දෑගිලි ✔( complete )✨

Від Gojo_Nj9119

80.8K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Більше

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 30

1.1K 134 48
Від Gojo_Nj9119


මේක හරි විශාල කරදරයක් වුනානෙ..දවස් දෙකෙන් එනවා කියලා ආපු ගමනෙ තව දවස් දෙක තුනක්වත් ඉන්න වේවිලූ..

වටේටම තියෙන වෙල් යාය..ඊට උඩින් තීන කදු පන්තිය..තවත් පැත්තකින් තියෙන රබර් කැලේ..එ කැලේ රබර් ගස් අතරින් වැවිලා තියෙන මැංගුස්, අඹ , කොස් ,පේර ,රඹුටන් ගස්..ගේ පිටි පස්සෙන් ගලාගෙන යන දියපාර..තිත්ත පැටව් ලූලා පැටව් එහෙ මෙහෙ යනවා බලාගෙන ඉන්න හදලා තියෙන වැල් පාලම්..තවත් පැත්තකින් කුරක්කන් යායවල්..එලවලු පලතුරු පාත්තී..මෙ හැමතැනකම තරු වැටිලා වගේ පිපිලා තියෙන කැලෑ මල් ඩේසි මල්..මේක සම්පූර්නෙන්ම සශ්‍රීක ගම් බැද්දක්.....
වෙල් ඉපනැල්ලෙ දුවලා පැනලා පිටිපස්සෙ ඇලට ගිහින් කරනමක් ගහලා ලස්සන නෑදෑ අයියලා එක්ක විනෝද වෙලා නිවාඩුව ගතකරන්න පුලුවන්...

කියලා හිතාගෙන මනෝපාරවල් ගගහා ආපු මට සිද්ද වුනේ ලොකූ තාප්ප වලින් වට වෙච්චි හිච්චි බැකින්හැම් මාලිගාවකට ඇතුලු වෙන්න...මන් බලාපොරොත්තු වෙච්චි වෙල්යායක්වත් ඉර නැගන් එන කදු පන්තියක්වත් රබර් ගහක්වත් ඇලක් වත් තිබුනේ නැහැ..අම්මලා හැමදාම කිරි අත්තා බලන්න යනවා කියලා කිව්වම මන් බලාපොරොත්තු වුනේ මැටියෙන් හදපු ගෙයක ඉන්න කිරි අත්තෙක්ව මිසක් මෙහෙම තට්ටු නිවාසෙක ජීවත් වෙන කිරි අත්තෙක්ව නෙමෙ..මෙතන පවුල් දහයකට විතර ජීවත් වෙන්න පුලුවන් නේ..

ඊයේ ආවත් හරි එහෙ මෙහෙ ඇවිදගන්න තියා මෙහෙ මිනිස්සුන්ගෙ මූනක්වත් බලාගන්න බැරිවුනා..කිරි අත්තා ඇරෙන්න එයාගෙ සේවිකාවො විතරයි මට දැකගන්න පුලුවන් වුනේ..මෙහෙට ආපු වෙලෙන් ඉදන් ඉක්මන්ට එන්න වස්තු ගගා වැලලුන මනුස්සයා තව දවස් දෙක තුනක් විතර ඉන්න වෙනා කිව්වා විතරයි සද්දයක් නෑ..ඊයේ රෑ ඉදන් මැසෙක් එකක්වත් නැති හැටියක්..

කිරි අත්තට බල්ලොම බුරපියලූ..යකො දැන්නෙ මෙ මගුල හරියටම දැක්කෙ..දෙයියනේ මේ ගෙදර මෙච්චර සද්දන්තයි කියලා හිතුවෙනැනෙ..මේකෙ ඇවිදලා බලන්නම මට සතියක්වත් යයී..එලියට ගියාම මෙ ගෙ එච්චර ලොකුයි කියලා පේන්නැහැ..පැත්තෙන් බැලුවාම තමයි දිග පේන්නෙ..ලොකුම ලොකු වත්තක්..මේ වගේ මාලිගාවක ජිවත් වෙන මී ආච්චිට කිරි අත්තා කියන නම නම් ගැලපෙන්නෑ..

ගෙවල් දහක් විතර ගහන්න පුලුවන් ආකරයක් මෙතන..මගෙ මනුස්සයා ඊයේ රැයින් පස්සෙ ඔන්ලයින් ඇවිල්ලත් නෑ..තමාලයත් ඔෆ්ලයින්..කම්මැලී අප්පා..එලියට ගියාට ආයෙ ඉදපු කාමරේ හොයන් යන්නත් මතක නෑ දැන්.. ඊයෙ රෑ ඉදලම කිරි අත්තා ඒක්ක කයිය ගැහුවා..කොහෙද ඉතිම් එයාගෙ කාමරේවත් දැන් මට මතක නැ..මෙ ගෙදරට ආවත් හරි පුදුම වීම් වලින් නම් අඩුවක් වුනේ නෑමයී..කිරි අත්තා කියනකම් මන් දන්නෙත් නැ අපෙ අම්මයි තාත්තායි දෙන්නම එකම පවුලෙ අය කියලත්..පුදුමයක් නෑ..එ දෙන්නට තීන්නෙත් එකම වාසගම වෙද්දි මට ඕක නොහිතුනාමත් නෙමෙයී..එත් මෙච්චර ලග නෑකමක් තියෙන්න ඇතී කියලා හිතුවෙ නෑ..සමහර විට අපෙ අම්මට තාත්තාගෙ පවුලෙන් අකමැති වුනෙත් ඔය හින්ද වෙන්නත් පුලුවන්..




දවල් කෑමවෙලාවෙන් පස්සෙ අම්මාව දැක්කෙත් නෑ..යකො මේක නිකම් ෆැන්ටසියක් වගේනෙ..අපි විතරද සාමාන්‍ය ජීවිතයක් ගත කරේ මේ පවුලෙන්..මන් හිතන විදියට කිරි අත්තා එක්ක තීන නෑකම අපෙ තාත්තට වඩා අම්මගේ පැත්තෙනුයී ලොකුවටම තීන්නෙ..මෙ ලගදි හම්බුන නෑදෑයොනම් වසංගතයක් වෙලා තියෙන්නෙ දැන්..සැරින් සැරේ හම්බෙන අලුත් මූනවල් වලට මන් අහවලා කියලා තේරුම් කරලා දීලම දැන් ඇතිවෙලයි තීන්නෙ..වෙල්යායෙ ඉදන් සරුංගලයක් යවන්න හිතාගෙන ආපු මගෙ අසරන හිත..හුලං පොදක්වත් ඇතුලට එන්නැ මෙ විසාල තාප්පෙන්..කිරි අත්තට බල්ලොම බුරපිය..

බල්ලො කිව්වමයි මතක් වුනේ..ඊයෙ රැ කිරි අත්තාගෙ කාමරේට කඩන් පාත් වුන දඩෝරියා හින්දා තව ඩින්ගෙන් අත්තට කලින් මන් නිවන් යනවා..කිරි අත්තගේ කිරි පුතා සරණ.. ඌව දැක්කමත් සුලු දිය පහවෙන්ඩ එනවා..මට මතක්වෙන්නෙම කිරි අත්තගේ ඇද ගාව පුටුවෙ වාඩිවෙලා මන් දිහා බලාගෙන ඉදපු විදිය..අම්මෝ එ බැල්ම..

නම සරණ වුනාට ඌව දැක්කම මාව අසරණ වුණා..මෙ මිල්ක් පුතා බොන්නෙ ෆ්‍රෙශ් මිල්ක් විතරලූ..ඒකත් හයිලන්ඩ් කිරි විතරයී..බල්ලෙක්ට ගිය රටක්..හපො බල්ලා කිව්වා කියලා මාව එලවයි..බල්ලා නෙමෙ ඕකා කිරි අත්තාගෙ බාල පුතා..නිදැල්ලෙ හැසිරෙන්ඩ දාලා තියෙන නිසා කොයිවෙලේ බුරාගෙන කඩාපාත්වෙයිද දන්නැ..මෑන් නම් බුරන්නෙත් නෑ ඌගෙ අප්පගෙ ලයින් එකක් උට තීන්නෙ..මොකෝ ඕකට රාජකීය ලේ තියනවා කියලැයි..

කාමර හොයලා ඇතිවෙලා ආපිට හැරිලා එලියට යන්න හදද්දි මගෙ පිටි පස්සෙන් අඩි තිය තිය කවුරු හරි එනවා වගේ දැනෙන්න ගත්තා..හැරිලා බැලුවට මොකෙක්වත් නැ..එක්කො මෙහෙ හොල්මනක්වත් ඉන්නවද දන්නෑ..යොහ් දෙයියනේ..මෙදාපාර බේරගන්න මගෙ මිනිහත් නෑ..මිනිහා කිව්වමයි මතක් වුනේ..ඕකාට මන් හොද වැඩී..අර තමාලයා වගේ පරක්කු වෙන විනාඩියට මේ සම්බන්දෙ හරියන්නැ ලෙස්ට් බ්‍රේකප් කියලා ඇනයක් නොවෙන නිසා මගෙ මිනිහට මගේ අගේ තේරෙන්නෑ..වරෙන්කෝ ඕකා ආයෙ වස්තු ඉස්තු ගාන්..පෙන්නකෝ ඕකාට පර වස්තූ...

"ආආ බුදු අම්මේ..තාත්තේ ආච්චියේ...කිරි අත්තේ..අජුස්සියේ...යකේක්ක්ක්ක්ක්ක්ක්ක්ක්.."

මිනිහට බැන බැන ඉස්සරහට යද්දි පැත්තෙ ඉදන් මොකෙක් හරි මගේ ඉස්සරහට පැන්නා..පැන්නෙ මොකාද කියන්න දන්නෑ..දැක්කෙ ගුලියක් වගේ දෙයක් තමයී..ඒ මොකද්ද කියලවත් බලාගන්නැතුව පනකඩාගෙන යන පැත්තක්වත් දන්නැතුව ඇතුලට කඩාගෙන බිදගෙන ගියා..
මන් යද්දි ඒකත් පස්සෙන් එනවා..හයියෙන් හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා..බල්ලෙකුත් වගෙ..කිරි අත්තට බල්ලොම බුරපු කිව්වලු..මිල්ක් පුතේ අනෙ උබද සරණ මේ..යොහ් පිටි පස්ස හැරිලා බලන්නත් බෑ..දුවන එක නවත්තන්නත් බැ..යොහ් සරනයෝ මාව මෙහෙම අසරන කරන්නෙ ඇයි මනුස්සයෝ..
ටික දුරක් දුවන් එද්දි පිටි පස්සෙන් ආපු සද්දෙ නැතිවෙලා ගියා..කො මොකෙක් වත් නෑනෙ..මෙ කොහෙද මේ..ඉන්න තැනක් වත් දන්නෙ නැ..එකපාරට පුදුමාකාර සන්සුන් භාවයක් දැනූනා..හැබැයි මට තෙරුනා මෙච්චර වෙලා මගෙ පස්සෙන් ආපු එකා දැන් ඉන්නෙ මන් දුවන් යන්න ආපු පාර ඉස්සරහා කියලා..කරන්න දෙයක් නෑ මූ කවුද කියලද් බලන්නම වෙනවා.. ඒ මිල්ක් පුතානම් මගෙ කෑලි විතරයි ඉතුරු වෙන්නෙ..හිතට හයිය අරන් ආපිට හැරිලා බැලුවා...

"අනෙ අම්මේ.."

නෑ නෑ මේකා මිල්ක් පුතා නෙමෙ..කවුද අනෙ මේ..ඌව දැකලා බය වුන පාර මාව පිටි පස්සට විසික් වෙලා බිම වැටුනා..මෙයකා කටෙ මල් දෙකකුත් ගහගෙන මගෙ ලගට ඇවිල්ලා කකුල් ගාවින් වාඩිවුනා..කෑවෙ නෑ හැබැයි..කටේ ගහන් ඉදපු මල් දෙක හිමීට මගෙ ඔඩොක්කුවෙන් දාපු එයා බෙල්ල පැත්තට කඩලා දිවත් එලියට දාන් මගේ දිහා බලාගෙන ඉදියා..මන් මල් දෙක අරන් ඉඹලා බැලුවා..ෆ්‍රෙශ් මල්..එව්ව් නැට්ටෙ මේකගේ කෙල.. මගෙ මල් දෙක පැත්තකින් තියන්න හැදුවා විතරයි දොන්තයා වගේ ඉදපු මේකා ආයෙ මට විරිත්තලා ගොරවන්න ගත්තා...ආ හරි හරි ඉතිම් මල් ටික තියාගන්න කියලනෙ ඔය කියන්නෙ..මන් මල් ටික අරන් ආයෙ ඔඩොක්කුවෙම් තියාගත්තම කන් දෙකත් පහත් කරන් ඇස් බෝල කරලා අමුතු හිනාවක් දුන්නා මේයකා..


එව්ව්ව් දොන්තයා..
මල් දෙකත් අරන්ම මන් නැගිටලා වට පිට බැලුවෙ ආවෙ මොනපැත්තෙන්ද කියලා හොයාගන්න..වටේම පාරවල්..මේක ගෙයක්ද වංකගිරියක්ද..මන් යන්න පාරක් හොය හොය ඉද්දි මගේ කකුලට තට්ටුවක් දාපු බිබික්කම් පැටියා දිහා බැලුවා..මොනා කියන්න හදනවද මන්දා මෙයා..පස්සත් බිම ඇනන් වාඩිවෙලා අතින් මගේ අතට ගහනවා..අනෙ අනෙ..මොකද ලමයෝ මේ..කර පටියෙ මොකද්ද වැල් අකුරක් ගහලා තියෙනවා දැක්කා.
මන් මේකව ඇල්ලුවොත් හපයිද..මල අයින් කරාම විරිත්තපු විදිය දැක්කම ලගට යන්නත් බය හිතෙනවා..බලන්නකො ඉතිම් මගෙ කොල්ලාවත් මලක් දුන්නැති එකේ බල්ලා හරි මට මලක් දුන්නනේ..අනෙව් කමන්නැ ඔයා මල මලක් දුන්න එකේ අතගෑවට කන එකකුත් නෑනෙ..මගෙ කකුලට හිමීට පහුරු ගාන එ අත අල්ලගත්තම ආයෙත් අර දොන්ත හිනාව දැම්මා..අනෙව් මේකා හරි කෝලමක්නේ..හිමීට පහත් වෙලා ඔලුව අත ගාන්න ගත්තම ඒ තෙත හොම්බ මගේ දනහිස උඩ තියන් බිම ඇලවුනා..මාත් ඉතිම් ආයෙම සැරයක් බිමින් ඉදගෙන මේකාව හුරතල් කරන්න ගත්තා..බෙල්ල යට අතගාන්න ගද්දි මේ යකා කකුල් හතර උඩදාන් පලල් කරගත්තා..අප්පො හුරතලේ..මන් හිතුවෙ කික්කි පැටියෙක් කියලා..නෑ මේකා කුක්කෙක්නේ..පුදුමයි..කුක්කෙක් මේම හුරතල් වෙනෝ..ඒකට අර මිල්ක් පුතා..එව්ව්ව් අඩල්ෆ් හිට්ලර්ගේ නෑයෙක් වගේ..

විනාඩි විස්සක් විතර මේ ලොසින්ජරයාව අතගාලා නැගිටලා යන්න හදද්දි මේන් මේකත් දඩි බිඩිගාලා නැගිටලා මන් ඉස්සරහින් හිටගෙන හොම්බෙන් එයා එක්ක එන්න කිව්වා..මෙ බල්ලා මාත් එක්ක කතා කරත් දැන් නම් පුදුමයක් නෑ..

ලොසින්ජරයා පස්සෙන් මාත් හිමීට යන්න ගියා..වැඩිවෙලා ගියේ නැ ඉක්මන්ටම එලියට යාගන්න පුලුවන් වුනා..

"අනේව් මගෙ දොන්ත ලොසින්ජස් ඔයා මාව එලියට එක්කන් ආවා නේද ඒයි..ඔය ඒගමන කොහෙද ඔය යන්නෙ..මාත් දැන් එන්න ඕනිද..ඒයි ලමයෝ..ඉදපම් අඩෝ.."

මෙ යකා ආයෙම මට අඩගහලා ගෙයින් එහා පැත්තේ වත්තට එක්කන් ආවා..මේන් මෙතන තව පාරක්..දෙයියනේ..කිරි අත්තේ..ඔයාට බල්ලොම බුරලා ආයුශ වැඩිවෙනෝ දැන්..මෙතන තව ගෙයක්..බුදුසන්තෝ..

මට තාම හිතෙන්නෙ මෙ මන් දකින මල මොන්ගල් හීනයක් කියලමනේ..ලොසින්ජර් බිබික්කමා ගෙ ඇතුලට උගෙ ගෙදරට යනෝ වගේ ඇවිදගෙන යනවා..එයා ඇතුලට ගියා..මන් තාම එලියේ..එහෙම ඇතුලට යන්න පුලුවන් ද..ඇරත් මේක කාගෙ ගෙයක්ද දන්නෙත් නැහෑ..මන් ඇතුලට ආවෙ නෑ කියලා දැනගෙනද කොහෙද ලොසින්ජරයා ආයෙම එලියට ඇවිල්ලා මට බිරුවා..හපො යකෝ කෑගහන්න එපා මේ ගෙදර මිනිස්සු එලියට බහී..මන් එන්නැති හින්දම මේකා ආයෙ ආයෙ බුරද්දි මන් දුවලා ගිහිම් ඒ කට වහලා දැම්මා..

"පොලොස් කොට්ටොරුවො..ඔය කට වහපම්කෝ..මේ කොහෙද බන් මාව එක්කන් ආවෙ..පුදුම වෙලා තියෙන හරිය මදැයි මන්..මෙ ආපහු අපි යමන්කො කොල්ලෝ..ඔයි වරෙම්කෝ බන් උබ ගලක් වගේනෙ ඇද්දම එන්නෙත් නෑ..පුතේ ලොසින්ජර් වරෙම්කො මයෙ අම්මා..කො කො හොද ලමයනේ..අඩෝ.."

"එයාට ඕන දේ කරගන්නකම් එයා ඔතනින් හෙල්ලෙන එකක් නෑ ලමයෝ.."

හෑ කවුද මෙ..ටසිරි ආදිපාද වරයෙක් වගේ සවුන්ඩ් එක..මෙ ගෙදර මෙයාගෙ වෙන්නැතී..එච්චර වයසක් නම් පේන්නෑ..පනහක් වගේ ඇතී..හැබැයි ලස්සනයි..එයාව මීට කලින් දැකලා පුරුදුයිත් වගේ..සුදු වේගෙන එන එ කොන්ඩෙයි රැවුලයි එක්ක මෙයාට අමුතු ලුක් එකක් එනවා..ඒ කාලෙ ජිම් ගියපු පොරක් වෙන්නොනෙ..තාමත් එ ඇග එහෙමයි..රැවුල් ගසුත් අළු පාටයි..මගේ දිහා බලලා හිනාවෙලා ලොසින්ජර්ට එයා කතා කරා..

"ඇලෙක්සැන්ඩර්..කාවද මේ ඔයාගෙ ගෙදරට එක්කන් ආවෙ.."

ටසිරි..ලොසින්ජර්ගෙ නම ඇලෙක්සැන්ඩර්ලූ..මේකත් නිකම් අර තැන් දෙකකට වැටුන ගිරව් දෙන්නාගෙ කතාව වගේ..එකෙක් සරන වෙද්දී..අනිත් එකා ඇලෙක්සැන්ඩර් වුනා..

"ඔය ලමයා අපේ අශ්වින්ගේ පුතා වෙන්නොනේ.."

" ඔව් අංකල්.."

"මට හිතුනා..ඔය ලමයා දන්නවද මන් කවුද කියලා.."

"ආ...මේ නැ අංකල්.."

"මන් ඔයාගෙ අම්මගෙ ලොකු ආච්චිගේ පුතාගෙ පුතා..මේ නෑකම් ටිකක් බරපතලයිනම් තමා..කොහෙදිද පුතාට අපෙ ඇලෙක්ස්ව හම්බුනේ.."

"එයා මෙ අන්කල් අර ගෙදර ඉන්නකොට තමා මට හම්බුනේ..මේ..එයා මෙ මට මේ මල් දෙකත් දුන්නා.."

"පුදුමයි..අපේ ඇලෙක්ස් වෙන කෙනෙක්ට එයාව අල්ලන්න දුන්නා කිව්වමත්..."

"ඒකිව්වෙ අංකල්.."

"අපෙ ඇලෙක්ස්ව එයාගෙ කැමැත්තෙන් ඇරෙන්න වෙන කෙනෙක්ට අල්ලන්න පුලුවන් වුනා නම් ඒ එයාගෙ හාම්පුතාට විතරයී...මන් බලාගෙන ඔයා එයාව අල්ලද්දි නොහොල්ලා ඉදපු විදිය.."

මාත් නිකම් හරියට අර ඇලිස් වගේ..මෙ වෙන දේවල් කිසි දෙයක් මට තේරුම් ගන්න බෑ..

"ඉතිම් මෙ පුතාගෙ නම.."

"ආ මම සප්ත අංකල්.."

"ම්ම් හරි සප්ත..යමු ඇතුලට..
ඔයාට මම එක පැත්තකින් නෑමකට බාප්පා වෙද්දි..අනිත් පැත්තෙන් මාමත් වෙනවා.."

"මම බාප්පෙ කියලා කියන්නම්.."

"ම්ම් එක හොදයි..ඇලෙක්ස්ගෙ හාම්පුතාටත් මම බාප්පා..ඔයා ආපු එකත් හොදයි..ඇලෙක්ස් මෙ ටිකේම එයාගෙ දවල් වේල මගෑරලා ඉන්නෙ..ඔයා ඉන්න නිසා අද කවාගන්න පුලුවන් වෙයී.."

"ඇයි බාප්පෙ එයා දවල්ට කන්නෙ නැද්ද.."

"නෑ එහෙම නෙමෙයි..එයා දවල්ට කනවා..එත් දැන් කන්නෑ..එයාගෙ හාම්පුතා මිට අවුරුද්දකට කලින් එයාව අපිගාව දාලා ගියපු දා ඉදන් කන එක අතෑරියා.පස්සෙ ටික ටික එයා ඇවිල්ලා කන්න දීලා ශේප් කරාට පස්සෙ නම් දැන් කනවා..උදෙටයි රෑටයි අපෙ ලමයි ඉන්න නිසා කනවා..එත් දවල්ට එයාලා නැති නිසා ඒක මගෑරෙනවා.."

"ඇයි බාප්පෙ ලොසින්ජර්ව එයාගෙ අයිතිකාරයා මෙහෙට දුන්නේ..."

"ලොසින්ජර්???..

"ආ නැ මන් මෙ කිව්වෙ ඇලෙක්ස්.."

"ආ අලුත් නමක්...ම්ම්ම් එයාගෙ හාම්පුතාට ගෙවල් මාරු කරන්න වුනා..කාලයක් එයා ඉදියේ මෙහෙ..පස්සෙ එයාට ටිකක් ප්‍රශ්න ආවා..එයාගෙ වැඩත් එක්ක එහෙට මෙයාව ගෙනිහිල්ලා බලාගන්න කෙනෙක් නැති නිසා මෙහෙට ගෙනාවෙ..ඇලෙක්ස් එයාට ඇරෙන්න එ ගෙදර කාටවත් හීලෑ නැහැ..එකපාරක් හාම්පුතාගෙ තාත්තව කාලා ලොකු විනාසයකුත් කරන්න ගියා මේ කොල්ලා.."

"ඇලෙක්ස් එච්චර නපුරුද.."

"ම්ම්ම් ඔව්.. ඔයාගෙ ලොසින්ජර් දැන් ඔයාට ඇරෙන්න අනිත් හැමෝටම නපුරු වෙයි.."
"පුතා එහෙනම් ඇවිදලා බලන්න..අ තව ටිකෙන් ඔයාගෙ පුංචිත් එයි.."

අනෙ තාත්තේ..මාව ඔයාලා කොහෙටද අනේ මේ එක්කන් ආවෙ..යමන් ලොසී අපි ඇවිදින්න..මෙහෙම යන අතරෙ මගෙ මනුස්සයා හම්බුනත් මට පුදුමයක් නෑ දැන්..

වාව්..මෙ ගෙදර කිරි අත්තගෙ එකට වඩා ලස්සනයිනේ..තමාලයත් ඉන්න තිබ්බෙ මන් එක්ක..කොහෙද ඉතිම් ඌව එක්කන් එන්න බැරිවුනානෙ..හැමතැනම දොරවල්..අරින හැම දොරක් ගාවම පඩිපෙලක්..ලොකු ලොකු ගෙවල් වලට ගිහිල්ලා තිබ්බට මෙ තරම් ලොකු ගෙදරකට ආවමයී..අකි අයියගේ ගෙදරත් දවසක් ෆොටොස් වලින් පෙන්නුවා..හැබැයි ඒක මෙච්චර ලොකු නම් නැතුව ඇතී..

ලොසියා තමා මගෙ මගපෙන්වන්නා..මෙ යකා මුලින්ම උඩ තට්ටුවට යන්න elevator එකට නැග්ගා..මාත් ඉතිම් ඒකාව අනුගමනය කරා..මුලින්ම මේකා මාව එක්කන් ගියේ game room එකකට..වාව් මේකනම් පිස්සුවක්..එතනිම් එහාට පොඩි ජිම් එකකුත් තිබ්බා.. මෙයකා එතනිම් මාවත් ඇදන් ලොකු දොරක් ඇතුලෙන් ඇතුල් වුනා..වොහ්...දෙයියනේ මේක..

මේක හීනයක්..මාව ඇහැරවපාම්..මේක ඇත්තක් වෙන්න බැහැ..මේක තනිකරම මන් ප්ලෑන් කරම් ඉදපු විදියේ room එකක්..
මට මෙහෙ දාලා යන්න බෑ තාත්තේ..යොහ් අම්මේ..

මේක තමයි උඩම තියෙන රූම් එක..මන් දැන් පිස්සෙක්..වාව්..මේක කාගෙ රූම් එකද දන්නෑ..ලොසියා එයාගෙ කාමරෙ වගේ වටයක් දෙකක් කැරකිලා එක අස්සෙ තිබ්බ තව ඇදක් වගේ එකක නැගලා හාන්දි වුනා..එකියන්නෙ මේක ලොසීයගේ හාම්පුතාගෙ කාමරෙ..

කාමරෙ පැයක් විතර වාඩිවෙලා එතන තිබ්බ පොත් ටිකක් බැලුවා..අම්මො මෙ ඔක්කොම බලාගන්න දවසක්වත් යයී..මෙ රූම් එක මාර කූල්..අනිත් හැම රූම් එකකම ඒසී තිබ්බා..මේකෙ විතරයී එහෙම එකක් නැත්තේ..ලොසින්ජර් පැයක් වගේ නිදාගෙන ආයෙ නැගිටල ඇගේ හිරි යව යව ඉදියා..එව්ව් දොන්තයා..එය පාරට නැගිටලා දොරගාවට ගිහින් මට බුරලා එන්න කියල අඩ ගැහුවා..ඒ ගමන මෙ යකා කොහෙ යනවද..


ලොසියා එ ගමන මාව යට තියෙන කාමරේකට එක්කන් ආවා..එතන තිබ්බ දොර ඇරන් ඇතුලට ගියාම හම්බුනේ කලුගල් වලින් හදපු රූම් එකක්..පොලවට තියෙන අඩියක් ගානෙ ඒ ගල් වල සීතල දැනෙනවා..ඒක ඇතුලට යද්දි හම්බුනේ පූල් එකක්..වාව්...මේකනම් පට්ටයී...

(girlව අයින් කරගන්න)

"

එයි ලොසී ඔය කොහෙද දුවන්නෙ..ඇලෙක්..ඇලෙක්සැන්ඩර් ඔහොම ඉන්න..මාව දාලා දිව්වා නේද මේකා.."

මුට මොන යකෙක් වැහුනද ඒ ගමන..
එකපාරට මාවත් දාලා පනකඩාගෙන දිව්වා..එ දුවපු දිවිල්ලටනම් ඒකගෙ ලොම් ගහක්වත් හොයාගන්න බැරිවෙයි...

ගියා වගේම ආයෙ එන්නැතෑ..පූල් එක වටේටම ඇවිදගෙන ගිහිල්ලා ගැට්ටෙන් වාඩිවෙලා කකුල් දෙක ඇතුලට දාලා බලාගෙන ඉදියා..
අපෙ පරම්පරාව හිතුවට පොහොසත්නේ..හෙ හෙ අපි තමා සාමාන්‍ය ජිවිතයක් ගත කරන්නෙ..එවුනාට ඉතිම් මේ විශාල මන්දිරේට වඩා අපෙ පුන්චි පැල්පත මට නම් දාහෙන් සම්පතක්..මේක තනිකර පාලු ගුහාවක්නේ..පුල් එකක් විතරයි අපිට අඩූ..අනිත් හැමදේම ගානට තියෙනවනෙ..සාමාන්‍ය පවුලකට වඩා අපිට සල්ලි තියෙනවා..ඕනි වෙලාවට කැමති දෙයක් අරන් කන්න...කැමති තැනක යන්න අපිට ඇති තරම් සල්ලි තියෙනවා..ඔය මදෑ ඉතිම්..ඉදලා හිටලා ඔනි වුනොත් මෙහෙ ඇවිල්ලා යන්න බැරියෑ ඉතිම්...

ලොසියා එන පාටක් නෑ..ආපු පාර ලාවට වගේ මතකයී..තනියම යනවා කියලා හිතාගෙන නැගිටලා පූල් එකටත් සමුදීලා මන් එන්න හැදුවා..යන්න කලියෙන් ආයෙත් පාරක් ඒක වටේ ගිහින් යන්න හදද්දිම කවුරු හරි එකෙක් මාවත් ඇදන් වතුරට පැන්නා......................
















(බාප්පියා)













____________

හෙලො ලමයි...😌❤️
මන් ආවා😌

කවුද දන්නැ නෙහ් සපාව ඇදගෙන පැන්නේ....😌👉👈

ගම්මාන නෑ ඒයි මෙහෙ..
ලක්සරි ලයිපු තමා..

හිතුනොත් සෑවෙලා එන්න..

කමෙන්ට් ආවොත් තමා ඒ..

comment goal 25 😌





එන්නාම්😌❤️
ආදරෙයි😌❤️



_Gojo_

Продовжити читання

Вам також сподобається

420K 25.5K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
අස්ථාවර-❕ Від 𝕮𝖊𝖑𝖊𝖘𝖙𝖊

Щоденники та біографії

6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
Her claim Від Jeelvyas03

Романтика

3.2M 186K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...