CHAPTER 14 ~

311 24 12
                                    

මිනා ෆොන් එකට අවදානය දිලා තියෙද්දී Taehyung, සෝහොන්, මම්, මිස්ටර් ලී හිටියේ ලොකු කතාවක. ජන්කුක් හවස් වෙනකම්ම මිනා එක්ක ඉදලා යන්නෙ ගියේ මිනාට එපා වෙද්දි.

" මිනා මං හිතන්නේ ඔයා දැන් නිකන් හිටියා ඇති  company එකෙ වැඩ බාර ගත්තොත් හොඳයි. "

මිස්ටර් ලී කිව්වාම මිනා ඇස් කරකවලා අහක බලා ගත්තා.

" බේබි එක ඇත්ත දැන්.... "

" මම් මං එක සැරයකුත් කිව්වා මට මේ දෙවල් වලින් වැඩක් නෑ. "

" මිනා ඒත්... "

" කටවහ ගන්න මම්. මම එකපාරකුත් කිව්වා මට මේ දෙවල් ඕනෙ නෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මං මෙච්චර කල් ඔයා කියන කියන දෙවල් කරානෙ. එවා මදිද. "

" මිනා !! "

මිස්ටර් ලී මිනාගේ නම සද්දෙන් කෑ ගැහුවාම මිනා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කටකොනින් හිනා වෙන ගමන්.

" මං ඔයා කියාගේ කිමට සින්ගප්පු ගියා. මං නිකමටවත් ඇහුවද ඇයි ඔයා එහෙම කරේ කියලා. දන්නවද ඒ සින්ගප්පු ගමන නිසා මට මගේ ජිවිතේ කියක් දෙවල් නැති වුණාද කියලා. මං ඒ හැමදෙකටම පස්සෙ එහෙ කිසිම කෙනෙක් නැතුව තනියම අවුරුද්දක් ජිවත් වුණා. ඔයාට තෙරෙන් නෑ මම්. ඔයා පුංචි කාලේ ඉදලා මට වඩා සෝහොන් ගෙන හොයලා බැලුවා. අඩුම. අඩුම ඔයාට මතකද මම් මගේ birthday ඒකවත්. ඔයාට මං වෙනුවෙන් කාලේ වෙන් කරන්න බැරි වුණාට ඔයා හැමදාම සෝහොන් වෙනුවෙන් කාලේ වෙන් කෙරුවා. අඩුම ඔයා දෙවෙනි පාරට මැරි කරද්දිවත් මං මුකුත් කිව්වේ නෑ. මං ඔයාගේ සතුට වෙනුවෙන් ඒ දෙවල් දිහා බලන් හිටියා. ඔයා මගේ මම් වුණාට ඔයා මං ගෙන කිසිම දෙයක් දන් නෑ. දන්නවද ඔයාට වඩා දෙවල් අපේ ගෙදර වැඩ කරන සෙවන් මං ගෙන දන්නවා. මං පුංචි කාලේ ඉදලා ඔයා කියපු කිසි දේකට බෑ කියලා තියෙනවද මම්.. නෑ නේද. ඇයි.. ඇයි මට මෙහෙම කරන්නේ. මට බෑ තවත් ඔයා කියන දේවල් කරන්න. සෝහොන් සෝහොන් සෝහොන්. පොඩි කාලේ ඉදලා තමුන්ට වටින එකම දේ වුණේ මේ කිසිම වැඩකට නැති ගෑණිව. මං තමුන්ගෙ ළමයෙක් නෙමේද මිසිස් ලී.. "

Slap 👋..

මිනා කෑ ගහලා ඇහුවාම මිස්ටර් ලී මිනාගේ කනට ගැහුවේ Taehyung ඉස්සරහට එද්දි. මම් කදුළු පිරුණු ඇස්වලින් මිනා දිහා බලන් හිටියා.

THE RING 🍃✔️Where stories live. Discover now