- Plot 23 -

Od Bulbz_D

873K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Viac

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 96 -

7.6K 867 747
Od Bulbz_D

" හාඅ හාඅ හා චුහ්හ් !!! " ගවීෂ් හචිං එක ඇරියේ නිදිමතේම ඇස් පොඩිකරන ගමන්... ජනේලෙන් පේන පිනි බිංදු වැටෙන ලස්සන කොළ පාට තැනිතලාවේ උඩින් පායල තියෙන වළාකු ---- බුදු අම්මේ රෙද්ද !!!

කොන්ද දිගේ උඩට පැතිරිලා ආවේ ඇවිලිලා ගිය ගතියක්... අහ් ශිට් !!  ගවීෂ් එහෙමම ඇස් පියාගත්තේ උගේම නළලට අත තියාගෙන.... වෙලා තියෙන ආපදාව බලන්න එයාටම හය්යක් නෑ.... අනික කොහේ කියලා බලන්නද ? එයාගේ ඇග වටේ සම්පූර්ණයෙන් ඔතලා තිබ්බ බ්ලැන්කට් එකට උඩින් මියුන් එයාව ආයේ වතාවක් පරිස්සමට ඔතාගෙන තිබ්බේ කොල්ලාගේ අත් දෙකෙන්.....  එහෙන් මේ මල් පිබිදෙන උදේ පාන්දර ආයෙ පිබිදෙන්න දගලන......--  නෑ ඕන්නැ... ....

" ඕයි !! " ගවීෂ් කතා කලේ ඇස් අරින්නෙවත් නැතුව... මේ වෙද්දි පරම්පරා දෙක අවදිවෙල නම් දෙන්නම ලෙෆ්ට් !!  මියුන් සද්දයක් නෑ... ගවීෂ් යන්තන් ඔළුව හැරෙව්වේ මියුන් දිහා බලන්න......

මියුන්ගේ දිග ඇස් පිහාටු සැහෙන සැනසිමකින් පියවිලා...වැඩියෙන් විස්තර කළොත් කම්මුල් පවා තාම රතු පාටයි.. ජනේලේ අතරෙන් එන ඉර එළිය කෙලින්ම වැටිලාමදෝ කොණ්ඩේ පාන් දුඹුරු පාටින් දිලිසෙනවා.. මිනිහගෙම වචනවලින් වගේ උපමාලංකාරයක් දැම්මොත් , එයාව පුච්චන්න හදන ඉර එළියට පිළිවෙලකට පිච්චෙන බටර් පාන් ගෙඩියක් වගේ... ළගින් පොඩියට බටර් කැරොල් සුවදකුත් එනවා.... මේ වගේ දෙයක් දැක්කම කරන්න හිතෙන්නේ එකම දෙයයි... වෙන මොකක්ද දැනෙන තරමට හව් ගාලා හපන්න ඕන !!!.

මියුන් තාම නිදිමතේ , ඒත් ගවීෂ් හැරුන බව දන්නවා කියලා අගවන්නදො මන්දා මියුන්ගේ රස්නේ අත් ගවීෂ්ගේ ඉණ හරියෙන් ඇදලා ළගට ගත්තේ සැහෙන ඉවසිමකින්.... බ්ලැන්කට් එක අතරෙන් උනත් ඒ අත්වල රස්නේ හොදටම ගවීෂ්ගේ ඇගට දැනෙනවා.... ලැජ්ජ හිතෙන වැඩනේ කරන්නේ දැන් මේකා... ඊව්.. මොකක්ද අර ඊයේ උනේ එතකොට ?  අරකනේ.. ඔව් ඒක තමයි.... මියුන් තව ගවීෂ්ගේ ඉණ වටෙ තිබ්බ ග්‍රහණය තද කලේ නිදිමතේම වගෙ... තව මේම ඉදියොත්.... ගවීෂ් යන්තන් හැරුනේ ඒ හැරිච්ච ඉරියව්වට එක පාර එක එක තැන්වලින් එක එක රිදිලි ඩවන්ලෝඩ් වෙද්දි.... ටව්කම්ඩ දෙය්යනේ පස්ස !!!

" මියුන් ?? ඕයි..අරුන් ඇහැරිලාද දන්නැ.. "

" ම්ම් ? "

" උබ තාම නිදිද ? "  ගවීෂ් ආයෙ ඇහුවේ යන්තන් දගලල සම්පූර්ණයෙන්ම ඒ පැත්ත හැරෙන ගමන්.... අමුතුම ලැජ්ජාවක් මතු වෙනවා දැන් මේම මූණ බලන්න... ඒත් මොනා කරන්නද.... බලන්නම එපැයි හුම්... ගවීෂ් බැලුවෙ ඇස් දෙක පියාගෙන නිවී හැනහිල්ලේ ඉන්න මියුන් දිහා.... උගෙ අතට අහුවෙන්නෙ නැති කොන්ඩේ අතරින් ගවීෂ් හිමින් මියුන්ගේ ඔලුව ඇවිස්සුවේ කොල්ලව ඇහැරව ගන්න...  හොද අත්දැකීම් තියේ, මියුන්ව ඇහැරවන්න ලේසි නෑ.....

" නැගිටින්නෙ නෑ ? ම්ම් ? ගුඩ්මෝනින් ... " ගවීෂ් කිව්වේ මියුන් යන්තන් ඇස් අරිද්දි..... හෆ්ෆට සිරි... මේ මොකද මේ.... ගවීෂ් එහෙමම කොල්ලාගෙ නළලට අත තිබ්බේ , ඒ ඇස්වල හොදට ලියවිලා තිබ්බ අසනීප ගතියට.... හරිනෙ ඔය කරගෙන තියෙන්නෙ....!!

" යකෝ උණ නේද ? !! " ගවීෂ් මිමිණුවේ මියුන් යන්තන් ඔලුව වනද්දි... යකෝ !! මට උණ ගැනෙන්න ඕනෙ වෙලාවට මුට උණ ගැනුනම කෝම ද ... අනික ඌ මොනව කරලද උන ගැනෙන්න හහ්...... අසාධාරණයි !!!  ඒත් ඉතින් ---- .... අහ්හ්... හරිනෙ.. සම්පුර්ණ බ්ලැන්කට් එකම ගවීෂ් වටේ ඔතලා මිනිහා උඩටත් ඇදුමක් නැතුව සිතලේ නිදාගත්තම උණ ගැනෙන්නේ නැත්තන් නේ ප්‍රශ්නේ !!

" කෝ ඇදුමක් දාගන්න දෙන්න මට ඉස්සෙල්ල.... " ගවීෂ් තදින් කිව්වෙ මියුන් මුරණ්ඩුකමට ගවීෂ්ව බ්ලැන්කට් එක අස්සට ගුලි කරගෙනම තවත් තදට බදාගනිද්දි... ඔන්න ඕක තමයි පුතෝ අමාරු... ලෙඩ උනාම සැහෙන මුරණ්ඩුයි මේකා.....

" මියුන් යකා අවුස්සන්න එපා මගේ !!! " ගවීෂ් සැර කලේ මියුන්ව එහාට කරගන්න දගලන ගමන්... කොහෙද උටත් එච්චර හය්යක් ඉතිරි වෙලා නෑ ඇගේ.....

" තිමෞර්ය ... "

" මොකද මිනිහො ?  "

" මම මැරෙයි... ද... ? "

" මොකක් ? " මියුන්ගේ ඒ බුද්ධ්මත් ප්‍රශ්නේ ගවීෂ්ගෙ ඉවසීමේ රතු නූල පැන්නුවා....  යකො මටවත් නැති අමාරු උට !! පුදුම අසාධාරණ ලෝකයක්නේ..... ගවීෂ් රවනවා කියලා තේරුන මියුන් කට වහගත්තේ සැහෙන වේගෙකින්....

" නැ.. ඒක හරි... උබට කොමද ? පොඩ්ඩක් ඉන්න.. මට හරියයි..... " මියුන් අසනීප ගතියෙන්ම මිමිණුවේ ගවීෂ් ඌව දමලා ගහල කොන්ද කෙලින් කරගනිද්දි.....

" මට ඇති අවුලක් නැ... " හැම අතින්ම අවුලක් තිබ්බත් ගවීෂ් කිව්වේ එයාගේ වෙව්ලන කලවත් අත් දෙකන් තද කරගන්න අතරෙ... මට මෙච්චර දේවල් කරල බබා වගේ අහනව දැන් කෝමද කියලා !!!!! පාහරයා !!!! ගවීෂ් ආයේ හැරිලා රැව්වේ ඒ රැවිල්ලට මියුන් නොපමාව තොල් තද කරගනිද්දි..... ඇත්ත දැන්ම නැගිටගන්න බෑ, මිනිහට ඒක තේරෙනවා.... මියුන් තාමත් එහා දිහා බලන් ඉන්නවා කියල මතක් වෙනකොට ආයේ කන්දෙක පුපුරන්න එනවා කොහෙන් හරි මතුවෙන අමුතු ලැජ්ජාවකට....

මියුන් ඒමම නැගිටලා ඇදෙන් බදිනකම් ගවීෂ් බලන් ඉදියේ , ටිකෙන් ටික උඩට එන ඉර දිහා විතරයි කිව්වොත් --- අන්න කන්ද දෙබෑ වෙන බොරු.... මියුන් දිහා මිනිහා දෙතුන් සැරයක් මියුන් දිහා හැරිලා බැලුවේ වෙන මොකටවත් නෙවේ හදිසියේවත් කලන්තේ දාලා වැටුනොත් කියල ශුවර් නැතිකමට ඔව්.... ලෙඩ වෙලානේ ඉන්නේ... මියුන් ඇදන් ඉන්නේ ඊයේ රෑ ඇදගෙන ඉදපු කාගෝ පෑන්ට් එක විතරයි... ඒකත් පහළට ලිස්සල ඇවිත්, වේස්ට් ලයින් එකම හොදට එක්ස්පෝස් වෙනවා....

හරි , අවංකව කතාව කිව්වොත් ඊයේ එයා වැඩි හරියක් ඉදියේ ඇස් පියන් හරි , මෙලෝ සිහියක් නැතුව් හරි.. මියුන්ගේ අපර් බොඩි එක මෙච්චර පැහැදිලිව දැක්කේ නෑ කියලා හොදටම ශුවර්.. ඒකත්, අන්තිම මාස තුනෙන් පස්සෙ..... අවසාන නිගමනය තමයි   - ඒ ඇග හෙන ගති යකෝ !!!! හෙනටම නං නෑ.... හැබැයි තිබ්බ ඇට කෝටු ගොඩට වඩා නම් සැහෙන දෙයක් කරගෙන....!!

" තිමෞර්ය .. " මියුන් කතා කලේ ගවීෂ් ඒ ඇස් මග ඇරල බිම බලගනිද්දි... පොඩියට වගේ ලැජ්ජාවක් තියේ ඒකයි කොල්ලා මේම හැසිරෙන්නෙ.... මියුන්ට තාමත් ශර්ට් එක දාගෙන්න අදහසක් නෑ වගේ.... ඉතින් එයාගේ පපුවේ අලුතින් එකතුවෙලා තිබ්බ කැළලට සේරටම කලින් ගවීෂ්ගේ ඇහැ යනවා... අහ්හ්හ් !!! ඒමත් එකක් උනානේ ඊයේ රැ.... එතකොට දැන්------ ...... -

මියුන් ගවීෂ්ගේ කොණ්ඩේ අවුස්සලා ඇද උඩින් වාඩි උනේ , අහ් නෑ ඇදගෙන වැටෙන තරම් මියුන්ටත් ඇගට අමාරුයි...... එයා ඇද උඩටම ඇදන් වැටුනේ ඇස් දෙක පියාගෙන් ඇද විට්ටමට හේත්තු වෙන අතරේ.... ඒත් ඌ ඉක්මනින්ම ආයේ කෙලින් උනේ , ගවීෂ්ගේ ඇදුම් ටික අතට අරගෙන...

" අහ්... ඉස්සෙල්ලා කියන්න.... ඔයාල හැපුවම බේත් විදින්න වෙනවද ? "  මියුන් ඇහුවේ ගවීෂ්ට ඇදගන්න උදව් කරන අතරේ...... ගවීෂ් මියුන් දිහායි, එයාගේ පපුවේ හදවතට උඩින් තිබ්බ කැළලයි දිහා බලලා ලොකු හුස්මක් ගත්තේ වරදකාරී හැගීමෙන්......

" මට ඒක නොකර ඉන්න තිබ්බෙ.... " ගවීෂ්ගේ තොල් අතරේ මිමිණුනේ ඇසිල්ලක පරක්කුවට....

" ම්ම් ? "

" නෑ...  මං උබෙන් ඇහුවෙත් නැ.... " ගවීෂ් ආයේ කිව්වේ ඒ කැළැල උඩින් අත තියන ගමන්.... මියුන්ගෙ උණ ගතිය නිසාමදෝ පපුවත් ගොඩක් රස්නෙයි... හාට්බීට් එක ගවීෂ්ට ඇහෙන තරමට වැඩි..... ඒ අත ගන්න කලින් මියුන්ගේ අත ඊට උඩින් තද වෙද්දි ගවිෂ්ගේ ඇස් හැරවුනේ මියුන් දිහාවට...

" මං ඒකට කැමතියි තිමෞර්ය..... "

"  ඒත්.....ඒත් ඕක මැකෙන්නෙ නැති වෙයි....  " ගවීෂ් මිමිණුවේ ඇත්තටම ඔලුවේ පිරෙන වරදකාරී ගතියට..... උදේ පාන්දර ඉදන් මොනවද මන්දා හෙනයක් වගෙ. ...හැම එකටම දුක හිතෙනවා, කේන්තිත් යනවා.....

" මැකෙන්නැති තරමට තමා මම කැමති... "

" උබ දන්න මගුලක් නෑ.... " ගවීෂ් කිව්වේ අත ඇදලා අරන් මියුන් අන්දපු ශර්ට් එක අස්සට ඔළුවයි අතුයි ඔබාගන්න ගමන්.....

" ඇයි කිව්වෙ..... දැනෙන තරමට හව් ගාලා හපන්න ඕනේ කියල ?? ම් ? . "

" මලසමයං.... උබේ ඇගේ එක කැළලක්වත් නැති නිසා ඉරිසියා හිතුනා.. ඉතින් හැපුවා... වෙන මුකුත් නැ.. " ගවීෂ් කිව්වේ මියුන්ට ගස්සලා පුරුද්දට නැගිටින්න හදලා උනත්...... පුරුදු නිසා කෙළවෙන මේම අවස්තාවක් මිනිහා අපේක්ෂා කලේම නෑ... !! එයා මියුන්ගෙ ඇග උඩටම ඇදන් වැටුනේ ලැප්ස් හරියෙන් දැනුන හිතාගන්න බැරි හිරීවැටීමට....

" පණ්ඩිතකමනේ ඉතින්... " මියුන් කිව්වේ ගවීෂ්ට ටොක්කක් ඇනලා....

" කකුල පැටලුන...හහ් !! හිතුවද මම මෙතන උබ වගේ වීක් කියල ? චහ්....එක්කෙන්ක්ට සහලෝල උණ.. කැහ් කැහ්... එයැයි මොනව කරලද දන්නැ.... " 

" කමක් නෑ ..... ඉස්සෙල්ලා මට කියන්න මේකේ තේරුම ?  " මියුන් තාම ප්‍රශ්නේ අතෑරල නෑ....

" ඕකේ තේරුම නේද ???? දැනෙන තරමට හව් ගාල හැපුවා.. දැන් උබට ජලභීතිකාව හැදෙන්නයි යන්නේ.. බෙහෙත් ගනින්.." ගවීෂ් කිව්වේ මියුන්ව එහාට කරල යන්තන් නැගිටගන්න ගමන්... ඇති යන්තන් ලොකු අවුලක් නෑ , අමාරුකම් පැත්තට දාමුකො.... . කොහෙද පොඩි එකාට උණ නේ... ගවීෂ් මියුන්ට නැගිටින්න අත දික් කලේ කෝකටත් පව්නේ මිනිහ කියල...අතින් නම් අල්ලගත්තට මොකද මියුන් නැගිට්ටේ නම් නැ.....ඒ වෙනුවට එයා ගවීෂ්ව ආයේ ළගට ඇදලා ගත්තේ ඉණ වටේ අත් දෙක ඔතාගෙන ඔළුවත් බඩ අස්සේ ඔබාගෙන... මේං බලන්නකෝ !! හොද කෝලමක් උනානේ මේකත් .... !!

ම්ම්.... කලින්ට වඩා දැන්  ඇතිවෙල තියෙන බැදීම  අඩි ගාණක් ඉස්සරහ ... මියුන් පවා දැන් ගවීෂ්ව අල්ලද්දි කලින් වගේ අවිශ්වාසෙන් අත තියන්නෙ නෑ... එයාට අල්ලන්න ඕනෙ නම් අල්ලනවා අහ අහ ඉන්නෙත් නෑ....... හරියට මේ දැන් ගවීෂ්ගෙ ලැප්ස් අතරට දැනෙන්න නොදැනෙන්න අත තිබ්බ වගේ.... කලින් ගවීෂ් නැගිටින්න හදද්දි එයාගේ වීක් ලැප්ස් මියුන්ට නෝට් නොවී තියෙන්නේ කොහොමද....

" මොකද යකො ? " ගවීෂ් ඇහුවේ මියුන් ඔළුව උස්සලා නිකට ගවීෂ්ගේ බඩ උඩින්ම තියාගෙන මුකුත් නෑ කියන්න ඔළුව වනද්දි...  අරවින්ද් අය්යේ !! මෙන්න ඔහේගේ දෙවෙනියා මැන්ශන් එකේ නම්බුව හානවා...... ගවීෂ් හිත යටින් මිමිණුවේ , මියුන්ගේ කම්මුල් පිම්බිලා තිබ්බ මූණ දිහා බලලා.....ආයේ තත්පරයක් යන්න කලින් මේං මේකා ඉණ වටේ අත් දෙක තද කරනවා....

" මොකක්ද ඔය දැන් කියාගන්න ඕනේ ?  " ගවිෂ් ඇහුවේ මියුන් ආයේ මුරණ්ඩු විදියට ගවීෂ්ගේ බඩ අස්සෙම මූණ හංගගනිද්දි....... අනිවාරෙන් මේකා මේම ඉන්නේ මොනවහරි කියන්න ඕනෙ වුනාම.... ඒත් ඒක වචන කරගන්න බැරි උනාම.....

" ඇයි උබේ ඇගට අමාරුද ? බෙහෙත් ටික බොමුකෝ ගිහින්..  .. "  මියුන් ඒකටත්  මුරණ්ඩුකමට ඔලුව දෙපැත්තට වැනුවේ පහ වසරේ පොඩි එකෙක් ගානට.... පව් කියලා හිතෙන්නෙ නෑමයි.... වදුරු පැටියෙක් , වදුරු අම්මෙක්ගේ ඇගේ එල්ලිලා ඉන්නවා වගේනේ හැසිරෙන්නේ මේකා....මියුන්ගේ කම්මුල් එයාගේ බඩ උඩට තෙරපෙද්දි ගවීෂ් කොල්ලගේ කොණ්ඩේ අතරින් ඇගිලි යැව්වේ මියුන් ටිකෙන් ටික සන්සුන් වෙද්දි.... උණ ගතියත් ඇගට පණ නැති ගතියටත් අමතරව , මියුන්ගේ මේ සැරින් සැරේට රැළි ගැහෙන නළලෙන් පේන්නේ එයාටම දරාගන්න බැරි ඔලුවේ කැක්කුම වෙන්න ඕන....

" මොනවද කියන්න ඕනේ කියපන් ඉතින්....." ගවීෂ් සන්සුන්ව කිව්වේ මියුන් දෙවෙනි සැරේටත් ඔළුව උස්සලා ගවීෂ් දිහා බලද්දි.... ටික වෙලාවක් එහෙම්ම බලන් ඉදපු එයා, ගවීෂ්ව පරිස්සමෙන් ඇද උඩින් වාඩි කෙරෙව්වෙ ගවීෂ්ගේ අත එයා දිහාවට ඇදලා අරගෙන........ ඇත්තටම මියුන්ට තාමත් උණ.. ඒ අත් පවා හොදටෝම රස්නෙයි..... ඒ මදිවට ඒ දිග ඇගිලි ලාවට වෙව්ලනවා...

මියුන්ගෙ අත් දෙකේ රස්නේට වඩා හාත්පසින්ම වෙනස් සීතල දෙයක පහස ගවීෂ්ගේ අල්ලට දැනුනේ එයා මියුන් දිහා ඔළුව උස්සලා බලද්දි... ඒ මොකක්ද කියලා බලන්නත් කලින් මියුන් ගවීෂ්ගේ අල්ල අත් දෙකෙන්ම ගුලි කලේ එයාගේ පැහැදිලි කෙලින් බැල්ම ගවීෂ්ට දීලා... ගවීෂ්ට ගුලි උන අත් දෙක උඩින් දැනෙන්නේ විශ්වාසෙන් තෙරපුන මියුන්ගේ අත් දෙක.. ඒත් අල්ලට ගුලි වෙලා තියෙන්නේ අත කිදාබහින සීතලක්.... එහෙමම සැලකිය යුතු වෙලාවක් ගවිෂ්ගේ රතු පාට ඇස් දිහා බලාගෙන ඉදලා මියුන් නැගිට්ටේ වචනයක්වත් නැතුව.....

මියුන් එයාගේ අත උඩින් තියලා ගුලි කරපු , සීතල ලෝහ මුද්ද දිහා ගවීෂ් බැලුවේ සැහෙන කම්පනයෙන්... රිදී මුද්ද මැද්දට වෙන්න අල්ලපු වයිරෝඩියක්..... වෙන මුකුත් නෙවේ බිළාල ඇස් වයිරෝඩියක්..... ඉන්න ඉන්න....හෝව්... එතකොට මූ ඇයි මට මේක දෙන්නේ ??

මියුන් උත්තරයක් නොදීම , ආපහු හැරුනෙ එයාගෙ හූඩි එක ඇහිදගන්න ගමන්.... මේකට මොකද කියන්නකෝ කරන්නෙ දැන් ? ගවීෂ් ඒක අතේ තියාගෙනම බලාගෙන ඉදියේ මියුන් දිහා... ඇයි දැන් මට දුන්නේ ? මේකෙන් මොකක්ද කරන්නේ ? ඌ ඒක දීලා ගානක් නැතුව පිටිපස්ස හැරුන හැටි විතරක් ? මට !!! මොකටද !!! මේක !!! ?  ගවීෂ්ගේ දැවෙන ප්‍රශ්නේ ...

" උබ මේක මටද දුන්නේ ? "

" ම්... "

"  මොකටද ? "

මියුන් උත්තර නොදී උරහිස හැකිලුවෙ එයාගේ හූඩි එක ඇගට දාගන්න අතරෙ....එයා කෙලින්ම , කලින් දවසේ පිස්සු නටලා තිබ්බ බියර් කෑන් දෙක අස් කරන්න ගත්තේ හ්ම් සද්දයක් නැතුව... පව්,  අඩි දෙකක් තිබ්බත් ආපස්සට විසි වෙනවා....

" ඕයි මේ..... මෙන්න මෙහෙන් ඇවිත් වාඩි වෙන්න, මම අරවින්ද්ට කියන්නම්.. " ගවීෂ් කිව්වේ මියුන්ට රවන්නත් අමතක නොකර.... මොන පිස්සුවක් නටනවද මන්ද මේ උදේ ඉදන් !! හරියට කතා කළෙත් නැ ??? උණ හදාගත්තේ හිතලමයි ඕකා.... ම්හ්..ඒ උනාට ඇගට අමාරු නිසාමදෝ මුරණ්ඩුකම පැත්තකින් තියල , මිනිහාත් ඇවිත් ඇද උඩට වැටුනේ , හ්ම් සද්දයක් නැතුව....  මියුන්ට එහෙමම ඉන්න ඇරලා ගවීෂ් ෆෝන් එකත් අරන් නැගිට්ටේ , අරවින්ද්කාරයාගේ කන්ටැක් පීරන ගමන්... නිදිද දන්නෑ තාම ගල් මූසලයා...... අහ් නෑ ඔය ඉස්සුවෙ......

"වින්ද් මේ....... "

" අහ්... මොකෝ ? තමුසෙලා එන්නේ නැද යකො?? "

" උබලෑ පොඩි එකාට මෙන්න මෙහේ සහලෝල උණ... " ගවීෂ් කිව්වේ එහෙමම ග්ලාස් එකක් අතට අරන්, බාතෘම් එකේ ශවර් එකේ... හොට් වෝටර් , පැත්තෙන් පුරවගන්න ගමන්... වතුර උණු කොර කොර නහින්න ඕනෙය නෑනෙ...

" ඒහ්හ්... උණ ??  මං එන්නද ? ක්‍රිෂ් අක්කව එවන්නද ? "

" එපා එපා මිනිහෝ.. !!! මේ....ආශදිට ශේප් එකේ කියනවැයි ? මෙහෙ යමක් සිද්ධ උනා.. මං එනකන් පොඩ්ඩක් ශේප් කරගන්න කියල ? "

" යමක් සිද්ධ උනා කිව්වේ ?"  අරවින්ද් ආයේ ගොනා සේ ඇහුවේ ගවීෂ් ඇස් රෝල් කරද්දි.. ඔය ටියුබ් ලයිට් එක නිකන්ම එකක් නෙවේ, පියුස් ගියපු එකක්.....! අනේ අම්මපා.අමු ගවයා ඇ......

" අඩො මොකක්ද උනේ ? ආයෙ රණ්ඩු කරගත්තද  තොපිලා ? තුවාලද ? ඇහ්.. ?? - "

" බොල ගොනෝ... ඔන්න ඕක තියල තුන් වෙලේට පීඩියා ප්‍රෝ හදන් බීපන්  .... හරි බායි හෙනම ගහපන්.. "  ගවීෂ් ෆෝන් එක කට් කරල උණු වතුර එක මියුන්ට දික් කලේ මියුන් ඔලුවවත් උස්සල බලන්නැතුව ඒක අතට ගනිද්දි....

" උට පිස්සු... " ගවීෂ් ආයේ කිව්වේ ෆෝන් එක සාක්කුවේ ඔබාගෙන මියුන්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා... එ මිනිහා ඒ පාර උණු වතුර එක අත් දෙකෙන් අල්ලගෙන ආයේ කල්පනාවක.... ගවීෂ් ටික වෙලාවක් බලාගෙන ඉදලා ආයේ ජනේලේන් පේන ලේක් සයිඩ් එක දිහා බැලුවේ මොනවා කියන්නද හිතාගන්න බැරුව.. මෙතන ලාවට ලාවට වගේ තියෙන ඔක්වර්ඩ් ගතිය එයාටත් නොතේරෙනවම නෙවේ... මොනා කරන්නද !! මිනිහාටත් පොඩි අමුතු ලැජ්ජවක් තියෙන්නෙ දැන් මියුන්ගේ මූණ බලලා කතා කරන්න...

"  මම අරවින්ද්ට කිව්ව.. මිනිහා ශේප් කරයි... " ගවීෂ් ආයේ කිව්වේ මියුන් ඔලුව වනද්දි.....

" අම්... මේ... ආපහු ගිහින් ඔයාගේ බෙහෙත් ටික ගන්නවද ? ගෙනාවනේ ??  " මියුන් ඒකටත් ඔලුව වැනුවෙ ගවීෂ්නුත් උටම ඔලුව වනාගනිද්දි..... සේරම සංඥා භාෂාවෙන්ද වෙන්නේ එතකොට ? කෝ මුගේ හොදට තිබ්බ කට... ??

"  ඕක බීපන්කෝ ඉතින් දැන්....." 

"....................."

" ඇයි උණු වැඩිද ? " ගවීෂ් ආයෙම ඇහුවේ මියුන් ඒක අත් දෙකේ තියන් අත රත් කරගන්නවා ඇරෙන්න බොන්න මෙලෝ අදහසක් නෑ වගේ පේන්න තිබ්බ නිසා... එයා ඉන්නේ ලොකු කල්පනාවක.....

" තිමෞර්ය.. " මියුන් අන්තිමේදී කතා කලේ , කෙලින්ම ගවීෂ් දිහා -- නෑ , මිනිහා කෙලින්ම මූණ දිහා බැලුවෙත් නෑ......

" කියපන්.. "

" මම හිතන්නැ මම සාමාන්‍යයි කියල... " මියුන් අදාළම නැති ප්‍රශ්නයක් අතඇරියේ , ගවීෂ් මුලින් ඇස් රෝල් කරලා , පස්සෙ නෝන්ඩියට හිනා වෙද්දි...

" ඔව් ඔව්... උබ ඇවිත් නිට්ටෑවෙක්..... " ගවීෂ් ආතල් එකටම හිනා වුනේ , මියුන්ගේ උරහිසට තට්ටුවක් දාලා....

" ඇයි උබට මං කියන දේ එක පාරක් සිරියස් අහන්න බැරි ? " මියුන් තදින් ඇහුවේ ගවිෂ් අමාරුවෙන් හිනාව කන්ට්‍රොල් කරගනිද්දි.... අම්මහ්... එක්කෙනෙක්ට ඩෝං ගිහින්....

" ඔව් මගේ නිට්ටෑ මාණික.... කියන්න ළමයෝ.... අනූ රූචි කුචියා..." ගවීෂ් කිව්වෙ මියුන්ව තව අවුස්සන ගමන්....  හරී-----යට කේන්ති යනවානේ එක්කෙනෙක්ට...

" මං කියන්නේ මං සාමාන්‍ය නැ.. ඒම නැත්තන් ඔයා සාමාන්‍ය නැ.... ඒ දෙකම නෙවෙයි නම් , මොකක්ම හරි සාමාන්‍ය  නෑ....!!  " 

" අඥඥඒ ! ඒමද ? ඔව්.. මම ගිනි පිඹින මකරෙක්.. ඔයා කතා කරන බූරුවෙක්.... හඣ්ජේ... හය් යය්යෝ .... අපි ගැළපෙන්නෑ නේද මගේ කන් දිග ළමයෝ....?? ." ගවීෂ් තාලෙට කිව්වෙ මියුන්ගේ මූණ තව රතු කරවලා....

" මං කියන දේ අහන්නකෝ!!"  මියුන් ඒ කේන්තියන් කෑගැහුවට මොකද මිනිහට ඇඩෙන්න ඔන්න මෙන්න.... කදුළුත් පිරිලා.. නෝට් කරලා තියාගන්න ඕනේ මොනා හරි සිරියස් දෙයක් කියද්දි ආතල් එකට ගත්තම මියුන්ට ඇඩෙන්න එනවා කියලා... හහා...මරු !!

" කියන්න කියන්න... " ගවීෂ් විහිළුව පැත්තකින් තියලා ඇහුවේ මියුන්ගේ නළලට අත තියන ගමන්....ඇගලා රස්නෙයි තවම....

" ඊයේ රෑ... ඔයාව ගොඩක් වෙව්ලන්න ගත්තා... මං හිතන් නෑ ඒක මතක තියෙන්න තරම් ඔයා සිහියෙන් ඉදියා කියලා..." මියුන් කිව්වේ ගවීෂ් නළල රැලි කරද්දි.... ඒම එකක් උනේ කොයි වෙලේද ?

" අහ්හ් සීතලට වෙන්නැති ?"

" නෑ මාත් හිතුවේ ඒම....... ඔයා අනන් මනන් කියවන්න කලින්... " මියුන් කිව්වේ , ගවීෂ් ඇස් ලොකු කරද්දි... මියුන්ගේ කටහඩ හිර වෙලා තියෙන විදියෙන් කියන්න පුළුවන් , ඊයේ රෑ මොකක් නමුත් හොදවයින් පිස්සුවක් කෙළලා තියෙන බව....

" බ්ලැන්කට් එකෙන් එතුවා හරි ගියේ නැ... කතා කලාට ඇහුන පාටක් තිබ්බෙත් නෑ..... ඒ මදිවට මාව අතෑරියෙත් නෑ.... " මියුන්ගේ කතා කරන වචනයක් ගානේ අත් වෙව්ලනවා බලන් ඉදපු ගවීෂ්, අතේ තිබ්බ ග්ලාස් එක එයාගේ අතට ගත්තේ එයා ඒක බිම දාගන්න කලින්...  ගවීෂ් තමුසේ එච්චරට මොනවද කලේ ?  මේ කොල්ලා බය වෙලානේ හොදටම ......

"  මාව ඉල්ලලා එච්චර අඩන්න එපා.. මම ඔයාගේ එහා පැත්තේමනේ ඉදියේ.. !!  " 

" එහ් ?.. "  ගවීෂ් මිමිණුවේ මොනව කියන්නද හිතාගන්න බැරුව....

" ඔව්.!!.. මම ඔයාගේ එහා පැත්තේමනේ ඉදියේ.... " මියුන් ආයේ රිපීට් කලේ , ගවීෂ් ග්ලාස් එක පැත්තකින් තියලා මියුන්ගේ කරට උඩින් අත දාගනිද්දි.... 

" මං කිව්වා මම ඔයාගේ ළගමයි ඉන්නේ කියල... ඒ..ත්... ඒත් ඔයාට ඇහුනේ නැ... " මියුන් මිමිණුවේ ගවීෂ් කොල්ලගේ පිටට තට්ටු කරද්දි.... එයා ටිකක් නොසන්සුන් වෙලා...

" මියුන් , අපිට සමහර වෙලාවට එහෙම වෙනවා, ඒක නෝමල්... උබ ඔය ඒක දැකපු ෆස්ට් ටයිම්... අරවින්ද්ටත් වෙනවා... ඔනෙ කෙනෙක්ට ඒක වෙනවා හරි ?? ඒක නෝමල්.... හරිද ? " ගවීෂ් පැහැදිලි කලේ , මියුන්ව සන්සුන් කරගන්න දිගටම පිටට තට්ටු කරන ගමන්.....

" මට හිතෙන්නෙ නැහැ... ඒක සාමන්‍යයි කියලා.... !

" අසාමාන්‍යයි නම් මම උබට නොකිය ඉන්නැනේ.... "

" උබ මට නොකියන දේවල් නැතුවත් නෙවේනේ තිමෞර්ය ? " මියුන් ආපස්සට ප්‍රශ්නෙන්ම දමලා ගැහුවේ ගවීෂ් තොල් තද කරගෙන මියුන්ගේ ඇස් මගඅරිද්දි.....

" මගේ ඔළුව රිදෙනවා..... " මියුන් තවදුරටත් අඩු නොවුන කේන්තියෙන් මිමිණුවේ එයාගේ නළල රැලි කරන ගමන්....  නිකන් නෙවේ, ඒ කටහඩේ තියෙන්නේ සෑහෙන වේදනාවක්.... සමහරවිට තමන් ගැනම කළකිරීමක්.... නැත්තන් හීන් නූලෙන් ඇදෙන කේන්තියක්...  ඒත් ගවීෂ් , එයාගේ ඔළුව අතගාපු විදියට එයා ඉක්මනින්ම සන්සුන් උනේ සුපුරුදු විදියට සන්සුන් ගතිය එයාගේ මූණෙන් මතු වෙද්දි...... මියුන්ගේ වේදනාව මොකක් නිසාද කියන්න ගවීෂ් නොදන්නවම නෙවේ... එයා දිගටම මියුන් නෝමල් වෙනකන් එයා දිහාම බලාගෙන ඉදියේ , සෑහෙන තරමක වරදකාරී හැගීමකින්....

" මියුන් මෙහ්...... උබට තව දෙයක් කියනද ? "

" ම්ම් ? "

"හැම තිස්සෙම සිරියස් වෙන්න හදන්න එපා... ඒක හරි පොඩි දෙයක්නේ ? හරිද ? "

" මම එහෙමද ? "

" නෑ ඉතින්... උබට වෙලා යන්නැද ඔච්චර දේවල් හිතන්න... හිතෙන දේ කියලා දානවා මිසක් ?  "  ගවීෂ් ඇහුවේ මියුන් ඒ සැරෙ ගවීෂ් දිහා ඔළුව උස්සලා බලද්දි....

" හිතෙන ඕනේ දෙයක් ඒම කිව්වම හරිද එතකොට ? " මියුන් ඇහුවේ ගවීෂ් සැහෙන වගකීමෙන් ඔළුව වනද්දි....

" ඕනෙම දෙයක් ? " මියුන් ආයේ ඇහුවේ ඌ හැරෙන්නේ මොකාටද කියලා හිතාගන්න බැරුව ගවීෂ් ඇස් හීනි කරද්දි.....

" ඔව් ඉතින් ඕනෙම දෙයක් ... " 

" හරි ඉතින් දෙයක් කල්පනා කරලා කියන්න උබට කොහොමත් ඔලුවක් නෑනේ !!!! " මියුන් එකපාරටම ගවීෂ්ගේ මූණ දිහා බලාගෙන කිව්වේ මිනිහාගේ කටත් ඇරෙද්දි....

" වේඝර්ණලාගේ ඔළුවල මැටිනේ... " මියුන් තවදුරටත් එකතු කලේ නෝන්ඩියට.... මූ යකෝඕඔ !!!!

" මම කිව්වේ හිතේ තියෙන දේවල් කියන්න කියල ??? "

"  ඒක තමයි කියන්නේ , උබ හරි මෝඩයි තිමෞර්ය !! "

" හහ් ????? එම්බල ගෙවලයා... !!! තෝ තමා මම පතාගෙන ආපු විසාලම මල කරුමේ !!!!"

" අඩුම වෙලාවකින් නාන අය මෙහෙම කියද්දි , හිත රිදෙනවාඅආආආ !!!!! " මියුන් කැගැහුවේ ගවීෂ් කට ඇර කරද්දි......

" බොල උට්ටෝඔ !!! උබ වගේ බූදලෙන් හතරෙන් එකක් යන්නෑ මට සුවද ගහන්න !!!! "

" ඒක තමයි මට නහය තියන් ඉන්න බැරි !!! "

" අනේ හා !!! නහය තියන් ඉන්න බැරි නිසා තමයි ඊයේ රෑ අච්චර සුවද බැලුවේ !!"

" උබට එච්චර දෙයක් මතක තිබ්බද , මම හිතුවේ මගේ නම විතරයි මතක තිබ්බේ කියල ඊයේ රෑ ඒක මතුරපු විදියට !!! " 

" ඕයි ෆක් !!!  ඉමෝශනල් ඩැමේජ් ඒක නම් !!  " 

" මියූඌඌඌඌඋන් .... මියූඌඋන්... ෆක්.. මූව් ඉන් !! හෝල්ඩ් මී.... මියූන්... ප්ලිස්... මියූඌඌන්....අම් ... තව නම් බෑආආඅ , ඒත් මූව් ඉන්.... මියූඌඌන්.... " මියුන් කෑගැහුවේ ගවීෂ්ගේන් උරහිසට වැදුන පාරට හිනා වෙවි....

" අහ්හ්හ්හ්ජ් මට මූව එපා සුදු මාමේඒඒඒ !!!" ගවීෂ් හිනා වෙවීම කෑගැහුවේ මියුන්ට ආයේ පාරක් ගහන ගමන්...

" මියූන්....... හෝල්ඩ්---මී...... මි-"  ඌ තාම ඉවර කරලා නැ....

" උබ කියල වෙනමද යකෝ....!!! තිමෞර්ය . කෝ නැගිටින්න.. දැන් ඇති තිමෞර්ය ...  බ්ලාහ් බ්ලාහ්.. තිමෞර්ය ... ස්ලො ඩවුන් !!! අහ් පෆ්   ස්ලෝ....ඩවුම්න්....පෆ්!!....."

" තිමෞර්ය !!!!! "

" මිනිහෝ අපි මේ නොන්ඩි කරගන්නේ අපි දෙන්නවම !!! "

" තේරෙනව ඒත්.... කමක් නෑ.... මොකද තමුසේගේ පස්ස මරු !!! "

" මියූඌඌඌඌඋන්  !!! "

" ඉතින් උබනේ කිව්වේ හිතෙන දේවල් කල්පනා නොකර කියන්න කියලා... තව තියෙනවා... වේස්‍ට් කර්ව් එකට මම ආසම.... ආයෙ මේ දැන් අල්ලන්න හිතෙනවා....  "

" අතක් හරි තිබ්බොත් ගෞරවයෙන් බුදුසරණයි කියලා තියාගනින් උබේ.......ඔව් ඒකට !!  " ගවීෂ් වොන් කලේ මියුන් වෝනින් එක බණ වගෙ අහන් ඉදලාම ගවීෂ්ගේ ඉණෙන් අල්ලගනිද්දි.....

" හැමියන් ඕයී......!! "

" අපොයි තිමෞර්ය ආයේ පාරක් ?? "

" මිනිහෝඕඔ !!! "

" බලන් ගියාම මෙතුල මාමත් ,මේ බෝ පැළයක් කියල මම කර ගහලා තියෙන්නේ කහඹිලියා පැලයක් !! ගැවුනොත් ඇත්තන් අසහනේ !!"

" පාහරයා තෝ මටද ඔය කියන්නේ ??  මම මෙතන වැඩිමල් යකෝඕඕඕ "

" මම අය්යලට තමා ආස !! "

" දෙය්යනේ ඇතීඊඊඊඊ !!!  "

" ඉතින් හිතේ තියෙන දේනේ කියන්නේ... මම ආස අය්යලට....අය්යල හරි සෝක්....අය්යලා හරි හුරතල්... අය්යලා හරි පණ්ඩිතයි... අය්යලගේ කටත් වැඩියි..... ඇන්ඩ් අය්යලා ඕල්සො සෝ ගුඩ් , ඉන් ද බෙඩ් !! නේද අය්යාහ්හ් ම්ම් ?"

" බෝ පැලේ වගේ ඉදියට සතා මොකාද කියලා දැන් දැන් මටත් තේරෙනවා.."

" ටිලිං ටිලිං ටොන්.... පොයින්....පොයින්ං.... සලබලාස්ස්ස් චුස් !!!!! අන්න අන්න !! ඇහුණද ඇහුණද.... ඒ බිම වැටිලා කැඩුනේ මගේ පෙම් සිත තිමෞර්ය !!!...."

" තොට අමුකැවිලද මිනිහො !!! ඇති ඇති.... !!  "

"  ඇයි මේ රුදු වදන් තිමෞර්ය ... මාගෙ එකම සිත පොයින්ග් පොයින්ග් සලබලාස්ස්ස් චුස් ,හඩින් බිම වැටී ගිය පසුවද.... ඔබේ මේ මුවින් නික්මෙන වදනින් මා සන්තාපයට පත් කරමින් ඔබ අපේක්ෂා ---"  මියුන්ගේ හැල්ලට ගවීෂ් ඔලුව අත් දෙක අස්සේ ගහගත්තේ තව නම් අඩන්නද හිනාවෙන්නද හිතාගන්න බැරුව.... ට්‍රැක පැනලා හොදටම.....

" සොදුර පශ්චාත්තාපය ඇති කරන හිරි ඔතප් බවින් නුඹ මේ වත කමල සගවන්නේ.. කිමද..... "

" ඇති ඇති !!! දැන් මට තේරෙනව තමුසෙ කට පියන් ඉන්න තරමට තමා හොද !! "

" සිතක් කෙලෙසද මේඒඒ තරම්.. වේදනාවන් විදින්නේ අහෝඕඕඔ !!!  "

" මියුන් ආඝර්ව ආශාක්‍යසිංහ!!!! "

" ඉතින් පවසන්න රත්තරනේඒඒඑ...... "

"  ඇති යකො ඇති... !!! බඩත් රිදෙනවා මගේ......!! ! .

" අය්යා බබා .... ඊයේ ඔයා මාව පිස්සෙක් කලා හලොව්...."

" මියුන් මට බෑ .. සිරියස් වෙයන්.... සිරියස් වෙයන් .... දෙය්යනේ එහෙම දාහෙන් සම්පතක් !!!! "

" අය්යලගේ දාංගලේට කොල්ලා මනමාලයි......
අය්යා කියන අකුරු තුනට මම හාරි ආසයි....
වැස්ස දාට සීතලේට අය්යා දගකාරයි....
නැනේ තට්ටු කරලා මට්ටු උනේ අය්යා තාම බාලයි..."

"  ගොනෝඕඕඕ !! ඔය ඇතිඊඊඊඊ....." ගවීෂ් කැගැහුවේ හිනාවෙලාම ඇස්වලින් කදුළුත් පනිද්දි..... කොහෙද මියුන් තාම නවත්තලා නෑ....

"පැද්දට ට්‍රැක්ටර්.... මමත් හොද ඇක්ටර්...
විසි එකේ තමයි අය්යේ මල්ලි මරු බැට්ස්මන්...."

"  ඇතීඊඊඊඊඊඊඊ !!! ඕයි මෙච්චර හිනාවෙන්න බයයි මට !! " ගවීෂ් ඒ සැරේ කිව්වේ සිරියස් කියලා තේරුණ මියුන් ආයේ නෝමල් විදියට වාඩිඋනේ , ගවීෂ් හිනා වෙලාම පණ නැතිව කොල්ලගේ ඇග උඩටම සැහැල්ලුවෙන් කඩන් වැටෙද්දි......

" මට මෙච්චර හිනා වෙන්න බයයි... " ගවීෂ් ආයේ හිනා වෙවීම මිමිණුවේ ආයෙමත් සිරියස් වෙලා තිබ්බ මියුන් දිහා බලාගෙන... ඒත් ඒ මූණෙ හිනාවක් තියෙනවා.... ඒ කොහොමටවත් මියුන්ගේ නෝමල් විදිය නෙවේ කියන්න ගවීෂ් හොදටම දන්නව... ඒත් බොල බඩත් රිදෙනවා අච්චර ඩිග්නිටි එකක් තියන් පට්ට සිරියස් කතා කරන එකා ඉදල හිටල හරි එයාව හිනස්සන්නම පිස්සු නටන්න ගත්තම... ඊටත් වඩා බදාගෙන ඉඹින්න තරම් ලෝබ හිතෙනවා.... දැනටත් ගවීෂ් මේ වලහා වගේ අත් දෙකත් දාන් ඉන්නේ මියුන්ගේ ඇග උඩ....

" කො උබත් එහෙනන් හිතෙන සේරම කියලා දාපන්....."

" උබ තරහා වෙන්න එපා මම බෙදාගන්න කැමති මගෙ සතුට විතරයි ... ඒත් මේ වෙලේ ඒකවත් උබ එක්ක බෙදාගන්න බෑ... මොකද ඒකේත් තනි අයිතිය උබ ගාව... උබ ගාව විතරයි ....." ගවීෂ් කිව්වේ යන්තන් ඔළුව මියුන් දිහා බලලා....

"ම්ම්... ඒකට සතුටු වෙන්න ඕනෙද නැද්ද කියලා මට හිතාගන්න බෑ තිමෞර්ය .. " මියුන් කල්පනාවෙන්ම මිමිණුවේ සිවිලිම දිහා බලාගෙන....

"ඇයි ? "

" සතුට සම්පූර්ණයෙන් තියෙන්නේ මං ගාව නම්, ඒකේ තේරුම උබට උබ ගැන සතුටු වෙන්නත් බෑ කියන එක.... ඉතින් ඒ ගැන මම සතුටු වෙන්න ඕනෙද ? ම්ම් ? " මියුන් අහපු විදියට ගවීෂ් හිනා උනේ , මියුන්ගේ අතත් යන්තමින් හපන ගමන්.... පුරුද්දට ගිහින්ද මන්ද දැන්මම...

" මගේ සතුට උබෙ සතුට යැයි යැයි.... නිකන් පැහෙන්නැතුව ඉදපන් බං.......අඩෝ මේ.... අරවින්ද් කෝල් කරනවා ආයේ ... "ගවීෂ් කිව්වේ මියුන්ගේ ඇග උඩින් අයින් වෙලා ...  අරවින්ද් ආයේ මොකද දන්නැ ? ... කොහේ කොහේ වලියක්ද දන්නැ...

" මෙහ්හ්..... " අරවින්ද් කැගැහුවේ පුදුම තරම් සතුටකින්.....හෆ්ෆට සිරි මේ මක්කද මේන්???  ඒ පාර නම් සාධාරණ බයක් එනවා... අර වහන්තරාවට කර ගහලවත්ද ???

" තමුසේ මාර කරුමයක් ඕයි.. මොකද මේ ? " ගවීෂ් ඇහුවේත් කලබලේ හංගගෙන...

"  උබ විශ්වාස කරන එකකුත් නෑ , මම අරක හොයාගත්තා !!! " 

.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි -



A/N

#ඇත්තමයි අන්තිම චැප් සේරම මට හරිම විකාරයි වගේ.. මෙලෝ කන්ෆිඩන්ට් එකක් නැ පබ්ලිශ් කරන්නවත්..😕 

#භාතිය ආශාක්‍යසිංහගේ චරිතෙන් ආවේ character disappointment කියන එකනෙ... තව චරිත දෙකකින් එහෙම එන්න පුළුවන් ,  මට ඒකෙන් ඕනෙ ඇත්තටම එයාලගේ අඩුපාඩුත් රීඩර්ස්ලාට දෙන්න.. සහ , කතාවල විලන්ව ගොඩක් සාධාරණීකරණය වෙනව... ඕනෙම කතාවක විලන් පව් කියලා හිතෙන එක පොයින්ට් එකක් හරි එනවා..   ඉතින් ඒකේ ආපස්සට ආදරණීය චරිතයක් උනත් එපා වෙන තැනක් පොතක තියෙන්න ඕනේ නේද ? Character disappointment ගැන වෝන් කලා එහෙනම්. ඒ වගේම ලියන්න ඉන්න ප්ලොට් එක වෙනස් වෙන්නෑ මොන හේතුවකටවත්.. ❤️

මොනා උනත් !!!

" අය්යලාගේ දාංගලේට කොල්ලෝ මනමාලයි හුම් !! "

බල්බ්. 💚😎

Pokračovať v čítaní

You'll Also Like

3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
332 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....