දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

88.6K 8.8K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 19

1.8K 194 33
By Gojo_Nj9119

"බේසිකයා. ඇත්ත කියපම්..උබ කැමතී කියපු එකා යසස් අයියද.."

"ඇයි උබ එහෙම අහන්නෙ.."

"එහෙම අහන්නෙ හේතුවක් ඇතුව..උබ මට මෙතන කෙපර බාන්න ඇවිත් පපරේ නටාගන්න ලෑස්තිවෙන්නෙපා හරිද..මන් මෙ ෆුල් සීරියස් අහන්නෙ..

"ම්ම්ම් එක තමයි ඇත්ත..උබට කියන්න තමා ඉදියේ..දැන් ඉතිම් උබම දැනගත්තනේ.."

"යැයි යැයි තමා..අනෙ ගොනෝ  උබෙ ඔය පොට්ටකන හොදට සුද්දකරලා අහගනිම් හරිද..මන් දන්න තරමින් යසස් අයිය කැමති කෙනෙක් ඉන්නවලු..දැන් අහන්නෙපා කවුද කියලා මොකද ඒක කිව්ව මනුස්සයත් මට එ කවුද කියලා කියන්න ගියේ නැ..ඉතිම් උබ ඔය යන්නෙ මිරිගුවක් පස්සෙ..අච්චර උබට ආදරෙ කරන මනුස්සයෙක් ඉන්නැද්දි වෙන එකෙක්ට ලව් කරන මනුස්සයෙක් පස්සෙ ගිහින් හිත් රිදව ගන්න එපා..මන් දැක්කනේ දැන් ටිකකට කලින් වුන දේ..එ මනුස්සයා ඉදපු මූඩ් එකත් චොර වුනා උබේ මෝඩ වැඩවලින්..ඔය මැටි මොලේට මේක හොදට දාගනිම් හරිද..උබ ආදරෙ කරන එකාව ලංකරගන්න හදන්නැතුව උබට ආදරෙ කරන එකෙක් ලංකරගන්න බලපම්..ඔහොම ගියොත් මේකෙ අවසානෙ දෙන්නටම දුකක්..මීට වඩා මන් කියවන්නැ..වරෙන් යන්න..අනුවන හුප්තා.."

ගේට්ටුවෙන් ඇතුලට එද්දිම පේන්න තියෙන බිල්ඩින් එකේ තුන්වෙනි තට්ටුවෙ කෙලවරම ජනේලේ අද පාලුවට ගිහිම්..වෙන්දට එතන ඉදන් ගෙට්ටුව දිහා බලාන ඉන්න එයා අද නැහැ..තමාලයා කිව්ව කතාව ඇත්තක්නම්..මෙච්චර කාලෙකට මන් ගිහින් තියෙන්නෙ මිරිගුවක් පස්සෙන්..මෙතන සම්පූර්න වැරැද්ද මගෙ විතරයි..මොකද මමයි මෙතන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව බලාපොරොත්තු තියාගත්තේ..මන් එයාට රිද්දුවා..දැන් ඉතිම් මොනවා කරන්නද ගිය කාලෙ ඇත්තු ලව්වාවත් අද්දගන්න බැරිකොට.......

උදේ ඉදන් මීට් එකේ වැඩ කන්දට යටවෙලා නිදහසේ හුස්මක් ගන්නවත් බැරිවුනා..පැයගානක් සහතික වල නම් ලියලා අතක් ගෙන්න වෙලා තියෙන්නෙ..විශාලයා විතරක් මන් ගාව ඉද්දි අනිත් හැමෝම එක එක වැඩ වලට හිරවුණා..අන්තිමට හවුස් හදන වැඩෙ විතරක් ඉතිරි වෙලා දෙයියනේ කියලා අනිත් වැඩ ඔක්කොම ඉවරයක් කරගත්තා..

ඊයෙ කනුටික ගහලා හදාගත්ත හින්දා  අමාරුම වැඩ ටික අදට ඉතිරි වුනා..එක නිවාසයක් පිරමීඩයක් ගහනවා කියලා රහස් මාර්ගවලින් දැනගන්න පුලුවන් වුනා..අපි ගහනවා මෙඩූසා..අපිට අල්ලපු නිවාසෙ නැවක්ලු..ම්ම්ම්ම්..තමාලයයි ද්වි අයියයි ටයිටැනික් ජවනිකාවක් රගදක්වයි වගේ..ග්‍රවුන්ඩ් එකට ආව වෙලෙ ඉදම් මිනිහා එයා එක්ක..වරෙම්කො උබ සත්තරනේ ගාගෙන..අන්තිමට උබට ඌව ලොකුවෙලා මාව කපලා දැම්ම්මා නෙහ්..

"අඩෝ සප්තරනේ..මයෙ දෙයියා මේ උබ අද රෑවෙනකම් ඉන්න නේද..අවුලක් නෑ අපිට ප්‍රවාහනේ සපයන්න කෙනෙක් ඉදිරිපත් වුනා..මේ හවසට කන්න හොද මොනාද කියල අපෙන් අදහස් ගන්නවා..වරෙම්කො වුට්ටා පැටියා රවන්නැතුව ලගට.."

"මොකද උබ ඒපාර..ඔව් ඔව් ඉතිම් මේ වැඩ ඉවර වෙනකම් ඉන්න එපැයි..දැන් ඒ ගමන කන්න උයනවද..ඇයි කඩේකින් අරන් දෙන්න බැරි තරමටම හිගන්නො වෙලාද.."

"ස්ස් ස්ස් කට කට..ඇහුනොත් එහෙම කොස් පලුවත් නෑ අන්තිමට..කඩෙන් කන්න ඕන්නැ කිව්ව බන් බොරුවට..මෙ හවුස්වල වැඩ ගොඩක් නැහැනෙ බන්..ඉක්මන්ට ඉවර කරන අයට කිව්වා කැන්ටිමෙන් ලොකු හැලියක් ගෙනල්ලා කොස් තම්බගමූ කියලා..අර බලපම් අර ගහේ කොස් ටික..ම්ම්ම්ම්ම් අදීශ අයියගෙ අම්මා කොච්චි සම්බෝලයක් හදන් එන්නම් කිව්වෙ.ම්ම්ම් කොච්චි සම්බෝල එක්ක උනුවෙන් කොස් කද්දි..ආඅහ් කෙල උනනවා ඔයි මතක් වෙද්දිත්.."

"අඩො එකත් පට්ට නේහ්..මරු ආතල් එක..එක නෙමෙ කොස් සුද්දකරන්න්නත් එපැයි ඉතිම් නේහ්.."

"ආයෙ ඉතිම් ඔව්වා මොනාද ඒයි..කොස් සුද්දකරලා අවුරුදු පහලවක පලපුරුද්දක් තියනවා මට..ජන්ගියා කාලෙ ඉදන් කොස් සුද්ද කරේ මන්..පුහ්.."

"හරි එහෙනම් ඉක්මන්ට ඉවර කරගන්න බලමු මේ ටික.."

"යසස් අයියේ මේ අන්තිම එක ගැටගහන්න ලනු මදි වුනානෙ..ආයෙ තකහනියක් කඩේ යන්න වෙයිද.."

"ආ එහෙම ඕන වෙන එකක් නෑ..යෂ්ලගෙන් එකක් ඉල්ලගන්න..එයාලා දෙයි.."

"ආ හරි..
ඒ තමාල් මේ..ඔය ඔතන ලනුව වැඩක් නැති එකක් වගේ නේද..මෙහෙට දියන්කෝ.."

"ආ මොකද්ද...උබ ලනුවක් උනොත් ඒකෙන් හරක් බදිනවද..ආ ඔව් ඔව් බයවෙන්නෙපා.. උබ ලනුවක් උනොත් මන් අරගෙන කසාදම බදිනවා.."

"අනේ වු"කාගන්නැතුව ලනුව දීපම්.."

"ආ ලනුවද..මේ මේ සද්දෙ දාන් එන්නෙපා..ලොක්කගෙන් අහන්නොනේ මොනාකරන්නත් හරිත..ඉහලින් අවසර ගන්නකම් ඉදින්.."

"අනේ තොපෙ ලනුව තියන් ඉදගනිම්..මට එපා.."

"යොහ් යොහ් විහිලුවක්නෙ කරෙ..ආ ඉතිම් එකට දෙකක්ම.."

"දෙකක් මොකටද..එකක් ඇති.."

"එකක් සමන්තට ..ඔන්න ඕක අරන් පලයම්.."

මෙඩූසාගෙ මූන ගහන එක තමයි ලොකුම වැඩෙ..ඒක තමා අමාරුම වැඩකට තිබ්බේ..වටෙට තියන්න ඕන නයිපෙන ටික තිබ්බම ගතියට එයි හැබැයි...කෑලි මදි වෙලා වේලෙනකම් බලන් ඉන්න වුනේ නැත්තම් මෙලහකටත් වැඩේ ඉවරයි..තව ටිකෙන් මෙඩූසට නහයක් නැති වෙනවා...

ඇතියන්තම් ඒ වැඩෙත් ඉවරයි..දැන් ඉතිම් හෙට මෙතන පිරෙන්න ඉදියි නයිට්වරුයි, සීසර්ලයි ,පාරාවො රජ්ජුරුවොයි.. ම්ම් මරුවට තියෙයි...

"අඩෝ අඩෝ මෙඩූසා ගතියට ආවා නෙ..එක නෙමෙ උබද දැන් හෙට මෙඩූසට අදින්නෙ..ම්ම් කොමද පෙනටික වටේම ආවම ලස්සන..ආව් ආව් ආව් ආව් ආව්.."

"මන් කියන්නැ තොට මෙඩූසා..දැන් උබලැ ටයිටැනික් ඉවරද..ආ උබද  දැන් රෝස්.."

"ඔව් ඔව් මන් රෝස් වෙලා ද්වී අයියට ජැක් වෙන්න කිව්වා..පව් ඉතිම් ඒ අසරනයගෙ රෝස මලෙ කටු විස වැඩි වුන එකේ මන් වත් රෝස් වෙන්න කියලා බැලුවේ.."

"ආ එව්ව හොද වැඩ..එ වුනාට මෑන් තාම මන් දිහා හරියට බැලුවෙවත් නැ බන් උදෙන් පස්සෙ.."

"බලන්න පුලුවන් වැඩක්ද උබ කරෙ..දැන් කමන්නැ වරෙන් යන්න ආන් අරහේ කොස් කඩන් ඇවිල්ලා.."

උදේ සිද්දියෙන් පස්සෙ එයා එකපාරක්වත් මන් එක්ක කතා කරන්න ආවෙ නැ..කතාකරන්න තියා හරියට මූනවත් බලාගන්න හම්බුන්නැ..මාත් ඉතිම් අමු ගවයා වුනානෙ..අපි යද්දි අදීශ අයියලා ද්වීනාශ් අයියලා කොස් කඩන් ඇවිල්ලා බිම තියන් සුද්ද කරන්න හදනවා..ශ්‍රීදරයා එ අස්සෙන් ග්ලවුස් දෙකක් දාන් කොස් පලු ගලවනවා..එව්ව් අපේ පුයර බබා..

" සප්ත මල්ලි..දනගහලා මෙ කොස් ගෙඩිය දික් කරලායි මේ කියන්නෙ...මන් ඔයාට ආදරෙයි.."

මුන්ටත් ඉතිම් ආතල් ගන්න මාවම තමයි පේන්නෙ..ද්වීනාශ් අයියා පොරවෙන් කොස් ගෙඩිය දෙකට පැලුවෙ මාව දෙකට පලනො හිතාගෙනද දන්නෙත් නැහැ..අම්මොහ්  බයෙත් බැ දැන් නම්..

"තැන්ක්ස් අයියා.."

"අප්පො මල්ලි මන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වුනානෙ.."

"තැන්ක්‍යූ වෙරි මච්..හරිනෙ දැන්.."

"උබලා එක්ක පුලුවන් ජෝක් කරන්න..මෙන්න මෙහෙ වරෙන් සුද්ද කරපියව් මේ ටික..තමාල් මල්ලිටනම් මේවා කජු කනවා වගේ ඇති.."

"නෑ අයියේ කොස් කනවා වගෙව්..කො ශිදරින්ග් ඔය තෙල් බෝතලේ ලන් කරපිය..මෙව්වත් වැඩද මල්ලි ආයෙ..ඔන්න එහෙනම් අල්ලන්න තාලෙට

"කොහොලා නසා...
කොහොලා හුවා..
කොස් පලුදෙකේ...
මදුලු ගැලෙව්වා...

පොඩි කෑලි වලට කප දමා..
ගානටම වතුරත් දමා..
ලුනු කුඩුත් ගානට ඉහා..
ගිනි තිබ්බ්බාආආආආආඅ..."

" අඩෝ මල්ලි ඒක තමා දවසේ ගීතය..හොදට කොස් කපලා හුරුයිනේහ්..ම්ම් අනාගතේට හොදයි.."

"ආආ මොකො අයියා මාව බදින්නද.."

"බුදුඅම්මො මට නම් එපා..නැ ඉතිම් මේ මෙතන ඉන්න කාගෙ හරි අනාගතේද දන්නැනෙ සුභ වෙන්නෙ..නෙද යෂෝ.."

"මල්ලිලට ඉන්න දිපම් අදීල්..මේ අභි මල්ලියො රුචිරා මිස් මුට්ටියක් දෙන්නම් කිව්වා ආන් ඒක අරන් එන්න පුලුවන් නේද ටක්ගාලා.."

"ආ හරි අයියේ..මන් ඉක්මන්ට එන්නම්.."

" ආ පරිස්සමෙන් ටිකක් ලොකු එකක් ගේන්න හොදෙ බලලම.."

කවදා තම්බපු කොස්ද..ස්කූල් ඉවරවෙලා හින්දා දොලහා දහතුන ඇරුනම මේ වෙලාවට මොකෙක්වත් නැහැ..තනියටවත් කාවහරි එක්ක  එන්න තිබ්බා හැබැයි..පාලුවට ගිහින් වගේනෙ..එ අස්සෙන් පූසොත් කෑගහනවා..හැමදේටම බයවෙලා බෑ සප්තයෝ...හිත හයිය කරන් යන්..උබට පුලුවාන්..ඔහොම යන් ඔහොම යන්..
යනවට වඩා මම දුවනවා..අම්මො..මහලොකුවට ගේන්නම් කිව්වට දැන් නම් පන බයයි..
තව ටිකයි තියෙන්නෙ..දැන් ලගායි ඔන්න ආවා මෙන්න ආවා වගේ දුර..තව ටිකායි ඔන්න් ආඅර්හ්

"ක්බෙර්ගනිඕකෞඋව්ව්ජ්ජ්ක්ක්දත්තෙ.."

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්..කෑගහන්න එපා..ඇයි මේ ගාලකඩාගත්තා වගේ දුවන්නෙ ම්ම්ම් .."

".ආර්හ්හ් අයියෙහ්හ් ඔයා..මන් හිතුවෙ.ආහ්....ම්මන් බය වුනානෙ..අනෙ ඔහොම බය කරන්න එපානෙ..හුම්.."

"ඒහ් අඩන්නද හදන්නෙ..මන් බය කරන්න හිතුවෙ නැහැ..කො මේ බලන්න..අප්පු ලොකු බබ්බු අඩන්නැනේ..නොදරු පැංචෙක්වගේ..ඔය හොටුත් ඇවිල්ලා..හික්කෙයියා.."

පන කඩාගෙන දුවන් ඇවිත් ගෘහවිද්‍යා කාමරේ පේන්න ඔන්න මෙන්න තියෙද්දිම වගේ පිටිපස්සෙන් ඇදලා අරන් ඇගට හේත්තු කරගත්තෙ එයා වුනත් එකපාරට වුන දේ හින්දා බයටම ඇඩෙන්න ගත්තා..ඔලුබක්කා බයකරවලා දැන් මෙතන අඩන්න එපාලු..ම්හුක් නරකයා..සිකෙයියා  ඇඩෙනොනෙ අප්පා..අහ් කදුලු නවතින්නෑ..සැක්

"ඉවරද අඩලා..මගේ ශර්ට් එක දැන් ලුනු රස ඇති..ටිකක් බය වුනාට කමක් නැහැ..මන් අල්ලගන්නත් එක්කමනෙ ඉදියේ..ම්ම්ම් දැන් කියන්න බලන්න..කො ඉතිම් මූන උස්සන්න..තාම කදුලු එනවා..උල්පතක්නේ මේ ඇස් ම්ම්..මට කියන්න..මන් මෙහෙම ලංවෙනවට ඔයා කැමති නැද්ද.. හරි උත්තරයක් මට දෙන්න..මෙහෙම ලංකරගන්නවට ඔයා අකමැතිද.."

එයා අහනවා මෙහෙම ලන්වෙන එකට මන් අකමැතිද කියලා..ඒක මන්වත් හරියට තාම දන්නෑ..ඉතිම් කොහොමද හරියට උත්තරයක් දෙන්නේ..ඔයා ලග ඉන්නවට වඩා ලග නැති වුනාම මන් ඔයා ගැන හිතනවා..ලග ඉද්දි මට කිසිදෙයක් හිතෙන්නෙ නැහැ..ඇතුවත් බෑ නැතුවත් බෑ වගේද මන්දා..තමාල් කිව්වත් වගේ මිරිගුවක් පස්සෙ ගිහිලත් වැඩක් නැහැ..එත් එකපාර උත්තරයක් දෙන්නත් හිතෙන්නැහැ..

"......."

"ඔහොම නිහඩවෙලා හරියන්නැ..මට උත්තරයක් දෙන්න..හරි හැබැයි ඔයාගෙ නිහඩබවෙන් මන් මෙහෙම ලංවෙනවට කැමතී කියලා මන් හිතාගන්නවා..ම්ම් හරිද..කො ඉතිම්..එහෙනම් මන් එහෙම හිතාගන්නද..ම්ම්ම්...ඔන්න හිතුවා..හරි එහෙනම්..අදින් පස්සෙ ඔයාට මගෙන් ඈත්වෙන්න ලේසියෙන් ඉඩදෙන්නැහ් මන්.."

මගෙන් උත්තරයක් නැතිම තැන මන් නිහඩවෙ ඉන්න එකෙ එයාට ලංවෙනවට කැමතී කියලා හිතාගන්නවා කියලා කියපු එයා මගෙ කනගාවට ලංවෙලා අදින් පස්සෙ එයාගෙන් ඈත්වෙන්න ඉඩදෙන්නෑ කියලා හිමීට මුමුනලා මගේ නලලෙන් ඒ නලල තියාගෙන ඉදියා..හිමීට එයාගෙ නහය මගේ නහයේ වද්දන ගමන් ඒ තොල් වලින් මගේ තොල් අල්ලගත්තා..මගේ ඔලුව පිටිපස්සෙන් අත තියාගෙන එයාගාවට තව ලන්කරගන්න ගමන් කලින් වතාවල්  වලට වඩා වැඩි ආවේගෙකින් සිපගත්තා..

"ආහ්..අ.අ.අයියේහ්.."
"ආහ්..ඒහෙම ඒ..එපා.."
"ආඅම් අනෙ කන ආහ් එහෙම අල්ලන්න එපා..ආර්ග්හ්...."

තොල් තදින් තෙරපන ගමන් සිපගත්තු එයා මගෙ කන අල්ලගෙන තදින් මිරිකද්දි සිපගැනීමට වඩා ලොකු වින්දනයක් දැනෙන්න ගත්තා..කන ලාවට මිරිකලා ආයෙත් තදින් මිරිකන ගමන් තොල් වල සෙල්ලම් කරද්දි මගෙ කකුල් පන නැතිවේගෙන යනවා මට දැනුනා..කලින් පාර වගේම යටිතොල දත් වලින් හපලා ඇදගෙන ඉදලා අතෑරියේ තොල ගලවල ගන්නවා කියලා හිතාගෙනද කොහෙ..තොල් අතෑරලා මගේ නලල සිපගත්තු එයා එයාගෙ නලලත් තියාගෙන හති ඇරියා..

"එතන හුගක් සෙන්සිටිව්නෙහ්...ම්ම්ම් මන් ඒකට කැමතී..උදේ කරපු දේට දඩුවමක් දෙන්නත් එපැයි..හරිනේ එහෙනම්..ආයෙ වැරදි කරලා අහුවුනොත්  දඩුවම මීට වඩා සැරවෙයි..කෝ එන්න මුහුන පිහිදන්න..දාඩියත් දාලනෙ..හරි මෙතනට වෙලා ඉන්න මන් අරක උස්සන්  එන්නම්.."

මෙච්චර හොදට කතාකරන්න කොහොම ඉගෙන ගත්තද දන්නැ මේ මනුස්සයා නම්..ගල් ගිලලා වගේනෙ ඉස්සර ඉදියේ..එ මදිවට රවනවයි ගස්සනවයි..ආර්හ්හ් ඒ වුනාට ඔහොම හිතුන හිතුන වෙලාවට කිස් කරන්න බැහැනේ..සම්බන්දෙකට හා කිව්වෙ නැහැනේ තාම ම්හුක්..මාර දඩුවම් එයාගෙත්..තාම තොලත් දැවිල්ලයි..කනෙන් නිකම් දුම් දානවා වගේ..

සිරිලන්කන් බාහුබලීනේ..මුට්ටියත් උස්සගෙන එන්නෙ අර..එවුනාට හැන්ඩියෙක් අප්පා..ඒකත් උස්සන් ඇවිල්ලා තනි අතෙන් අල්ලගෙන අනිත් අතෙන් මගෙ අතත් අල්ලන් මාවත් එක්කරගෙනම ග්‍රවුන්ඩ් එකට ගියා..කට්ටිය ඉන්න තැනට ලංවෙද්දිම වගෙ මගේ අතේ පිට අල්ලට කිස් එකක් දීලා අත ටිකක් මිරිකලා අතෑරියා..ආහ් මෙ මනුස්සයා මාව පිස්සු වට්ටනවා...

"අම්මොහ්හ්..හූස්ස් ආඅහ්හ්.සැරයි යකෝ..දැන් මෙහෙම කෑවා වගෙ නෙමෙ පුතුකියෝ..කාපුවා යද්දි පස්ස දැවිල්ලගත්තම තමා තරු පෙනෙන්නෙ ආ.."

"මොනාද ඔයි කනකොට කියවන්නෙ..අපි කිව්වද උබට සැර කන්න කියලා ආ.."

"ආ කන්න හොදයි රෙන එක කියවන්න හොද නෑ..අනෙ නිකම් පලැම්බන් යන්න..හූස්..ආඅහ් ඒ වුනාට සැරයි බන්..නහයත් බුරුල් වෙලා වගේ.."

"වෙන මුකුත් බුරුල් වුනේ නැද්ද උබෙ..මෙ ඉක්මන්ට කාපන් දැන් යන්නෙ කොහොමද බලපම් හතත් පහු.."

"නැ බන් තාම තදයි..දැන්ම ඕවා බුරුල් වෙන්නැහැ ඉතිම්..යන එක ගැන නොහිතා කාපිය උබ..තාම වන්ඩිය ඇවිල්ලා නැ.."

කොඩිත් ඉන්දලා වැඩත් ඉවර වෙලා කොසුත් තම්බලා කාලත් ඉවරයි..දැන් ඉතිම් ගෙදර යන්නයි තියෙන්නෙ..මූමාව මොකක දාගෙන යන්න හදනවද දන්නැහ්..කොරියාවෙන් සුදු වෑන් එකක් ඇවිල්ලා අපි දෙන්නව උස්සන්න හදද්දි කොරියාවෙන් කියලා දැනගත්ත නිසා කැමැත්තෙන්ම නැගලා ගිහින් එහෙට ගිහින් බලද්දි ජන්කුක් වෙනුවට කිම් ජොන්ග් උන් අපිව පිලිගන්න විරිත්තන් බලන් ඉන්නවා දැක්කාම..කෑගහන පූසාගෙ ස්ටිකර්  එක වගේ ඉදියි අපි එතන..

"යොහ් මනමේ..ඔන්න උබේ වැදි රජුගේ වන්ඩිය ආවා..නැගපම් ඉතිම් බලන් ඉන්නැතුව.."

"මොකක් කාගේ කිව්වා..උබට අමුකැවිලද වුට්ටො.."

"නැ නැ තාම මූකුත් කැවුන්නෑ කෝ උබ පිටිපස්සෙම් නැගපාම්..ඩයිවර් අයියා එක්ක ටෝක් එකක් තියෙනවා මන් නගින්නෙ ඉස්සරහින්..කො ඉතිම් ඇතුලට පල.."

සුදු වෑන් එකක් බලාපොරොත්තුවෙන් ඉදපු අපි ඉස්සරහින් කලුපාට බෙන්ස් එකක් ඇවිල්ලා නතර කරහම තමාලයා ගිහින් පිටිපස්සෙ දොර ඇරලා මට නගින්න කියලා කතාකරද්දි මාව එකපාරය කන්ෆියුස් උන්ගා බුන්ගා වුනා..මේක එතකොට කලවැදිස්ගෙද..තමාලයා ඇරන් ඉදපු දොරෙන් ඇතුලට යද්දිම ඇතුලේන් අතක් ඇවිල්ලා මාව ඇදලා ගත්තා..දොර වහලා දාපු තමාලයා උගේ වාහනේ වගේ ඉස්සරහා දොර ඇරන් වාඩිවෙලා ඩයිවර්ටත් මොනාද මන්දා කිය කිය හිනාවුනා..

ඇදපු පාර මන් එයාගේ ඔඩොක්කුවෙ..එතනින් අයින් වෙන්න හදද්දි ඉනවටෙන් අත්දාලා හරියට වාඩිකරවගෙන යන්න බැරිවෙන්න හිරකරගත්තා...

"ම්ම්ම් ඔයාගාව සුවදයි..ස්ට්‍රොබෙරි නේද..කන්න හිතෙනවා..උදෙ ඉදන් වැඩකරලත් ඒ සුවද ගිහින් නෑනෙහ්..ම්ම්"

උදෙ ගාපු එක දැන් තියෙනවනම් බැරියෑ ඉතිම්..යන්න කලින් මූන හෝදලා සෙන්ට්  ටිකක් ගාගත්තා කියලා මෙයා දන්න එකක්යැ..අනික ඒක චෙරි එකක්..මගෙ දාඩිය ගද මික්ස් වෙලා තවත් ඇබුල් සුවදක් එනවා ඇත්තේ..පිස්සු නැත්තම් ශෝක්..කන්නත් හිතෙනෝලූ..ඔයා ඉතිම් මගෙන් අවසර අරන්ද මෙටිකේම මගේ කට කෑවේ..අපො මේක අස්සෙනම් කන්න හදන්න ආවොත් මන් කෑගහනවා..ලැජ්ජාවක් නැ පිස්සු වුට්ටෙක්..

"මොකද මට හිතෙන් බනිනවද.."

"ආහ්  න්නැ මන් බැන්නෙ නැහැ.."

කන අල්ලන්න එපා මිනිහෝ චු බරයි..ආහ් ඔය ඉතිම් ඉන්න දෙන්නැනේ මිරිකනවනේ..දවසක මගෙ කන ගලවල දෙනවා දැන් බෙල්ලෙ එල්ලන් මිරික මිරික ඉදපම් කියලා..ඇයි යකො..ආහ්...ඔයි එපානෙ..ආහ් ලෙවකන්නවා නේද...

"ආහ් අයියෙහ්..ඒපා ඒක කරන්නෙපා..ආහ්.."

"ශ්ශ්ශ් සද්ද කරන්නෙපා..ඔහොම ඉන්න ටිකක්.."

එක කනක් මිරිකද්දි අනිත් කන හප හප දිවෙන් කිතිකවනවා..ආහ් දිවගනිම් මිනිහෝ..වෙලාවට උදේ නාලා ආවෙ..නැත්තම් කනේ කුනු එක්කනෙ මේකා ලෙවකන්නෙ..ආහ් පුදුම අසහනයක්නේ..ඉක්මන්ට එලවපාම් ඩයිවර් අයියේ..නැත්තම් ආහ්.. මේ යකා මාව අද බඩ කරනවා..

දගලලා දගලලා ඔඩොක්කුවෙන් ලිස්සලා සීට් එකට ගිහිම් අත්දෙකෙන්ම කන් දෙක වහගත්තම මේ යකා මන් දිහා හිනාවෙවී බලන් ඉන්නවා..මේවට තමා මට නගින්නෙ..කේන්තී අප්පා..මෙ මෙ ඕවට එන්නෙපා ආස නෑ හරිත..දෙන්ඩ හිතයි..අම්මපා මුගේ මූනට දෙකක් ඇනගන්න පුලුවන් නම්..ආ ලගට එනවා නේද..එන්නෙපා ආස නෑ කිව්වනෙ මන් දැන්..යෝහ්.

"රවද්දි  හුගක් ලස්සනයිනේ..ම්ම්ම් ...මොකද කේන්ති ගියාද..ඉක්මන්ට කේන්ති යනවා නේහ්..මන් කේන්තිය නිවන්නද..කො ඉතිම් ඔහොම පුපුරන්නෙපා..කේන්ති ගියහම කනක් මෙහෙම හිමිට අතගාන්න..ම්ම්ම් දැක්කනේ...එතකොට හරියනෝනේද..කො ඇදුම හදාගන්න දැන් බහින්න ලගයිනේ.."

දැන් ඒ ගමන කේන්තිගියහම මගේ කන අතගාන්න ඕනිද..හැබැයි ඒක වැඩ කලා..මෙ මනුස්සයා කොහොමද ඒවා දන්නෙ..කොමත් ඉතිම් මට ඉක්මනින් කේන්ති යනවනේ..මලකෝලම් එක්ක ගේ ගාවටත් ඇවිල්ලා..මන්නෙ ඉතිම් මුලින්ම බහින්නෙ..බෑග් එක කරේ දාගෙන එක වසරේ පොඩි උන් සිට් වල වාඩිවෙනවා වගේ වාඩිවෙලා ඉද්දි එයා මගේ කොන්ඩෙ හදලා අත අරන් අතේ පටලව ගත්තා..නලලට වැටුන කෙස් ටික අයින් කරලා එතන ලාවට සිපගෙන අතත් සිපගත්තා..ඉඹිනවා ඉඹිනවා ඉවරයක් නෑනේ..

"මට නැද්ද.."

"මොනාද.."

"ම්ම් මුකුත් නෑ..ඔයාගෙන් එවා බලාපොරොත්තුවෙලා වැඩක් නැ දැන්ම..පරිස්සමෙන් ඉන්න..බුදුසරනයි..ගුඩ්නයිට්.."

"සුදාම්මියා..පරිස්සමෙන් ඉන්න ඒයි..සුබ රාත්‍රියක් ඒයි..අද හොදට නින්ද යයි නේහ්.."

"ඔව් ඔව් නින්ද යයි..ඔයාලත් පරිස්සමෙන්..ගුඩ්නයිට්.."













අද ඉතිම් යුද්දෙ වගේ තමයි..එහෙට දුවනවා මෙහෙට දුවනවා..පටන් ගන්න තව පැයක් වගේ තියෙන්නෙ..තමාලයා වයිස් කැප්ටන්නෙ..බ්ලේසර් එකක් දාගෙන එහෙටයි මෙහෙටයි දුවනවා..එ මදිවට මටත් හෙනයක් ගැහුවා වගෙ බ්ලේසර් එකක් ඇදගන්න වුනා වයිස් කැප්ටන් පට්ටමක් දුන්නයි කියලා..ම්ම් වටේ උන් පුප්ප පුප්ප ඉන්නවා පැලියාවෙ..මන් ඉතිම් මෙව්වා බලෙන් ඉල්ලගත්තුවා නෙමෙනේ..
යසස් අයිය ලගින් යද්දි ජරම් බරම් ජරම් බරම් ගාලා බැජ් ටික වදින සද්දෙ එනවා..ද්වී කොල්ලත් ඊට දෙවනි නෑ..දෙන්නාගෙන් කවුරු හරි ලගින් යද්දි සද්දෙන් අදුරගන්න පුලුවන්..තව ගේම්ස් කරන කට්ටියකුත් බැජ් එල්ලම් දුව දුව ඉන්නවා..හිච්චි මට ඉතිම් හවුස් බැජ් එකයි වයිස් කැප්ටන් බැජ් එකයි විතරයි...

සහතික බෑග් ටිකත් උස්සම් pt මිස් හොයන් යද්දි දඩාන් ගාලා මගෙ ඇගෙ කුලු මීහරකෙක් වැදුනා..

"මොන හු"තක්ද යකෝ..ඇස් කටේද ආ.."

"හප්පා.. සමාවෙන්නොනේ අයියා බබෝ..චූටියට යද්දි පේන්නැනෙ ඉතිම්..මන් දැක්කෙ බිම්මලක් වගේ සොරි සොරි..කො අවුලක් නෑනෙ.."

"අනේ මල්ලි  මේ වයසට ගරුකරපම් හරිද..මොකද්ද උබ කියන්නෙ..මට කියලා බිම්මල් බලාගන්න හදන්නෙපා  හොදේ..උබෙ ඇස් පොට්ටනම් කන්නාඩි දාගනින්..සෙල්ලන් කරන් එන්නෙපා මාත් එක්ක.."

"අම්මොහ් සැර..ගම්බිරිස් ඇටයක්නේ..බිම් මලක් බලන්න නම් අපිත් ආසයි ඉතිම්..අයියා කැමති නම් මාත් එකෙන්ම හා..මොක්-.."

"මොකද්ද වෙන්නෙ මෙතන.. "

"ආහ් ද්වීනාශ් අයියනෙ..නැ මේ අපි දෙන්-.."

"මන් තමුන්ගෙන් ඇහුවෙ නැහැ..මනමේකල..මොකද්ද වුනේ ම්ම්ම්.."

"නැ අයියේ..ඒක අවුලක් නැ..මේ මල්ලිගේ ඇස් වල දෝසයක් මන් කිව්වා පෙන්නගන්න යන්න කියලා.."

"ම්ම් එච්චර ද..සුචා උබ  ගිහින් ආරාධිත පාසල් ටික ආවද බලපම්..ඔයා එන්න මන් එක්ක.."

මෙ පොඩි ගස් බල්ලෙක් හින්දා මූඩ් එකම විනාස වුනා..තව ටිකක් වෙලා කියෙව්වනම් බලාගන්න තිබ්බා උබට බිම්මලේ කෙරුවාව..ආපු දවසෙ ඉදන් ඕකව අල්ලන්නෙ නැ මට..කනවා කැවුත්ත උබේ..

"මොකද මේ..කෝ අත දිගාරින්න..මේ බලන්න ඉතිම් නියපොතුවලට අල්ල තුවාලවෙන්නත් ඇවිල්ලා..තාම කේන්තියෙන්ද..කො  මෙහෙ එන්න..එයාගෙන් කරදරයි වගේද ම්ම්.."

නියපොතු ඇනෙන්නම මිටිකරන් ඉදපු අත අරගෙන දිගෑරපු එයා හිමීට මගෙ දකුනු කනෙ කන්පෙත්ත අතගාන්න ගත්තා..ඒ ස්පර්ශෙට ඇස් පියවෙලා ගිහින් මාව ටික ටික සංසුන් වෙද්දි එයා කිව්ව කතාව ඇත්තක්  කියලා තේරුම් ගියා..

"දැන් හරිනේද..යම් වැඩ ගොඩක් තියෙනවා..පරිස්සමෙන් වැඩකරගන්න..කේන්ති ගිහින් ඔයාටම තුවාල කරගන්න හදන්නෙපා..මන් කිව්වා වගේ හිමිට කන් පෙත්ත මෙහෙම අතගාන්න..හරිද..හොද ලමයා.."













(යසස් අයියව පෙන්ඩන්න බැරිවුනානෙ...)
යසස් ශවේන්ද්‍ර.💝







____________

කේන්ති ගිය සප්ත බට්ටා......

හායි ලමායි....😌👉👈
ඊයෙ පොඩ්ඩයි නේත දුන්නෙ..සමාවෙන්නොනෙ ඉටිම්..


ඕන් වචන 2480ක එකක් ගෙනාවා...

ගෝජො දැන් නිදහාස්....

එන්නම්...
ආතරෙයී💝..
කමෙන්ට් දාන අයට වැඩියෙන් ආතරෙයි😌

_Gojo_

Continue Reading

You'll Also Like

1.3M 31.6K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
158K 4.5K 12
Fair warning, I wrote this at 13 years old so keep that in mind lol Beast Boy suggests that he and Cyborg play Hide and Go Seek. He decides to hide...
319K 14.1K 47
"Your not my type sorry" "How can I not be your type? Look at me!" @avocadomix
1.2K 118 25
ලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගා...