THE RING 🍃✔️

Galing kay TaeTaeGirl29

3.8K 455 83

මිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට... Higit pa

CHAPTER 01~
CHAPTER 02~
CHAPTER 03~
CHAPTER 05~
CHAPTER 04~
CHAPTER 06~
CHAPTER 07~
CHAPTER 08 ~
CHAPTER 09 ~
CHAPTER 10~
CHAPTER 11~
CHAPTER 12~
CHAPTER 13 ~
CHAPTER 15 ~
CHAPTER 16 ~
CHAPTER 17 ~
CHAPTER 18 ~ END ♡
New story

CHAPTER 14 ~

318 26 12
Galing kay TaeTaeGirl29

මිනා ෆොන් එකට අවදානය දිලා තියෙද්දී Taehyung, සෝහොන්, මම්, මිස්ටර් ලී හිටියේ ලොකු කතාවක. ජන්කුක් හවස් වෙනකම්ම මිනා එක්ක ඉදලා යන්නෙ ගියේ මිනාට එපා වෙද්දි.

" මිනා මං හිතන්නේ ඔයා දැන් නිකන් හිටියා ඇති  company එකෙ වැඩ බාර ගත්තොත් හොඳයි. "

මිස්ටර් ලී කිව්වාම මිනා ඇස් කරකවලා අහක බලා ගත්තා.

" බේබි එක ඇත්ත දැන්.... "

" මම් මං එක සැරයකුත් කිව්වා මට මේ දෙවල් වලින් වැඩක් නෑ. "

" මිනා ඒත්... "

" කටවහ ගන්න මම්. මම එකපාරකුත් කිව්වා මට මේ දෙවල් ඕනෙ නෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මං මෙච්චර කල් ඔයා කියන කියන දෙවල් කරානෙ. එවා මදිද. "

" මිනා !! "

මිස්ටර් ලී මිනාගේ නම සද්දෙන් කෑ ගැහුවාම මිනා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කටකොනින් හිනා වෙන ගමන්.

" මං ඔයා කියාගේ කිමට සින්ගප්පු ගියා. මං නිකමටවත් ඇහුවද ඇයි ඔයා එහෙම කරේ කියලා. දන්නවද ඒ සින්ගප්පු ගමන නිසා මට මගේ ජිවිතේ කියක් දෙවල් නැති වුණාද කියලා. මං ඒ හැමදෙකටම පස්සෙ එහෙ කිසිම කෙනෙක් නැතුව තනියම අවුරුද්දක් ජිවත් වුණා. ඔයාට තෙරෙන් නෑ මම්. ඔයා පුංචි කාලේ ඉදලා මට වඩා සෝහොන් ගෙන හොයලා බැලුවා. අඩුම. අඩුම ඔයාට මතකද මම් මගේ birthday ඒකවත්. ඔයාට මං වෙනුවෙන් කාලේ වෙන් කරන්න බැරි වුණාට ඔයා හැමදාම සෝහොන් වෙනුවෙන් කාලේ වෙන් කෙරුවා. අඩුම ඔයා දෙවෙනි පාරට මැරි කරද්දිවත් මං මුකුත් කිව්වේ නෑ. මං ඔයාගේ සතුට වෙනුවෙන් ඒ දෙවල් දිහා බලන් හිටියා. ඔයා මගේ මම් වුණාට ඔයා මං ගෙන කිසිම දෙයක් දන් නෑ. දන්නවද ඔයාට වඩා දෙවල් අපේ ගෙදර වැඩ කරන සෙවන් මං ගෙන දන්නවා. මං පුංචි කාලේ ඉදලා ඔයා කියපු කිසි දේකට බෑ කියලා තියෙනවද මම්.. නෑ නේද. ඇයි.. ඇයි මට මෙහෙම කරන්නේ. මට බෑ තවත් ඔයා කියන දේවල් කරන්න. සෝහොන් සෝහොන් සෝහොන්. පොඩි කාලේ ඉදලා තමුන්ට වටින එකම දේ වුණේ මේ කිසිම වැඩකට නැති ගෑණිව. මං තමුන්ගෙ ළමයෙක් නෙමේද මිසිස් ලී.. "

Slap 👋..

මිනා කෑ ගහලා ඇහුවාම මිස්ටර් ලී මිනාගේ කනට ගැහුවේ Taehyung ඉස්සරහට එද්දි. මම් කදුළු පිරුණු ඇස්වලින් මිනා දිහා බලන් හිටියා.

" හහ් ඔයාගේ මහලොකු husband මට කනට ගහනකම් බලන් ඉන්න තරම් මාව ඔයාට වටින් නැද්ද. "

මිනා එකින් එක ඇස්වලට උනන කදුළු එක්ක මම් දිහා බලන් ඉදලා උඩට යන්න ගියේ Taehyung මේච්චර වෙලා තද කරන් අල්ලන් හිටපු මිස්ටර් ලීගේ අත අත අරිද්දී.

" මිනාගේ මම් ඉද්දි එයාට අත උස්සන්න ඔයාට කිසිම අයිතියක් නෑ. නොකිව්වට ඔයා හොඳටම දන්නවා මිනා කියටවත් ඔයාව ඩැඩ් විදිහට පිලි ගන් නෑ කියලා. "

" මම්.. "

මම්ගෙ ඇස්වලින් කදුළු ගලන් යද්දි සෝහොන් මම්ව පපුවට තුරුල් කර ගත්තා. Taehyung ලොකු හුස්මක් පහත දලා උඩට යන්න ගියේ. මිසිස් ලීගේ සිහියේ හිටපු කිසි කෙනෙක් Taehyung උඩට යනවා නොදකිද්දි.




































Taehyung මිනාගේ රූම් එක ඇතුලට ඇවිදන් යද්දි බැල්කනි එකෙ දොර ඇරිලා තිබුණේ Taehyung බැල්කනි එකට ඇවිදන් යද්දි. බැල්කනි එකෙ වාඩි වෙලා අඩන මිනා දැකලා Taehyung නිහඩව මිනා ළගට ඇවිදන් ගිහින් වඩි වුණා. මිනා Taehyungගේ උරහිස උඩින් ඔලුව තියා ගත්තේ Taehyung ගැස්සිලා යද්දි.

" I miss you Taehyung "

අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මිනාට ඕනෙ අහන් ඉන්න කෙනෙක්. Taehyung සද්ද නොකර මිනා කතා කරන දෙවල් අහගෙන හිටියා.

" ඇයි හැමොටම මාව නපුරු දුෂ්ට ගෑණු ළමයෙක් වුණේ Taehyung. මට පාළුයි Taehyung. මට මහන්සියි.. මට මේ දෙවල් ඇති වෙලා. Please අහපවු මං ළගට එන්න. "

මිනා තද කරලා Taehyungව බදා ගත්තා. සිතල හුලං හමාගෙන යන සද්දෙට අමතරව Taehyung මිනා දෙන්නගේ හයියෙන් ගැහෙන හදවත්වල සද්දෙ දෙන්නාටම ඇහුනා.

" අහපවු මං ළගට එන්න Taehyung.. "

" අපිට පුලුවන් මිනා යාලුවෝ වගේ ඉන්න."

" ඇයි මාව අමතක කරේ.  සෝහොන් මට වඩා හොඳ වුණේ කොහොමද Taehyung.."

" මේ කිසි දේකට සෝහොන් වැරදි නෑ මිනා. මං මෙච්චර කල් හෙව්වේ සෝහොන් වගේ ගෑණු ළමයෙක්. එයාට තියෙන්නේ  අහිංසක හදවතක් මිනා. "

" එහෙනම් ඇයි... ඇයි.. මට ආදරේ කරේ. ඇයි මට මෙච්චර ලං වුණේ. "

" සමාවෙන්න මිනා එක වැරදිමක් විතරයි. මාව අමතක කරලා දාන්න. "

වැරදිමක්.. මිනා කියන්නේ Taehyungගේ ජිවිතේ වැරදිමක් විතරද?

" සෝහොන්ගේ අහිංසකම ලාමක හදවත නිසාද ඔයා මාව අත ඇරියේ Taehyung. "

Taehyung කිසි දෙයක් නොකියා මිනා දිහා බලන් හිටියා. මිනා ලාවට හිනා වෙලා ලොකු හුස්මක් පහත දැම්මා.

" මෙතනින් යන්න Taehyung.. "

" මිනා.. "

" මං හොදින් please මෙතනින් යන්න. "

මිනා ඉස්සරහා බලන් කතා කරාම Taehyung හුස්මක් පහත දලා රූම් එකෙන් එලියට ගියා.

" හහ් "

මිනාගේ කටින් නිකම්ම හිනාවක් පැන්නා. ඒත් ඒ ඇස්වල කදුළු පිරෙන්න විනාඩියක්වත් ගත වුණේ නෑ.

" Taehyung ඇයි ඒ... සෝහොන්ට තියෙන්නෙ අහිංසක හදවතක් වුණාට මට තියෙන්නේ දුර්වල හදවතක් Taehyung...~"

මිනා කෑ ගහලා ඇඩුවා. Taehyung දලා ගිය පලවෙනි දවසටත් වැඩිය මිනා කෑ ගහලා ඇඩුවා. මිනා ගොඩක් වෙලා සිතලට ගුලි වෙලා ඇඩුවා. හිතෙ වේදනාව අඩු වෙනකම්. පපුවට මහන්සියක් දැනෙනකම්, ඇස්වලට මහන්සියක් දැනෙනකම් කෑ ගහලා ඇඩුවා.






















සති දෙකක් ගෙවිලා ගියා. මිනාගේ මම් මිනා එක්ක මේ සති දෙකේ සෝහොන්ගෙ ගෙදර නතර වෙලා හිටියේ මිනාගෙ අකමැත්ත එක්ක. මම් මිනා එක්ක කොච්චර කතා කරන්න හැදුවත් මිනා හිතලාම මම්ව මඟ ඇරියා. මේ සති දෙක පුරාම මිනා Taehyung , සෝහොන්, මම් කියලා කෙනෙක් නැති ගානට ජිවත් වුණා.  ඒත් මිනාගේ මාලානික ශරිරය රතු වුණ ඇස් දකින හැමපාරම ජන්කුක්ගේ හදවත ගොඩක් රිද්දුවා.

Taehyungට අද ඔෆිස් නිවාඩු දවසක් නිසා Taehyung වගේම මම් හිටියේ ලිවින් රූම් එකේ වාඩි වෙලා.

" Ohh god Taehyung... "

සෝහොන් උඩ ඉදලා සතුටින් කෑ ගහගෙන පහලට දුවගෙන එනවා දැකලා Taehyung මම් දෙන්නාම බය වුණා.

" ලව් මොකද මේ... "

" සෝහොන් ළමයෝ මොකද මේ.... "

" Taehyung.... I'm pregnant... "

Taehyung ගත්ත හුස්ම පහත දාන් නැතුව සෝහොන් දිහා බලන් හිටියා. සෝහොන් තොල කොනක් හපන් හිනාවෙලා ඔලුව උඩ පහල කරා.

" සෝහොන්.... මම ඩැඩ් කෙනෙක් වෙන්න යන්නෙ ඒ කියන්නේ.. "

Taehyung හිතන්නවත් වෙලාවක් නොදි සෝහොන්ව අත් අතරට ගත්තෙ මිනාගේ මම් සතුටින් හිනාවෙද්දි.

දඩස්...

" මිනා...."

" බේබි... "

මේ හැමදේම දිහා ඉවසිමෙන් බලාගෙන හිටපු මිනාගේ පියපි සිහිය නැත්තටම නැති වෙලා තිබුණා... Taehyung අත් අතර ඉන්න සෝහොන්ව අත ඇරලා මිනා ළගට දුවගෙන ගියා. මිනාගේ ඔලුව ටයිල් පොළවේ වැදිලා ලේ ගලමින් තිබ්බා. මිනාගේ ඇස් ළවට පියවිගෙන ගියා.




























ICU එක ඉස්සරා Taehyung ලේ ගෑවුණ ඇදුම පිටින් ඉදගෙන හිටියා. සෝහොන් මම්ව තුරුල් කරගෙන ICU එකෙ දොර දිහා බලාගෙන හිටියා. Taehyung දන් නෑ මොනාද වුණේ කියලා. Doctor ඇයි මිනා මේ වගේ තාත්වේක ඉද්දි පරිස්සම් කරේ නැත්තෙ කියලා කෑ ගහපු එක ගෙන කිසිම තෙරුමක් Taehyungට තිබුණේ නෑ. පැය ගානකට පස්සේ Doctor ICUඑකෙන් එළියට අවාම Taehyung ඉදගෙන හිටපු තැනින් ඉබේම නැගිට්ටා.

" මිනාගේ භාරකරයා ඇවිත් මාව හම්බවෙන්න. "

Taehyung මම් දිහා බලලා Doctor පස්සෙන් යන්න ගියේ මම් දැන් ඉන්නේ හොඳ සිහියෙන් නෙමේ කියලා හොඳටම දන්න නිසා.

" මිස්ටර්.. "

" මම kim Taehyung.. මිනාගේ boyfriend.."

" එතකොට මිනා එක්ක හැමදාම Hospital අවා කෙනා කවුද. "

Taehyung කටට ආවා බොරුව ඕහෙ කියලා දැම්මා.

" ඕකෙ එකෙන් වැඩක් නෑ. මං හිතන්නේ මිස්ටර් දන්නවා ඇති මිනා ඉන්න තාත්වේ."

" මට පැහැදිලි නෑ Doctor... "

Doctor හුස්මක් පහත දලා Taehyung දිහා බැලුවා.

" මිනා ඉන්නේ හොඳ මනසික මට්ටමක නෙමේ. මිස්ටර් ජන්කුක් මාව හම්බවෙන්න එනකොට මිනා හිටියේ හොඳටම මනසිකව වැටිලා. එයා හොදින් ඉන්නවා කියලා පෙනුනට එක එහෙම නෑ. එයාගේ හදවත ගොඩක් දුර්වල එකක්. එයාට කිසි දෙයක් දරා ගන්න බෑ. එයා ඉන්නෙ ලොකු පිඩනයකින්. මිස්ටර් විශ්වාස කරනවානම් මිනා කිහිප සැරයක්ම ජිවිතේ නැති කර ගන්න උත්සහා කරා. "

"Doctor... "

Taehyungගේ කටහඩ ඕනාවට වේවුලුවා. Doctor දිගටම Taehyung එක්ක කතා කරා. Taehyungගේ ඇස් වලින් කදුළු බිංදුවක් ගලන් ගියා.

" එයා මේ ඇති වෙලා තියෙන කම්පනේ එක්ක එයාගේ memory එකෙන් භාගයක් විතර අමතක කරලා දලා. සමහරවිට ඒ මතකය ආය එයාට ලැබෙන එකක් නැති වෙන්නත් පුළුවන්. එයා මේ ඉන්න තාත්වේ ගොඩක් අවදානම්.  එයාට කිසි දෙයක් බලෙන් මතක් කරන්න යන්න එපා. සමහරවිට එකෙන් එයාගේ ජිවිතේට හානියක් වෙන්න පුළුවන්. "

" Doctor.. "

එකපාරට ජන්කුක් රූම් එක ඇතුලට අවාම doctorගේ අවදානය ජන්කුක්ට ලැබුණා.

" මගේ මිනා... මගේ මිනාට කොහොමද.. "

" මං ඔයාව කලින් දැනුවත් කරා Mr Jeon. මිනාව මිට වඩා පරිස්සම් කරන්න තිබුණා. "

Taehyungව දැකලා ජන්කුක් Taehyung වගට ඇවිදන් ගිහින් Taehyungගේ ශර්ට් එකෙන් ඇදලා අල්ල ගත්තා.

" උබ.. උබ නිසයි මේ සේරම.. මං උබව මරනවා Taehyung.. මිනාට මෙහෙම වෙන්න හේතුව උබයි. "

" ඔයාලාගේ ප්‍රශ්න මෙතනින් එළියේ බලා ගන්න. ඒ වගේම මතක තියා ගන්න මිනාට අවුරුදු පහක සිද්ධ වුණ දෙවල් අමතකයි. ඔයාලා එයා ඉස්සරහා හැසිරෙන්න ඕන විදිහ දන්නවා නේ. එයාට බලෙන් කිසි දෙයක් මතක් කරන්න එපා. "

ජන්කුක් Taehyungව අත ඇරලා මිටි මොලවලා බිත්තියට පාරක් ගැහුවා. අවුරුදු පහක්. ඒ අවුරුදු පහක් වෙද්දි Taehyung කියලා කෙනෙක් මිනාගේ ජිවිතේ හිටියේ නෑ. Taehyungට දැනුනේ Taehyungගේ මුලු ඇගම වේවුලනවා වගේ හැඟීමක්.













මිනාට මේ වෙද්දි සිහිය ඇවිත් තිබුණා වගේම. Taehyung , ජන්කුක්, මම් සෝහොන් හිටියේ මිනාගේ රූම් එක ඇතුලේ.

" මම්... "

" බේබි.. "

මිසිස් ලීට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා. මිනා මේ හැමදේම හංගගෙන ජිවත් වුණේ කොහොමද. අදටත් Taehyung මිනාගේ සම්බන්ධේ මම්ට රහසක්.

" මම ඇයි.. "

" ශ්ශ් කතා කරන්න එපා. එක පොඩි accident එකක් බේබි. Doctor ඔයාව දැනුවත් කරා නේ. අපි ඒ විදිහට වැඩ කරමු. "

මම් හරි ආදරණියව කතා කරලා මිනාගේ ඔලුව අත ගෑවා මිනා ලවට හිනාවෙලා Taehyung දිහා බැලුවා. Taehyungගේ හැගිම් ගොඩක් ලියවිලා තියෙන ඇස් දිහා මිනා බලන් හිටියා..

" මම් මේ කවුද.. "

" බේබි මම... "

Taehyungට මිනාව බදාගෙන අඩන්න ඕන වුනත් මේ එකට වෙලාව නෙමේ. Taehyungගේ ඇඟ ඇතුලේ අමුතු සිතලක් Taehyungට දැනුනා. ජන්කුක් Taehyungව නතර කරාම Taehyung තොල කොනක් හපාගෙන ඇඩුම නතර කර ගන්න උත්සාහ කරා. කොහොමද.. කොහොමද මිනා මේ හැමදෙයක්ම අමතක කරලා දැම්මේ.. Taehyung අඩුම මිනාගේ මතකයක් විදිහටවත් ළග රැදෙන එකක් නැද්ද.

" මේ Taehyung බේබි. සෝහොන්ගේ husband... "

Taehyungගේ හදවතට පිහියෙන් අයිනවා වගේ වේදනාවක් Taehyungට දැනුනා. Taehyungට ඕන වුණා .. බේබි මම ඔයාගෙ Taehyung සෝහොන්ගෙ නෙමේ කියන්න. ඒත් ඇයි... මිනාව අත ඇරපු වෙලාවේ වත් දැනුනේ නැති වේදනාවක් Taehyungට දැන් දැනෙමින් තිබුණා. දැන් මෙහෙමනම් ඉස්සරහට Taehyung මේ දෙවල් කොහොම දරා ගනිද මිනාගේ බැල්මත් ආගන්තුක එකක් වෙද්දි !



<>

හේ හේ දැන් මරු නේ කතාව  🌝😪💅


සෝහොන්ගෙ හබී පිස්සු නටන්න යන්නෙ දැන් 😌

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

2.6K 373 25
කවුද මේ...ඔයාගේ නංගි ද... නැහැ අනේ මම මෙයාගෙ නංගි නෙමි මම මෙයාගෙ girlfrend මොකක්...🙂 කියවලම බලන්න...
12.4K 3.3K 34
Travel to past 2 නිදහස සොයා යන ගමනක්.... ඔහු සොයන ඔහුගේ නිදහස ඔහුට හමුවේවිද ? නැත්නම් එය හුදෙක් මිරිගුවක් බවටම පත් වී ටික කලෙකින් අතුරුදහන් වී යාවිද...
23.4K 4.7K 16
කැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බ...
2.9K 778 15
භූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්