දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 43

1K 106 36
By Gojo_Nj9119


"ඔයා මාව බ්ලැක්මේල් කරනවද සීයෙ..
මන් දන්නවා මගෙ අයියාට යන්න වුනේ තමුන් නිසා...තමුන් තමා මෙ ඔක්කොටම මුල..."

"එහෙමද කොල්ලො තමුන් හිතන්නෙ..
ඇත්තටම ඒකා යන්න ගියෙ මන් නිසා නෙමෙයි තමුන් නිසයි..අන්න ඒක ඔය මැටි මොලේට දාගත්තොත් හොදයි.."

"මන් කොහොමත් කැමති වුනෙ නෑ මගෙ එකම වෛරක්කාරයගේ ප්‍රියතම බෑනා පොඩ්ඩව මෙ පවුලට ගාව ගන්න..එ පවුලෙන් ආයෙ බල්ලෙක්වත් මීගස්තැන්නට ඕනි නෑ..එ පැත්තෙනුත් ඒවගේම ඇති..හිතාගන්නකෝ එයා ඔයා වෙනුවෙන් ස්වකැමැත්තෙන්ම බිලි වුනා කියලා..."

ඒකියන්නෙ මට හිතුන දෙ හරී..මන් විශ්වාස කරා එයා කාගෙම හරි බලපෑමකට තමයි එදා එ තීරනෙ ගත්තෙ කියලා..

"මොකද්ද..මොකද්ද එ කතාවෙ තේරුම සීයේ..අනේ මට කියන්නකෝ..ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ.."

"ඒක දැනගන්නම ඕනි නම් එන්න මාත් එක්ක යන්න..එතකොට හැමදෙයක්ම හිමීට හොයාගන්න පුලුවන් වෙයි කොල්ලො.."

මෙ මනුස්සයාට ඔනි මට ඒක කියන මාර්ගෙන් එ ගෙට වද්දගන්න..මන් යන්නෑ..එත්..මන් නොගියොත් අයියා ගැන දැනගන්නෙ කොහොමද..ආර්ග්ග්ග්...මට තේරෙන්නෙ නැ..මන් මොකද කරන්නෙ..

"ඔහුගෙ නිකිනි සිනහා මල්
කිනිති සැලෙන විට
දැනෙන දැනෙන හැගුම..
බෝල චීස් රුවැති ඔහුගේ බකල් ලමැදෙ මන් සිහින සිහින වින්දෙම්...
සප්ත ස්වරයයි.......ඊඊඊ....සුවද හමනා..."

"සපාරිස්..මන් ආවා..කවද්දෙයි ඔයා ෆෙරාඩි එකක් වැඩැම්ම්ම්ම්ම්ම් ටසිරි සීයාපප්පා අන්කල්..."

"ආ ආ...සීයාපප්පේ මෙ මෙ ඒගමන මොන කෙන්ගෙඩියද තව ඕනෙ කියන්නෙ අඅ...."

"තමුන්.."

"නැ නැ මන් තමුන් නෙමෙ මන් තමාල්..සියාපප්පා නාකි නිසා දැන් නමුත් මතක නැ කාරි නෑ නොවෑ..කිමද ආවෙ ..ඇයි ආවෙ..තරහා නොවී..කවුද කීවේ පාර කිව්වෙ මගෙ දයා.."

"තමුන් නෙද මෙයාගෙ හොදම යාලුවා..ආව එක හොදයි..මේන් මෙයාට තෙරුම් කරලා දෙන්න මන් එක්ක ආපහු යන්න ආවොත් හොදයි වග.."

"අම්මටසිරි සදේ..සිරියලතා ලිදේ කිව්වලූ..අංකල් පප්පා..සියා පප්පෙ මේ ඔයා මෙතන ජිම් පප්පා නොවී ආපු අතක් බලාන ගියානම් හොද නැද්ද..ආ..මුට දුන්න දුක් මදිද ඉතිම්..අනික මන් තමුන් නෙමෙ කියලා සැරයක් කිව්වා නෙද..මම තමාල්..මයි නේම් ඉස් තමාල් ක්ලැප් ක්ලැප් චාචා චා...සප්තයා උබ පලයම් ගෙට..මන් මේක බලාගන්නම්..උබව යවන්න එහෙම..මගෙ මිනිහා උඩින් තමයි ඒහෙනම් අද ඒක සිද්ද වෙන්නෙ.."

මොනා කරනවද  කියලා ලතවෙවි ඉද්දිම තමාලයා වැඩියා දෙයියා වගේ..මේකාගෙ හැකර කට එක්ක සීයට නහුතෙටම තද වෙන ලයින් එකක් තීන්නෙ..මන් එහෙ නොගීනුත් බැහැ..එහෙ ගිහිම් මට ජීවත් වෙන්නත් බැහැ..එත්..අයියා වෙනුවෙන් මට යන්න වෙනවා..

"හරි..මන් එන්නම්.."

"ඈ මොකද්ද්..ඇහුන්නැ වගේ..සප්තයො උබ කිව්වෙ හා කියලද ඈ බන්..ඇහුන්නෑ ආයෙම කියපම් බලන්න..කට තලාගන්න ආසවෙලා වගේ..මෙ මෙ නාකි පප්පෝ..උබලා මගෙ එකාව ඇඩෙව්වා මදිද.ආ..මූ පිස්සෙක් ගානට වැටෙන තැනට දැම්මෙත් තමුන්ලා..දැන් ඒකා යාන්තම් ඔලුව උස්සම් ඉද්දි ආයෙම ඔලුව කන්න ආවද..මෙ මෙ ජිම් පප්පෙ..තමුන් ඔය තනන්නෙ මාව සාතන් කරගන්න තමා හරිද..සප්තයා මැරුම් නොකා පලයම් ඇතුලට.."

"නැ බන් ඉදපම්..මන් යන්නම්..මට යන්නම වෙනවා.."

"ටහුකන්න..මේවට තමා මට නගින්නෙ හරිද..දැන් උබ ඒකෙන්ද එන්නෙ..ආ දැන් උබ එහෙමයි නේ..හැබැයි පුතො උබ අද ගියොත්...හොදට මතක තියාගනිම්...ආයෙම මන් මේ ගෙදර පස් පාගන්නැ..කොටින්ම ආයෙ මේ ගෙදරින් මගෙ කිරි මයිලක්වත් හොයාගන්න වෙන්නැ..එමොකද දන්නවද..මොකද මාත් මේගමන උබ එක්ක එනවා.."

"මොකක්.."

මූ ඒගමන මොකද්ද මෙ නටන්න හදන්නෙ..

"ඇයි ඇයි ඇයි උබ..මාත් එනවා..උබට ඒම තනියම උක්කන්න දෙන්න බෑනෙ..මන් එනවා අපායට හරි මන් එන එක එනවාමයි..මෙ සීයා පප්පේ මූව එක්කන් යන්න ඕනිමනම් ඔයාට මාවත් එක්කරන් යන්න වෙනවා..එච්චරයි..."

"හරි එහෙනම්..තමුනුත් එනවා.."

"දැට්ස්..අ රෝන්ග් නෙම් පප්පා..නොට් තමුන් අයෑම් තමාල්..අයියෝ සංසාරෙ තේරෙන්නෑනෙ මෙයාට..අනෙ තමාල් මේන් මේකාට ගහපම් පාරක්..නැ තමාල් කව්ද...අම්මට මමනෙ..යොහ් මටත් වරද්දනෝනේ..හෙ හෙ ගනම් ගන්නෙපා..එනම් සියාපප්පෙ මටත් VIP රූමෙකක් රෙඩි කොරල තියන්න ඕකේ.."

සියා යන්න ගියා..අපි ආයෙම දවස් දෙකකිම් එනවා කියන පොරොන්දුව පිට එයා යන්න ගියා..සියා ගියත් මොකද තමාලයා අවිනාෂ්ව අල්ලම් ඩෙගා නටන්න ගත්තා..මට අමතක වුනානෙ මෙ කොල්ලා ඇතුලෙ කියලා..

"සුදු අයියේ.."

"අප්පද බොල කවුද බබානිස් මේ..ඔය ඇත්තාට කවුද මෙහෙට එන්න පාර කියා දුන්නෙ..කියාපිය බලන්න.."

"මට ඔයා එක්ක කතාවක් නෑ..සුදු අයියේ.."

"මොකක් කිව්වා..මේකා බලාපම්කෝ...ඇටයො මේ වයසට ගරු කරපම් හරිද..යමක් සිද්දවෙන්නදො මන්දා..අමොර් අමෝර් හිච්චි ලෝමියෝ..මට තේරෙනවා පැලෙ එන්නෙ ගොනා කන්න කියලා..පුතො උබ ඔය කරන්නෙ ගග කපලා ඉනිවලට දැම්ම වැඩක්.."

අයියො මෙ තමාලයත් පොඩි එකා වගේ...

"ඈ බන් සපා උබ මොකො මෙ ස්කොලෙ ලමයි ගෙට උස්සම් ඇවිත්..මොකො උබ අර වෙන්දට නාමලේකනෙ වැරදිලා උස්සම් ආවා වගේ මේකාවත් වැරදිලා උස්සම් එවුනද.."

"පිස්සුද බන්..මේ අවිනාෂ්ව මට මහදි හම්බුනේ..මගෙන් නොට් වගයක් ගන්න ඇවිල්ලා..ඒකයි ඔය.."

මෙ කොල්ලා හින්දා කොයිවෙලෙක හරි මගෙ බෙල්ල යනවා..

"අපූරුයි අපූරුයි..උබේ ලමයින් වැඩිහිටියන්ට අම්මටසිරි වෙන්නම ගරු කරන්න දන්නවා..අම්මපා මෙහෙම ලමයි ඉන්න පවුලක් ජාති ජාතිත් නොපතන්..."

"ඇති බන් කියෙව්වා..ලමයො වාඩිවෙලා ඉන්න මන් තේ හදන් එන්නම්..තමාල් වාඩිවෙයන් ආපු ගමන් ඔය කැඩිච්ච රෙඩියොව ඔන්කරගන්නැතුව.."

උන් දෙන්නාට සාලෙන් වාඩිවෙන්න කියලා තේ හදන්න මන් ආවා කුස්සිය පැත්තට..බයේ බැ තමාලයා ආයෙම කියවන්න ගිහිම් වලියක් දාගනීද කියලා..ඕකා කූඩැල්ලා වගේ මිනිහා..අර යකත් බැලුවොත් ඇත්තම් එල්ලෙන්න බලගෙනමයි ඉන්නෙ..මට ඇහෙනවා තමාල් අවිගෙන් මොන මොනාදො ආයෙම අහනවා..

"මෙ ඒක නෙමෙ ලමයො.......යොහ් බලාපියකෝ...අම්මපා මන් ලොකු එකෙක්නෙ කියලා දෙන ගරුත්වෙටවත් බලපම්කෝ.."

"හ්ම්.."

"අප්පද මේකාගෙ ගැස්..හරි ඉදපම්කො..මෙ කොල්ලො ඒක නෙමෙ..තමුන්ට අයියා කෙනෙක් එහෙම ඉන්නවද..අපෙ සපාට වඩා අවුරුද්දක් වැඩිමල් වගෙ එකෙක්.."

"හිතුවද අපෙ තාත්තා ස්කොලෙ කාලෙ මැරිකරා කියලා.."

"ආ හරි හරි ඉතිම්..කවුද දන්නෙ තාත්තාගෙ වයසක්..එකියන්නෙ නැ කියලා නේ..හ්ම් හරි හරි.."

තමාලයාගෙ වැඩ ගැන දන්නෙ ඌම තමයි..ඔන්න ඒ ගමන කුස්සියට එනෝ..මොකක් හරි කේලමක් උස්සම් තමා ඔය එන්නෙ..

"එ බන් සප්තරනේ.."

"ඕ කියපම්.."

"මෙ බන් උබ අර පොඩි පගයව දැක්කාම හුරු පුරුදු කමක් දැනෙන්නැද්ද.."

"කාව අපෙ අවිනාෂ්ව.."

"නැතුව ඉතිම් අර ඇවිල්ලා ගිය ජිම් පප්පානෙමෙනෙ බල්ලො..දැනෙන්නැද්ද කියපම්කො.."

"ඇයි උබට මොකක් හරි දැනුනද.."

"මට ඒකාව දැක්කාම..අපෙ ද්වි අයියාව මතක් වෙනොනේ..මේ මෙක ද්වීයගෙ පුතෙක්ද බන්..නැත්තම් නැ එක්කො ඕන්නෑ..මෙ මට උබෙ සුපිරි පිරි කිරි තේ එකක් දියම් හරිද..වොශක් දාන් එන්නම්..හබීබී කම්ටු අවර් හවුස්..සූන් සූන්..."

"උබට පිස්සුද බල්ලො..අයිය එහෙනම් මොන්ඩිසොරියෙදි තමා බදින්නැත්තේ.."

කිව්වොත් කියන්නෙ මරි මොන්ගල් කතාවක්මයි..මූ හැදෙන්නෑ මේ ආත්මෙට..




යන්න බඩු ලෑස්ති කරලා නිදාගද්දි එකත් පහු..උදේ නැගිට්ටෙත් පරක්කුවෙලා..කැන්ටිමෙන් මොනාහරි කනවා කියලා හිතාගෙන ස්කොලෙට ගියා..අපි දෙන්නා ස්කොලෙට යද්දිත් හතාමාර පහු..

මෙ ස්කෝලේ පරක්කුවෙලා එන ලමයින්ට වගේම ගුරුවරුන්ටත් එයාලගෙ නම් ලියන්න වෙනම පොතක් තීනවා..ඔකෙ නම ලියාගත්තා කියන්නෙ ඉතිම් ආයෙ වසලා හමාරයි..

මුලින්ම උගන්නන්න තිබ්බෙ මගෙ ක්ලාස් එකට..මන් ඔෆිස් එකට ගිහින් ආයෙම එන ටිකට අර හතරෙ කට්ටුව ක්ලාස් එකෙන් පැනලා..මෙදාපාර ලමා දිනේ වැටුනෙත් පෝයට නිසා පොඩි ලමයින්ට බන දේශනේකුත්..ලොකු ලමයින්ට සිල් සමාදන්විමෙ වැඩසටහනකුත් ලෑස්ති කරලා තිබුනා..
ලමා දිනේට සිල් සමාදන් කරවන ස්කෝලයක් දැක්කාමයි..ලමයි ටික ඒක ඇහුව වෙලේ  ඉදන් පයර් වෙලා..මොනාකරන්නද ඉතිම් මේවාට අපිට මුකුත් කියන්නත් බෑනෙ..

ලමයින්ට ඒ පනිවිඩෙත් දීගෙනම අර යක්කු රැල හොයාගෙන එන්න ගියා..මන් පඩිපෙල බැහැගෙන යද්දි අටෙ පන්තියෙ පොඩි ඇච්චො ටිකක් කඩාගෙන බිදගෙන දුවපු පාර මාවත් පඩියෙන් ලිස්සලා වැටුනා..නැ වැටුන්නෑ වැටෙන්න කලින් කාගෙහරි අතක් මගෙ ඉන පිටිපස්සෙන් වටේට එතුන නිසා මන් හොම්බ ඇනගන්නැතුව බෙරුනා..එ වැටිල්ලට වැටුනානම් කට පැලෙනවා..

ඒ කෙනා එහෙම්ම මාව ඇදලා අරන් එයාගෙ පපුව හේත්තු කරගත්තා..
මන් එයාට  ස්තුති කරන්න හැරිලා බැලුවත් එතන කවුරුත් ඉදියේ නැ..ඇ බොල හොල්මනක්වත්ද..මාව තෘශ්නිම්භූතවෙලා ගියා ඒකෙන්..යොවුන් එදා විහිලුවට වගේ මෙ ස්කෝලෙ හොලමන් ඉන්නවා කිව්වට ඇත්තටම ඉන්නවද මන්දා..මන් ඉක්මන්ට ඔෆිස් එක පැත්තට දුවලා ගියා..

"ආ අභිරු සර්..සර්ට එන්න කියන්නමයි මන් දැන් හැදුවෙත්.."

ඔෆිස් එකට එද්දිම හම්බුනේ ප්‍රින්සිපල්ව..මාව හෙව්වෙ මොන මරාලෙකටද දන්නෑ..

"අ කියන්න සර්..මොකක් හරි වැඩක්ද.."

"ආ නැ නෑ..මන් සර්ට එන්න කියන්න හැදුවෙ සර්ගෙ පන්තියෙ නේද ඉන්නෙ අවිනාෂ් කියන පොඩි මදාවි පැටියා.."

"ආ ඔව් සර්..ඇයි එය මොකක් හරි ප්‍රශ්නයක්වත්..."

"නැ නැ ප්‍රශ්නයක් නෙමෙ..ඒ ලමයාගෙ භාරකාරයා ඇවිල්ලා ගෙදර එක්කන් ගියා හදිස්සියක් කියලා..මලගෙයක්ද මගුල් ගෙයක්ද කියලා හරියටම කිව්වෙ නෑ..මන් එයාව යැව්වා..සර්ට එයාගෙ තාත්තාව හම්බුනාද..මන් ක්ලාස් එක පැත්තට එව්වනේ.."

"නැනෙ සර්..මට කවුරුත් හම්බුනේ නෑ.."

"ආ එහෙනම් එයා යන්නැති..ඉක්මන්ට යන්න ඔනි කිව්වානෙ..සර් එහෙනම් වැඩක් බලාගන්න.."

"ආ හරි සර්.."

එ ගමන එ කොල්ලාට මොකක් වුනාද..තාත්තා ආවලූ..මට හම්බුනේ නැනෙ ඉතිම්..උඩට කවුරුත් ආවෙත් නැනෙ..මලගෙයක් නම් කවුද දන්නැ නැතිවුනේ..

ස්කෝලෙ ඇරුනට පස්සෙ යොවුන්ගෙන් ඉල්ලගත්ත අවිනාශ්ගෙ ගෙදර ඇඩ්‍රස් එක හොයාගෙන යන්න මහරගම බස් එකට නැග්ගා..එයාගෙ ආච්චි නැතිවෙලාලු..ඒකියන්නෙ මලගෙයක් තමා..මොනාවුනත් නොගිහින් බෑනෙ..මගෙ පන්තියෙ ලමයෙක්ගෙ දෙයක්නේ..

සීට් තුනේ බස් එකක් හම්බුනෙ..මේවයෙ යද්දි එපාවෙනවා..කැරකිල්ලත් වගෙ..මගෙ එහාපැත්තෙන්  පොඩි කෙල්ලෙක් වාඩිගත්තා..පොඩි කිව්වට අවුරුදු 18 වගෙ ඇති පෙනුම නම් 25 අම්මන්ඩියෙක් වගේ..ආපු වෙලෙ ඉදන් ෆෝන් එක කනේ..මෙ කෙල්ල මගෙ දිහා බලනවා..ආයෙම කෝල් එකට උත්තර බදිනවා..මොලේ හොදනැද්ද මන්දා..එව්ව් බොයිෆ්‍රෙන්ඩ්ට සුදාප්පච්චීලු..අහන් ඉද්දිත්  හිරිකිතයි...එහා පැත්තෙන් කතාකරන එකාගෙ ඒවත් මට හොදට ඇහෙනවා..මන් හිතන්නෙ උගෙ කනේ දෝසයක්..මෙකි කියන හැමදේටම ඈ.. ඈ ගානවා..තමාලයටත් ඔය ලෙඩෙ වෙලාවකට තීනවානෙ...

"අප්පච්චි..ආදරෙයි.."

( හ්ම්.)

"ආදරෙයි කියන්නෙ නැද්ද මට.."

හැ ඒක මගෙන්ද ඇහුවෙ..මෙකි මොකද මෙ මගේ දිහා බලාගෙන එක අහන්නෙ..පිස්සුද මන්දා..

(මාත් ආදරෙයි..)

"උම්මාහ්...."

එව්ව්ව්..ෆොන් එකෙ කෙලත් ගෑවෙන්නැතී..

(ඈ..)

"කෝලම.."

(ඈ..)

"කෝලම මගේ.."

(ඈ..)

"පිස්සු කෝලම මගේ නේද.."

(ඈ..)

ඈ..යොහ් මටත් දැන් ඈ ගෑවෙනො මෙතන තව ඉදියොත්..අම්මපා ලයින් එකේ ඉන්න එකාගෙ කනට දෙකක් දෙන්න ඇත්නම්..මෙ වයසෙ නිබ්බියෝ සාපයක්..ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලියෙන් හිපියෙක් හොයාගන්නවා..ඊටපස්සෙ පැනල ගිහින් බඩකරන් එනවා..ලෝක විනාසෙට වෙන දේවල් මේ...විනාසයි..මෙ රට විනාසයි..

බස් එකෙන් බැහැලා වීල් එකක නැගලා එඩ්‍රස් එක හොයාගෙන ආවා..මන් හිතුවා වගේම මෙ කොල්ලා සල්ලි කදක්..ගෙත් හෙන විසාලයි..මෙ හරියෙම තියෙන්නෙ ලොකු ලොකු ගෙවල්..ම්ම් රිච් ලයිප්...
මන් ඇතුලට යද්දිම මේන් මේකා කොඩිවැල් දානවා..මේකාගෙ තාත්තා තකහනියක් එක්කන් ආවෙ වැල් දම්මවන්නද දන්නෑ..

මන් ආවා කියලාවත් කොල්ලා දන්නෑ..ඉනිමගේ නැගලා කොඩි වැල  එල්ලනවා..

"බාප්පෙ ඔය ලනුව දෙන්න..ශිට් බාප්පා ගියානේ ඔහ් නෝ සුදු අයියෙ..මන් බය වුනා.."

"ඈ..ඇයි මන් හොල්මනක් කියලා හිතුවද.."

"නැ ඉතිම්..එහෙම එකපාරට දකිද්දි බයවෙනොනෙ..ඇයි ආවෙ.."

"මේක යකාගෙ කතාවක්නේ..ඇයි කියලා අහන්නෙ..මලගෙදර ආවෙ.."

"මෙහෙ නෙමෙ මලගෙදර තින්නෙ.."

"මෙහෙ නැත්තම් පිස්සුවටද බන් මේගෙදර කොඩිවැල් දාන්නෙ ඈ.."

"ඉස්සරහා ගෙදර..එ අපෙ මහගෙදර.."

"ඕහ් එහෙමත් එකක්ද..ඇයි ඉතිම් මෙච්චර සල්ලි තින ගෙයක ඔයාම වැල් එල්ලන්නේ..අන්ඩක් කඩාගනිම්කො බලන්න මෙ විභාගෙ ලන්වෙලා තීන කාලෙ.."

"මහා නාකියගෙ පකෙ නීති මේවා..උට මේවා අපිම දානවා දකින්න ඕනෙලු.."

"ඈ..මොකද්ද කොල්ලො ඔය කතාකරන තාලෙ..අම්මපා තලනවා මන් ඕක.."

"තලයි කියලා තමා බය..ඔය කියන්නෙ සියවෙනි සැරේ ඕක.."

"මොනාද කුටු කුටු ගාන්නෙ ආ.."

පිස්සු බකමූනෙක් මේකා..කුටු කුටු ගගා මටනේද බනින්නෙ..හනෙ හනේ..

"මන් එහෙනම් අරගෙදරට යන්නම්.."

"එපා!!!.."

"මොකද බන් මෙ කෑගහන්නෙ..ඇයි දැන් එපා ඈ.."

"නෑ මෙ ගියාට වැඩක් නෑ..මිනිය ඇවිත් නෑ.."

"මිනිය මිනිය ගාන්නෙ...එ උබේ ආච්චි නේද.."

"ආච්චි..එ ගෑනි මල හන්දා තමා මෙ සතියෙ තින මගෙ බර්ත්ඩෙ පාටි එක ලබන සතියට කල්දාන්න වුනෙ.."

හෑ මේකාගෙ උපන්දිනේ මෙ සතියෙද..දන්නෙත් නෑ..මන් ඉතිම් කොහොම දැනගන්නද..මට මගේ එකවත් මතක නැති කොට..

"ආ මලගෙයක් වුන නිසා පාටි දාන්න බැරිවෙයි එනම්.."

"මොන පිස්සුද..මුන්ට නටාගන්න කියලා ලබන සතියෙ මුල අද සිකුරාදනේ..එකියන්නෙ සදුදා මගේ පාටිය..සුදු අයියා එන්නම ඕනෙ.."

"ඉතිම් කොල්ලො ලබන සතියක් නැනෙ මෙ එන සතියෙනෙ.."

"ඉරිදා තියන්න ඉදියේ..සදුදට කල්දැම්මා..සදුදා ඊලග සතියෙ දවසක්නෙ.."

"දෙයියනේ මෙ කොල්ලා නම්.."

"සුදු අයියෙ ගෙට එන්න..මොනාහරි බොමු.."

"හරි යම්..මට රෑවෙන්න කලින් යන්න ඕනි.."

මේ ගේත් සීයාපප්පාගෙ ගෙට වඩා පොඩ්ඩයි පොඩි..මදැයි මලගෙදරක ආවා..අන්තිමේදි වෙන ගෙදරක ඉදලා මන් ගෙදර ආවා..මේ යකා මට තනියෙම එන්න දුන්නෙම නෑනේ..අර තඩි රෝදෙ තීන බයික් එකේ මාව දාගෙන ගෙදරින්ම බැස්සුවානෙ..ඒකේ යනකොට දෙවියො සිහිවෙනෝ..








පහුවෙන්දා උදේම අපිව එක්කරන් යන්න සීයාපප්පාගෙ ඩයිවර් ඇවිත් ආවා..එ ගෙදර මිනිස්සුන්ගෙ මූන බල බල ජීවත් වෙද්දි මට ආයෙත් එපා වෙයි..වැඩ්ඩා වගේ තනියෙන් යන්න කැමති වුනාට තමාල් මා එක්ක ඉදියෙ නැත්තම් මෙ දේවල් හුගක් අමාරුවෙන්න තිබ්බා..

මනමාලි පිලිගන්න වගේ පවුලෙ ඔක්කොම ඇවිල්ලා මාව පිලිගනී කියලා හිතුවට සීයාපප්පා ඇරෙන්න වෙන කවුරුත් ඉදියෙ නැති එක ගැන මන් සතුටු වෙනවා..එත්..අඩුම තරමෙ අපෙ අම්මාවත් ඉදීවි කියලා මන් බලාපොරොත්තු වුනා..ඒකට කමක් නැ සප්ත..කවුරුත් ඔයාවෙනුවෙන් බලන් ඉන්න ඔනි නැ....

"ඔය ඉලන්දාරියො දෙන්නාට මෙ ගෙදර ඉද්දි පොඩි නිති ටිකක් තීනවා පිලිපදින්න..පලවෙනි කාරනාව හවස හතට කලින් ගෙදර ඇවිත් ඉන්නොනෙ..එහෙම පරක්කු වෙනවානම් දැනුම් දීලා ඩයිවර්ව ගෙන්න ගන්නොනෙ..මගේ අවසරෙකින් තොරව මෙ ගෙදර වෙන කෙනෙක් එක්ක යාම සපුරා තහනම්..දෙක මන් ඔයාලට දෙන්නට වෙන්කරලා තීන සර්වන්ට්ගෙන් ඇරුනම වෙන කෑම කන්න තහනම්..පිටින් ගෙනල්ලා කන්න පුලුවන් ..අනිත් එක පුලුවන් තරම් මෙ මිනිස්සුන්ගෙ ඇස් මානෙට එන්නැතුව ඉන්න එක තමයි ඔයාලා දෙන්නාගෙම ඇගට ගුණ..හරි එහෙනම් දැන් යන්න.."

"ඈ බන් අපි ආවේ ගෙදරකට නැත්තම් කෑම්ප් එකකටද..බලපම්කො කෑමත් තෝරන්න වෙලා..මෙ බොලෑ සියාපප්පාට පිට්ටු තම්බගන්න කියලා මන් ගමන් යන්නෙ මගෙ මිනිහා එක්ක..ඇයි යකො මේක මාර කෙලියක් වුනානෙ..වෙන උන් එක්ක ගමන් යන්නෙපාලු..මොකො මුන් උබව මරන් කන්න හදනවද....."

"අඩෝ සිරාවට..මුන් බොට මොනාහරි කරයි කියලද දන්නෑ මිනිහා එහෙම කිව්වේ.."

"අනෙ මන්දා බන්..නොකිව්වට මටත් එහෙම හිතුනා.."

සියාපප්ප අපි දෙන්නාට තෝරලා දුන්නෙ මීට කලින් දැකපු නැති පැත්තක රූම් එකක්..ඒක රූම් එකක් කියන්නත් බෑ..එක ඇතුලේම තව කාමර දෙකක්..පොඩි බිත්තියකින් වෙන් වෙලා තිබුනට එකම රූම් එක ඇතුලෙ දෙකට බෙදලා තිබ්බේ..මගෙ රූම් එක දුබුරු පාටට ගැලපෙන්න බඩුවලින් පුරවලා..තමාලයාගෙ කාමරෙ දම්පාටට බැබලෙනවා..මෙච්චර වෙලා සීයාට බැනපු මේකා එ ගමන සීයාගෙ ගුන වයනවා..

"අනෙව් මමිජීයේ..මට බැ අයියෝ..දම්පාටයි....

දම්පාටයි දම්පාටයි
එහෙ බැලුවත් දම්පාටයි.
මෙහෙ බැලුවත් දම්පාටයි..
එහෙ බැලුවත්
මෙහෙ බැලුවත්
හැම පැත්තම දම්පාටයි..

බලන්න මනමේ..ඒකෙත් හැටි..දෙයියනේ මෙවගෙ රූම් එකක හීන මව මවානෙ මන් ඉදියේ..යොහ් මිනි ෆ්‍රිජ් එකකුත් තීනවා..මේන් බලපම් ඒක ඇතුලෙ පිරෙන්න තීන එව්වා..අද දෙයියන් මාගෙ මූන බැලුවා කාලෙකට පස්සේ..අඩො මේන් බලපම් බාතෘම් එක..යොහ් එකත් දම්පාටයි..මන් මැරෙනො අලෝ..මන් මෙ කාමරෙන් එලියට යන්නැ යන්නෑමයි..අනේ පප්පා හරී හොද මිනිහා..මගේ ආයුශත් අරන් ජීවත් වෙන්නොනේ.."

දැක්කානෙ මේකා මහා ද්‍රෝහියා..මෙච්චර වෙලා සීයාගෙ පලු යැව්වා..කාමරෙ දැක්කා විතරයි සීයා දෙයියා වුනා..

මෙ ගෙදරට ආව වෙලෙ ඉදන් මට හැමදෙයක් ගැනම සැකයි..මෙ ගෙදරට හදිසියේ එක්කන් ආපු එක..සීයාගෙ නිති..ඒවගේම මේ රූම් එක..මෙ රුම් එක  මන් ආසාවෙන් ඉදපු එකමයි..මීට අවුරුදු පහකට කලිම් මන් හීන මවපු රූම් එකෙ මිනි අච්චුවක් මේතන තියෙන එක..මට හිතන්න හුගක් දේවක් ඉතිරි කරනවා..කවුරුත්ම නොදන්න එයායි මායි විතරක් ප්ලෑන් කරපු දේවල් මෙ..

අපි හොරු වගේද මන්දා මෙ ගෙදර ඉන්නෙ..යන්න එන්නෙ වෙනම පාරක්..කන්න බොන්න වෙනම කෑම..සර්වන්ට්ලා ඇරෙන්න මන් මෙ ගෙදර එක මනුස්සයෙක්ව තාම දැක්කෙ නෑ..මගෙ පුතුකියාටත් වෙනම රූම් එකක් හම්බුනා..මන් හිතුවෙ එයාව ආයෙම ගිහින් දාන්න වෙයි කියලා..එ වුනාට සියා එයාවත් තියාගන්න ඉඩ දුන්නා..මෙ මනුස්සයාව මට තේරුම් ගන්නම අමාරුයි...




තමාලයයි මායි හවස ලෑස්තිවුනේ අකි අයියාව හම්බවෙන්න යන්න..එත් යන්න කලියෙන් සීයාට උත්තර බදින්න වුනා..ඔය මනුස්සයාට බොරු කිව්වට වැඩක් නැ හැමදේම මාට්ටු වෙනවා..ඒ නිසාම එයාට කියන්න තීරනේ කරත් ඊට කලියෙන් එයා කිව්වා මගෙ ඩොක්ටර්ව හම්බෙන්න එයත් එනවා කියලා..එකියන්නෙ එයත් දන්නවා..ඒ කොහොමද..

මදැයි සැනසිල්ලෙ එලියට යන්න ආවා..තමාලයනම් මූන පුම්බගෙන ඉන්නවා..මෙ සීයා විශාල කරදරයක් වේගෙන එන්නෙ..

මන් ට්‍රීට්මන්ට් ගන්න යන්නෙ අකිත් අයියාගෙ ගෙදරට..අපි එහෙ යද්දිම යසස් අයියාව හම්බුනා..එයා දැන් ජෝන් කීල්ස් එකෙ මාකටින්ග් මැනේජර්..නිවාඩු දවසට අකි අයියාගෙ වෙද සහයකයා..රෑට ජීවත සහයකයා..ම්ම්ම් එයාලා තමයි හොදටම කරෙ..කවුද හිතුවෙ බිග් මැච් එක දවසෙ බීලා නටපු නැටිල්ලට අකි අයියා වසග වෙයි කියලා..ඒත් යසස් අයියා බොටම් වෙයි  කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ..

"හායි අභී..හෙන කාලෙකිම්නේද.."

"පිස්සු කොල්ලා..සප්තයා ගිය මාසෙත් ආවෙ අනෙ.."

"ඔහ් මන්දාරත් ඇවිල්ලනේ..කොහොමද කොල්ලෝ.."

"හොදින් හොදින් අයියා..බලන්න මන්දාර කියන නමෙ ලස්සන..අපෙ මිනිහට කොච්චර කියනවද මන් එ නම කියපම් කියලා..උගෙ වැඩෙම අනු හුනූ ගගා ඉන්න එකනේ.."

"මොකද අපෙ පොඩ්ඩාගෙ කට වැහිලා.."

"ආ... අකි අයියෙ..එහෙම දෙයක් නෑ.."

"කොහොමද ලමයෝ දැන්..කලින්ට වඩා හොද ප්‍රගතියක් ඇති කියලා හිතනවා.."

"එක්ස්කියුස් මී..මන් හිතන්නෙ මෙ ඉන්නෙ අපෙ සප්තගෙ ඩොක්ටර් වෙන්නොනේ..මන් හරිනේ.."

"ආ අකි අයියේ..මෙ ඉන්නෙ අපෙ සීයා.."

"ඔහ් හායි අංකල්..එන්න ඇතුලට..මම තමයි අපෙ පොඩ්ඩගේ..මන් කිව්වෙ ඔයාගෙ සප්තගේ psychiatrist..අකිත් සහස්වර.."

මගෙ පපුව දැන් හාරසීයට ගැහෙනවා..මෙ මනුස්සයා මන් ගැන කොච්චර දන්නවා ඇද්ද..අනෙ දෙවියනේ..අත් වලට දාඩියත් දාලා..මොකක් වෙයිද..

"මට ඩොක්ටර් එක්ක ටිකක් තනියෙම් කතාකරන්න ඕනි..සප්තගේ භාරකාරයා හැටියට.."

"අයියේ.."

"ම්ම් හරි පොඩ්ඩො කලබල නොවී ඉන්නකො..එන්න මිස්ටර් මීගස්තැන්න ඇතුලට..බබා..ආහ්ම් යසස් මෙයාලට කන්න මොනාහරි දෙන්නකො.."

අකි අයියා ඇතුලට ගියා..සීයත් ගියා..සියා මොනා අහයිද..අකි අයිය මොනාකියයිද..මට කොහෙන්ද එකපාරට භාරකාරයෙක්..ආර්ග්ග්ග්ග්..මට පිස්සු වගේ..ඇයි කිසිදෙයක් හරියට වෙන්නැත්තෙ..















_____________________
හායි ලමායි😽❤️‍🔥
මන් ආවා....
කෝමතෙ


සීයා ගැන මොකතේ හිතෙන්නේ.....😌

ආයෙම කොටාහකින් එන්නම්

ස්තූතියි කියවන හැමෝටම..
ආදරෙයි❤️‍🔥


_Gojo_

Continue Reading

You'll Also Like

23.2K 3.2K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
3M 193K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
80.2K 2.3K 11
Highest Rating(s): #1 in Albino -- A new kid appears at Ouran Academy and for someone so small, it's a wonder at how much of a big impact he makes in...
617K 64.3K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...