මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.1K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

5

519 92 86
By zara-N1111

වර්තමානය.

Zhan ගේ , ඒ කිව්වේ ඒ දෙන්නාගෙම ගෙදර අපි පැය දෙකක්..විතර බලාගෙන හිටියා.
Yibo ට කෝල් කරන්න විදිහක් නෑ zhan ට , එයාගෙ නම්බර් එක block කරලනෙ.
Zhan එහෙට මෙහෙට ඒ කිව්වේ lele ට( yibo ගෙ ආරක්ෂක නිලධාරි) , yibo ගේ මැනේජර්ට එහෙම කෝල් කරල දැනගත්තා එයා අද උදේ racing track එකට ගියා කියලා.

" එයා ප්‍රැක්ටිස් ඉවර කරලා ඒවි , කීයට හරි ගෙදර .
අපි එතකල් ඉමු.. " zhan ෆෝන් එක පැත්තකින් තියල පුටුවට වැටෙන ගමන් කිව්වා.

ඒත් අපිට එහෙම කීයට හරි එනකල් බලන් ඉන්න වෙලාවක් නෑ. දවස් දෙකයි නිවාඩු හම්බ වුනේ. Hengdian ඉදන් Beijin වලට flight එකට පැය 14 ට වැඩිය ගියා.. ඉතින් යන්න එන්න flights දෙකට වෙලාව ගියාම පැය කීයද ඉතුරු වෙන්නෙ පැය 48 කින්?? මේ නාස්ති වෙන කාලය අපරාදේ. මේ දෙන්නා හමුවෙලා කතාකරලා , තියෙන ගැටලුවක් විසදගන්න ඕන ඉක්මනින්ම.

" බොස්, මගේ ෆෝන් එකෙන් yibo බොස්ට කතාකරල බලන්න "
මම කිව්වා.
මේකා XZ studio එකේ හැමෝවම block කරල නැතුව ඇතිනෙ.

" හොදයි".
Zhan මගේ ෆෝන් එක අතට අරගෙන ඒ නම්බර් එක ඩයල් කලා. ඔහු ගොඩක් anxious වෙලා වගෙයි.
ඒ දිග ඇගිලි යන්තම් වෙව්ලුවා.

ඒ පාර නම් කෝල් එක අනික් පැත්තෙන් ආන්ස්වර් කලා.

" බෝ.. මේ මම..
මම ගෙදර ඉන්නෙ.. Beijin වල".
Zhan ගෙ ඒ කටහඩ ඒ ස්වරය මම කවදාවත් අහල නෑ
Yibo මොනවද කිව්වේ කියලා මට ඇහෙන්නෙ නෑ.

ඉක්මනින්ම කෝල් එක ඉවර වෙලා Zhan ෆෝන් එක මට ආපහු දුන්නා.
" එයා දැන් ඒවිེ . මම එච්චර දුරක් ගෙවාගෙන Hengdian වල ඉදන් ගෙදර ආවම එයා නෑවිත් ඉන්නෙ නෑ මොනව වුනත්"

..............❤️💚.................

2020 නොවැම්බර්

ඉතින් zhan එන්න කිව්ව විදිහට මම එයාගෙ හොටෙල් රූම් එකට එදා ගියේ සුපුරුදු treatment session එකට කතා කලා කියලා හිතලා.
එහෙනම් දැන් අර guest ගිහිල්ලා ඇති මට හිතුනා.

මම බොස්ගෙ hotel suite එකට ගියාම මැනේජර්, Wu Chengනුත් වාඩිවෙලා හිටියා ඇතුලේ.

" රයන්, මම කතා කලේ ලොකු උදව්වකට. මගේ යාලුවෙක් ඇවිත් ඉන්නවා මාව හමුවෙන්න . එයාගේ කකුලේ වලලුකර පොඩි injury එකක් වෙලා . ඔයාට පොඩ්ඩක් එයාව බලන්න පුළුවන්ද?"
Zhan මට හිදගන්න කිව්වට පස්සෙ ඇහුවා.

" අනිවාර්යයෙන් බොස්. මම බලන්නම්. "

" ok, මම එයාව එක්ක ගෙන එන්නම් එහෙනම්."

එහෙම කියලා ඇතුලේ රූම් එකට ගිය zhan , එයා තරමටම වගේ උස, ඕන නම් චුට්ටක් zhan ට වඩා උස අඩු පිරිමි ලමයෙක්ව එක්කගෙන ආවා.
නලලෙන් පහලට වැටෙන bucket hat එකකුත් දාගෙන හිටිය නිසා මට මුහුණ හරියට පෙනුනේ නෑ.
ඒ වුනත් ඔහුගේ features එක්ක කඩවසම් තරුණයෙක් කියලා නම් පෙනුනා..

" මේ ඉන්නෙ රයන් , මගෙ physiotherapist . ඔයාට උදව් කරයි."

" thanks for coming " 
ඔහුට තිබුනේ zhan ට වඩා ටිකක් ගැඹුරු කටහඩක්.

එයාගේ වම් වලලුකර ඉදිමිලා තිබුනා..අල්ලන කොටත් වේදනාව දැනුනා.

" මොකක්ද වුනේ?? "

" skateboard injury එකක්. සැප්තැම්බර් වල මුලින්ම මේක උනේ. පස්සේ හොද වෙලා තිබුනා. අද හවස පොඩ්ඩක් වැඩි වුනා"

එතකොටයි මම දැක්කෙ බිත්තියට හේත්තු කරලා තිබුන skateboard එක.

මම නැවත කකුල පරීක්ෂා කලා.
" බයවෙන්න එපා. Ankle sprain එකක් විතරයි. මම ප්‍රතිකාරයක් කරන්නම්."
අයිස් වලින් තවලා, ජෙල් එකක් ගාලා .. ඊට පස්සේ වැඩි හොදට මම ආයෙත් තකහනියක්ම මගේ රූම් එකට ගිහින් මගේ සීයාගෙන් ගෙන්වා ගත් ආයුර්වේද බෙහෙතකුත් උස්සගෙන ඇවිත් ආලේප කරලා බැන්ඩේජ් කලා.

" දැන් වේදනාව ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි. " ඔහු කීවා.

" හැබැයි , ටික දවසක් විවේක ගන්න වේවි. "

" හෙට විතරයි විවේක ගන්න පුළුවන් හැබැයි."
ඔහු කිවා.

" Henan යන්නේ අනිද්දාට නේද" එහෙම ඇහුවේ Wu Chang .

" ඔව්. Luoyang රූගත කරන්න පටන් ගන්නවනෙ".  Zhan තමයි ඒකට උත්තර දුන්නේ..

" කැමති නම් ඔබට මම මේ ආයුර්වේද බෙහෙත දෙන්නම් අරන් යන්න. ඒක ලන්කාවෙ ඉන්න මගේ සීයාගෙන් ගෙන්වා ගත්තේ"

" ඕ...බොහොම ස්තූතියි. " ඔහු ආචාරශීලීව හිස නැමුවා.
" Zhan ge, හෙට dinner එකට අපි රයන්ටත් ආරාධනා කරමු නේද?? "

" ඔව් ඔව්. මම කියන්න හිටියේ කොහොමත්. Cheng සහ Xin Yi ත් එනවනෙ. රයන් එන්න හොදද? " Zhan කිවේ උනන්දුවෙන්.

" හරි මම එන්නම් බොස්. ස්තූතියි." මම zhanගේ යාලුවා දිහා බැලුවා.
" රූගත කිරීමකට Henan යනවා කීවෙ , එතකොට ඔබත් actor කෙනෙක්ද?? "
මම ඇහුවේ නිකමට වගේ.

අනික් තුන්දෙනාම පුදුම වෙලා වගේ මූණට මූණ් බලා ගත්තා.

" ඕ... මට හැමතිස්සෙම අමතක වෙනවනෙ රයන්
C-entertainment ගැන මුකුත් දන්නෙ නෑ කියලා.
රයන් ,මේ ඉන්නෙ Wang Yibo .
.. ඔව් එයා actor කෙනෙකුත් වෙනවා තමයි "
Zhan හිනාවෙලා කිව්වා.

මොනවා??
මේ Wang Yibo ??
කකුල ගැනම අවධානයෙන් හිටිය මම දැන් තමයි හොදටම මූණ දිහා බැලුවෙ.
මේ යකා මොනවද මෙහෙ කරන්නෙ.
මට තරු පෙනුනා shock එකටම !!

...........❤️💚

........

එදා රෑ නිදාගන්න වෙලාවේත් මම කල්පනා කලේ ඇයි wang yibo මෙහේ ආවේ කියලා.
ඒකා කොහොමද තාමත් zhan ගේ යාලුවෙක් වෙන්නේ??

227 ගැන මම කියවලා දැනගත්තු දේවල් අනුව මට ඒකාව කොහොමවත් පේන්න බැරි තත්වයක් තිබුනේ.
ඒ වෙලාවේ zhan වෙනුවෙන් වචනයක්වත් කතා නොකරපු එකෙක් ..හැබැයි zhan වැටුනු හින්දා industry එකේ තරගයක් නැතිවම top වුන එකෙක්!!
සමහර XFX fansites වල තිබුනේ මේ 227 scandal එක පිටිපස්සේ yiboගෙ agency  එකත් ඉන්නවා කියලා. ඒකත් වෙන්න බැරි කමක් නැ.

ඉතින් මේ මගෙ බොස් කරදරේ වැටිලා තනිවෙන වෙලාවේ අතුරුදහන් වෙන අවස්ථාවාදීයෙක් ආයෙත් මොකද මෙහේ කරන්නෙ??
Wu Cheng නුත් එතන හිටියා කියන්නෙ yibo ඒ දෙන්නගෙම common යාලුවෙක් කියලද.
මගේ බොස් හොද වැඩියි . ඔය වගේ උන්ව ඈත්කරලම දාන්න ඕන .

අයියෝ .. මට පිස්සු හැදිලා ඒ යකාට අමාරුවෙන් ලංකාවේ ඉදන් ගෙන්න ගත්ත , මගේ සීයා හදපු ආයුර්වේද බෙහෙත් එකත් දුන්නනෙ.
මටම ගහගන්න ඕන මඩු වලිගෙන් ඌව කලින් අදුනගන්න බැරිවුනාට.. 

..............

ඊලග දවසේ dinner එකට yibo ඉන්න නිසා යන්නත් ආසාවක් නැති වුනත් , මට zhan ගේ ආරාධනාව අහක දාන්න බැරිවුනා. ඉතින් ඩිනර් එකට zhan ගෙ hotel suite එකේ හිටියේ Zhan , Yibo දෙන්නට අමතරව Wu Chang සහ ඇසිස්ටන්ට් Xin Yi තමයි.

ඒ දෙන්නාම yibo එක්ක ගොඩක් familiar වගේ පෙනුනා.
මගේ හිතේ yibo ගැන පැහැදීමක් තිබුනෙ නැතත් , ඒක වහගෙන ආචාරශීලීව ඉන්න try කලා.

227 කාලේ එයා කල දේට zhan සමාව දීලද?? කොහොම වුනත් ඒ දෙන්නා අතර කිසිම හිතේ කහටක් තියෙන බවක් පේන්න තිබ්බෙ නෑ.

එදා dinner එකට hotpot තිබුනේ.
Yibo වාඩිවෙලා හිටියේ zhan ට එහා පුටුවේ.
එයා බුබුලු දමමින් නටන Hotpot broth එකෙන් කෑම වර්ග chopsticks එකෙන් එලියට අරගෙන zhan ගේ පිගානට දාන්න කලින් ඒකට පිඹලා නිවන හැටි මට පෙනුනා.
Zhan වුනත් seafood , mushrooms , කොලපාට එලවලු එහෙම එක එක ජාතියේ සෝස් වල තවරලා yibo ගේ plate එකට දැම්මේ හරියට yibo කන නොකන දේවල් හොදට දන්නවා වගේ .
ඒ දෙන්නා එකිනෙකා සමග හරිම comfortable කියලා පෙනුනා.

" Luoyang මොන වගේ කතාවක්ද?". Xin Yi ඇහුවා. හෙට yibo , Henan යන්න ඉන්නේ ඒක රූගත කරන එක පටන් ගන්න .

" ඒක historical detective කතාවක්." yibo කිව්වා.

ඊට අමතරව industry එකේ දේවල් හෝ එයාලගෙ පුද්ගලික දේවල් කතාකලේ නැති තරම්.
එයාලා මගෙන් ලංකාවේ විස්තර ,මගේ සීයාගේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම , ලංකාවේ කෑම ගැන එහෙම ඇහුවා..

Yibo ගැන මගෙ හිතේ කොනේ තාම කහටක් තිබුනත් එදා හැන්දෑව හොද කෑම, බීම , හොද කතාබහ එක්ක ගෙවුනු රසවත් කාලයක් වුනා.

පාන්දරම yibo ට පිටත් වෙන්නත් තිබුනු නිසා අපි තුන්දෙනා වේලාසනින් සමු අරගෙන ආවා.

මට බොස්ව තේරුම් ගන්න අමාරුයි. තමන්ට අවශ්‍යම කාලේ මගහැරිය කෙනෙක් එක්ක ආයෙත් මෙහෙම හිතවත් වෙන්නෙ කොහොමද ?? මට නම් ඒක කරන්න බෑ
Xiao Zhan ට තියෙන්නෙ ගොඩක් කරුණාවන්ත හදවතක් වෙන්න ඕනා.

.......  .......💚❤️..................

වර්තමානය.

Zhan මගේ ෆෝන් එකෙන් කෝල් කරලා විනාඩි 35 කින් විතර..apartment එකේ දොර ඇරෙන හඩ ඇහුනා.
ඔව්. Yibo ඇවිත්..
ලෙදර් ජැකට් එකක් හා ලෙදර් අත්වැසුම් පැලද සිටි ඔහු බයික් රේසින් ට්‍රැක් එකේ සිට ඉක්මනින්ම පැමිනි බවක් පෙනුනා.

" බෝ.. බෝ.  "
එයා එන බව දුටු ගමන් zhan ඔහු අසලට ගොස් වැලදගත්තේ ගොඩක් තදින්..

" zhan ge"
Yibo ත් එයාව hug කලා. ඒත් zhan වගේ බොහොම තදින් වැලදගෙන නෙවෙයි. බොහොම ලාවට. පිටට නිකම් තට්ටු කරනවා වගේ hug එකක් .

Yibo ගේ මුහුණත් හොදටම මැලවිලා තිබුනේ. හරිම exhausted වගේ mentally and physically දෙවිදියටම.

" ඔයාලා දෙන්නා කතාකරන්න. මම එලියෙන් ඉන්නම්"
මෙච්චර වෙලා invisible වෙලා වගේ හිටිය මම කිව්වා. .

" hello , රයන්.. නෑ ඔයා ඉන්න . කොහෙවත් යන්න දෙයක් නෑ"
Yibo කිව්වෙ zhan ගෙන් චුට්ටක් ඈත් වන ගමන්.
" ඉන්න මම fridge එකෙන් මොනව හරි ගන්නම් බොන්න"

මොකක් කරන්නද කියලා නොදැන මම ලතැවුනා.

" Bobo.. මොකක්ද මේකේ තේරුම?? ඇයි අර වගේ දෙයක් පෝස්ට් කලේ හදිසියේ ?? ".
Zhan කෙලින්ම ප්‍රශ්නයට බැස්සා.

" ඔයාට ඒක හිතාගන්නම බැරිද zhan ge?? "
Fridge එක පැත්තට යන්න ගිය yibo නැවතිලා ඇහුවා.
" ඔයා හරි නම් මීට සති තුනකට කලින් ඒක මට කියන්න තිබුන දෙයක්"
ඔහුගේ ගැඹුරු කටහඩේ තිබුනේ වේදනාවක්.

Dinner table එක උඩ අපිලිවෙලට තිබුනු පොත්පත් අතරින් එක් සගරාවක් අරන් yibo එය අපි ලගට දැම්මා .

ඒක GQ Magazine එකක්.
Xiao Zhan ගේ පින්තූරයකින් පිටකවරය හැඩ වුනු.
ඒත් මේක මම කලින් දැකල නැත්තෙ ඇයි?? කවදද මේ සගරාව නිකුත් වුනේ .

" ඔහ්හ්. GQ magazine එක..?? ඒත් කොහොමද??? ".
Zhan ගේ වචන පැටලුනා.

" මේක තාම release වෙලා නෑ. ලබන මාසෙ magazine එක. ඒත් print කරල ඉවරයි. ඒකෙ editorial එකේ ඉන්න මගෙ යාලුවා මට දුන්නේ මේක"

ආ හරි, සති තුනකට විතර කලින් zhan ගියානෙ GQ එකේ ෆොටෝ shoot එකකට. ඒත් මොකක්ද ප්‍රශ්නය ..

Yibo ගෙ මුහුණ වැහි වලාකුලක් වගේ අදුරු වෙලා. මේ දැන් දැන් වැස්සක් වෙලා කඩා වැටෙන පාටක් තිබුනේ.
Zhan ගෙ මුහුණේ මේ තියෙන පෙනුම මොකක්ද ? ඒ වරදකාරි පෙනුමක්ද??

" ඒකෙ interview එකේ ඔයා මොනවද කිව්වේ කියලා ඔයා දන්නවනේ zhan ge.."

...❤️💚...........

To be continued......

ඔයාලට ගොඩාක් ස්තූතියි. .. ❤️💚😊😊
Love you all ..

Continue Reading

You'll Also Like

2.1M 69.5K 40
"Can I tell you a secret?" he says in a hushed voice in the ill-illuminated room. "Spill," I smiled, thinking it was going to be something stupid lik...
1.6M 52K 42
"I'll give you 25 million dollars if you act as my fiancee for six months" "What?!" #1 in wealth 31/08/2023 #9 in love 5/5/2023 #1 in wedding 5/4/20...
86.9K 14.6K 29
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන...
Until You By Lily Orevba

Historical Fiction

3.4M 192K 50
With her family bankrupt and the man she loved now married to another woman, Gretchen decides to move to London to fix what's left of her life. Retur...