CHAPTER 03~

161 24 0
                                    

" ඕහ් එහෙම හොඳයි.. එහෙනම් හවස හම්බෙමු. ඕකේ බායි. "

මිනා ෆොන් එකත් කනේ ගහගෙන පහලට ආවේ Taehyung සෝෆා එකේ ඉදගෙන TV බලද්දි. අද Taehyungට නිවාඩු දවසක්.

" ඕහ් Good morning මිනා "

සෝහොන් තුන්දෙනාටම කොෆි හදාගෙන ආවේ මිනා Taehyung ඉස්සරා වාඩි වෙද්දි.

" Good morning"

" අද Taehyung ටත් නිවාඩු එකේ අපි තුන්දෙනාටම පුලුවන් ඇවිදින්න යන්න. "

සෝහොන් Taehyung අතට කොෆි එක දිලා Taehyungගේ එහා පැත්තේ ඉද ගත්තා. මිනා Taehyungගේ අතේ තියෙන කොෆි එක දිහා බලන් කටකොනින් හිනා වුණා.

" ඕහ් ඔව් එක හොඳ අදහසක්."

මිනා කිව්වාම සෝහොන් මිනා එක්ක ලස්සනට හිනා වුණා.

Taehyungගේ තියුණු ඇස් නතර වෙලා තිබුණේ තමන් ඉස්සරහා ඉන්න මිනා ළඟ. Taehyung මිනාගේ ඇස් දිහා බලාගෙන කොෆි උගුරක් බිව්වේ මිනා කටකොනින් හිනා වෙද්දි.

" හබි..? "

Taehyung තමන් බිපු කොෆි එක සෝහොන්ට දික් කරේ සෝහොන් ලැජ්ජාවෙන් Taehyung අතින් කොෆි උගුරක් බොද්දි. මිනා ඇස්වලට උනන කදුළු එක්ක හිනා වෙලා බිම බලා ගත්තේ ආපිටට Taehyung කටකොනින් හිනා වෙද්දි.

" මං හිතුවේ මිස්ටර් කිම් කොෆි වලට කැමති නෑ කියලා. මං කිව්වේ මං දන්න මිස්ටර් කිම් කොෆි වලට කැමති නෑ. "

මිනා අය පාරක් කට කොනින් හිනා වෙලා කිව්වේ සෝහොන් නළල රැලි කර ගද්දි. සෝහොන් දන් නෑ Taehyung කොෆි බොන්න අකමැති බව. සෝහොන් හොඳටම දන්නවා මිනා කොෆි වලට ගොඩක් කැමති බව.

" හබි ඔයා කොෆි වලට කැමති නෑ කියලා මං දැනගෙන හිටියේ නෑ.. මට සමාවෙන්න මම ඔයාට.. "

" නෑ ලව් මං ඔයාගේ අතින් හදන කොෆි වලට ගොඩක් කැමතියි. ඇත්තටම කිව්වොත් මං කොෆි වලට මේච්චර කැමති වෙන්න හේතුව ඔයා."

Taehyung මිනාගේ ඇස් දිහා බලන් කිව්වේ සෝහොන් මුණ රතු කරන් Taehyungට තුරුල් වෙද්දි.

THE RING 🍃✔️Where stories live. Discover now