දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.4K 8.2K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 37

1K 110 22
By Gojo_Nj9119

අර සලමන්දරාගෙන් වැදුන සොට් එක නිසා මගෙ බඩට සුයිප් එක ඇදිලා තිබ්බා..
අම්මෙ ඉතිම් සනිපේ...උදෙ නැගිටගන්න බැරුව පට්ට දුකක් වින්දෙ ..

අම්මට බොරු දෙක තුනක් කියලා කොමහරි තවාගෙන බාම් ගාගත්ත නිසා යාන්තම් අඩුවුනා..අද ගෝල්ෆේස් එකේ ෆෘට් ෆෙස්ටිවල් එකක් තීන නිසා සූදු කපල් එකයි චීස් කපල් එකයි හවස් වරුවෙ හොද ආතල් එක්ක ගන්න ආවා...
එක එක ජාතියේ කැම වටේටම තියෙනවා..

අපි ගිය ගමන් korean style corn dogs කෑවා..අම්මොහ් උනු උනුවෙ කද්දි රස..පස්සෙ එතනින්ම hot & spicy ramen එකකුත් කාලා දුවාගන්න තැන් නැතුවයි ඉදියේ..
තමාලයයි මායි තරගෙට පානි පුරි කෑවා..ඊටපස්සෙ බබල් ටීත් අරන් බොනගමන් වටෙ ඇවිද ඇවිද ඉදලා..
ආයෙම කඩේකිම් බැම්බූ චීස් කොත්තුවක් අරන් කාලා එතනින්ම නාන් රොටිත් අරන් කෑවා..
කෑම කියන්නෙ කලාවක් නම් අපි එහෙ පිකාසො වෙමු..අයියලා දෙන්නාට කාගන්න බැරුව බලාන ඉද්දි තමලායයි මායි ගේම අත් නොහැර දිගටම කෑවා..

කොත්තු කාලා ඉවර වෙලා අපි අවා sweet candy කඩේකට..එතනින් ගත්තා හත්තක් වගේ ලොකු cotton candy එකක්..

මන් බලද්දි තමාලයා තනියෙන් ගුලාබ් ජාමුන් කප් එකකට වග කියනවා..අනෙ ඉතිම් අපිට රිච් බොයිපෙන්ස්ලා ඉදපු නිසා හොදට ගියා..

"පෙරේතයා තනියෙම කන්නෙපා යකො.."

"යො යෝ..තංගාබලී...කිට්ටාවරදදදදදද...."

"කිට්ටා නෙමෙ තෝ කට්ටා.. කො මෙහෙ දියම්..අඩො අර ලඩ්ඩුත් තීනෝ..කො මෙ.මනුස්සයො දෙන්නා..
කියලා අරගමුකො.."

කො අපෙ නරයො දෙන්නා..හප්පා..එ ඩබල තාම කොත්තු කඩෙ වාඩිවෙලා..අද නම් දත් ඇන්දම වගේ ගැලව්වද කොහේ..දැන් නම් මටත් ඇති වගෙ..හැබැයි අර අන්දරේ කිරි කැවා වගේ අයිස්ක්‍රිම් එකක් වගේනම් කන්න ඉඩඇති..

"අයියේ..දැන් යනවද.."

"කෑවා ඇතිද වස්තු..ඔය බන්ඩියට ඇතිවුනාද ඉතිම් මෙ කාපුවා.."

"බන්ඩියාට තව ටිකක් නම් කන්න පුලුවන්ලූ..උගුර ගාවට පිරෙන්න තව ටිකක් තීනොද මන්දා.ම්හුක්.."

"ආ එහෙමද..ම්ම් එහෙනම් උගුර ගාවට එන්නත් එක්කලා අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නද වස්තුවට.."

"අනේ එව්වා හොදවැඩ...ලායූ සෝමච්..."

"ලව් යූ මෝර් බබා..ඔයාලා එහෙනම් කාර් එකෙ ඉන්න අපි අරන් එන්නම්.."

"යොහ් යොහ් අනෙ තව ලඩ්ඩුවක් අරන් දෙන්නකො ඒයි..ලොභයෙක් වෙන්නෙපා හොදේ..ආ දෙන්න බෑද..හැබැයි මන් බිම වාඩිවෙලා අඩනවා හරිද.."

"ඉතිම් අඩපම්.."

"යොහ්..මහා චපලයා මට ඕන්නෑ තමුසෙව..මන් බ්‍රේකප් වෙනවා..මට ඕන්නෑ තමුසෙ වගේ ලෝභයෙක්ව.."

"හපෝ ලොකු දෙයක් බන්..මන් හිතුවෙ මෙ කන කෑමට කම්පැනියත් විකුනන්න වෙයි කියලා..ඇතියන්තම් රස්සාව ගොඩ.."

"තමුසෙ තමුසේ...ආ එහෙමයි නේ..ඕන්නැ..ඕන්නෑ..ආයෙ එන්නෙපා පම්කින් මෆ්ලින් ගාගෙන හොදේ...අහවල් එක  පුම්බලා උඩයවන්නෙ හරිද..වරෙම්කො ආයෙම.."

හපෝ..මෙ දොන්තයානම්..පැයක් මරාගන්නැතුව ජීවත්වෙන්න බෑනෙ මුන්දෙන්නාට..තමාලයා මස්සිනාට ගස්සගෙන මාවත් ඇදන් කාර් එකට ගිහින් වාඩිවෙලා බලාන ඉදියා..

නුරාග් අයියාගෙත් හෙන බොරුව..අතනදි මේකාව අවුස්සලා දැම් එනවා පෙට්ටි දෙකක්ම උස්සන්..තමාලයා ඉස්සරහින් වාඩිවෙලා ඉන්න නිසා අයියත් ඩ්‍රයිවින්ග් සිට් එකට ගිහිල්ලා දොන්තයාව නලවනවා..එව්ව්..මලකෝලම් බෝල සබන්..අරූගෙ මූන මිරිකනවයි හපාකනවයි චොක් චොක් ගාලා උම්මා දෙනවයි..එත් අරු රවාගෙන..කොමෙන්හරි සුදු අයියා ගෙනාපු අයිස්ක්‍රීමෙන් ශෙප්වෙලා එ කපල් එක ආයෙම යාලුවුනා..විකාර...

කොෆි ඇන්ඩ් කුකීස්..ම්ම් මන් ආසම ෆ්ලේවර් එක..ඒක මාරම රහක් තියෙන්නෙ..මන් මගෙ අයිස්ක්‍රීම් එක ඉක්මන්ට කාලා අයියාගෙ එකටත් වැඩෙ දෙන්න කලියෙන්ම එයා මට අයිස් ක්‍රීම් එක කන්න දුන්නා..හෙ හෙ බලන්න ඒ ආදරෙ..මගේනේ..

"ඔය කට වටේම වස්තු.."

"හි හී.."

මගෙ කටෙ කොනක ගැවිලා තිබ්බ අයිස්ක්‍රීම් ටික එයා ඇගිල්ලෙන් පිහිදලා අරන් කටෙ දාගත්තා..එව්ව්ව් පෙරේතයා ඉල්ලුවානම් කෑල්ලක් දෙනොනේ..මහාලොකුවට පරිත්‍යාගකරලා දැන් කෙල හලනෝ...

------------------------

"ලමයිනේ..මොකද්ද මේකෙ තේරුම ආ..තමුන්ලා හිතාගෙන ඉන්නෙ එක්සෑම් එකට තව අවුරුද්දක් තියෙනවා කියලද ආ..තව මාස තුනක්වත් නෑ හරියටම බැලුවොත්..බලනවා මේවැයෙ ලකුනූ කීයද කියලා..කො අර පාසලේ කීර්තිමත්ම ශිෂ්‍යයො රැල..ආ උබලා අන්තිම පොලින්වල ඉදලා කකා ඉදපල්ලා..මේ ඉන්නේ මේකා විශාල් තමුන් එක්කො ඊලග සැරේ විභාගෙට ලියන්න..බලනවා පනහක්වත් නෑනෙ..අනිත් එකා තමාල්..පනහයි..මොකො වැට උඩට වෙලා ඉන්නද කල්පනාව ආ..මොකද වුනේ ආ..කො දැන් අර ඉස්සර තිබ්බ උනන්දුව.."

"අනෙ මන්දා ටීච මන් හිතන්නෙ මන් කොඩිවිනයකට අහුවුනා.."

"කොඩිවින..මන් කියන්නැ තමුන්ට..තාම කල් තීනවා..හරියට කරන්නගත්තොත් මේ කාලෙත් ඇති..කොහෙද තමුන්ලා හරියට පීරියඩ් එකට එනවා කියලද ආ..බෙල් කරලාත් විනාඩි විස්සකට පස්සෙයි පන්තියට එන්නෙ..මන් ආයෙම රිවිසන් පටන් ගත්තා..කො එකෙක් ආවද ආ..මට නම් මෙ art එකේ ලමයින්ව තිත්ත වෙලා තියෙන්නෙ..මන් ගිහින් කියනවා section head ට ඔයාලගේ වගකීම දරන්න බෑ කියලා..."

"අමෙ අමෙ සාතන් බැලුවා වගේ bs මිස් ආවෙ..නැත්තම් අද බෙල් කරනකම්ම මේ කැකෑරිල්ල අහගෙන ඉන්න වෙනවා..මෙයත් හරියට නිකම් අර මුස්ලිම් පල්ලියෙ ගීත කියන්නෙ දොලහා පහු වුනාම අල්ල්ලාඅහූඌඋ අලබකමොලබක ආන් ඒක වගේ බන්..පුදුම අදෝනාවක් මෙයත්..."

"අපි රිවිශන් යන්න පටන් ගත්ත දා ඉදන්නෙ ඔය කැගැහිල්ල..අපිට බැන්නෙ නැත්තම් ඉගැන්නුවෙ නැ වගෙ වෙන්නැති.."

උදේ පාන්දරම එකොන් මිස්ගෙ කන්දොස් කෙරුවාව අහන එක දැන් පුරුද්දක් වෙලා..සතියට දවස් දෙකක් ස්කොලෙ එවෙන්නැති එකට තමා මිස් ඔය වැඩි හරියක්ම ඔරොප්පුවෙන් ඉන්නෙ..එක්සෑම් එකට හරියටම තව මාස දෙකහාමාරක් වගෙ තියෙන්නෙ..එකොන් වලට විතරක් ලකුනු අඩු එක තමයි පොදු ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දැන්..

"බඩරිදෙන අයුරූ...
නොදැන කොත්තු..
මම කෑවා අනේ කලින්දා...
කුකුල් මස් බැදපූ..
සමග ලූනූ...
කලවන් කරා කැරි නානා.."

තමාලයා ලැට් එකේ ඉදගෙනත් සින්දු කියනවා..
ඊයේ කොත්තු කාලා  බඩ කේස් ...තමාලයානම් දෙපාරක්ම ටොයිලට් ගියා..ග්‍රයිප් මික්සර් බිලා ආපු නිසා මට දැන් ටිකක් ශේප්...

--------------------

"එක නෙමෙ තමාලයො මොකො බන් අපෙ ශ්‍රීදරයා අවුලෙන් වගේ..විශාලයාත් නිකම් ඔනාවට එපාවට වගේ හිනාවෙලා ඉන්නෙ..ඇයි බන් ඒ..අඩො ඇහුනද උබද.."

"ඈ මොකද්ද මොකද්ද.."

"නොදෝකිම් පුක්මන්තා මොන සිහියෙන්ද උබ ඉදියෙ ආ.."

"ඈ ආ මෙ මන් මෙ ඉදියෙ හෙ හෙ දන්නැද්ද චුට්ටක්..මන් මෙ ඩැඩියගෙ සිහියෙන් ඉදියෙ තප්පරේකට..මොකො සින් එක මොකද්ද වෙන්නොනෙ..කවුද අවුල..මන් ඩැඩියෙ සින් එකෙ ඉදියත් අහාගෙම ඉම්නෙ..එ ගමන මොකාද අපෙ සප්තයට ටෝක දාන්නෙ..යකො මේක විශාල කරදරයක් වුනානෙ මෙහෙ ඔක්කොම උන් මගෙ ගැනිට කැමති වුනාම කෙල්ලොන්ට යන කලදසාවක් නැතිවෙනවනේ.."

"අනෙ බල්ලෝ..උබත් නිකම් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ තමා..බොට කියන කට හොදයි.."

"මට හාද්දක් දෙන්න නේද..ම්හුක් මන්නෙ අනේ කමක් නැ හාද්දක් තියන්න..තෙරෙරු නයෝනේහ්..දයිජෝබු දයිජෝබු.."

"එගමන ආයෙ තේ රෙන්නෑ ගානවා..මොකද්ද ඔය අලුත් එක දාලිබත්ලද.."

"එව්ව්ව් එව්ව්ව් උබට මන් කට කැඩෙනකම් කියලා ඇති ගොජෝ කොල්ලා ඉන්න කතාව බලපම් කියලා කොහෙද ඉතිම් උවමනාවක් නැති කම.."

"ආ අර jjk නේ..ඉතිම් දැන් මොකද්ද තො දැන් කිව්ව ලබ්බෙ තේරුම.."

"තෙරෙරු නයෝ කියන්නෙ මචන්..අනෙ අම්මෙහ්..ම්හුක් මගෙ ගොජෝ ඩැඩියා තමා ඕක කියන්නෙ..මතක් වෙද්දිත් ඇහෙනො ඇහෙනො වගේ..අම්මෙග් තෙරෙරු න යෝඕඕඕඕ..අම්මො වොයිස් එකහ්..එකියන්නෙ ලැජ්ජ වෙන්න එපා කියලා බන්.."

"එව්ව් අනෙ මන්දා මට ඔය හාලි කෑලි කියවන්න තෙරෙන්නෑ..අර අන්තිමට මොකද්ද කිව්වෙ කරාබු ජෝඩුද.."

"නොදොකිම් නැ නැ සෙක්කියෝ දයිජෝඋබු සමානයි අපේ ක්වෙන්චානා එකට..ආ කමන්නෑ කියන්නෙ ආන් ඒක.."

"ආ ඒමත් එකක්නේ..එක නෙමෙ බලපම් මන් උබෙන් ඇහුවෙ මොකද්ද තො දැන් කිව්වෙ මොකද්ද ආ..ගෙරියා..උබ දන්නැද්ද ශ්‍රීදරයා අවුලෙන් ඉන්න සීන් එක.."

"මොක..ආආආඅ..එක මචන් දැන් ඇවිල්ලා මෙහෙමයි හරිද..ඉස්සර මචන් ඉතිම් උබ මෙකට එන්න කලියෙම් හොදේ..මාත් අපෙ වේගබට්ටයි යනවා යශෝදරාවෙ නම්කිලා බලන්න..ඔලෙවල් ඉවර වුන කාලෙ සීන් ඔව්වා..අපි අර රිසාල්ට් එකනම් ඉදියේ..ඌයි මායි කරානෙ esoft එකෙ it කෝස් එක..ඉතිම් උදෙට ඒකට ගිහිම් එකාමාර වෙද්දි අපි එනවා ස්කොලෙ ගාවට නන්ගිලා බලන්න..උබ මෙව්වා දන්නෙත් නැතුව ඇති හේ හේ..ඉතිම් ඉස්සර ඕකෙ ඉදියා හෙන බ්‍රයිට් කෙල්ලෙක් හොදෙ සෙව්වන්දිද මන්දා නම බන්..කොමහරි මූ සෙව්වන්දියාව ටෝක් කරා කාලයක්..අපි ඉතිම් හිම්චි පාතාලෙ වගේ කලර් කිට් ගහන් ස්කොලෙ ගාව ඉදියා පොලිමට ඒකාලෙ..මු ඉතිම් ඒකිගෙ ක්ලාස් වලට යනකම්ම පස්සෙම් ගාටනවා..මු යද්දි මාත් නොගිහිම් බෑනෙ මචං..කොමෙන් හරි ටික කාලයක් යද්දි අපිට තෙරුනා සෙව්වන්දියා දත කෑවා තමා කියලා..ඉතිම් අපි කෙලින්ම ගිහින් ඇහුවා අපි කිව්වට මන් ඕවට නැ ඌ කොමහරි කිව්වා..අඩො මේකි කියාපිය..අයියේ මන් ඔයාට කැමති නෑ හැබැයි ඔයාගෙ මෙ යාලුවට නම් කැමති කියලා..අප්පටසිරි වුනානෙ ඉතිම්..ටහිකේ මාර කෙලිය..කොමෙන් හරි උ සතිදෙකක් රන් කරපු එකි හින්දා සතියක් ඒකාගෙ දොම්නස් පීරියඩ් එකත් කරගහන්න වුනෙත් මට.."

"තොව උල තියන්නෙපැයි ගෙරියා..මට නිකමට කිව්වද ඕවා ආ..බල්ලෙක් තො නම් දැනුයි කියන්නෙ..චිප්පි අයියා එ කාලෙ නන්ගිලත් ෆෝම් කරන්න ගිහින් නේ.."

"හරි ඉතිම් අහපම්කෝ..පස්සෙ ඕකා ආයෙම සතියකින් සංසලා කියලා සෙව්වන්දියගෙ අල්ලපු ක්ලාස් එකෙ එකියෙල් ටොක් කරන්න ගත්තා..සංසලා නම් අහිංසක කෙල්ල බන් මොනාවුනත්..හරි සීදේවි පාටයි..කොමහරි මු ටොක් කරාට ඒකි කැමති වුනේම නැ..දැන් ඊට පස්සෙ මේකා සංසලාගෙ යාලුවා නිසංසලාව ටෝක් කරා..ඒකි දහයෙ හොදේ එතකොට..කොමෙන් හරි කෙල්ලනම් කැමති වුනා හැබැයි මුට කිව්වා අයියෙ මන් එස්සෑම් පාස් වෙනකම් ඉවසන්න කියලා..මුත් ඉතිම් සත්‍ය ප්‍රේම බුම්මැට්ටා වගේ හා නන්ගි ඔයාවෙනුවෙන් මට කල්පයක් වුනත් බලාන ඉන්න පුලුවන් කියලා හෙන පත ටොක් දැම්මා..කැරි තිරිසනා ඕකා..කොමෙන්හරි මු ආයෙම එකි පස්සෙ ගියෙ නැ බලාන ඉන්නො බන් යැයි යැයි ගෑවා..පස්සෙ මෙ කොටා බන් දොලහා පටන් ගත්තාම ශිදරිනයට දාපු බැල්මට් එක මට ඇල්ලුවෙම නෑ..මන් උට වෝර්නින් කරා අපෙ අහිංසකයව ඇඩෙව්වොත් ජින්ඩා පලලා ලුනු දාලා අච්චාරු වෙන්න බොතලේ ගහනවා කියලා..හැබැයි මේකා සිරාවටම ශිදරින්ට ලව් බන්.."

"හා ඉතිම්..හරිම.සොක් ගස් බල්ලො ටික..මන් උබලැ සෙට් එකේ එකෙක්ද කියපම් මුලින්ම.."

"හරි හරි කෑගහන්න එපා දැන් මෙකයි වුනෙ හරිද..මුන් දෙන්නා දැන් සිරාම ලව්නෙ බන් ඉතිම්..කොමහරි මෙ ලගදි දවසක් නිසංසලා ඈ පවංසලා මූ ලයිට් නිව්වා ඈ පලල් කරා වගෙ කෙලියක් තමා උනේ..අරුන් දෙන්නා පාක් එකෙ කතා කර කර ඉද්දි නිසංසලා ඇවිල්ලා අයියෙ ඔයාට මතකද මාව..අර ඉස්සර මගෙන් කැමැත්ත ඇහුවම මන් එක්සැම් ඉවර වෙනකම් ඉන්න කියද්දි ඔයා කැමති වුනෙ යැයි යැයි ගාලා දෙසලනෙ අපේ හිච්චියා ඉන්න තැනම..ඔය නිසංසලා බන් ගු වාට්ටුවක්..මන් ටොක් කරද්දිම එපා කිව්වා කොහෙද ඇහුවෙ නැනෙ ගෙරියා..කොමහරි අන්තිමෙ එකි ශිදරින්ට කියලා අයියේ අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩදිලා යන්න බැරිද කියලා..අඩො අරු පව් හොදේ..එදා මන් ලයිබ්‍රි ගියා හවස..මන් දැක්කා මු එතන වාඩිවෙලා හොරෙන් හොරෙන් අඩනවා..මට අරු එක්ක මාරයා නැග්ගා බන්..මන් ඒකයි තාම උ එක්ක කතා නැත්තෙ හරියට.."

"අඩො නො පව් බන්..එක තමා උ මෙ ටිකේම සුදු මැලි වෙලා ඉදියේ..දැන් විශාලයා මොකො කියන්නෙ.."

"ආයෙ මාර හි'කිල්ලක් තමා හි'කිලා ගියෙ හොදෙ..උ නම් කියන්නෙම එකි ගැන අදහස නැ එවුනාට එකි පස්සෙන් එනො බන්..මුට ඉතිම් කට ඇරලා කියන්න බැනෙ ශිදරින් එක්ක සෙට් කියලාවත්..ශික් ඔය හිකනලාට මන් කිව්වා හු'කොනො කියලා මන් ඕකාව.."

"සැක් බලපම් උබෙ වාග් මාලාව..නුරාග් අයියා උබට ගහනවා ඕක හදාගනිම් කියලා..උබ නම් ඒත් හැදෙන්නෑ.."

"එයා ඉතිම් මට නොගහා මොකො නයාට ගහන්නෑ..එයාගෙ නයා කොහොමත් ගහන්නෙ හුඹහට..මෙ යමන් පඩිපෙලට දැන් ගාතා කියයි.."

අන්තිම පීරියඩ් හතරම හිස් වුන හින්දා උම්මග්ග ජාතකේ වගේ විශාදරගෙ ප්‍රේමාන්වෘතය අහගෙන ඉදලා අන්තිමේ බෙල් කරපු නිසා බෑගුත් උස්සම් පඩිපෙලට වෙලා ගාථා කියලා සුපුරිදු පරිදි බස් එකට ගෑටුවා..හැබැයි ගාටන්න කලියෙන් ටවුමෙ අලුතෙන් දාපු කේක් කඩෙන් ඇපල් කේකුයි ,ගැටොකැලියි , කප් කේකුයි අයිස් කෝෆිත් අරගෙනමයි දිව්වෙ..

"අඩො බලපම්කො මේක ලදරමක්නෙ..කොහෙද වුට්ටො කලින් තිබ්බ අපෙ නිලි රැජින.."

"සිරාවට ආ මේක හද්ද පරන එකක්..සමහර විට අරක කැඩෙන්නැති.."

"හා හා කො ගනිම් මගෙ පංගුව..අම්මො සුවද බලපම්..කප් කේක් එක වෙනම දුන්නෙ.."

"ඉදා..ඔය අන්තිමට ගත්ත බටර්ස්කොච් එක මගෙ ආ..අත තියන්නෑ.."

"අප්පේ අප්පෙ ඉතිම්..අපෙ සප්තයා හොද එකාලූ..හරිද..ඔන්න ඉතිම් ඌ මට කෑල්ලක් දෙනවලූ..හරිද..මන් හරීනෙ නෙහ්.."

"අනෙ පල ඩො යන්න..කො දිපන් මගෙ කෝෆි එක.."

"හැ මොන කෝෆිද..අඩො මන් ගෙනාවෙ කප් කේක් එක විතරයි.."

"හරිනෙ බෙසිකයා..තො ඒක ගත්තේ නැ කියලා නම්.කියන්න එපා ආ..අඩෝ.."

"අනෙ රත්තරනෙ සිරාවට..උබ විහිලු කරනවා නෙමෙ.නෙද..දැන් බස් එකත් යයි අඩි තා.විනාඩි තුනයි..ඔයි..අම්මපා කියාම්.."

"සිරා පකො මන් ආයෙ බොරු කියලා සරම් දිනාගන්නද..මෙ උබ මෙ ටික අල්ලන් ඉදපම් ආ මෙවා උස්සම් දෙන්නටම යන්න බැනෙ..මන් ගිහින් අරන් එන්නම්..බස් එක යයිද දන්නෑ..පුලුවන් නම් නවත්තපම්..බැරිවුනොත් උබපලයම්.."

"බැ තො නැතුව යන්නැ..එ ඉක්මන්ට වරෙම් බන්.."

"හරි හරි බල්ලො..නහයෙන් නාඩා ඉදපම් මන් නාවත් උබ පලයම් ආ.."

මු කරොත් කරන්නෙ ඔහොම වැඩක්මයි..දැන් ආපහු පනකඩාගෙන දුවපන්කෝ..සිහිය නෑ ඕකාගෙ..මන් ආයෙ දුවලා ගිහින් පාරත් පැන්නා..මගෙ වෙලාව හොද කමට ට්‍රැෆික් ඔෆිසර් ඔප්පයියා ඉක්මන්ට වාහන ටික නැවැත්තුවා..කඩේට දුවලා ගිහින් බැලුවම අපි ගත්තු කොෆි දෙක තාම උඩ තියෙනවා බැබලි බැබලි..කරන්න දෙයක් නැ තව විනාඩියක් වගෙ තීන්නෙ..බස් එක සෙට් වුනොත් ඒමයි නැතත් එහෙමයි කියලා අර දෙකත් බෑග් එකට දාලා දිව්වා..මන් පාර පනින්න ලන්වෙද්දිම බස් එක ඇද්දුවා..ඉක්මන්ට කහ ඉර පැනලා ගියත් වැඩක් වුන්නෑ ඒක ගියා..තමාලයා මොකාද එකා වගේ ජනෙලෙ එල්ලිලා බලන් ඉන්නව පව්..බස් එක ඔරලොසු කනුව ගාවෙන් ආයෙම හරවන නිසා මන් ටිකක් ඉස්සරහට ගිහින් එ ලග තීන කහ ඉරත් පැනලා අල්ලපු පැත්තට ගියා එත් වැඩක් වුන්නැ..බස් එක නවත්තන්නැතුවම ගියා..තමාලයාගෙ මැලවුන මූන විතරක් යාන්තමට දැකගත්තා..සැක් ඒක මැදපාරෙන්නෙ ගියේ..මොනා කරන්නද ඉතිම් දැන් වෙන එකක් එනකම් ඉදපම්කො පැයක් විතර..දුවලම කකුල් දෙක වෙව්ලන්න වගේ..ශික් අද දවසම සවුත්තුයි..උදේ කඩපු මල් වට්ටියත් එහෙම්ම අනිත් පැත්ත ගැහුවා..

මන් එ හරියේ තිබ්බ බැම්මට හේත්තුවෙලා දනිස් දෙක අල්ලන් හති ඇරියා..දැන් ඉතිම් ආයෙම ස්ටැන්ඩ් එකට ගාටපම්කෝ..ඇගත් රිදෙනො උන ගන්නද මන්දා..මෙ ටිකේම මහන්සි වුනානෙ..අර රෙද්දෙ මගුල් ගෙදර ගිහිල්ලා පකයා ගහපු පාරට තාම බඩ රිදෙනවා..මන් එහෙම්ම එතන නැමිලා ටිකක් වාඩිවුනා..බඩත්ගිනී දැන්නම්..සෙසතම වැයකරානෙ..ගිහිල්ලම කනො.
මන් ආයෙම නැගිටලා යන්න හදද්දිම..

"ද්වි අයියාගෙ වස්තුවෑ..මන් ආවො...."

"අඩො..උබ ආවද වුට්ටො...අනෙව්ව්ව් පකා..උබ බැස්සෙ කොහොමද..මොකද මෙ කේක් බෑග් එක කටේ එල්ලන් කො දියම් එව්ව් කෙලත් එක්ක.."

"අනෙ සප්තයො මන් අර ගෙරි ඩයිවර් සිපයියට කෑගැහුවා හොදේ නවත්තපාම් කියලා කොහෙද මේකා අර අක්සා චමුදිගෙ උල්ලයි උල්ලයි ඌඌඌ වස් කවියනෙ දාගෙනනෙ ඉදියෙ..අනෙ අම්මො බොට කියන්න උබ නැගගන්න බැරුව එහෙම ඉන්නවා දැක්කම මට වාවන්නැතුව පපුව හෝස් ගාලා ගියා ඔයි..මන් ඉක්මන්ට බෙල් එක ගැහුවා..වුට්ට ඇද්දට වැදුන්නැ හොදෙ..ඇද්දා ඇද්දා හරිගියේ නෑ..හෙ හෙ එකපාරට මචන් අර උලලේමිගේ ඌඌඌඋ එක නැතිවුනා විතරයි බස් එක බ්‍රේක් ගැහුවා..බැලින්නම් මන් ඇදල තින්නෙ බෙල් එක නෙමෙ සෙටප් එකෙ වයර් එක..පස්සෙ ඉතිම් ඩයිවරටා පයර් වුනා..මට බැනගෙන එද්දිම මන් බැහැලා දුවම් ආවා.."

"උබ නම් පිස්සුම වුට්ටෙක් බන්..සිරාවටම එපාවුනා හොදේ..සැක්..දැන් ගානක් නැ උබ ආවනේ..අනෙ අම්මො උබ මගේකා බන් වරෙන් ටිකක් බදාගන්න.."

ඌ ආපු නිසා මගෙ මූඩ් ඔක්කොම ෆික්ස් වුනා..පස්සෙ උ එක්කම ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එකක් එනකම් කෙක් කකා බලන් ඉදලා 3.15 බස් එකෙ නැගලා ආවා..අද නම් හුගක් පරක්කුයි..තමාලයාවත් ගෙදට්ට දාලම මන් හිමීට ගෙදරට ගෑටුවා...

අඩෙහ් මෙ මොකත මේ..කාර් එකයි දෙකයි තුනක්ම..අර තියෙන්නෙ නම් නැන්දගෙ වාහනේ..එතකොට අනිත් දෙක..ගෙට යන්නත් නැ පාර හරස් වෙන්නම මෙ ලබ්බවල් ගහලා සැක්..
ගෙ ඇතුලෙ නිකම් ලොකු කාලගෝට්ටියක් වගේ..හැබැයි මන් එනවා දැකලා හැමෝම සන්සුන් වුනා..මොකද්ද මෙ විපර්යාසෙ..

"පුතා..ඇයි අද පරක්කූ.."

"ආ අම්මෙ ඇයි අද කලින්ම..බස් එකට යාගන්න බැරිවුනා..පස්සෙ ඊලග එක එනකම් ඉදල ඒකෙ ආවෙ.."

"ආ හරි හරි..මන් අද ලීව් එකක් ගත්තා..යන්න ගිහින් වොශ් දාන් එන්න.."

ටසිරි රජගුරු සුමනෙයි සිරිබර පුරනේ කිව්වලූ..පුරෝහිතස් එක්ක නෑපුරම ඇවිත් අද..මොකො මෙ මනාල ජෝඩුවත් නැ හැබැයි..ඕන් උන් දෙන්නා ඉදියනම් හිතන්න තිබ්බා නෑගම් ඇවිත් කියලා..මොකද්ද මෙ වෙන්න යන්නෙ..බොන්න ඕන ප්‍රශ්නයක්..

මන් හිමිට වොශ් එකක් දාලා බතුත් කාලාමයි හිමින් සිරුවෙ සබයට වැදුනෙ..යුද්දෙ කොරන්නත් කාලා ඉන්න ඕනි..මන් සාලෙට ගියාම සීයාපප්පා මට ලගට කතා කරලා එතනිම් වාඩිකරව ගත්තා..දැනුයි මන් අර සකමන්දර පුක්මන්තා ඇවිත් ඉන්නවා දැක්කෙ..ඌ මාව දැකලා පැත්තෙන් හිනාවුනා..මොකො මූ..මගෙ මස්සිනා නෙලපු පාරට කට ඇදවෙලා දැන් හිනාවෙන්නෙත් ඇදේටද දන්නැ..උට හොදවැයින් දෙකක් රවලා මන් හැරුනා සීයාපප්පා දිහාට..හප්පේ කුසුබූ..මෑන් ගාව සදුන් සුවදයි...

"ඉතිම් ලමයො..කොහොමද දැන් එක්සෑම් එකට රෙඩීනෙද.."

ඔන්න ඉතිම් ඇහුවා ගත් කටටද හරුපයක්..යකො මෙ දවස් වල හම්බෙන හැමඑකාම අහන්නෙ දැන් එස්සැම් එකට සෙඩිද යැයි යැයි තමා..අම්මපා දෙන්න හිතයි දත් ඇන්ද ගැලවිල වැටෙන්න එවෙලෙට..මෙයැයිට ගහලා මට මෙතන වසන්න බෑනෙ..මන් මරි මොන්ගල් හිනාවක් දාලා විරිත්තුවා..

"තව ටිකක් තීනව සීයේ.."

"ම්ම් හරි හරි එවට කමක් නෑ..මන් අද ආවෙ ඔය ලමයව එහෙ එක්කරන් යන්න.."

"අද නම් එන්න බැරිවෙයි සීයේ හෙට මන්ත්ලි ටෙස්ට් එක යන්නම වෙනවා.."

" ආ එහෙ ඉදන් යන්න බැරිනැනෙ..කොමත් හෙට ඉදන් යන්න වෙන්නෙ එහෙම තමයි.."

"ඒකිව්වෙ...මොකද්ද මට ත්තේරුන්නෑ සියේ.."

මෙ මිනිහා මොන හරුපයක්ද ඒ ගමන දොඩන්නෙ..

"මන් ආවෙ ඔයාලාව සදහටම එහෙට එක්කරන් යන්න.."

"මොකක්..අනෙ මට බැ..අම්මෙ මොකද්ද මේ..මන් කිව්වනෙ එක්සෑම් ඉවරවෙනකම්මවත් ඉමු කියලා..ඇයි මෙ..අනෙ සීයෙ.."

"උබෙ හොදටම තමා කොල්ලො..සියත් එක්ක යන්න ලැස්තිවෙමු..ඔයාට එහෙ ඉන්න අමාරුයි වගේනම් ග්‍රැනීගෙ ගෙදර ඉන්න..එ නැතත් ඔයා අපේ ගෙදර ඉන්න කැමතීනේ.."

එ කතා කරේ බාප්පා..එයත් ඇවිත් ඉදීයා..මෙ මිනිස්සුන්ට මොනා වෙලාද..ගහෙන් ගෙඩි එන්න වගේ එක්කරන් යන්න හදන්නෙ..

"බැ බාප්පෙ..අනෙ තෙරුම් ගන්න..මට තව මාස දෙකෙන් එක්සෑම්..එතකන්වත් ඉන්න දෙන්නකො.."

"පුතා..දැන් සීයා කිව්ව දෙ ඇහුනනෙ..යන්න ගිහින් බඩු ලෑස්ති කරගන්න..අම්මයි මායි පැක් කරලා තීන්නෙ අඩුපාඩු බලන්න..යන්න.."

"මොකද්ද තාත්තේ මේකෙ තෙරුම ආ..මන් යන්න බෑ කිව්වෙ බැරි නිසයි..බෑ කිව්වොත් බෑම තමයි.."

"මෙහෙමද මල්ලියෙ උබ ලමයි හැදුවෙ ආ..අපෙ තාත්තා අපිව හදපු විදියට හැදුවනම් මෙහෙම ලොකු අයට කටගහන් එන්නෑ මේ පොඩි එකා..මු ගිහින් තින්නෙත් වික්ටර්ලගෙ ආරෙටමයි.."

අනෙ මෙ ගෑනිගෙ කටට කොච්චි ගෙඩියක් දාලා තලන්න ඇත්තම්..මට තෙරුනා දැක්ක දවසෙම මෙ නැන්දා ගෑනි හොද එකියෙක් වෙන්න බෑ කියලා..මෙයා ඇවිදින් ගින්නට තවත් පිදුරු දානවා..

"ඇති ඔය..යන්න ඔය ලමයා ගිහින් ලෑස්ති වෙන්න..අපි හය වෙද්දි පිටත් වෙනවා.."

"සියෙ කියන දෙ තෙරුම් ගන්නකො..මටබැ මගෙ එක්සෑම් එක තියෙනවා.."

"එක්සැම් එක හින්දද නැත්තම් අර කොල්ලා එක්ක මගුල් මටන්න තියෙන හින්දද දන්නෙ නෑනෙ එන්න බැ කියන්නෙ..ශික් අද කාලෙ ඉන්න ලමයි මොනතාලෙට හැදෙනවද කියලා..අප්‍රසන්නයි.."

"දමයන්තී........."

මොකක්..නැන්දා මොකද්ද එ කිව්වෙ..අර කොල්ලා කිව්වේ..නැ නැ එහෙම වෙන්න බෑ..එක දැනගන්න විදියක් නෑනෙ..මෙයාලා මෙ කියන්නෙ කා ගැනද..තමාල් ගැනද දන්නෑ..මන් කොයිවෙලෙත් ඌ එක්කමනෙ...

සීයා නැන්දට කැගහපු පාර මාවත් විසික්වෙන්න වගේ ගියා..මාව නිකම් කවුරු හරි හිරට අල්ලන් ඉන්නවා වගෙ දැන් දැනෙන්නෙ..කෙලත් ගිලෙන්නෑ..දාඩියත් දාන් එනවා..එයා ඒකෙන් අදහස් කරේ මොකද්ද..දෙවියනේ..

"මන් දැන් සැරයක් කිව්වනේ..ඔය ලමයා ගිහින් ලැස්තිවෙන්න..දමයන්ති මන් හිතන්නෙ දැන් ඔයාලා ගියානම් තමයි හොද..."

"ඇයි තාත්තේ අපිව එලවගන්නෙ ආ..නැ හරි කමක් නෑ..කොමත් දැනටම කොල්ලගේ හපන් කම් අපි දැකලා ඉවරනේ..අද කාලෙ ඔව්වා සාමාන්‍ය දෙවල් වුනාට අපෙ පරම්පරාවෙ ඔහොම දෙයක් ගාවගන්න මන් නම් කැමති නෑ..තාත්තාටත් ඔක්කොටම වඩා ලොකු මෙ කොල්ලාවමනේ.."

"දමයන්තී..මන් දැන් සැරයක් කිව්වා.."

නැන්දා කියවන්නෙ අරූට ගහපු එක ගැනදො කියලත් මට හිතුනා..නැ එක නෙමෙ..මෙයා කියන්නෙම.......

"මොකද්ද නැන්දෙ ඔය කියන්නෙ..වටෙ යන්නැතුව කියන දෙයක් කෙලින්ම කිව්වනම් නේද හොද.."

"අපෙ අප්පේ බලපම් මල්ලියෙ මේකාගෙ කට ආ..කරන්නොන ඔක්කොම කරලා දැන් කට ගහගෙනත් එනවා..හරි අපූරුයි.."

"නැන්දෙ මෙ කියන්න තීන දෙයක් කෙලින්ම කියන්න..එහෙමත් බැරිනම් යන මගුලක තොලොන්චි වෙන්න දැන් සීයම කිව්වනෙ සැරයක්.."

"හරි ශොක් වෙරි ගුඩ්..නන්ගියෙ උබ කොල්ලාව නියමෙට හදලා ආ..කොල්ලෙක් එක්ක මගුල් නටපු එකෙන්ම ඒ බව පේනවා.."

"අක්කෙ ඇති..පුතා යනවා ගිහින් ලෑස්තිවෙනවා.."

"නෑ මනමේකල කොහෙවත් යන්නෑ.."

දෙයියියනේ අයියේ..ඇයි ඔයා මෙ අස්සෙම ආවෙ..තාත්තා මට ලැස්තිවෙන්න යන්න කියද්දිම දොරින් ඇතුලු වුන අයියා හැමොම අතරින් මන් කොහෙවත් යන්න ඕනි නෑ කියලා කියාගෙන මන් ගාවට ආවා..අයියත් එක්කම නුරාග් අයියාගෙ වාහනෙත් ඇතුල්කරා..

"ඔය ලමයා ඇයි මෙහෙ ආවෙ..අපි කෙරෙන්න ඔන කාරනා ඔය ලමයගෙ ගෙදරටම ගිහිම් කියලමයි ආවෙ.."

මොකක්..සියා එකිව්වෙ එයාලා සුදු අයියාගෙ ගෙදරටත් ගියා කියලද..උඩ ඉන්න දෙවියනේ..මෙ මොන පොල් පරාලයක්ද අපිට පාත් වුනේ..එකියන්නෙ අයියත් දැනගෙන මේක ගැන..

"අංකල් මට පොඩ්ඩක් ඔයාලා එක්ක කතා කරන්න ඕනි.."

"දැන් තාත්තා කියපු දේමයි මටත් කියන්න තීන්නේ..තව දෙයක් කරුනාකරලා මගෙ කොල්ලගෙන් ඈත් වෙලා ඉන්න.."

"අශ්වින් අංකල්..ඔයාලා එහෙම කියපු ගමන් මෙ දෙවල් කරන්න බෑනේද..පොඩ්ඩක් අපි එයාලාගෙ පැත්තෙනුත් හිතමූ.."

නුරාග් අයියා විතරයි අපෙ පැත්තට කතා කරන්න ඉදියේ..මෙ මොකද්ද වුනේ..මට මුකුත් හිතාගන්න බෑ..

"පොඩි උන්ට එහෙම නටන්න දෙන්න බෑනෙ ලමයො..එයාලා කරන්නෙ වැරැද්දක්..වැඩිහිටියො වශයෙන් අපි ඒක හරිගස්සන්න ඕන..අයියේ කෙලින්ම කියලා දාන්න අපෙ කොල්ලාගෙයි අර කොලුවගෙයි තීන හුටපටේ අදින් පස්සෙ අහවරයි කියලා..

අනේ මෙ ගැනිට අම්මපා දෙකක් ඇනගන්න බැරි හැටියක්..සුදු අයියා මගෙ දිහාම බලාගෙන ඉන්නවා..අනෙ අපි දැන් මොකද්ද කරන්නෙ රත්තරන් අයියේ...ඇයි අපිට මෙහෙම වෙන්නෙ..

ඒත් එක්කම තව වාහනයක් ඇවිත් වත්තෙන් නවත්තද්දි එ බැහැපු දෙන්නා දැක්කම මට හිතුනේ ලොකු විනාසයක් වෙන්න යනවා කියලා විතරයී...

__________
හෙලො ලමයි...🌝❤️‍🔥
මන් ආවා

කෝමතේ...
හොදතේ..

ආයෙම එන්නම්

ආදරෙයි❤️‍🔥

_Gojo_

Continue Reading

You'll Also Like

398K 24.9K 21
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
557K 59.1K 24
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
1.5M 92.8K 38
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...