දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.8K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 16

1.5K 200 15
By Gojo_Nj9119


තිනෙත්‍රගෙ දින සටහන් 2

එතනිම් එහාට දුවන් එන්න පනක් ආවෙ කොහොමද කියලා මන් දන්නෙ නැහැ.දිනුම් කනුව මට පෙනි පෙනිම යෂ් පහුකරන් ගියා.කකුල් වල ලේත් බේරන් දුවන් එන මන් දිහා හැමොගෙම අවදානය යොමු වෙද්දි දිනුම් කනුව පහු කරලා ගිහින් බිමට ඇදගෙන වැටුනා.

යෂ් තව කොල්ලො දෙන්නෙක් එක්ක ඇවිත් මාව ගිලන් කාමරේට එක්කන් යන්න කලින් තමාල් මල්ලි ආපු හින්දා එයා බෙහෙත් දාන්නම් කියලා පැත්තකින් වාඩිකරවලා මගෙ තුවාල පිහින්න ගත්තා.එයා ඉන්නවා පැත්තකින් හිටන් මගෙ දිහා බලාගෙන.එයා ඉන්නෙ දුකෙන් කියලා ඒ ඇස් බැලුවම තේරෙනවා.සමහර විට එයා මට අනුකම්පා කරනව වෙන්නත් පුලුවන්.

වේදනාම විදලම හරි මහන්සි  මට.මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.මේවයෙ කෙලවරක් කවදා දකින්නද.තමාල් මල්ලිගෙ අත ගැහෙන නිසා තුවාලෙ පිහිදද්දි රිදෙනවා.එයාට ලේ දකින්න අමාරු ඇති.එහෙනම් බැරිවැඩ නොකර ඉන්න ඕන.තමාල්ගෙ අත එයත් දැකපු නිසාද කොහෙද පුලුන් කෑල්ල ඉල්ලන් එයා බේහෙත් දාන්න ගත්තෙ.

හරි හිමීට පිබ පිබ එයා බෙහෙත් දාද්දි වේදනා අස්සෙ හිතට සතුටක් දැනුනා.හැම අදුරු වලාවකම රිදී රේඛාවකුත් තියෙනවා කියවනලුනෙ.එකාතකට මන් වැටුන හින්දනෙ එයාට කියලා බෙහෙත් දාගන්න පුලුවන් වුනේ.එක්තරා විදියක බොලද පෙම්වතෙක්ගෙ චරිතයක් දැන් මන්...
ඉස්සර ඉදපු මමද මේ ඉන්නෙ කියලා මටත් සැකයි.

තුවාල හොද වෙන්න දවස් දෙකක් විතර ගියා.දවස් දෙකක්ම ඒ රූපෙ නොදැක මන් ඉදියෙ හරි අමාරුවකින්.එයාට හොරෙන් අරගත්ත එයාගෙ ෆොටොස් දිහා බල බල එ දවස් දෙක ගෙවිලා ගියේ මුස්පෙන්තු විදිහට........

තුවාල වේලුන නිසා ඇවිදගන්න ලොකු අවුලක් වුනේ නැහැ.මීට් එකෙ වැඩ දවස් දෙකට ගොඩ ගැහිලා තිබ්බා.උදේ දැක්කට පස්සෙ ආයෙ එයාව දැක්කෙ ස්කොලේ ඇරිලා ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකේ ඉද්දි.හවුස් හදන්න බට කපන්න එයත් ගිය නිසා උස්සන් ආපු පුවක් කදවල් ටික ඉන්න අයට කඩන්න දිලා එයාව බලන්න වලව් වත්ත පැත්තට ගියා...

මගදි යෂ් වයි අදීශවයි හම්බුන නිසා එයාලත් එක්ක වත්තට යද්දි එයාගෙ යාලුවො දෙන්නා විතරක් ගහක් අල්ලන් රන්ඩු වෙවී ඉන්නවා දැක්කා.එයාවත් තමාල් මල්ලිවත් පේන්න ඉදපු නැත්තෙ ඇයි කියලා අර කොල්ලොන්ගෙන් ඇහුවම එයාලත් දන්නෙ නැහැයි කියද්දි කලබල වුන මම යෂ් එක්ක වලව්ව පැත්තට දුවන් ගියා.

මෙ බුරු පැටව් දෙන්නා අනිවාරෙම් වලව්වෙ ඇත්තෙ.ඕක අස්සෙ මොක්කු ඉන්නවද කියලා කවුද දන්නෙ.මේ කොල්ලා මගෙ කේන්තිය අවුස්සන තරමක්..කේන්ති ගන්න ගන්න කොන්ඩෙ සුදු වෙනවනම් මෙලහකටත් මෙ ලමයා හින්දා මුලු කොන්ඩෙම සුදුවෙලා.

වලව්ව ඇතුලට යද්දි දැකපු ටෝච් එලිය පැත්තට ගියහම එතන ඉදපු තමාල් මල්ලිව විතරක් දැක්කා.ඒත් එයා කො.මනමේකල එයාවත් දාලා කොහෙට දිව්වද කියලා හොයාගන්න බැරුව තමාල් හොදටම අඩනවා.යෂ් එයාව පපුවට තුරුල් කරලා පිට අත ගාලා සැනසුවා.

මේ කොල්ලා කොහෙ යන්නැද්ද කියලා හිත හිත අර දෙන්නටත් එතනම ඉන්නයි කියලා ඉස්සරහට බලද්දි මගේ පැත්තට හිමිට ඇවිදන් එන එයාව කලුවරේදිත් මන් දැක්කා.එය හොදටම බය වෙලා තනියම කියවනවා.මෝඩ පැටියෙක් කියලා විතරයි මට කියන්න තියෙන්නෙ.මෙයාව හොල්මනක් දැක්කොත් පිස්සු වැටිලයි නතර වෙන්නෙ.මන් ඉන්න තැනට වඩා අඩු අදුරක ඉන්න එයා කරන විකාර ඔක්කොම මන් දැක්කා.බය වුනත් හුරතල් පාටයි.එයාගෙ හැමදේම ලස්සනයි.ආදරෙන් උමතු වුනහම මෙහෙම වෙන්නැති කාට කාටත් හිතෙන්නෙ...

එක පාරට ඇතුලෙන් ආපු සද්දයක් එක්ක කෑගහගෙන මන් ඉන්න පැත්තට දුවන් ඇවිත් මගේ ඇගේ එල්ලුන එයා කකුල් දෙකත් පටලවන් මූන බෙල්ල අස්සෙ ඔබාගත්තා.පහලට රූටලා ලිස්සද්දි එයා දිමි පස්සට අත තියලා උඩට උස්සගත්තා.මගෙ දිමි පුපා.කෝලම් බඩ්ඩ.මාව බය කරපු තරමක්.ඒ තරමටම එයත් බයවෙලා ද කොහෙද පපුව හයියෙන් ගැහෙනවා..

තප්පර දහයක් විතර එයා හෙල්ලෙනැතුව ඉන්නෙ ඇයි කියලා බලද්දි දැක්කෙ මගේ ඇග උඩම සිහිය නැතුව ඉන්න එයාව.ඉක්මන්ට එයව අරන් එලියේ කට්ටිය ඉන්න තැනට ගියා.හැමොම කලබල වෙලා එයා වටේට ඉද්දි හේතු මුකුත් නාහම තමාල් මල්ලිට බැනගෙන ගියා.යෂ් ඇවිල්ලා මාව නැවැත්තුවෙ නැත්තම් මල්ලි මගෙන් ගුටිත් කනවා.

මට හම්බවුන නිසා ඔයින් ගියා.සතෙක්වත් කෑවනම් කාට කියන්නද.මුල ඉදලම හදලා ගන්න වෙනවා.කරදර හොයාගෙන ගිහින් බලෙන් දාගෙන අන්තිමට මටමනෙ මෙහෙම වෙන්නෙ කියලා හිතන මැටි මොලයක් මේකානම්.

එයාට සිහිය ආවට පස්සෙ මුකුත් නොකිය එයාව අනිත් අය එක්ක දාලා මන් ගෙදර ගියා.කොහොම වුනත් එයා නැතිවුන වෙලේ දැනුන හැගීම හිතෙන් අයින් කරගන්න අමාරුයි..

පහුවෙනිදා එයා ස්කොලේ ආපු නැති නිසා දවසම මූසල පාටයි.මගෙ දවස පටන් ගන්නවා දැනෙන්නෙ ගේට්ටුව ගාවින් එ හිනා මුහුන දැක්කට පස්සෙයි.එයා නැති දවසත් කල්පයක් වගේ.දවස ගෙවුනෙත් හුගක් හිමීට කියලයි දැනුනෙ.

ගන්නවද නැද්ද කියලා හුගක් තර්ක කරලා අවසානෙදි ෆයිල් එක ගෙන්නගන්න මාර්ගෙන් එයාට කෝල් එකක් අරන් ආපු නැති එකට හෙතූ විමසුවා.මන් හිතුවා වගෙම එයාට උන අරන්.එයා හොදින් නැතුව ඇතී කියලා දවසෙම හිතුනේ ඒක නිසාම වෙන්නැති.

*************

උදේ ස්කෝලෙදි දැක්කට පස්සෙ ආයෙ එයාව දකින්න පුලුවන් වුනේ තමාල්ගෙ ගෙදරදි.

මෙහෙ කිරිදානයක් තියෙන නිසා උදව්වට එන්න කියලා ශිරන්ති නැන්දා කිව්වා.අද මෙහෙ කොල්ලො විමානයයි.මගෙ පොඩ්ඩව මුන්ගෙන් පරිස්සම් කරගන්න ලොකු කට්ටක් කන්න වෙයි කියලා හිතුනා වගේම වුනා.එයා එද්දිම වගේ එලියෙ ඉදපු කිබුලු බනිස් දෙන්නා කොල්ලව ඇද ඇද බදාගන්නවා දකිද්දි නම් මට මරුවා නැග්ගා.

සුවදත් බලනවා.එයාගෙ සුවද පවා අයිති මට විතරක් වෙද්දි මෙ ඇට කිබුල්ලො දෙන්නව මරන් කන්න බැරිකමට දත්මිටි කකා ඉදියා.එ අස්සෙම් තවත් පිරිමි බෑයක් ඇවිල්ලා බදාගෙන නලලත් ඉම්බා.මූ පොදු දේපලක් වගේ හැමොගෙම අතට මාරුවෙන් මාරුවට යනවා.මාව ගෑවුනොත් තමා කරන්ට් එක වැදුනා වගේ නලියන්නෙ..

මන් ඉන්නෙ කේන්තියෙන් කියලා දැනිලද කොහෙද තමාල් මල්ලි ලගට ඇවිල්ලා ටිකක් පැහැදිලි කරලා දුන්නා.
ඉස්සර ඉදන් දැනන් ඉදිය කියලා ඔහොම තුරුල් කරගන්න දෙන්න ඕනි නෑ එ වුනාට.

රෑවෙද්දි තව කොල්ලො වැඩිවුන.තමාල්ට මස්සිනාලම හතක්.හතම දේදුනුද කියලා හිතාගන්න බැහැ.ඔක්කොම මට වඩා වැඩිමල් අය වෙද්දි මට වුනා එයාලා ඉස්සරහ කටවහන් ඉන්න.කොහොමත් එයාව අල්ලන්න එපා කියලා කියන්නවත් අයිතියක් නැති වෙද්දි මට පුලුවන් වුනේ ආදරෙ කරන අයිතිය විතරයි. මොකද ඉතිම් ආදරෙ කරන්න කාගෙන්වත් අයිතියක් ඕන වෙන්නෙ නැහැනෙ.

එකපාරට නත්තල් පප්පෙක් වගේ මනුස්සයෙක් ඇවිල්ලා එයාට චොකලට් බොක්ස් එකක් දීලා කොන්ඩෙත් අවුස්සලා ඒ මදිවට සුදු බබා කියලත් කිව්වා.බලන් ඉදින් මනමේකල මුන්ට වැඩිකල් මෙහෙම නටන්න වෙන්නෙ නැහැ. තමාල්ටත් චොකලට් බැග් එකක් දීලා එ මනුස්සයා ඇතුලට ගියාම එයා චොක්ලට් එකක් දික් කරලා මගෙන් අහනවා ඕනෙද කියලත්.අනෙ මගෙ බල්ලටවත් එපා ඕකාගෙ චොක්ලට්.

කිරියා හැලි තියෙන ලිප ගාවට වෙලා අයියලා පත්තු ගහනවා බලාගෙන එයා නලියන්නෙ ඇයි කියලානම් මන් දන්නවා.ශුවර් එකටම එයාටත් පත්තු ගහන්න ඕන වෙලා අහගන්න බැරුවයි ඔය ලතවෙන්නෙ.

කොහොම හරි එතන ඉන්න අයියාගෙන් අහලා පත්තු ගහන්න ගත්තට එයාට හරියට පත්තවත් අල්ලගන්න තේරුනෙ නැහැ.තව ටිකක් ඔහොම කරොත් නම් හැලියම හලාගන්නවා.කිරි ටික හයිවේගෙන එද්දි එතන ඉදපු රොකීද ඩිකීද කියන මනුස්සයා පත්ත උදුරලා ගත්ත නිසා එයාගෙ මූන ඇට්ටකුනා වුනා.

මන් පත්තු ගහද්දි එයාගෙ ඇස් තියෙන්නෙම මගේ දිහාවට කියලා ඇස් කොනෙන් පෙනෙද්දි මුකුත් නොදන්න ගානට පත්තෙන් හැදිගාන් ඉදියා.එයාපාරට එයා දිහා බලද්දි ඒ ඇස් ගැස්සුනත් අහක නොබලම මගෙන් පිගානෙන් කලවම් කරන්න දෙන්න කියලා ඉල්ලද්දි මන් බැහැ කියන්න වගේ ඇහිබැමක් උස්සලා එයා දිහා බලන් ඉද්දි ඇස් ලොකු කරලා තොල් කනපිට හරෝලා දුක් මූනක් මට පෙන්නගෙන ඉන්නවා.අනෙ මුගෙත් හෙන මායම්. කෙල්ලොන්ට වඩා සමහර කොල්ලොන්ගෙ මායම් තියෙනවා ..

උබට කියලා වැඩක් නැහැ ඇත්තටම..ලොකු හුස්මක් පිටකරලා ඔලුව වනද්දිම එයා හරි සතුටෙන් පිගාන අරන් වටෙ ටික හූරලා කලවන් කරන්න ගත්තා.අත වද්ද ගනිවි කියන බයෙන් පත්තු ගහන එකත් නවත්තලා එයා දිහා අවදානෙන් බලාගෙන ඉද්දි පිටි පස්සෙන් ආපු රොකීගෙ කටහඩට කලබල වුන එයා තාච්චියෙ අත වද්දගන්න හදද්දි අතෙ පිට අල්ල මගෙ අතින් කවර් කරගත්තා.

අතට උනුවතුර වක්කරගත්තා වගේ. ඒ අතට තුවාල වුනේ නැති එක ගැන සතුටුයි.එයාට මෙ වෙදනාව දරාගන්න බැහැ කොහොමත්.මගෙ අත පිච්චුන නිසා කලබල වුන එයා කෑගහලා කට්ටියම ගෙන්නලා මාවත් එක්කන් ගිහින් අත ටැප් එකකට අල්ලලා ක්‍රීම් වගයක් උලලා අත හිමීට බැන්දා.එදා වගේම අදත් ඒ ඇස් කලබල වෙලා.

අත තුවාල වුන එක පිට දාලා එයාට කියලා බත් කවාගද්දි කොහෙද මන්දා ඉදන් ආපු හෙනහුරෙක් අපි දෙන්නගෙ මැද්දට පැන්නා. එ හෙනහුරා අකිත් නම් නර පනුවයි.මේ මනුස්සයා එන්නෙ හොදකට නෙමෙ කියලා තමාල් මල්ලි කියපු දේවල් වලින් මට තේරුම් ගියා.

කිරියා හදලා දාඩිය දාන් ඉන්න බැරි නිසා පාන්දර කිරිදානෙට කලින් ගෙදර ගිහින් වොශ් දාලා ආයෙ එද්දි එයා ඉන්නව කනුවක එල්ලිගෙන නිදි කිර කිර..
හුරතල් ලෝකයක් මෙයානම්.වැටේ ඉදගෙන කනුව දෙපැත්තට කකුල් දාලා නිදාගත්තට ලිස්සලා පස්සට වැටෙන්න යන නිසා හරියට නිදාගන්න වුනේ නැහැ එයාට.ආයෙත් පාරක් කනුවෙ බදන් නිදාගෙන පස්සට තල්ලුවෙද්දි එහාපැත්තෙන් වාඩිවෙලා එයාව මගෙ ඇගට හේත්තු කරගත්තා.

හිමීට අත දලා එයාව උකුල උඩට අරන් පැත්තට හරෝගෙන මූන පපුවෙන් තියාගත්තම එයාගෙ නහය මගේ බෙල්ලෙ අතුල්ලලා තදකරලා තියාගෙන නිදාගත්තා.
කට්ටිය වැඩ එක්ක කලබල වෙලා ඉදපු නිසා තමාල් මල්ලි එක්ක එයාව කාමරේට අරන් ගිහින් ඇදෙන් තියලා වටේට කොට්ටත් තියලා රෙද්දක් පෙරෙව්වා.එ මූනට ලන්වෙලා ඔලුව අතගාලා ඇස් දෙකට උඩින් සිපගෙන දොරත් වහලා එලියට ආවා.

කට්ටියම පන්සල් යන්න ලැස්තිවෙලා මටත් අඩගහපු නිසාම මාත් යන්න කැමතිවුනා.ඇත්තට ඉතිම් මේ පිස්සු පූසාව පරිස්සම් කරගන්න ඕන නිසාමයි ආවෙ.බෙල්ලන්විල පන්සලට ආවත් හරි එකපාරට මේ ලමයා කොහෙ අතුරුදහන් වුනාද කියලා හොයාගන්න බැරිවුනා.හොයලා හොයලා බැරිම තැන එයාට දෙන්නගත්ත මල් ටික පූජ කරන්න යද්දි මල් ආසනේ ගාව පහලට නැවිලා වැටුලා පෑගෙන මල් ඇහිදිනවා දැක්කා.

මගෙ තේරිම ගැන මන් හුගක් ආඩම්බර වෙනවා.එයා එහා පැත්තෙන් මල් ඇහිදිද්දි අනිත් පැත්තෙන් මන් මල් ඇහිදින්න ගත්තා. බිම තිබුන පිච්ච මලක් ඇහිදන්න යද්දිම එයත් එ මල ඇහිදින්න හදපු පාර මට ඇල්ලුනේ එයාගෙ සුලගිල්ල.මගෙ අත වැදිලා කලබල වුන පාර මැටි ගෙඩිය වගේ එකපාරට නැගිටින්න හදද්දි එයාගෙ ඔලුව ගැට්ටෙ වැදෙයි කියලා ඔලුවට උඩින් අත තිබ්බම ඔලුව ඇවිත් වැදුනෙ මගෙ අල්ලෙ..පන්සල් ඇවිල්ලා වන්දනාමාන කරාට මේ ලමයගෙ සම්මා සතිය බින්දුවයි.මන් කරපු දෙයින් පුදුම වුන එයා නැගිටලා යන්න හදද්දි මගෙ අතෙ තිබුන මලුත් දීලා ඉක්මන්ට එන්න කියලා කිව්වා. එන්න කිව්වට එයා එයි කියලා නම් ලොකු විශ්වාසයක් නැ.

එයා එනකම් එයාට පූජ කරන්න ගත්ත පිච්ච මල් ගොට්ට අතෙ තියන් ඉද්දි හිනාවෙගෙන ඇතුලට ආපු එයා එකපාරට රවාගෙන වගේ මන් ලගට ඇවිත් අහක බලාගෙන ඉදියා.අහස වගේ වෙලාවකට මෙයත්.
මගෙ අතෙ තිබුන මල් ටික දීලා පූජා කරවද්දි සුදුපාටට තිබ්බ අහසට කඩන් පාත්වුන කළු වලාකුලක් වගේ අකිත් කියන බක්කි කරත්තෙ එතනට කඩන් පැන්නා.නෙලුම් මල් පොකුරක් දීලා ඒ මදිවට එයත් නෙලුම් මලක් වගේලු.
ඕක බදින්න වෙන්නෑ.අකිත්ට එපා කියපු මල එයා මට දික් කරලා පූජා කරන්න කියද්දි අකිත්ට පේන්නම අතත් අල්ලලම මල අරන් පුජ කරා.එනව මෙතන මගෙ මල ගන්න.

ගෙදර ආවාට පස්සෙ ශිරන්ති නැන්දා රෑට පොඩි පාටියක් තියලා ඒකටත් එන්න පුලුවන් ද ඇහුවා.මගෙ කොල්ලා එනවනම් මට නෑවිත් බෑනෙ.සහයට යෂ්වත් ගෙන්න ගන්නද ඕන නිසා නැන්දගෙන් අවසරත් ගත්තා.

අර අකිත් කියන ඔලුබක්කා ඇරෙන්න අනිත් අයියලා ඔක්කොමලා හොද අය.
කට්ටියත් එක්කම එලියේ කයිය ගහන් ඉද්දි එයා ආවා රෝස පාට හූඩියකට සුදු කොට පැච් ශෝටක් ගහන් හා පැන්චෙක් වගේ ලස්සනට.ශෝට කොට වැඩී එවුනාට තව ඒකට දිමි පුපත් හොදට කැපිලා පෙනුනා.

යෂ් එනවා දැකලා පුදුම වුන එයා ඇස් පිහදලත් බැලුවා.බලන්නකො සුදු බබා ඔයා අද රෑට තවත් සප්‍රයිස් වෙන්නයි යන්නෙ.....

තමාල් මල්ලි ඔනාවට වඩා පදන් වෙලා..
එයත් ගානට පදම් වේගෙන එනවා..
හැමදාම නැනෙ දවසක් බිව්වට කමක් නැහැ ඉතිම්. යාලුවො දෙන්නා මොන මොනවදෝ කියවන් යනවා. ආ විස්කි ඕනෙද. විස්කි නම් දැන් ගහලා බ්‍රැන්ඩි වෙලා මැනිකේ.තව නම් බැහැ.මට එයාව කන්න හිතිලයි තියෙන්නේ..
තමාල්ට වොමට් වෙන්න යන නිසා එයාව උස්සන් ජොනී අයියා ඇතුලට අරන් ගියා.යෂ්ව ගෙන්නුවට වඩා හොදයි නිකම් ඉදිය නම්.උ සොට් එකෙන් ඩවුන්.මෙහෙම ගියොත් නම් තමාල් මල්ලි මස්සිනෙක්ට සින්නවෙයි වගේ.

තනියෙන් ඉන්න බැරි හින්දාද කොහෙද එයත් ලයිට් ඔෆ් කරපු ගෙ ඇතුලට කලුවරේම ගියා.මගෙ වෙලාවට තමයි අකිත් ඔලු බක්කා කොහෙටද ගියේ.නැත්තම් ඌ එයිනෙ ශුජු බබා යැයි යැයි ගාගෙන. එයා ගියාට පස්සෙ හිමිට මාත් එයාගෙ පස්සෙන් ඇතුලට ගියා.යනවා නෙමෙයි එයා වැනෙනවා.පඩිපෙල නගිද්දි බයේ බැහැ පස්සට රෝල් වුනොත්.

පඩිපෙල නැගගන්න බෑ වගේ එක තැන නැවතිලා ඉදලා ආයෙ ගන්න හදද්දි එයාව ඇදලා අරන් බිත්තියට හෙත්තු කරලා එ අත් දෙක උඩට අල්ලලා හිරකරලා තියාගද්දි එයා බය වුනා.

එයාගෙ නිකටෙන් උස්සලා ඒ තොල් මගේ කරගත්තේ ඉවසපු හැම සීමාවක්ම බිදගෙනයි...
උඩු තොලයි යටිතොලයි මාරුවෙන් මාරුවට සිපගෙන තොල පොඩ්ඩක් තද කරලා කට ඇරගෙන ඉක්මනින් එ දිව අල්ලගෙන සිපගද්දි එයා තවත් මගේ ඇග දිහාවට ඇදිලා අවා.එයාගෙ මුලු කටේම තිබ්බ විස්කි සැර දිවෙන් උරාබීලා
හිමිට අතෑරලා එයාව ආයෙත් සිපගන්න ගමන් ඒ මූනෙ තොල් ගාවගෙන ගිහින් කන සිපගත්තා.කන දත් වලින් අල්ලන් එයාට කියන්න ඕන වුන දෙත් කියලා ආයෙත් තොල් අල්ලගෙන එයාව උඩට උස්සලා අරන් ඒ කකුල් ඉන දෙපැත්තේ දාලා වඩාගෙන දිගටම සිපගත්තා.මීට වඩා එහා ගියොත් නවත්තගන්න බැරි වෙන හින්දම ඒ තොල් මගෙ දිවෙත් තෙත් කරලා තොල් අතෑරිලා.

සිපගැනීමත් එක්කම එයාට නින්ද ගියපු නිසා එහෙන්ම උස්සන් ඇවිත් ඇදෙන් තියලා ඇගට හේත්තු කරලා කොට්ටෙකුත් තියලා මූන ගාවට පහත්වෙලා නලල සිපගෙන එයාගෙන් ඈත්වෙනවත් එක්කම එයා කෙලින් වෙන්න හදලා එ අනිත් පැත්ත හැරෙන්න යද්දි එ තොල් මගෙ කම්මුලේ වැදීගෙන ගියා.

එ තොල් මගේ කම්මුලේ වැදුනම මාව ෆ්‍රීස් වෙලා ගියා.ලිප් කිස් එකට වඩා ඒක දැනුනා.එයානම් පිස්සුවක්.මන් හිතනවා හෙට වෙද්දි ඔයාට මේක මතක තියෙවි කියලා.

පහුවෙන්දා හවස ස්කෝලෙට ආපු වෙලෙ පඩිපෙල ගාවදි මාව දැකපු එයා මූන රතුකරන් ඉක්මන්ට නැගලා ගියා.එ කියන්නෙ එයාට මතකයි.

පඩිපෙලෙ දැක්කට පස්සෙ එයාව දකින්න හම්බුනේම නැහැ.ගබඩාව පැත්තට ගිහින් ඉනිමග අරන් එද්දි ලොවි ගහ දැකලා ටිකක් කඩාගන්න හිතලා බෑග් එක ගේන්න ගිය ටිකට මේ කොල්ලා ඉනිමගේ නැගලා ගෙඩිත් කඩන්න හදනවා.මන් එනවා ඇහිලද කොහෙද හැරෙන්න ගියපු එයා කකුල ලිස්සලා වැටෙන්න යද්දිම දුවලා ගිහින් අල්ලගන්න පුලුවන් වුනා.වෙලාවට ආවෙ නැත්තම් අන්ඩක් කඩාගන්නවනෙ.කේන්ති යන එක සාදාරන නැද්ද මන් අහන්නෙ..

මගේ වාරුවෙන් ආයෙම ඉනිමගේ එල්ලුව එයාව උස්සලා අරන් බිමින් තිබ්බට පස්සෙ ඇස් ගෙඩි දෙක බිත්තර වගේ ලොකු කරන් බලාගෙන ඉන්නවා.සාක්කුවෙන් ගත්තා බෑග් එක අරන් වැටුන ගෙඩි ඔක්කොම ඇහිදලා එයාගෙ අතට දීලා යන්න හිතුවත් ඒ මූන දැක්කම නම් යන්න හිත දුන්නැහැ.

ආයෙත් පාරක් මාව ඒ ඇස් වලින් අල්ලගත්තා .සිහිය නැතිවෙනකම්ම  කිස් කරන්න හිතෙනවා දැන්නම්.

එකපාරට ආපු අදහස හින්දා බැග් එකෙන් ලොවි ගෙඩියක් අරන් මගෙ තොල් අතරෙ තියන් එයාව ගහට හේත්තු කරලා එ නිකට උස්සලා ලොවි ගෙඩිය ඒ තොල් අතරෙ තියලා හපලා කද්දි ඉස්ම කට දෙපැත්තෙන් බේරුනා.ලොවිගෙඩිය කන ගමන් ඒ තොලුත් අල්ලගෙන දිගටම සිපගන්න ගමන් දිවෙන් ලොවිබාගෙ ඇතුලට තල්ලු කරලා කට ඇතුලෙ තියාගෙන කාලා දිවෙන් කට ඇතුලටම මුලු කටේම රස බැලුවා.........

( ඔක ලොවි ගෙඩියක් කියලා
හිතමූ👉👈)




සිපගෙන අවසානෙ එයාගෙන් ඈත් වෙද්දි එයාගෙ මූනත් ඉදුන ලොවිගෙඩියක් වගේ රතු කරන් එයා හති අරිනවා.

මේවට තේරුමක් දෙන්න ඕන නිසා එයාට කලින් මන් කතාකරලා මගේ පෙම්වතා වෙන්න කිව්වා...
එයා දෙන ඕන උත්තරයකට එකග වෙනවයි කියලා හිත හදාගෙන කියලා දැම්මා..








__________________

යෝහ් ඉස්ට් බොනස් ටයිම්..
😫👉👈 ඔම්න දිගේකක් ගෙනාවා
Neesha_Dewmini
ඔව් දැන් සෑවෙලා ඔන්න ගෙනාවෝ👉👈😁

කියවලා වොට් එකකුයි කොමෙන් එකකුයි දාලා යන්නොනෙ හරිත


ආතරෙයී😫💝

එන්නාම්..

_Gojo_

Continue Reading

You'll Also Like

75.3K 12.7K 128
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
3.2M 186K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48
1.6M 97.3K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...