දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.7K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 14

1.5K 205 29
By Gojo_Nj9119

.
.
.
.
.
.
.
.
.
.
.

මාව උස්සලා වඩාගෙන බිත්තියට තද කරන් එයාගේ ඉනවටේ මගේ කකුල් පටලවලා එ රළු දෙතොල් වලින් මගේ දෙතොල් උරාබොන්න ගත්තේ ඉඩෝරයක් පහුකරන් ආපු මිනිහෙක්ට වතුර හම්බුනා වගේ ලොකු පිපාසයකින්..
උඩු තොලට අසාදාරනයක් වෙන්න නොදී යටිතොලත්..යටිතොලට අසාදාරනයක් වෙන්න නොදී උඩු තොලත් සිපගත්තෙ හරි ආදරෙන්...නැ නෑ හරි කෑදරෙන්...
මගෙ මුලු ඈගම තැටියක් වගේ රත්වේගෙන එද්දි තොල් උරාබොන එක නවත්තපූ එයා දිවෙන් මගෙ තොල් තෙත් කරා..දියවෙලා බේරෙන අයිස්ක්‍රීම් එකක් තොලෙන් ලෙවකාලා කනවා වගේ මගෙ තොල්වල එ දිව ගෑවුවා..

සීමා මායිම් දාලා හරි අමාරුවෙන් මම හිරකරන් ඉදපූ මගේ වින්දයත් වාන්දොරටු කඩාගෙන එලියට ඇවිත් මාව තෙත් වෙලා යනවා දැනෙන්න ගත්තා..සිපගැනීමත් එක්තරා විදියක මත්ද්‍රව්‍යක්..ඒක ඇත්තක් කියලා මට දැන් පිලිගන්නම වෙනවා..හාදුවෙ මත්ගතියට සිපගැනීම අතරෙදිම ඒ පහසට මම ඇස් පියවුනා....

මාව වඩාගෙන කාමරේට ගෙනල්ලා ඇදෙන් තියද්දි චායාවක් වගෙ මට එයාව බොදට පෙනුනා..ඒයාගෙ රූපෙ ඇස් වල ඇදෙද්දිම ඇස් හිමින් බරවෙලා ගියා.....

"අඩො වුත්තො නැගිටපාම්....අනෙ අම්මො මගෙ ඔලුව කකියනො ඉන්න බැ බන්..ආයෙ නම් බොන්නෙ නැමයි..සත්තයි..මෑ ඇටේ පල්ලා.."

"කෝ නැගිටපම් ඉතිම් දැන්..උබටත් හරි හැපි නේ අකිත් අයියව බදාගෙන නිදන් ඉද්දි..ඇහැරියම්කො වුත්තෝඕඕඔ..."

ඇස්දෙක ඇරගන්න බෑ..දැවිල්ලයි අප්පා..ආව් ඔලුව නෑ වගේ..අම්මෙ වේදනාවයි..ඒ මදිවට තමාලයත් කන අස්සෙ ඉදම් කෑගහනවා..
මේ මොකද මේ හිරවෙල වගේ..ආ අතත් හිරිවැටිලා..මගෙ ඇග උඩ නැග්ග යකා කවුද..කලුකුමාර දිස්ටියවත් ද..අර කෙල්ලොන්ටත් මෙහෙම වෙනවලූ..යොහ් එයා ගේ නෙමේ වුනාට බයිද දන්නෙත් නැ..වෙන්න බෑ කලුකුමාරයට කොහෙන්ද හදගැස්මක්..ලබ් ඩබ් ලබ් ඩබ්..එ කියන්නෙ මනුස්සයෙක්..ආඅ කෑගහන්නෙපා වුත්තො කන අස්සෙම්..
යොහ් අකිත් අයියේ..ඔයා මොකද මේ මාව බදන්..

හප්පටසිරි ඊයේ බිව්වා නේ..මේ යකා මොනාද මෙතන කරන්නෙ..චුට්ටක් ඉන්න..මන් බීලා ඉවර වෙලා කාමරේට එන්න ආවා..පඩිපෙල නැග්ගා..එච්චරයිනේ මතක..මොකද්ද වුනේ..කොහොමද මන් කාමරේට ආවෙ..අනික අයිය ඇයි මෙතන..ආආආහ්හ්හ්හ්හ්හ් ඔලුව පුපුරන්න වගේ......

"දැන් සැපද..congratulations බන් උබට ඔලුවක් තියෙනවා නෙ සතුටු වෙයම්..වේදනයිද චූටික්කියට..ඉදා මේ දෙහි එක බීපම්..සිරන්තියා හදලා දුන්නෙ..පෝලිමට දෙහිබොනෝ පහල..මෙ අනිත් එක අයියට දිලා වරෙම් පහලට..බිව්වා වගේ නෙමෙ හුට්ටො හවසට ස්කොලේ පැත්තෙ යන්නත් ඕනේ.."

දැන් තමා නියම සැප..රෑ ගහපුවා ඔක්කොම වමාරලා දාද්දි දැනෙන සනීපේ ම්ම්ම්..නහයෙන් ආවම තවත් සනීපයි..සංසාරෙම එපා වෙනවා තාත්තේ..කෙලින් හිටගන්නවත් පනක් නැහැ..කන්නාඩියෙන් පේන මන් දිහා බැලුවම අසාද්‍ය රෝගියෙක් වගේ පේනවා.
එයා.....මාව පඩිපෙල ගාවදි කිස් කරපු එයා කවුද..

අකිත් අයියා ඇයි කවදාවත් නැතුව මන් ගාව නිදාගත්තේ..එතකොට එ එයාද..නැහැ..මට ලාවට මතකයි..එයා ඇදන් ඉදියෙ රතු..මන් දැක්කෙ කලුපාට ඇදුමක්..කලු පාටින් ඇදන් ආවෙ දෙන්නයි..එක්කෙනෙක් කලවැද්දා..අනිත් කෙනා...
මොකක් යසස් අයියා..නෑ වෙන්න බෑ..එයාද මාව කිස් කරෙ...වාවන්නැ...තාත්තේ වාවන්නෑ..එච්චර ඩොමිනන්ට් ගතියක්..මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ මයි..

එ යසස් අයියානම්.......
මගෙ ටොප් සිහිනේ........
යොහ් යසස් අයියට ටොප් වෙන්නනෙ මන් බලාන ඉදියේ..ම්හුක් බෙබී බොයි..බේබිගේ ඩැඩී වුනානෙ තාත්තේ..
එ වුනත්...නැහැ නැ නැ නෑ වෙන්න බෑ...එ ඉදියේ

යොහ් වට් ද ෆ*.....

අයිසේ ද්වීනාශයෝ..තමුසෙට කොහෙන්ද යකෝ මාව කිස් කරන්න තරන් හයියක්ක්.......ආආආඅහ්හ්හ්..ඇයි ඇයි ඇයි එයාම..එයා ඇයි මාව කිස් කලෙ..වැරදිලාද..වෙන කෙනෙක් කියලා හිතලවත්..මොකක් වුනත් ඌ කිස් කරේ මාවනෙ.. ඒ මදිවට මොකද්ද අර කිව්වෙ..i'm the water you need..ඒක පෙරේදා මන් ශෙයාර් කරපු peom එකනේ...

අන්ද්වේඒඒඒඒඒ...
සිපගැනීමක් එච්චර රසවත් කියලා හිතුවෙ නැ හැබැයි..එත් එ ඉදියේ අර ඉගුරුපාන් කලවැද්දනේ..සිද්ද වෙච්චි දේවල් එකින් එක මැවිලා පේන්න ගද්දි සිහිය වට්ටගන්නෙ නැතුව ඉන්න ලොකු ට්‍රයි එකක් දුන්නා..දැන් කොහොමද ආයෙ මුහුන දෙන්නෙ..ඒක වැරදීමක් කියලා කිව්වොත්..වැරදීමකින් උනත් ඒ මගෙ ප්‍රථම හාද්දනෙ..උබ මාව කන්න ආපු විනාශයක් ද්වීනාශයෝ............

මුහුන කට හොදන් පල්ලෙහාට එද්දි කට්ටියම එක එක තැන් වල වැටිලා හෝන්දු මාන්දුවෙන් ඉද්දි හවස ස්කොලෙට යන්නත් ඕන හින්දාම ඉක්මන්ට ගෙදරට ආවා..අම්මා වැඩට ගිහිම්..උදේම කබරයා දාපු හින්දා බඩ හිස් වගේ..ඔලුවෙ කැක්කුම යන්නත් එක්කම මන් ආස විදියට තේ එක හදලා බිව්වා..

මිට් එකෙ වැඩ ටික කරන්න සෙට් එකම හවස් වෙලා එමුයි කියලා දාගත්ත හින්දා අවුලක් වුනේ නැහැ..බැජ් හදන්න ගෙනාපු බඩු ඔක්කොම අපේ ක්ලාස් එකෙ කබඩ් එකට දාලා තිබ්බ හින්දා එ ටික ගන්න මහාමේරු පර්වතේ තරනයා කරන් යද්දි පඩිපෙල බැහැගෙන එන කලවැදි උතුමානන්ව පඩිපෙල් මාරුවෙන තැනදි මූනට මූන හම්බුනා..මාව දැක්කෙ නැහැ වගේ බැහැන් ගියපු හැටිවිතරක්..

මාව ගනන් ගන්නැතුව ගිය හින්දද..ඊයෙ රෑ වුන සිද්දිය හින්දද කියන්න දන්නැ..එත් මට දුකයි..එයාගෙන් පොඩි හරි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් මන් ඉදියා..වැඩක් නැ සමහර විට එයාට මුකුත් මතක නැතුව ඇති..උඩ පඩියට නැගලා අනිත් පඩියෙන් බැහැලා යන එයාව බලන්න ආපු සිතුවිල්ලත් එක්ක ගැට්ටෙන් එබිලා බලද්දි එයත් නැවතිලා උඩ බැලුවා..එ ඇස් දිහා බලද්දිත් මත්වේගෙන එනවා දැනෙනවා..එයා බලනවා මන් දැක්ක හින්දමද මන්දා කොහෙදො තිබ්බ හදිස්සියක් එකපාරට මතක් වුන ගානට කලබල වෙලා එතනින් යන්න ගියා..

"වතුර නාලා...
වතුර නාලා
තෙත කොන්ඩෙ කඩාලා
ඉන වටේ තදට
මල් ඉහිරුන චීත්තෙ ඇදලා..
රන් කොතලෙ උඹෙ උකුලේ තියාලා..
මගෙ සුරන්ගනී කොහෙද යන්නෙ
නිතඹ සලාලා....."

පසු බිමෙන් එන ගීතයට මේස රෙද්ද දියරෙද්දකට ඇදලා මැටි කලේ අරන් උකුලෙ තියාගෙන සුරන්ගනී නන්ගි වගේ පස්ස වන වන නටන තමාලයා හින්දා මුලු සෙට් එකම හුස්ම හිර වෙනකම් හිනාවුනා..

"අඩො සප්තයගෙ මූන රතුවෙලා බන් හිනාවෙලාම..පව් ඔයි..ඇති බන් හිනැස්සුවා..මරන්නද හදන්නෙ..අයියලා ආවොත් පෙන්නයි උබට සුරන්ගනී.."

"තමාලයො ඔය ඇති බන්..බලපම් තාම කනු ටික විතරයි..උඩට දාන රිටි ටික ගැටගහන්න ඕනෙ..ඉනිමග ගේන්න යමන්..විශාලයො අපි එනකම් ඉතුරු කනු ටික ගහපම්.."

ස්කොලේ පාලුම පැත්තට කියන්නෙ සයිබීරියාව කියලා..මෙපැත්ත්තට කට්ටිය එනවා අඩුයි..හුගක් බඩු තියෙන්නෙ මේ පැත්තෙ තමයි..ඉනිමග ගන්න කලිම් ඕන වෙන තව බඩු ටිකකුත් අරන් තමාලයටත් එන්න කියලා පරන ස්ටෝරූම් එක පැත්තට යන්න මන් ආවා..ඉනිමන් ඔක්කොම අනිත් උන් අරන්..මෙ පැත්තට කට්ටිය වැඩිය එන්නැති හින්දා මෙතන එක ඇතිලු...ඔක්කොමත් හරි මේ මුස්පේන්තුකමනේ අල්ලන්නෙ නැත්තේ..

ගබඩා ලග තියෙන ලොවි ගහට හෙත්තු කරලා තියෙන ඉනිමග ගන්න හදද්දි ගහේ ඉදිලා දිලිසි දිලිසි තියෙනවා දැකපු මේ ලස්සන ලොවි ටික දාලා යන්නෙ කොහොමද ඉතිම් හිතකින්..තද රතුපාට වෙලා කියන්නෙ ආයෙ බඩු මරුම තමයි..දකිද්දිත් කටට කෙල උනනවා..ඉනිමග හයියද කියලා බලලා ඒකට නැග්ගෙ යටම අත්තෙ තියෙන වල්ල කඩාගන්න..ඒ වල්ලෙ තියෙන ඔක්කොම හොදට ඉදිලා..වල්ලට අත තියලා අදිද්දිම පිටිපස්සෙන් ඇහුන කොල පොඩි වෙන සද්දෙට කලබල වුන නිසා අත්ත අතෑරෙනවත් එක්කම ඉනිමගෙන් තියපු කකුල ලිස්සුවා..ටෝන් ටෝන් ගාලා කඩපු ගෙඩි ඔලුවට පතබෑවෙද්දි කකුල ලිස්සලා පහලට වැටෙනවත් එක්කම ලොකු අත්දෙකක් මාව අල්ලගත්තා..

අනූවයි දශම තුන්කාලයි පන්ගුවෙන් තමා මන් එ බේරුනේ.. වැටුනනම් කොන්ද ලෙෆ්ට්..පිටිපස්සෙම් ආපු අත්දෙක මාව අල්ලගත්ත හින්දා ඒ වාරුවෙන් මන් ආයෙ ඉනිමගට හේත්තුවුනා..හේත්තුවෙලා වවුලා වගේ එල්ලිලා ඉද්දි අර ඉදපු එකා බලුපැටියෙක් උස්සලා අරන් බිමින් තියනවා වගේ මාවත් කිහිල්ල අස්සෙම් අත දාලා උස්සල බිමින් තිබ්බා..යොහ් කිචි කිචි තාත්තේ..

මේ නම් ගෙවෙන්නෙ මගෙ නරකම කාලෙද කොහෙ..ආයෙත් කලවැද්දම..මගෙ කතාවෙ ස්ක්‍රිප්ට් එක ලියන එකාට බැරිද මන් අහන්නෙ මෙ කලවැදි බන්ඩාර වෙනුවට වෙන හොද කෙනෙක්ව එවන්න..හරියට යසස් අයිය වගේ කෙනෙක්..මරාලයක් කඩන් පාත්වෙද්දිම මේයකා එතන..මාව උස්සල බිමින් තියලා වැටුන ගෙඩි ටිකත් පිහ පිහ ඇහිදලා සාක්කුවට අතදාලා ගත්ත බැග් එකට දාලා මගෙ පැත්තට දික් කරලා ඇස් වලින් ගන්න කියලා බැග් එක පෙන්නුවා..

අද එ ඇස් හරි අමුතුයි අප්පා..වෙන්දට රවන ඇස් අද කියන්නෙ වෙනම දෙයක්..අනෙ මන්දා මොන යකෙක් ගහලද කියලා..බෑග් එක මට දිලා ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා ඉනිමග අරන් නවලා බිමින් හෙත්තු කරපු එයා මගේ පැත්තට ඇවිදන් ඇවිත් ලොවි ගහට මාව හේත්තු කරලා අත්දෙක දෙපැත්තෙන් තියලා මාව හිරකරගත්තා..

යොහ්..ආයෙ කිස් කරයිද තාත්තේ..හිතනම් කියන්නෙ තල්ලුකරලා දුවපාන් කියලා..එත් තව කොහෙදො තැනකින් කියනවා ඔන්න ඔහේ ඉමු මොකද වෙන්නෙ කියලා බලමුයි කියලා..එ මදිවට ඊයේ රෑත් මතක් වෙනවා..මේ බැල්ම අනුවනම් කුරුමානන් අල්ලන්නෙ නිකමට වෙන්න බැහ්..

එයාම දුන්න බෑග් එකට අත දාලා ඉදිච්ච ලොවි ගෙඩියක් අරන් කටේ දාගත්ත සනික මගෙ ඔලුව පිටිපස්සට අත තියලා ගහටමාව තද කරලා අනිත් අතෙන් මගෙ නිකට උස්සලා ලොවිගෙඩිය තොල්වලින් අල්ලන් මගේ තොල් උඩින් තිබ්බා..මගෙ තොල් අතර ලොවි ගෙඩිය හිරකරපු එයා දත්වලින් ඒක කඩලා කද්දි රතුපාටට ලොවි ඉස්ම කට දෙපැත්තේ බේරෙන්න ගත්තා..ලොවි වල ඇබුලට දත් හිරිවැටීගෙන එද්දි එයා දිවෙන් ගෙඩිය තවත් ඇතුලට දාලා කට ඇතුලේදිම රස බලන්න ගත්තා..ලොවිවල ඇබුලයි හාදුවෙ රසයයි දරාගන්න බැරිතැන ලොවි බෑග් එක මගෙ අතෙන් ගිලිහිලා ගෙඩි ඔක්කොම අපි දෙන්නා ගාව බිම විසිරුනා..නිකටෙන් පහලට අල්ලලා කට තවත් ඇරපු එයා මුලු කටේම රස බලන්න ගත්තා..මගෙ හුස්ම හිරවෙලා එන අමාරුවට එයාගෙ පපුවට අත මිටිකරලා ගහන් යද්දි හිමිට තොල් අතෑරපු එයා කට දෙපැත්තේ බේරුන ලොවි ඉස්ම ලෙවකෑවා..

මේ යකා හරි වලත්තයෙක්..දැන් නම් මැරෙන්න කලින් වැස්සෙ හාදුවක් විදින්න පුලුවන් වෙයි වගේ..තාත්තේ ඔයාගේ පුතා ලොකු ගමනක් යන්නයි හදන්නෙ..යොහ් යොහ් සිහියට වරෙන් බේසිකයෝ..ඔහොම නම් බෑ..හරි සිහියට ඇවිත් ද්වීනාශ්ව තල්ලු කරද්දි මගෙ අත් අල්ලගත්ත එයා කනගාවට පාත් වෙලා හිමීට කන් තෙත් කරන අතරෙ හිමීට කනලග මිමිනුවා....





"Be my boyfriend.."

"මොකාක්....."

"I say be my boyfriend.."









__________________

හෙලොව්...😫
පරක්කු වුනාට සමාවෙන්නඕනි..
👉👈 පිංකමක් තිබ්බනෙ ලමයි..
වැඩ හින්දා සුට්ටක් බිසි වුනා...

මහන්සී......

ඔයාලගේ support එකට thankyou......
🥺💜😫
ඊලගට දිග එකකිම් එන්නම්






ආතරෙයි....💜
_Gojo_

Continue Reading

You'll Also Like

1.6M 96.8K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
417K 25.3K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
3K 282 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
6.3K 604 12
අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfiction-48