"සප්තයා උබට හොදටම ශුවර් ද අවුලක් නෑ කියලා..එක්කො මන් අයියට එන්න කියන්නද.."
"නැ නැ බන් මට දැන් අවුලක් නෑ..බොරුවට අයියව ගෙන්නන්නෙ මොකටද.."
"ඒ ඒ වුනාට බන් මට උබව ශුවර්ම නෑ..මන් ඒනම් පික් මී එකක් දාන්නද.."
"අනෙ මන්දා..එක්කො දාපම්..ට්‍රේන් එකෙ යනවට වඩා ඇගට පහසුයි ඒක.."
"අනේ මයෙ දෙයියා..කො එහෙනම් ඒක එනකල් උබ අතනිම් වාඩිවෙයන්..මන් උබට කන්න මොනාහරි අරන් එන්නම් ඔහොම හිටින් ආ..."
තමාලයාට අවුලක් නෑ කියලා කිව්වත් ඇගට එච්චර හොදක් මට දැනෙන්නෑ..මාව මගේ පාලනෙන් ගිලිහෙලා යනවා කියලා මට දැනෙනවා..එන්න එන්නම මාව අදුරු ආගාදෙට ඇදන් වැටෙන්න යනවා..මගෙ මුළු අභ්‍යන්තරයම අන්දකාරෙන් වැහිලා..මාව එක තැන හිරවෙලා..මන් දන්නැ තව කොච්චර කාලයක් මේ වේදනාව විදින්න වෙයිද කියන්න..එත් හොදවේගෙන එද්දිම මොකක් හරිම නිසා මගෙ පාලනේ ආයෙම ගිලිහෙනෝ.. කලින් ඇතිවුන ශොක් එකට තාමත් අත් වෙව්ලනවා..වෙලාවට ප්‍රයිමරියෙ ඕක සිද්ද වුනේ අනිත් පැත්තෙ වුනානම් මුලු ස්කෝලෙම අවදානෙ මට අද ලැබෙනවා..මේකෙන් නැගිටින්න පුලුවන් මටයි..හිත හයිය කරගමු සප්ත..හොද හුස්මක් අරන් හිනාවෙන්න..ඔයාට මේක පුලුවන්..බලාපොරොත්තු අතෑරගන්න එපා..හැමදේම හරියනව..ඔව් අනිවාරෙම්..
තමාලයා පාරෙන් එහාපැත්තේ තීන පේස්ටි ශොප් එකට ගිහින් මොනාද මන්දා මලු දෙකක් උස්සන් පාර පැනලා ආයෙම එද්දි පොඩි කොල්ලෙක්ගෙ ඇගෙ වැදිලා තව ඩිංගෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා..වැරැද්ද නම් පොඩි එකාගෙ..ජෙබී එල් එකකුත් කිහිල්ලෙ ගහගෙන අත් ලොකු ටී ෂර්ට් එකක් ඇදලා බෙල්ලේ බලු දම්වැල් එල්ලගෙන සිගිති පාතාලෙ පොරක් අනිවාරෙම්...
"කොහෙද යකො යන්නෙ..තොගෙ ඇස් දෙක කටෙ දාන්ද යන්නෙ ආ.."
"මොකද්ද ඇටයො උබ කියන්නෙ..අයියෙක්ට කතා කරන්න දන්නැති හැටියක් මේක..මදටිය ඇටයක් තරම් උස එ වුනාට කට බලපම්කෝ..උබනෙ යකො මගේ ඇගෙ හැප්පුනෙ..දෙන්නෙ ඔලුවට කන පැලෙම්න.."
"කන පලම්න උබ මගේ..ජාලේ එවුන් බස්සලා ගස්සන්නෙ හරිත..උබ දන්නැ හයිපයි සුප්පා කියන්නෙ කවුද කියලා..ඇටකිච්චා.."
"ඇටකිච්චා..!!!! තෝ තෝ තෝ සුනාමියෙන් පස්සෙ එකා කනවා උබෙ කැවුත්ත මන්..තෝ යකො කතා කරන්න දන්නෑ."
"සුනාමියෙන් පස්සෙ නෙමෙ යකෝ අපි යුද්දෙනුත් පස්සෙ එවුන්..2012ගැන්සිය බස්සනො දැනගනිම්.."
"යකො උබ 2012 ද බන්..අනෙ අම්මපා මේකාගෙ කලිසම..මොකො උබට ගංවතුරද..ආදාර ගන්න බලාන හිතාගෙනද හිල් කලිසම් ඇන්දේ..ඔය බලපම් පදාසෙම නෑනෙ..බලපම් ඔය ශර්ට් එක..උබ වගෙ දෙන්නෙක් බස්සලා මටත් බැහැතෑ..මොකද්ද බන් ඔය බෙල්ලෙ එල්ලෙන්නෙ..අපෙ බල්ලාගේ දම්වැලත් වගේ නිකම්.."
"ඇයි ඇයි උබ මෙව්වා තමා ඩො පැසන්..උබලා දන්න පකක් නෑඩො මෙව්වා ගැන..ඇටකිච්චෝ දන්නෙ මොනාද.."
"ඇටකිච්චා.!!!! ඇටකිච්චා පොල්කිච්චා කැන්දගහේ කිම්බිච්චා අඩෝ..කන් දෙකෙන් එල්ලගන්නැතුව පලෑන් මගේ දෑහැට නොපෙනී.."
"උබ උබ සද්දෙ දැම්මෙ වැරදි එකෙක්ට අඅ..බලාගන්නම්..බලාගන්නම්.."
"මොනාද බෙලෙක් කටෝ උබ බලාගන්නෙ..පව් නොදි පලයම්..අමතක නොකර යද්දි ඉස්සරහා බලාන පල.."
"උබ කවුද යකෝ මට පාර කියන්න..අතෑරින්නෑ ලේසියෙම් බලාගමු ආ..බලාගමූ.."
"බලයි උබ පම්ක..පලෑන්න මුඩුම සර්පයියා..හිඹුටු කටා..පිලී ගොනා.."
"අඩො ඇති බන් කැනොගහා වරෙම්.."
"නැ නැ බලාපම්කො..වැරදි කරලා කටගහලා යන ලස්සන..බලාගන්නම්ලූ..බලයි මගෙ අහවල් එක.."
"උබත් පොඩි එකෙක් වගේ බන්..මෙන්න මෙහෙට වරෙම් යන්න..."
හවස් වරුවෙ නුරාග් අයියා තමාලයගෙ බඩු අරන් ඇවිදින් අපි එ ටික අස්කරන්න ගත්තා..මගෙ කාමරේට අල්ලපු එක උට හදලා දිලා බඩු ටික ගානට අඩුක් කරගන්න දීලා මට පැත්තකට වෙලා ඉන්න කිව්වා...ෆෝන් එකෙත් චාජ් නැතුව ඕෆ් වෙලාම ගිහින්..එක චාජරෙට ගහලා ඔන් කරා..තමාලයා අකි අයියා වගේ දෙතුන් දෙනෙක් ඇරුනම මේකට ගන්නෙ ක්ලාස් එකෙ ලමයි විතරයි..අර ගොන් කට්ටුව ක්ලාස් ගෲප් එකේ මැසෙජ් දාලා අහලා තිබුනා මට දැන් කොහොමද කියලා..මන් හොදින් කියලා රිප්ලයිත් දාලා පේපර් එකකුත් යැව්වා කරන්න..අපරාදෙ ඉතිම් අද දවසෙ ඕකුන් නිකන් ඉදීවී..
අවිනාශ් මට ප්‍රයිවට් මැසෙජ් දාලා අහල තිබුනා කොහොමද කියලා..මන් එයාටත් රිප්ලයි දාලා ෆොන් එක පැත්තකින් තියලා රෑට කන්න හදන්න ගියා..නුරාග් අයියටත් රෑට කාලම යයි..
පරිප්පුවක් හදලා සැමන් තෙල් දාලා
ලොකු කැරට් අල දෙකක් අරන් පෙරන් ගෑවෙ සම්බොලයක් හදන්න කියලා හිතාගෙන..
"හායි බබි..දැන් ඔයාට කොහොමද.."
ඒත් එක්කම කුස්සියට නුරාග් අයියා ආවා..
"දැන් හොදයි අයියා..රෑට කාලම යමු හොදෙ.."
"ම්ම්ම් පොඩ්ඩො.."
"අයියෙ.."
"තමාල් වගේම මාත් දන්නවා ඔයා මෙ අවුරුදු ටිකේ වින්ද වේදනාවල්..මන් එදාවගේම අදත් ඔයාගෙන් සමාව ඉල්ලනවා..මට බැරි වුනා ඔයාල වෙනුවෙන් මුකුත් කරන්න..මට.."
"අයියේ..මන් හැමදාම කියවනෙ මෙතන ඔයාට සමාව ඉල්ලන්න දෙයක්.."
"නැ පොඩ්ඩො ඉන්නකො..ඇත්තටම මට එකාලෙ ඔයාල වෙනුවෙන් කිසි දෙයක් කරගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ..ඔයාලා වේදනා වින්දා..දෙන්නම අසරන වුනා..මන් අපේ එකා අන්තිම මොහොතෙ කරපු දෙ හොදයි කියන්නෙ නැහැ..එත් මට එයාව තේරුම් ගන්න පුලුවන්..මට ඔයත් මගෙම සහෝදරයා..මන් ඒකාලෙ ගත කලෙ හරිම සෙල්ලක්කාර ජීවිතයක්..ඩෑඩ්ගෙන් පෝශනේ වෙච්ච පරපෝශිතයෙක් ගානට..මන් රට ඉද්දිත් කරෙ ජීවිතෙ විනෝදෙන් ගත කරපු එක..සමහර විට මන් ඒකාලෙ හරි විදියට හිතලා වැඩ කරානම් මට එදා මගෙ මල්ලිගෙ පැත්තෙන් හිටගන්න පුලුවන් කම තියෙන්න තිබ්බා..මට උබලා දෙන්නවම බලාගන්න පුලුවන්කම තිබ්බා එහෙනම්..ඔයාලට වෙච්චි දේම මන් කැමති වුන්නැ තමාල්ටත් උරුම වෙනවා දකින්න..එත් මෙ කාලෙ ඇතුලට හුගක් දේවල් සිද්ද වුනා..බබා මෙහෙන් ගියාට පස්සෙ මාත් වෙනම ජීවත් වෙන්න ගත්තා..ඇත්තටම ඩෑඩ්..මන් දන්නැ..මගෙ පොඩි එකා එ ඔක්කොම බලාගනි කියලා හිතනවා..ඔයාට එක එක දේවල් ආරන්චි වෙන්න ඇති..මෙච්චර කාලෙකට මන් එයාගැන ඔයා එක්ක වචනයක්වත් කතා නොකරෙ හේතුවක් ඇතිව..එත් අද..මන් මෙ වටෙම් ගොඩෙන් කියාගෙන ආව දෙවල් වලිම් මට ඔයාට කියන්න තින්නෙ ප්ලිස්..බබී ඔහොම්ම අල්ලන් ඉන්න..තව වැඩිකල් උබලා දෙන්නාට දුක් විදින්න වෙන්නෑ..අරු වෙන කසාදයක් කරගෙන තිබ්බත් මන් ඌව උබට උස්සලා හරි ගෙනල්ලා දෙන්නම්..මන් දැන් දන්නවා ඒකා හරියටම ඉන්න තැන.."
"අයියේ..අනේ.."
"ෂ්ෂ්ෂ්..දැන් ඔව්වා හිතලා අඩන්න එපා..උබ හිත හයිය කොල්ලෙක් පොඩ්ඩො..මෙ හැමදේම ඉක්මනින් විසදෙයි.."
නුරාග් අයියා මගෙ අත් දෙක අල්ලගෙන මෙ අවුරුදු ගානටම කියන්න ඕන දේවල් දිගෑරියා..මන් දන්නවා එයා දුර ඉදන් හරි මන් ගැන හොයලා බැලුවා..තමාල්ගෙ හයියට ඉන්න ගමන් මාවත් පරිස්සම් කරේ එයා..හැමදේම විසදෙයි කියන ගමන් එයා මගෙ නලලට හාදුවක් තියලා ඔලුව අතගාලා ආයෙම සාලෙට යන්න ගියා..
මෙ අවුරුදු පහටම නුරාග් අයියා එයා ගැන එක වචනයක් මන් එක්ක බෙදාගත්තේ නෑ..ඇත්තටම මමයි අයියට කිව්වෙ ආයෙ එ නම මට ඇහෙන්නවත් කියන්න එපා කියලා..මට එයා ගැන එක එක විදියෙ ආරන්චි නම් ආවා..බාප්පා කිව්වෙ එයාගෙ තාත්තා හොයලා දුන්න ගර්ල් කෙනෙක් එක්ක එන්ගෙජ් වෙලා රටින් ගියා කියලා..මන් ඔව්වා විශ්වාස කරන්නද ඉතිම්..මොනදෙ වුනත් මන් දන්නවා එයා ලංකාවෙ නැති විත්තිය..එහෙම ඉදියනම්...ඉදියනම් අනිවාරෙම් මාව බලන්න නෑවිදිම් ඉන්න එකක් නෑ..මොනා වුනත් මට තාම එයාගෙ ආදරෙ විශ්වාසයි...
මේ කාලෙ ඇතුලත හොද දේකට කියලා වුනේ තමාලයාට අවසර හම්බුන එක විතරයි...මට නොලැබුන අවසරෙ එදෙන්නාට ලැබුන නිසා මට හුගක් සතුටුයි..නුරාග් අයියාගෙ තාත්තා පවා එ සම්බන්දෙට කැමති වුන එක ලෝක පුදුමයක්..මොනා වුනත් ඒකා වාසනාවන්තයි..එ සතුට ලබන්න උට අයිතිය තියනවා..
එ අතින් බැලුවොත් මම..මාව අම්මා තාත්තා දෙන්නාම අතැරියා..මුල් කාලෙ මන් උන්නද මලාද බැලුවෙ නෑ..තාත්තා හරි කමක් නෑ කියතැ..එත් අම්මා..එයාට තිබුනා අඩුම ගානෙ මට කෝල් එකක්වත් දෙන්න..අම්මගේ උනුහුමට වෙලා අඩන්න මට නොසෑහෙන්න ඕනි වුනා..අනෙ අම්මෙ ඇයි මටම මෙහෙම වුනේ කියලා එ උකුලේ ඔලුව ගහන් අඩන්න ඕනි වුනා..හැමරෑකම අඩලා අඩලා ඔලුව පුපුරන්න වගේ ඉද්දි ඉස්සර අම්මා ඔලුව රිදෙද්දි නින්ද යනකම් තෙල් ගාලා අතගානව මතක් වෙද්දි මට හිතුන එකම දෙ අනෙ මන් හරි පව් කියලා විතරයි..ඔලුව රිදෙද්දි පැන්ඩොල් එකක් දීලා නින්ද යනකම්ම ඔලුව අතගාන්න කවුරුම හරි ඒවි කියලා මන් හැමදාම බලාන ඉදියා..පීඨෙන් ඇවිල්ලා මන් ජීවත් වුනේ තනිකරම අපායක..තනිකම පට්ට වුනාට තනිවෙන එක එච්චර සුන්දර නෑ..කොහෙත්ම සුන්දර නෑ..පුතේ බත් කාපම් කියන්න කවුරුත් ලග ඉදියෙ නැ..පුතේ උබට සනීප නැත්තම් බෙහෙත් ටිකක් ගේන්න යමු කියන්න කෙනෙක් ඉදියෙ නෑ..තනියෙන් ඉද්දි පිස්සුවෙන් වගෙ කියවන්න කවුරුත් ලග ඉදියෙ නෑ..මගෙ වැඩ මටම එපා වෙලා මට මාවම එපා වෙලා යද්දි කාටවත්ම කියන්න මට ඕනිවුනෙත් නෑ..අසනීප වුනාම පැන්ඩොල් දෙකක් කවුරු හරි ගේනකම් බලාගෙන ඉන්නෙ නැතුව උබම බිපම්..ඔලුව කැක්කුම ඇල්ලුවොත් උබම තෙල් ටිකක් දාගනිම් කියලා ඇතුලාන්තෙ මටම කිය කිය ඇඩුවා..
මට වඩා අසරන මිනිස්සු ඇති..මට වඩා දුක් විදින මිනිස්සු ඇති..මට වඩා තනිවීම් වලට මුහුන දුන්න මිනිස්සු ඇති..මාත් කට්ටිය වැටුනහම නැගිටින්න හෙන දාර්ශනික උපදෙස් දුන්නා සහ එයාලට උදව් කරපු කෙනෙක්..එත් කියමනක් තීන්නෙ ප්‍රශ්නෙ අපේ නොවනතාක්මලු උත්තරෙත් දාර්ශනික වෙන්නෙ කියලා..එක ඇත්ත..හැමකෙනාටම එකම විදියට දරාගන්න බෑ..මට කොහෙත්ම බැරිවුනා..මන් වේදනා වින්දා.. නොසෑහෙන්න වේදනා වින්දා..මන් කොහොම කෙනෙක්ද කියන එක අමතක වෙලා යනකම්ම මන් වේදනා වින්දා..ගෙවෙන දවස කවද්ද..කාපු කෑම මොකද්ද..යන්නෙ කොහෙද කියන්න..කොටින්ම රෑවුනාම මන් නිදාගන්න ඕනි කියන එකත් මට අමතක වෙලා ගිය දවස් තිබුනා..දවස් දෙක තුන නොකා ඉදපු දවස් තිනුනා..එක ලෙඩේ දෙක තුන වෙද්දි අන්තිමට දීගන්න ඕන බෙහෙත්වත් හරියට තීරනේ කරගන්න බැරිතැනටම වැටුනා..කාලයක් තිබ්බා ගෑස්ට්‍රික් උත්සන්නම වෙලා ලේ වමනේ පවා ගියපු..ගන්න කෑම ආපිටම ගිහින් අවසානෙ යන්න දෙයක් නැතුව පිතත් ගිහින් පිත කැඩිලා ලේ වමනෙත් ගියා..මානසික අවපීඩනය මගෙ ඇගට දරාගන්න බැරුව කායිකවත් මාව කඩන් වැටුනා..දරාගැනීම උපරිම වෙලා ඉදපු මොහොතක වාසනාවකට වගේ තමාල් ආව නිසා එතනිම් එහාට දේවල් ටිකෙන් ටික හොද අතට හැරෙන්න ගත්තා..මෙච්චර දේවල් හංගන් ඉදියා කියලා උගෙනුත් සෑහෙන්න දෝශාරෝපනේට ලක්වුනා..එ ඉදපු හැටියට මෙහෙම ඉන්න එක ගැන මන් සතුටු වෙනවා..
ලගකදි අම්මා කෝල් කරා මන් ආන්සර් නොකර නම්බර්ස් ඔක්කොම බ්ලොක් කරලා දැම්මා..ඇත්තටම මොකටද ඉතිම්..ඕනම කරපු කාලෙ නැතිවෙලා දැන් ඉදිය කියලා ඇති වැඩක් තියෙද..යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ඉතිම්......
-------------------------------------
අද ස්කූල් එකේ annual concert එක නිසා හරියට පිස්සුවෙන් වගෙ අපි දෙන්නා එහෙට මෙහෙට දුවනවා ආව වෙලේ ඉදන්ම..පොඩි අය ටික ලෑස්ති කරලා මගෙ ක්ලාස් එකේ බූත පැටව් ටිකත් බලාගන්න එපැයි..මගෙ නිට්ටෑවො හතර දෙනා සෝන්ග් එකකට ඉන්නවා..මෙ ටිකේම මියුසික් රූම් වලට අරක්ගෙන ඉදියෙ ඔය රැල..තමාලයගෙ බබාලා සෙට් එක නැටුවට පස්සෙ තමයි සින්දුව තීන්නෙ..
"කො ඉතිම් යොවුන් ඔක්කොම හරි නේද.."
"ආයෙත් ඉතිම් සුදු සැර් දන්නොනෙ මෙ යොවුනා වැඩකට බැස්සොත් කිරි ගහන ඇන්නා වගේ කියලා..
බය වෙන්න කාරි නැ සද
ඉන්න කම් මන් අද..."
"උබ හින්දමයි කොල්ලො මට බයම..ගොනා වගේ ඉන්න ගිහින් අර අන්දරෙ වගේ වෙන්න එපා මගෙ පුතෝ.."
"හරෙ හරේ..ඔන් බලම්කො සුදුමාත්තයාට ඇඩෙන්න අද සින්දුව දෙන්නෙ හරිත.."
"හරි එහෙනම් මන් අර පැත්තට යනවා..හරියට කරන්න හොදෙ..කොල්ලොනේ all the best.."
"අවිනාශ් දෙවිදු කවිශ මගෙ නම්බුව බෙරපල්ලා ලමයිනේ.."
තමාලයාගෙ පොඩි උන් ටික ශොක් එකට නැටුවා..එක්කෙනෙක් දෙන්නෙක් ලාවට ට්‍රැක් එක පැන්නා..අර චුටි බටිත්තා තමා ලස්සනටම නැටුවෙ..එයා අර දිගංචියාගෙ ලගින්වත් තියන්න බෑ..
බබාලගෙ ඩාන්ස් එකෙන් පස්සෙ මගෙ ඌරො හතර දෙනා ලස්සනට සින්දුව කිව්වා..සින්දු දෙක තුනක්ම ලස්සනට කිව්වා..මොනා උනත් මගෙ කොල්ලො ටික දක්ශයි..
අන්තිමට අවිනාශ් ඉතුරු වෙද්දි අනිත් තුන්දෙනාම ස්ටෙජ් එකෙන් බැහැලා ගියා..මේකා මොකද්ද මෙ කරන්න හදන්නෙ..ගිටාර් එකත් ප්ලේ කරන ගමන් එයා තනියෙන් සින්දුවක් කිව්වා..මෙහෙම එකක් ලිස්ට් එකෙ තිබුන්නෑනෙ..
ඔබ ඇපල් මලක් වාගෙ ලස්සන වසන්ත කාලේ...වාව් එයාගෙ වොයිස් එක ඒ සොන්ග් එකට perfectly match වුනා..
"ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි..
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි..
අහිතක් හිතන්නෙ නැති නං මන් හරි ආදරෙයි.."
ඒ part එක යද්දිම එයා මගෙ දිහා බලාගෙන ඒක කියව්වා..එයා එහෙම කියද්දි.......
මට එයාගෙන් එතන මැවුනෙම...
අනෙ මගෙ අයියෙ...........
" ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ "
එයා සින්දුව කියලා ස්ටේජ් එකෙන් බැහැලා යන්න ගියා..එත් එ සින්දුවෙ අවසානයක් වෙනකම්ම එ ඇස් රැදුනෙ මගෙ සීමාවෙ..අනෙ ලමයෝ..ඔයා මට එයාව ආයෙම මතක් කරවනවා..අවිගෙ සමහර ගති තිබුනා සුදු අයියාට සමානවම..හැසිරීම..රූපෙත් අයියට ලගින් යනව කියලා මට නොතේරුනාම නෙමෙයි..එත් අද තමයි මට ඒක හුගක් හොදට දැනුනේ..
"අනෙ අපෙ සුදු සෑර් සතූඌඌ වෙලා..කොල්ලා ලස්සනට කිව්වා නේද සෑර්..බලන්නකො ඉතිම්..අහිතක් හිතන්නෙ නැති නම් මාත් හරි ආදරෙයි සුදුමාත්තයෝ.."
"යොවුන්..!!
ආහ්ම්..මෙ ඔයාලා හොදට සින්ග් කරා ලමයි..අවිනාශ් ඔයත්.."
"සර්ට දැනුනද සැර්.."
"ම්ම් ඔව් හුගක් ලස්සනයි..අවිනාශ්ගෙ සෝලො අයිටම් එකක් තියෙනව කියලා දැනන් ඉදියෙ නැනෙ කලින්.."
"ආ අපි සැර්ව සර්පරායිස් කරානෙ..සර්ට දැනුනනම් එච්චරයි..නේද අවියෝ.."
"හරි හරි යන්න දැන් ගිහිල්ලා අර සංග්‍රහට එකතුවෙන්න.."
"ඔකේයි..එනම් අපි කැපුනා සුදාම්මියා.."
"යොවුන්..ආයෙ ඔය නම මට ඇහෙන්න කිව්වොත් අම්මප කට තලනවා හොදේ..කො යන්නැතුව මෙහෙ එනවා..මාත් එක්ක ඇවිත් අර ආරාදිත පාසල් වල ලමයින්ට බීම අල්ලන්න එනවලා.."
"ලගට එන්නම් හැබැයි ගහන්න ඔට්ටු නෑ හාද.."
"හා හා කොල්ලො එනවකො..අනිත් උන් ටිකත් එක්කරන් එනවලා..ඉවර වෙන්න කලියෙන් උබලාත් මොනාහරි කටට දාගනිම්.."
"අනෙ ආදරෙයි ආදරෙයි මැරිලත් වල ලගටම යනකම්..ඔම ඉන්ට එක්කරන් එන්නම් ඈ.."
ස්ටාෆ් එකෙ ඉන්න වයසින් අඩු අපිටමයි අජූත වැඩ සෙට් වෙන්නෙ..ඩාන්සින් පුරුදු කරා..දැන් එ මදිවට කැම අදින්නත් වෙලා..අම්මපා අර පතිරාජයා...සාදු සාදු සා....වයසට ගරුකරන්න ඕනෙ...එච්චරයි..ටීචර්ස්ලට කිරිපැකට් ලමයින්ට ජූස් කප්...
" එ තමල් සර් මෙන්න මෙහෙ වරෙම්..දැන් යොවුන් එයි බොයිස් ස්කූල් ටිකට අල්ලන්න තමයි දැන් ඉතුරුවෙලා තීන්නෙ අරකා ආවම ට්‍රේ එකට දාලා දීපම් ඈ.."
"අනෙ මට මහන්සි ඔයි..උබම තියපම්කො දුවලම මහන්සි..පව් අර ශශිනිකා මිසුයි කාව්‍යා මිසුයි..මයික් එක ලයිම් හෙල්ලෙන්නැ..අම්මපා මේක ඔලුවෙ ගහපු පතිරාජයටනම් මේතුන් සරනෙ සරනයි..ඕකාට හෙන ඉල්ලන්න බෑ හෙට අනිද්දා යන්න ඉන්න එකානෙ..හැබැයි පුතො මට හිතුනොත් ඕකාගෙ වටකෙස් මැද හිස් පලලා දානවා.."
"හරි හරි කෑනොගහා ඉදින්..ආන් යොවුන් එනවා..කොල්ලො මෙ..මෙ ටික අරන් යන්න..මාත් එන්නම් මෙ ටික ගන්නකො.."
"සෑර් මෙ ගර්ල්ස් එකටද මුලින් අල්ලන්න ඕනි..ඔයි ටික්කා මන් එහෙට ගිහිම් එනකම් උබ අනිත් පැත්තට පලයම් ආ.."
"නැනැ දෙවිදු ගර්ස්ලට ඇල්ලුවා..කොල්ලොන්ට අල්ලපිය ගිහිම් මගෙන් ගුටි නොකා..එනව මෙතන ගර්ල්ස් ලට අල්ලන්න.."
"අඩො අවියා ආන් උබට ලියුමක් දුන්න හිරුනිකා ප්‍රේම චන්ද්‍රත් ඉන්නව අර..ආ අල්ලපු පැත්තේ හංසමාලියා නන්ගිත් ඉන්නෙ.."
"යොවුන්..ගුටිනොකා ඕක අල්ලනවද..අවිනාශ් අර පැත්තට යන්න..ඉස්සරහා ඉදන් අල්ලන් එන්න.."
මුන්ට කියවලම මගෙ කටත් රිදෙනවා..අවුලක් නෑ එකපාරම හතර දෙනා අරන් ආපු නිසා දෙපාරකට යන්න ඕනවෙන එකක් නෑ..හප්පේ අරකාගෙ මූන..ටිකක් හිනාවෙලා ඕක ඇල්ලුවානම් කැල්ලක් යනවාද..ඉදා ගනිම් නැත්තම් නිකම් ඉදපම් වගේ එ ඇල්ලිල්ල..
මන් ඉදියෙ අන්තිම පෝලිම ගාව හිටගෙන..මගෙ එහාපැත්තේ වාඩිවෙලා ඉදපු කොල්ලො මොනාම හරි කියෙව්වා..තාම කියොනෝ..උන් කියවන එක ඇහුනෙ නැති වුනත් කතාවෙන්නෙනම් එච්චර හොද දෙයක් නෙමෙ කියලා මට තේරුනා..මන් එතනිම් හැරියා යන්න හදද්දිම අයිනෙ ඉදපු ලමයා එකපාරටම නැගිටලා මගෙ ඉස්සරාහින් හිටගෙන එයාගෙ අතෙ තිබ්බ බීම කප් එක මිරිකුව පාර මගෙ මූනයි ඇදුමයි බීම වලින් නෑවුනා..
"ඔහ් ශිට්..."
"ඌප්ස් සොරි සර්..වැරදීමක්.."
"අයියෝ සුපුනා..මොකද්ද වුනේ..හැලුවා නේද සර්ගෙ ඇගෙ බීම එක..ඔන්න මගෙ එක නම් දෙන්නෙ නැ..උබට සර්ගෙ මූනෙ ඒවා ලෙවකන්න තමා දැන් වෙන්නෙ.."
මුන් නම් මහා අවජාතක ලමයි ටිකක්..වැරදීමක්ද උවමනාවෙන්ද කලේ කියන්න මට හොදටම තේරුනා..මෙකාගෙ යාලුවො හිනාවෙවි එක එක ඒවා කියද්දි මේකත් කට කොනෙන් හිනාවෙනවා මන් දැක්කා..
"ඒකට කමක් නැ ලමයි..ඔයා වාඩිවෙන්න.."
"ආ එහෙම යන්න දෙන්න බෑනෙ සර්..කො එන්න මන් පිහින්නම්.."
අනෙ අම්මපා මේකාට මම....
"නැ නැ ලමයෝ ඔයා වාඩිවෙන්න..මන් මේක ගැන බලාගන්නම්.."
"ඔහොම ඉන්නකො අයියා බබෝ..මන්නෙ හැලුවෙ මන්ම පිහින්නම්.."
"අනෙ ලමයො මෙ දැන් සැරයක් කිව්වනෙ එපා කියලා..මෙහෙ තමුන්ගෙ අයියලා නැ..සර් කෙනෙක්ටවත් ගරු කරන්න කියලා දිලා නැද්ද ස්කොලෙන් ආ..පිටතැනක හැසිරෙන්න ඉගෙන ගන්නවා මුලින්ම.."
"අම්මො සැර..සර් ඉතිම් මූ උදව්වක්නෙ කරන්න ගියේ.."
ශික් වැල්ලෙ කොල්ලො හොදයි මීට වඩා..
"අන්න ඒකනෙ..කො ඉතිම් මේකෙන් පිහිදාන්නම් මන්-ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...
"උබට එයා කියපු දේ ඇහුන්නැද්ද..එපා කියන්නෙ එපා නිසා.."
දෙයියනේ අවිනාශ්..අර කොල්ලා ලේන්සුවෙන් මගෙ ශර්ට් එක පිහින්න දික්කරපු අත අවිනාශ් අල්ලලා අබරලා අරන් පිටට හේත්තු කරලා අල්ලපු පාර අරුට කෑහැස්සුනා...
"අවිනාශ්..ලමයෝ..කො එයාට යන්න දෙන්න.."
"ආර්හ්හ්හ්..අතෑරපම් බල්ලා මාව..අතෑරපම්.."
"ඔයි ඔයි උට යන්න දීපම්.."
"අනෙ ලමයි මෙතන රන්ඩුවෙන්න එපා..කො එයාව අතාරින්න..ලමයෝ..අවිනාශ්...දරුවො...අනෙ අවී.."
මෙතන රන්ඩුවක් ඇතිවුනොත් ස්කෝලෙටත් හොදනෑ..මන් හිතුවෙම අරුගෙ අත කඩයි කියලා..හොද වැඩේ ඕකාට..ඔහොම වෙලා මදි..එවුනාට මෙතන ප්‍රශ්නයක් ඇතිවෙන්න දෙන්නත් බෑනෙ..අවිනාශ් නම් ඉදියෙ ලොකු කෙන්තියකිම් දත්මිටිකාගෙන..මන් කතාකරපුවා ඇහුනෙවත් නෑ..එත් අන්තිම පාර මන් අවී කියලා කියද්දි එ ඇස් ගැස්සිලා අර කොල්ලාව අතෑරුනා..
"කො ඔයා යන්න..ලමයො යන්නකො ඉතිම්...ඔය පුතත් ඉදගන්නවද..."
අම්මො මේකා අරූව ගිලින්න වගේ බලන් ඉන්නෙ..
"අවිනාශ් කො එන්න යම්.."
"ආයෙත් කියන්න.."
"හෑ.."
"අවී කියලා..ආයෙත් කියන්න.."
හුටා..මේකාට මොකක් නැතත් ඒක හොදට ඇහිලා..
"මන් එහෙම එකක් කිව්වද කලින්..නැනෙ මට මතක නෑ.."
" ඔයා කිව්වා.."
"පිස්සුද ලමයෝ..කො යන් යන්.."
"සුදු අයියේ.."
"අවී මේ තමුන්ට මන් ආයෙ කියන්නැ හරිද..ඔය නම කියන් ආවොත් කට තලනවා උබේ.."
ඔහ් ශිට්..ශවර් ඇරලා තියෙද්දි ඇදන් නෑවනේ..කිව්වෙ නෑ කියවුනා..ඔය ඉතිම් උබ හිනාවෙයන් කට කොනෙන්..අනෙ අම්මපා දෙන්න හිතයි.....
"සර් සර්...අන්න දහතුනේ අවි අයියලා සෙබස්තියන් එකේ අයියලා එක්ක මරාගන්නවා..."
______________
හෙලොව්...
මන් ආවා..❤️🔥👉👈
අද එපිය කොමතේ
අපෙ දිවියා නැතුව පාලුද ලමයි😪
එයා වෙනුවට අවි හොද නැද්ද..👉👈
ආයෙම එන්නම්....
ආදරෙයි❤️🔥
_Gojo_