මත්තල ඉදල වලව්වට යන්න බෑයි කියලා අඩපු මගෙ බටු ඇටේ පහුවෙනිද උදේ මං එනවා කියන පොරොන්දුව පිට ගියත් එයා නැති පාළුව මකාගන්න මට කොහොමටවත් බැරිවුණා . අසේලයියට කෝල් එකක් ඇරන් නවිය එන්ක කතා කරල අප්පච්චියි මායි ඊට දවස් දෙකකට පස්සෙ මාතර යන්න පිටත් උනේ ඒ වෙද්දි අප්පච්චියි වලව්වේ මහත්තයයි අතර තිබුණු රණ්ඩුව සමථයකට පත්වුණු නිසා. වලව්වේ මහත්තයා මාතර යන්න කළියෙන් මං ළගට ඇවිල්ල ඔලුවත් අතගාලා හෙට අනිද්දා දිහා ට එන්නයැ'යි කියලම ගියේ අමුතු කරුණාවක් මට පෙන්නලා .
යනමගදි වත් අප්පච්චි යි මායි අතර කිසිදු කතාව ක් නැති උනත් විටෙන් විට බලද්දී එයා උන්නෙ ලෝකෙම පෙරළන්න වගේ ලොකු කල්පනාවක. නවියත් සැරින් සැරේ අප්පච්චිව කයියට ඇදල ගන්න වෑයම් කරත් ඒ ඇසිල්ලේ හ්ම් යන්නෙන් විතරක් කෙටි උත්තර දී බහට සමුදෙන අප්පච්චී කුමක් හෝ දෙයක් මත්තෑවෙ බොහෝ දුර ගොසින් කියලා දැනුනා.. ඒ මාත් බෝසර අතර ඇති පලහිලව්ව නිසා ද නැත්නං වෙන යම් කාරණාවක් ද
•
•
•
කෙලින්ම වලව්ව ට නොගොස් අපේ පුංචි ගේ පොඩ්ඩට ගියපු අප්පච්චී මුලින් ම කරේ වල් බූටෑවක් සේ තිබූ බැද්ද අහින්ට පටන් ගත්තු එක. මමත් හවුල් වෙලා එය කරන්ට පටන් ගද්දී කෑ ගසා මාව එළවා දැම්මේ ,
"ඇදුම් කැඩුම් ලක ලැහැස්ති කොරලා වලව්වේ නවත්තන්ට යමං දැන් "
"මෙච්චර ඉක්මනටම??"
"අපට හදිසි නැතුවට මහත්තයැන්ට හුඟක් හදිසීයි නොවැ පුතේ"
"ඒ කිව්වෙ අප්පච්චි"
"ඒ කියුවෙ මහත්තයට ඕනලු උඹට ඉස්සරහට උගන්නල ගන්න එහෙමත් නැත්නං... මක්කා හරි රස්සාවක් හොයා දෙන්ට "
වලව්වේ මහත්තයාට හදිසියේම පහළ වූ සත්ව කරුණාව ගැන මට සැක ආවෙ එදා බෝසර කැටුව යන්ට ආ ගමනෙන් පස්සෙ උනත් මාව මරන්නට පවා හදපු මහත්තයා ගැන මට සැකේට වඩා අන් දෙයක් හිත ට ආවෙත් නැ
*
*
*
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
මසකට පසුව,,,,,,,
සිදුවිය නොයිතු දෙයක් එකපාරටම සිදුවෙද්දි මං වලව්වට කොටු වෙන්ටත් බෝසර පාසලට පසුව සමරෙ අයියලා අහටත් යාම් ඒම් පටැන් ගත්තා . හේතු කාරණා නොවිමසාම එයා මගෙන් ටික ටික ඈත්වෙන්ටත් උනා. වලව්වේ මහත්තයා මට පොල්වත්ත බාර දුන්නත් හරි මට දවසින් බාගයක්ම වලව්වේ ඉන්ට නුපුළුවන් උනා . ඒත් මගෙ බටු ඇටේ එක්කලා එකපාරකට එහා කතා කොරන්ට ත් බැරිවුණා . කොහොම කතා කොරන්ටද මේකා මාව මගාරිද්දි. බැරිම තැන පංති ගිහින් එද්දී මිගදායි එක ළඟට වෙලා කට්ට කකා හිටියත් එයා පංතිය ඇතුළෙන් එළියට ආවෙ ගෑනු ළමයෙක් එක්ක කියෝ කියෝව හිනාවෙවී
ඇග දිගේ ම ගියපු කරන්ට් එකක් වැදුනා හා සමානවම හිත රිදෙද්දි මහ ඉරිසියාව ක් ආවෙ මගාරින්ට හේතුව මෙයද කියලා ඉගි පහළ වෙද්දී . බස් හෝල්ට් එකට ආපු එයා ගෑනු ළමයා බස් එකකට නගිනකං ඉදලා ආපිට හැරිල වීල් පාර්ක් එකට යද්දී මාත් එයා පස්සෙන් ඉක්මනින් ගිහින් අත ඇල්ලුවා
"බටු ඇටේ.."
"කොහිද යන්නෙ? වලව්වට නොයා?"
මුණ දිහා බලං ඉන්නවා ඇරෙන්ට එක වචනයක් වත් එයා කතා නොකර ගොළු බේත් බීල වගේ ඉද්දී අපි ළගම වීල් එකක් ඇවිත් නතර කෙරැවාම එයා මගේ අත ගලවගෙන ඒකට නැග්ගා . ඇවිත් හිටියේ ධර්මෙ අයියා වග දකිද්දි මාත් නැගල වාඩි උනේ බෝසර ගාවමයි .
"හංසා මල්ලි කොහාටද.."
"පොට් එකට තමා අයියේ.."
ධර්මෙ අයියා කොහාටද අහද්දී මං කලින් තැන ම කියද්දී අහක බලං ගියපු බටු ඇටේ ගැස්සිලා බැලුවා. එයා හිතං ඇත්තෙ මං දන්නැ කියලා එයා යන තැන් . ඔක්කෝමත් හරි එයා මාව මගාරින්ට යොදා ගත්තේ කෙල්ලෙක් නිසා වෙද්දි ඇස්වලට උපන් කදුළු හංගගෙන මං අපට පහුවෙන පාර දිහා බලාගෙන හිටියා .
"බෝසර ඔයාට ඕන මගෙන් ඈත්වෙන්ට නං ඒකට හේතුවත් ඒ කෙල්ලම නං මංම ඔයාගෙන් ඈත්වෙන්නං..ඒත් මට සාධාරණ හේතුවක් ඕන"
සමරෙ අයියලයි අහ බැහැල එල්ලෙන ඔංචිල්ලාවෙ එයාව බලෙන් වාඩි කරවලා එයාගෙ අතේ අල්ල මගේ දෑගිළි අතර රුවාගෙන , මං එයාට ඒක කියෙව්වට එයා හිටියේ මගෙන් ගොඩක් දුර ඈත. එයා මගෙන් දෑස හංගගෙන එක වචනයක්වත් නොදොඩාම ඉද්දි හදවත රිදුම් දුන්නත් මං කාගෙන හිටියා .සාධාරණ හේතුව ක් ඕනා කිව්වට එයාගෙ න් මට ලැබුණේ මාවත් පිච්චිල යන්ට තරම් ලැබුණු සුසුම් විතරයි
"ඒ ගෑනු ළමයා එක්ක මගේ සම්බන්ධයක් නැ "
ඇගිළි වලට පටැළුනු අත අයින් කරලා එයා නැගිට්ටෙ එහෙම කියාගෙන . ඉතිං රිදුනු හිත සතුටට පත් උනත් එයා මාව මගාරින කතාව තාම කිව්වෙ නැති උනා .
"බෝසර......
යන්ට හදපු එයාව නැවතත් අල්ලලා වාඩි කරවගත්තේ මගේ උකුළෙම වෙද්දී එයා ඒකට විරුද්ධත්වයක් පෙන්නුවෙත් නැ
"මක්කද බං මේ .. හිතහිත ඉන්නේ කියපංකෝ.......උඹ මාව පුච්චනව බටු ඇටේ..ඇයි උඹ මට මෙහෙම ගින්දර දෙන්නෙ???"
එයාව මගේ උකුලෙන් වාඩි කරව ගත්තේ එයාගෙ පිට මගේ පපුවෙ හිටින සේ අත්වලින් තදකරගෙන . ඒ බෙල්ලට මුණ තියං මං හීන් හඩින් කෙදිරුවෙ වාවගෙන ඉන්ට බැරිම තැන
"උඹ මාව මගාරින්නෙ ඇයි ? වලව්වේ මහත්තයා කිව්ව ද මගෙන් ඇත්වෙන්ටවත්??
................
"ඇයි රත්තරනෙ මට මෙහෙම කරන්නෙ..? අඩුගානෙ කතා නොකරත් හිනා නූනත් මට බලන්ට දීපං ඔය මූණ..ඔයි බෝල ඇස්දෙකින් මං දිහා නොබැලුවට කාරි නැ ...මට අමාරුයි එහෙම එකපාර අමතක කොරන්ට..බාගවිට කවදාවත් කොරන්ටත් බැරිවෙයි ඒ කොහොම උනත් මං ..මගෙ ..අපේ අතීතෙට ආදරෙයි රත්තරං...."
"මාත්"
මං කියෙව්ව හැම දෙයක් ම මීක් නොගා අහං ඉදපු බටු ඇටේ එයත් ආදරෙයි කිව්වා අපෙ අතීතෙට..ඒ කියන්නේ එයා ඉස්සරහට එන අපේ අනාගතේ ගැන කිසිදෙයක් කිව්වෙ නැ
"බටු ඇටේ....
මාව මගාරින්නෙ ඇයි ?
ඉහළට ගත්තු හුස්ම අල්ලං ඉදල පාතට දැම්ම එයා මගේ අත ගලවං මට පිටුපාලම නැගිට්ටා. මං ආපිට එයාව ඇද්දෙත්නැ එයා මගෙන් ඈත් උනෙත් නැ. වලව්වේ මහත්තයා අරැන් දුන්නු nokia phone එකට මහත්තයා call කරද්දිවත් මං answer නොකරම ඉද්දි බෝසර ආපිට බලලා ගියේ ,
" ඉස්සරහට ඒක ඔයා දැනගනී" කියලා .
"බෝසර....නවතින්ට! කියලා යන්ට බටු ඇටේ මට..
"බෝසර........
ඉස්සරහට දැනගනී කියලා එයා සමරෙ අයියලයි නවාතැනට යද්දි මං නවතින්ට කීවත් ආපහු නොහැරීම එයා ගියා ..මක්කයි දෙයියනේ මට හංගන්නෙ එයා..
වලව්වේ මහත්තයා ගෙ ඇමතුමට සම්බන්ධ උනාම පන්සලට යන්ට අඩගැහුවෙ දැන්ම වෙද්දි ආයමත් මගෙ බටු ඇටේව දකින්ටවත් නොලැබෙන බව දැන දැන මං සොල්දරේ දිහා බල බල හැරුනා. සිගා එකක් බිබී හිටිය එයා මාව ඇහැ ගැටිච්ච ගමන් ඒක බිමට වීසිකරේ ඇස් ලොකු කරං. ඕක මොකද්ද බටු ඇටේ.. උඹ මං නොදකියි කියලා හිතං කාමරේට වෙලා සිගා අදිද්දි උඹ යන පාර මට දැනුණා .දැන් විසි කරාට මං ගියාට පස්සෙත් උඹේ ඇගිළි අතරට ඔයින්ම එකක් එන බව මං නොදන්නව නෙවෙයි
මට දුකයි . නොසෑහෙන්න දුකයි
•
•
•
වලව්වේ මහත්තයා ගෙනුත් බෝසර ගැන වගතුවක් නැති වෙද්දි එයා මටත් හොරා රෑට රෑට සමරෙ අයියලයි දිහා නවතින්ට පටැන් ගෙන තිබ්බා . අප්පච්චිවත් මා බලන්ට කියා වලව්වට නාවත් මටත් උන්දැව බලල එන්ටවත් ඉඩපාසුවක් නැති උනා .
මාතලේ වලව්වෙන් යෝජනාව ක් ඇරන් ආපු කපු උන්නැහැ නිසා එහාට්ට මෙහාට්ට ගියපු මගෙ බටු ඇටෙගෙ රැ ගමන් බිමන් සම්පූර්ණයෙන් ම නැවතුනා . හිටී ගමන් කඩාගෙන ආපු මංගල්‍යයක් ඔලුවට වැටිල මට පුදුමත් හිතුනෙ වලව්වකින් බන්දන්ට තරං මං කවුද කියලා ..
ඊටත් කෙල්ලක් ඇරන් හාල් ගරන්ටද?
වැඩි දවසක් නොයාම මාතලේ යන්ට හැමෝම කතිකා කරගද්දි මට තේරුනේ වලව්වේ මහත්තයා මාව ඇරන් ආව කාරණාව . බෝසර මගෙන් වෙන් කරන්ට නෙවෙ ද ඒ...
මාව ටිකෙන් ටික මගෑරපු බටු ඇටයත් දැන් මාව හොය හොය ලගට නෑවිත් දුරින් ඉදන් බලං ඉද්දි එයා මක්ක හිතනවද කියලවත් මට හිතාගන්ට බැරිවුනේ මං මටවත් දැන් අයිති නැ වගේ වලව්වේ මහත්තයා කියන කියන තාලෙට ඉන්ට වුණු නිසා .
ඔය අතරෙ තමයි වගීශ පවුලේ අය එක්ක වලව්වට ආවෙත් . ඇයි කියලා හිතාගන්ට බැරි විදිහට කලින් තිබුණු කිසිම කරදරයක් මට උගෙන් ඇති උනෙත් නැ. ඌ පවා හිටියේ හරිම කූල් එකේ මහත්තයා එක්ක කතා කර කර උනත් උගෙ ඇස් හොරෙන් මං දිහාටත් එල්ල උනා . උගේ විතරක් නෙවෙ ඒකාගෙ අප්පා පවා මං දිහා ට දැම්ම බැල්ම හරි අමුතු උනා .
මාසයක් ඇතුළත මාතලේ කෙල්ල බලන්ට වලව්ව ලක ලැහැස්ති වෙද්දි බෝසර හිටියෙත් අමුතුවට . මේ ටික දවසට එයා උනත් මාත් එක්ක කතා කොරන්ට නොසෑහෙන්න උත්සාහයක් ගත්තා වගේම වගීශගේ ඇස් වහල මාතලේ යන්ට කලින් රැක අපි හමුබුනත් මගෙ බටු ඇටේ මළානික වෙලා හිටියා වගේම ඒ දවස්වල තිබිච්ච හිනාවෙන බෝල ඇස් දෙකේ කදුළුත් පිරිලා තිබ්බා.
"ඇයි අඩන්නෙ බටු ඇටේ?
නිහඩවම අඩන එයාගෙ න් හා හූවක් නොලැබීම මට සුසුම් හඩ විතරයි ඇහුනෙ.හිනීයට වගේ හොලවපු තොල් වලින් එයා මගෙන් ඇහුවෙ අර කෙල්ල බදිනවද කියලා ,,
"පිස්සුද ? මගේ කැමැත්ත නැතුව මාව කාටවත් බදින්ට බැ"
"අප්පච්චි ගැන ඔයා දන්නෙ නෑනේ ශාන් අයියෙ ..එයා ගැන අඩුතක්සේරැවෙන් හිතන්න එපා..ඔයා අකමැති උනොත් එයා ඒකේ වාඩුව මගෙන් ගනී"
"ඒ කියන්නේ ???
"මාව රට යවයි..එයා ලොකු අප්පච්චිත් එක්ක කතා කරනව මං අහගෙන.."
මහත්තයා ඉතා ශූක්ෂමව මාවත් බෝසරවත් දෙපැත්තට ඇදල දාන්ට හදන වග මට තේරුන් ගියා. එහෙමයි කියලා මට ඒ කෙල්ල ව භාර ගන්ටත් බැ බෝසර ව රට යවලත් බැ. වෙන කරන්ට දෙයක් නැ ..මේකෙන් ගැලවෙන්ට තියෙන එකම දේ අපි ආපහු අදම පැනල යන එක
" අපි පැනල යමුද බටු ඇටේ...?
" බෑ ...බෑ...ඒක දැන් කරන්න බෑ...කොහොමටවත් බැ.."
"හේනං ඔයා මට කියන්නේ අර කෙල්ලව කරකාර බදින්ට කියලද??
"නෑ දෙයියනේ නැ... හ්'හ්'හ් අ..ප්පි...මෙහ්හ්ම්ම ක..රමු..ඔ..ඔයා..ඒ මැණිකෙව බදින්න අකමැතියි කියන්න ...මං...මං....අප්පච්චි කියන තාලෙට වැඩ කරන්නම්... ...
"මක්ක කියනවා...කාගෙ තාලෙට ද වැඩ කරන්නෙ? එයා කිව්වොත් රට යන්ට කියලා ...ඔයා යනවද බටු ඇටේ? ආ.. යනවද?
"ඕ...ඔව්නේ..යන්න වෙනෝනෙ..."
"ආහ්හ්!!!"
" ම්..මං...මං...ගිහින් එනකල් ..ඔයා..බදින් නැතුව ඉන්න මෙහෙට වෙලා..හොද ද අයියෙ .......
හිත කීරි ගැහිල යන විදිහට බෝසර කටින් පිටවුණු වදන් ඔස්සේ හිතල බලද්දී මටත් වඩා එයා මේ සම්බන්ධ ව ගොඩක් හිතල කියලා තේරුනා. ඒත් හෙට යන්ට තියෙන ගමන නං අනිවාර්යයෙන් යන්ට ම වෙනවා..මෙ ගමනට බෝසර එන්නෙත් නැ කීවා
"මං.. යනවා අපි නැ කියලා දැනගත්තොත් මෙතන ඩෙගා නටයි මද්දුන් අයියා "
" වගීශ දැන් මුකුත් කියන්නෙ නැ බටු ඇටේ"
"හහ්...ඒ ඔයා දන්න තරම අයියෙ ....එයා තමයි මේ හැමදෙයක්ම පස්සෙ ඉන්නේ "
ඒ කියන්නේ දැන් ඌට ඕන දේවල් ද වෙන්නෙ .. ඌට කෝමත් ඕනා කරෙත් අපිව ඈත් කොරන්ට නෙ... නැ නැ ඌට දිනන්ට දෙන්ට නරකයි
"බෝසර...යං දැන් ම යං.....මං නවියට කෝලක් දාල මගට එන්ට කියන්නං.."
"ක්...කොහෙ..ද"
"අපි යමු මෙහෙන්..."
"පැනලා..?
"ඔව් රත්තරං ඔව්...මාව ඌ අයින් කරලා ඔයාට කරදර කරන්ට පොටක් හොයාගන්ට ඔය හදන්නෙ ඒක වෙන්න දෙන්ට ඕන් නැ... අපි යමු"
මං එයාව තුරුළ් කරන් කියද්දී වෙනදා වගෙ බටු ඇටේ මට තුරුළ් උනෙත් නැ දෙවුර ගැස්සෙන පාරට එයා ඉකි ගහන සද්දෙ විතරක් ඇහෙද්දි මට හිතාගන්ටවත් බැරිවුණා ඒකට හේතුව වත්..........
" ඇයි මේ ....බටු ඇටේ...කියන්ටකො...හැම වෙලේම මක්ක මක්කහරි හිත හිතා අඩනවා මට කියන්ටවත් බැරි දෙයක් තියෙන්ට බැ නොවෑ..ඔයාට මට කියන්ටවත් බැරි දේවල් තියෙද ආ...?
මට මෙච්චර ගින්දරක් දෙන්ට එපා බං...එකපාරක් කතා නොකර මගැරියා දැන් දේවල් හංගං අඩනවා.. මං මොකෙක් වගේද උඹ ට පේන්නේ ?? යකෝ මාත් මනුස්සයෙක් ..මොකෑ උඹ මට මෙච්චර වෙනස්කං කොරන්ටෙ?"
"න්..නැ..නැ.. ශ්..
"නැ නෙවෙ බං ඔව්...වෙනද විදිහට නැ ඔයා..වෙනදට ආදරෙන් බලන බෝල ඇස් නැ..දැක්කාම ලස්සන හිනාවෙන මූණ නැ ..ළඟ ඉද්දි හැම වෙලේම ගෑවී ගෑවී එන උනුහුම නැ.. උඹ මාව ඈත් කොරල බං නොසෑහෙන්ට .....හේතුවක් තියෙන්ටම ඕනා ..කියපං මට ඒක"
"ම..මං ...
"ඕ...ඔයා...ඉතිං "
"අ..පි.සහෝ...දරයෝ.."
"කව්ද? අපි කියන්නේ ?
"අපි..දෙන්න්නා..
"මොකක්????? කවුද කියන්නේ ආ...??
"අප්පච්චියි... ලොකු අප්පච්චියි.. මද්..දුන් අයියයි.. ඔ..ඔයාගෙ අප්පච්චියි..
"අපෙ අප්පච්චි ????? පිස්සු කතාව ක් නෙ.. එහෙම කොහොමද වෙන්නෙ ? හොදයි මං බලාගන්නං කො "
දැන් ඉතිං හෙට මාතලෙ නෙවෙයි මේක ගැන ම තීන්දු තීරණය ක් ගන්ටම වෙනවා.
රෙද්ද ! වෙන් කොරන්ට කියන අලුත් ම කතාව
•
•
•
•
•
සෑහෙන දවසකින්නෙ..අසනීපෙන් ඉන්නේ .එකා දෙන්නා නෙ කියවන්නෙත් ඒ නිසා පුළුවන් විදිහට දෙන්නං.වැඩිය නැ තව පොඩ්ඩයි.
තැංකු මෙච්චර දවසක් වෝට් කමෙන්ට්ස් වලටයි මාත් එක්ක හිටියටයි.
එන්නං!
පො ඩී.