දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.7K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 45

953 114 41
By Gojo_Nj9119

" ඒ මල්ලි පොළිමේ හරියට ඉන්නවකො..ඔව් ඔව් තමුන්ට තමා.."

"ඉස්සරා හැරිලා ඉදපම්..ආයෙ කියවනො දැක්කොත් ස්ටේජ් එකට යන්න පුලුවන් හොදෙ.."

උදෙ රැස්වීමේ කියන්නෙ ඉස්සර එපාම කරපු දෙයක්..ඉගෙන ගන්න කාලෙත් උදෙ රැස්විම සෙට් වුනා..උගන්නන කාලෙත් ආයෙම රැස්විමෙ කට්ට කන්න වුනා..

මන් බලාගෙන අවිනාෂ් පොඩි කොල්ලො ටිකකට පාට් දානවා..ස්කොලෙ ඉන්න නසරානිම කල්ලියත් ප්‍රිෆෙක්ට්ස්ලා..යොවුන් ගහක් යටට වෙලා කලිසම් කොට අයගෙ දාර ගලවනවා..ඒකාටත් රෙද්දක් ගලවන්න තිනොනම් වෙන මුකුත් ඔනිනැ..

අවිනාෂ්ව දකිද්දි මට මතක්වෙන්නෙම ඉස්සර උදෙ රැස්විමෙදි ඔය විදියටම අපිට සද්දෙ දැම්ම එයාව..තමාලයා කිව්ව කතාව ඇත්ත..මන් ඒකාලෙ හෙන මොඩයා..එයා එච්චර ලගින් ඉදලත් මට අවදානෙ දෙන්න බැරිවුනා..සැක් ඉස්සර යසස් අයියට හිත ගිහිල්ලා ඉදපු හැටි විතරක්..එතන තිබුනෙ ආකර්ශනයක් විතරයි..ආදරෙ කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගත්තෙ මන් සුදු අයියාගෙන්...අවිනාෂ් මට සුදු අයියා කියද්දිත් මතක් වෙන්නෙ එයාව..මෙ අවුරුදු හයට එයාව මතක් නොවුන මොහොතක් නැතුව ඇති..

ඉස්සර උදෙ රැස්විමෙදි අපෙ පොලිමේ ඉදන් ටිකක් එහාට වෙලා ඉන්න එයා දිහා හොරෙන් ඉස්සි ඉස්සි බලාගෙන ඉදපු හැටි තාමත් මතකයි..එයා මගෙ ජිවිතෙට ආපු කාලෙ තමයි මට හම්බුන හොදම මතක තිබුනේ..රැස්විමෙදි එහාට මෙහාට යද්දි මන් ගාවින් යන්නත් එයා අමතක කරෙ නැ..සමහර දවස් වලට මගෙ පිටිපස්සෙනුත් හිටන් ඉදල තීනවා..එදාට ඉතිම් එ සුවදෙන් මන් මත්වෙනවා..මාව අවුස්සන්නම ලගින් යද්දි ඇගෙ හැප්පිගෙන යනවා..එතකොට මන් අහුවෙන තැනක් හයියෙන් මිරිකනවා..රිදුනත් මෑන් සද්දෙ නෑ..කාගෙන යනවා..තමාල් ඇරෙන්න වෙන එකෙක් එක්ක ෆිට් එකෙ කියවන් ඉන්නවා දැක්කාම ඉතිම් විනාකිරි සුවදේ බෑ..එවෙලෙට එයා මාව ඇදන් ගිහින් පොලිමේ පිටිපස්සෙන් හිටවලා එතනිම් හෙල්ලෙන්නැතුව ඉන්නවා..සමහර දවස් වලට ඉතිම් මන් ඕනකමින්ම ලග එකා එක්ක අයියට පේන්නම කියවනෝ..එතකොට ඉතිම් මට ඕනි දේ වෙනවා..

අම්මගෙන් තාත්තගෙන් මට ආදරෙ ආරක්ෂාව හම්බුනා ඒක ඇත්ත..ඒත් අයියා තරම් මාව තෙරුම් ගත්ත..මගෙ හිතට ලංවුන..මට ආරක්ශාවක් දැනුන කෙනෙක් නෑ තවත්..මන් අදටත් විශ්වාස කරනවා එදා ඔයාට මාව දාලා යන්න සාදාරන හෙතුවක් තියෙන්න ඇතී කියලා..අපෙ මතක අමතක කරලා ඉස්සරහට යනවා කියලා කිව්වත් මන් හිතන්නෑ ඔයාව අමතක කරන්න මෙ ජිවිතෙ දි මට පුලුවන් වෙයි කියලා ..

අපේ මතක අස්සෙ හිරවෙලා ඉද්දි රැස්වීමත් ඉවර වෙලා..අද අවිනාෂ්ලට අන්තිම පීරියඩ් එකෙ නිසා මුල් ටික ෆ්‍රී..උදේට කාලා එන්න බැරිවුන නිසා සියාපප්පා ඩයිවර් අතේ කෑම දෙකක්ම එවලා..තමාල්ටත් එක්ක හතරයි..පුදුම සෙනෙහසක් තීන්නෙ අපිට..

කෑම එකත් අරන් ටීචර්ස්ලාගෙ කැන්ටින් එකට යද්දි සදුනි ටීචත් බොක්ස් එකක් තියාගෙන හොදට ගිලිනවා..එයා කන විදිය දැක්කමයි මේ ජිවිතේ තීන දුක තේරුම් යන්නෙ..පුදුම දුකක්..ඇත්තටම පව්..ඇසට කදුලුත් උනනවා..

රෝල්ස් එකට සෝස් ගාලා කටෙ දාගද්දි කට අරිනවා ආයෙ බෙංගාල බොක්ක සයිස් වෙන්න..තොල් වල ගාවන්නැතුව කන්න පුදුම දුකක් නෙමෙයි එයානම් විඳින්නෙ..තේ කෝප්පෙටත් බටයක් දාලා..කන්න තිබ්බ පිරියත් වාෂ්පවෙලා ගියා..

"ඔහ් ගුඩ්මෝනින්ග් අභී සර්.."

"ගුඩ්මොනින්ග් සදුනි මිස්.."

"මිස් කියන්න ඕන්නැ අනෙ සදූ කියන්න.."

එව්ව් මෙ ගැනුන්ගෙ මුන ලස්සන වුනාට දත් අස්සෙ හිඩස්නෙ..තඩි මිරිස් කෑල්ලක් හිරවෙලා..දැන්නම් බඩත් දගලන් එන ලයින් එකක් තීන්නෙ..

"අභි සර්ට මන් අභි අයියා කිව්වට කමක් නෑනෙ නෙද.."

"ආ..මෙ ..කමක් නැ මිස්.."

"ඔය ඉතිම් ආයෙ මිස්ලු..සදූ කියන්න අනේ..සර් ආවෙ කන්නද.."

නැ කැන්ටිමට ආවෙ බොක දාන්න..කියලා කියාගන්න බැරිනිසා හිනාවක් දැම්මා..මෙ ගැනු ඇයි මෙච්චර මෝඩ..

"ආ..මන් සර්ට බඩ්ඩක් ගෙනාව.."

"බඩ්ඩක්??.."

"ඔව් ඔව්..මගෙ අත් දෙකෙන්මයි සර්ට හැදුවෙ..මෙ බලන්න උදෙ අයිසිං කරේ.."

කප් කේක්..මේවාට මොනාදාල ගෙනාවද දන්නැ..මෙයා එන පොටෙ හැටියට වසියක් කවන්නත් බැරි නැ..

"ආ..තැන්ක්ස් මිස්..මන් කන්නම්..තියන්නකො.."

"අනෙ ඉතිම් පස්සෙ කන්නෙ දැන්ම කමූ..කො ඉන්නකො..මන් කොලෙ ගලවලා දෙන්නම් කො එන්න..මෙ හාට් ශේප් එක හදලා තීන්නෙ ෆොන්ඩඩ් වලින් සර්.."

"ආ හරි දෙන්න මිස් මන් කන්නම්.."

"කො ඔම ඉන්නකො සර් මන් කවන්නම්..ආයෙ අතෙ අයිසිං ගාගන්න ඔනි නෑනෙ.."

"කො එන්නකො සර්.."

මෙ ගෑනි පතරංග කරදරයක් විගෙන එන්නෙ..

"දෙන්න මිස් මන් කන්නම්.."

"කො අනෙ ඉන්නකො අභි අයියේ..කො ඔන්න කටාරින්න.."

දඩාන්න්න්න්න්.!!!!!!!

විශාල සද්දයක් ඇහුනා..
කොහෙ ඉදන් ආවද දන්නෑ..අවියා පේපර් ලොට් එකක් උස්සන් ඇවිත් ඩොන් ගාලා මේසෙ උඩට අතැරියා..මිස් දිහා බලනකොටයි දැක්කේ..හුටා..මිස් අයිසිං නාලා...

"ඔහ් නෝ බලන්නකො අභී අයියේ.."

"ඌප්ස්..කෙක් නෑවානේද මිස්.."

යොවුනුත් කඩාගෙන ආවා ඒක දැකලා..අනෙ අවියො..
මේ කොල්ලාගෙ කට්ට කම..හිතලමද මන්දා පේපරෙ දමලා ඇරියෙ..එ මදිවට කට කොනෙන් හිනාවෙලා මුකුත් නොදන්න එකා වගෙ ඉන්නවා..

"සදුනි මිස් ආ මෙ ටිශූ එක ගන්න.."

"අනෙ බලන්නකො අයියේ..මෙ ලමයා..සිහියෙන් වැඩ කරන්නෙපැයි..බනින්නත් බැ ඉතිම් මෙයාලට..පොඩි ලමයි නෙමෙනෙ..අනෙ සර් පුලුවන් නම් ටිශු එකෙන් කොන්ඩෙ ටිකක් පිහිදන්න.."

"හා ඉන්න්-.."

"කෝ දෙන්න මිස්..මන් පිහින්නම්.."

මිස්ගෙ කොන්ඩෙ පිහින්න මන් ටිශු එක ගද්දිම අවිනාශ් ඇදලා අරන් මිස්ගෙ කොන්ඩෙ පිහින්ම ගත්තා..මේ කොල්ලාට මොන යකෙක් වැහිලද මන්දා..පිහිදනවා කියලා ගත්තට මොකද මේ පිහිදන විදියට නම් කෙස් ටිකත් ගැලවිලා එන්න බැරි නැ..

"ආව්..ලමයො..හිමිට..අනෙ සර්..මල්ලි හිමිට ආව්.."

"ශ්ශ්ශ් දගලන්න එපා මිස්..අයිසිං තලියක් මෙතන..හයියෙන් අතුල්ලන්නම වෙනවා..ටිකක් ඉවසලා ඉමු.."

"අනෙ හිමීට..ආර්ග්ග්.."

"බලන්නකො මිස් උදෙ ෆැබ් එකෙන් ගත්ත කේක් ටික නේද මෙ..එකක්වත් කටේ දාගන්න බැරිවෙන්නැති..තුනම විසිවෙලා..මන් දැක්කෙ නැනෙ..අපරාදෙ..පට්ට රස ඇති.."

"ආර්..ෆැබ්..මොන ෆැබ්..ආයි ලමයො ඇති.."

මෙ ගෑනී කිව්වෙ අත්දෙකෙන් හැදුවෙ කියලා..පෙනේද සදුනිගෙ මුසාව..සදුනිලා ඔහොම්මමයි...යොවුන් කිව්වෙ නැත්තම් මාත් ඇන්දෙනවනෙ..

"ඇයි මිස් මායි මූයි උදෙ ෆැබ් එකෙ ඉන්නකොටනෙ මිසුත් ආවෙ..අපි දැක්කා මිස් කප් කේක් ගන්නවා..මොනාවුනත් ඒකෙ කෙක් හරි රහයි..අපරාදෙනෙද සෑර්.."

"මිස් ඔයා ගිහිල්ලා ඔය ටික හොදගන්න..අවිනාෂ් ඔය ඇතිල්ලුවා ඇති.."

මේකා තව ඇතිල්ලුවානම් මිස්ගෙ තට්ටෙත් පෑදෙනවා..ලෝකෙ දින්නා වගේ හැගීමක් මිස් යද්දි එ ඩබලගේ මූනෙන් නම් පෙනුනේ..

"යොවුන්..කොහෙද මෙ අවේලාවෙ..

"ආඅ..මෙන්න වැඩක්..අපි ආවෙ සෑර්ගෙ වැඩකට හරිත..අපිට මෙ වෙන වැඩ නැනෙ කෙක් කවාගන්නවා ඇරෙන්න.."

"අනෙ කොල්ලො මේ..අවිනාෂ් මෙ පෙපර්
.."

"ඔය ඊයේ දුන්න ටික.."

"අ හරි..ඔයාලා යන්න..යොවුන් කෙලින්ම..ක්ලාස් එකෙ හොදේ..රොන්දෙ යන්න හරි රුසියා..ස්කොලෙ ලොකු අයියලා මල්ලිලට ආදර්ශයක් වෙන විදියෙ වැඩයි කරන්නොනේ හරිද..පෙපර් ටික බර නැනෙ දෙන්නාම ආවෙ.."

"ආ..අපි ආවැයින් ඔයින් ගියා..මොකෑ සෑර්ට දුකත සදුනිකාට කියලා කේක් කාගන්න බැරිවුන එකට..අනෙ අම්මෙ ඉතිම් පෙනේද සඳේ සෑර්ගෙ කෙරුවාව..උබට මගේ ආලෙ නෑ තේරෙන්නෙ.."

"මොනාද බන් ඔය කියවන්නෙ..ලොකු දෙයක් හැබැයි ආපු එක..එ වුනාට ඔහොම සිහියක් නැති වැඩ කරන්නෙපා ලමයි..එ මනුස්සයා සල්ලි දීලානෙ ගත්තේ.."

ඒ ගමන මොකද මෙ කොල්ලා මට රවන්නෙ..එහෙම පුප්පන් ඉද්දිනම් මුකන් බස්සෙක් වගේ..

"අවිනාෂ්.."

"මොකද.."

"මොකද කියලා අහන්නෙ..මගෙ මූනේ පෙරහැරක්ද..යනවා ක්ලාස් එකට.."

ඒ ඒ එගමන මොකද මේකා මගෙ මූනට පාත් වෙන්නෙ..පුටුවත් රත්වේගෙන එනවා මේකාගෙ වැඩහන්දා..

"ම්.මොකද මේ...කොල්ලො.."

මගේ මූනට පහත්වෙච්ච එයා මගෙ කොන්ඩෙ තිබ්බ මොනාහරි පිහිදුවා..හම්මො එහෙම ලංවෙද්දි ෆ්‍රීස් වෙලා යනවා..මෙ කොල්ලාට මදනයා ගහලා..

"රොඩ්ඩක්..ඇයි අයියා හිතුවෙ මොකද්ද.."

"ආ..ක්හැම්..මන් මොනා හිතන්නද..කො යනවලා ක්ලාස් එකට..යොවුන්..එ ඩින්ගට රිංගුවා නේද..මෙහෙ එනවා..යන්නයි කිව්වෙ ගුටිනොකා.."









කාලා ඉවර වෙලා අරලිය ගහයට බංකුවට ගියෙ නිදහසේ පේපර් බලනවා කියලා හිතාගෙන..මගෙ වෙලාවට අද රිලීෆ් පීරියඩ් එකක්වත් සෙට් වුන්නෑ..ඉන්ටර්වල් එකෙන් පස්සෙ ඉතුරු පීරියඩ් හතරම මගෙ ක්ලාස් එකට..

සුදු අරලිය මල් රෙද්දක් අතුරලා වගේ බිම තැනින් තැන වැටිලා ලස්සනේ බෑ..ගහවටේම අරලිය සුවදයි..කොච්චර මල් තිබුනත් අවසානෙ වෙනකම් තනි රැක්කෙ අරලිය මල විතරයිලු..ම්ම් වෙන්නැති...ඒකනෙ කනත්තවල් පුරාවට අරලිය ගස් තීන්නෙ..

ලමයෙක් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොමලා හොද ලකුනු මට්ටමක ඉන්නවා..අර හතරෙ කල්ලිය විකාර නැටුවට ලකුනු හොදයි..අද හවසට කවිශලාගෙ ගෙදර ක්ලාසුත් තීනවා..

ඉන්ටර්වල් එක ඉවරවෙනකම්ම පේපර් බලලා බෙල් කරපු නිසා ක්ලාස් එකට යද්දි ඒක ඇතුලේ පැදුරු සාජ්ජයක්..

Tainu itna main pyar kara

Ek pal vich saubaar kara

Tu jaake je mainu chhad ke

Maut da interzar kara

Ke tere liye dunniya chhod di hai

Tujhpe hi saans aake ruke

Main tujhko kitna chahta hoon

Yeh tu kabhi socha na sake

(මං ඔයාට ගොඩක් ආදරෙයි

එක මොහොතක සිය දහස් වාරයක්

ඔයා මාව දාලා ගියොත්

මං මැරෙනකම්ම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා

මං ඔයාවෙනුවෙන් මගෙ ලොකෙම අතෑරියා

මගෙ හුස්ම ඔයා ලග නවතිනවා

මං ඇත්තටම ඔයාට හරි ආදරෙයි

ඔයාට ඒක හිතාගන්නවත් බැ...)





එ කටහඩට මගෙ කකුල් එකතැන ලොප් වුනා..අවුරුදු ගානකට මාව ආපස්සට ඇදිලා ගියා..ඒක එයා කැමතිම සින්දුව..එදා මගෙ උපන්දිනෙ දවසෙ අයියා කියපු සින්දුව එ විදියටම ඇහෙද්දි මන් හිතුවෙම අයියා ඇවිත් කියලා..
එත්..එ කටහඩින්ම අද කිව්වෙ වෙන කෙනෙක්..එදා ඒක අහද්දි දැනුන හැගීමම මට ආයෙම අවිනාෂ් කියද්දිත් දැනුනා..

මන් ක්ලාස් එකට ආවා කියලා දැකපු ලමයි කඩාගෙන බිදගෙන තමන්ගෙ තැන් වලට දිව්වා..වෙන වෙලාවක නම් පන්තිය දෙදරන්නම බනීමන්..එත් දැන් බනින්නවත් හිතක් නැ..

"අනෙ සෑර්..ගැත්තන්ට අනුකම්පා කරන්න හොදෙ.."

"හරි ලමයි පොත් ගන්න.."

"අන්න බලන්න ඉතිම්..අද සැරුත් අපෙ අවියගෙ සින්දුවට වසග වෙලා බනින්නත් අමතක වී ගියා..හරියට නිකම් කේවට්ටයන්ගෙ වීනා නාදයට සුරගනන් වසග වෙලා ඇකයෙ තිබ්බ ආයුද අතෙන් ගිලිහුනා වගේනේද සෑර්.."

"උබට පිස්සුද වුට්ටො..කෙවට්ටගෙ නාදෙ නෙමෙ ගුත්තිල ඇදුරුගේ විනා නාදෙ..ඇකයෙන් ආයුද වැටෙන්න හිතුවද බඩේ කඩු ගහන් ඉන්නවා කියලා..වැටුනෙ ලමයි..ඒකත් නරබපු ගෑනුන්ගෙ ලමයි.."

"යොවුන්..කවීශ..වහගන්නවා කටවල්..බජව් ගහලා විකාර නැටුවා මදිවට කියවගෙනත් එනවා..යවනවා දැන් දෙන්නාවම ඔෆිස් එකට.."

"අනෙ අනෙ ඉතිම් ස්පෝථනය වෙන්නෙපා සෑර්..දුක හිතෙනොනෙ ලමයට.."

"දුක පෙන්නන්නම් මන්..ගනිල්ලා ඊයෙ දුන්න ගෙදර වැඩ ටික.."








කවීශ්ගෙ ගෙදර ක්ලාස් ඉවර වෙද්දිම ඩයිවර් ඇවිල්ලා ඉදියා..දැන් ගමන් බිමන් යන්නෙම වාහනෙන්..ගෙදරට එද්දිම මන් දැක්කා අනිත් පාරේ වාහනයක් නතර කරලා තිනවා..කවුරු හරි ඇවිත්..මාව අනිත් පැත්තෙන් බස්සලා යද්දි සීයාව හම්බෙන්න එයාගෙ රූම් එක පැත්තට ගියා..අපි කීයට ගෙදර ආවත් මුලින්ම එයාව හොයන් එන්නොනෙ..ඒක නීතියක්..

"මහප්පේ..ඔයාට බෑ එහෙම කරන්න..මොනා වුනත් මේ කසාදෙ කෙරෙන්න ඔනී.."

"අන්නපූර්නා..මන් සැරයකුත් කිව්වා..වෙන්නැති දෙවල් ගැන කියවන්න එපා.."

"එහෙම කොහොමද මහප්පෙ..මගෙ කෙල්ලගෙ කසාදෙ වෙන්නම ඕනි..ඒක කොහොමහරි වෙන්න ඔනී..මගෙ ලමයව එයා බදින්නම ඕනි.."

"එයා බදින්නෙ එයාට කැමති කෙනෙක්ව..මට බැ එ කොල්ලට බලපෑම් කරන්න.."

" එහෙම වෙන්න බැ මහප්පේ..ලොකු අයියාගෙ පුතා නැත්තම් පොඩි අයියාගෙ පුතා හරි මගෙ ලමය බදින්නොනෙ..එහෙමනෙ අපි ඉස්සර කතාකරගත්තේ..ලොකු අයියාත් එක්කම ලමයත් නැතිවුන නිසායි මෙ හැමදෙයක්ම..එයා ඉදියනම් මගෙ කෙල්ලව මෙලහටත් කසාද බැදලා..මහප්පෙ අර කොල්ලාව ඉන්න තැනකින් එක්කන් එන්න.."

"දැන් ඔය කතාව ඇති.."

"මහප්පෙ...ඉතුරු වුන එකාවත් හරියට හදාගන්න..ඒකාට ඔනි විදියට අර කොල්ලා එක්ක ආයෙම එකතුවෙන්න දෙනවද..ඒ පවුලෙන්වත් ගන්නැති එකේ මගේ කෙල්ලව මෙ පවුලහරි ඔයාලා ගන්නම ඕනි..අනාගතේ උරුමෙ අරන් යන්න ලමයෙක්වත් හදාගන්නෙ කොහොමද කොල්ලො දෙන්නෙක් එකතුවෙලා..."

"අන්නපූර්නා!!!!!!! ඔය කතාව නවත්තගනිම්..ආයෙ මෙ ගෙදර ඇතුලෙ ඕක ගෑන කතාකරොත්..එ තමුන් මෙ ගෙදරට එන අවසාන දවස..දැන් යනවා මෙතනින්.."

මන් ඇතුලට යන්න හදද්දිම සීයාපප්පා එක්ක කවුරු හරි ඉදිය නිසා මන් දොරගාවින් නැවතුනා..ඇතුලෙ ඉදියෙ කවුද කියලා පෙනුනෙ නැතත්..එයාලා කියපු ඔක්කොම එලියට ඇහුනා..මන් හිතන්නෙ එයලා කතාකරේ මන් ගැන..කසාදයක්..එතකොට සීයා මාව මෙහෙට ගෙන්නුවෙ බන්දන්නද..නැ එත් සීයා එතන ඉදපු ගෑනු කෙනාට බැන්නා..මෙතන මොනා සිද්ද වෙනවද කියලා මන් දන්නෑ..

එ ගැනු කෙනා යන්න හදද්දි මන් ඉක්මන්ට දොරගාවින් මෑත් වෙලා හැංගුනා..එත් එයා යන්න හදද්දිම වගේ තව කෙනෙක් ඇවිත් එයාවත් එක්කගෙනම ආපහු ඇතුලට ගියා..

එයාව එක්කන් ගියෙ..තාත්තා.....

"තාත්තේ..මට ඔයා එක්ක කතා කරන්න ඕනි.."

"අන්නපූර්නා ආපු කාරනාවට නම්..ආපහු යන්න පුලුවන් තමුන්ටත්.."

"තාත්තේ..එ මගේ කොල්ලා..මට ඔනි කෙනාට එයාව බන්දන්න පුලුවන්..මෙ කසාදෙ අනිවාරෙම් වෙනවා.."

"අශ්වින්..තමුන්ටත් දෙන්න තීන්නෙත් අරයට දුන්න උත්තරේමයි..කොල්ල බදින්නෙ කොල්ලට කැමති කෙනෙක්ව එච්චරයි.."

"තාත්තේ..මගෙ කොල්ලාටනෙ මෙ ඔක්කොම අයිතිවෙන්නෙ..දැනටමත් ඒක ලියල ඉවරයි..මෙ ඔක්කොම භාරගන්න දැන් හරි කාලෙ ඇවිත්..එයාගෙන් ලැබෙන ලමයට පරම්පරා දෙකේම අයිතිය හම්බෙන්න ඕනි..ඒක ස්ථීරයි.."

"හැමදේම හරි වෙලාවට සිද්දවෙයි..මන් දන්නවා එයා කාවද බදින්නොනෙ කියලා..උරුමෙ ලැබෙන්නත් කොල්ලා හොදින් ඉන්නෙපැයි..තමුන්ලාත් මේ ඔක්කොටම වගකියන්නොනෙ.."

"ඇයි මගෙ කොල්ලාට මොනාවෙලාද..තාත්තේ කරුනාකරලා මගෙ කොල්ලා ඉන්න තැනකින් එක්කන් එන්න..අපි දන්නවා එයා ඉන්න තැන දන්නෙ ඔයා විතරයි කියලා.."

"පොඩි එකෙක් වගෙ හැසිරෙන්නෙපා අශ්වින්..කොල්ලා අර ගෙදර ඉද්දි තමුන්ලා ඒක දැනගෙනයි ඉදියේ..එක දවසක් ගියාද තමුන් එයාව බලන්න..හරි තමුන් ඕන නෑ..තමුන්ගෙ ගෑනිට යන්න දුන්නාද..එ ගෑනි දුරින් ඉදන් පුතා දිහා බලලා දුක් වෙනවා මාත් දැක්කා..තමුන්ලා කරේ එ කොල්ලාව පුලුවන් තරම් අන්තෙටම වට්ටපු එක.."

"මගෙ කොල්ලාව මෙච්චර කල් හැදුවෙ මන්..මන් දන්නවා ඒකාට ඔනි මොනද නැත්තෙ මොනාද කියලා..කරුනාකරලා අපිට මෙ කසාදෙ කරන්න ඉඩ දෙන්න.."

"උබ කාගෙ හයිය අරන්ද මන් එක්ක කටගහන් එන්නෙ අශ්වින්..උබෙ හයියට කවුරු ඉදියත් මාව වට්ටන්න බෑ..කොල්ලාව දෙන්නෙ නෑ..උබෙ පිටිපස්සෙ ඉදන් හැමදේම මෙහෙයවන එකාට මගෙ මූනට ඇවිත් හම්බෙන්න කියපම් ගිහින්..අමතක කරන්නෙපා උබලෑ තාත්තා තාම මලේ නෑ..ආයෙ මෙ ගැන කතා කරන්නැ..උබලා කාමරෙන් යන්නැත්තම් මන් හරි යනවා.."

සියා පප්පා කෑහගෙන එලියට එද්දිම හිතුවෙ නැති විදියට දොරට කන් දීගෙන ඉදපු මාව එයාට අහුවුනා..මාව දැකලා කලබල වුන එයා මාවත් ඇදගෙනම වාහනෙට නැගලා ඩයිවර්ට කිව්වා අපිව එක්කන් යන්න කියලා...

සියාගෙ ඩයිවර් අපිව ගෝල්ෆේස් එක පැත්තට එක්කරන් ආවා..අපි වාහනෙන් බැහැලා ගිහින් බංකුවකින් වාඩිවෙලා මුහුද දිහා බලාගෙන ඉදියා..පැයක් වගේ අපි දෙන්නම නිහඩවෙලා වටපිටාවට අවදානෙ දීලා ඉදියා..

"තමුන්ට මොනවද අහන්න තීන්නෙ.."

"සීයේ??.."

"තමුන්ට ඔක්කොම ඇහෙන්න ඇතිනේ..ඉතිම් අහන්න තින්නෙ මොනවද.."

"මං..මට..සීයේ එයාලා කතාකරෙ මන් ගැන කියලා මන් දන්නවා..කසාදයක් ගැනත් කියෙව්වනෙ..මන් දන්නැ මගෙ ජිවිතේ ඉස්සරහට මොනා සිද්දවෙයිද කියන්න..වෙන්නොනි නරකම දේවලුත් මට වුනා..ඉස්සරහට මොනාවුනත් මට දරාගෙන ඉන්න වෙයි.."

"හ්ම්..බයවෙන්න දෙයක් නැ..මන් ඉන්නකම් ඔය කසාදෙ වෙන්නැ.."

"ඇයි..."

"ඇයි කියනවනම් තමුන්ගෙ අකමැත්තෙන් එ කසාදෙ කරවන්න ඕනි නැති නිසයි..අනික එයාලට ඕන විදියට ඔයාව නටවන්න දෙන්නැ මන්.."

"නැ මන් අහන්නෙ..ඇයි ඔයා අපි දෙන්නාට අකමැති වුනෙ..ඇයි අපි දෙන්නාව වෙන් කරේ..අපි කොල්ලො නිසාද..ඇයි සියේ..අදවත් මට කියන්න.."

"තමුන්ලා කොල්ලො දෙන්නෙක් වුන එක මට ප්‍රශ්නයක් නෙමෙයි..මුල ඉදන්ම මන් දැනගෙන ඉදියා ඔයා එ ලමයා එක්ක සම්බන්දයක් තිනවා කියලා..ආදරෙ කියන්නෙ ආදරෙට..පිරිමියෙක්ට ආදරෙ කරත් ගැහැනියෙක්ට ආදරෙ කරත් ආදරෙ ආදරෙමයි.."

"මොකක්..කවදා ඉදන්ද සීයා දන්නෙ..එහෙනම් ඇයි අපිව වෙන් කරේ..ඇයි.."

"අඩලා ආයෙම හිත දුර්වල කරගන්න එපා කොල්ලො..මෙතන තමුන් නොදන්න හුගක් දෙවල් තීනවා..හැමදෙම කියන්න මෙ වෙලාව නෙමෙයි..හිත හයියකරන් ඉන්න.."

"මට තෙරෙන්නැ මෙ මුකුත්..අන්තිමෙදි මට එයාව නැතිවුන එක විතරයි සිද්දවුනේ..ඔයාලා හරියට කියන්නෙත් නෑ..එයා ඉන්න තැනක් දන්නෙත් නෑ.."

"බලාපොරොත්තු නැතිකරගන්න එපා..මන් ඉන්නකම් අනිත් මිනිස්සුන්ට ඔයාගෙ ජීවිතෙට බලපෑම් කරන්න බැ ආයෙත්.."

"ඉලන්දාරියා අයිස්ක්‍රීම් එකක් කනවද.."

මෙයාලා ලොකු දෙයක් හංගනවා..එත් ඒක හොයාගන්න මට ලේසි වෙන එකක් නෑ..සීයා හොදයිද නැද්ද කියලා මට තෙරුම් ගන්න අමාරුයි..එත් එයාගෙන් මට නරකක් වෙන එකක් නෑ කියලා දැනෙනවා..මගෙන් අයිස්ක්‍රීම් ඕනිද කියලා අහලා එයා අයිස්ක්‍රීම් වෑන් එකකින් කෝන් අයිස් දෙකක් අරන් ඇවිත් මටත් දීලා කන්න ගත්තා..

"පොඩි ලමයෙක් වගේ කොල්ලෝ..කො මෙහෙට එනවා පිහිදන්න.."

සීයා අතින් මගෙ කට වටෙ පිහිද්දි එතන ඉදපු කෙල්ලො දෙන්නෙක්ගෙන් එකෙක් අනිත් එකීට ඇනලා අපි දෙන්නාව පෙන්නලා හිනාවෙවී ඇබරුනා..මුන් යකො..සීයත් හැන්ඩියා වගෙ ඉන්න නිසා හිතුවද දන්නැ මගෙ සීනි අප්පච්චි කියලා..

"තමුන්ව දැක්කාම මට කෙනෙක්ව මතක් වෙනවා.."

"කවුද...ආච්චිද.."

"ම්ම් නැ එයාව නෙමෙයි..වෙන කෙනෙක්..ඔයා වගේම කෙනෙක්.."

"මන් වගේ..??"

ආච්චිත් නෙමෙයිනම් කවුද දන්නෑ..ම්ම් සීයගෙ පස්ට් ලව් එක වෙන්නැති..

"කාලයක් මාව නැතුවම බැරි කෙනෙක්..අද මාව පේන්නම බැරි කෙනෙක්..එයාට තිබුනෙ ඔයාගෙ ඇස් දෙකමයි..හිනාවෙද්දි ඔයාවගේම කම්මුලෙ පැත්තක වල ගැහුනා..පොඩි එකෙක්වගේ අයිස්ක්‍රීම් කද්දිත් නාගන්නවා..එයා මට ආදරෙයි කියලා මන් දැනගද්දි වගේම..මාත් එයාට ආදරෙයි කියලා මන් දැනගද්දි හුගක් පරක්කු වැඩී.."

"එයාට ඒක කිව්වෙ නැද්ද සීයා.."

"මන් තෙරුම් ගද්දි හුගක් පරක්කුයි..එ වෙද්දි මන් වෙන කෙනෙක්ව බැදලා ඉවරයි..මන් හිතුවෙ මන් ආදරෙ කරෙ මන් බැදපු කෙනාට කියලා..එත්..මන් ආදරෙ කරලා තීන්නෙ වෙන කෙනෙක්ට..එදැයින් පස්සෙ අර හුරතල් හිනාව..එ බැල්ම මට ආයෙම දකින්න බැරිවුනා..අදටත් මන් දැකලා නැ එයා හිනාවෙනවා..එයා මන් එක්ක තරහා බැන්දා..පුලුවන් හැම මාර්ගෙකින්ම මාව වට්ටන්න බැලුවා..එයාට එ හැම දෙයක්ම කරගන්න ඉඩ දීලා මන් බලාන ඉදියා.."

"එතකොට සියා ආච්චිට..එයාට ආදරෙ කරෙ නැද්ද.."

"එයාට වෙන්නොන හැම යුතුකමක්ම මන් ඉෂ්ට කරා..එයාටත් මගෙ ආදරෙ දුන්නා..ලමයිනුත් දුන්නා..හැම වගකීමක්ම ඉටුකරා..එත් මට අර තාරකා ඇස් දෙක කවදාවත් අමතක කරන්න බැරිවුනා..මන් අදටත් දැකපු ලස්සනම පිරිමියා එයා.."

"පිරිමි...එතකොට..සියා.."

"ම්ම්ම් රෑ වෙනවා..දැන් ගෙදර යන්.."

















___________________

හෙලො ලමායි😌❤️‍🔥
මන් ආවා...❤️‍🔥

😌 කෝමත

සියා පප්පා ගැන මොනාද හිතෙන්නෙ ලමයි....👉👈 හොදයිද එයා....

ආයෙම එන්නම්

_Gojo_

Continue Reading

You'll Also Like

1.7M 94.8K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
22.5K 2.9K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
413K 25.1K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...