දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 29

1.2K 136 24
By Gojo_Nj9119

මේ තැබිලි පාට අහස යට.. රැලි ගහන මුහුදේ සද්දෙත් එක්ක..නහයට දැනෙන මුහුදු සුවද..යටිපතුල් වලට දැනෙන වැලිවල ස්පර්ශය..විටෙන් විටක ඇසෙන කුරුලු නාදය..සිසිල් සුලං පිරුනූ මේ සැදෑව ඒ උරහිස උඩට වෙලා බලාන විදගන්න මට පුලුවන් වුනා..

අපි දෙන්නගේ පැටලුනු අත්..එයාගෙන් මට දැනෙන උනුහුම..කර වටේ තියෙන එයාගෙ අතින් දැනෙන ආරක්ශාව..විටෙන් විට නලලට හම්බෙන පුන්චි හාදුවල අපි දෙන්නගෙ ආදරෙ සතුට කැටිවෙලා තියෙනවා..
මන් මුහුද දිහා බලාගෙන භාවනා කරද්දි..එයා මගේ දිහා බලාගෙන භාවනා කරනවා..එයා කියන්නෙම මගෙ දිහා කොච්චර වෙලා බලන් ඉදියත් ඇතිවෙන්නෙ නෑ කියලයි..ඒවගේම තමයි ඉතිම් එයත්..

අපි මෙතනට කීයට ආවද කියන්න මන් දන්නෙත් නැහෑ..එත් අපි දෙන්නගෙ හවස් වරුව ගතවෙලා ගියෙ මේ වෙරල තීරෙ උඩ..අපි දෙන්නා කිව්වට වෙනම පැත්තක තව දෙන්නෙකුත් උන්නා..

ඉර ගිලගන්න ඔන්න මෙන්න තියෙද්දි හද අනිත් පැත්තෙන් මතුවේගෙන එනවා..හද එද්දි ඉර යන්න යනවා..හදට ඉඩ දීලා ඉර අහස අතාරිනවා..ආයෙ ඉරට ඉඩ දෙන්න හද යන්න යනවා..අහසටත් බැරිවුනාද එක්කෙනෙක් තියාගන්න..ඉරත් ඕනි හදත් ඕනී..අහස අත ඇරලා යන ඉර කොච්චර පව් ද..ඒවගේම ඉරට එන්න ඉඩදීලා බැහැලා යන හද කොච්චර පව්ද..
ඉරයි හදයි දෙන්නම පව් නම් එ වෙන්විම් දරාගන්න අහස කොච්චර නම් පව් ඇතිද..අහසට ඉරත් ඕනෙ හදත් ඕනේ..අහස එ දෙන්නා අතර දෝලනය වෙනවා..අහස දෙන්නගෙන් කෙනෙක් අතැරගන්න බැරුව ලතවෙනවත් ඇතී..එක්කෙනෙක්ව තෝරගන්න බැරුව දුක් වෙන්නත් ඇතී..
මොනාද බන් මන් මෙ හිතන්නෙ..මෙච්චර දාර්සනික වදන් උබට කොහෙන් ආවද..එක්කො උබට ඔල්මාදෙ..ගැලපෙන දෙයක් හිතපම්..ඔන්න ඉතිම් මගේ යටිහිත ඇඩ් දාන් එනවා..අනෙ අම්මපා..
නැහැ ඉදින්කෝ..දැන් අහසට දෙන්නවම අතෑරගන්න බැරි නිසා ඉර උදේට ඇවිත් හද රෑට ගෙන්න ගත්තා වෙන්න පුලුවන් නේද..හරි ඉතිම් අහස දෙන්නටම ලව් එ අතින් බැලුවම..

තමාලයත් අහස වගේ උදේට එකයි රෑට එකයි තියාගනීද..අඩෝ අඩො සෙල්ලමක් නෙමෙ මේක..අයියලා දෙන්නගේ පැත්තෙන් කොහොමද කියන්න දන්නැ ඉතිම්..එත් තමාලයනම් හොදටම ස්ට්‍රෙස් වෙලා මෙ ප්‍රශ්නේ නිසා..උගෙ  වෙනස මට හොදට දැනුනා..බලාගත්ත අතෙ වෙලාවකට බලාගෙන ඉද්දි..තවත් වෙලාවකට ඔනාවටත් වඩා හිනාවුනා..අනිත් අය ඉස්සරහා හිනාවෙලා කතාකරලා හොදින් වගෙ ඉදියට කාමරේ බිත්ති හතරෙ සීමාවට පය ගැහුව ගමන් එයා කඩන් වැටෙනවා..

අන්තිමට මට තමාලයාගෙ චරිතෙ රගදක්වන්න වුනා උගෙ ඇත්තම හිනාව ගේන්න..ඕනැම ප්‍රශ්නෙකට මුහුනදීලා  හිනාවෙලා සතුටෙන් ඉන්න බලන මිනිස්සුත් කඩන්වැටෙන වෙලාවක් එනවා..තමාලයගෙ මෙ වෙනස යසස් අයියට වඩා නුරාග් අයියට හොදටම දැනෙන්න ගත්තා..මන් නැතිවෙලාවල ඒ දෙන්නා හම්බෙලා කතා කරපු අවස්තාත් තියෙන්න ඇතී..ඒකනෙ ඉතිම් තමාල්ට මෙච්චරටම නුරාග් අයියව හිතට වැදුනේ..මන් දන්නෙ ඌ මට කියපුවයි මන් ඉද්දි වුන දේවලුයි විතරයි ඉතිම්..

තමාලයගෙ මූඩ් එක හදන්න ඕනි නිසාමයි අපි අද කතාවෙලා එලියට ආවෙ..සමහර විට නුරාග් අයියා අද තීරනයක් ගනී..එක මොනවගේ තීරනයක් වෙයිද කියලා දන්නෙ තමාල්ම විතරයි..එ දෙන්නට වෙනම ඉන්න දිලා අපි ටිකක් මෙහාට ඇවිල්ලා බිමින් වාඩිවුනා..ආපු ගමන් ඉතිම් වාඩිවුනේ නැහැ..පිස්සා වගේ රැල්ල පාගලා මොන්ඩිසෝරි එකා වගෙ සිප්පිකටු ඇහින්දා..මන් සිප්පි කටු ඇහිදිනකොට මගෙ පස්සෙ  මන් එකතු කරන එව්වා තියාගෙන එයත් ආවා..ආපු වෙලේ ඉදන් කියෙව්වෙ මන් විතරයි..එයා කරන්නෙ අහන් ඉන්න එක..

කලුවර වැටෙනකම්ම එතන ඉදලා අපි ආයෙ එන්න ආවා අර දෙන්නව බලන්න..තමාලයා දැන් අඩලා ඇතිද..නැත්තම් නුරාග් අයියා කම්මුල් පාරක් වගේ කාලා ඇතිද දන්නෑ...අපි යද්දි එ දෙන්නාත් අපෙ පැත්තට ඇවිදන් ආවා..එ හරියෙ තිබුන රෙස්ටුරන්ට් එකට ගියහමයි තමාලයගෙ ඇස් රතුවෙලා තියෙනවා දැක්කේ..

"ඒහ් මොකද වුනේ..කියපන්කෝ.."

"මුකුත් නැ බන්..පස්සෙ කියන්නම්.."

"වස්තූ සීෆුඩ් රයිස් ඕකේද."

"හා අයියේ ඒක හොදයි.."

"මේ එයාලා ගියානෙ..දැන් වත් කියපියකො බන්.."

"අනෙ සප්ත පස්සෙ කියන්නම් බන්..දැන් බැ කිව්වම තේරුම් ගනිම්.."

"හ්ම් හරි හරි ඉතිම්..අනෙ මන්දා උබ කියන්නෙත් නෑ..නුරාග් අයියගේ මූනෙන් කිසි දෙයක් තේරුම් ගන්නත් බෑ.."

මොකක් නමුත් සිද්ද වෙලා..තමාලයා නිකම් ලැජ්ජාවෙන් වගේත් ඉන්නවා..ආයෙ නිකම් දුකෙන් ඉන්නෙ වගේ ලයින් එකකුත් තියෙනවා..ඒකට නුරාග් අයියා..මේ මනුස්සයගෙ මූනෙ හිනාපොදක් නෑ..එවගේම දුකකුත් පේන්න නැ..මුන් දෙන්නා මොනා කරගත්තද මන් දන්නෑ..කෑම ටික ආවට පස්සෙ හැමොම කන්න ගත්තා..තමාලයනම් කෑවට වඩා අතගෑවා..උ කන්නැති එක බලාගෙන ඉදපු නුරාග් අයියා උට දාගෙන රවනවා..උබ කනවද මන් කවන්නද වගේ ලුක් එකක් ඒක..අනෙ ඉතිම් මගෙ මනුස්සයාට ඔය ප්‍රශ්න නෑනෙ..මැරෙන්න ප්‍රශ්න ආවත් කෑවට පස්සෙ ඈ...

මන් නම් හිතුවෙම නුරාග් අයියා බලන් ඉදපු තාලෙට තමාලයගෙ බත් එක උදුරලා අරන් උට කවයි කියලමයි..හැබැයි එහෙම දෙයක් නම් සිද්ද වුනේ නැහැ..අපි තුන්දෙනාම කාලා ඉවර වෙද්දි නුරාග් අයියත් යන්න ලැස්තිවුනා..නිකම් තමාල් වගෙ කෙනෙක් නැ වගේ එයා හැසිරුනේ..ඔන්න ඉතිම් දැන් තමාලයා ඇස් ආයෙ රතු කරගත්තා..මූ කොච්චර චන්ඩි පාට් දැම්මත් නුරාග් අයියා හප් කිව්වත් අඩන එකා..ඌ අත ගගා ඉදපු එක පැත්තකට තියලා මන් එක්කම යන්න ආවා..පිටිපස්සෙ සිට් එකට වෙලා ඌයි මායි ආවම මගේ උරහිසට ඔලුව තියන් නිදාගෙනයි ඌ ආවේ..නුරාග් අයියා කන්නාඩියෙන් හරි තමාලයා දිහා බලයි කියලා හිතුවට ඒ බැලුවෙත් නෑනෙ..මෙ මනුස්සයාට මූව එපාවෙලාවත්ද..

"Thamal  just give me a moment..පොඩ්ඩකට ඉස්සරහා සීට් එකට එන්න..චූටි බබා ඔයාලා ගෙට යන්න.."

කාර් එක ගෙදරට ඇවිත් නවත්තලා අපි බහිද්දි තමාලයට ටිකක් ඉන්න කියලා අපි දෙන්නට නුරාග් අයියා යන්න කිව්වා..
තමාලයත් ඉතිම් සුවච කීකරු දරුවා වගේ ඉස්සරහින් නැග්ගා..මොනා වෙනවද කියන්න දන්නෙ උන් දෙන්නා විතරයී..සුදු අයියාත් එක්කන් මන් ගියා සිරන්තියා බලන්න..

"ආයි ආයි..අපෙ වීනස්නේ මේ..කෝමත පුතුකියෝ..අමො අමො දැගලිල්ල..පූතේ මේන් ඔයාගෙ ලොකු මාමී..කො පුතේ ආච්චී..පුතාගෙ තාත්ති ඉක්මන්ට එයි දගලන්නැතුව ඉන්නොනෙ හරිද.."

"අයියේ..ආන් අර සූප්පු බොතලෙ දෙන්න..මේ වෙලාවට කිරි එකක් දෙනොලු මෙයාට..ආව් ආව්..කො එන්ඩ අපි කිරි බොන්ඩ.."

"ඔම්න පුතේ..උබෙ අම්මා..තාත්තෙක් හොයන් එන්ට ගියා..තාත්තිලා දෙන්නෙක් අතර අම්මා හිර වුනා..මොන කෙලියක් වෙනවද කියලා මේ මාමා දන්නෙ නැති වුනා.........."

"මොනාද වස්තු ඔය කියවන්නෙ.."

"යොහ් අයියේ..එ දෙන්නා මොනාකරගනීද දන්නැනේද..නුරාග් අයියා මුකුත් කිව්වෙ නැද්ද අනේ.."

"ඒ දෙන්නට ඉඩදෙමු වස්තු..බලමු හොද දෙයක් වෙයිනේ.."

"අනේ ඉතිම්  ඒවුනාට..ආ අන්න එනො අන්න එනෝ..පුතේ ආන් අම්මා එනෝව්..."

තමාලයා තරග ඇවිදීමට ගියපු එකා වගෙ ලොකු අඩි තියාගෙන ගේ ඇතුලට දුවගෙන ආවා..ගෙට ආවා..උඩට ගියා..යොහ් මුට මාවයි මෙ ලමයවයි පෙනුනෙ නැද්ද මන් අහන්නෙ..මෙක හරියන්නැ..අයියට ලමයව බලාගන්න දීලා මාත් ආවා උඩට..මෙ යකා ඇදෙ මූන ඔබාගෙන බුදී...

"ඔයී..අඩො..නැගිටපම්.."

"කියන දෙ අහලා නැගිටපම්කො පරයෝ..මොකද වුනේ කියපන්කො..ඕයි මෙ අඩො මටත් කියපම් බන්..උබ හින්දා මාත් දුක්වෙනවා මෙතන.."

"කියනවද නැද්ද ආ..."

"හරි හරි කෑගහන්නෙපා බන්.."

"නැ හරි කො කියපම්කෝ.."

"දැන් උබට මොකක්ද අහගන්න ඔනි.."

"සිද්ද වුන ඔක්කොම..එකක් නෑර කියපන් ආ..නැත්තන් දෙන්නෙ තොට.."

"හරි ඉතිම් ඔන්න බිච් එකෙ වුන ටික උබට කියන්න..අහගනිම්කෝ...

උබලා දෙන්නා ගියානෙ මාව එතන එයා එක්ක තනිකරලා..ඉතිම් අපි බෙන්ච් එකෙ වාඩිවුනේ..අඩො එතන කලුවරයිත් එක්ක..උබලා දෙන්නට තමා එතන සෙට් වුනේ මෙ කපල් නොවන අපිට වැඩක් නැ..හරි ඉතිම් රවන්නෙපා..අහපන්කො ඉතිම්..අපි එහෙම පැයබාගයක් විතර වාඩිවෙලා කතා නොකර මුහුද දිහාම බලන් ඉදියා..පස්සෙ එයා මගෙ අතින් අල්ලලා කතා කරා..අනෙ මන්ද බන් එයා එහෙම අල්ලද්දි මගෙ ඇග ඇතුලේ අර මැනික් ගගෙ මාලු කොටනවා වගේ දැනෙනවා..කොටින්ම එයාගෙ හුස්මක් වදිනකොටත් එහෙමයි..හැබැයි උබට කියන්න යසස් අයියා ගාව එහෙම නෑ..එයා ගාව අර උබ ගාවදි වගේ දැනෙන හෑගිම තමයි ඉතිම් ලොකු දෙයක් දැනෙන්නෙ නැහැ..මට බයයි බන් එයා ලගට එද්දි එහෙම දැනෙන්න ගන්නකොට..එයාම කතා කරා මන් එක්ක..මන් මුකුත් කිව්වෙ නෑ..කියන්න බන් කොටින්ම මගෙ කට ලොක් වෙලා තියෙද්දි වචන පිට වෙයිද..එයා කිව්වා මට ආදරෙයි කියලා..එයා මට ඔය හරියටම ආදරෙයි කියලා කිව්වමයි බන්..ඒක ඇහෙද්දිත් කනෙන් දුම් දානවා වගේ..මුල්ම පාර බන් එයා කිව්වෙ කැමති කියලනේ..ඒකත් කියාගෙන එද්දිම වගෙ මන් මැද්දෙන් පැනල කිව්වා ඔවට ආස නෑ කියලා..ඉතිම් අද මෙහෙම කියද්දි මට දරාගන්න බැරිවුනා..හෙ හෙ මෙ ඉතිම් මට ටිකක් ඇඩුනා බන්..දැන් උබ අහන්නෙ මන් යසස් අයියටත් ලව්ද කියලනේ..ඒක මෙහෙමයි බන්..මට එයා ගාවදී මෙහෙම දැනෙන්නෑ..මන් එයාව දන්නෙ පොඩිකාලෙ ඉදන්මනෙ..ඉතිම් දැකලම හුරුවෙලා නිසාද දන්නැ මට මෙහෙම අමුතු හැගිම් එයාගාවදි දැනෙන්න ගත්තෙ නැ..හැබැයි මන් එයාට කැමතී. එතන මෙ ආදරයක් වගෙ එකක් තියෙනවද කියන්න මන් දන්නැ බන් අවංකෙන්ම..එත් මන් දන්නවා දැන් මන් නුරාග් අයියට ආදරෙයි කියලනම්..එයා කතා කරද්දි මන් මුකුත්ම කියන්න ගියෙ නැ බන්..හුගක් දෙවල් එයා කිව්වා..ඇත්තටම එයා දිගටම  මට ආදරෙයි කියද්දි කදුලු පාලනෙ කරගන්න බැරුව හයියෙන් ඇඩුනා බන්..පස්සෙ එයා මාව පපුවට තුරුල් කරන් ඇතිවෙන්න අඩන්න දුන්නා..අනෙ මට දරාගන්න බැරිවුනා ඔයි..දැනුත් ඇඩෙන්න වගෙ බන්..එයා මට එච්චර ආදරෙයි කියලා මන් හිතුවෙ නෑ..එ වචන වලට මාව දියවුනා බන්..මට ඇතිවෙනකම් එයා අඩන්න දුන්නා බන්..මන් අඩලා ඉවරවුනාම මගෙ කදුලු පිහිදාලා එයා කියාපිය සමාවෙන්න කිටී..මට ඔයාව තේරෙනවා බලෙන් ආදරෙ ඇතිකරන්න බෑ ඔයාට හොදම තැන එතන නම් මන් ඉඩ දෙන්නම් කියලා.. අඩො මාව කරකවලා අතැරියා වගෙ වුනා බන්..මට යසස් අයියට හරි උත්තරයක් දෙන්නත් බැ බන්..මොකද මට නුරාග් අයියව අතාරින්න ලෝභයි..එත් යසස් අයියට තෙරුම් කරලා දෙන්න තෙරෙන්නෑ..උබ දන්නවනෙ බන් එයා හිත ඉක්මන්ට රිද්දගන්න එක්කෙනෙක් කියලා..මට එයා සහෝදරයෙක්ට වඩා කෙනෙක්..එ වුනාට අර නුරාග් අයියගෙ තැන එහෙම දෙන්න බැ..මටම ඒක තෙරුම් ගන්න ටිකක් කල් ගියා බන්.. අරම කියලා එයා මාවත් දාලා උබලා ඉන්න පැත්තට එන්න ගත්තම මාත් පස්සෙන් ගියා තෙරුම් කරලා දෙන්න..කොහෙද ඉතිම් මෙ යකා මාව මගෑරියනෙ ඔයි..සැක් එකෙන් මේකෙන් අර රයිස් එකත් කන්න බැරිවුනා..මන් පට්ට දුකෙන් බන් ඉදියෙ නිකම් අර බන් කට්ටිය කියන්නෙ ලෝකෙම කඩන් වැටුනා වගෙ කියලා අන්න එහෙම දැනෙන්න ගත්තා බන්..අනෙ මන්දා හෙන අවුලෙන් ආවෙ..කොහොමහරි මනුස්සයා මට බහින්න කලින් කතා කරානෙ..එ නැත්තත් මන් බලෙන් කතා කරන්න ඉදියේ..වෙලාවට කතා කරෙ හොදේ.හේ හේ ඉතිම් මෙ ගියාට පස්සෙ බන් එයා මාව ඇදල අරන් බදාගත්තා..එහෙම බදාගෙනම කියෙව්වා..මට සමාවෙන්න බබෝ ඔයාව අමතක කරන්න මට ලේසිවෙන එකක් නැහෑ..ඔයාගෙ අවසර නැතුව ආදරෙ කරපු මට මින් ඉස්සරහටත් ඔයාගෙ අවසර නැතුවම ආදරෙ කරන්න වෙනවා..මට බැ මැනික ඔයාට යන්න දෙන්න..අනෙ මට උබව වෙන එකෙක්ට දෙන්න ලෝභයි..මෙහෙම වෙනවට සමාවෙයන්..මින් ඉදිරියටත් උබට ආදරෙ කරනවා..ඒකටත් මට සමාවෙන්න..යැයි යැයි ගෑවා..මන් අයින් වෙලා තෙරුම් කරන්න හැදුවත් කොහෙද මෙ මිනිහා බදාගෙනම ඉදියනේ..අන්තිමට මට සිද්දවුනා එයාගෙ බෙල්ල හපන්න..හේ හේ එතකොට නම් මාව එහාට කරා කඩියෙක් සුලගිල්ලට විද්දා වගෙ..හැබැයි  ඉතිම් බන් එතනින් එහාට මට කියන්න මුකුත් කටට ආවෙ නැ හොදේ..ඉතිම් එයා ආයෙ සමාවගත්තා බලෙන් ඇල්ලුවා කියලා..ඉතිම් මට මල පැන්නා බන් ඉතිම් මේ හේ හේ..ඉතිම් මෙ උබට කියන්න මචන් මේකයි එතනින් එහාට ඕනිත් නැ වගෙ හැබැයි මෙ නොකියත් බැනෙ ඔයී........."

"මොකද මොකද හොදම හරිය යකො..අවසානෙ කියපන්..අඩෝ.."

"ඒක එච්චර වැඩක් නැ බන් මන් කියන්නෙ..හැබැයි ඉතිම් උබට කියන්නම්..හෙ හෙ මට ඉතිම් ටිකක් කෙන්ති ගියා..ඇයි බන් ඉතිම් මෙ මිනිහා කියන්න දුන්නෙත් නැ ලබ්බක් හිතාගෙන සමාව ගන්නවයි විකාරනෙ..හෙ හෙ ඉතිම් මට මලපැනපු පාර මේ බන් මන් කොහොම ගියාද මන්දා බන් ඉතිම් මෙ මන් එයාගෙ උබට කියන්න බන් ඉතිම් මන් එකපාරට එයාගෙ ඔඩොක්කුවට ගිහිම් සමාවෙන්න කියලා කියව කියව ඉදපු ඒ  කට හැපුවා..හේ හේ මෙ වරදවා හිතන්න එපා බන්..ඒක මෙ හැපුවා විතරයි..කිස් කරෙ නැ හොදේ..මට පිස්සු නැ එහෙම කරන්න..ඉතිම් හැපුවට පස්සෙ මනුස්සයා ඇස් ගෙඩි දෙක පොල් බෑ දෙකක් වගේ ලොකු කරන් බලාගෙන ඉදියා..එහෙම ඉදලා බබා ආර්යූ සුවර්..ඔයා කරපු දේ දැනගෙනද කරේ කියලා කැඩිච්ච සින්හලෙන් කියවන් ගියාම මන් ආයෙ හැපුවා බන් ඉතිම් ඔච්චරටම කියවන්න දෙන්න බෑනෙ බන් මන් අහන්නෙ..හේ හේ..එතනින් එහාට ඉතින් මේ..දන්නැද්ද බන් එයාමේ..මාව ඇදලා අරන් ආපිට කිස් කරා ඉතිම්..හෙ හෙ ඉතිම් එච්චරයි..මිනිහට තේරුම් ගන්න බැරි නැනෙ..එ වුනාට ආයෙ අහාපි මෙ මිනිහා ආදරෙයි කියලා ඉතිම් මන් වචනයක්වත් කිව්වෙ නැ හොදද ඔලුව වැනුවා විතරයි හොදේ..හෙ හේ.."

"අඩෝ අඩෝ...එච්චර දෙයක් වුනාද..උබත් මාරයි අඅ..දැන් එතකොට උබලා සෙට්නේ..හින්බිජ්ජා වගේ ඉදලා නුරාග්ට ලව් කරා මටත්  නොකියා..අනෙ අනේ..දුක් නොවි ඉදින් අපි යසස් අයියට හොද එකෙක් හොයලා දෙමූ බන්.."

"යොහ් ලැජ්ජයි ම්හුක්..මන් දැන් බෝයිපෙන් කෙනෙක්ද අලෝ..මට තෙරෙන්නැ ඉතිම් ඔව්වා...මන් තාම පොඩී බන්.."

"අනෙ උබේ පොඩි..උබෙ ලමයා ආන් අර පල්ලෙහා..උබට ලමයාගැනවත් සිහියක් නැ  මිනිහා ආවම..ලමයා එපානම් මට දියම්.."

"ආ උබ එහෙමද ආස..පිස්සුද ඒයි මන් වෙනස් කම් කරනවද මගෙ සංකදට..මගේ පන ටිකනෙ ඒ..යන් යන් මගෙ පුතේ උබේ අම්මා එනෝ.."

"ආ එක නෙමෙ බන් මේ..හේ හේ..අපි කඩේදි කද්දි එයා මන් දිහා බැලුවෙවත් නැනෙ බන්..ඉතිම් බන් මන් එයාට කකුලෙන් ඇන්නා..හේ හේ..බොට කියන්න මේයකා මට රැව්වෙනැතෑ හොදවැයින්..හිතුවෙ නැ හැබැයි.."

"රවන එක නම් මාත් දැක්කා..අනෙ මන්දා බන් උබ තමා දවසකට හරි මිනිහා වරෙන් යන්න.."

අනෙ ඇත්තමයි..මූවගේ මෝඩ මීහරකෙක්..මන් මූව අහසටත් සම කරානේ..අන්තිමට අහසට ඉර විතරයි ඕනි වෙලා තින්නෙ..හද නැතුව අවුලක් නෑ වගේ දැන් නම්..අපි පල්ලෙහාට යද්දි නුරාග් අයියා පුතුකියව තියන් නලවනවා..තමාලයා එනවා දැක්කා විතරයි බලන්නෙපැ ඒ මූනේ සිරියාව..අම්මො අම්මො හිනාව කන ගාව..



කොහොමහරි අවසානෙදි එ ප්‍රශ්නෙත් ඉවරයි..ඒවුනාට ඉතිම් යසස් අයියා පව්..එයානම් තමාල්ගෙ මෙ තිරනෙ ගැන මුකුත් කියන්නැතිවෙයි..එත් එයා හරියට දුක් වෙයි..සුදු අයියා කියපු විදියට යසස් අයියා අපෙ එකාට පොඩි කාලෙ ඉදලම කැමැත්තෙන් ඉදල තියෙන්නෙ..අනෙ මන්දා එයා කොහොම දරාගනීද කියන්න නම්..එයා හරි අහිංසකයිනේ..ඉක්මන්ට හිත රිද්දගන්න මනුස්සයෙක්..මන් එයාට කැමැත්තෙන් ඉදපු ටික කාලෙට මට එයාව තෙරුනා..මට තමාලයගෙ තීරනෙ ගැන කිසි වැරැද්දක් කියන්න බැහැ..මොකද ඉතිම් ඒකා කරේ හිතට ඉඩදීපු එකනේ..












අදින් පස්සෙ සුදු අයියා ස්කෝලේ එන්නෙ නැතිවෙයි..අනෙ ඉතිම්  එතකොට මට පාලු හිතෙයිනේ.අපි දෙන්නා යාලුවෙලා මාස හතරකුත් වෙන්න එනවා..ලබන මාසෙ අයියගේ එක්සෑම්..කාලය පුදුම තරම් ඉක්මනින් ගෙවිලා ගියෙ අපිට හිතාගන්නවත් බැරි විදියට..ඔය අතරෙ සිද්ද වෙච්ච තව දෙයක් තමයි අපෙ විශාලයයි ශ්‍රීදරයයී පවුලක් වුන එක..මුන් ඔක්කොම කොලේ වහලනේ ලව් කරන්නෙ..එහෙන් අර කපුටු ජෝඩුව..තමාලයනම් කොයිවෙලෙත් අර මනුස්සයව කන්න හදනවා..අනෙ ඉතිම් නුරාග් අයියා හැමදාම ඌව බලන්න එද්දි අඩුම තරමේ චොක්ලට් එකක් හරි අරන් එනවලූ..නැත්තම් ඉතිම් දවසෙම ඒක මතක් කරලා බනිනවලූ මූ..අනෙ මන්දා මෙ යන විදියට තමාලයා ටොප් වෙලා නුරාග් අයියට බොටමා වෙන්න වෙයිදත් කියලා සැකයි..හැබැයි තමාලයා බොටමා වුනත් පවර්ෆුල් බොටමෙක් වෙයි..මූ බලෙන්ම කිස් කරවගන්නවා කියලා මට ලැජ්ජ නැතුව කියනවා..මන් එක්කො රෙදි ටික අරන් තමාලයගෙ ගෙදරම නවතිනවා..අපෙ අම්මලා කොයිවෙලේ බැලුවත් ගෙදර නෑ..කිරි අත්තාගෙ අන්තිම කාලෙනෙ..ලගට වෙලා ආවතේව කරන්න ඕනි කියලා සතියට දවස් දෙකක් යනෝමයි

හැබැයි මෙදාපාර මාවත් එක්කන් එන්න කියලා කිරි අත්තා කියලා..අද ඉතිම් ගෙදර ගිහිල්ලා යන්න ඕනී....හවසට තමාලයව ගන්න උගෙ ඩැඩියා එනවයි කියලා කියපු හින්දා බස් වල තෙරෙපිලා යන්න ඕනෙත් නැ..එ වුනාට අයියා ආවෙ නෑ කියලා තමාලයා පරල වෙන්න හදනවා..

"බලපන්කො ඕයි මෙ මිනිහා තාම නැනෙ බන්..බලපම් දැන් වෙලාව කීයද කියලා..මන් කට කැඩෙනකම් කිව්වා 1.30 වෙද්දි මෙතනට එන්න කියලා..ආ දැන් බලපම් වෙලාව කීයද කියලා 1.32 යිනේ..වෙලාවට වැඩක් කරන්නෙම නෑනෙ.."

"ඉතිම් යකො විනාඩි දෙකනෙ පරක්කු..මැරෙන්නැතුව ඉදපම් තාම සූදු අයියත් එලියට ආවෙ නෑ.."

"සුදු අයියා එනකම් ඉන්න බැරියෑ ..එත් මෙ මිනිහා කිව්ව වෙලාවට ආවනම් අර විශාලයට පෙන්නනොනෙ..කොහෙද ඌ අද කින්ඩියක් දැම්මනේ..අම්මපා මෙ මිනිහා එක්ක මේවට තමයි මට නගින්නෙ.."

"ආන් එනවා නැගපුව බස්ස ගනිම්.."

අද ඉවරයි අයියේ ඔයා..එත් මෙ සූදු අයියා පේන්න නැහැනේ..යසස් අයියානම් එලියටත් ආවා..නුරාග් අයියා ආවා විතරයි තමාලයා ඇගට කඩන් පැනලා බැනගෙන බැනගෙන ගියා..අනෙ ඉතිම් මූව බදින පොඩි අයියට සම්මා සම්බුදු සරනයී...

"වස්තූ.."

"අයියේ..කොහෙද ඉදියෙ..මන් බැලුවා ඒත් කොහෙද කියලා.."

"ඔෆිස් එකට ගියා වස්තු..අදින් පස්සෙ වැඩිය එවෙන්නෑනෙ..අයියා ආවනෙ යන්.."

"ආ අයියේ මේ..මන් අද ගමේ යනවා අම්මලා එක්ක..කිරි අත්තට මාව බලන්න ඕනිලූ..හෙට තමා ආයෙ එන්න වෙන්නෙ.."

"ඔයා නැතිවුනාම මට පාලු හිතෙයි වස්තුවේ.."

"අනෙ අයියේ..මන් කෝල් කරනවනෙ ඉතිම්..."

"ම්ම්ම් කෝ යන් වාහනේට නගින්න.."

___________
හෙලොව්....❤️😌

මන් ආවා😌❤️

හෙට එහෙනම් ගමේ යන් ලමයි..🌝

chapter 30න් ඉවර කරනවයි කියලා හිතුව කතාවෙ අද චැපිය විසි නමය කියලා දැක්කාම

හේ හේ අවසන් කොටසින් එන්නම්......


නැ නැ විහිලුවක් කරේ..තා තියේ😫...

එන්නම්.🌝

ආදරෙයි හැමෝටම😌❤️

_Gojo_

Continue Reading

You'll Also Like

426K 23.8K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
25.1K 2.3K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻
1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
3M 193K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...