දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.7K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 44

896 100 25
By Gojo_Nj9119

"ළමයි.....එක්සෑම් එකෙදි ඔයාලගෙන් මුදල් ප්‍රමානවාදයයි විනිමය සමිකරනයයි අතර වෙනස පහදන්න කියලා අහන්න පුලුවන්..මෙ කොටසෙ මෙ ප්‍රශ්නෙ ගැන ටිකක් අවදානෙ යොමුකරන්න..මෙතනදි ඔයාලා විනිමය සමීකරනය යනු කුමක්ද පැහැදිලි කරලා  විනිමය සමීකරනය නම් කරලා MV=PT යන ප්‍රකාශෙ කෙටියෙන් පැහැදිලි කරන්න..එතකොට  මුදල්  ප්‍රමානවාදය කියන්නෙ මොකද්ද..විනිමය සමීකරන පදනම් කර ගනිමින් මිල මට්ටමෙ හැසිරිම පිලිබද ඉදිරිපත් කරන න්‍යායක්.. ඔය දෙක පැහැදිලි කරලා ඔයාලා අවසානෙදි පෙන්නුම් කරලා දෙන්න සංසරන ප්‍රවේගය ගනුදෙනු ප්‍රමානයට බොහොසෙයින් නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන බවත් මුදල් තොගයට සමානුපාතික ව මිල මට්ටම එකියන්නෙ P වෙනස් වල බව මුදල් ප්‍රමානවාදයෙන් ප්‍රකාශ කරන බවත්..මෙ අනුව විනිමය සමීකරනය පූර්ණ සත්‍යක් වන අතර මුදල් ප්‍රමානවාදය යනු විනිමය සමීකරනය මත ගොඩනංවන ලද න්‍යායක් බවත්..අනිවාරෙන්ම ඔයාලා අවසානෙදි ඒක පැහැදිලි කරලා දෙන්නොනෙ නැත්තම් ලකුනු හම්බෙන්නෙ නැ..තෙරුනාද..උපකල්පන වල නිරවද්‍යතාව මත එම න්‍යායෙ වලංගුභාවය රදා පවතිනවා කියලා අවසානෙදි ලිව්වට කමක් නෑ.. නෑ ඒක ලියන්නම ඔනි..හරිනෙ..

ලමයිනේ මන් මෙ ඔයාලට පැහැදිලි කිරිමක්  කරන්නෙ..ඉතිම් ඔයාලා මන් කියවන එක එහෙම්ම කොපි පෙස්ට් කරන්න එපා..ඔය සමහරු මන් කියවද්දි දාගෙන ලියනවා..මතකෙ රදවගන්න බලන්න..මන් කියද්දි කෙටියෙන් චුට්ටක් ලියාගත්තට කමක් නෑ.මතකෙන් තමයි ඔයාලා ලියන්නොනෙ..හරි කමක් නෑ දැන් මන් කියලා දුන්න විදියට ඔය ප්‍රශ්න හතර කරන්න..."

මන් ප්‍රශ්න ටික පැහැදිලි කරනකොට ලමයි ඔක්කොම මන් දිහා බලාගෙන ඉද්දි අවිනාශ් විතරක් පොතෙ මොනාද කුරුටූ ගගා ඉන්නවා..සමහර විට මන් කියද්දි ලියාගන්නවා ඇති..මොනා උනත් කොල්ලා වැඩ කරන්න උනන්දුයි..එවුනාට මන් කියන එක එහෙම්ම ලිව්වට වැඩක් නැනෙ..තාම ලියනවා..මන් කියවන එක නැවැත්තුවාමත් කියවනවා..සමහරු ලියාගාන්නවා කියලා කියද්දිත් කොල්ලා නෙමෙ ඔලුව ඉස්සුවෙ...

මොන මගුලක් ලියාගත්තද දන්නෑ..යොවුන් නිදි කිරාවැටෙනවා..මන් බලනො දැක්කා විතරයි ඇස් ගෙඩි දෙක තඩිස්සි කරගත්තා..ඉස්සර මාත් ඔහොමනෙ කොල්ලො..එකොන් මිස් බලද්දි ඇස් දෙක ඇරගන්න පොඩි විර්යක් නෙමෙ දෙන්නෙ..මිස්ගෙ තැන මන් ඉදලා බලද්දි මෙ ලමයින්ට බනින්න හිතුනත් මාත් එතන එවිදියටම කාලයක් ඉදල තිබුන නිසා බොරුවට රවලා අන්තිම පේලිය ගාවට ආවා..ආ දෙවිදුවා ඩෙස් එක ගටින් අත් දාලා  ඉස්සරහා පුටුවෙ ඉන්න එකාගෙ බෑග් එකෙන් අත පිහිදනෝ කෑම පෙට්ටිය ඇරන් ඔඩොක්කුවෙ..හොරෙන් කනවා නෙද..මාව දැක්ක විතරයි පුටුවෙ සීරුවෙන් ඉදියා..කවිශයා දෙවිදුගෙ පොත අරන් ප්‍රශ්න ලියාගන්නො..මේකා මන් කියවද්දි පොල් ගෑවද මෙතන ඉදන් ලියාගන්න බැරිවෙන්න..

මෙ ඉන්නෙ අනිත් මාස්ටර්..මොකද්ද  එ ලියලා තීන්නේ...

මිහිරැතිම තැන් වලින්
මිටක් ගෙන සරසන්න..
එත හැකීනම් නුඹට
සවස්වල හමුවන්න..
මෙ ගෙවෙන දවස් වල
කමක් නැ විදගන්න..
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න..

පපුවකට හිස තියා
හැකියි නම් නිවෙන්න
විසිර ගිය සුසුම් වල බිදක් ගෙන තියන්න
එවිට මට හැකි නුබෙ
නළල් තල සිපයන්න
ආදරෙ මොන තරම් ගැඹුරු දැයි කියන්න

ගලනා ගංගාවො...
නිහඩව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ..
සසරේ එක්වූවෝ..

කළුවර රෑ සදක් වගේ..
අහසේ නුඹ ඉන්නවා නම්..
ආසයි මන් නොකී කවිය
නුඹට කියන්න..
තරහක් නෑ නුඹ බැස යන්න... 

සිතට හොරා මං..
නුඹේ වෙලා දැන්..
ලොවට හොරා මන්..
පෙම් කරන්නන්..

යසයි යසයි කවිතාගෙ දරුවෝ..මොනාද මෙ ලියලා තියෙන්නේ
මේකා ප්‍රේමෙන් වෙලිලද..ශුවර් එකටම ගර්ල්ස් එකෙ කෙල්ලෙක් පස්සෙ යනවා ඇති..බූටක් කාලදො..අනෙ අනෙ මන් අච්චර කට කැඩෙනකම් කියෙව්වෙ මේකාට සින්දු ලියන්නද..මෙ අවුරුද්දෙ එක්සෑම් කියලා මේකාට ගානක් නැති හැටියක්

මාව තාම දැක්කෙ නෑ..එච්චරටම පොතෙ ගිලිලා..මෙ උනන්දුව එකොන් වලට තිබ්බානම් අනෙ අම්මපා..මෙහෙම ලමයි..මන් ඒකා ගාවට තව ලන්වුනා..පොතට හෙවනෑල්ලක් වැටුන නිසා අවදානෙ ගිලිහෙන්නැතී..මේකා එකපාරට ඔලුව උස්සලා මාව දැක්කා විතරයි දඩි බිඩි ගාලා පොත ඩෙස් එකේ පච්චු කෑල්ලෙ ඔබාගත්තා..

ඒක ඔබලා මාවත් විසිවෙන්න වගෙ දිලිසෙන හිනාවක් දැම්මා..දත් ටික හොදයි සිග්නල් ඇඩ් එකට..

"මොකද්ද ඒ.."

"කො මොකද්ද.."

"අර ඩෙස් එක යට ඔබාගත්තේ.."

"ආ පොතක් මේ...පෙන්නැද්ද.."

"පොතක් කියලා මටත් පෙනො.."

"මොනාද එ ලියලා තින්නෙ..කොමස් එකේ උන්ට කවි පාඩම් කරන්න දීලා නැනෙ..නේද මන් හරිනෙ යොවුන්.."

"ආ ඔව් මොකද්ද..නැ නැ මන් නිදාගත්තේ නැ සත්තයි..මී ඇස් දෙක පල්ලා.."

අනෙ හැබෑට මෙ කොල්ලො ටික නම්..

"තොපිලට කියන කට හොදයි ගලේ උලාගන්නවා..මන් අච්චර කටකැඩෙනකම් ප්‍රශ්න ටික දිලා පැහැදිලි කරලා දීලා උත්තරත් කිව්වා..තොපිලා අන්තිම පේලියෙ ඉදන් නිදිකිරා වැටි වැටි ඩෙස් අස්සෙ කෑම තියන් කකා..ඉස්සරහා එකාට ඉන්නත් නොදි කවි ලිය ලිය ඉදපල්ලා..මන්නෙ මෙ අන්තිම එක්සැම් ලියන්නෙ..මොනාද මගෙ මූන දිහා කන්න වගේ බලාන ඉන්නෙ..ලියාගනිල්ලා දැන්වත්..මූනෙ පෙම්පාට බේරෙනවා..මට අහුවෙන්නෙපා අවිනාශ් ගර්ස් එකෙන් එක එක ප්‍රශ්න දාගෙන හොදේ.."

"ඈ පොඩි ග්‍රහයෝ..උබ කෙල්ලොන්ටත් පැනි හැලුවද..උබ අපිට බාල්දිය දාලා කෙල්ලො පස්සෙ ගෑටුවද ඒගමන..මෙ මෙ එක හිතක් තියන් ඉදපම්.."

"මාන්දම බොට.."

"වට් ද මීනින්ග් ඔෆ්  මාන්දම අවී..කාන්දම් වර්ගයක්ද..අඩො විද්‍යාවට s ගත්තෙත් කොපි කරලා බන්..ඒකාලෙ සදුනිකා පස්සෙ නොගිහිම් ඉගෙන ගත්තා නම් කියලා දැන් තමා තේරෙන්නෙ..ථේරුනේ ධැම් ඨමයි.."

"කට වහපල්ලා..මෙච්චර බැනලත් කියවනෝ..අද ගෙදර යන්න කලිම් ඔය ප්‍රශ්න කරලා පෙන්නලා යන්නොනෙ.."

මුන් ලමයි නෙමෙයි සාතන් පැටව්..කවදා හැදෙයිද මන්දා..අනාගතේ ඇදයි මෙහෙම ගියොත්..ඒගමන බෙල් කරා..දැන් මුන්ට ඉංග්‍රීසිද කොහෙ..එවෙලට ක්ලාස් එක සුනාමියට අහුවෙලා වගේ එකෙක් නෑ හොයන්න..මිස් එනකම් ඉදලම යනවා..

"හරි ලමයි..බෙල් කරා..දැන් ඉංග්‍රිසි මිස් එයි..එකෙක් පනින්නැ එලියට..පැනලා අහුවුනොත් ස්කොලෙ ඇරුනම මිස්වට්ග් තියාගෙන පාඩම කරවලයි යවන්නෙ..ආ ආ යොවුන් කොහෙ යන්නද ඔය.."

"සෑර් කෘත්‍යාදිකාරි මන්ඩලයට සෑර්.."

"නැ නැ තව පිරියඩ් දෙකයිනේ..ඔකත් ඉදලම යන්න..ඔයාගෙ අදිකාරියෙ දැන් සෙනග පිරිලා..පස්සෙ පස්සෙ..ආන් මිස් එනවා..මන් පල්ලෙහා ඉන්නෙ සද්දෙ ඇහෙන්න බෑ තොපිලගේ..යොවුන් වාඩිවෙනවා ඉතිම්.."

ඉංග්‍රීසි මිස් එනවා දැකපු නිසා පොත් ටිකත් අරන් මන් එලියට ආවා..මන් යන්න හදද්දිම යොවුන් නැගිටලා ආවා..මන් දන්නවා දැන් කියයි ටොයිලට් යන්න ඕනි කියලා..ඒකත් ටොයිලට් නෙමෙ කෘත්‍යාදිකාරි මන්ඩලයලු..අනෙ අම්මපා..ස්කොලෙට ආපු මුල් කාලෙ මාත් එහෙම එකක් ඇති කියලා හිතාගෙන මුට යන්න දුන්නා.පස්සෙ පන්තියෙ ලමයෙක් කිව්වේ ඌ ගියෙ ටොයිලට් කියලා..විනාසයි රට විනාසයි...ඒකාට බැනලා  ආයෙම වාඩිකරවද්දි අලුත් ඉංග්‍රීසි මිස් ක්ලාස් එකට ආවා..

ස්කොලෙට අලුතෙන් ආපු මිස්ව මේ පැනියොන්ගෙ ක්ලාස් එකටම වැටුනනෙ..මෙ යක්කු තාම දන්නැතුවත් ඇති..මිස් අලුත් හන්දාම මිස්ව ලමයින්ට අදුන්වලා දෙන්නත් වෙයි..

"හායි මෙ අලුත් ඉංග්‍රීසි මිස් නෙද.."

"ඔව් සර්..මගෙ නම සදුනි.."

"ආ..සදුනි මිස් මන් තමයි අභිරු සර්..එන්නකො ඇතුලට..මිස්ට මෙ ලමයින්ව පාලනෙ කරන්න ටිකක් අමාරුවෙයි..කියන දේ නාහන රෑලක්..මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මට කියන්න මිස් හරිද.."

"අනෙ තැන්ක්ස් සර්..සර් හරි හොද පාටයි..නම වගේම සරුත් ලස්සනයි.."

අම්මටසිරි..මිස් බලාපම්කෝ..මන්වත් කිව්වෙ නැ මිස් ලස්සනයි කියලා..මිස්ගෙ මූනෙ කට කනගාව..අමො අමො..අනෙ කාලේ වනේ වාසෙ කිව්වලූ..

"තැන්ක් යු මිස්..එන්න මන් ඔයාව අදුන්නලාම යන්නම්.."

මිස්ව එක්කන් පන්තියට ඇතුල්වෙද්දිම පන්තියම  සූ......ගෑවා..හරිනෙ..කුකුල් කුඩුවට නරියා එව්වා වගේ..

"ලමයිනේ..මෙ ඉන්නෙ ඔයාලගෙ අලුත් ඉංග්‍රීසි මිස්..කලින් මිස් මාරු කරා..මෙ මිස්ට කරදර නොකර කියන දේ අහන් ඉන්නොනෙ හරිද..මොකක් හරි තක්කාඩි වැඩක් කරලා අහුවුනොත් හමගහනවා..හරි මිස් පන්තිය කරන් යන්න.."

මන් මිස්වත් දාලා ක්ලාස් එකෙන් යන්න කලිම් ආයෙම පන්තිය දිහා බැලුවා..මිස්ට ඉල්ලුම වැඩී..කොල්ලොන්ගෙන් පැනිය බේරෙනෝ..

"මිස් මිස් ඔයාගෙ නම මොකද්ද.."

"අර ඩයස්ගෙ නන්කිද..බුදු අම්මො ලස්සන.."

"ටිචර්...නම කියන්නකො අනෙ.."

"හරි ලමයි ඔයාලා වාඩිවෙන්නකෝ..මගෙ මම සදුනි..."

"වෝහ්...සදුනියෙක්..මිස් වයස කියද..මිස් බැදලද.."

අනෙ අම්මපා මෙ යොවුන් නම්..කටක් නෙමෙ මේක බෝක්කුවක්..මිස් බැදලා නැත්තම් බොට බැදගන්නද බන්..අවිනාශ් ඇරෙන්න අනිත් හැමොම මිස්ට පැනිය දානො..මේකා මොකද මෙ මිස්ට රවන්නෙ..අනෙ මන්දා මෙ කොල්ලාව තේරුම් ගන්නම බෑ..





ස්කෝලේ ඇරුනම මන් ආයෙම ක්ලාස් එකට ගියේ බෑග් එකත් අරන් ගෙදර යන්න හිතාගෙන..තමාලයා පල්ලෙහා..මන් එනකම් බලන් ඇති..සීයාගෙ ඩයිවර් ඇවිල්ලත් ඇති දැන්..මන් ක්ලාස් එකට යද්දි අර නඩේ තාම පන්තියේ..

"යන්නැද්ද ලමයි.."

"යනො යනො සෑර්..අපි ඉතිම් ඉදියෙ ඔය මූනු පොඩ්ඩෙ සිරියාව බලාගන්නනෙ.."

"ආ බලාගත්තද ඉතිම්..මෙච්චර වෙලා බලන් ඉදපු මූන මදි වුනාද..මෙ ලමයි මිස්ට අනම් මනම් කියලා අහුවෙන්නෙපා හොදේ..තාම අලුත්නෙ...මිස්ලා තොපිගෙ අන්ඩපාලි වැඩගැන දන්නෑ ඒක නිසා.."

"සුදු අයියාට මිස් ගැන දුකද.."

හෑ මේකා මොනාද මෙ කියවන්නෙ..මෙච්චර වෙලා බෑග් එකෙ කලුනික හොයනො වගේ ඉදපු එකා ඒ ගමන මන් ගාව..

"ඔව් ඔව් මට දුකයි..ඇයි දැන් මොකද.."

"හැ සර් අපිටත් කලියෙන් මිස්ව ටෝක් කරගත්තද..අඩො අවියා බලාම් ඉතිම්.."

"අනෙ අම්මපා යොවුන් මට කියලා ඔය.."

"කට තලාගන්න එපා කියලනේ කියන්න හදන්නෙ..සෑර්ගෙ උදාන වාක්‍ය ඕකනේ..මිස් සදුනිලා පස්සෙ ගිය අය කවදාවත් සතුටින් ඉදියෙ නැ.."

"ඉතිම් මට කියන්නෙ මොකද්ද..
මන් සදුනියෙක් පස්සෙ ගියෙ නෑනෙ.."

"සුදු අයියා හවසට එනවනෙ......ආ.."

හප්පට සිරි මට අමතක වුනානෙ අද මේකාගෙ උපන්දීනේ කියලා..සැක්..අර හිරගෙදර ඉද්දි මේවා ගැන සිහියක් නෑනෙ..කොල්ලා මට පොඩි බොක්ස් එකක් දික් කරා..මේක වෙන්නැති මෙච්චර වෙලා ඇද්දෙ..ම්ම්ම් බටර්ස්කොච්..ෆැබ් එකෙන්..

"තැන්ක්ස් අවී..හැපි බර්ත්ඩේ ලමයො.."

"ඔය විශ් එකට වෙනුවෙන් දවසෙම බලන් ඉදියා අයියේ.."

"අනෙ කොල්ලො මට අමතක වුනානෙ..ඒක නෙමෙ ෆැබ් එකෙන්..උදෙ ගෙනාපුවද..දියවෙලාවත්  නෑනෙ.."

"ආ අපි කලිම් පීරියඩ් එකෙ  එලියම්කෙම්ඤම්ඤම්බ්බ්බ්බ්බ්බ්බ්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්"

"මොකද්ද මොකද්ද.."

"ආ නැ නැ තා ඩින්ගෙන් ටසිරි කියවෙනොනෙ..මෙ ඔක මෙයා උදෙන්නෙ ගෙනාවෙ..අපි කැන්ටිමේ ෆිජ් එකෙන් දාලා කලිම් පීරියඩ් එකෙ ගෙනාවෙ ඒකයි ඔය.."

"ම්ම් හරි..යමන්ලා දැන් ගෙදර.."

"සුදු අයියේ..එනවද.."

"ආ..ම්ම්ම්..එන්නම්..දැන් යන්න.."

"බායි සෑර්...උම්මීයා සුදුනෝනා.."

"යොවුන්..බායි පරිස්සමෙන් යනවලා..රස්තියාදුව්‍ර ගිහින් අහුවෙන්නෙපා..අවී කෙලින්ම ගෙදර වලි දාගන්න බැ දෙවිදූ.."


සෙට් එකම යන්න ගියා..අම්මො ගියාම දැනෙන සනීපෙ..මන් කිව්වෙ කනට කනට..මන් බෑග් එක හදාගෙන යන්න හදද්දිම එකපාරට අවිනාශ් ආපු නිසා ගැස්සුනා..මගෙ අම්මෙ තව ටිකෙන් පපුවත් ලෙප්ට්..

"මොකද කොල්ලො මේ.."

"අයියා එන්නම ඔනි..මන් බලන් ඉන්නම්.."

"අනෙ හා දරුවො එන්නම්.."

"අමතක කරන්නෙපා.."

"හරි යකො..පලයම් දැන්.."

අම්මපා මේකා එක්ක ඉද්දි මන් සර් කෙනෙක් කියන එකත් අමතක වෙනවා..මෙක හරියන්නැ ජිම් ගිහිල්ලා ටිකක් උස යන්නෝනේ..මේකා මන් ගාවින් හිට ගත්තාම එ මූන බලන්න මගෙ බෙල්ල අංශක 180ක්ම උස්සන්නොනෙ..

අපි එලියට යද්දි ඩයිවර් ඇවිත් ඉදියා..තමාලයා නැග්ග වෙලේ ඉදම් ගඩොලට දාගෙන කොටනවා..නුරාග් අයියාව කනවා ඇති අල්ලන්..

එ ගමන වොයිස් යවනවා..

"ඳුහුල් මලක මල් පෙත්තක​..

එහා මෙහා පෙනෙන පරිදි..

සිවුම්ව ලියුවාවූ මගෙ පෙම් පනිවිඩය..

ඩෙංගු මදුරුවෙක් අතේ එව්ව හම්බ උනාද​..

බාරගන්න පරිස්සමින් ඌ පොඩිනොකර​..

මගෙ පෙම් පනිවිඩය​.........

හම්බවුනාදැයි කියලා ලියල එවන්න​..

ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත් වෙන්න...."


එව්ව්...උ සින්දුව කියලා ඇදපු පාර ඩයිවර් අංකල්ටත් බ්‍රේක් වැදුනා..

"මොනාද අංකල් ජොන්සන් කරන්නෙ මගෙ පිච් එක ගියානෙ සැක් දැන් ආයෙම කියන්නෙපැයි..කලින් එක සෙට් නෑ..ම්හුක්.."

"අනෙ වදින්නම් බල්ලො සින්දුනම් කියන්නෙපා..අංකල් ඔන්න ඕකෙන් සින්දුවක් දාන්න..ඔය අයියට වද දෙන්නෙපා බන් ඔච්චර.."

"ආ උට මන් වද නොදි මහියංගනෙ වැද්දියො වද දෙන්නද..කොමත් ඕකා ඔය යන යෑමට වැද්දියෙක්ගෙන් බඩවෙලා එන්නත් බැරි නෑ..මට එතකොට ලමයා භාරගන්න වෙන්නෙ..එහෙම වුකන්න දෙන්න බෑ..."

අවුරුදු 24 ගිහිල්ලත් මුගෙ ගොන් ගතිය ඇරිලා නැහැ..

දැන් හවසට යන්නොනෙ කියලා සියාපපාට කියන්නත් බැරිවුනා..රෑවෙනකම් ඉන්න දෙයිද දන්නෙත්නෑ..සීයා දැන් හරි වෙනස්..

එදා අකි අයියා එක්ක කතාකරලා එලියට ආවෙ ලොකු පසුතැවීමක හැගීමක් මුනෙන් පෙන්නගෙන..හරියට හොයලා බලනවා දැන්..

අකි අයියාගෙන් ඇහුවමත් ලොකු විස්තරයක් කිව්වෙ නෑ..සීයා කියන්න එපා කිව්වද දන්නෙත් නැහැ..සමහර විට මන් ඉදපු තත්වෙ එයා දැනගන්නැතී..

මන් ස්කොලෙ ඉදන් එනකම් සීයා ඉස්සරහා පුටුවට වෙලා වාඩිවෙලා ඉදියා..මෙ ගෙදරට ඇවිල්ලා දවස් දෙකක් වුනත් තාම මන් සීයයි වැඩකරන අය ඇරුනම වෙන මනුස්සයෙක්ගෙ චායාවක් වත් දැක්කෙ නෑ..මීට අවුරුදු හතරකට කලින් කිරිඅත්තා නැතිවුනා..මන් ඒකටවත් ගියෙ නෑ..යන්න විදියක් තිබුන්නෑ..එයාගෙන් පස්සෙ වැඩිමල් කෙනෙක්ට ඉන්නෙ සීයා..

"ඉලන්දාරියො දෙන්නා..කොහොමද දවස.."

"හොදයි සීයේ.."

"සියා පප්පා..ඔයා අපි එනකම්ද ඒයි ඉදියේ..බලන්නකො ඉතිම්..අපෙ අම්මලාවත් මෙම බලාන ඉදල නැනෙ.."

"ම්ම් ගිහිම් වොශ් දාලා කන්න ආවානම්.."

"ආන් ඔයා ඕක කියනකම් තමා මන් ඇගිලි ගැන ගැන ඉදියේ..මන් ටාර් ගාලා එන්නම්."

තමාලයා කාගෙත් ජොකර්..සීයත් දන්නවා උගෙ හැටි..

"අර යෝදයා මෙ කොල්ලා එක්ක කොහොම ඉහ ගහන් ඉදිද දන්නෑ.ම්ම් තමුනුත් ගිහින් කන්න ආවානම්..මොකද මෙතන තටමන්නෙ..මොනාහරි කියාගන්න බැරිවද ඉන්නෙ.."

"අ..මෙ සීයාපප්පේ..මෙ මට අද හවස පාටි එකක් තීනවා ගිහින් එන්නද.."

"කොහෙද..කාගෙද.."

"මේ මගෙ පන්තියෙ ලමයෙක්ගේ..උපන්දින පාටි එකක්..හයට වගේ යන්න ඔනෙ.."

"ම්ම් හරි කමක් නෑ ගිහින් එනවකො..දැන් ඔය ගමනට අසවලාත් යනවද.."

"ආ එයා එයිද කියලා ශුවර් නැ සීයේ.."

"යන තැනක ඒකාවත් කුදලන් යන්න..මට ඕකා එක්ක ඉදල පෙශර් නග්ග ගන්න බෑ..ඉවරවුනාම කෝල් එකක් දෙන්න ඩයිවර්ට.."

"ආ හා හරි සීයේ.."






හවස හය වෙද්දි තමාලයයි මායි ඩයිවර්ට කියලා අවීගෙ ගෙදරට ආවා..ඉස්සරහා ගෙදර සුදු කොඩි තාම..ඉයෙ වෙන්නැති අස්කරන්නැත්තේ..මේකාගෙ ගෙදර සින්දු දාලා..අනෙ අම්මපා මෙහෙමත් මුනුබුරො..

"සුදු අයියේ!!.."

අවිනාෂ් මාව දැක්කා විතරයි ගෙ දෙදරන සද්දෙන් කතා කරා..ඉදපු කොල්ලො ටිකත් මගෙ දිහා බැලුවා..වැඩිය කට්ටිය නෑ යොවුන්, දෙවිදු, කවිශයි තව කොල්ලො දෙන්නෙක් වගෙ ඉදියා..

"හැප් බර්ත් ඩෙ අවි..මේක ඔයාට.."

"ආ කොල්ලා..හැපියක් හැපියක්..මේන් පොඩි තෑග්ගක්..ඔන්න අපිට ආරාදනා නොකරත් මන් ආවා..."

මාව දැකලා සතුටෙන් පිපුන මල වගේ මුහුන තමාලයාව දැක්කා විතරයි විකසිත වුනා..තමාලයාගෙ කතා විලාසය අන්තිමයි..සර් කෙනෙක් කියලාවත් මුට හරියට හැසිරෙන්න බැනෙ...

"යොහ් සෑර්.. මිහිරාව ආවා..මන්දාරම් කතාවෙ.."

"ආ මෙ ඔය කොල්ලා..ඔව් ඔව්..තමුන් නේද යොවුන්..අල්ලගන්න ඉදියෙ මන්..කො කවුද එතකොට දෙවිදු.."

"මොකො බන්..ඇයි.."

"නැ නැ මන් අල්ලගන්නමයි ඉදියේ..මගෙ පන්තියෙ ඉන්න අහිංසකම කොල්ලාට මු පාට් එක දාලා.."

"ටසිරි ඌ කිව්වද..අඩො ටික්කා උ සර්ටත් කියලනේ.."

"ඔව් ඔව් කිව්වා තමා..ඉගෙන ගන්නොන වයසෙ මදන විසේ ගහලා..පෙම් කවිත් එවලා එ මදිවට.."

"ඉතිම් සර් මෙ වයසෙ නැතුව කවදා පෙම් කෙලින්නද.."

"කෙලින්න..කෙලලා පෙන්නන්නම් මන්..ස්කොලෙ වරෙල්ලකෝ.."

තමාලයා අර ලමයින්ට කෑගහන්නෙ මේකා එ වයසෙදි සුදනා වගේ ඉදපු නිසා වෙන්නැතී..පතිවතත් බිදගත්තෙ එක්සෑම් එකට කලින්ද කොහෙ මේකා..
මන් හිමිට මුගෙ කනගාවට පාත් වෙලා කියවපු නිසා උ කට වැහුවා..

"උබ දැන් කෑගහන්නෙ තො එකාලේ පෙම්කෙලියෙ නෑ වගෙනෙ..මගෙ කට අවුස්සගන්නැතුව ඉදපම් මෙතන.."

අවිනාෂ්ගෙ ගෙදර යාලුවො ටික ඇරුනම වෙන කවුරුත් ඉදියෙ නැ..මන් දැන් ටික වෙලාවක් ඉදලා බලාගෙන කොල්ලාගෙ මූන රතුවෙලා..ටිකක් ලංවෙලා බැලුවා..දෙයියනේ අත්පාරක්..

"අවිනාශ් මොකද මෙ කම්මුලට වුනේ.."

"ආ..එක..මේ එච්චර දෙයක් නෙමෙ.."

"මොකද ලමයො එච්චර දෙයක් නෙමෙ කියන්නෙ..මෙ හොදටම රතුවෙලා.."

"ඔව් සැර් පෙනේද පෙනේද..අර ඉස්සරහා ගෙදර ඉන්න නාකියා අපි සින්දු දැම්මා කියලා මේකාගෙ කනට ගැහුවනෙ..බලන්නකෝ සෑර් පව් අහිංසකයා..අපි ඔක්කොම මුඩ් ගාලා ඉදියේ..අපි හිතුවෙ සරුත් නැ කියලා..මු හෙන දුකෙන් සෑර් ඉදියේ..ම්හුක්..පව් දොන්තයා..සුදාම්මිගෙ මූන දැක්කා විතරයි කොල්ලාට කෑගැස්සුනා..දුක වාස්ප වී ගියා.."

"ඉතිම් ලමයො ඉස්සරහා මලගෙයක් තිබ්බ ගෙයක්නෙ..මෙහෙම සින්දු දැම්මම එ මිනිස්සුන්ට කෙන්තියනවා..අනික එ ඔයාලගෙම නෑයො.."

"සුදු අයියේ..දැන් ඒක හරිනෙ..ඔයත් කියවන්න ගන්නෙපා අප්පා..එපා වෙනවනෙ.."

"හරි ඉතිම්.."

"යොහ් සෑර්..එන්න අපි කේක් කපමූ..කො එන්න එන්න.."

කට්ටිය ඔක්කොම එයාගෙ වටේ හිටගෙන කේක් කපනකොට විශ් කරා..මුල්ම කෙක් කෑල්ල මගෙ දිහාවට දික් කරපු නිසා මට කන්න වුනා..පස්සෙ මන් එයාව හග් කරද්දි තමාලයා පිටිපස්සෙ ඉදන් මගෙ පිට පහුරු ගාන්න ගත්තා..

දෙවනිය කේක් කෑල්ල තමාලයට කවන්න ගිහින් ඌ කට අරද්දිම මෙ කොල්ලා යොවුන්ට කැව්වා..තමාලයගෙ මූන දෙල්වෙලා..වටෙ ඔක්කොටම කවලා අන්තිමට තමාලයට කවද්දි ඒකා කේක් කෑල්ල අරන් අවිනාෂ්ගෙ මූනෙ ඉලුවා..පස්සෙ ඔක්කොමල්ලා කෙක් අරන් උලාගත්තා..මන් හිමිට කේක් කෑල්ලක් අරන් වාඩිවෙලා කකා මෙ විකාර බල බල ඉදියා..වෙලාවට කෑල්ලක්  කපාගත්තේ මුලු කේක් එකම මූනේයි බිමයි..සැක් ඩාක් චොකලට් කේක් ගැටො එකක්..

පස්සෙ අවිනාශ් මන් ගෙනාපු බොක්ස් එක කඩද්දි එයාගෙ වටේට අරුන් ටික රොක් වුනා..

"සා වෑව්..සර් තෑගි ගෙනල්ලා.."

"මොකද්ද බන් එ පෙට්ටිය.."

"කප් කේක්ද.."

"සර්...සර්ද මේක හැදුවෙ.."

"ම්ම් ඔව් ලමයි මන් හැදුවෙ.."

"ඇත්තද සුදු අයියේ.."

"ම්ම් ඔව් ඇරලම බලන්න.."

"මෙ ග්‍රහයෝ උබ කප් කේක් කන්නැනෙ..ඔක්කොම මගෙ හරිද.."

"පැත්තකට වෙයන්..අත කඩාගන්න ආසාවක් තියෙනවනම් අල්ලපම් බලන්න.."

මන් ගෙනාපු තෑග්ග ඇරලා බලන්නත් කලින්ම මුන් ටික මරාගන්නවා..අලි ලමයි පොඩි උන් වගේ හැසිරෙන්නෙ..
අවිනාෂ් බොක්ස් එක ඇරියම ඔක්කොගෙම මූන මැලවුනා..හැබැයි..එයා හිනාවුනා

මන් එයාට ගෙනාවෙ cute cactus pot ටිකක්..ඇතුලෙ තිබ්බ එක මන්ද හැදුවෙ කියලානෙ ඇහුවේ..ඔව් ඉතිම් ඕක මන් තමා හැදුවේ..

"අයියො සෑර්..මෙ පැල ටිකක්නේ.."

"ඔව් ඉතිම්.."

"සර් කිව්වනේ කෙක් ඔයා හදපුවා කියලා.."

"ලමයෝ මන් හැදුවා කිව්වා තමා.ඒත් මන් කිව්වද කේක් කියලා..ම්ම්.නෑනෙ.."
"ඕවා මන් හදපුවා තමයි.."

"වාව්..This is the best gift i have ever received...Thank you so much සුදු අයියා..මන් මේයින් ටිකක් ගන්නමයි හිතන් ඉදියේ.."

මෙකා දුවගෙන ඇවිල්ලා මාව අත්වලට හිරකරන් රෙකෝඩිනිග් එක වගේ කියවගෙන  ගිහින්  කම්මුලට හාද්දක් තියද්දි වටේ උන් ඔක්කොම ලෝක පුදුමයක් වුන ගානට බලාගෙන ඉදියා..

"කොල්ලො කොල්ලො අයින් වෙයම් අපෙ සපාගෙන්.."

"කැහ්ම්..මෙ ග්‍රහයො අර වයින් එක ගේන්න යමු නේ..වරෙම් වරෙම්ම්..."

එ මොකද්ද වුනේ..තමාලයා නැට්ට ගිනි අරන්  වගේ පුප්පනවා..අවිනාශ් නම් හිනාවීගෙන අනිත් කොල්ලො එක්ක ගියා.







___________________
හලොව්....
කොමද...
මන් ආවා...🌝❤️‍🔥

did you miss me....👉👈

හරි සන්තෝසයි😂..

මන් ද්විනාශ්ට අවීව දෙන්න තිරනෙ කරා..😌

ආයෙම කොටාහකින් එන්නම්....😽
ආතරෙයී

_Gojo_

Continue Reading

You'll Also Like

4.3K 64 4
this is crossover anime who meet goku or not watches his life where is the strongest sayian of all [multiverse anime names] •My hero Academia •Demon...
1.7M 94.9K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
11.9K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න
1.6M 96.8K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...