🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

Galing kay Hithuwkkari

1.5K 181 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... Higit pa

කතා පසුබිම
Part 2
Part 2
Part 3
Part 4
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 5

76 12 0
Galing kay Hithuwkkari

💚" හොදයි මම එකගයි .."

JIN ට වඩා TEAHUNG තමාට සුලු හෝ මිත්‍රශීලී බවක් පෙන්වන බව JK ට වැටහුනා .

🧡" හරි එහෙනම් ඔයාලාට දැන් උදව් කරන්න කෙනෙකුත් හම්බුනානේ .. එහෙනම් මම යන්නම් .."

එසේ කියූ NAMJOON තම අසුනෙන් නැගීසිටියත් JK කතා කල නිසා ඔහු නැවතුනා .

💜️" උදව්ව නම් ලැබුනා තමා . නමුත් මට පස්සෙ වෙලාවක ඔයා එක්ක කතාකරන්න දෙයක් තියෙනවා .. අපි පස්සෙ වෙලාවක මුනගැහෙමු එහෙනම් .."

JK එම වදන් අවසන් කරනවාත් සමගම NAMJOON එතැනින් පිටව ගියා .

💚" හොදයි එහෙම නම් මම ඔයාලාට මේගැන හොයලා හෙට කියන්නම් .. දැං මමත් යන්න ඕනේ .."

NAMJOON පිටව ගොස් මදවේලාවක් JK හා SUGA සමග කතාකරමින් සිටි  TEAHUNG ද යන්නට පිටත් උනා .

..........................................................................

💜️" මොනාද දැනගන්න ලැබුනේ ..? "

💚" අපි හිතුව දේ හරි මේකට WHITE CASTLE එක සම්භන්ධයි .. "

🖤" මොකද්ද වෙලා තියෙන්නේ ? "

💚" ඔයාලා ඒ මනුස්සයාගේ තීන්දුව දුන්නට පස්සේ එතනට ජීවයේ දූතයෙක් ඇවිත් . එයා ඇවිත් තියෙන්නේ ජීවයේ දෙවියන්ගේ අණ පරිදි . ඇවිත් තියෙන්නේ තනියම නෙමෙයි තවත් මරණයේ දූතයෙක් එක්ක .

ඒ මරණයේ දූතයා ඔයාලාගේ තීන්දුවට පිටින් ගිහින් ඒ මනුස්සයාට මරණය නියම කරලා . පස්සේ ඒ මනුස්සයා මැරුනාම ජීවයේ දූතයා එයාගේ ආත්මය WHITE CASTLE එකට අරගෙන ගිහින් . මට දැනගන්න ලැබුනේ එච්චරයි . "

💜️" ඒ කියන්නේ BLACK CASTLE එක ඇතුලේ ද්‍රෝහියෙක් ඉන්නවා කියන එකනේ .. "

🖤" ඔව් .. අපි ඒක මරණයේ දෙවියන්ට ගිහින් කියන්න ඕනේ .."

💜️" ඔයාගේ උදව් වලට ස්තූතීයි .. නමුත් තවමත් අපි මේ ප්‍රශ්නය විසදගෙන ඉවර නෑ .. ඒ නිසා අපිට උදව් කරන්න මේක ඉවර වෙනකම් .. අපි ඔයාගේ ණය පියවන්නම් .."

💚" හොදයි .. මම ඔයාලාට උදව් කරන්නම් .. "

එසේ කියා ඒ තුන්දෙනාම තමා සිටි තැනින් අතුරුදන්ව ගියා .

..........................................................................

💜️" මරණයේ දෙවිදුනි .. අපේ BLACK CASTLE එක තුල ද්‍රෝහියෙකු සිටිනවා .."

⚫" කුමක්ද ඔබ පැවසුවේ ..? "

JK තමා සොයාගත් සියලුම දේ මරණයේ දෙවියන් ඉදිරියේ පැවසුවා .

⚫ " ජීවයේ දෙවියන් කෙසේද මාගේ රාජකාරියට මැදිහත් වන්නේ ..? JK මා නුඹට අණ ලබා දෙනවා මෙම ගැටලුව අවසන් වන තෙක් මෙය විසදන ලෙස .

එමෙන්ම මම ඊලඟ නඩු වාරයේදී නුඹලාව නිදොස් කොට නිර්දෝශී කරන්නෙමි . "

මරණයේ දෙවිදුන්ට , ජීවයේ දෙවිදුන් කෙරෙහි දැනුනේ විශාල කේන්තියකි . එම කේන්තිය නිසාවෙන් BLACK CASTLE එකම භූමිකම්පාවකට හසුවූවා සේ කැලබෙන්නට උනා .

මරණයේ දෙවිදුන් පැවසූ ලෙසම ඊලග නඩුවාරයේදී JK ඇතුලු ඔහුගේ සහයකයන් පිරිස එම නඩුවේ වැරැද්දෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා . එමෙන්ම ඒ පිළිබද්ව සොයන ලෙසද මරණයේ දෙවිදුන් JK ට ප්‍රසිද්ධියේ අණ ලබා දුන්නා .

මෙම ගැටලුව පිළිබදව මරණයේ දෙවිදුන් , දේව මණ්ඩලයේ ප්‍රධාන දෙවිදුන් වද දැනුවත් කරනු ලැබුවේ ඉදිරියේදි තමා කලයුතු දේ ද දැනගැනීමටය .

..........................................................................

💜️" මම මරණයේ දෙවිදුන්ට දැනුම් දුන්නා ඔයා මට ලබා දුන්නු තොරතුරු .."

🖤" ඔව් අපිට ඔහු අණ කලා මේ ප්‍රශ්නය ගැන සොයාගන .."

💚" මම ඔයාලාට පුලුවන් උදව්වක් කරන්නම් .."

JK හා SUGA නැවතත් TAEHYUNG ව හමු වී මරණයේ දෙවිදුන් ඔවුන්ට ලබා දුන් අණ පිලිබදව ඔහුව දැනුවත් කලා .

💚" ඔයාලා මොකද්ද හිතන්නේ ..?"

💜️" මොකක් ගැනද ..?"

💚" මේ ප්‍රශ්නය විසදන්න පුලුවන් ක්‍රමයක් ගැන ..?"

🖤" අපිට බැරි වෙයිද ඔය සියොක්ව හම්බවෙන්න ..?"

💚" ම්ම් .. මම හිතන්නේ මට ඒක කරන්න පුලුවන් . සියොක් ඉන්නේ මගේ හොද්ම යාලුවා JIMIN යටතේ . ඉතින් මට එයාව එක්කන් එන එක ලේසීයි ."

💜️" එහෙනම් අපිට එයාව මුනගස්සවන්න කරුණාකරලා .. එයාගෙන් දැනගන්න පුලුවන් මොකද්ද උනේ කියලා හරියටම .."

💚" හොදයි .. මම ඒ ගැන බලලා ඔයාලාට දැනුම් දෙන්නම් .."

🖤" හොදයි එහෙනම් අපි යන්නම් .."

SUGA තමා හිද සිටි තැනින් නැගිට TAEHYUNG ට සමු දී JK සමග පිටව යන්නට සැරසුනා .

නමුත් JK එක්වරම නැවතත් පිටුපස හැරුනේ TAEHYUNG කතාකල නිසයි .

💜️" කියන්න TAE .. "

💚" න් .. නෑ මුකුත් නැ JK .."

JK ට සිතුනා TAEHYUNG තමාට කුමක් හෝ දෙයක් පැවසීමට ගොස් එය පැවසුවේ නැති බව . නමුත් ඔහු ඒ පිලිබදව ප්‍රශ්න කරන්න ගියේ නෑ .

TAEHYUNG එලෙස පැවසූ නිසා JK , SUGA ත් සමග පිටව ගියා .

JK පිටව ගිය පසු TAEHYUNG මේසය මත හිස තියාගෙන යම් බැරෑරුම් දෙයක් ගැන කල්පනා කරමින් සිටියා .
..........................................................................

ඊලග දින ..

💜️" කියන්න TAE .."

JK , TAEHYUNG ගේ ඇමතුමට ප්‍රථිචාර දැක්වුවත් මද වේලාවක් යනකම් TAEHYUNG කතා කලේ නැත .

💜️"TAE .. ඔයා මට කතාකලේ ..? "

TAEHYUNG තම නිවසේ ජීවත් වූයේ තනියමයි . රාජකාරි කටයුතු අවසන් කර නිවසට පැමිනි TAEHYUNG මදක් රෑ බෝවී JK ට දුරකථන ඇමතුමක් ලබාගත්තේ වැදගත් පණිවිඩයක් කීමටයි .

සාලයේ සැප පහසු සෝපාවේ හිදගත් TAEHYUNG ඇමතුම ලබාගත් විගස ඔහුට ජනේලය අසලින් යම් සද්දයක් ඇසුනේ මිනිසෙකුගේ අඩි ශබ්ධයක් පරිද්දෙන් .

ඒ පිලිබදව තම අවධානය යොමු කරමින් සිටියදී ඇමතුමේ අනෙක් පසින් JK ගේ කටහඩ ඇසුනු නිසා ඔහු ඇමතුමට පිලිතුරු ලබා දුන්නේ තම නිදන කාමරයට යන ගමන් .

💚" තව ටිකෙන් මට අමතක වෙනවා .. මම ඔයාට කතා කලේ සුභ ආරන්චියක් කියන්න ..

මම සියොක් ට කතා කලා .. එයා කැමති උනේ නෑ මරණයේ දූතයෙක් හම්බවෙන්න .. නමුත් මම එයාව කැමති කරවගත්තා මාත් එක්ක ගමනක් යන්න .. ඒ වෙලාවේදී ඔයාලාට පුලුවන් එයාව හම්බවෙන්න .."

💜️" ඒක කොච්චර දෙයක්ද .. ඔයාට ගොඩක් ස්තූතීයී TAE .. එහෙනම් අපි හෙටම මුනගැහෙමු .. මම දැන් නම් මේ රාජකාරි වැඩක ඉන්නේ . මම ඔයාට පස්සේ ගන්නම් .."

එසේ කියූ JK ඇමතුම අවසන් කර නැවතත් තමාගේ රාජකාරිය පටන් ගත්තා . එමෙන්ම ඔහු මෙම ආරන්චිය SUGA මෙන්ම ඔහුගේ අනෙකුත් සහයකයන් හටද පැවසූවා .

පසුදා උදෑසනම TAEHYUNG සියොක් හට බොරු හේතුවක් කියමින් JK ව මුනගැසීමට ගියා .

ඔවුන් පැමිනෙන තෙක් JK තමාගේ සහයකයන් සමග මාර්ගයේ පසෙක සිට බලා සිටියා .

මරණයේ දෙවිදුන් JK ට හා ඔහුගේ සහයකයන්ට රාජකාරි සහනයක් ලබා දුන් අතර , ඔවුන්ගේ ප්‍රමුඛතම රාජකාරිය වූයේ මෙම ගැටලුව විසදීමයි . ඒ සදහා ඕනෑම අවස්ථාවකදී රාජකාරිය මගහැරීමට මරණයේ දෙවිදුන් ඔවුන්ට ඉඩ ලබා දුන්නා .

සියොක් සමග පයින්ම පැමිනි TEAHUNG කෙලින්ම JK අසල නතර වූ විට සියොක් ද එතැන නතර උනා . JK මරණයේ  දූතයෙකු ආකාරයට පැමින සිටි නිසා සියොක්ට JK ගේ බලය සංවේදනය උනා .

💙" TEAHUNG .. ඇයි අපි මෙතන නැවතුනේ ..?"

තමාගේ හිතට ආ සැකයක් නිසා සියොක් TEAHUNG ගෙන් ප්‍රශ්න කලා .

💚" ඇත්තටම සියොක් මට සමාවෙන්න .. මම ඔයාව එක්කගෙන ආවේ JK වයි එයාගේ සහයකයන්වයි ඔයාට මුනගස්සවන්න .. "

💙" මොකක් ..? ජීවයේ දෙවිදුන් දන්නවාද ඔයා මේවගේ මරණයේ දූතයන් එක්ක යාලුකම් පවත්වනවා කියලා .. ?

මේක වැරදීයී .."

💚" නෑ සියොක් .. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ අපේ පැත්තෙයි .. මුලින්ම ඔයා JK කියන කතාව අහන්නකෝ ..

අහ් අමතක උනා .. මේ ඉන්නේ JK .. එතකොට මේ ඉන්නේ එයාගේ ප්‍රධාන සහයකයා SUGA .. මේ ඉන්නේ එයාගේ අනිත් සහයකයන් පිරිස . JK කියන්නේ අණ දෙන්නෙක් ."

💙" දැං තමුන්ට මට මොනාද කියන්න තියෙන්නේ ..? "

🖤" කියන්න නෙමෙයි අපිට ඔයාගෙන් දෙයක් දැනගන්නයි උවමනා .."

💜️" අපි මෙතන කතා කරන එක හොද නෑ නේ .. මොකද කියන්නේ කැෆේ එකකට ගිහින් ම කතා කරමුද ..? "

💚" මම නම් කැමතීයි .."

💙" ඔයා කැමති උනාට .. මම කැමති නෑ මරණයේ දූතයෝත් එක්ක වචනයක්වත් කතා කරන්න . නමුත් TEAHUNG නිසා මම ඉවසනවා .. "

💜️" හරි ඒකට කමක් නෑ .. අපි කෙලින්ම කතාවට බහිමුකෝ ..

ඔයා ඇක්සිඩන්ට් උනා කියලා දන්නවා නේ .."

JK ගේ එම පැනයට සියොක් හිස උඩට පල්ලෙහාට කලා පමණි .

💜️" හරි .. එතන ඉදන් පටන් ගමු .. ඔයාගේ තීන්දුව දෙන්න භාර උනේ මටයි මගේ කන්ඩායමටයි . මම ඔයාගේ පව් පින් බලලා ඔයාට ජීවිතය ලබා දෙන්න තීරණය කලා .. ඒ වගේම ජීවිතය ලබා දුන්නා .."

💙" තමුන්ලා මට ජීවිතය ලබා දුන්නා නම් කොහොමද මම මැරුනේ ..? "

🖤" ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ .. අපෙන් එක්කෙනෙක් පැය 6ක් යනකම් ඔයා ලග මුර කෙරුවා ඔයා ඇක්සිඩන්ට් උන වෙලාවේ ඉදන් .. එතනින් එහාට අපේ රාජකාරිය අවසන් උන නිසා අපි එතනින් ඉවත් උනා .. "

💜️" නමුත් කවුරුහරි අදුරු මායාව භාවිතා කරලා තියෙනවා .. ඒ මායාව යොදාගෙන මම ලබාදුන්න තීරණය වෙනස් කරලා ඔයාට මරණය තීන්දු කරලා තියෙනවා ..

මේක BLACK CASTLE එකට ලොකු ප්‍රශ්නයක් .. ඉතින් අපි ආවේ ඒක හොයාගන්න් .. කවුරුහරි අදුරු මායාව පාවිච්චි කරනවානම් ඒක නීති විරෝදීයි .."

💙" ඉතින් ඕවා මට කියන්නේ ..? ඕවා හොයන්න ඕනේ තමුන්ලා නේ .. අදුරු මායවත් අයිති BLACK CASTLE එකටනේ .."

💚" අයියෝ සියොක් .. කියන කියන හැම එකටම අනිත් ඇත්තට මොනාහරි කියන්න එපා අනේ .. මේ ප්‍රශ්නේ විසද ගන්න අපිට උදව් කරන්නකෝ .."

💙" එතකොට දැං ඔයත් මෙයාලාට උදව් කරනවාද ..?"

💚" ඔව් .."

TEAHUNG ගේ එම උත්තරයෙන් සියොක් මදක් පුදුමයට පත් උනත් ඔහු මදක් කල්පනා කර JK ට හා ඔහුගේ කණ්ඩායමට උපකාර කිරීමට කැමැත්ත පල කලා .

💙" හොදට මතක තියාගන්නවා .. මම තමුන්ලාට උදව්කරන්න කැමති වෙන්න්නේ මේ ප්‍රශ්නයට මමත් සම්භන්ධ නිසයි .. නැත්තම් වෙන දේකට නෙමේ ."

සියොක් එසේ කියා ඇවිද යන්නට උනේ JK පෙර පැවසූ අවන්හලට යෑමටයි .

💜️" ඔයා කොහොම හරි අපිට උදව් කරන්න කැමති උනානේ .. ඒක ලොකු දෙයක් .."

කවදාවත් නැතිව JK ගේ මුහුනේ සොදුරු හිනාවක් මැවුනා . TEAHUNG මේ පලමුවරටයි JK ගේ මුහුනෙහි මෙවැනි ප්‍රසන්න හිනාවක් දුටුවේ .

JK සියොක් පසුපස දිවගිය අතර ඔහුගේ සහයකයන් ද ඒ දෙසටම ගමන් ඇරඹුවේය .

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

8.7K 1.1K 12
මගේ හිත හොරකම් කරපු ඔය ඇස් අයිති මට විතරයි . කැමැත්තෙන් බැරි නම් අකමැත්තෙන් හරි මං ඔයාව මගේ කර ගන්නවා. ඔයා මගේ _...
4.2K 594 23
"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම්...
4.3K 701 6
උමතුවක්.... ඒක තනිකරම ඇබ්බැහිවීමක්.... පලමු හමුවෙන්ම ඒ හිතේ ඇතිවුන උමතුවක් සමග පැටලුන අසීමිත ආදරයක්... ඒත් ඒ ආඩම්බරකාරයාගේ ආදරය ඔහුට ලබාගත හැකිවෙයිද?
965K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.