THE RING 🍃✔️

By TaeTaeGirl29

3.7K 436 83

මිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට... More

CHAPTER 01~
CHAPTER 02~
CHAPTER 03~
CHAPTER 05~
CHAPTER 04~
CHAPTER 06~
CHAPTER 07~
CHAPTER 08 ~
CHAPTER 09 ~
CHAPTER 10~
CHAPTER 11~
CHAPTER 13 ~
CHAPTER 14 ~
CHAPTER 15 ~
CHAPTER 16 ~
CHAPTER 17 ~
CHAPTER 18 ~ END ♡
New story

CHAPTER 12~

172 24 4
By TaeTaeGirl29

" ආශ් සෝහොන් ඇයි ඔයා මිනාව දවස් දෙකකට හරි ජන්කුක්ගේ ගෙදර යැව්වේ."

" හබි ඇයි මේ... මං කිව්වේ මිනාමයි එහෙ යන්න ඕනේ කිව්වේ. අනික එයා ජන්කුක්ගේ ගෙදර නෙමේ ට්‍රිප් එකක් ගියේ. "

Taehyung කොණ්ඩෝ පිටි පස්සට කරලා ලොකු හුස්මක් පහත දැම්මා. ඔෆිස් ඉවර වෙලා ගෙදර ආව ගමන් Taehyungට අහන්න හම්බුණේ මිනා ජන්කුක්ගේ ගෙදර ගිහින් කියන එක. සතියක් ගෙවිලා ගියේ මිනා පුලුවන් තරම් Taehyungව මඟ අරිද්දි.

" ඔයාට තිබුණා එයාව නවත්තන්න. "

" මංවත් මෙච්චර වදනොවි ඇයි හබි ඔයා මිනා ගෙන මෙච්චර වද වෙන්නේ. "

සෝහොන්ගේ වචන එක්ක Taehyungගේ කට නිකම්ම වැහුනා. Taehyung කතාව වෙන පැත්තකට හරවන්න ක්‍රමයක් මතක් කරා.

" ලව් එහෙම නෙමේ. ඔයා දන්නවා නේ මිනාව අපි බලා ගන්න ඕනේ ඒ නිසයි මම කිව්වේ. එකෙන් වැඩක් නෑ. මට හොඳටම බඩගිනියි. "

Taehyung හිනාවෙලා සෝහොන්ගේ කරවටේ අත දාගත්තේ සෝහොන් ලාවට හිනා වෙද්දි.






















" ශිට්... මං කියන දේ අහනවා මිනා. මේ දැන්ම ගෙදර එනවා. "

Taehyung සෝහොන්ට ඇහෙන් නැති වෙන්න මිනාට ෆොන් එකෙන් කෑ ගැහුවේ අනිත් පැත්තෙන් මිනා සද්දෙට හිනා වෙද්දි.

" මට බෑ. මං ඇයි ඔයා කියන දේ අහන්නේ. "

" තමසේ මේ ගමන මගෙන් අහලා නෙමේ අවේ මිනා. "

" හහ් තමුන්ගෙන් අහලා ගමන් බිමන් යන්න තමුන් මගේ කවුද Taehyung. "

" කටවහ ගන්නවා මිනා. දවස් දෙකක් තමසේ ඔය මිනිහා එක්ක මොකද කරන්නේ කියනවා මිනා. "

" ඕහ් Taehyung මං ඔයාගේ වයිෆ්ට කියලා ආවේ මං ආවේ ට්‍රිප් එකක්. අනික මේතන ජන්කුක් විතරක් නෙමේ ඉන්නේ. "

" මිනා මං තමුන්ට එක සැරයක් කිව්වා මේ දැන්ම ගෙදර එනවා. "

Taehyungගේ තරහින් පිරුණු කටහඩ ඇහුනාම මිනාගේ කටකොනේ හිනාව තවත් වැඩි වුණා.

" මිනා මොකද කරන්නේ මේහෙ එන්න බේබි.. "

" පොඩ්ඩක් ඉන්න ජන්කුක් "

" මිනා ෆොන් එක කට් කරන් නෑ. මිනා ආශ් ශිට්. "

Taehyung ෆොන් එක අත්වල ගුලි කරගෙන තරහින් බිත්තියට පාරක් ගැහුවා. ජන්කුක් මිනාට බේබි කියලා කතා කරපු විදිහ මතක් වෙන සැරයක් ගානේ Taehyung තරහින් වේවුලුවා.









" ඔයාව මං කියටවත් මිනාට දෙන් නෑ Taehyung. මිනා කියනවා වගේ මං හරි ආසයි එයාගේ දෙවල් ටිකෙන් ටික උදුර ගන්න. "

සෝහොන් භාගෙට ඇරිලා තියෙන දොරෙන් Taehyung දිහා බලාගෙන හිටියේ ආශාව පිරුණු ඇස් වලින්.

















දවස් දෙකක් ගෙවිලා ගියේ හරිම හෙමින් Taehyungට දැනුනේ කාලය හරි හිමිට යනවා වගේ. මිනාට කොච්චර කොල් ගත්තාත් ඒ එක කොල් එකක්වත් මිනා අන්සර් කරේ නෑ.

" හබි මං මිනා ආසම කෑම හැදුවේ. එයා තව ටිකකින් එයි නේ. "

" ම්ම් ඔව් ලව්. "

Taehyung ලාවට හිනාවෙලා වතුර එකකුත් අරන් ලිවින් රූම් එකට ආවේ සෝහොන් හැගිම් නැති මුණකින් Taehyung දිහා බලන් ඉද්දී. Taehyung මේ දවස් ටිකේම තමන්ව පුළුවන් තරම් මඟ අරිනවා කියලා මතක් වෙද්දි සෝහොන්ට ආවේ පුදුම තරම් කෙන්තියක්.

" ලව්.. "

Taehyungගේ බෙල්ල වටේ සෝහොන්ගෙ අත් එතුනාම Taehyung සෝහොන්ව ඇදලා අරන් lap එකෙන් වාඩි කර ගත්තා.

" හබි ඔයා වෙනස් වෙලා. "

" මං වෙනස් වෙලා නෑ ලව්. "

" නැත්තේ කොහෙද ඔයා ඉස්සර වගේ නෙමේ. "

සෝහොන් කියලා තොල් කනපිට හැරෙව්වම Taehyung හිනාවෙලා ඉක්මනට සෝහොන්ගෙ තොල් අල්ල ගත්තේ සෝහොන් Taehyungගේ බෙල්ල වටේ අත් අරන් යද්දි. විනාඩි පහක් දහයක් ගෙවිලා යන්න ඇති Taehyung සෝහොන් දෙන්නා හිටියේ රළු සිප ගැනීමක. Taehyung කිස් එකත් එක්කම සෝහොන්ගෙ ඉන මිරිකන්න ගත්තා.

" ආර්හ්ම්..."

කවුරු හරි උගුර පාදන සද්දයක් ඇහුනාම Taehyung සෝහොන් දෙන්නා ඉක්මනට දෙන්නාගෙන් ඇත් වුණා. ජන්කුක් මිනාගේ ඉන වටේ අත් දාගෙන හිටගෙන ඉන්නවා දැකලා Taehyungගේ නිවිලා තිබුණ කෙන්තිය ආය වැඩි වෙන්න ගත්තා.

මිනා හිතුවේ Taehyung තමන් නැතුව පාලුවෙන් තමන් එනකම් මඟ බලන් ඇති කියලා. ඒත් ඇයි මිනා එහෙම හිතන්නේ. මොනවා හරි හේතුවකට මිනා එහෙම හිතලා තිබුණා. ඒත් Taehyung ඉන්න විදිහ දැකලා මිනා තමන් එක්කම හිනා වුණා.

" ඕහ් මිනා ඔයා අවාද. I miss you baby"

සෝහොන් ඇවිත් මිනාව hug කරාම මිනා Taehyungගේ ඇස් දිහා බලන් හිටියා.

" ඕහ් ඇත්තටම මගේ step sister ට මං නැතුව පාළුයිද. ඒත් ඇත්තටම සොරි මට මේ දවස් දෙකටම ඔයාව කොයිම වෙලාවකවත් මතක් වුණෙ නෑ. "

මිනා කටකොනින් හිනා වෙලා Taehyung දිහා බලාගෙන කිව්වේ සෝහොන්ව තමන්ගෙන් ඇත් කරද්දි.

සෝහොන් මොනාද කියන්න ඕනේ කියලා හිතා ගන්න බැරිව ලාවට හිනා වුණේ ජන්කුක් මිනාගේ බෑග් ටික අරන් ඇතුලට යද්දි. මිනා ජන්කුක් එක්කම උඩට යද්දි සෝහොන් ඕහෙ බලන් හිටියා.

" හබි ඇයි එයා එහෙම. මං එයාට කිසි වරදක් කරලා නෑඇ. ඒත් එයා හැමදාම මගේ හිත රිද්දනවා. මං මිනාට ආදරෙයි හබි. ඒත් එයා... "

සෝහොන්ගෙ ඇස්වල කදුළු පිරෙනවා දැකලා Taehyung සෝහොන්ව පපුවට තුරුල් කර ගත්තා. ඇත්තටම Taehyung සෝහොන්ව මේ විදියට පපුවට තුරුල් කරන් සනසන විදියටම මිනාට ඕන වෙන්න ඇති Taehyungගේ පපුවට වෙලා කදුළු හලන්න. ඒත් Taehyungට එක ගෙන ගානක් තිබුණේ නෑ. මිට අවුරුදු තුන හතරකට කලින් මිනා තමන්ගේ පපුවට තුරුල් වෙලා හිටපු විදිහ ගෙන Taehyungට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුණා.

















පැයකට විතර කලින් ජන්කුක් Taehyungගෙ ගෙදරින් එළියට ගියත් හරි මිනා හිටියේ මේ වෙනකම් රූම් එක ඇතුලේ. සෝහොන් මිනාට කොෆි එකක් හදාගෙන මිනාගේ රූම් එකට ගියේ මිනා තමන්ගෙ රෙදි අස් කර කර ඉද්දී.

" මිනා මං ඔයාට කොෆි එකක් හැදුවා. "

" WTf ... මොකද්ද තමුන් ඒ කරේ.. "

" මිනා අනේ මට සමාවෙන්න මං හිතලා නෙමේ කරේ. "

" තමසේ මේක හිතලමයි කරේ.. "

සෝහොන්ගෙ අතේ තිබුණ කොෆි එක මිනාගේ ඇදුමකට හැලුනේ මිනා සෝහොන්ට කෑ ගහන්න ගද්දි.

" මිනා සොරි මම... "

" කටවහ ගන්නවා සෝහොන්. තමසේට මං එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ. දන්නවද.. දන්නවද තමුන් මට මේ ඇදුම කොච්චර වටිනවද කියලා. "

" මිනා මං එක ඔයාට හොදලා දෙන්නම් මට ඇත්තටම.. "

" කටවහ ගන්නවා සෝහොන්. ඇයි තමසේ මට මෙච්චර වද දෙන්නේ.. තමසේ මගේ ජිවිතේ එහෙන් පිටින්ම අපායක් කරලා දැම්මේ තමුනුයි. ඇයි තමුන්ට බැරි මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. "

" මට සමාවෙන්න.. "

" කටවහ ගන්නවා... "

මිනාට සෝහොන්ව මරලා දාන්න තරම් තරහක් තිබුණා. මිනා සෝහොන්ට ගහන්න අත ඉස්සුවත් Taehyung මිනාව නතර කරා.

" මං තමසේට දෙපාරක්ම කිව්වා මිනා. මගේ වයිෆ්ට කතා කරන්න පුරුදු වෙනවා. තමුන්ට බෑ එයාට ඒ විදිහට කතා කරන්න. "

Taehyung මිනාගේ කම්මුලට පාරක් ගැහුවේ මිනා තමන්ගේ කම්මුල අල්ල ගද්දි.

" මගේ වයිෆ් තමුන්ගේ වැඩකාරියෙක් නෙමේ. මේ වගේ පුංචි වැරදිමකට කෑ ගහන්න. "

Taehyung මිනාගේ අනිත් කම්මුලටත් පාරක් ගැහුවේ දත් මිටි කන ගමන්. Taehyung දැක්කානම් Taehyung මිනාගේ 25 වෙනි birthday එකට අරන් දුන්න blue color frock එක පුරා කොෆි හැලිලා පැල්ලම් වලින් පිරිලා තියෙන විදිහ. අවසනාවකට Taehyung එක දකින්න පරක්කු වුණා.

" ඇත්ත නේද.."

Taehyung සෝහොන්ව තුරුල් කරගෙන ඉන්න විදිහ දිහා බලාගෙන මිනා හරි වේදනාවෙන් හිනා වුණා.

" මට වටින කිසි දෙයක් ඔයාට පොඩ්ඩක්වත් වටින් නෑ Taehyung.. "

මිනා කොෆි හැලිලා තියෙන ඇදුම Taehyungගේ ඇගට විසි කරලා රූම් එකෙන් එලියට යන්න ගියේ Taehyungගේ ඇස් ගැස්සිලා යද්දි.




















" හබි ඔයාට... ඔයාට තිබුණා මට මේ දෙවල් කියන්න එහෙම වුණානම් මං කවදාවත් ඔයාව මැරි කරන් නෑ"

<>

😒💗

Continue Reading

You'll Also Like

2.1K 364 11
එයා මානසික ලෙඩෙක් එවුන්හා 🥺
27.3K 4.5K 21
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. ...
16.6K 1.9K 27
ප්‍රේමය හැදිනගන්නා තාක් ඔබ ප්‍රේමය වෙනුවෙන් ජීවත් වෙයි ප්‍රේමය හැදිනගත් දා එය ඔබව ජීවත් කරාවි මදක් ඉවසන්න මහප්‍රාණ නැති වචන වලින් ප්‍රේමය කියදෙන්...
8.2K 922 30
ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ සොයා යන කුඩා සිඟිත්තෙක්.. ????කියවල බලන්න...