දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 12

1.6K 193 25
By Gojo_Nj9119

නමය පහුවෙද්දි වගේ කිරියා හැලිය ලිපේ තියලා හදන්න ගත්තා..හාල් පිටි වලට පොල්කිරි දාලා සීනී සුවද ගහන්නද කොහෙ එනසාල් ඇටයි කජුයි තව මොන මොනාද දානවා මාත් පැත්තක ඉදම් බලන් ඉදියා..මට මතකයි ඉස්සර අපේ ගෙදර කිරිදානෙ තියෙද්දි ආච්චිලයි නැන්දලයි අක්කලයි වටේ ගෙවල් වලින් හිරමන ඉල්ලන් ඇවිල්ලා තරගෙට වගේ පොල් ගහනවා..
ජින්ජි බරස් බරස් බරස්..අපෙ ආච්චිගේ පොඩි හිරමනේ ජින්ජි බරස් බරස්......
ඒකත් ආතල් ඉතිම්..ඒකාලෙ මාව ලග තියාගන්නැ පොල් කාලා දුවයි කියලා ශුවර් නැති හින්දා..හේ හේ..මෙහෙනම් ඉතිම් මැශින් එකක් ගෙනල්ලා පොල් ගෙඩි ටික එකපාර ගාලා දැම්මා..

අද සිරන්තියාගෙ දොන්ත මූඩ් ඕෆ් කරලා ශිරන්තී මෝඩ් එක ඔන් වෙලා..ෆුල් සීරියස් පිට ඉන්නෙ..එහෙටයි මෙහෙටයි දුවනවා අල්ලන්නත් බෑ..මේ ඉන්නවා මේ නෑ..
තමාලයනම් බඩු තිබ්බ තැන නැ කියන්න ගිහිම් දහපාරකට වඩා බැනුම් ඇහුවා..

"ඕ උබ දන්නැ උබ මේ ගෙදර නෙමෙනේ ඉන්නෙ..උබ පිට එකා මන් විතරයි මේ ගෙදර එකෙක්ට ඉන්නෙ..හැමදේම මගෙන්ම අහපම් ඒක නිසා.."

ශිරන්තිගේ දවසේ වැකිය..ඔහොම තමා ඉතිම් වැඩක් තියෙද්දි අම්මලා..තමාලයත් ඉතිම් මොකාද එකා වගේ හැමඑකම අහනවා..උගේ අයියා කැල්වින් ආවෙ රෑවෙලා..පොරට ඉතිම් කැම්පස්නේ..දැන් තමා ඉතිම් වැඩ පටාන් ගන්නෙ..

කිරියා හැලි තුනක් හදන්න තියෙනවලූ..ම්ම් ගමකට දෙන්න පුලුවන්..හැලිය ලිපේ තිබ්බේ දැන් නිසා තාම නටන්න හිතලවත් නෑ..එවුනාට තියපු වෙලේ ඉදම් පත්තෙන් හැදිගහනවා..අන්තිම හැලිය හදන වෙලේ මාත් ටිකක් හැදිගාන්න ඉල්ලගන්නොනේ අප්පා ආසාවෙ බෑ..කිරියා ටික ඝනට එනකම්ම හැදිගාන්නෙ පත්තෙන්..ඝන වැඩිවුනාට පස්සෙ පත්තෙම් ගාන්න අමාරු නිසා ප්ලාස්ටික් පිගානක් අරගෙන කවලම් කරනවා..ලේසි වැඩක් නෙමෙ පිගාන රත්වෙද්දි අමාරුයි..අනික ලන් වෙලානෙ කලවන් කරන්නෙත්..කොමහරි තෙල් පෑදෙනකම් පත්තෙන් කලවන් කරන්න ඕනි..අන්තිමට කිරියා ටිකට අතින් තට්ටු කරලා ඇලෙන්නැතුව තෙල් පෑදිලා තියෙනවනම් පදම හරි..කිරියා ගානට..

ඊට පස්සෙ ලිපෙන් බාලා කෙසෙල් කොල දාපු මේසෙ උඩින් වත්කරලා ගානට වඩවන්න ඕනි..වඩන වැඩෙ ඉතිම් ආයෙ නැන්දලා කරන්න ගත්තා..ඔය වගේ දෙවනි තැටියත් හදලා තුන්වෙනි එකත් ලිපේ තිබ්බා..කට්ටියටම දැන් හොද ගනම් ඉතිම්..කලවැදිස් නම් හරියට මහන්සි වුනා..අයියලටත් පුදුමයි පොර ගැන..කතා බහ අඩු වුනාට හොද කොල්ලලු...ම්ම් හාකො හාකො මන්
පිලිගන්නම්..

"රොකී අයියේ..මේ මටත් ටිකක් දෙන්නකො පත්තු ගාන්න.."

"පොඩ්ඩො උබට පුලුවන් ද..පුච්චගන්නැතුව ඉදින් මෙහෙට වෙලා.."

"අච්චෝ අච්චෝ පුච්ච ගන්නැ..අනෙ ටිකක් දෙන්නකො අප්පා..යොහ් ආසයිනෙ අනේ.."

"රොකී ටිකක් ඔන්න ඔහේ ටිකක් දීපම්..කොල්ලගෙත් ආසාවනෙ..ඕක දුන්නැතිවුනොත් අපි හෙට ඉදලා ඉවරයි.."

"අනේ ඒකනෙ කැල්වින් අයියේ..මට පුලුවන්නෙ ඉතිම්..පත්තක්වත් ගහලා නැත්තම් කොල්ලෙක් ගෙන් වැඩක් නෑනෙ ම්හුක්.."

"උබ දැන් හුරතල් වෙලා ඉල්ලගත්තා වගේ නෙමෙ පුතො..පුච්චගෙන වරෙම්කො ඔබනවා උබව ලිපේ..ආ අර පොඩි පත්ත ගන්න..ඒක බර නෑ..බලාගෙන ඇගට විසිකරගන්නවා නෙමෙයි හොදේ.."

"යොහ් මන් ආදරෙයිනෙ රොකී අයියේ..ඔයා තමා හොදම.."

"යැයි යැයි තමා..කො හිමීට ඔය අත කන්ට්‍රෝල් කරගනිම් විසිවෙයි අඅ..හදිස්සියක් නැ..වැඩිය ලන්වෙන්නෙපා රස්නෙ වැදෙයි.."

යාන්තම් දුක් මූනක් පෙන්නලා පත්තක් ඉල්ලගත්තා..අම්මො ලේසි නැ..දැන් නම් කෑල්ලට හයිවේගෙන එන්නෙ..එහෙම වෙද්දි තමා හයියෙන් පත්තු ගාන්න ඕනි..කලවැදි කුමාරයා පිගානක් අරන් කලවන් කරනවා වටේ තීන එව්වා..තමාලයා තේ කොල්ලා වෙලා වටේටම තේ අල්ලනවා..

"කො පොඩ්ඩො දැන් ඇති..ඉක්මන් කරන්නොනෙ..උබ ගිහිම් මටත් එක්ක තේ එකක් ගනිම්.."

එලෙව්වනේ මේ යකා..උටත් එක්ක තේ එකක් අරන් ඇවිල්ලා ඒ තේ එක පුටුවක් උඩින් තියලා පැත්තක තිබ්බ පිගානක් අරන් කිරියා හැලිය ගාවට ලංවුනා..ද්වීනාශ් අයියගෙ ඇගෙ දාඩිය බේරෙනවා..නලල දෙපැත්තෙන් බින්දු බින්දු..දත් වලින් යටිතොල කාගෙන හැදිගානවා..ශර්ට් එක ඇගට ඇලිලා..සුදු ශර්ට් එකෙන් එයාගෙ ඇබ්ස් හොදට පේනවා..අත්ගොබ පුපුරන්න ඔන්න මෙන්න වගෙ..එයාගෙ බෙල්ලෙ තියෙන මාලෙ හැදිගාද්දි එයත් එක්කම පැද්දෙනවා තාලෙකට..පිගාන අයින් කරලා පත්තට මාරු වුන එයා පත්තෙන් හැදිගාද්දි නහර ඉලිප්පිලා පෙනවා..මේවා බලන්න විතරයි පුලුවන්..ස්පර්ශය තහනම්නේ..කෝමත් අල්ලන්න ඕන්නැ හුම්...


මන් හිමීට වටෙ බල බල ලිප ගාවට ලන් වෙද්දි මෙ මනුස්සයා පත්තත් අතෙ තියම් ඇහිබැමක් උස්සලා මෙ පැත්ත බලාගෙන ඉන්නවා..මෙ මන් දිහාද බලන්නෙ..මගෙ දිහාවට ඇගිල්ලක් දික් කරලා එයාගෙන් අහද්දි ඔව් කියන්නද මන්දා ලාවට ඔලුව හෙල්ලුවා..දත් තිස් දෙකම පේන්න හිනාවක් දාලා පිගාන පෙන්නලා කලවම් කරන්නද කියල අහද්දි එපා කියන්නද කොහෙද රවාගෙන ඉන්නවා...අනෙව් ම්හුක් එකපාරයිනෙ අනෙ අයියලා ටිකත් පේන්න නැ වැඩිය..එකපාරයි කියලා කියන්න ඇගිල්ලක් උස්සලා පෙන්නුවා..එත් රවනවා..අපි දෙන්නා ඇස් වලින් කතාකර කරන අංගචලන නර්තනය ගැන මුකුත් නොදන්න මහිම අයියා පන දාගෙන හැදිගානවා..

මන් ඇස් ලොකු කරලා යටි තොල හරොලා දුක් මූනක් දාලා ආයෙ අහද්දි නම් මිනිහා හා කියන්නද කොහෙද හුස්මක් පිටකරලා ඔලුව වැනුවා..හරියට නිකම් උබට කියලා වැඩක් නෑ වගේ..මන් දත් තිස්දෙක පේන්නම ලොකූ හිනාවක් පෙන්නලා පිගාන අරන් හෙමීට වටේ හුරලා අරන් මැද්දට දැම්මා..
දැන් නම් කෑල්ලට ඇවිලල වටේ කරවෙන්න කලිම් හූරලා දාන්න ඕනි..අම්මො රස්නෙයි අප්පා..පිගානත් රත්වෙලා..ඇගෙ මුලු හයියම දීලා මන් කලවන් කරනවා..

"පොඩ්ඩො..මොකද උබ"

"ආ අඅයියේ....."

"ආව්...."

"දෙයියනේ සුදු පිච්චුනාද.."

මෙ රොකී අයියත් එන්නෙ ඕන්නැතිවෙලාවටනේ..එකපාට්ට ඇවිල්ලා කෑගහපු හින්දා බයවුන පාර ගොනාවගේ හැරෙද්දි තමා මතක් වුනේ අත වැදුනොත් ලෙප්ට් කියලා..අත තාච්චියේ වැදෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි කොහෙන්ද ආපු අතක් මගෙ අත අල්ලගත්ත හින්දා පිච්චුන්නෑ..එත් එ අතේ අයිතිකාරයට නම් වේදනාවට කෑගැස්සුනා..

"අනේ නේත්‍ර අයියේ...වැදුනා නේද අත රතුවෙලා හොදටම.."

"මොකද වුනේ පොඩ්ඩො කො පිච්චුනාද.."

"අනේ මට නෙමෙනෙ රොකී අයියේ..මෙ මෙයාගෙ අතනෙ පිච්චුනෙ..අනෙ වතුරට අල්ලමුකො.."

"හප්පා කොල්ලො ඔහොම්ම ටැප් එකට අල්ලමු..පොඩ්ඩො දුවල ගිහිම් අයිස් කැටයක් ගෙනෙම්.."

ඇයි අනේ මෙ මොඩයා අත දැම්මෙ..යොහ් පිච්චිලානෙ හොදටම..දැවිල්ල ඇති හොදටෝම..මාව බේරන්න ගිහින්නෙ එයාට තුවාල වුනේ..මටවත් මීටර් වුන්නැති මගෙ අත එයා දැකලනේ..

"නැන්දේ අයිස් කැටයක් දෙන්ඩෝ..."

අයිස් අරන් ඇවිල්ලා පිච්චුන තැනට තිබ්බා..දැවිල්ල නැද්ද මෙ මනුස්සයට ඔහෙ අත දීගෙන ඉන්නවා..ජොනී අයියා ඇවිල්ලා පිච්චුනාම ගාන බෙහෙත් එක දීලා ගාන්න කියලා දීලා ගියා..මගෙ අතත් ගැහෙනවා අප්පා..මෙ මනුස්සයට ගානක් නැ.. ඇස් කොනෙන් මෙ මනුස්සය මන් දිහා බලන් ඉන්නවා පේනවා..එදා වැටුන දවසෙ මන් බෙහෙත් දාද්දි බලන් ඉදියා වගේ බලාගෙන ඉන්නවා පිස්සෙක්ද මන්දා..එකපාරට ඒ මූන දිහා බලද්දි කට කොනෙ හිනාවක් තිනවා දැක්කා..ඒහ්හ් මේන් මෙයා හිනාවෙනවා..සැක හින්දා ඇස්පිය ගහලා ආයෙ බැලුවා..යොහ් යොහ් මේ දැන් හිනාවෙනවා දැක්කා නේද..ඇත්තටම මට ඔල්මාදෙද..ඒක මගෙ හිතලුවක්ද..හිනාවෙනව දැක්ක මිනිහා රවාගෙනනේ ඉන්නවනෙ දැන් ..ඉක්මන්ට බෙහෙත් ටික ගාලා ග්ලෝස් කෑල්ලකින් බැන්දා..හුගක් තද කරෙ නැ..නැත්තම් තැම්බෙන්න ගන්නවනෙ....

එ කිරියා හැලියත් බාලා ඉවර වෙද්දි දොලහත් පහු..ආයෙම ලිපෙ කිරිබත් එක හදන්න නැන්දලට ඉඩදීලා අපි ආවා එන්න..කලින් බඩගින්නක් තිබ්බෙ නැත්තේ චොක්ලට්ම කාලා බඩ පිරුන හින්දා.. කොමහරි තමාලයත් එක්ක ගිහිල්ලා බත් බෙදාගෙන ඇවිල්ලා කන්න ගත්තා..

කන්න ගත්තා විතරයි..ද්වීනාශ් අයියා කොහෙන්දො මන්ද පුටුවක් අරන් ඇවිල්ලා මගෙ ඉස්සරහින් ඉදගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා ..මේ මොකතේ මේ...

"අ අයියේ..මේ.."

"මටත් කන්න බැරිවුනා..මේ තමුන් නිසයි අත තුවාල වුනෙ..එක නිසා මටත් කවනවා.."

ඉතිම් මන් කිව්වැයි තොට අතදාන්න කියලා..කියන්න හිතුනත් හිතින් විතරක් බැනලා කටවහන් ඉදියා..බත් කවන්න කියද්දි බෑ කියන්න මොකද්ද වගෙ නිසා ඔන්නොහේ එයාට කවන්න ගත්තා..

"සුදු බබා..දැන්ද කන්නෙ.."

"ආ ඔව් අකිත් අයියෙහ්..ඔයා කෑවද.."

"ම්ම්ම්....මාත් තාම කෑවෙ නැ..මේ මොකද තනියෙන් කන්න බෑ වගේද.."

"එහෙම නෙමෙ අයියේ මේ ද්විනාශ් අයියාගෙ අත මන් හින්ද තුවාල වුනානෙ..ඒ අතින්නෙ කන්නෙ..එයත් කාලා නැති නිසා මන් කනගමන් කවන්න හැදුවෙ.."

"හා හරි හරි..
මේ මටත් කන්න බැරිවුන එකේ ඔන්න ඔහෙ ඔය චූටි අතෙන් මටත් කවන්න.."

අනේ මගෙ තොත්ත බබාලා දෙන්නා..වැදිස්ට කවලා ඉවරවෙන්නත් කලින්ම අකිත් අයියත් බබා වගෙ කට ඇරන් ඉන්නවා..ඊට හපන් කලවැද්දා..සමහර කටවල් බලෙන්ම කනවා..මුන් දෙන්නාට වඩා පොඩි උන් හොදයිනේ..

"අයියේ..තව ගේන්නම් නේ.."

"එපා සුදු.."
"හා.."

මුන්දෙන්නා යකෝ..එකෙක්ට එපා කියද්දි අනිකා හාලූ..ඒ කියලා ඉවර වෙලා මේන් දෙන්නට දෙන්නා රවාගන්නවා..

"මොකද්ද අනේ එපාද හාද..ද්වීනාශ් අයියට විතරක් ගේන්නම් එහෙනම්..අකි අයියේ ඔයාට එපානෙ.."

"ආ නැ නැ මටත් ඕනේ..බඩ පිරුන්නෑවගේ..තව කන්න ඉඩ තීනෝ.."

මුන් දෙන්නා නිසා මටත් කන්න බෑ..දෙන්නට දෙන්නා රවාගෙන ඉන්නවා ඒ මදිවට..

"ම්ම් ආයි ආයි...අපෙ සප්තයට හරි ගිහිල්ලා..කොල්ලො දෙන්නා දෙන්නා ටෝක් කරනවා දැන්..."

"ඕන් කිව්වා කට කැඩිච්ච කතාවක්..බේසික්‍යා..අහගන්නෙපා..අර වැද්දට කව කව ඉද්දි එකපාරට අකිත් අයියත් ආවා බන්..පොඩි උන් දෙන්නෙක් වගේ උන් දෙන්නා..බත් කටටත් රන්ඩු තව ටිකෙන්.."

"ම්ම් මට නම් පේන්නෙ බත් කටට කෙසෙ වෙතත් වෙන දෙයක් බෙදාගන්න බැරුවයි ඔය රන්ඩුවෙන්නෙ කියලා.."

"හෑ මොකද්ද එ හරුපේ..මොකෝ උන්ට පිගාන බෙදාගන්න බැරුවද.."

"තොට කියන කට හොදයි...
පලයම් පලයම් ගිහිම් කවපම් උබේ බබාලට.."

දැන් නම් කන්න තිබ්බ පිරිය ගිහිල්ලා..අපෙ අම්මා බත් කද්දි කටක් ඉල්ලන් යද්දි නිදහසේ කන්න දිපම් කියලා බනින්නෙ ඇයි කියලා මට දැන් තේරෙනවා..ඔම්මා තේරුනේ දැන් තමයි..

"තමුන් කන්නැද්ද..අපිටම කවන්නෙ.."

"මට ඇතිත් වගෙ අයියලා කන්නකො පස්සෙ කන්නම්.."

"නැ එහෙම ඔන්නැ තමුනුත් ඔහොම්ම කන්න.."

"ඔව් සුදු බබො ඔයත් කන්න ආයෙ බෙදාගන්න ඔන්නැ.."

කන්න පුලුවන් මුන් දෙන්නා එක්ක..මන් කියන්නැ ඉතිම්..
මන් කෑවෙ නැත්තම් මාව කන්න වගෙ බලන් ඉන්න හින්දා මාත් චුටි චුටි කටවල් කන්න ගත්තා.. සුදුලූනු කෑලි අයින් කරන්නයි..කරපිංචා අයින් කරන්නයි..මුන් දෙන්නට කවාගන්න කියලා මන් යනො යන්න දැන් නම්..මාර වුට්ටක් වුනානෙ මේක..

රැවිලි ගෙරවිලි අස්සෙ ඇතියාන්තම් කවලා ඉවරයී..ඩබලටම අයිස් ක්‍රීම් කප් දෙකක් ගෙනල්ලා අත් දෙකට දීලා ගියා..නැත්තම් ඕකත් කවනකම් බලන් ඉදී..මුන් දෙන්නට අද මොන යකෙක් වැහිලද මන්දා..අරකා කොහොමත් යකානෙ..හොදට ඉදපු අකිත් අයියට ගහපු යකා මොකාද..

පොඩ්ඩක් ඉන්න......
අකිත් අයියාගෙයි වැදි කුමාරයගෙයි මොකක් හරි තියෙනවා වත්ද..වෙන්න බැ දෙන්නා අද හම්බවුනේ..එක්කො වැදිස් කැමති වත්ද..අකිත් අයියගේ ටයිප් එක වැද්දා වෙන්න බෑ හැබැයි...ශුවර් ශොට් වැද්දා කැමතී අකිත් අයියට..යොහ් යොහ්..කලවැද්දෝ මගෙ ඩැඩීගෙන් ඈත් වෙයම්...කුමාරයට අත තියන්නෙපා පුස් කුරුම්බැට්ටි වැදිසෝ....









පාන්දර හතරට තමයි කිරි අම්මලා ටික එන්න ඉදියේ..ලොකූ බේසම් වලට පලතුරු පුරොලා තිනවා..ගාථා කියනවා කියනවා දැන් පැය දෙකක් තිස්සෙ..තමාලයටනම් එපාවෙලා ඇති..ඌ ඉදියනේ කිරි අප්පට..කිරි අප්පද කිරි පප්පද මන්දා..ඒවගේ නමක්..කිරි අම්මලා එක්ක වාඩිවෙන්න ඕනිලු එහෙම කොල්ලෙකුත්..සමහර පැතිවල එහෙම නෑලූ..ඒ වුනාට හරිම විදිය මේක කියලා කියන්නෙ..මන් දන්නෑ ඔව්වා ලොකු අය තමා කියන්නෙ..

දැන් නම් ඇස් දැවිල්ල අල්ලගෙන එන්නෙ..නින්දක් නෑනෙ ඉතිම්..අයියලා දෙන්නෙක් තුන්දෙනෙක් තමාලයාගෙ ඇද බදු අරන් නිදි..කලවැද්දත් ගෙදර ගියේ..අකිත් අයියා එක්ක කයිය ගහ ගහ ඉදියට මට දැන් නින්ද යාගෙන එන්නෙ..
තමාලයගේ ස්තෝප්පුවෙ කනුවට හේත්තුවක් දාන් හිමීට ඇස් වහන්ඉදියා..
අකිත් අයියා ඩොක්ට කෙනෙක්..පේශන්ට් කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත් එයත් ගියා යන්න..මහ පාන්දරම පේශන්ට්ලත් කෝල් කරනව..කවුද දන්නෙ කෙල්ලද කියලත්..

කනුවට හේත්තුව දාගෙන ඉද්දි මගෙ ඇග පස්සට ලිස්සලා යනවා..වැටෙන්න ඔන්න මෙන්න ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා..තුන්පාරක් විතර දැන් ගැස්සුනා..හරියන්නෑ මේක කනුව දෙපැත්තට කකුල් දාලා ඒක බදාගෙන නිදාගත්තා..අයෙත් පාරක් පස්සට ලිස්සලා යද්දි පිටි පස්සෙ ඉදපු කාගෙද ඇගක වැදුනා...දැන් නම් ඇස් අරින්න බෑ දැවිල්ලයි අප්පා..මොකෙක් වුනත් ගෙදර එකෙක්නෙ..ඔන්න ඔහේ ඉන්නවා..එතන ඉදපු කෙනා මාව හිමීට ලගට අරන් කකුලත් පන්නලා දාලා මාව එයාගෙ අත් අස්සටම අර ගත්තා..මන් දැන් එයාගෙ උකුලේ කියලා මට තේරෙනවා..පොඩි එකෙක්ට කිරි දෙන්න වඩාගන්නෙත් මෙහෙම තමයී..එ අස්සෙම් පල්ලෙහා ගෙදර අක්කා බබාට කිරි දෙන හැටිත් මතක් වෙනවා..මගෙ ඔලුව එයාගෙ පපුවට හේත්තු කරගත්තට පස්සෙ එයාගේ වටේට අත දාලා බදාගෙන නිදාගත්තා..ම්ම්ම්ම් සනීපේ බැ අප්පා..සැප නින්දට සැප මෙට්ටෙ..මට නිදාගද්දි නහය හිරකරන් නිදාගන්න ඕන පුරුද්දක් තියෙන නිසා ඉබේම මගෙ නහය එයාගෙ පපුව අස්සෙ තියලා තදකරගත්තා..

අම්මෙහ් සුවද.....











.
.
.
.
.
.

______________
හෙලොව්ව්...

මන් ආවා👉👈
කෝමතේ

ලයික් කොරන්න කමෙන්ට් දාන්න...
හැමොටම ආතරෙයී👉👈

ඊලග එක එන වෙලාව තීරනේ වෙම්නේ කමෙන්ට් අනුව බැව් කරුනාවෙන් දැනුම් දෙමි😌

ඉක්මන්ට එන්නොනෙ නම් කියන්ට 🌝🙊

එන්නාම්....

_Gojo_

Continue Reading

You'll Also Like

2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
3K 282 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
11.9K 1.5K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න