ස්වර්ණාලෝක | • SOPE •

Galing kay D-R-E-A-M--y-o

284 54 46

මාව මතකයේ දරා ඉන්න එනතුරා...જ⁀➴ රතිරු ♡ චාරුද් 2024 / 01 / 12 Higit pa

ස්වර්ණාලෝක ♡
පලමු ආලෝකය ༄
තුන්වන ආලෝකය ༄

දෙවන ආලෝකය ༄

38 12 4
Galing kay D-R-E-A-M--y-o

රතිරු නිවාඩු ආ දා ඉදන් ආයෙ යනකම්ම පොඩි කොල්ලගෙ වැඩේ රතිරුගෙ පස්සෙන් වැටිලා ඉන්න එකමයි...
මාසෙ වැඩිහරියක් ආච්චිඅම්මා ලග නිදාගන්න පොඩි එකා රතිරු ආ දාට එයාගෙ තුරුල්ලටම වෙලා ඉන්න හරි ආසයි..ඒ දවස් කීපෙට ලගට වෙලා නින්ද යනකන් කතා කියන්න , සින්දු කියන්නත් ඕන රතිරුම තමා...සින්දු කතා ඇහුන්නැත්තම් පොඩි එකාට නින්ද යනවා හොරයි..රස්සාව එක්කම ඉදලාම මුල් කාලෙ ඒ වගෙ දේවල් කරන්න
නුහුරු ගතියක් දැනුනත් කාලෙත් එක්ක රතිරු ඒවට හුරු උනෙ පොඩි එකාගෙ ආච්චිඅම්මාගෙත් චුටී අම්මාගෙත් උදව් පදව් ද ඇතුවයි..

රාත්‍රී කෑමෙන් පසු අම්මා යශෝදාම්මත් එක්ක එක්කහු වෙලා කෑම මේසෙ අස්පස් කරන අතරෙ රතිරු එනකන් සැටියෙ නිදි කිර කිරා උන්න පොඩි එකාවත් වඩාගෙන උඩ කාමරෙට ගියා...

වෙනදා නිදාගන්න වෙලාවට වඩා අද රෑ  උන හින්දත් දවල් ආච්චිඅම්මා එක්ක වෙල්‍ යායේ ඇවිදින්න ගිහින් ආවා හන්ද ඒ මහන්සියටත් පොඩි කොල්ල කාමරෙට එන තත්පර ගානටත් නින්දට වැටිලා උන්නේ..රතිරු හරි පරිස්සමෙන් අරන් දරුවව වියන් ඇදේ බිත්තිය කොනට වෙන්න තිබ්බෙ නලලට හාදුවකුත් දෙමින්...

"ඔයත් අම්මි වගෙමයි සනාෂ්..."

රතිරු පොඩි එකාගෙ සිනිදු කෙස් අතරින් ඇගිලි තුඩු එහා මෙහා ගෙනියමින් කන්නප්පුව උඩ තිබුන රාමු කරපු පුංචි පින්තුරේ හිනාවෙවි ඉන්න අග්‍රා දෙස බලා මුමුණගත්තා...

ටික වෙලාවක් සනාෂ් ලගට වෙලා හාන්සි වෙලා උන්න රතිරු ඇදෙන් බැස්සෙ ඇස්වලට තාමත් නින්ද පේන මානෙකවත් නොතිබුන නිසා...රතිරු කනප්පුව උඩ තියලා තිබුන ෆෝන් එකත් අරන් ලී කැටයම් සහිත වීදුරු පියන් දාපු දෙපලු දොරත් ඇරගෙන බැල්කනියට ආවෙ මන්දිනුට කතා කරන්න...

"11ටත් කිට්ටුයි..පොඩි එකා නිදි කරවනවා ඇති ඌ.."

මේ වෙලාවෙ මන්දිනු අනිවාර්යයෙන්ම ඉන්නෙ පුංචි කෙල්ල එක්ක බව දන්න නිසා රතිරු මිතුරට ගෙදර ආව බවට වට්සැප් වලින් පණිවිඩයක් තිබ්බා...

පසලොස්වකට කිට්ටු නිසා හද එලිය සුදු වැලි මිදුලට බැහැලා..බලන්න බෑ ලස්සන...ඒ මදිවට පහල පදුරුවල පිපිගෙන එන කඩුපුල් මල් වල සුවද මුලු පලාතෙම...හුලගට කැලතෙන වැව් දියට වැටුන ගමේ පන්සලේ පාට පාට ලයිට් වැල් වල එලිය රෑට ඈතින් පෙනෙද්දි බලන්න බෑ සිරියාවයි...එහාපැත්තෙ වෙල් යාය හරහා එන ඇගම සිසිල්වෙලා යන හුලගත් නිශාචරයන්ගෙ අනේකවිධ නාදත් එක්ක ගමේ උනුහුම රතිරුගෙ හිතට ලොකු සැහැල්ලුවක් එක්කලා...ඇත්තම කියනවා නන් එලිය වැටුන වෙලාවට වඩා ගම ලස්සන කරුවලට කියලා නිකමට වගෙ රතිරුට හිතුන...

රෑ වෙන්න රෑ වෙන්න හුලගයි පින්නයි හන්දා සීතලත් පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙද්දි තවත් රාත්‍රීය විදිමින් ඉන්න වුවමනාව උනත් රතිරු දොර පලු දෙකත් වහන් කාමරෙ ඇතුල්ට ආවා..හීතල හන්දා පුංචි හා පැටියෙක් වගෙ ගුලිවෙලා නින්දේ උන්න සනාෂ්ට බෙඩ්ෂීට් එකත් පොරවලා ආයෙත් නලල ඉඹලා රතිරු කාමරෙන් එලියට ආවෙ අප්පච්චි එක්ක ටිකක් කතා කරන්න හිතන්..

හැමදාම වගෙ දහයෙ කනිසම වදිද්දි නින්දට යන අප්පච්චි රෑ ජාමෙ වෙනකන් ඇහැරිලා ඉන්නවා නන් ඒ ඉන්නෙ රාජකාරි වැඩක් හෝ රතිරු වලව්වට ආ දාට විතරයි...ඒ හින්දා රතිරු පහලට ආවෙ අප්පච්චි මේ වෙලාවට බොහො දුරට ඇහැරන් ඇති කියලා අනුමාන කරන්...
අප්පච්චි අද තාම නිදි නැ කියලා රතිරු හරියටම දැනගත්තෙ තවමත් නොනිවි දැල්වෙන ඉස්තෝප්පුවෙත් සාලෙත් ලයිට් එලි වලින්...රෑ ජාමෙ හින්දා දැනුන හීතලට කලිසම් සාක්කු දෙකට දෑත් රුවාගෙනම රතිරු පඩිපෙළ බැහැලා වටපිට බල බල ඉස්තෝප්පුවට ආවෙ අප්පච්චි හොයන්...

"නිදාගන්නැද්ද අප්පච්චි..."

ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවෙ ඇල වෙලා ඇස් පියන් උන්නත් නිදි නැති බව දන්න හන්දා රතිරු එහෙම අහන්ම දොරට එහපැත්තෙ තිබ්බ අනික් ඇදි පුටුවෙන් දිගාඋනා...

"චුටි පුතා නිදි ද..?"

"උඩට එක්කන් යද්දිත් නින්ද ගිහින්...ටික්ක් වෙලා මං ලගටවෙල ඉදලා මේ ආවෙ.."

"හ්ම්...හවස අම්මා එක්ක වෙල පැත්තෙ ගියා..ඒ මහන්සියටම කොල්ලට නින්ද යන්නැති..."

අප්පච්චි හැරිලා රතිරු දිහා බලද්දී රතිරු අප්පච්චි එක්ක හිනාවෙලා ගේට්ටුව පැත්ත බලන් කල්පනා කලේ අප්පච්චි එක්ක කතා කරන එක කොතනින් ද පටන්ගන්න ඕන කියලා...

"වැඩිය කල්පනා කරන්න ඕමනා නැ..පුතා කියන්න ආව කාරණාව කිව්ව නන්..."

රතිරු බර කල්පනාවෙ ඉන්නවා දැකලා අප්පච්චි රතිරුට එහෙම කියද්දි කුස්සිය පැත්තෙ ඉදන් ආව අම්මත් උලුවස්සට හේත්තු වෙලා පුතයි අප්පච්චි දිහා බැලුවා..

"අම්මත් ආව එක හොදයි.."

රතිරු බර සුසුමක් පහත දාලා කියද්දි අම්මා අප්පච්චි දිහා බැලුවා...අම්මා අප්පච්චි දෙන්නම දන්නවා පුංචි කාලෙ ඉදම්ම රතිරු කියන්න ඕන දේ කෙලින් කියන ගති තියෙන කෙනෙක් බව...දෙයක් කියන්න ගිහින් හිත හිත ලතැවි ලතැවි ඉන්න පුරුද්දක් කොල්ලට නැ...ඒත් ජීවිතෙ පලවෙනි පාරට රතිරු දෙයක් කියන්න මෙහෙ කල්පනා කරද්දී අම්මා අප්පච්චි දෙන්නටම හරි අමුත්තක් දැනුනෙ...

"ඔච්චර කල්පනා කරලා අපිවත් බය කරන්නැතුව කියන්නකො දරුවො කාරණාව..."

අම්මා ඔසරි පට අතින් අල්ලන් රතිරු දිහා හෙලුවෙ ආයාචනාත්මක බැල්මක්...හිත හිත කල් අරින එකෙන් අප්පච්චිගෙ කේන්තිය වැඩිවෙන බව හොදටම දන්න හන්දා රතිරු පුටුවෙන් නැගිටලා ඇවිත්  අම්මටයි අප්පච්ච්ටයි මුහුනලා හිටගෙන ඉස්සරහ කනුවට හේත්තු උනෙ දැත් පපුව හිර කරලා බැදගනිමින්...

"මේකයි අප්පච්චි...ලබන මාසෙ මං කොළබට ට්‍රාන්සර් වෙනවා.."

"ඉතින්...මං බැලුවෙ පුතාවත් කොළඹ ගෙනියන්න..."

"පුතා...!!"

වෙනදා ඉස්සර වෙන අප්පච්චි නිහඩව ඉද්දි අද කලියෙන්ම ඉස්සර උනෙ අම්මා...අම්මා කොහොමත් චුටී පුතා ගෙනියනවට අකැමැති වෙන බව රතිරු දන්නවා...රතිරු මේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්මයි මේ කාරණාව කතා කරන්න ගත්තෙත්...

"උබට ඕන උබ වගෙම චුටි කොල්ලවත් කොලඹ ගෙනිහින් අපෙන් ඈත් කරන්න ද..?"

"අප්පච්චි..!!
මං හැමදාම කියනවා ඔහොම කතා කරන්න තරන් මං වැරැද්දක් කරෙ නැ කියලා...
කොළඹ ගියා කියලා මං පවුලෙන් ඈත් උනාද..මං ගියෙ ඉගෙනගන්න...මං කැමති නැ අප්පච්චි බිස්නස් කරන්න...ඒක මං කියලා තියෙනවා නෙ අප්පච්චිට...මට සතුටු රස්සාව මං තෝරගත්තෙ..."

"රස්සාව විතරක් නෙවෙයි පුතා හොද පරස්තාවාකුත් හොයාගත්තෙ.."

අම්මා සමච්චල් හිනාවක් එක්ක රතිරුට එහෙම කියද්දි ඇත්තටම රතිරුගෙ හිත පොඩ්ඩක් පෑරුනා...

"ඔව්...මං මට ගැලපෙන කෙනා තොරගත්තා අම්මෙ..."

"හැමදේම උබට විතරක් ගැලපුනාම ඇති කියලා නෙ උබ හැමදාම හිතුවෙ..."

ඇලවෙලා උන්න අප්පච්චි පුටුවෙන් වාඩිවෙලා කටෙ තිබුන බුලත් හපේ පඩික්කමට දාලා බිත්තියට ඔලුව තියන් දැස් පියන් උන්න රතිරු දිහා හෙලුවෙ අමුතු බැල්මක්...

"අනේ අප්පච්චි කරුණාකරලා ඔය පරණ දේවල් ඇදලා ගන්න එපා මෙතනට..
අන්තිමට අප්පච්චිගෙයි මගෙයි දෙන්නගෙම හිත් නරක්වෙලා නවත්තින්නෙ ඕවා කතා කලාම..
ඒ හන්දා අපි කතා කරපු කාරණාව විතරක් කතා කරමු අප්පච්චි..."

"හරි ලොකු පුතේ...එහෙනන් කියපන්කො මේ තකහනියෙ ඇයි උබ පුංචි කොල්ලව කොළඹ ඇන්න යන්නෙ...අපෙන් වැරැද්දක් උනාද..."

රතිරු කලකිරීමෙන් වගෙ කතා කරද්දී අප්පච්චි පරණ දේවල් වලට දොස් පරොස් කියවිල්ල නවත්තලා සාධාරණව කෙලින්ම කාරණාව ගැන ඇහුවා...
අප්පච්චි පොඩි හරි තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා හිතෙද්දි

"අනේ එහෙම නෙවෙයි අප්පච්චි...මං ආසයි කොල්ලා එක්ක ඉන්න...අවුරුදු 5ක්ම අප්පච්චිලා එක්ක එයා තිව්වා...දැන් සනාෂ් එන්න එන්න ලොකුවෙන වයස...
එයාට අම්මා තාත්තාගෙ ආදරෙ ඕන දැන්..."

"උබ කියන්නෙ අපි චුටී පුතාට ආදරෙන් සලකන්නැ කියලද ලොකු පුතේ..."

"එහෙම නෙවෙයි අම්මා...ඔයාලා මගෙ කොල්ලව ඕනවටත් වඩා හොදට බලාගන්නවා...සමහරවිට මටවත් ඒ තරන් හොදට බලාගන්න බැරිවෙයි...ඒත් මං කැමති දැන් කොල්ලව මං ගාවට ගන්න...මං එයාගෙ අප්පච්චි...අම්මත් නැති කොල්ලට මගෙ ආදරෙ අඩුවක් නැතුව මං දෙන්න ඕන අම්මේ...මාව තේරුම් ගන්නකො..."

රතිරු ආයාචනාත්මක බැල්මකින් අම්මා අප්පච්චි දිහා බලද්දී දෙන්න ගොලු වෙලා වාගෙ මුනු මුනු බලාගත්තෙ නිරුත්තරව...

"ලබන අවුරුද්දේ ඉදන් එයා ඉස්කෝලේ යන්න ඉන්නෙ...ඒ නිසයි මං හිතුවෙ කොලඹ ඉස්කෝලේකට දාලා කොල්ලව මං ගාව තියාගන්න...හැමදාම අම්මටයි අප්පච්චිටයි පුතාගෙ වගකීම දීලා මට රස්සාව අල්ලන් ඉන්න හිතක් නැ...මෙතන ඉදන් මේ වගකීම මං ගන්නම්...මං ඒක හරි සතුටින් කරන්නෙ...අග්‍රාත් නැති එකෙ මං ආසයි කොල්ල මං ගාව ඉන්නවට..
එතකොට මට තනියක් පාලුවක් නැනෙ අප්පච්චි..."

"පුතා කොහොමද රස්සාව එක්ක කොල්ලගෙ වැඩ කරගන්නෙ තනියෙන්..."

"ඒකටත් මං පිලිවෙලක් හිතුවා අම්මේ...
කොළඹින් වැඩට කෙනෙක් ගන්න හිතන් ඉන්නෙ මං...මේ මාස දෙක විතරනෙ පුතා ගෙදර ඉන්නෙ...ඉස්කෝලේ යන්න ගත්තම ඉතින් දවල් වරුවට එයා බලාගන්න කෙනෙක් හිටියම ඇතිනෙ..රෑට මං කොහොමත් ගෙදර නෙ..."

රතිරු එයාගෙ හිතෙ තිබුන අදහස සවිස්තරාත්මකව අම්මටයි අප්පච්චිටයි පැහැදිලි කරල නිහඩ උනා...‍තීරණය තියෙන්නෙ අප්පච්චි අතේ බව දන්නා නිසා රතිරු අප්පච්චි දිහා ඇස් අයාගෙන බලන් උන්නෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්..

"හරි...පුතා හිතනවා නන් පුතා ගත්ත තීරණෙ හරි කියලා...ඒ විදියට කරන්න...මං දන්නවා අප්පච්චි කෙනෙක් කවදාවත් දරුවෙක්ට වැරැද්දක් කරන්නැ...පුතාට ඕන වෙලාවක උදව්වට අම්මයි අප්පච්චියි ගමේ ඉන්නවා...නේද අපේ මැනිකේ..."

"මගෙ නන් එහෙමකට මනාපයක් නැ ඔය වැඩෙට ඒත් ඕනම වෙලාවක ඔයාට අම්මයි අප්පච්චියි ඉන්නවා ඕනම දේකට.."

අප්පච්චි ජීවිතෙ පලවෙනි පාරට කියන දේ අහල එයාගෙ තීරණෙකට එකග වෙද්දී , අම්මාත් ඒක අනුමත කරද්දී රතිරුට දැනුනෙ හිතෙ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගෙ හැගීමක්...

රතිරු අනුරාධපුරෙ ඉදන් ආවෙ මේ පාරත් රන්ඩු වෙලා හිත නරක් කරන් යන්නවෙයි කියලා හිත හිත...කොච්චර වෙයි කියලා හිතුවත් අවසානෙ එහෙම නොවුන එක රතිරුගෙ හිතට ලොකු සැනසීමක් උනා...රතිරු දන්නවා කොච්චර බැන්නත් රන්ඩු කරත් අප්පච්චි අම්මා දෙන්නම එයාට මහ ගොඩක් ආදරෙයි කියලා...මේ දේට අප්පච්චිගෙත් අම්මගෙත් ආශිර්වාදය ලැබුනා කියන්නෙ ඊට වඩා තවත් සතුටක් නැ රතිරුට...

"ඒත් පොඩි එකා නැති උනාම මටයි අප්පච්චිටයි තමා පාලු..."

අම්මා ඔසරි පොටෙන් ඇස් අග පිහිගද්දි රතිරු අඩියට දෙකට අම්මා ලගට ඇවිත් අම්මව තුරුල් කරගත්තා..

"මට අම්මා කියන්න යන දේ නොතෙරෙනවා නෙවෙයි...ඒත් මගෙ පැත්තෙනුත් හිතන්න එපැයි අම්මෙ..."

"මට නොතෙරෙනවා නෙවෙයි පුතේ..."

"අම්මටයි අප්පච්චිටයි ඕනම වෙලාවක පුතා බලලා යන්න කොළඹ එන්න..මට කියන්නකො එන්න ඕන වෙද්දී මං වාහනයක් එවන්නන්කො..අනික නිවාඩුවට මං කොල්ලවත් අරන් මෙහෙ එන්නම්කො අනිවාර්යයෙන්...දැන් හොද අම්මා වගෙ නාඩා ඉන්නකො..."

රතිරු අම්මාව තුරුල් කරගෙන ඔලුව අතගගා කියද්දි අම්මා හිස සැලුවෙ වෙන කරන්න දෙයක් නැතිකමට රතිරු කිව දේට එකග වෙමින්...රතිරු කොළඹට ගිහින් ,  නංගිත් කසාද බැදලා ගියාට පස්සෙ දරුවො නැතුව පාලුවට ගිය වලව්වෙ අම්මා අප්පච්චි හරි ආසාවෙන් කල් ගෙව්වෙ පුංචි සනාෂ් හින්දා..කියව කියව හිනාවෙවි වලව්ව පුරාම දග කර කර උන්න කොල්ලා නැති උනාම වලව්ව කැරකෝප්පුවක් වගෙ පාලු වෙන බව දැන දැනත් අම්මා අප්පච්චි රතිරුට සනාෂ්ව කොළඹ ගෙනියන්න අවසර දුන්නෙ අප්පච්චි කෙනෙක් විදියට රතිරු එහෙම කරන එක අසාධාරණ නොවුන හන්දා...

"හ්ම් හ්ම්...දැන් හොදටම රාත්තිරි වෙලා...මං යනවා ඇලවෙන්න...පුතත් ඉක්මනට නිදාගන්න.."

අප්පච්චි තුරුල් වෙලා ඉන්න අම්මයි පුතයි ලගට ඇවිත් රතිරුගෙ උරිස්සට තට්ටුවක් දාන් ගේ ඇතුලට ගියා...

"අම්මත් නිදාගන්න යන්න...නිදිමරන්න හොද නැ බෙහෙත් බොද්දි...මං දොරවල් වහන්නම්.."

රතිරු අම්මාව තුරුලෙන් ඇත්කරලා ඒ ඇස්වල කදුලු පිහිදාලා හිස අතගෑවෙ හරි ආදරෙන්...කොල්ලා දන්නවා ඒ දෑස්වලින් වැටෙන හැම කදුලු බිදුවකම තියෙන්නෙ පුංචි කොල්ලා වෙනුවෙන් තියෙන අසීමිත සෙනෙහස බව...රතිරු භාරදුන්න මාස දෙකෙ පොඩි එකාව අවුරුදු පහක් වෙනකන් ඇස් දෙකෙ තියන් පරිස්සම් කරල උස් මහත් කලේ අම්මා...අම්මලා කවදත් එහෙමයි...අදටත් අම්මා නිදාගන්නෙ , කන්නෙ බොන්නෙ , හැමදේම කරන්නෙ පුංචි එකාව අස්සෙ තියාගෙන...
ඉතින් ඒ තරම් කොල්ලට සමීප හිටිය අම්මට හෙට ඉදන් කොල්ල නැතුව ඉන්න එක කොච්චර අපහසුවක් ද කියලා රතිරුට අමුතුවෙන් හිතන්න දෙයක් නැ...රතිරු ඒ වේදනාව අදුනනවා..ඒත් මේ මොහොතෙ අම්මා අප්පච්චි වගෙම රතිරුත් හරි අසරණයි...දරුදුක කාටත් පොදුයි...

දැනටමත් හොදටම රෑ වෙලා නිසා රතිරු හරි පරිස්සමෙන් අම්මව කාමරේට යවලා ඉස්සරහ දොරපලු දෙකත් අගුලු දාලා ලයිට් නිවාගෙන කලුවරේම එයාගෙ කාමරෙට එන්න ආවා...

--------------------------------------------------------

"ආච්ච්අම්මෙ..."

"ම්ම්ම්ම්..."

"බදගිනි නේ..."

අප්පච්චිටත් කලින් උදේම ඇහැරිලා මූනකට හෝදන් ආව පුංචි සනාෂ් ටීෂර්ට් එක අන්ද අන්දව උන්න ආච්චිඅම්මා දිහා බැලුවෙ හද වගෙ තිබ්බ පුංචි මූනත් නාලු කරන්...

"අනේ...මගෙ කොල්ලට බඩගිනි ද...ඉක්මනට ගිහින් බයි කමු අපි..."

"එතෝට අප්පච්චි..."

පුංචි කොල්ලා , නිකටෙන් අල්ලන් කොන්ඩෙ පීර පිර උන්න ආච්චිඅම්මා දිහා බැලුවෙ ඇස් ජිල්බෝල් වගෙ කරන්..
කොච්චර බඩගිනි උනත් ‍රතිරු ආ දාට කොල්ල ආස රතිරු එක්ක තුන්වේලම කෑම කන්න...අප්පච්චිගෙ අතේ එල්ලිලා චුටි අම්මත් කතා කරන් ගමේ ඇවිදින්න යන්න , පන්සල් යන්න , වැව රවුමෙ යන්න , ඇතුගලේ යන්න තියෙනවා නන් සනාෂ්ට ඊටවඩා සතුටක් තවත් නැ...එදාට ඉතින් ආච්චිඅම්මයි සීයයි මතකත් නැ සනාෂ්ට...

"අප්පච්චි තාම දොයි නේ...ඊයෙ එද්දි රෑ උනානෙ..."

"අප්පච්චි පව්නෙ..ආච්චිඅම්මා පුතාට බයි කවන්නකො...මාන්සි ඇතිනෙ..අප්පච්චි දොයියයි..."

"යන්..."

මහදැනමුත්තා වගෙ සනාෂ් එහෙම කියලා ආච්චිඅම්මාගෙ අතින් අල්ලන් කෑම මේසෙ පැත්තට ආවා...සමහර වෙලාවට තියෙන දගකාර වැඩ වගෙම සනාෂ්ගෙ මේ වගෙ පන්ඩිත කතාවලට ආච්චිඅම්මා හරි ආසයි...පුංචියට ඉදන් සනාෂ් දැනමුතු කතා කියද්දි ආච්චිඅම්මට මතක් වෙන්නෙම රතිරු පුංචි කාලේ..ආච්චිඅම්මා හැමවෙලේම සීයා එක්ක කියනවා සනාෂුත් එයාගෙ අප්පච්චි වගෙම පණ්ඩිත කොල්ලෙක්ය කියලා...

"පුතා තාම නිදි ද අපේ මැනිකේ.."

"පුතා නිදි අපේ මහත්තයා...තාම නවයාමාරනෙ...මං කීද්දුවෙ නැ ඉතින්..."

"හ්ම්...මහන්සියට නින්ද ගිහින් ඇති...නැගිටලා එනකන් ඇහැරන්ට යන්න එපා කොල්ලව..."

"හා අපේ මහත්තයා..."

"කෝ චුටී පුතා..."

අප්පච්චි කෑම මේසෙ අස්ස කර කර උන්න අම්මා ලගට ඇවිත් ඇහුවෙ කෑම කාමරෙ ජනේලෙන් ඈත පේන වෙල් යාය දිහා හරි සන්සුන්ව බලන්...

"මෙච්චර වෙලා අප්පච්චි එක්ක කන්න බලන් ඉදල , ඔන්න දැන් මට කියලා කවාගෙන සයිකලෙත් අරන් මිදුලට ගියා... අප්පච්චි ඇහැරුනම එයාට අඩගහන්න කියලා... "

සනාෂ් කිව්ව කතාව අහලා අප්පච්චිට තනියෙන් හිනා...අම්මා කිව්වත් අප්පච්චිට මැවි මැවි පෙනුනා සනාෂ් ඒක කට හද හද මහදැනමුත්තා වගෙ කිව්ව විදිය...

"පීටර් ඉන්නවනෙ චුටී පුතා එක්ක..."

"ඔව් අපේ මහත්තයා...මාත් මෙච්චර වෙලා බලන් ඉදලයි මේ ආවෙ මේසෙ අස්පස් කරන්න..."

"ඒක නෙවෙයි අපේ මැනිකේ..."

"මැනිකේ මොකද හිතන්නෙ ඊයෙ පුතා කිව්ව කාරණාව ගැන.."

මෙච්චර වෙලා වෙල්‍ යාය දිහා බලන් උන්න අප්පච්චි ඊයෙ රෑ කතාව මටක් කරමින් රතිරුගෙ අම්මා දිහා බැලුවෙ හැගිම් විරහිත බැල්මකින්...
අප්පච්චි හොදටම දන්නවා අම්මා රෑ රතිරුගෙ කීමට එකග උනෙ අප්පච්චිගෙ වචනෙට පිටුපාන්න බැරි නිසා බව...

"අපේ මහත්තයා දන්නවා නෙ මගෙ ඒ හැටි කැමැත්තක් නැ ඕවට...ඒත් මගෙ අහිංසක කොල්ලා පව්...හැමදේම තනියෙන්නෙ...අපි කිව්වට ආයෙ කසාදයක් කරගන්නත් ඕමනාවක් නැ...එහෙව් එකෙ පුංචි එකාව එක්කන් යන්න අහද්දි බෑ කියලත් බෑ...කොල්ලත් ආස ඇති දරුවා එයාගෙ ඇස්මානෙ තියාගන්න..."

"දරු දුක කාටත් එකයි අපේ මැනිකේ...මේ වෙලාවෙ අකැමැත්තෙන් උනත් අපි හිත් ගල් කරගෙන ලොකුපුතාගෙ තීරණේට උදව් කරන්න ඕනා..."

අම්මා ඔසරි පොටෙන් කදුලු පිහගද්දි අප්පච්චි අම්මව පපුවට වාරු කරගත්තෙ අන්තිමට අපිට අපි විතරයි ඉතුරු උනෙ වගෙ හැගීමකින්...

"ඉස්සෙල්ල ලොකු පුතා ගියා...ඒක අපිට එහෙමකට දැනුන්නැ කෙල්ල හිටි හන්දා...
ඊටපස්සෙ කෙල්ලත් ගියා...අන්තිමට මං හිත හදාගත්ත කමක් නැ චුටී පුතා ඉන්නවනෙ කියලා...දැන් පොඩි කොල්ලත් යන්න හදනවා...අන්තිමට මේ විසාල වලව්වෙ අපේ මහත්තයයි මායි තනි වෙන්න යන්නෙ අපේ මහත්තයා..."

"නාඩා ඉන්න...ඒක තමා මැනිකේ ලෝක සුබාව...බැදීම් කියන්නෙ දුකක්...අතදරුවා කාලෙ අපේ අස්සෙ දාන් පරෙස්සන් කලාට දැනුන් තෙරුන් ඇති වයසට ආවම උන් උන්ගෙ ලෝකෙ හොයන් යනවා...ඒක අපිට නවත්තන්න බෑ මැනිකෙ...උන්ට උන්ගෙ ලෝක හැඩ කරගන්න උදව් කරන එක විතරයි අපිට කරන්ට පුලුවන්.."

අප්පච්චි ඉකිබිදින අම්මාගෙ ඔලුව අතගගා තේරුම් කලේ අම්මාගෙ හිත හදන්න...අප්පච්චි දන්නවා සනාෂ් ගියාම එයාටත් වඩා සාංකාව එන්නෙ අම්මට වග...එහෙමයි කියලා රතිරුගෙ කැමැත්තට පිටුපාලා කොල්ල නවත්තගෙන මෙච්චර කාලයක් විදවපු රතිරු ඉස්සරහටත් විදවනවා බලන්න අප්පච්චිට බෑ...අපේ පැත්තෙන් විතරක් නෙවෙයි අපි දරුවො පැත්තෙනුත් ප්‍රශ්න ගැන හිතන්න ඕන කියන හැගීම මේ වෙලාවෙ අප්පච්චිගෙ හිතේ තිබුනා...

හැමදේම දරුවොන්ට සැර කරලා හරි කරවගන්න උත්සාහ කරපු අප්පච්චි උනත් කාලයත් එක්ක ගොඩක් දේවල් තේරුම් අරන් හිටියෙ...ඉස්සර රතිරුට බැන්න  සමහර තැන්වලදි රතිරු සීයට සීයක් හරි නොවුනත් එයා වැරදිත් නැ කියලා අප්පච්චි තේරුම් ගත්තා....මේ තීරණයෙදි උනත් මුලදි පොඩ්ඩක් කලබල උනත් අප්පච්චි රතිරු එක්ක එකග උනෙ ප්‍රශ්න දාහක් මැද ඉන්න රතිරුගෙ ඔලුවට තවත් කල්පනා කරන්න බරක් දාන්න බැරි හන්දා...

"අපේ මැනිකෙ දැන් ඔය මූනත් හොදන් ගිහින් කෑම ලෑස්ති කරන්න..තව ටිකකින් පුතා අවදිවෙයි...මං පැක්ටරිය පැත්තට ගිහින් එන්නන්..."

අප්පච්චිගෙ අම්මාගෙ ඔලුවත් අතගාන් මුව අං තට්ටුවෙ රදවලා තිබ්බ කාර් එකෙ යතුරත් අරන් එලියට බහිද්දි අම්මත් ඒ පස්සෙන්ම ඉස්තෝප්පුවට වෙලා කාර් එක වෙල්‍ යාය මැදින් නොපෙනී යනකන්ම ඇස් අයාගෙන බලන් උන්නා..

"අම්මෙ..."

"පුතා ඇහැරුනද..."

"කාලෙකින් සැපට නින්ද ගියා අප්පා..."

රතිරු දෑත් උස්සන් ඇගමැලි කඩ කඩ ඇවිත් ඉස්තෝප්පුවෙ ඇදි පුටුවෙන් ඇල උනා...

"ඒක තමා මං කීද්දුවෙ නැත්තෙ...අප්පච්චි කීවා පුතා ඇහැරෙනකන් කූද්දන්ට යන්ට එපයි කියලා..."

"කෝ අප්පච්චි..."

"පැක්ටරියට යනවා කියලා මේ දැන් ගියෙ...පුතා මූනකට හෝදන් එන්නකො මං කෑම ලැස්ති කරන්නන්.."

අම්මා එහෙම කියලා රතිරුගෙ හිසත් අතගාලා කුස්සියට පැත්තට යද්දී රතිරු නැගිටලා සාක්කුව දෙකට දෑත් දාන් ඉස්සරහ අඹ ගහ පැත්තට ආවෙ සනාෂ්ව හොයන්...

"නෙත්....."

"අප්පච්චි........"

කතා කලා විතරයි මෙච්චර වෙලා පීටර් එක්ක සයිකල් පැද පැද හිටිය කොල්ලා සයිකලෙත් බිම දාලා දුවන් ඇවිත් රතිරුගෙ ඇගට පැන්නා...දෙන්නාගෙ හුරතලෙට හිනාවෙවි පීටර් පුංචි සයිකලෙත් තල්ලු කරන් වලව්ව පිටිපස්ස පැත්තට ගියා..

"කෑවද මැනික..."

"අප්පච්චි දොයිනෙ...ආච්චිඅම්මා කැව්ව පුතාට... "

"ම්ම්ම්...මගෙ පුතා හොද කොල්ලෙක් නේ..."

"ආච්චිඅම්මත් කීවා..."

"ඒක නෙවෙයි පුතා ආසද අප්පච්චි ගෙදර යන්න...දිනු අංකල්ලත් ඉන්නවා එහෙ.."

"ආසයි..."

"එහෙනන් හෙට අපි යන් ඇ..."

පොඩි එකා හා කියන්න වගෙ හුරතලේට හිනාඋනා...අප්පච්චිත් අකැමැති නොවුන එකෙ රතිරුට දැන් සනාෂ්ව කොළඹ ගෙනියන්න කාගෙන්වත් තහන්චියක් නැ...තාම එහෙමකට තේරුමක් නැති උනත් සනාෂ් පවා අප්පච්චි එක්ක ඉන්න ලැබෙනවා කිව්වොත් කොළඹ යන්න එක පයින් කැමති වෙනවා...කොල්ලට ඕන උනෙ හැමවෙලේම අප්පච්චි ලග ඉන්න විතරයි...

"අප්පච්චි..."

"ම්ම්ම්..."

"අපි හාස බෝට්ටු පදින්න යන්..."

"කොහෙ...? "

"අල වැවෙ අනෙ..."

"හ්ම්...හවස චුටී අම්මත් කතා කරන් යන්..."

"පොමිස්...?"

"ප්‍රොමිස් අනෙ ප්‍රොමිස්..."

රතිරු මීට මාස කීපෙකට උඩදි නිවාඩු ආව වෙලෙ නන්ගිවයි කොල්ලවයි රන්තාලිය වැවෙ බෝට්ටු පදින්න එක්කන් ගියා නන්ගිගෙ ආසාවට...එවෙලෙ බෝට්ටු පදින එකට සනාෂ් හරි ආස උනා...සනාෂ් කොහොමත් වතුරට ආස බව රතිරු දන්නවා...එදා හවස පොඩි එකා ගෙදර ආවෙත් ආයෙ හෙටත් බොට්ටු පදින්න එමු කිය කිය...පස්සෙ ඒක හිමිට අමතක වෙලා ගියත් කොල්ලට ආයෙ ඒක මතක් වෙලා යන් කියද්දි රතිරුටම පුදුමයි ඉතින්...කොහොමත් කොළඹ ගියාම මාස දෙක තුනකට වතාවක් නෙ එන්න වෙන්නෙ..ඒ හන්දා ඔන්න ඔහෙ අද කොල්ලා එක්ක ටිකක් ඇවිදින්න යනවා කියලා හිතන් රතිරු කොල්ලට හවස බොට්ටු පදින්න යන් කියලා පොරොන්දු උනා...

"පුතා එහෙනන් ගිහින් හිමිට ලෑස්ති වෙන්නකො ආච්චිඅම්මට කියලා...මං චුටී අම්මට කොල් කරලා එන්නම්.."

රතිරු කොල්ලව බිමින් තිබ්බ විතරයි කොල්ලා වෙඩිල්ල වගෙ වලව්වට දිව්වා ආච්චිඅම්මෙ ආච්චිඅම්මෙ කිය කිය...දැන් ඔය කලබලෙ ලෑස්ති වෙලා ඉක්මනට යන්න...චුටී අම්මත් එන හින්දා කොල්ලට ඉහේ මලක් පීපිලා වගෙ හිටියෙ...රතිරු සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් නන්ගිට කෝල් කලා...

"හලෝ චුටී..."

".............................."

"මං නිවාඩු ආවා රෑ...හවස කුරුණෑගල යනවා...එනවනෙ..?"

".................................."

"හා..දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න..මං එන්නන් දොලහමාරට විතර..."

"................................"

"හරි චුටී...බුදුසරණයි..."

සනාෂ් ලෑස්ති උන ගමන් අප්පච්චි ගාන් එන බව දන්න නිසා රතිරු ෆෝන් එක සාක්කුවට දාන් නාලා ලෑස්ති වෙන්න හිතන් වලව්ව ඇතුලට ගියා...

රතිරු නාලා ලා බේජ් පාට කලිසමට තද නිල් පාට ෂර්ට් එකයි දුඹුරු පාට චෙල්සි බූට්ස් වර්ගයෙ සපත්තු ජෝඩුවයි දාන් තෙත කෙස් ටිකත් ජෙල් ටිකක් ගාන් අතින් එහාමෙහා කරගෙන පඩිපෙළ බැස්සා...
අම්මා රතිරුට කන්න කෑම මේසෙ ඇරල කිරි කෝප්පෙත් ගෙනත් තියලා අඩුපාඩු බල බල උන්නෙ රතිරු පහලට එනකන්...

"මගෙ කොල්ලා ලෑස්ති ද.."

ලස්සන ඇදුමකුත් දාගෙන සාලෙ පුටුවකට වෙලා රතිරු ලැහැත්ති වී එනකන් බලන් උන්න සනාෂ්ට හිනාවෙලා ඇවිත් කෑම මේසෙන් ඉදගද්දි අම්මා රතිරුගෙ පිගානට කෑම බෙදුවා...දවල් දොලහටත් කිට්ටු කරලා තිබුන හන්දා රතිරු දවල්ටත් හරි යන්නම කෑම බෙදන් කාලා කිරි කෝප්පෙත් එක හුස්මට හිස් කලා...

"අම්මත් යන්කො අපි එක්ක..."

"මගෙ දනිස් කැක්කුමනෙ පුතේ...පුතාලා ගිහින් එන්න...අප්පච්චිත් දවල්ට කන්ට එනවා නෙ.."

"අපරාදේ..නන්ගිලත් යනවා..."

"ඉතින් අයියලා නන්ගිලා ගිහින් එන්නකො..."

"හ්ම් හ්ම්..."

"කොහෙ ගියත් කාරි නැ හැන්දෑ වෙන්න කලියෙන් එන්න ඕන...මං අප්පච්චිටත් කිවා අද ඔක්කොම පන්සල් යන් කියලා...චුටී දූටත් මං කීවා පෝන් කරලා..."

"කලින් එන්නම් එහෙනන්..."

රතිරු කාලා ඉවර කරලා වතුර වීදුරුවත් බීලා කුස්සියට ගියා...අත හෝදන් ඇවිත් කෑම මේසෙ තිබ්බ කෙහෙල් ඇවරියෙන් ගෙඩියක් කඩාගෙන කකාම රතිරු සාලේ සැටියෙ වාඩිවෙලා සනාෂ්වල හුරතල් කර කර උන්න අම්මා ගාවට ඇවිත් උකුලෙන් ඔලුව තියාගත්තා..

"හිස කැක්කුම ද ලොකු පුතේ..."

"ම්ම්...මේ අව්වට ද කොහෙද."

"පැනඩෝල් පෙත්තක් බොමුද පුතේ.."

"එපා දැන්..පොඩ්ඩක් ඔලුව අතාගන්නකො අම්මෙ.."

රතිරු දෑත් බැදන් ඇස් පියාගද්දි අම්මා ඔලුව අතගගා නලල දෙපැත්ත අත් දෙකෙන් පිරිමැද්දෙ හරි පරිස්සමෙන්...හිස කැක්කුමටත් වඩා අම්මට කියලා ඔලුව අත ගාගන්න වුවමනාවට රතිරු උකුලෙ ඔලුවෙ තියන් ඉන්න බව අම්මා හොදටම දන්නවා...රතිරු පුංචිකාලෙ ඉදන් එහෙමයි...හුරතල් වෙන්න කැමත්ත තිබුනට හරිම ලැජ්ජකාරයා කියලා අම්ම දනි...රතිරුගෙ මේ වගෙ පුංචි පුංචි දේවල් වලට අම්මගෙ හිත මහ ගොඩක් පිරෙනවා...

අම්මා තනියෙන් හිනාවෙවිම නිදාගෙන උන්න රතිරුගෙ කෙස් අතරින් අතැගිලි ගෙනයමින් හිස පිරිමැද්දෙ හිතෙ උතුරන වචනෙන් කියාගන්න බැරි තරම් සෙනෙහසෙන්...

---------------------------------------------------------

"නෙත්...චුටී අම්මට කියන්න අපි එනගමන් කියලා..."

රතිරු කඩපිල ලගින් ජිප් එක මහපාර පැත්තට හරවන ගමන් නන්ගිට කෝල් එක ඩයල් කරලා සනාෂ්ගෙ අතට ෆෝන් එක දුන්නේ නන්ගිට ගමනක් යන්න ගියාම ලැහැස්ති වෙන්න යන්න වෙලාව ඒ කාලේ ඉදම්ම රතිරු හොදාකාරවම දන්න නිසා...

අරලියා උඩවත්තෙ කියන්නෙ පුංචි කාලෙ ඉදන්ම වෙලාවට වැඩක් කරපු කෙල්ලෙක් නෙවෙයි ඉතින්...ගමනක් බිමනක් යන්න ලෑස්ති උනත් පැයක් එකාමාරක් රතිරු බලන් ඉන්නවා නගා ලැහැස්ති වෙනකන්...අනිත් කෙල්ලො බැන්දම පිලිවෙල උනත් රතිරු දන්නවා එයාගෙ ආදරනීය නන්ගි නන් එහෙම වෙනස් නොවෙන බව...රතිරුට ඉතින් ඔව්ව මතක් වෙන මතක් වෙන හැමවෙලේම අහිංසක දිල්ෂාන් මල්ලි ගැන අනුකම්පාවක් ඇති උනෙ...

දිල්ෂාන් කියන්නෙ රතිරුගෙ ඉස්කොලේ කාලෙ ආශ්‍රය කරපු අයගෙන් හිටිය හොදම ජුනියර් කෙනෙක්...ඉස්කෝලේ කාලේ දිල්ෂාන්ලට වඩා සීනියර් කැඩෙට් බැජ් එකෙ රතිරු හිටියෙ...කැඩෙට් ප්‍රැක්ටිස් සහ රන්ටැඹේ කැම්පින් වගෙ දේවල්  හන්දා දෙන්නා හොද යාලුවො උනා...නමුත් රතිරු ඉස්කෝලෙන් අවුට් වෙලා ආමි එකට ගියායින්‍ පස්සෙ දෙන්නට දෙන්නා මගහැරුනත් වසර කීපෙකට පස්සෙ දිල්ෂාන්ට රැකියාවෙ පලමු පත්වීම ලෙස කුරුණෑගල පොලිස් ස්ථානධිපති තනතුර ලැබීම දෙන්නගෙ මිතුරුදම ආයෙ උඩ එන්න ලොකු හේතුවක් උනා...ඒකෙ ප්‍රතිඵලයක් විදියට දිල්ෂාන් රතිරුගෙ පවුලේ ලගම හිතවතෙක් උනෙ අම්මගෙත් අප්පච්චිගෙත් හිත ද දිනාගනිමින්...
පවුලට විතරක්ම නෙවෙයි දිල්ෂාන් පුංචි සනාෂ්ට පවා හරිම ලෙන්ගතුයි...කාලය එක්ක නිතර දෙවෙලෙ හමුවීම් නිසා ඇති උන දිල්ෂාන් අරලියා ආදරෙ විවාහය දක්වා ගියෙ අම්මා අප්පච්චි වගෙම රතිරුගෙත් ආශිර්වාදය ඇතුවයි...

රේඩියෝ එකෙ වාදනය උන ගීතයෙ ගිලිලා ඒක මුමුණම අරලියාලගෙ ගේ ගාවටම ආව කොල්ලා ජිප් එක අරලියලගෙ ගේ ඉස්සරහ නවත්තලා හෝන් කලා...

"අයියෙ ගෙට එන්න..."

"බැ චුටී...ඉක්මනට යන්...හවස්වෙන්න කලින් එන්න ඕන අද පන්සල් යන්න ඕන කියලා අම්මා කලින් එන්න කිව්වනෙ..."

"ආ...ඔව් ඔව් මටත් කිව්වා...ඉන්න මං දොර වහලා එන්නම් ඉක්මනට..."

අරලියා කලබලෙන් ආයෙ ගේ පැත්තට යද්දී රතිරු ජිප් එකෙන් බැහැලා දිල්ෂාන්ට ඩ්‍රයිවින් සීට් එක දීලා අරලියා දොර වහලා එනකන් බලන් හිටියෙ ඉණට අත් තියන්...කෙල්ල යතුරු කැරැල්ල සයිඩ් බැග්  එකට දාගන්න ගමන් හිනාවෙවි ඇවිත් ජිප් එකෙ පිටිපස්සෙ සීට් එකට නගිද්දි රතිරු ගේට් එකත් ලොක් කරලා ඇවිත් ඉස්සරහ සීට් එකට නැග්ගා...

"අනේ මගෙ චුටී මැනික..."

"චුටි අම්මි පුතාව ගන්නකූ..."

අරලියාව දැක්ක ගමන් ඉස්සරහ සීට් එකෙ උන්න සනාෂ්ට එයා ගාවට යන්න ඕන කියද්දි රතිරු කොල්ලව උස්සලා පිටිපස්සට දුන්නා...
චුටී අම්මා ගාවට ගියවෙලෙ ඉදන් දෙන්නා හරි හරියට මොනවදො කියවනවා..පොඩි එකාට චුටී අම්මාව හම්බුනෙ දවස් හතර පහකට පස්සෙ නිසා කියන්න විස්තර ගොඩයි...අතරින් පතර ඇහෙන දේවල් වලට මස්සිනාලා දෙන්නා සැරෙන් සැරෙ පිටිපස්ස බල බල තනියෙන් හිනා උනා...
සනාෂ්ගෙ ඉවරයක් නැති පණ්ඩිත කියවිල්ලට ඉතින් ඕන කෙනෙක්ට හිනා යනවා...

"කොහොමද දිල්ෂාන් මල්ලි දැන් වැඩ..?"

"අව්ලක් නැ අයියේ..මේ ටිකෙ පොඩ්ඩක් වැඩ වැඩි..."

දිල්ෂාන් ජිප් එක මහපාරට දානගමන් රතිරුට පිලිතුරු දුන්නා...

"මෙහෙ කුඩු සීන් වැඩිවෙලාලු නේ...අපේ කුරුණෑගල කැම්ප් එකෙ CO කිව්වෙ මෙහෙ සමහර පැති වලට චෙකින් වලට යනවා කියලා අපේ සෙට් එක.."

"ඔව්...පහුගිය ටිකේම මෙහෙ ඉස්කෝලේ යන පොඩි උන් ගාව එහෙම තිබිලා මාර විදියට මාට්ටු උනා...ඔය ඔක්කොම ඉතින් උඩ පුටුවල ඉන්න උන්ගෙ කරන කාලකන්නි වැඩ තමා...අහිංසක පොඩි උන් අහුවෙනවා..."

"පව් තමා...බට් අවදානයෙන් වැඩ කරපන්..අද සමාජෙ වෙන දේවල් එක්ක...අනිත් උන් පරිස්සම් කරන්න කලින් උබ පරිස්සම් වෙන්න ඕන...ඔය රස්සාවෙදි හතුරො වැඩි...මතකනෙ අරුණ මල්ලිට උන දේ...ඒ හන්දා උබ කිසිම කෙනෙක් තරහ නොකරන් හැමපැත්තම බැලන්ස් එකෙන් ගේම ගහපන්..."

රතිරුගෙත් දිල්ෂාන්ගෙත් මිතුරෙක් උන අරුණ , පොලිසියෙන් කල හෙරොයින් වැටලීමකදි දේශපාලන උපදෙස්වලට යටවෙලා උන්ව නිදහස් නොකර ඉදලා අන්තිමට එකෙ පලිය විදියට උන්ගෙ අතින් බල්ලෙක් වගෙ පාරෙ මියගිය විදිය රතිරු මතක් කලේ මුනත් කලු කරන්...

"හ්ම්..ගිය පාර බඩු වගයක් මෙහෙන් කොලඹට පටවද්දි අතටම මාට්ටු...මෙහෙ අර කුඩු අජියා මං එක්ක ඇරියස් ඕකට...ඕක පිටින් ආව ඔත්තුවකට මාට්ටු උනාට මං ඕක වෙනකන් බලන් හිටියෙ කියලා පොර දන්නවා...පොර එවෙලෙ නන් වැඩෙ ශේප් කරගන්න මීක් නැ...ඒත් ඕකා නිකන් ඉන්න එකක් නන් නැ..."

"පරිස්සමෙන්...ඉස්සර වගෙ නෙවෙයි දිලා උබ දැන් බැදලා..උබ එක්ක තව වගකිමක් තියෙනවා උබට...දන්නවානෙ මං නන්ගිව උබට දුන්නෙ උබව ගොඩක් විස්වාස කරලා.."

"ඒක මං දන්නවා අයියේ...ඒ ව්ස්වාසෙ මං නැති කරන්නැ...බයනොවී හිටපන්..."

දිල්ෂාන් එයාව විස්වාස කරන්න වගෙ බැල්මකින් මස්සිනා දිහා බැලුවෙ...රතිරු මුකුත් නොකියා ඔලුව හොල්ලලා ආයෙත් පාත් කරලා තිබුන ෂටර් එකෙන් එලිය බලාගත්තා...

නන්ගිගෙ සතුටයි දිල්ෂාන්ගෙ තියෙන හොද පර්සනලිටි එකයි හන්දා කැමති උනත් දිල්ෂාන්ගෙ රස්සාව නන්ගිට බලපායි දෝ කියලා ලොකු චකිතයක් බයක් අයියා විදියට රතිරුගෙ හිතේ මුල ඉදන්ම නොතිබ්බාමත් නෙවෙයි...

------------------------------------------------------

දවස පුරාම යුනිවර්සිටි එකෙ ඉදලා ඉදලා හවස ලයිබ්‍රි එකටත් ගිහින් ගෙදර එද්දි චාරුද්ට හොද ගනන්...මෙච්චර කාලයක් නිව්සිලන්ඩ් ඉදලා ආව නිසාදෝ ලංකාවෙ හැමදේම පොඩ්ඩක් අලුත් වගෙ කොල්ලට...නිව්සිලන්ඩ් වලට හිටිය වගෙ නිදහසෙ විනෝදෙන් ඉන්න මෙහෙදි ඉන්න හිතන්නවත් බැරි තරන්...අම්මා තාත්තා විතරක් නෙවෙයි අයියයි අක්කයි උනත් පොඩි එකෙක්ගෙ වගෙ හැමදේම ඇගිලි ගහ ගහ හොයලා බලනවා..

ලංකාවට ඇවිත් ගෙව්ව මේ මාසෙ ඇතුලත ජීවිතෙ උන වෙනස්වීම් ගැන හිත හිත නානකාමරෙන් එලියට ආව
චාරුද් එහෙමම වැටුනෙ ඇදට...

වටෙන්ම ඉන්න ගාඩ්ස්ලා , ගොඩ ගැහුන අසයින්මන්ට් , චිල් එකෙ ඉන්න යාලුවො , ඉස්සර ගෙව්ව නිදහස් ජීවිතෙ , මේ හැමදේම ගැන මුල ඉදන් අගට හිතද්දි ගතට වඩා හිතට හරි මහන්සි...ඇත්තටම චාරුද්ට හිතුනා අපරාදේ ලංකාවට ආවෙ කියලා...ආපු එකෙන් උන එකම හොදේ පව්ලෙ අය එක්ක එක ගෙදර ජීවත් වෙන්න ලැබෙන එක විතරයි...එහෙදි තිබුන මානසික නිදහස නැත්තටම නැතිවෙලා...එහෙදි අම්මා තාත්තා නැති උනත් නිදහසෙ ඔන දෙයක් කරන් සාමාන්‍ය විදියට ජිවිත් වෙන්න පුලුවන් උනා...මෙහෙදි ඒ හැමදේටම වැටකොටු බැදිලා...ඇමති පුතෙක් නිසා හැමෝගෙම අවදානය අනවශ්‍ය විදියට එයාට යොමුවෙලා වගෙ එයාට දැනුනෙ...

"චුටි පුතා..........!!!!"

"චාරුද්......!!!"

ගෙදර ෂීට් උඩ යන්න ඇහුන තාත්තාගෙ ගිගිරුමට කල්පනාවෙ හිටිය චාරුද් ගැස්සිලා ගියා...කොල්ලා ඉක්මනට ඇදෙන් බැස්සෙ පහලට යන්න...තව පරක්කු වෙලා   එයා මෙතනට ආවොත් වෙනදේ ඉතින් අමුතුවෙන් හිතන්න ඕන නැනෙ...පොඩි කාලෙ ඉදම්ම චාරුද් තාත්තාගෙ හැටි දන්නවනෙ...

"චාරුද් පුතේ උබ අද මුකුත් වැරැද්දක් එහෙම කරෙ නැනෙ...මිස්ට මෙන්ඩිස් අද කතා කරන ටෝන් එක නන් එච්චර අල්ලන්නැ..."

චාරුද් පහල බල බල ඉක්මනට පඩිපෙළ බැස්සෙ මොන විදියෙ බකට් එකක් දන්නැ අද පෙරලෙන්න  යන්නෙ කියලා හිත හිත...ගෙදර ඔක්කොම සාලේ ඉන්න එකෙන්ම කොල්ලා තේරුම් ගත්ත මොකක් උනත් වෙලා තියෙන දේ නන් බරපතළ බව...තාත්තායි අයියයි දෙන්නම හිටියෙ චාරුද් දිහා කන්න වගෙ බලන්...අම්මා හිටියෙ සසර කලකිරිලා වගෙ...අක්කා නන් ඉතින් කවදත් අන්ද මන්දවෙලා වගෙ නෙ හිටියෙ...චාරුද් එක එක්කෙනාගෙ මූහුනුවල රියැක්ශන් බල බලම අඩිය ඉක්මන් කලා..

"චූටි පුතා...!!"

"ඇයි තාත්තා..."

චාරුද් සාක්කුවට දෑත් රුවා ගනිමින් ඇවිත් අයියයි අක්කයි වාඩිවෙලා හිටිය සෝෆා එක පිටිපස්සෙන් හිටගද්දි ඔක්කොම හැරිලා එයා දිහා බැලුවා...
අයියා නන් හිටියෙම කොයිවෙලෙ හරි ඇදලා අරන් නෙලන සීන් එකෙ...

"මොකද අප්පා ඔහොම බලන්නෙ..."

ඇස් ලොකු කරන් ඇහුවත් කිසිම කෙනෙක් උත්තර නොදි මුණ දෙස බලන් හිදිම කොල්ලගෙ කුතුහලය තවත් වැඩි කලා...කුතුහලයටත් වඩා ඒක කේන්තියක්...

"චාරුද්...තමුන් අර සමගිවත්තෙ අජන්තයා එක්ක පැටලුනද..."

"මොන...? මං දන්න අජන්තයෙක් නැ..."

තාත්තා ජීවිතෙට නොදන්න මනුස්සයෙක් ගැන කියලා දන්නවද අහද්දි චාරුද්ට කිසිම දෙයක් තේරුන්නැ...ඊටත් වඩා වාඩිවෙලා සැරෙන් සැරෙන් එයා දිහා බල බල පුප්පන අයියාව දැක්කම කොල්ලට ඔක්කොමටම වඩා අව්ල්...අම්මාගෙයි අක්කගෙයි මූනු ඔක්කොමටම හපන්...මොන වැරැද්දක් කලාටද ගෙදර අය මෙහෙම හැසිරෙන්නෙ කියලා චාරුද්ට ලොකු ප්‍රශ්නයක්...

"ඔය බලනව චුටී පුතා..තමුන් මෙහෙ උන් එක්ක පැටලෙන්නෙ කාගෙ කව්ද කියලාවත් නොදැන..ඇත්තටම තමුන් මෙහෙ තව තියාගත්තොත් මගෙ ඇමතිකමයි තමුන්ගෙ ජීවිතෙයි දෙකම නැති කරලයි මේවා කෙලවර වෙන්නෙ..."

"ප්ලීස් තාත්තෙ..මට පැහැදිලිව කියනවද ඔයාලා මොනවද මේ කියන්නෙ කියලා...මොකක්ද මං දැන් කරෙ ඔයාගෙ ඇමතිකම නැතිවෙන්න තරන්..."

"තාත්තගෙ ඇමතිකම නෙවෙයි යකො තොගෙ ජීවිතෙ ගැන හිතපන්..
මීහරකා..මොකටද උබ අර කුඩුකාරයො එක්ක පැටලෙන්න ගියෙ..උබට ඕන කුණුකානුවක බල්ලෙක් වගෙ මැරෙන්නද යකෝ..."

"ලොකු පුතා..."

තාත්තා කට පියන් වාඩිවෙද්දි අයියා චාරුද්ට හිතන්නවත් වෙලාවක් නොදි බැනගෙන බැනගෙන ගියා...අම්මා ඒක නවත්තන්න උත්සාහ කලත් අයියා හිටිය ලොකු කේන්තියකින්...හැබැයි ඒ වචනවල තිබුනෙ තරහකටත් වඩා චාරුද් වෙනුවෙන් තිබ්බ ආදරෙ...

"අර එදා සිද්ධියද මේ කියන්නෙ..?"

චාරුද් තැන තැන ප්ලේස් වෙලා හිටගෙන හිටිය බොඩිගාඩ්ස්ලාගෙන් එදා එයා එක්ක එලියට ගිය ගාඩ් දිහා බැලුවා..

"ඔව් චාරුද් සර්..."

ගාඩ් බිම බලන් කනස්සල්ලෙන් වගෙ කියද්දි චාරුද්ට මලපැන්නා...ගෙදරට කියන්න එපා කියල එච්චර කියලත් මෙහෙ කිව්වම ඉතින් තරහ යන එක ආසාදාරන නැනෙ...

"ඌට පුප්පන්න එපා බන්...ඌ කිව්ව ලබ්බක් නැ...තාත්තාට පිටින් විස්තරෙ ආවෙ..."

ගාඩ්ට පුප්ප පුප්ප හිටිය චාරුද් ඇවිත්  අක්කගෙ පැත්තෙ සෝෆා අතෙන් වාඩිඋනෙ මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරුව...හැමදේම ලොකු පැටලිල්ලක් වගෙ චාරුද්ට දැනුනෙ...මුලු හිතම පුදුම විදියට නොසන්සුන් වෙලා...

"මට ඔයාලා මේ කියනකිසි දෙයක් තෙරෙන්නෙ නැ තාත්තා...ප්ලීස් එක්ස්ප්ලේන් කරන්න මේක..."

"නිරුද්..."

චාරුද් පැටලිල්ල ගැන අහද්දි තාත්තා අයියාටම පිලිතුරු දෙන්න බාරදීලා නලලත් අතගගා අම්මා වාඩිවෙලා හිටියෙ සෝෆා එකෙ කොනෙන් වාඩි උනේ ඊලගට මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව වගෙ...

"එදා නාලන්දේ ලගදි තමුසෙ එක්ක පැටලුන මිනිහා...උබට මතකද.."

"හ්ම්..මතකයි..."

"ඌ තමා ලංකාවෙ ගොඩක් ප්ලේස්වලට හෙරොයින් සප්ලයි කරන කුඩු අජියාගෙ මල්ලි...ලංකාවේ ඕන තැනකට උන්ගෙ කනෙක්ෂන් තියෙනවා...ඔය ඔක්කොම උන් විපක්ෂේ ඉන්න සංජයගෙ ඩ්‍රග් බිස්නස් ටික බලාගන්න දාපු පාතාල හෙන්චයියො...උබ දන්නැ....සංජය කියන්නෙ එසෙ මෙසෙ එකෙක් නෙවෙයි ප්‍රයිම් මිනිස්ටර්ගෙ ඥාතියෙක්...ඒ කියන්නෙ කොයිපැත්තෙන් ගියත් ඌ එක්ක හැප්පෙන එක ලේසි නැ...
ඌමයි තාත්තාට කෝල් කරලා උබ ගැන කියලා වෝන් කරලා තිබ්බෙ...ඒ කියන්නෙ උන් උබ ගැන අවදානයෙන් ඉන්නෙ..."

"ඉතින්...හූ කෙයාර්ස්..? "

චාරුද් ගානක් නැතුව අහක බලන් කියද්දි අයියව තරහටම රතු උනා...මෙච්චර දෙයක් ගැන කොහොමද එහෙම සැහැල්ලුවෙන් හිතන්නෙ...

"තේරුන් ගනින් යකෝ...උන්ට අනක්ගුණක් නැ...අපේ තාත්තා ෆොරින් එෆෙයාස් මිනිස්ටර් කියලා උන්ට ලොකු නැ බන්...තෝව මරලා දායි බල්ලෙක් වගෙ...ඒකයි උන්ගෙ සිස්ටම් එක..."

"එහෙම කරන්න නන් මොකටද නීතියක් තියෙන්නෙ මෙහෙ.."

"එච්චර නිතිගරුක වෙන්න මේක නිව්සිලන්ඩ් කියලද උබ හිතන්නෙ...මේ ලංකාව යකෝ..තේරුන් ගනින්..ආයෙ කිසිම විදියකට උන් එක්ක උබ පැටලෙන්න යන්න බෑ..."

"එහෙම කොහොමද...උන් එදා අර පොඩි එකෙක් අල්ලන් ඌට කියලා බලෙන් ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝට් කරන්න ලෑස්ති උනේ...පොඩි එකා බෑම කියද්දි...ඒකයි මං එවෙලෙ ඌට බැනලා පොලිසියට කම්ප්ලේන් කරෙ..ඌ කරපු වැඩෙ වැරදි..."

"අනේ මේ උබ හිතන් ඉන්නෙ ඌ තාම ඇතුලෙ කියලා..උන්ට ඕක නෝමල්...
ලොකප් කරලා පැයෙන් උන් ආයෙ ගෙදර...
උබ කරපු වැඩෙන් වෙන එකම දේ උන්ගෙ තරහාකාරයො ලිස්ට් එකට උබ වැටුන එක විතරයි යකෝ...උන්ට පොලිටිකල් පවර් එක තියනවා...මිනියක් මරලා දාල උනත් උන් සතියෙන් දෙකෙන් එලියට එයි...උන්ට ඒක නෝමල් දෙයක්...ඒකයි උබට මෙච්චර කියන්නෙ...උන් වැරදි තමා ඒත් අපිට රටෙ මිනිස්සු හදන්න බෑ...එහෙම හදන්න යනවා නන් පව්ල් පිටින් වල පල්ලට යන්න බලන් තමා කරන්න ඕන ඒක..උබට ඒකද ඕන...මං නෙවෙයි අක්කයි අම්මයි ගැන හිතපන්...ආයෙ කිසිම විදියකින් මොනම දේකටවත් උබ උන් එක්ක පැටලෙන්න බෑ මල්ලි...ආයෙ මං කියන්නෙ නැ..මට කියන්න ඉඩ තියන්නත් එපා..."

"හ්ම්..."

"අනිත් දේ කොහෙ ගියත් ගාඩ්ස්ලා අරන් පලයන්..උබ තවත් මුරණ්ඩු උනොත් ආයෙ උබව නිව්සිලන්ඩ්ම යනවා මල්ලි ඇත්තමයි..."

චාරුද් කිසිම දෙයක් ගානකට නොගත්තත් නිරුද් කියන්න ඕන ටික කිව්වා..
සාමාන්‍යයෙන් නිරුද් කියන්නෙ තරහා යනවා බනිනවා අඩු කෙනෙක්...මෙහෙම දේකදි ඇරෙන්න එයා කට අරින්නෙම නැති තරම්...ඒක අම්මා තාත්තා වගෙම එයාගෙ නන්ගියි මල්ලියි පවා හොදටම දන්න දෙයක්...

කලාතුරකින් උනත් අයියගෙන් බැනුමක් අහද්දි චාරුද්ගෙ හිත හරියට පෑරෙනවා...ඒක දන්න හින්දම කොල්ලගෙ හිත හදන්න වගෙ අක්කා එයාගෙ කකුල පිරිමැද්දේ ලාවට හිනාවෙලා...

"තරහකට නෙවෙයි චුටී පුතා මේ කියන්නෙ...අයියට නෙවෙයි මට උනත් තරහා යනවා...ඔයා තාම මෙහෙට අලුත්...
කිසිම දෙයක් ගැන නොදැන ප්‍රශ්න ඇතිවෙන දේවල් වල පැටලෙන්න එපා...ප්ලිස්..."

"හ්ම්...සොරි තාත්තා..."

"හ්ම්..ඉස්සරහට කරන හැමදේම මොලෙ පාවිච්චි කරල කරන්න පුතා...එහෙ වගෙ නෙවෙයි මෙහෙ..හැමදේම හරි අමුතුයි...
පරිස්සම් වෙන්න ඒ නිසා.."

"ඔව් පුතා...බී කෙයාෆුල්...ඔයාට ආදරෙට මේ හැමදේම කියන්නෙ.."

"හ්ම්..අයි නෝ අම්මා..."

තාත්තා නැගිටලා කාමරේට යද්දි අම්මා චාරුද් ලගට ඇවිත් ඔලුවත් අතගාලා තාත්තාගෙ පස්සෙන්ම කාමරෙ පැත්තට ගියා...අයියත් එහෙමම නැගිටලා උඩ ගියෙ චාරුද් එක්ක එක්ක වචනයක්ම කතා නොකර උරහිසට තට්ටුවක් දාන්...

"දැන් කාමරේට ගිහින් රෙස්ට් කරන්න...යුනි ගිහින් ආව විතරයි නෙ...මං තේ හදන් එන්නන් උඩට...ඔයා ආස හින්ද චොක්ලට් කේක් හැදුවා මං..ඒවත් අරන් එන්නම්කො..."

"හ්ම්..."

නුරාෂා හිනාවෙලා නැගිටලා කිචන් එක පැත්තට ගියා තේ හදන්න කියලා...
ගාඩ්ස්ලත් ඔක්කොම එලියට ගියාම අන්තිමට සාලේ ඉතුරු උනෙ චාරුද් විතරයි...කොල්ලා ටිකක් වෙලා වාඩිවෙලා ඔහේ කල්පනා කර කර හිටිය එයා ලංකාවට ආවට පස්සෙ ගෙදර අයට නැති ප්‍රශ්නයක් ආවා වගෙ හැගීමකින්...
ඇත්තටම එයා එවෙලෙ කලබල වෙලා නැති ප්‍රශ්නයක් පටල ගත්තා වගෙ හැගීමක් එයාට දෑනුනේ..

කොල්ලා නලල දෙපැත්ත අත්වලින් මසාජ් කර කර පඩිපෙළ නැග්ගා...

මේ ප්‍රශ්නය නිසා ඔලුවෙ තිබ්බ ප්‍රේෂර් එකට තවත් ප්‍රෙෂර් එකක් එකතු උනා වගෙ...හැමදේම එන්න එන්න සංකීර්ණ වෙනවා විතරයි...ඔලුව පුපුරන්න වගෙ කැක්කුමයි කල්පනා කරලම...එහෙමයි කියලා කල්පනා නොකර විසදුම් හොයන්න බෑනෙ...සමහර වෙලාවට චාරුද්ට ලොකු බයක් දැනුනා ඉස්සරහට එයා නිසා ලොකු ලොකු ප්‍රශ්න පව්ලට එයිදෝ කියලා...

කොල්ලා හැමදේම හිත හිතම කාමරෙට ඇවිත් ටීෂර්ට් එක ගලවලා පුටුව උඩට දාලා සීලිං ෆැන් එකත් ඔන් කරන්ම ඇදෙන් හාන්සි වෙලා ඇස් පියාගත්තේ මේ හැමදේම තත්පර කීපෙකට අමතක කරමින්....

- Dream_Yo -

-------------------------------------------

Hi Diamonds 💎 ,
කොහොමද ඉතින්...😌
ආප්ට පියු ඩේස් නේත ඒයි...
අප්ඩේට් ඉල්ලන ලමයින්ට ඔන්න ගෙනාව අප්ඩේට්...🌚

කියවල අමතක නොකර වෝට් කරන් කමෙන්ට් කරන් යන්න...🌚❤️

ඊලග අප්ඩේට් එකෙන් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න..🦋❤️

Dream_Yo 🦋

2024 / 01 / 20

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

627 113 10
සූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤️-Jimin-❤️
8.6K 924 13
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
12.6K 1.1K 59
Ananya's plan was to keep a low profile and complete her high school. Falling in love was not her plan. Falling for devilishly handsome nerd was defi...
77K 12.9K 129
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය