🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

By Hithuwkkari

1.5K 181 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... More

කතා පසුබිම
Part 2
Part 2
Part 3
Part 4
Part 5
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 6

78 10 0
By Hithuwkkari

TAEHYUNG ද ඔවුන්ගේ පසුපසින් ගමන් කිරීමට සැරසුනත් ඔහුට තවත් කාගේ හෝ ජීවයේ දූතයෙකුගේ බලයක් සංවේදනය විය .

වටපිට බැලුවත් ඔහුට වෙනත් කිසිවෙකු ඒ පාරේ දැකගන්නට ලැබුනේ නැත .

🖤" ඒයි .. TEAHUNG .. මොකද කරන්නේ ..? හැමෝම ගියා .. එන්න අපිත් යමු .."

SUGA පැමින TEAHUNG ගේ උරහිසෙන් අල්ලා සෙලවූ විට ඔහු වට පිට බැලීම නතර කර SUGA සමග අවන්හල වෙතට පා නැගුවේය .

..........................................................................

💙" මම ඇහැරෙනකොට හිටියේ දීප්තිමත් පසුබිමක පාවෙමින් . මම වාහනයක හැප්පුනා කියලා මතකයක් තිබ්බත් මගේ ඇගේ කිසිම තුවාලයක් තිබ්බේවත් මගේ ඇගේ කොහේවත් රිදුනේවත් නෑ .. "

💜️" හිතාගන්න පුලුවං .. මටත් උනේ ඕකමයි .. "

💙" මේකමයි උනේ කිව්වේ .."

💜️" මම පස්සේ කියන්නම් මගේ කතාව .. මුලින්ම ඔයාගේ කතාව ඉවර කරලා ඉන්නකෝ .."

💙" අහ් හරි .. "

මේ වනවිට JK , SUGA හා ඔහුගේ අනෙකුත් සහයකයන් ද , TEAHUNG හා සියොක් ද අවන්හලෙහි අසුනකට වී කෝපි පානය කරමින් සාකච්ඡා කරන්න උනා .

💙" ඊට පස්සේ මගේ පිටිපස්සෙන් තරුණ කටහඩක් ඇහුනා .. මම ඒ පැත්තට හැරුනාම එතන හිටියේ මට වඩා ටිකක් වැඩිමහල් කියලා හිතාගන්න පුලුවන් තරුණයෙක් .. එයා මාව WHITE CASTLE එකට බදවාගත්තා ..

ඊට පස්සේ තමයි මට දැනගන්න ලැබුනේ ඒ හිටියේ ජීවයේ දෙවිදුන් කියලා .. එයා මාව JIMIN ට භාර දුන්නා .."

සියොක් තම කතාව මදකට නතර කර කෝපි උගුරක් පානය කලාය . ඒ අවස්ථාවේදී JK , TEAHUNG වෙත බැල්මක් හෙලන ලද්දේ සියොක් කියූ දේවල් ඇත්තක් ද යන්න දැන ගැනීමටයි .

එය තේරුම් ගත් TEAHUNG හිස වනා එය සත්‍යයක් බව පවසා සිටියා .

🖤" එතකොට ඔයාට මොනාහරි බලයක් ලැබුනාද ..? "

💙" නෑ .. මට තාමනම් කිසිම බලයක් ලැබුනේ නෑ .. අහ් .. මට දෙයක් කියන්න අමතක උනා .."

එක්වරම දෙයක් මතක් වූ සියොක් JK දෙස බැලුවා .

💙" මම හොස්පිට්ල් එකේ ඉද්දී මට ලාවට වගේ දැනුනා මගේ වටේ කවුරු හරි ඉන්නවා කියලා .."

🖤" ඔය කියන්නේ අපි ගැන .."

💜️ "ඉතින් .."

💙" කොච්චර වෙලාවකින් ද දන්නේ නෑ .. නමුත් ඒගොල්ලෝ මගේ කාමරයෙන් පිට උනා .. ඒත් එක්කම වගේ තවත් කවුරු හරි මගේ කාමරයට ආපු බවක් මට දැනුනා ..

ඒවගේම ඒගොල්ලෝ මොනාහරි කතාවෙන සද්දෙකුත් ඇහුනා .. නමුත් ඒගොල්ලෝ කතා උනේ මොනාද කියලානම් මට හරියටම ඇහුනේ නෑ .. "

එසේ සියොක් තම මතකයේ තිබෙන දෑ මරණයේ දූතයන් හට පැවසීය .

මද වෙලාවක් එකිනෙකා සමග කතාකරමින් සිටි සියොක් හා TEAHUNG නැවතත් WHITE CASTLE එකට පිටත්ව ගියා . එමෙන්ම මරණයේ දූතයන් ද තමා සොයාගත් දෑ සියල්ල මරණයේ දෙවියන්ට පැවසීමේ අරමුණ ඇතිව BLACK CASTLE එක වෙත ගියා .

⚫" සියොක් ආපු ගමන් එයාව ජීවයේ දෙවියා භාරගත්තා කියන්නෙ එයා දැනගෙන ඉදල තියෙනවා මේ කතාව මුල ඉදලාම .."

💜️" ඔබතුමා සැක කරන්නේ මේ සිද්ධියට ජීවයේ දෙවියන් කෙලින්ම සම්භන්ධයි කියලද ..? "

⚫" සැකයක් නෙමෙයි ඒක තමා වෙලා තියෙන්නේ .. මම මේ ගැටලුව පිලිබදව දේව සභාවේ ප්‍රධාන දෙවිවරයාවත් දැනුවත් කලා .

එතුමා අණ කලා මේ පිලිබදව රහසේ විමර්ශනයක් අරඹන්න .. ඒ අනුව මේ විමර්ශනයට ප්‍රධාන දෙවිදුන්ගේ අනුග්‍රහය ලැබෙනවා .. "

💜️ " අපි මේ ගැටලුව පුලුවන් ඉක්මනින් විසදන්න උත්සාහ කරන්නම් දෙවිදුනි .."

⚫" හොදයි .. එහෙනම් ඔබලා දෙදෙනාට යන්න අවසර ලබා දෙනවා මම .."

මරණයේ දෙවිදුන් හා සාකච්ඡා කල JK හා SUGA කල්පනා කලේ ඊලගට කුමක් කරම්දැයි කියා . 

TAEHYUNG තමාට උපකාර කරනවා උනත් ඔහුට මෙම රහස් විමර්ශනය ගැන JK නොකියන්නට වගබලා ගත්තේ මරණයේ දෙවිදුන්ගේ අණ පරිදි .
..........................................................................

එදිනම රාත්‍රියේදී JK හට TAEHYUNG ගෙන් දුරකතන ඇමතුමක් ලැබුනු අතර ඔහු අනතුරක සිටින බව JK ට ඉවෙන් මෙන් දැනෙන්නට උනා .

💚" JU.. JUNGKOOK .. ඔයා .. ඔයා ඉක්මනට ඔය .. ඉන්න තැ .. තැනින් යන්න .. SU .. SUGA වත් අ .. අරං යන්න .. ඉ .. ඉකමනින් .. වෙ .. වෙන තැනක හැ .. හැංගෙන්න .. "

ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි . දුරකතන ඇමතුම එයින් අවසන් විය .

🖤" මොකද්ද උනේ ..? "

JK කලබල වනු දැක ඔහුත් සමගම සිටි SUGA ඇසුවා .

💜️ "TAEHYUNG ඉන්නේ අනතුරක .. අපි දැංම ඉකමනින් යන්න ඕනේ එතනට ..

එයා කිව්වා අපි දෙන්නටම ඉන්න තැනින් ඉක්මනට හැංගෙන්න කියලා ..

එයා කතා කලෙත් අමාරුවෙන් ."

🖤" අපිට හැංගෙන්න කිව්වා කියන්නේ එයත් ඉන්නේ මොකක් හරි කරදරේක .

අමාරුවෙන් කතාකලා කියනේ දැනටමත් එයා ප්‍රහාරයකට ලක් වෙලා .."

💜️" මට ඒක තේරුනේ නෑ කියලාද හිතන්නේ ..? ඉක්මනට ලෑස්ති වෙනවා .."

මදක් නොරිස්සුමින් JK , SUGA හට කෑගැසුවා .

🖤" හරි .. හරි .. දැං ඔයා දන්නවද එයා ඉන්න තැන ..? "

💜️" ඔව් දන්නවා .. ලෑස්ති වෙලා ඉවරනම් මාව අල්ලගන්න .. අපි යමු .. ඔයා යන්න ඕනේ තැන දන්නෙ නෑ නේ .."

කඩිනමින් සූදානම් වූ JK හා SUGA TAEHYUNG සිටින ස්ථානයට පිටත් උනේ JK ගේ මායා බලය භාවිතා කරගනිමින් .

..........................................................................

💚" තමුන් .. ම .. මට මොනා කලත්.. ම .. මම කියන්නේ නෑ .. තමුන්ට .. JUNGKOOK ඉන්න .. තැ .. තැන .."

සෙනඟ නිතර නොගැවසෙන දුම්රිය ස්ථානයක් වූ එහි TAEHYUNG දණගසාගෙන සිටියේ , ඔහුට එකපිට එක ලැබුනු පහරදීම් නිසයි .

ඔහු කොපමණ පහරකෑම් වලට ලක්වූවාද කිවහොත් , ඔහුගේ කටින් සාමාන්‍ය මිනිසෙකුගේ රුධිරයට වඩා තද රතු පැහැති රුධිරය වැක්කෙරෙන්න උනේ TAEHYUNG යනු උපතින්ම ජීවයේ දූතයෙකු නිසාය .

💜️" එයාට පාඩුවේ ඉන්න දෙනවා .."

ඉතාමත් ශබ්ධයෙන් එලෙස කෑගැසූ JK තම මායා බලය උපයෝගී කරගනිමින් TAEHYUNG හා ඔහුට පහර දුන් පුද්ගලයා අතරින් මතු වුනා .

එම ස්ථානයෙන් මතු වු විගස නොදන්නා පුද්ගලයාට JK තම මායා බලයෙන් එක පිට එක පහර දෙන්න පටන් ගත්තේ , JK ගේ බලය ඉදිරියේ එම නොදන්නා පුද්ගලයා අසරණ වෙද්දි .

JK සටනක සිටින විට SUGA දුව ගොස් TAEHYUNG ට නැගී සිටීමට උපකාර කල අතර , ඔහු TAEHYUNG වත් රැගෙන ආරක්ශක ස්ථානයක් කරා ගමන් ගත්තා .

JK සටන දක්ශ ලෙස ජයග්‍රහණය කරගෙන ආවත් , මද වේලාවකින් නොදන්නා පුද්ගලයාගේ සහයට තවත් කිහිප දෙනෙක් පැමිනෙද්දී JK ට සටන් කිරීම මදක් අපහසු උනා .

දුම්රිය ස්ථානයේම තාප්පයකට මුවා වී සිටි SUGA හා TAEHYUNG මෙය දුටු අතර , TAEHYUNG ව එතනම තබා SUGA , JK ගේ උපකාරයට පැමිනියා .

නමුත් SUGA පැමිනෙමින් සිටියදී පිටුපසින් පැමිනි අයෙකු JK ගේ පිටට කඩුවකින් ඇන්නේ එය ඔහුගේ පිට පසාරු කරගෙන බඳ ප්‍ර්‍රදේශයෙන් මතු වෙද්දි .

JK කාලවර්ණ රුධිර ගංඟාවක් මැද ඇද වැටුනේ TAEHYUNG ගේ හා SUGA ගේ විලාප මැදය .

..........................................................................

එම නොදන්නා පුද්ගලයන් පිලිබඳව කේන්තිය ඉහ වහා ගිය SUGA දිවවිත් තම උපරිම ශක්තියෙන් සටන් කරන්න පටන් ගත්තේ , TAEHYUNG පවා සැගව සිටි ස්ථානයෙන් JK ලගට පැමිනෙද්දි .

පහර කෑ නිසාදෝ TAEHYUNG ට දැනුනේ තමාගේ දර්ශන පථය බොද වේගෙන එන බවකි .

නමුත් උත්සහය අත් නොහැරි TAEHYUNG බිම දිගේ අමාරුවෙන් JK හා SUGA සිටින තැනට ලං වන්නට හැදුවත් එය සාර්ථක උනේ නැත්තේ TAEHYUNG සිහිසුන් වූ නිසාය .

තම අණදෙන්නා මෙන්ම තම සමීපතම මිතුරා වන JK මාරාන්තික ලෙස පහර කෑ ආකාරය දුටු SUGA ගේ කේන්තියද ඉහ වහ ගිය අතර ඔහුද තම උපරිම ශක්තියෙන් නොදන්නා පුද්ගලයන් සමගින් සටන් කරන්නට පටන් ගත්තේ මනසින් තම කණ්ඩායමේ අනෙකුත් සහයකයන්ටද කතා කරමින් .

TAEHYUNG සිහිසුන් වූ බව නොදත් SUGA තවමත් සටන් කරන්නට විය .

SUGA හට සටන් කිරීමට අපහසු වූයේ ප්‍රථිවාදීන් සංඛයාව එන්න එන්නම වැඩි වන නිසායි . නමුත් මද වේලාවකට පසු SUGA ගේ සහයට තවත් මරණයේ දූතයන් කණ්ඩායමක් පැමිණියා .

නමුත් එන්න එන්නම වැඩිවන ප්‍රථිවාදීන් සංඛයාව ඉදිරියේ මරණයේ දූතයන් පැරදීමට එන ලකුණු පෙනෙන්නට තිබුනි .

" තමුන්ලා මේවා ඇවිස්සුවේ නැත්තම් මෙහෙම දේවල් වෙන්නේ නෑ .."

ප්‍රථිවාදී කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා එසේ කිව්වේ පරදිනවා යැයි දැන දැනත් සටන් කරන මරණයේ දූතයන් දෙස සමච්චලයට  බලාගෙනයි .

මේ වන විට මරණයෙ දූතයන්ද සටන් කිරීමෙන් හති වැටී සිටි අතර , ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා සිටියේ එන්න එන්නම් වැඩිවන ප්‍රථිවාදීන් නිසයි .

" දැං ඉතින් උබලට වෙන්නේ මරණයේ දෙවියන්වම සිහිකරගන්න තමයි . "

SUGA ඉදිරියට පැමිනි ඒ මුහුන ආවරණය කරගත් තැනැත්තා , ඔහුට පහරදෙන්න හැදුවත් ඔහු එකතැනම ගල් විය .

ඔහු පමණක් නොව අනෙකුත් සෑම ප්‍රථිවාදියෙකුම සිටි විදිහටම ගල් වී තිබුනි .

ඒත් සමගම එම ප්‍රදේශයම වැසී යන තරම් දීප්තිමත් එලියක් විහිදුනු අතර SUGA පිටුපස හැරුනේ එම එලිය පැමිනෙන දිශාව කුමක් දැයි දැකගැනීමට .

නමුත් ඔහු දුටු දෙයින් බොහෝ පුදුමයට පත් විය . ඔහු දුටුවේ තම විශාල ධවල පැහැති දිගු පියාපත් දිගහැර හිස් අවකාශයේ පාවෙමින් සිටින TAEHYUNG වය .

ඔහුගේ දෑස් තද දම් පැහැයෙන් හා රන් පැහැයෙන් දිලිසීමට පටන් ගත්තේඔහුගේ කේන්තිය උපරීම මට්ටමත් පසු කරගෙන ගොස් ඇති බව පෙන්වමින් .

කේන්තියෙන් නමුත් ඉතාමත් සංවර ලෙස තම අත් දෙක ඉහලට එසවූ TAEHYUNG ප්‍රතිවාදීන් දෙස බැලුවා . එසැනින් ඒ සියලුම ප්‍රතිවාදීන්ගේ අතින් ඔවුන්ගේ ආයුධ අතහැරුනු අතර , ඔවුන් සියලුම දෙනා කිසිම ආධාරකයක් නැතිව අහසේ පාවීමට පටන් ගත්තා .

කිසිවෙකුට මෙතැන සිදුවන දේ අදහාගැනීමට නොහැකි විය .

💚" තමුන්‍ට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ මගේ JK ට තුවාල කරන්න අහ් ..? "

වියරුවෙන් මෙන් එසේ කෑ ගැසූ TAEHYUNG තම අත් දෙක එකට එකතු කිරීමට පටන් ගත්තා .

ඒත් සමගම ප්‍රථිවාදීන් මරහඩ නගන්නට පටන් ගත්තේ TAEHYUNG ගේ බලය දරාගත නොහැකි නිසයි .

JK ට මරණීය ප්‍රහාර එල්ල වී තිබුනත් ඔහුට තවමත් සිහිය තිබුනා . ඔහු අහසේ පාවෙමින් සිටින TAEHYUNG දෙස බලා සිටියේ විශ්මය පිරුණු දෑසින් .

ඒත් සමගම විශාල සුලගක් හැමීමට පටන් ගත් අතර සටන් භූමිය මැදින් මරණයේ දෙවිදුන් හා NAMJOON ද ඔහුගේ සහයකයන් ද , JIN , JIMIN හා සියොක් ද මතු උනා .

SUGA සැනසුම් සුසුම් පිට කලේ තමාගේ පණිවිඩය මරණයේ දෙවිදුන් හට ලැබී තිබූ නිසයි . නමුත් JIN , JIMIN හා සියොක් එතැනට ආ හැටි SUGA දැන සිටියේ නැත .

SUGA එසැනින් මරණයේ දෙවිදුන් ඉදිරි පිටට ගොස ආචාර කොකට සිදුව ඇති දේ විස්‍තර කිරීමට පටන් ගත්තා .

⚫" මේ වෙලාවේ අපිට TAEHYUNG ව පාලනය කරන්න බෑ .. එයා ඉන්නේ කේන්තියේ උපරිම මට්ටමත් පහු කරලා . "

🖤" එහෙනම් අපි දැන් කුමක්ද කල යුතු ? "

SUGA ඇසුවේ එතැන සිටි අන් අයටත් තිබූ ප්‍රශ්නයයි .

⚫" එයා වැඩියෙන්ම කැමති කෙනෙක් කියන දේ විතරයි එයා මේ වෙලාවේදී අහන්නේ .."

මරණයේ දෙවිදුන් එසේ කියද්දි SUGA හට මතක් උනේ TAEHYUNG මීට සුලු මොහොතකට පෙර JK ට " මගේ JK " ලෙස ඇමතූ ආකාරයයි .

තවත් පමා නොවූ SUGA , JK ඉදිරියට දුව ගොස් ඔහුව ඔසවාගත්තා .

🖤" ඔයාට විතරයි දැන් එයාව පාලනය කරන්න පුලුවන් ..ඉක්මනට එයාට කියන්න ඔය කරන දේ නවත්තන්න කියලා .."

JK ට කෙලින් සිටීමට පවා අපහසු විය . ඒ නිසා SUGA ඔහුව හරහට වඩාගත්තේ ඒ මොහොතේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසා .

තවමත් තම ශරීරය පසාරු කරගෙන ගොස් ඇති කඩුව නිසා දරාගත නොහැකි වේදනාවක් දැනුනත් JK ට අවශ්‍ය වූයේ TAEHYUNG ව සන්සුන් කිරීමට පමණයි .

💜️" T ..TAE .. ඔය කරන වැඩේ නවත්තන්න .."

JK කතාකරන්නට පටන් ගත් විගස TAEHYUNG තම අත් එක් නොකර එලෙසම තියාගෙන JK හට ඇහුම්කන් දෙන්නට විය .

💜️" ම .. මම දන්නවා .. ඔ ..ඔයාට දැන් කේ .. කේන්ති ගිහින් ඉන්නේ ක් .. කියලා .. ඒත් TAE අ .. අහන්නකෝ මම කියන දේ .. "

JK එසේ කියූ විට TAEHYUNG , JK දෙස හැරී බැලුවා .

💜️" එ .. එන්න .. මං .. ල ..ලගට් .."

JK තම අතක් TAEHYUNG දෙසට දිගු කොට කියද්දි සියලුම දේ අමතක වූ TAEHYUNG ඔහුගේ පියාපත් සලා JK ලගට පියඹා පැමිණියා .

💜️" දැ .. දැං ඕ .. ඕක නවත්තන්න .. TAE .."

💚" ඒ .. ඒත් JK ..ඒගොල්ලො ඔයාට කරදර කලා . මට ඕනේ එයාලගෙන් පලිය ගන්න .."

TAEHYUNG , JK ගේ මුහුන තම දෑතින්ම ස්පර්ශ කරමින් එලෙස පැවසුවේ ඔහුගේ දෑසින් කඩා හැලෙන කදුලු තැකීමකට ලක් නොකරමයි .

💜️" ප .. පලි අර ... ගෙන හැ ..හැමදේම වි .. විසදන්න බෑ TAE .. මේක මෙ .. මෙතනින් නවත්තන්න .."

JK එසේ කියූ පමණින් දෑස් වසාගත් TAEHYUNG , ප්‍රථිවාදීන් මත ඔහු යොදා තිබූ මායාව ඉවත් කලා . එසැනින් ඔවුන් සියලු දෙනා බිම වැටුනා . මරණයේ දෙවිදුන් ඔවුන්ට කුමක්වත් කිරීමට නොහැකි වන ලෙස තම මායා බලය යෙදවූවේ පැන නැගී ඇති ප්‍රශ්නය විසදීමට ඔවුන්ව භාවිතාකල හැකි නිසයි .

💚" හ .. හරි දැං මම ඒක නැවැත්තුවානේ .. අ ..අනේ දැං වත් මාව දාලා යන්න එපා .."

TAEHYUNG ට JK තම ජීවිතයෙන් සමුගැනීමට යන බව සංවේදනය විය .

💜️" මගේ TAE ව දාලා මම කොහේ යන්නද ? "

මුහුනේ සොදුරු සිනහවක් ඇදගෙන TAE දෙස බලා JK පැවසුවේ බොරුවක් උනත් ඔහුට ඒ වෙලාවේ අවශ්‍ය උනේ TAE ගේ සිත හැදීමටයි . ඔහුටත් දැනුනා ඔහුගේ ජීවිතය අවසන් වීමට නියමිත බව .

නමුත් TAE බලා සිටියදීම JK එම සොදුරු සිනහාවෙන්ම ඔහුගේ දෑස් වසාගත්තා .

💚" නෑ .. නෑ නෑ නෑ ... මේක වෙන්න බෑ .. නෑ ඔය  මට පොරොන්දු උනා .. මාව දාලා යන්නේ නෑ කියලා ඔයා මට පොරොන්දු උනා .. "

TAE කෑගසමින් හඩා වැටෙද්දි SUGA , JK ව බිමින් තැබුවා . JK ගේ ශරීරය TAE තම දෑතට ගත්තේ විලාප තබමින් .

💚" මරණයේ දුතයන් කවද්ද අහ් පොරොන්දු කඩකලේ .. මට කියනවා JEON JUNGKOOK ... තමුන් මරණයේ දූතයෙක් නේද ..? එහෙම වෙලත් තමුන් කවද්ද .. කවද්ද මෙහෙම පො .. පොරොන්දු කඩකරන්න ඉගෙන ගත්තේ ..? "

මුල්කොටස වේදනාවෙන් කෑගසමින් JK හට පැවසුවත් අවසන් ටික TAE පැවසුවේ හඩ ඉතාමත් බාල කරමින් .

💚" නෑ .. ඔයාට මෙහෙම යන්න දීලා බෑ . මට බෑ ඔයාට මුකුත් වෙනවා බලන්න .."

TAE තමාට වඩා ශරීර ප්‍රමාණයෙන් මදක් විශාල JK ව අපහසුවෙන් උවත් ඔසවාගත්තා . නමුත් JK ගේ හිසත් දෑතුත් කඩාවැටුනේ ශරීරයේ ප්‍රාණයක් නොතිබූ නිසා .

💚 " අ .. අනේ මරණයේ දෙවිදුනි ..ඔබ තුමා මරණයට අදිපති නේද ? මේ ඔබතුමාගේ විශ්වාසවන්තම අණදෙන්නෙක් නේද ? ඔබතුමාගෙ අණ කිරීමෙන් පිට මෙහෙම කිසි කෙනෙකුට මැරෙන්න බැ නේද ..?

අනෙ මොනාහරි කරන්නකො .."

TAE අඩ අඩාම මරණයේ දෙවිදුන් අබියස දණ ගැසුවේ JK ව තවමත් දෑතෙහි තබාගනිමින්මයි .

⚫" TAEHYUNG .. මේ අහන්න .. ඔහු මරණයේ දූතයෙක් . මරණයේ දූතයන් මැරෙන්නෙ නෑ .."

ඔහු පැවසුවේ JK ගේ කඩාවැටුනු හිස දිහා බලාගෙනයි .

💚" ඒ .. ඒ කියන්නේ .. ම .. මගේ JK එයා එයා ඉක්මනට නැගිටලා මං ලගට ඒවි නේද දෙවියනි .. ආපහු මගේ TAE කියලා කෑගහගෙන ඉස්සර වගේ මං ගාවට එයි නේද මරණයේ දෙවියනී ..? "

TAE කදුලු අතරින් පිස්සෙක් වගේ හිනාවෙමින් මරණයේ දෙවියන් ගෙන් ඇහුවා . වැඩිය හැගීම් පෙන්වන්නෙ නැති මරණයේ දූතයන් වගේම මරණයේ දෙවියාත් මේ වෙලාවේ ගොඩක් සංවේදී වෙලයි හිටියේ .

⚫" නෑ දරුවෝ ..එයා උපතින්ම මනුස්සයෙක් . නමුත් පස්සෙ මම එයාව මරණයේ දූතයෙක් කරගත්තු නිසා එයාගේ ආත්මය මරණයත් ජීවයත් අතර තැනක රැදුනා .. "

මරණයේ දෙවියන් කියන දේට TAE සාවදානෙන් ඇහුම්කන් දුන්නා .

⚫" ඒ නිසා JK මැරෙන්න විදිහක් නෑ . මරනැයේ දූතයන් මැරෙනවා . ඒත් ඒ ගොඩක් කලාතුරකින් 1000 කින් එක්කෙනෙක් වගේ . එයාලා මැරුනාම එයාලාගේ ආත්ම විනාශ වෙලා යනවා . නැවත ඉපදීමක් නෑ .."

💚" මො .. මොකක් .. ම .. මට තෙරෙන්නෙ නෑ ඔබ තු .. තුමා කියන දේ .."

⚫" JK ට මේ වෙලාවේ බේරෙන්න එක ක්‍රමයක් තියෙනවා . ඒත් අපිට බෑ එයා වෙනුවෙන් මුකුත් කරන්න . එයාමයි සටන් කරන්න ඕනෙ එයාගේ ජීවිතය වෙනුවෙන් .

මේක සාමාන්‍ය කඩුවක් නෙමෙයි . එයාට පහර දුන්නු කඩුව අදුරු මායාවෙන් පෝශනය වෙච්ච කඩුවක් .. ඉතින් එයා ඒ අදුරු මායාව එක්ක සටන් කරලා දින්නොත් එයාගේ ජීවිතේ බේරෙයි . නැත්තම් එයාගේ ආත්මය විනාශ වෙලා යයි . නමුත් ජීවත් වෙයි .. කොයිම වෙලාවකදිවත් එයා මැරෙන්න් නෑ "

මරණයේ  දෙවියන් TAE ට හැමදේම පැහැදිලිකලේ ගොඩක් කණගාටුවෙන් .

💚" එ .. එතකොට ඔ .. ඔබ තුමා කියන්නේ JK එතනින් පස්සෙ ආත්මයක් නැති ශරීරයක් වෙයි කියලද .. ? හ .. හරියට ZOMMBI කෙ .. කෙනෙක් වගේ .. එ එයත් රාක්ශයෙක් වෙයි ද ..?"

⚫" අවාසනාවකට වගේ  .. ඔව් .."

මරණයේ දෙවිදුන් ගේ ඒ වචනත් සමගම TAE ගේ මුලු ලෝකයම තම දෙපා අබියස කඩා වැයුනා මෙන් දැනුනා . හිස තුල අකුණු හත අටක් පුපුරණවා මෙන් දැනෙනකොට ඔහුටත් නොදැනීම ඔහුගේ මුවින් වේදනාත්මක කෑගැසීමක් පිට උනා .

..........................................................................

💜️" ආව් .. මගෙ ඔලුව .. කොහෙද මම මේ ඉන්නෙ ? "

මම ඔලුවත් අල්ලගෙනම බිම ඉදගෙන කල්පනා කලා . නාදුනන මනුස්සයෙක් පිටි පස්සෙන් ඇවිත් මගේ පිට හරහා කඩුවකින් ඇනපු එක මගේ මතකයේ තියෙන අන්තිම මතකය වෙද්දි මම ඉක්මනට මගේ ඇග අතගාලා බැලුවේ එහෙම කිසිම කඩුවක් මගේ ඇගේ නැති නිසා .

💜️" අහ් .. SUGA ලා ඒක අයින් කරන්න ඇති ."

එහෙම හිත හිතම මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා වටපිටාව පොඩ්ඩක් බැලුවා .

එතන හරිම අදුරු තැනක් මෙන්ම බය හිතෙන තැනක් උනා . නමුත් මම තවමත් අදුරේ දූතයෙක් නිසා මගේ බය හංගගෙන මම කතා කලේ එතන කවුරු හරි ඉන්නවානම් එයාට මගේ කටහඩ ඇහිලා මගේ උදව්වට ඒවි කියන බලාපොරොත්තුවෙන් .

නමුත් කිසිම කෙනෙක් මගේ ආමන්ත්‍රනයට ප්‍රථිචාර දැක්වුවේ නැති නිසා මට තේරුනා මම ඉන්නේ තනියම කියලා .

මට ඕනෙ උනේ පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා බලන්න . කොහොමත් මම මරණයේ දූතයෙක් උනාට පස්සේ ත්‍රාසය ජනක අත්දැකීම් ලබන්න ආස උනා .

" ඔහොම නවතින්න .."

කොහෙන්ද මන්දා ආපු කටහඩක් මට කතාකරද්දි මම ඇවිදින එකත් පැත්තක දාලා වට පිටේ හැරි හැරී බැලුවේ කවුද මට කතා කලේ කියලා . ඒ කටහඩ වටෙන්ම දෝංකාර දුන්න නිසා මට හරියටම හොයාගන්න බැරි උනා ඒක කොහෙන්ද ආවෙ කියලා .

ඒත් සුදුපාට ලෝගුවක් වගේ එකක් දාගෙන , මූනත් වහගෙන හිටපු මනුස්සයෙක් මගේ මූන ඉස්සරහින් මතූනාම නම් මට කෑනොගහා ඉන්න බැරි උනා .

💜️" බුදු අම්බෝ .."

" ඇයි ඔච්චර කෑගහන්නෙ ? මට තාම කන් ඇහෙනවා .."

ඒ සුදුපාට ලෝගුව දාගත්තු කෙනා එයාගෙ එක කනකුත් අල්ලගෙන මට අනිත් පැත්තට ආපහු කෑගැහුවා .

💜️" ඔ .. සමාවෙන්න . ඒත් මට දැනගන්න පුලුවන්ද මම මේ කොහෙද ඉන්නෙ කියලා ?

කෝ මගේ කණ්ඩායම? කෝ SUGA ?එ..එතකොට කෝ TAE? "

" ඔයා ඔය අහන එක්කෙනෙක්වත් මෙහෙ නෑ දරුවෝ "

💜️" එතකොට එයාලා කොහෙද ? එතකොට මම මේ කොහෙද ඉන්නෙ ?"

" ඔයා මේ ඉන්න තැන ඔයා හොදටම දන්නවා "

ඒ පුද්ගලයා මං දිහා කෙලින් බලාගෙන එහෙම කිව්වත් එයාගේ ලෝගුව නිසා මට එයාගේ මූන පෙනුනේ නෑ

💜️" පො .. පොඩ්ඩක් ඉන්න .. මට කියන්න එපා මම ඉන්නෙ .."

" ඔයාට පහර දුන්නේ අදුරු මායාවෙන් පෝශණය කරපු කඩුවකින් . ඒ නිසා .."

💜️" එතකොට මම මේ ඉන්නෙ එතකොට මරණයේ දොරටුවේද ? "

"ඔව් .."

💜️" එ.. එතකොට ඔයා මරණයේ දොරටුවේ ආරක්ශකයා ?"

"ඔව් මම තමයි මරණයේ දොරටුවේ ආරක්ශකයා kaizer .."

💜️" අයියෝ මොකද්ද අනේ .. ඔයා මාව හොදටම බය කලා නේ "

" මො .. මොකක් ? "

💜️" ඒයි කයිසරයෝ .. ඔයාට මාව මතක නැද්ද අහ් ..? "

" ඇහ්? "

💜️" මුලින්ම ඔය මූන වැහෙන්න දාං ඉන්න මොකද්ද එක ගලවන්නකො .. මම දන්නවා ඔයා ඔය පෙන්නන තරං නපුරු නෑ කියලා "

මම එහෙම කියනවාත් එක්කම kaizer එයාගේ මූන වහගෙන තිබුනු ආවරණය ඉවත් කලේ සිද්ධ වෙන කිසිම දෙයක් තේරෙන්නේ නැති පොඩි එකෙක් වගේ .

💜️" දැං කියන්න මාව දන්නවා නේද ඔයා ?"

" ඔව් .. මම දන්නවා ඔයාව . ඔයා මරණයේ දෙවිදුන් යටතේ සේවය කරන 147 වන මරණයේ දූතයන්ගේ කණ්ඩායමේ අණ දෙන්නා . JK"

💜️" පොඩි කාලේ ඉදංම මල්ලිගෙන් පවා ගුටි කනවා , කොන් වෙනවා , යන යන තැන ප්‍රශ්න දාගන්නවා .. කිහිප වතාවක්ම දිවිනසාගන්න උත්සාහ කලා , ඒත් අන්තීම පාර ට්‍රක් එකකට පැන්නට පස්සෙ මරණයේ දෙවියන් ලගට ගියා . එයා තමා jungkook ව මරණයේ දූතයෙක් බවට පත් කරලා JK ව නිර්මාණය කලේ .."

" ඇහ් ? මොනාද මේ කියවන්නෙ ? "

💜️" ඔයා ඇයි ඒව කිව්වෙ නැත්තෙ ?මගේ විස්තර සේරම කියපු එකේ ඔයාට මගහැරිච්ච ටිකක් මම ඔය කිව්වෙ .. "

" ඔයා මොනවා කියනවද කියලා මටනම් තේරෙන්නෙ නෑ "

Kaizer අහක බලාගෙනම එහෙම කිව්වෙ මාව ගනං ගන්නෙ නෑ කියලා පෙන්නන්න වගේ .

ඒත් ඒවා කොහෙද මේ JK එක්ක .

💜️" හරි මට මම මේ අහන දේවල් වලට උත්තර දෙන්නකෝ .."

Kaizer අහක බලාගෙන හිටියත් මම එහෙම කිව්වේ එයාගේ ඉස්සරහට යන ගමන් .

" හ්ම් .."

තනි වචනෙන් උත්තර දුන්නු එයා අත්දෙක පපුව හරහා බැඳගත්තා .

💜️" මුලින්ම මට කියන්න ඔයා දන්නවා මම මරණයේ දූතයෙක් .. ඒකත් අණදෙන්නෙක් කියන එක එහෙම නේද ? "

" ඔව් "

💜️" එතකොට ඔයාම කිව්වා ඔයා මරණයේ දොරටුවේ ආරක්ශකයා කියලා එහෙම නේද ?"

" ඔව් "

💜️" එහෙනං මට කියන්න .. මරණයේ දූතයෙකුට්ජ් වෙච්ච අණ දෙන්නෙකුත් වෙච්ච කෙනෙක් .. මරණයේ දොරටුවේ ආරක්ශකයාව අදුරන්නෙ නැතුව ඉදී ද ?"

" මො .. මොකක් ..? ම .. මම මම දන්නෙ නෑ .."

කලබල උන kaizer අහක බලාගෙනම උත්තර දුන්නා .

💜️" ම්ම් ..? "

ආපහු kaizer ගේ මූන ඉස්සරහාට ගියපු මම එයාගේ මූනට එබුනා .

" JK මම හැමදාකියනවා ඔය වගේ ගොං විදිහට හැසිරෙන්න එපා කියලා . ඔයාගේ පෙනුමත් එක්ක ඒක ගැලපෙන්නෙ නෑ ..

අනික මම රාජකාරි වෙලාවෙ ඉන්නෙ මට ඒක කරන්න දෙන්න "

අන්තීමටම මම අපේක්ශා කරපු දේ සිද්ද උනා . මාව නොදන්නවා වගේ හැසිරෙමින් රාජකාරියට මුල් තැන දෙන්න හදපු kaizer ආපහු පැරදුනා .

මම මහ හයියෙන් හිනාවෙන්න ගත්තේ kaizer ගේ බෙරිවෙච්ච මූන දිහා බලාගෙන .

" ඕකඒ JK උබ එක්ක කරන්න බැරි .."

Kaizer මට ඒකනම් කිව්වේ ඔරවගෙනමයි .

💜️" හරි හරි .. මට.කියන්නකෝ මට මොකද උනේ කියලා ? "

මම අදුනන කෙනෙක්ව මෙතනදි හම්බවෙක්ජ්ච එක ගැන මට ගොඩක් සතුටු හිතුනත් මගේ මොලේ මට අණතුරු අගවන්න උනේ එක පිට එක .

" ඔයාට මතකද ඔයා අන්තීම වතාවට සටනක පැටලික්ච දවස? "

💜️" ඔව් .. මේ දැං . මොකෙක් හරි පජාති කුප්ප බූරුවෙක් මගේ පිට පසාරු කරගෙන යන විදිහට කඩුවකින් ඇන්නා"

" ඔව් .. ඒක ඇත්ත . නමුත් මම කැමතීයි ඔයාට එතනදි වෙච්ච වැරදීම් 2ක් නිවැරදි කරලා දෙන්න ..

පලවෙනි එක ඔයාට ඇන්නේ සාමාන්‍ය කඩුවකින් නෙමෙයි . ඒ කඩුව මම කලින් කිව්වා වගේ අදුරු මායාවෙන් පෝශණය කරලයි තිබ්බෙ . "

💜️" පො .. පොඩ්ඩක් ඉන්න .. මම දන්නවා .. එ .. එතකොට මට සිද්ද වෙනවා අදුරු මායාව පරදන්න .. ඒකයි මම මෙතන ඉන්නේ .."

මම ඔලුවත් අල්ලගෙන කියෙව්වේ පිස්සුවෙන් වගේ .

💜️" එ .. එතකොට මම පැරදුනොත් , අදුරු මායාව ජයගත්තොත් .."

මම නිහඩ උනේ ඇත්තටම මට ඒ වෙලාවේ බය හිතුනු නිසා .

"ඔයාගේ ආත්මය විනාශ වෙලා යනවා . නමුත් ඔයා මැරෙන්නෙ නෑ . ඔයාගේ ශරීරය රාක්ශයෙක් විදිහට ජීවත් වෙයි ."

💜️" දෙවියනෙ .. මේක වෙන්න දෙන්න බෑ .. මට මැරුනත් ඒ වගේ කැත සතෙක් වෙන්න බෑ .. ඒක හරිම භයානකයි "

"ඔව් .. මම ඒක පිලිගන්නවා ."

💜️" kaizer .. එ .. එතකොට මොකද්ද ඔයා කිව්ව දෙවනි වැරැද්ද නිවැරදි කරන්න තියෙන ?"

මම ඇහුවේ මගේ හදවත හයියෙන් ගැහෙද්දි . දැන් මගේ මනස අහන්නේ       ' ඊළගට තියෙම මරාලය මොකද්ද ? '

කියලා.

" ඔයා අන්තිමට සටන් කලේ , අන්තිමටම ඔයාගේ.ලෝකේ හිටියේ ඊයෙ නෙමේ . ඔයා මළවුම්ගේ ලෝකෙට ආවෙත් ඊයෙ නෙමෙයි . ඒ මීට මාස 7 කට කලිනුයි . "

💜️" මො .. මොකා ?"

" ඔව් ඒක ඇත්ත .."

මගේ ඔලුව දස අතේ ගිනි අරං තියෙද්දි kaizer සාමකාමීව ඔලුව උඩට පහලට හෙලෙව්වා .

💜️" අනේ kaizer මම සමාව ඉල්ලනවා ඔයාට මම කරපු විහිලු වලට වගේම ඔයාව තරහා ගැස්සුවාටත් . ඒත් මේ වගේ වෙලාවක ඔය වගේ විහිලු නම් කරන්න එපා .."

මම kaizer ගේ උරහිස් වලින් අල්ලගෙන කියෙව්වේ පිස්සු හැදිලා වගේ .

" නෑ JK .. අවාසනාවකට උනත් මම මේ කරන්නේ විහිලුවක් නෙමෙයි .. ඔයා දන්නවා ඔයා මගේ හොද යාලුවෙක් . මට ඔයා ගොඩක් උදව් කරලා තියෙනවා .

ඔයා කරපු විහිලු වලට මටත් ඔයාට විහිලු කරන්න ඕනේ තමයි . ඒත් සමාවෙන්න JK මම මේ වෙලාවේනම් කරන්නේ විහිලුවක් නෙමෙයි ."

Kaizer ගොඩක් දුකෙන් එහෙම කිව්වාම මම මගේ අත් දෙක එයාගේ උරහිස් වලින් ගලවගත්තේ දුකෙන් .

" JK මොකද මේ ? ඇයි මෙහෙම ? ඔයා වෙනදට ඔහොම ඉන්න කෙනෙක් නෙමෙයි නේ .. "

💜️" වෙනදට කොහොම හිටියත් ඒ තත්වෙත් එක්ක අද මේ මොහොතේ තත්වේ වෙනස් Kaizer ..

මම සටනින් පරාද උනොත් ..? "

" හෝව් හෝව් .. ඔයා තාම සටන් කරලත් නෑ .. ඒත් පරාද වෙන්නත් ලෑස්තිය . මම දැනං හිටපු JK නම් ඔහොම නෑ ..

මට පේන්නේ ඔයා අපහු පරන හිටපු jungkook ම වේගෙන එනවද කොහෙද ? "

💜️" ඔව් .. මම මෙතම ඉන්න තප්පරයක් තප්පරයක් ගානෙම මගේ ජීවිතය මරණයට ලං වෙනවා . ඒත් එක්කම මගේ මරණයේ දූත බලය නැතිවේගෙන එනවා . "

" මොකක් ..? දැං ද ඕක කියන්නෙ ? එන්න අපි ඉක්මනටම යමු .."

මම වෙන මුකුත් කියන්නත් කලින්ම kaizer එයාගේඋහුණු ආවරණයෙන් ආපහු මූන ආවරණය කරගෙන මගේ අතින් අල්ලගෙන , එයාගේ මායා බලයෙන් අතුරුදහන් වෙලා මාවත් එක්කම වෙන තැනකින් මතු උනා .

💜️" අපි කොහෙද මේ ඉන්නේ ? "

මම ඇහුවේ මගේ මුනට වැටුනු දරාගන්න බැරි ආලෝකයෙන් මගේ ඇස් දෙක බේරගන්න අත් දෙකෙන් මූන වහගනා ගමන් .

" අපි දැන් ඉන්නේ මරණයේ සංග්‍රාම භූමියේ .."

💜️" අපෝ මෙහෙ තියෙන ඔක්කොම මරණයේද ? "

" ඔව් .. මෙහෙ තියෙන ඔක්කොම අයිති මරණයට .."

ටික වෙලාවකින් මගෙ ඇස් අර ආලෝකයට හුරු උනාම මම වටපිට බලන්න ගත්තා .

💜️" මම ආපහු මගේ පරණ ජීවිතයට යන්න නම් මොකද්ද කරන්න ඕන kaizer ? "

" ඔන්න මම දන්න JK ආවා .."

වලගැහෙන කම්මුල් වලින් හිනාවුනු , කඩවසම් යුරෝපීය පෙනුමක් තිබුනු kaizer මගේ උරහිස වටේ අත දාගත්තේ මාව තවත් ශක්තිමත් කරන්න වගෙයි .

💜️" මුලින්ම ඔයාගේ.ඇග ඇතුලේ නිදාගෙන ඉන්න රණශූරයාව අවධි කරන්න . ඔයාගෙ ඇග ඇතුලේ නිදාගෙන ඉන්න මරණයේ දූතයාවත් අවදි කරන්න ..

රණශූර ආත්මයට මරණයේ දූතයාගේ බලය එකතු වෙන්න දෙන්න ..

ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ශරීරයේ සම්පූර්ණ පාලනය ඔයා අතින් ගිලිහෙන්න දෙන එකයි . "

💜️" ඔයා කියන්නේ මට වියරු වැටෙන්න හා සමාන දෙයක් නේ .."

" ඔව් ඇත්තවශයෙන්ම . නමුත් ඔයාගේ රණශූරයා ඔයාව පාලනය කරයි . එයා කරන්න ඕන හැමදේම කරයි . "

💜️" ඒත් කොහොමද ඒක කරන්නෙ ? මම කාත් එක්කද එතකොට දැන් සටන් කරන්න ඔනෙ ?"

" ඔයාටලොකු දෙයක් කරන්න නෑ . මෙන්න මෙතනින් හිතන එක නවත්තන්න . මෙන්න මෙතන ඒකාග්‍ර කරගන්න . එච්චරයි .

එතකොට ඔයා සටන් කරන්න ඕනේ අන අරයත් එක්ක .."

මුලින්ම මගේ ඔලුවට ඇගිල්ලකින් ඇනපු kaizer ඊලගට මගේ හදවතට උඩින් අත තියලා මගේ ඇස් වලට එබුනා .

සේරම කියලා මගෙන් ඈත් උන kaizer මට සටන් කරන්න තියෙන කෙනාව පෙන්නන්න සටන් භූමියේ අනිත් කෙලවර පෙන්නුවා .

💜️" ම ..මම හිතුවේ ඒකා ඇත්තටම ඉන්ම සතෙක් නෙමෙයි කියලා .."

" මරණයේ දූතයෝ , මරණයේ දෙවියා ඇත්තනම් මේ ඉන්න අදුරු මායාවේ මකරත් ඇත්ත .. "

සංග්‍රාම භූමියේ මැද්දට වෙලා කේන්තියෙන් මං දිහා බලාගෙන ඉන්න ඔලු තුනේ තාර නෑවා වගේ කට්ටම කලු පාට ලොකුම ලොකු මකරෙක් දිහාවට Kaizer නැවතත් අත දික් කරලා තිබ්බා .

💜️" එතකොට ඔයාලා එයාගේ අර කකුල් වලට දාලා තියෙන දංවැල් ඔහොම්මම තියනවා නේද ?

ඒවා ලෙහන්නෙ නෑ නේ ?"

" පිස්සුද ? මේක පුහුණුවීමක් නෙමෙයි . මේක ඇත්තම සටනක් . දැං යන්න .."

එකෙම කියපු kaizer මාව සංග්‍රාම භූමිය මැද්දට තල්ලු කලා .

අයියෝ මරණයේ දෙවියනේ . ඔයාගේ මේ අහින්සක මරණයේ අණ දෙන්නාව ආරක්ශා කර දෙනු මැනව් ..



















Continue Reading

You'll Also Like

4.3K 701 6
උමතුවක්.... ඒක තනිකරම ඇබ්බැහිවීමක්.... පලමු හමුවෙන්ම ඒ හිතේ ඇතිවුන උමතුවක් සමග පැටලුන අසීමිත ආදරයක්... ඒත් ඒ ආඩම්බරකාරයාගේ ආදරය ඔහුට ලබාගත හැකිවෙයිද?
16.8K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...
12.4K 2.1K 29
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
3.4K 408 20
ආදරයත් ආකර්ශනයත් අතර දොලනය වන හිතට දැනෙන හැගිම් තේරුම් ගැනිමට නොහැකි එක් පිරිමි ලමයෙක්. Jungkook ....💜️ හිතෙ හටගත් ප්‍රේමය පැවසිමට නොහැකිව සිතින්...