මිනා Hospital එකෙන් එළියට ඇවිත් ටැක්සි එකකට නැග්ගෙ කිසිම සිහිනයකින් නෙමේ. මිනාගේ ඇස්වල කදුළු පිරිලා තිබුණා. කලින් හිටපු තත්වෙන් මිනා ගොඩ ඇවිත් තිබුණත් ආයෙත් අයෙත් ඒ තැනට වැටෙන්න මිනාට ඕනෙ වුණේ නෑ. මොන දේ සිද්ධ වුණත් Taehyungට ආදරෙ කරන එක Taehyung නැතුව කිසි දෙයක් කර ගන්න බැරි එක ගෙන මිනා හිටියේ තමන් ගෙනම කලකිරිමෙන්. මිනා Taehyungව අමතක කරන්න උත්සාහ කරන විදිහ ගෙන මිනා විතරයි දන්නෙ. ආයෙත් Taehyung තමන්ව දලා ගිය මුල් කාලේ වගේ තාත්තවයකට මිනාට වැටෙන්න ඕන වුණේ නෑ.
" හලෝ ජන්කුක් "
" මිනා කොහෙද ඔයා ඉන්නේ ඇයි කොල් අන්සර් කරන් නැත්තෙ. "
" මං hospital එකෙ ඉදලා එන ගමන්. "
මිනා පිටට එන්න දගලන ඉකිය නවත්ත ගන්න තොල් තද කරලා හපා ගත්තා.
" මිනා ඔයා හොදින් නේ..
" ඇයි හදිසියේ hospital ගියේ, ආශ් ඉන්න මං දැන්ම Taehyung ලාගේ ගෙදර එන්නම්. "
ජන්කුක් එහා පැත්තෙන් කොල් එක කට් කරාම මිනා හුස්මක් පහත දැම්මා. මිනාට අඩන්න ඕනේ. ඒත් මෙතන බෑ..
" ජන්කුක්.. "
මිනා ජන්කුක්ගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්තාම ජන්කුක් අතේ තිබුණ මිනාගේ report ටික අතේ ගුලි කර ගත්තා.
" මිනා මුකුත් වෙන් නෑ මම ඉන්නවා නේ.."
ජන්කුක්ගේ කටහඩ කැඩිලා ඇහෙද්දි මිනා තව තවත් ජන්කුක්ට තුරුල් වුණා. මේ වෙලාවේ මිනාට Taehyungගේ උණුහුම ගොඩක් ඕන වුනත් Taehyung මිනා ළග හිටියේ නෑ.
" ඔයාට මෙහෙ ඉන්න බැයි නම් අපේ ගෙදර යමු මිනා. "
" ජන්කුක් මම් එකට කැමති නෑ. එයා මේ කිසි දෙයක් දන් නෑ ජන්කුක්. දැන ගත්තොත් එයා මාව සදහටම අත අරියි. හැමොම සෝහොන්ට විතරයි ආදරේ. "
මිනා පොඩි එකෙක් ජන්කුක් ළග අඩද්දි ජන්කුක් මිනාගේ ඔලුව අත ගෑවා.
" ශ්ශ් හැමදේම හරි මං ඔයා එක්ක ඉන්නවා නේ.. "
" ඕහ් ජන්කුක් ඔයා කොයි වෙලාවෙද ආවේ.. "
YOU ARE READING
THE RING 🍃✔️
Fanfictionමිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට අයිති වස්තුවක් නෙමේ මිනා කියලා.