ඩ් එකේ.. අවදානේ කොච්චරද කියනවා නම් ගෙවුන එක විනාඩියකට වත් මගේ ඇස් පිච් එකෙන් අයින් නොවුන තරම්..
කොටින්ම කිව්වොත් මේ මුලු වෙලාවම මම බල බලා හිටියෙ මේඝවව අවුට් කරගන්න පුලුවන් තරමේ බෝලයක් එකෙක් හරි දාලා ඌ ආපිට පැවිලියන් එකට එනකන්...
"ඉතින් උඹ ඇයි ඒකට මෙතන ඉදන් පුපුරන්නේ.. සතුටු වෙයන් ඌ අදත් ගේමක් නැතුව ගේම ක්ලෝස් කරන්න හදන්න එකට..."
"සතුටු වෙන්න... චහ්.. මේ මම..."
මගේ කට කොනකට ආවේ නොන්ඩි හිනාවක්.. දනුජයා බලාගෙන හිටියේ මේ මුකුත් නොතේරුන ගානට වෙනකොට මේඝව ගැන පෙරේදා ඉඳන් හිත අස්සේ පැසවන කේන්තිය අද පලවෙනිම වතාවට කෙනෙක් ඉස්සරහ පිට පැන්නා...
"යකෝ සතුටු වෙන්න තිබුනා.. පොඩි පකයා ආව දවසෙම මගෙන් මෑන් ඔෆ් ද මැච් trophy ය උදුරගත්තෙ නැත්තන්... යකෝ විකට් 4ක්.. අදත් විකට් 4ක් දාලත් මූ නිසා මට ඒක නොලැබුනොත් අම්මපල්ලා මම ඕකට ගෙදරට ගිහින් ඇරලා එන්නේ... පුංචි ගස් බල්ලා"
"නිරෝ.. සිරාවටම මේ උඹමද බං..?"
දනුජ බලාගෙන හිටියේ මම කියපු එක වචනයක් වත් විශ්වාස කරගන්න බැරි ගානට.. ඇත්ත... ටීම් එකට අලුතින් එන හැමඑකාටම ඉස්සර ඉදන්ම ලොකුම සපෝට් එක ලැබුනෙ මගෙන් වෙද්දි මේඝව ඉස්සරහ විතරක් වෙනස් උන මගේ හැසිරීම ගැන දනුජ පුදුම වෙන එකේ පුදුමයක් නෑ..
"ඔව් ඇයි..."
"නෑ ඉතින්... උඹම හිතපන්කො බං.. debut මැච් එකෙන්ම සෙවන්ටි ෆයිව් ස්කෝර් කරනවා කියන්නේ.. ඒකත් අපේ අනිත් හැම එකාම පොල් වැටෙන්න වගේ අවුට් වුන වෙලාවක.. උඹම දැක්කනෙ තනිකරම ගේම ගොඩ දැම්මේ ඌ කියන එක.. ඌට ලැබුනෙ ඌට ලැබෙන්න ඕනි එක.."
"අනේ තෝත් ඔය බණ තියාගෙන ගහගන් &$*"
"අනේ මන්දා මටත් වෙලාවටක උඹව තේරුම් ගන්න බෑ බං.."
"තේරුම් ගන්නත් එපා උඹ.. මටත් තේරෙන්නෙ නැත්තෙ කවුද මේ හදිසියේ පොඩි හුත්තිගෙ පුතාව අපේ ටීම් එක අස්සට එබුවේ කියන එක... ශිට්!"
කතා කර කර ඉදපු මගේ මිටමෙලවුන අතක් වේගෙන් ඇවිත් මගේම කලවෙක වැදෙනකොට කේන්තියෙ තරමට මගේ කම්මුල් පවා වෙව්ලුවා..
මුකුත් නිසා නෙවෙයි.. අශ්වින් කාරයගෙ ඕවරේ ඉවර වුනත් වගේ ඊළඟට ආව බෝලර් පැත්ත මාරු කරන් මේඝවට නැතුව අපේ අනිත් එකාට බෝල් කරනකොට යන්තන් එක ලකුණකට බැට් එක ඇල්ලුව ඌ මේඝවට ස්ට්‍රයික් එක අරන් දුන්නත් එක්කම හයවෙනි ඕවරේ දෙවෙනි බෝලෙත් බිම දිගේ වේගෙන් ඇවිත් බවුන්ඩ්‍රි ලයින් එකේ වැදිලා නැවතුනා...
පල්ලෙකැලේ උතුරන්න තරම් ඇවිත් උන්නු ක්‍රවුඩ් එක කන් දෙදරන තරම් සද්දෙන් කෑගහනකොට ඊලඟ බෝල 4ත් ලකුණු දෙකකින්, තව හතරකින්, පස් වෙනි බෝලෙ ඩොට් බෝලෙකින් වගේම සාර්ථක 6වෙනි ඕවරේ අන්තිම බෝලෙටත් දඩාරියන් සයිස් 6කට අත දිගඇරලා දණිස්ස නවලා ශොට් කරපු මේඝව බිමින් නැගිට්ටේ හෙන ආඩම්බරෙන්...
ඒ විදියට ඉවර වුනු පවර් ප්ලේ එකේදිම ස්කෝර් බෝඩ් එකට ලකුණු 69ක් දාලා තිබුන අපේ උන් දෙන්නාගෙන් ලකුනු 51ක් ම අයිති උනේ මේඝවට.. ඔව් ඔව්.. පොඩි පකයා අන්තිමට ගහපු 6ත් එක්ක ඌ උගේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ජීවිතේ දෙවෙනි හාෆ් සෙන්චරියත් උගෙ නමට ලියවගත්තා..
ඒකත් ඉන්දියාවට විරුද්ධව... ඇයි ගැම්මක්ද! ඌ ගැම්මක් බැට්ස්මන්ලා දැකලා නැති උන්ට.. චහ්! මගෙ බල්ලවත් ගනන් ගනී ඕවා.
කොහොම උනත්,
කෝලියගෙ මූන දැන් අපායට ගහපු කැලෑ පෝස්ටරේ වගේ වෙලා... ශර්මා කාරයගෙ මුන හත්තිලව්වට ගහපු කලාබරේ වෙලා.. මම බලාගෙන අවසානෙට බෝල් කරපු එකාට ශර්මා ග්‍රවුන්ඩ් එක මැදම බනිනවා..
ඒ අනිත් පකයලා ටික... ඉන්දියන් හැත්ත.. හිතන් ඉන්නේ හෙනම ලොකු ටීම් එක කියලා. අනේ ඉතින් පක තමයි.. ඇයි උන් අලි පුකෙන් ඇවිත්ද...
ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙනම මම එහෙමම ඉදන් උන්නු පුටුවේ ඇන්දට හේත්තු වෙන ගමන් මගේ අත් දෙකම පපුව හරහට බැඳගත්තා...
මේඝව... පොඩි හුත්තිගෙ පුතාගෙ නම මේඝව...
අනිත් උන් සේරමට සදෙව් උනත් මට විතරක් මේඝව වුන ඌ.... ආ මොකද්ද උගෙ වාසගම.. ම්ම් පල්ලියගුරු...
සදෙව් මේඝව පල්ලියගුරු...
Debut match එක පෙරේදා සෙල්ලම් කරපු තාමත් අවුරුදු 19ක පොඩි එකෙක්.. හොදම කතාව.. පෙරේදා ඌට කැප් එක දැම්මෙත් මම.. මගෙ අතින්ම.. ඒ කරලා පිටටත් තට්ටු කරන ගමන් ඌට විශ් කරපු මට දැන් වෙද්දි ඌ ගැන තිබුනේ මරාගෙන මැරෙන තරමේ කේන්තියක්...
ඒ ඌ උගෙ පලවෙනි මැච් එකෙන්ම මෑන් ඕෆ් ද මැච් trophy ය උගෙ අතට ගත්තු වෙලාවෙ ඉදන්...
මූ අදත් හදන්නේ තෙල් නැතුවම මට අරින්න.. හරි අපි බලමුකො උඹ මට අරියිද නැත්තන් මම උඹට අරියිද කියලා!
මෙහෙමයි... හරිනම් ටීම් එකේ කැපා විදියට මේ වෙලාවෙ මම තරම් සතුටු වෙන එකෙක් මෙතන ඉන්න බැරි උනත් වෙලා තිබුනේ ඒකේ අනිත් පැත්ත.. මොකද ඉන්දියන් ටුවර් එකේ වන්ඩේ සීරිස් එක අපි තුනට බිංදුවට පරාදයි.. එහෙම වෙලාවක
ටුවෙන්ටියට ආව මේඝව අරුන්ව වඩාගෙනම ගහපු ගැහිල්ල නිසා අපි යන්තන් පලවෙනි මැච් එක ගොඩදාගත්තා කියන එක මම නොදන්න කාරණාවක් නෙවෙයි..
අදත් වෙන්න යන්නේ ඒකමයි කියන්න මට මේ දැන් උනත් කියන්න පුලුවන්...
හරි නම් මම අවංකවම සතුටු වෙන්න ඕනි.. ඒත් මේක මගෙ වෙලාව.. මම මේ පොසිෂන් එකට එන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..එතකොට මේක මගෙ වෙලාව මිසක් උගෙ වෙලාව නෙවෙයි.. මගෙ පාරට හරස් වෙන උන්ට මම වැඩි කල් ඒ විදියට මට බාධාවක් වෙන්න ඉඩක් නෑ කියන එක කාට රහසක් උනත් මගේ හෘද සාක්ශියට රහසකුත් නෙවෙයි..
හෘදේ නෙවෙයි පකේ සාක්ශිය... උඹ අදට නටපන් මේඝව.. අපි බලාගමු..
පොඩි පකයා ග්‍රවුන්ඩ් බැස්සේ වන් ඩවුන් විදියට.. දෙයියනේ කියලා මම ඕපනින් යවපු බත් කන හරක් නාම්බා දනුජ... පුදපු ගමන් කාපි යකා කියලා මූ ඉස්සෙල්ලාම ආව බෝලෙට පචස් ගාලා උඩ ගැහුවා මදිවට ගුලිය උන්ගෙ එකෙක්ගෙ අතට ගානටම දීලා මී නාම්බා ඔලුවත් පාත් කරන් ආයෙම පැවිලියන් එකට එනකොට කලින් ප්ලෑන් කරන් හිටපු විදියටම මේඝව ග්‍රවුන්ඩ් බැස්සා...
එතනින් එහාට අපිට බලන්න ලැබුනේ හයේ හතරේ සංදර්ශනයක් කිව්වත් මම වැරදි නෑ..
කොල්ලට තිබ්බෙම පර්ෆෙක්ට් ශොට්ස්.. බලන්න ලස්සන පාරවල් ඒවා... හැබැයි මම හිටියෙ උගෙ ශොට් වල ලස්සන බලන්න පුලුවන් මානසිකත්වයකින් නෙවෙයි..
මම කල්පනා කලේම පොඩි පකයව අවුට් කරගන්න තරම් එක බෝලයක් වත් දාගන්න එකෙක් මහ ලොකු ඉන්දියන් කාරයො ලඟ නැද්ද කියන එක..
ඉන්නවා! ඉන්නවා!!!! වැදුණා... යකෝ වැදුනා... දීපන් හුත්තො හැමිනෙන් නැතුව අවුට් එක.. දීලා ඔය පකයව ඉක්මනට පැවිලියන් එවපන්... දුන්නා... දුන්නා..!!!! යසෛ බේසික පුතාට...
මුලු ග්‍රවුන්ඩ් එකම එක මොහොතක හුස්ම උඩට අල්ලන් නිහඬ වෙලා යනකොට මම විතරක් හිතින් සතුටින් උඩ පැන්නා... මොකද අරුන්ගෙ එකෙක් දාපු බෝලයක් කෙලින්ම ඇවිත් මේඝවගෙ ලෙග් එකේ වදිනකොට ඉන්දියන් උන් අම්පයර් දිහාවට හැරිලා බෙරිහන් තිබ්බා වගේම අම්පයර් හුත්තිගෙ පුතත් උගෙ ඇගිල්ල උඩට උස්සන ගමන් අවුට් එක කන්ෆර්ම් කලා වගේම මම මෙහෙ ඉදන් සතුටින් ඉපිලුනා...
ඇති යන්‍තන් තාම 65යි...
හැබැයි.. මගේ සතුටට වැඩි ආයුශක් නැති උනා...
අවුට් එක දුන්නත් එක්කම පොඩි පකයා දෙපාරක් නොහිතම රිවීව් එකක් අරගන්නකොට මට මෙතන ඉදන්ම හුත්තිගෙ පුතාට හමන්නන්න හිතුනා... ඇයි පකෝ.. අවුට් එක දුන්නා නම් අකුලන් වරකෝ.. තව ඉදන් ඉල්ලන් ඇරගන්න දඟලන්නේ... අම්පයර්ගෙ ඩිසිශන් එක වත් පිලිගන්න බැරි තරම් උගෙ එක ලොකුද දන්නෑ...
අපේ උන් සද්ද නෑ... ක්‍රවුඩ් එක මීයට පිම්බා හා සමානයි.. සේරගෙම ඇස් යොමුවෙලා තිබුනේ බිග් ස්ක්‍රීන් එකට වෙනකොට නිකන් ඉන්න බැරි ටීම් එකේ අභිමානවත් කැපා උන මමත් ස්ක්‍රීන් එක අස්සට මගේ ඇස් දෙක ඔබාගෙන බලාගෙන හිටියා..
නෝ බැට් ඉන්වෝල්ව්
ඔරිජිනල් ඩිසිශන් අවුට්
පිචින් අවුට්ලයින්!
හරිනෙ.. හරිනෙ... ඔය කොලේ... හුකනවනෙ මුනුත් දාලා... මහ ලොකු ඉන්දියන් හැත්ත.. ඇයි යකෝ... පිච් එකේ බෝල් කරපන්කො හරියට...
වැඩක් නෑ... විකට්ස් මිසින්! නොට් අවුට්!!
මිඩ්ල් ස්‍ටම්ප් එකේ ගෑවි නොගෑවි උඩින් යන බෝලෙත් එක්කම ගත්තු රිවීව් එක රිටර්න් වෙනකොට තර්ඩ් අම්පයර්ගෙන් නොට් අවුට් එක ලැබුණත් හරි මුලු ග්‍රවුන්ඩ් එකම ආයෙම කන් බීරි වෙන තරම් සද්දෙන් දෙදරන්න ගත්තා...
මගේ විතරක් ගඟේ මුහුදේ ඇලේ දොලේ විලේ මාලු නටන්න ඇගේ නටන්න ගත්තා..
හැමිනිය පොඩි පකයා.... උඹ අදට නටපන්... හැබැයි උඹව මට්ටු නොකළත් මම මේ නිරෝ නෙවෙයි...
තවත් පැයක් වගේ යනකොට මැච් එක ඉවර වුනා.. නිකන් නෙවෙයි.. ඕවර් දෙකක් ඉතුරුව තියෙද්දිම චේස් එක කම්ප්ලීට් කරලා... මේඝව වගේම අපේ අනිකා අරුන්ගෙ උන්ට අතට අත දෙන ගමන් ආයෙම පැවිලියන් එකට එනකොට අපේ උනුත් උන් දෙන්නට විශ් කරන්න ආයෙම ග්‍රවුන්ඩ් එකට බැස්සා වගේම මමත් නොගිහින් බැරි කමටම උන් පස්සෙන් ඇවිදන් ආවා...
"සදෙව්.... අදත් සුපිරි තමා කොල්ලෝ ඈ.... පට්ට ගැහිල්ලක්නෙ බං ඒක..."
දනුජ... ඒ දනුජ.. පොඩි එකාගේ පිටටත් තට්ටු දෙකක් දාපු දනුජ ඌව මගෙ ඉස්සරහම හරහට අරන් කිරි පොවන්න ගන්නකොට කට කොනේ හිනාවක් ඇදුන මටත් කට පියාගෙන නිකන් ඉන්න බැරි වුනා... ඉතින්,
"ගැහිල්ල කොච්චර සුපිරි උනත් ගහනකොට පරිස්සමෙන් කොල්ලෝ... මොකද වදින පාරකට බඩ වෙන්න උනත් බැරි නෑ!"
අවසානය නොවේ!
හායිම් මගෙ කෙල්ලනේ කොල්ලනේ🙈 ඔන්න ඩෝලියා තවත් කතාවක් අරන් ආවා🥹👉👈
කොහොමද කියන්න කො ඔයාලගෙ අදහස.. හොදද.. මේකත් ඕනිද🤭 ඕනි නම් ලියමු ඉතින්😌
මෙහෙමයි මේ අදහස ආවේ හරිද. ඇත්තටම හාදු එක්ක තව කතාවක් ලියන්න මට කීයටවත් අදහසක් තිබුනෙ නෑ... හැබැයි පේරේදා මැච් එක බලපු වෙලාවේ ඔලුවට ආව අයිඩියා එක අහක දාන්න මට ලෝබ හිතුනා... ඉතින් මේකේ ඉන්න මේඝවට මම අරන් තියෙන්නේ මම ආසම බැට්ස්මන්ගෙ ටැලන්ට් එක.. හැබැයි ඒ රූපේ විදියට මගෙ ඔලුවෙ ඉන්නේ මම ආසම බෝලර්🙈 කොල්ලට වැඩි වයසකුත් නෑ මගෙ වයස🥹 ඒ තමයි ඉතින් මේඝව... එතකොට කේසර නම් සම්පූර්ණම මනඃකල්පිත රූපයක් කිව්වොත් මම හරි...
තව දෙයක්.. කිරි දත් අහුලන කාලෙ ඉදලම අප්පච්චි එක්ක මැච් බැලුව ඇරෙන්න විහිලුවටවත් බැට් එකක් බෝලයක් අතින් අල්ලපු කෙනෙක් නම් නෙවෙයි ඩෝලි කියන්නේ.. ඉතින් පැටව්නේ වැරැද්දක් තිබ්බොත් ඒ වෙනුවෙන් සමාවෙන්න හොදද🥹
එහෙනම් එකතු වෙන්න... වෛරයට කාරණා දහසක් අතරින් පේමයට කරණාවක් හොයන්න!
මේ,
-ප්‍රේමයට කාරණා-
2024.02.23
ඩෝලි🥀❤🤍