දෑගිලි ✔( complete )✨

Af Gojo_Nj9119

80.8K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Mere

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 32

1.2K 123 36
Af Gojo_Nj9119


(ළමයි..මට ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනි කලින් චැප්ටර් එකකදි මගෙ අතිත් වැරදිමක් සිද්ද වුනා..සුට්ටක් පැටලුනා..අපෙ ද්වි අයියගෙ වාසගම තියෙන්නෙ සප්ත කොල්ලගේ අම්මට හරිද...අලුතෙන් කියවන් ආපු අයට ප්‍රශ්නයක් නෑ..මගෙ කලින් රීඩර්ස්ට්ලටයි මේක කිව්වේ..සමාවෙන්ඩෝනේ..මන් ඒක එතනදී හැදුවා..ආ ඒක අවුලක් කරගන්ඩෙපා..කොහෙන් ගියත් එයාලා නෑදෑයො මල්ලී😌👉👈....)

"අනෙ බන් මට  නම් මේ නෑකම් අපභ්‍රංසේ තේරුම් ගන්න බෑ...හැම ඓකෙක්ම කොහෙන් හරී නැදෑයෙක් වෙනවා..මෙහෙම ගියොත් නම් මාත් උබේ අයියෙක් වෙලයි නවතින්නෙ..ආ නැද්ද බලපම්කෝ.."

"මෙහෙට ආපු වෙලේ ඉදන් මාගෙත් වයර් මාරු වෙලා වගෙ බන්..එ මදිවට දැන් සුදු අයියවත් ගෑවිලා ඒ අස්සට.."

"මට නම් හිතෙන්නෙ බන් ද්වී අයියා මේක  ගැන කලිම් ඉදලම දැනන් ඉදියා කියලා.."

"මට තේරෙන්නැ බන් මෙ කිසි දෙයක්..මට වැඩක් නෑ මෙ මිනිස්සු කවුරු වුනත්..මන් එක්ක ඉදපු පරන අය මට ඇති.."

"දැන් එතකොට මචන් උබලෑ අම්මයි තාත්තයි දෙන්නම එකම පරම් පරාවෙ අය නෙහ්.."

"ම්ම්ම් මාත් හිතන විදියට ඒක එහෙමයී..අපෙ අම්මගෙ තාත්තා..එකියන්නෙ මගෙ සීයාගෙ අයියෙක්ගේ පුතෙක්ගෙ පුතෙක් තමයි ඔය කියන විදියට සුදු අයියා..අනෙ මන්දා ශුවර් නෑ..මන් හිතන්නෙ ඒක තමා..හැබැයි සුදු අයියගේ අම්මා අපේ තාත්තාගෙ පැත්තෙන්..ආ මට පිස්සු වගේ බම්ලෝ.."

"එපා...ප්ලීස් එපා..මට මේක තවත් දරන් ඉන්ඩ අමාරුයි..තවත් ඇහුවොත් නම් මට යන්න වෙන්නෙ මුල්ලේරියාවට.."

"හ්ම් බලමුකො..මට දැන් ඕනි ඉක්මන්ට ගෙදර යන්න විතරයි බන්.."

"ඒක නෙමෙ දැන් උබ ආවෙ කිරි අත්තා බලන්ඩ කියලනේ..අඩො මන් හිතාන ඉදියෙ දොලක් එහෙම තිබ්බොත් පීනලා ආතල් එකක් ගන්ඩ බන්...බලාපොරොත්තු බිදුනා බන්..සැක්.."

"මාත් එහෙමයි බන් හිතාන ඉදියෙ..කොහෙද මෙ මන්දිරේට හරවනවා දැක්කා විතරයි සිහින බොද වුනා.."

"ඈක්කා..මෙහෙම බංගලාවක ඉන්න මී ආච්චෙක්ට කිරි අත්තා කියන්ඩෙපා බන්..කිරි අත්තම්මා කියන්ඩත් එපා..ඒක සෙට් නැ..ගොඩෙ නැතුව ටිකක් පොශ් වෙන්ඩ බලපම්.."

"මේ යන විදියට මට වෙන්නෙ පොස් නැතුව පුස් වෙන්න.."

"අපි මෙහෙම කියමූ..අද ඉදම් උබ එයාට මිල්ක් ග්‍රැනී කියලා කියපම්..ඒක සෙට්.."

"බයිලා නැතුව ඉදින්.."

"නැ නැ සිරා ඉතිම්..ඒකත් සෙට් නැත්තම්....ග්‍රෑන්ඩ් ග්‍රැනීවත් කියපම්..එක කියද්දිත් දිව පෙරලෙනො වගේ..අපි ඒක කෙටි කරමූ ජීජී කියලා..හරිනෙ.. මෙ මාව දැන් ජීජීගෙ ගෙදට්ට එක්කම් පල.."




සුදු අයියා බාප්පා කියන කෙනත් එක්ක කොහෙටදො මන්දා යන්න ගියාට පස්සෙ මෙතන ඉතිරිවුනේ මායි තමාලයයි විතරයි..උට නෑකම් ටික කියන්න ගිහිල්ලම  මට හතී... මටවත් හරියට මෙ බැදීම් ටික තෙරුම් ගන්න බැරිකොට මේ මනුස්සයා කොහොම තේරුම් ගන්නද..කිරි අත්තට ඌ අලුතෙන් දාපු නම ජීජී..නරකම නැ..කෝමත් මෙවගෙ  පවුලක ආච්චියෙක්ට කිරි අත්තා සෙට් වෙන්නෑ..අත්තා කියන්නෙ පිරිමි අයටද මන්දා..අනෙ මට නම් ඔව්වා තෙරෙන්නෑ..ඕන එකක් ජීජීත් හොදයි..කෙටි නම..තමාලයවත් එක්කම් ඌ ජීජී කියලා නම දාපු කිරි අත්තාගෙ නිවස හෙවත් ජීජීගේ ගෙදරට ආවෙ උගෙ  බල කිරීම් මැද්දෙමයි..උදෙ එලියට බැස්ස මම කලුවර වැටෙනකන්ම ලොසින්ජරයා එක්ක සිරිනරඹලා..

මන් හිතන්නෙ උදෙට පාලුවට ගිය ගේ දැන් නම් කසු කුසු වලින් පිරිලා ගිහින්..දන්නැති මූනවල් ගොඩක්..හැමොගෙම අවදානෙ මටයි තමාල්ටයි වැදෙද්දි මන් හෙව්වෙ අපෙ අම්මවයි තාත්තාවයී..අම්මා නම් පේන්න නැහැ..තාත්තා කට්ටියක් එක්ක ලොකු කතාබහක..ඒ රූප අතරින් එදා ලොකු නැන්ද කියලා කියාගෙන ආපු කෙනාගෙ රූපෙ මගෙ අවදානෙ දිනාගත්තා..එතන ඉදපු අනිත් අයවනම් මන් දන්නෙ නැහැ..
මෙච්චර කාලෙකට මන් අම්මාගේ නෑයො කියලා හිතාගෙන ඉදපු අයගෙන් දෙන්නෙක් තුන්දෙනෙකුත් ගෙ ඇතුලෙ එහෙන් මෙහෙන් ඉන්නවා මන් දැක්කා..

"අඩො සප්තරනේ..මෙතනට ආවම අමුතු බයක් වගේ එකක් දැනෙන්නෙ ඇයි බන්..එක්කො අපි එලියෙම ඉමුද..ඇගට ගුනයි වගේ ඒක.."

මන් හිතන්නෙ තමාලයටත් මට වගේම ලොකු අපහසුවක් මෙ ගෙට තියපු මුල්ම අඩියෙන්ම දැනෙන්න ගන්නැතී..අපි ආපිට හැරිලා යන්න හදද්දිම පඩිපෙල් බැහැගෙන ආපු අම්මා අපිව දැක්කෙ නැත්තම් මෙලහකටත් අපි එලියේ..

"පුතේ..කොහෙද ලමයෝ ගිහිල්ලා ඉදියේ..අපි හැමෝම හෙව්වා ඔයාව.."

"මන් මේ..අර එහා පැත්තෙ ගෙදරට ගියා අම්මෙ..එහෙ ඉදියෙ.."

"ඔයා එහෙටත් ගියාද..හ්ම් කමක් නැහැ..මන් කොමත් එක්කන් යන්න තමයි ඉදියේ..කො දැන් එන්න කට්ටිය ඔයාව හම්බෙන්නමයි බලාගෙන ඉදියේ.."

"අනෙ අම්මෙ මෙ මායි තමාලයයි චුට්ටක්  එලියෙන් ඉන්නම්..මන් මෙ අයව දන්නෙත් නැ.."

"එහෙම කොහොමද ලමයෝ..දන්නැත්තෙ අදුරන්නෙ නැති නිසානෙ..එන්න අපි අදුරගමු..කො එන්න ඉතිම් බලන්න අද ඔයාගෙ සීයත් ඇවිල්ලා.."

කොච්චර උත්සහා කරත් දැන් නම් එලියට පැනගන්නවා බොරු...අම්මාගෙ බලේට මාව ඒ අය ගාවට එක්කන් ගියාට මිසක් මගෙ නම් මේ ගැන කිසි කැමැත්තක් නැහැ..එතන ඉදපු විවිදාකාර අයව පෙන්නලා මෙ අසවලා..මේ මෙයාගෙ මෙයා ..ඔයාගෙ අරයා වෙන්නෙ මෙයා..අරක මෙහෙමයි මේක මෙහෙමයී..මට නම් අම්මා කියපු කිසිම දෙයක් මොලේට ගියේ නෑ..බොරුවට විරිත්තලම මගෙ කටත් දැන් රිදෙනවා..රෙද්ද මේක පුදුම කරුමයක් වුනානෙ.. අම්මා කට්ටියටම මාව අදුන්වලා දීලා අවසානෙදි  අපි ගියේ තාත්තා ගාව වාඩිවෙලා උන්නු ටේබල් එකට..තාත්තගේ වයසේ වගේම තාත්තට වඩා බාලයි කියලා කියන්න පුලුවන් දෙතුන් දෙනෙක් එතන ඉදියා..එ අයගෙන් කැපිලා පෙනුනේ තාත්තා ලගින්ම වාඩිවෙලා ඉදපු තාත්තාගෙම කොපියක්..වෙනසකට තිබ්බෙ තාත්තාගෙ කෙස් කලු වෙද්දි එයාගෙ කෙස් සුදු වෙලා හම ටිකක් රැලි වැටිලා තිබුන එක විතරයී..රත්තරම් පාට බත්සමක් අතෙ තියන් ඉදපු එයා ඇදලා ඉදියෙ නම් කලිසමයි ශර්ට් එකයි..


"ආ පුතා..තාත්තේ..මෙ ඉන්නේ අපේ පුතා සප්ත..ඔයාගෙ පොඩි මුනුබුරා...මන් හිතන විදියට.."

තාත්තා  එතන ඉදපු මනුස්සයට  මාව හදුන්වලා දෙද්දි එයා එහෙමත් නැත්තම් නෑකමින් සීයා වෙන මේ මනුස්සයා මන් දිහා බලද්දි එ මූනෙ ඇතිවුනේ මොනවගේ හැගීමක්ද කියන එක ගැන මට කුතුහලයක් ඇතිවුනා..තාත්තාගෙ රූපෙම එයාට තිබ්බාට එක වෙනස් කමක් තියෙනවා..ඔව් ඒක ලොකු වෙනස්  කමක්..තාත්තාගෙ මූනේ නිවුන අහිංසක පෙනුම වෙනුවට මෙ මනුස්සයාට මගෙ සීයාට නම් තියෙන්නෙ බය හිතෙන නපුරු බැල්මක්..එ ඇස් දැක්කමත් අමුතු බයක් දැනෙනවා..අම්මා කනට කරලා වදින්න කියද්දි  මන් වැන්දට පස්සෙ නම් ඒ නපුරු මූනේ හිනා රැල්ලක් ගොඩ ගැහුවා..එ ඇස් වලින් මට ලගට කතා කරලා මගෙ මූන හිමින් අතගාලා තාත්තා දිහා බලද්දි අර පුංචි හිනා රැල්ල ලොකු රැල්ලකට පෙරලුනා..සියාගෙ හිනාව තාත්තා හිනාවෙනවා වගේමයි..සමහර විට අපේ තාත්තා රවද්දි සීයා වගේ ඇතී..අනෙ මන්දා..

"එයාමයි.."

ඉතිම් එ නපුරු ඇස් වලින් බලලා එයා කිව්වෙ මන් එයාමයි කියලා විතරයී...එක වචනයයි..එච්චරද..හෑ කවුද ඒ ..එයාමයි කිව්වේ..මොනවා කියවනවද මන්දා..මූන අල්ලා ආපිට ඈත්වෙලා බත්සමත් අතට අරන් සීරුවෙන් පුදු ඇන්දට හේත්තු වුනා..නාකි වුනත් සෝබනෙ..පුහ් පුදුම සෝබනයක්නේ..සෝබනේ ගැලපෙන්නේ සෝබනි වගෙ සුන්දර ලදකට මිසක් ඔයාවගේ නපුරු මූනකට නෙමෙයී ශීයේ.....සීයා මගෙ මූන අත ගාද්දිනම් තාත්තා ඉදියේ ඉහේ මල් දාහක් පිපුනා හා සමානව..ඔයාලට ඔච්චර සතුටු හිතුනට මට නම් කිසිම දෙයක් දැනෙන්නෑ..

"මන් කැමති මෙ දරුවා මහ ගෙදරට එනවා නම්...පොඩි පුතා මතක තියාගත්තනම් හොදයි කාට කාටත් ආයෙ අවස්තාවක් හම්බෙන්න ලොකුම හේතුව මෙ දරුවා බව..අනික...හ්ම් ඒක පස්සෙට..දැන් ඔය දරුවා යන්න.."

මහා ගෙදර......එහෙම එකකුත් තියෙනවද..අනෙ ඕවට නම් යන්න මගේ මනාපයක් නැ..හොදට තියෙයි..මෙ මහා ගෙදර නම් ප්‍රවීනාගෙ මහගෙදරට හපන් වෙයි..මොකද්ද ආයෙ අවස්තාවක් දෙන්න මගෙන් වුන දායකත්වය..වයසට ගිහිල්ලා මොලෙත් පෙගිලද මන්දා..සීයා කියන මනුස්සයාගෙන් ඈත් වෙලා ඉන්න  තරමටම මට ගුනයි වගේ..


"අඩො මෙ අර වයසක පරානෙ කවුද බන්..මට තක්කෙට ශුවර් මෑන් තමයි පවුලෙ මුදුනා මන් හරිනේද...ඈ සප්තයෝ..මන් හරිනේද"

"ඔව් ඔව් මුදුනා  තමා..එ මුදුනා තමා මගේ සීයා වෙන්නෙත්.."

"හිතුනා හිතුනා..නිකමට ඇහුවෙ හෙ හේ..මෙ එකනෙමෙ උබට ආරෙන් ආපු ගතිගුන නැති එක ගැන නම් මට සතුටුයී..හැබැයි ආරෙන් ආපු ගති නැති වුනාට පෙනුම නම් තිබ්බා ඕල්ඩ් වර්සන් කොපියක් වගේ.."

"ඒවා වැඩක් නෑ..වරෙන් මොනාහරි බඩට දාගන්න.."

"අඩො උම්මා කැටෙ..ආන් එව්වා හොද වැඩ ආ.."





කෑම මේසෙට ආවත් හරි තමාලයා පෙරේතයක් ආවෙස වුන ගානට තිබ්බ හැම ජාතියම ගිලගෙන ගියා..වෙන වෙලාවක වගේ මේ මේසෙ තිබ්බනම් මාත් තමාලයට හපන්..එත් අද කිසිම මූඩ් එකක් නෑ..එවුනාට ඔය කිසි දේකට කෑම පලි නෑනෙ..බත් ඇටයක්වත් පේන්න නෑ...ඔක්කොම සැලඩ් වර්ග..තමාලයා නම් පාත් පෙති දෙකකට වටේම තිබ්බ මසුයි බිත්තරයි සොසෙජසුයි චීස් පෙතියි සලාදයි තව මොනාදො මන්දා තියාගෙන ස්කුබීගෙ බර්ගර් එක වගෙ උසට හදාගෙන කාගෙන කාගෙන යනවා..මාත් පාන් පෙත්තක් දෙකක් කාලා සර්වන්ට් කෙනෙක් ගෙනල්ලා දුන්න කේක් කෑලි දෙක තුනක් කටේ ඔබාගෙන එලියට බැස්සා..

එලියට ආවා විතරයි මගේ ෆෝන් එක සින් සින් ගාලා වයිබ්‍රේට් වෙන්න ගත්තා..දැන් වෙන්න ඇති මෑන්ට මාව මතක් වෙන්න ඇත්තේ..ඒ ගමන කෝල් ගන්නවා..මන් ආන්සර් කරන්නැ ඕවා..දඩුවමක් තියෙන්නත් එපැයි අයියේ තමුන්ට....

"අඩො සප්තයා උබ මාව මේසෙම දාලා ආවනේද තිරිසනා..මේන් උබෙ බෘංගරාජයා මට ගන්නවා..මේකට කතා කරපන්කෝ සෙද්ද.."

"අනෙ මට බෑ..ඔන්න ඕක කට් කරපම්.."

"එහෙම වූ...කාගන්න දෙන්ඩ බෑ...ඉදා මේක ගනි....ම්..."

"තොට සැරයක් කිව්වම තෙරෙන්නැද්ද සංකිලියෝ..."

"දැන් උබ එහෙමයි නේ..ආහ් ඉදින් බොටනෙ බැරි මන් ගන්නම්කෝ....

ආ හෙලො ද්වී අයියා ඕ කියන්ඩ..ඕ ඕ කියන්නඩ..ඔව් ඔව් කියන්ඩ..ආ එහෙමද කියන්ඩ..ඒකත් එහෙමද කියන්ඩද..ආ ආ එපා කියන්ඩද..මොකක් එයා ආවද..මන් දාරම්  කතාවෙ..යොහ් හා හා තියන්ඩම්..."

"එයි ඔයි මයෙ දෙයියෝ..ආන් අරයා ඇවිල්ලා අනෙ ඉතිම් පිස්සු කොල්ලාට මන් නැතුව පාලු ඇති..කො වරෙන්කො යන්ඩ..ඔය ඉතිම් මෙන්න මෙහෙ වරෙන් ගෙරි සුනකයා.."

තමාලයා මාවත් ඇදගෙන විනාඩි දෙකට  හිච්චි දවල මන්දිරේට එක්කරන් ආවා..මේකනම් අර තරම් ජනාදික නොවුනට කට්ටිය නැත්තෙමත් නෑ වගේ..ඇතුලට යද්දිම නුරාග් අයියාව දැකපු තමාලයා මාවත් අතෑරලා දුවගෙන ගිහිම් ගස් ගෙම්බා වගෙව් ඇගෙ එල්ලුනා..කෝලා බබා වගේ කකුල් දෙකත් පටලවගත්තා..මුන් දෙන්නාගෙ ආලේ මෙතන ගෙ දොර මැද්දේ..

"ම්හුක් මගේ කුක්කු පැන්තා..චීස් කුට්ටියා ම්හුක් බබාව ලිස්සනෝනෙ වඩා ගන්න වඩා.."

" මගේ බේබි කොහෙද ඉතිම් මේ ආවෙ මටත් නොකිය..අයෙත් පටන් ගත්තාද හොරගමන් යන්න..punishment ඕනි වෙලා වගේ.."

"යොහ්..බනින්නෙපානේ..ලමයට අමතක වෙන ලෙඩක් තියෙනොනෙ..පනිස්මන්ට් වලට නම්  ඉතිම්  මන් මනාපයි.."

එව්ව්ව්..තිරිසන්නු වගේ..තමාලයා දොන්තයා  වැහෙන්නෙ අපෙ මස්සිනා ඉස්සරහා විතරයී...ආන් අර එන්නෙ මහතැන..එන්ඩ එන්ඩ සුදු හාමිනේ..ආවට වැඩක් නැ ඉතිම් මන් ගනන් ගන්නැනේ..

"වස්තු.."

ඔන්න එනවා කන අස්සෙ වස්තු පුස්තු ගාන්..මන් ගනන් ගන්නෑ එච්චරයී..එයා මගෙ ඉස්සරහට ඇවිල්ලා හිටගනිද්දි මන් අහක බලාගත්තා..එයා ආයෙත් මගෙ ඉස්සරහට එද්දි  මන් ආයෙම වෙන අතක් බලාගත්තා..එයා හැරෙන්න හැරෙන්න මාත් එයාට නොදෙවෙනිව හැරුනා..තව ටිකක් මේක කරොත් නම් බෙල්ලෙ පොටත් යනවා
ඒගමන එයා මගෙ නිකටින් අල්ලලා මූන එයාගෙ පැත්තට හරවත්තේ ආයෙ මට බෙල්ල හරවන්නත් බැරි වෙන්න..

"තාම කෙන්තියෙන්ද මගෙ මැනික.."

ආහ් මන් කේන්තියෙන් කියලත් දන්නවා..බොහොම හොදයි..එවුනාට වැඩක් නැ  මන් කතා කරන්නැ එච්චරයී..

"කතා කරන්නැද්ද ආයෙම මන් එක්ක.."

"හ්ම් කමක් නැහැ..කො එන්නකො අපි උඩට යන්.."

හරි ඉතිම් මන් කතා කරන්නෑ කියලා විතරයිනේ කිව්වෙ..එයා එක්ක යන්නෙ නෑ කියලා කිව්වෙ නැහැනෙ..එයා මගෙ අතින් අල්ලන් එයාගෙ රූම් එකට එක්කන් යද්දි මාත් මුකුත් කියන්නැතුව එන්න ආවා..
එයාගෙ රූම් එකට ආවට පස්සෙ මගෙ හිතට පොඩි සැහැල්ලුවක්  දැනුනා..මාව බෙඩ් එකෙන් වාඩිකරවපු එයා ආයෙම ගිහින් දොරවහලා ඇවිත් ඇදෙ වාඩිවෙලා මාව එ ඔඩොක්කුවෙන් තියාගත්තා..
එයා මාව වාඩිකරවගත්තේ මූනට මූන හිටින්න..වැඩි හොදටත් එක්ක මන් කකුල් දෙක එයාගෙ ඉන දෙපැත්තෙන් දාලා ඇද උඩින් තියාගත්තා..

මගේ ඉන වටේ අත් යවපු එයා හිමිට මගේ මූනට පහත් වෙලා මගෙ ඇස් වලට ටිකක් උඩින් පොඩි හාදුවක් තිබ්බා..කොහොමද කියන්නකො ඉතිම් මන් මෙ මනුස්සයා එක්ක එක හිතකින් තරහා වෙන්නෙ..අනිත් පැත්තටත් ඒවගේම හාදුවක් තියපු එයා මගෙ නලලින් නහයෙන් කම්මුල් දෙපැත්තෙනුත් හාදු තියලා නිකටිනුත් පොඩි හාද්දක් තිබ්බා..මාව නිකම් පාවෙලා යනවා වගේ හැගීමක් මට දැනෙන්නෙ..හරිම සනීපයි..මන් දන්නැ මෙ මනුස්සයට හිත් සනීප කරවන බලයක් තියෙනවද කියන්න..මගෙ හිතෙ තිබ්බ හැම ප්‍රශ්නයක්ම මට මෙ වෙලාවේ අමතක වෙලා ගියා..

මගෙ අතේ පිට අල්ලට හාදු තියපු එයා ඇගිලිවලටත් පුංචි හාදු තියන්න ගත්තා..හාදු තියන කිසිම වෙලාවක එ ඇස් මගෙ ඇස් වලින් අහකට යනවා නම් මන් දැක්කෙ නැහැ..එ ඇස් බලන්න බැරිතරම්..මට දැනෙන්නෙ මාව මත් වීගෙන එනවා වගෙ..එ තොල් මගේ අතෙන් ගිලිහිලා මගේ තොල් අල්ලන් හිමීට සිපගන්න පටන් ගත්තා..වෙන්දා තරම් තදින් සිපගත්තෙ නැතිවුනත් එ රිද්මය මන්මත් වෙන සුලුයි..එයාටම පාලනෙ දීලා මන් එ හැගීම් විදගත්තෙ එයාට යටත්වෙන්න තියෙන ආසාව පෙරදැරි කරගෙනයි..




"දැන්වත් කතා කරන්නකො වස්තුව.."

"හ්ම්"

"මගෙ වස්තු කෑවද.."

"ම්ම්ම්ම්.."

"මොකද වුනේ නෑදෑයො හම්බුනාද..."

"හ්ම්.."

"ඉතිම් මගෙ බකමූනූ පැටියා එයාලා එක්ක කතා කරාද..""

"නැහැ..අනෙ අයියෙ කිචි කවන්න එපා.."

"හරි ඉතිම් දැන් මොකටද කියන්නකො තරහා වෙලා ඉන්නෙ..එකපාට ආපු එකටද නැත්තම් කෝල් එකක්වත් දුන්නෙ නැති හින්දද..ම්ම්ම් අ බාප්පි ගැන කිව්වෙ නැති නිසානෙද..."

ඇත්තටම මන් දැන් තරහා මොකටද..ආ මැසෙජ් එකක්වත් දැම්මෙ නෑනේ.එනවා කියලා කිව්වෙ  නැති එක කමක් නැ කියමුකෝ..මන් කාගෙ කවුද කියන එකත් දැනගෙන ඉදියනේ..ආන් වැරදි දෙකයි..අනිත් එවා සුලු වැරදි විදියට කපාහරින්නම්කෝ..මේ දෙකනම් කපන්න බෑමයී...

"වස්තූ.."

"මොකද.."

"කියන්නකෝ.."

"මොකද්ද.."

"බබා.."

"හරි හරි ඊයෙ රැයින් පස්සෙ මට එක මැසෙජ් එකක් නැ..කොටින්ම මන් උන්නද මලාද බැලුවෙ නෑ..අනික..අනිත් එක තමයි..අපෙ තාත්තා ඔයාගෙ වේයෙක් කියලා මට කිව්වෙත් නැ..අම්මත් වේයෙක්නේ.."

"ඔයා ඉතිම් හොදින් ඉන්නවා කියල ස්ටේටස් දැක්කම පේනවනේ..අනිත් එක ගැන නම් වස්තූ මාත් දැනගත්තෙ ලගදි..පලවෙනි පාර නැන්දව දැක්කම හුරුවක් දැනුනා..පස්සෙ අහන්බෙන් ඔයා තාත්තා එක්ක ඉන්නවා දැක්කට පස්සෙයි මට මතක් වුනේ..නෑකම ගැන කියන්නවට වඩා මන් කියන්නම්කො මෙහෙම..කොහොමහරි දැන් වස්තුගේ අම්මටයි තාත්තටයි පවුල් දෙකෙන්ම අකමැති වුනේ ඔය නෑකම් ප්‍රශ්නෙ හින්දලූ..මාත් හරියට දන්නෑ මන් තාම හොයනවා..බලමු..මන් හොයලා කියන්නම් වස්තූ.."

"නෑකමක් හින්දා අකමැති වුනා නම්-.."

"දැන් ඒක ගැන හිතන්න එපා...ම්ම් දැන් මගෙ වැරැද්දට දඩුවමක් විදියට අපි මෙහෙම කරමුද.."

"කොහොමද.."

"ඔයා ඇති කියනකම් මන් ඔයාව වඩා ගෙන කිස් කරන්නම් බබා.."

"ආ හිච්චි මහත්තයා එහෙමද ආස....ඒකත් දඩුවමක්ද..නැ නෑ එහෙව්ව්ව්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...."

මට කියාගන්න ඕන වුන දේ හරියට කියාගන්නත් කලින් එයා නැගිටලා මාව වඩාගෙන කිස් කරලත් ඉවරයි...හුස්ම ගන්න විතරක් මගින් මගට නවත්තපු එයා  සිපගැනීම විනාඩි විස්සකට වඩා දුර අරන් ගියා..අපරාදෙ හැබැයි තනිකකුලෙ හිටන් මාව වඩාගෙන කිස් කරන්න කියන්න තිබ්බේ..






















පහුවෙනිදා එහෙන් ආවට පස්සෙ දින සති ගතවෙලා සුදු අයියාගෙ එක්සෑම් එකත් ආවා..අද අන්තිම දවසලූ..එක්සෑම් එකට යන්න කලින් මගෙ මුන බලාගන්න ඕනි කියලා මේ ටිකේම උදේට ඇවිල්ලා බලලා තමයි යන්න ගියේ..පොඩි බබෙක් වගේ වෙලාවකට..

අර පෙන්ත් හවුස් එකෙන් ආවත් හරි ඒපැත්තේ ආයෙ පස් පාගන්නෑ කියලා හිතාගත්තා. අම්මලානම් ආයෙ යන්න ගියත්  එ හැම පාරකම මන් ලිස්සලා බේරුනත් ලයිට් කන්නායි ඒකාගෙ නංගි පෙට්ටි කිකිලෙයි දවසගානෙ කෝල් අරන් මගෙ සැනසිල්ල කාලා දැම්මා..විශාල කරදරයක් වුනා මේක..

"මොකද්ද කියන්නෙ..නැ නැ මන් තරහයී..ඔයා දැන් ඉස්සර වගෙ නෑ..වෙනස් වෙලා..කොහොමත් පහු පහු වෙද්දි කොහු කොහු වෙනෝ කියලා අර කතාවක් තියෙන්නෙ..නැ නෑ වැඩක් නෑ..කොහොම කිව්වත් ඔයාට වොශ්රූම් යන්න කලින් මට කෝල් එකක් ගන්න තිබ්බා..නැ වැඩක් නෑ ඔයාට මාව අමතක වුනා..ආයෙ කතා නැ මන්..."

මන් ඒත් බැලුවා මේකා මොකද පරක්කු කියලා..පව් අර අසරනයා..උ අහවල් කාරිය කරන්නත් මුට කියලා යන්න ඔනිලූ..හරිම දුක්ඛිතයි..ආයෙ කතා කරන්නෑය කියපු තමාලයාගේ මූන බලාගෙන ඉද්දි පරල වුනා..මන් හිතන්නෙ මස්සිනා පොඩ්ඩ බැන්නා..ආන් හරි ඔන්න ඒ ගමන ඇස් රතු වේගෙන එනවා..ආ හරි ඔන්න කදුලු පිරුනා බේරෙන්න ඔන්න මෙන්න..එකායි දෙකායි තුනායි..

"ආ..ඔ..ඔයා දැන්.ම්හ් එහෙමයි නෙහ් ම්හ්ක් හික් හික්...වැඩක් නෑ..මට හරි.....යට වෙනස් කම් කර..හික් කරනවා..නැ නෑ..හික් දැන් බෙබි කිව්වාට වැඩක් නැ..හික් අපේ..අපේ හික් මෙ සම්බන්දෙ මෙතනින් ඉවරයි..හික් .."

මූනම් සාපයක්..සැක් අර මනුස්සයාගෙ දවසම කනවා..නුරාග් අයියත් වැඩට යන මිනිහානෙ..මූ මෙහෙම විකාර නටන්න ගත්තාම අනෙ මන්දා එ මනුස්සයා කොහොම ඉවසන් මූ එක්ක ඉන්නවද කියලා..













"එක්සෑම් එකත් ඉවර වුන නිසා අයියා දැන් නිදහස් නේද.."

"ම්ම්ම් එක පැත්තකින් මන් නිදහස් බබා..සම්පුර්නෙන් නිදහස් කියලා කියන්න නම් බැහෑ..කම්පැනි එකෙ වැඩ හැමදාටම පොඩි අයියට බලන්නත් බැහෑ..එ මනුස්සයා එහෙ වැඩ දාලා මෙහෙට ආවෙත් මන් හින්දයී..ඩෑඩ් කැමති නැහැ මන් දැන්ම ඒකෙ වැඩ බලනවට.. ඇත්ත ඉතිම් තාම මට qualifications මදිනේ.."

"කම්පැනි එක කිව්වෙ අයියේ..තාත්තාගෙ එකද.."

"නෝ වස්තූ.. ඇත්තටම ඒක මගෙ ඔලුවට අහසින් කඩන් පාත් වුන කම්පැනි එකක්..ඒකෙන් ටිකක් ප්‍රශ්නත් ආවා..අයියලා දෙන්නාම එයාලගෙ බිස්නස් බලාගෙන යන නිසා ඩෑඩ් බලන් ඉදියේ ඉස්සරහට කම්පැනියේ වැඩ මට භාර දෙන්න..මෙහෙ ඉදියොත් මට ඔය දෙකම බලාගන්න අමාරුයි..බලමුකො ඉතිම්.."

"ඒකියන්නේ..අනෙ අයියේ ඔයා මාව දාලා යනවද.."

"නැහැ වස්තූ..මන් ගියත් ඔයාව දාලා යන්න හිතන්නෙවත් නැහැ..බලමුකෝ..තව ටිකක් මෙහෙම ෆ්‍රී ඒකේ ඉදලා බලනවා.."

මගේ යෝජනාවක් නිසා අයියයි මායි බීච් එකට ආවෙ තමාලයවත් බලෙන්ම කුදලන්..උ අඩපු වෙලෙ ඉදන් ඇට්ටකුනා වෙච්ච බත් මුට්ටිය වගේ මූන දාන් අපිට ටිකක් එහායින් වැල්ලට වෙලා වාඩිවෙලා ඉන්නවා..අයියාගෙ පැත්තේ ප්‍රශ්න කිසි දෙයක් මට තේරෙන්නැහැ..එයාට මෙහෙන් යන්න වුනොත් අන්තිමට තනිවෙන කෙනා වෙන්නෙ මම..මේ ප්‍රශ්න කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නේ උඩ ඉන්න එකා විතරයී..

තමාලයා මොනාදො මුමුන මුමුන කොටු කෑල්ලක් අරන් තරහින් වැලි හාරනවා..පොඩි එකා වගේ වැලි නාලා..එකවෙලාවකට දික් කරන් ඉන්න කකුල් ගසලා නලියනවා..ආයෙම වැල්ලෙ නිදාගෙන එහෙට මෙහෙට පෙරලෙනවා..මුගේ මුල් ලමාවිය සංවර්ධන වුනාද කියලත් සැකයි..මූ ආවෙ මගේ මොන්ඩිසොරියට නම් ඕන් සැක නෑ..ඔකා ගියේ අල්ලපු වැටෙ එකටනේ..අනෙව් දොන්තයා..වැලි අරන් හැමතැනටම විසිකරනවා..අයියටයි මටයි මේ කෝලම් දැකලා පිස්සුත් වගේ..මන් හිතන්නෙ උට කෝල් එකක් ආවා..අන්න ඒ ගමන ඒක වැල්ලෙ ගැහුවා..වෙලාවට වැලි හින්දා මුකුත් වෙන්නෙ නැතුව ඇතී..මූ නම් යකාගෙ කොල්ලෙක්..

තමාලයා දනිහිස් දෙක ලංකරන් ඔලුව ගහගෙන ඉද්දි රෝමියෝ වැල්ලට සම්ප්‍රාප්ත වුනා..ටසිරි හිච්චි රොබින්සන්..නුරාග් අයියා අර ලයිට් පත්තුවෙන ලොකු ඉටි බැලුන් බෝලෙකුයි , ලොකු මල් පොකුරකුයි තව මොකද්ද බෑග් එකකුයි උස්සගෙන තමාලයාගෙ පිටි පස්සට වෙලා හිටගෙන ඉන්නවා පොර දැක්කා විතරයි කදුලුත් එක්කම හිනාවුනා..යෝහ් මේකා  මොන්ඩිසෝරි බබෙක්ට අන්තයි.. අයියාව දැක්කා විතරයි අඩාගෙන ඇගෙ එල්ලුනා..නුරාග් මස්සිනා අර බඩුත් එක්කම මේකාව බදාගෙන නලලට හිච්චි හාද්දක් දුන්නා..අනෙ ඉතිම් මේ කෝලම් අයියාගෙ උරහිසට හේත්තුවෙලා මාත් බලාගෙන ඉන්නවනේ..









__________________

හෙලො ගායිස් 👉👈
මන් ආවා ඒයි🙂💜
පරක්කුයි නේත..

තුන් වෙන්දා පහුවෙනකම් මෙහෙම තමයි ලමයි..ගැත්තාට සමාව දෙන්ඩ ඉතිම්..පුලුවන් ඉක්මන්ට කතාව දෙන්න බලන්නම්..
ආතරෙයී🥺💜

සෙල්ලමක් නෙමෙ මේක...

එන්නාම්...

_Gojo_

(ප.ලි. වැරදි බලන්ඩ බැරිවුනා..අවුලජ් ඇත්තොත් ගනම් ගන්ඩෙපානේ..හෙ හෙ තෙරුම් ගන්ඩ බැරිවෙන එකක් නෑ..එන්නම් )

Fortsæt med at læse

You'll Also Like

2.1K 263 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
3.2M 186K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
80.2K 2.3K 11
Highest Rating(s): #1 in Albino -- A new kid appears at Ouran Academy and for someone so small, it's a wonder at how much of a big impact he makes in...
1.6M 97.3K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...