දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.8K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 11

1.7K 199 41
By Gojo_Nj9119

අදත් ඉතිම් හිමිදිරි උදෑසනේ මම මේ පාසල් යමී..මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න..තොප කිව්වොත් හී කියන්න තොපි කිව්වොත් හූ කියන්නලු ඉතිම්..ස්කූල් ගේට්ටුවනම් පේන හරියේ..තමාලයයි විශාලයයී කරට අත දාම් බර කයියක්..ම්ම් කෝප්ප හෝදනවා වගේ..මාවත් ගනම් ගන්නැතුව යන්නෙ ඔය..තාම හතවත් වෙලා නැතුව ඇති..එච්චර ලමයි නෑ පාරෙ..හත පහු වුනාම තමා ඉතිම් සුහද කොක්කු වගේ සුදු පාටට පාර වැහෙන්න පේලියට එන්නෙ..

ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම ඉතිම් නියපොතු චෙක් කරනවයි කොන්ඩා බලනවයි බෑග් බලනවයි මලයිකාර..සම්මතේ වගේ ඉතිම් හැම ස්කොලේම එකම  නීතිනේ..මන් නම් කියන්නේ සම්මතෙන් පිට පනින්නම ඕනි කියලයි..

මගෙ ඉතිම් ලොකූවට නියපොතු නෑ..ලාවට වගෙ වැවිලා..මේක කපන් එන්න කිව්වොත් අනෙ උබ නටපම් අයියේ කියලා තමා කියන්න වෙන්නෙ..ආසාවකට දිගට නියපොත්තක් වවන්න බෑ වැවීගෙන එද්දි එක්කො කැඩෙනො නැත්තම් කෑල්ලක් යනො..කැල්ලක් කොට වුනාම ඉතිම් නියපොත්තට අංශභාගෙ වගේනෙ කඩලම දානවා..ඒකට සමහරුන්ගෙ නියපොතු මේන් සයිස්..පාටියකට ගිහින් ඕන්නම් ඒ අස්සෙත් බත් දාන් එන්නත් පුලුවන්..

බුදු මැදුර ගාව ඇහැල ගහේ  මල් පෙති බිම පැදුරක් දාලා වගේ ලස්සනට වැටිලා  තියෙනවා..මේ කාලෙට කොහොමත් ලස්සනයි..පෙතිවලට වැඩිය බිම තීන්නෙ මලේ මැද්දෙ තියෙන ලොකු රේණු..ඒවනම් මරු..ඒකෙන් අපි මාල මුදු එහෙමත් හදනවා..ඔක්කොමත් හරි වැටුන එව්වා අතුගාද්දි තමා එපාවෙන්නෙ..

"හෙයි බියුටිපුල් කොම්ලෝ මනමේ..විල් යු මැරී මී ඒයී.."

අනෙ මේ තමාලයත්..
මාව දාලා විශාලයගෙ කරෙ නැගලා ගියපූ එකා ඒගමන ඇහැල මලේ තියෙන රේනුවක් අරන් පටලවලා මුද්දක් වගේ හදලා දන ගහලා මට දික් කරන් ඉන්නවා...

"තොට දැන්ද බියුටිපුල් කොල්ලව මතක් වුනේ..ආ කො දැන් උබ දක්කන් ආපු ගොන් නාම්බා.."

"යොහ් මේක ගනිම්කො එයි කොල්ලට දනිස් අමාරුව..කො හනික අත දික්කරාම්කො..ඔය කසාද ඇගිල්ල ඔයි මැදගිල්ල දියම්.."

"මෙන්න මෙහෙ දියම්..මුදු දාන්න..මොකෙක් හරි දැක්කනම්..උබටත් පෛත්‍යම්.."

"ආ..කවුරු මොනා කියන්නද..ආ මමනේ දාන්නෙ..අනික මට ප්‍රශ්නයක් එන්නැ කොහොමත්..උබට ඉතිම් මෙහෙම හරි මුද්දක් දාන්න ඉන්නෙ මම විතරනේ..කොහෙද ඉතිම් දාන්න කැමති අයටත් අවදානෙ දෙන එකක්යෑ උබ.."

"මොකද්ද මොකද්ද ඒ හරුපේ..උබත් දැන් ගානට වැඩී සූකිරියෝ.."

"අනෙව්ව් මේ එව්වා ලොකු අයගේ කතා..කො කෝ යමන් ඉතිම්..ඊයෙටත් එක්ක අද වැඩකරපම්.."

මන් නොදන්න මොකාක් හරි කුරුම්බැට්ටියක් මේකාගෙ ඔලුවෙ තියෙනවා..එලිවෙයිනෙ දවසක..
ඉස්සරහට යද්දිම යසස් අයියා ඉන්නවා..දැන් නම් දකිද්දිත් ගැස්සෙනෝ..හීනයක් කරපු කෙලියක්..හීන හීනම වෙද්දෙන්..ඕක හැබෑවක් වුනොත් පපුව ගලවලා සේප්පුවෙ දාගන්න තමා වෙන්නෙ..

තමාලය නම් අම්මෙ ඉතිම් පැනි හිනාව දාන් යසස් අයියත් එක්ක කතාව..වෙලාවකට හිතෙනො මූත් යසස් අයියට කැමතී කියලත්..අඩො අපේ බෝයිපෙන් කියලා නම් නටන්න බෑ පුතෝ..උබ එක්ක ජොකා බෙදාගත්තත් කොල්ලා බෙදාගන්න බෑනෙ එයී..මූ නම් ඉතිම් ත්‍රීසම් හරි කමන්නැ හා  කියන ජාතියෙ එකා..එව්ව් එව්ව්..වැඩක් නැ තමාලයො උබ කැමති වුනත් ඕක බදින්න වෙන්නැ..අච්චෝ අච්චෝ සප්ත උබ මේ උබේ හොදම යාලුවට නේද කටකතා හදන්නෙ..

යසස් අයියට ලාවට ගුඩ්මෝනින් කියාගෙන තමාලයවත් එල්ලන් අපේ බිල්ඩින් එක පැත්තට ආවා..අම්මෙ ඉතිම්  ස්කොලෙට මොනාද ඕනි කියලා පිනා අහන් ආවොත් ඊලග පාර මන් කියන්නෙ   ලිෆ්ට් එකක් තමා සර් දැන් නම් අවශ්‍ය කියලා..තට්ටු හතරක් ලේසි ද මන් අහන්නෙ..බඩ බස්ස ගන්න ආයෙ අමුතුවෙන් හතිදාන වලව් අස්සෙ යන්නොන්නෑ..මේකෙ උඩට පල්ලෙහාට දහපාරක් නැගලා බැස්සත් ඇති..මගේ නම් ඉතිම් ලෑටි බඩ මේ නගින නැගිල්ලට පිටට යනවා ආයෙ කතා දෙකක් නැ..

බිල්ඩිමට යන්න හැරෙනකොටම උන්මාද චිත්‍රා එක්ටැම්ගෙයි ඉදම් දීඝගාමිනී එනකම්ද කොහෙද එලිය බලාන ඉන්නවා අන්න..දහතුන ක්ලාස් එකේ සදලු තලේ ඉදම් මේ එබී බලන්නෙ කලවැදි උතුමානන් හෙවත් ද්වීනාශ් බන්ඩාරයා නේද..

ආ ආ මෙච්චර වෙලා මේ පැත්ත බලන් ඉදිය මේකා මන් දැක්කා විතරයි රවන හැටි..අනෙ උබ දන්නෙ රවන්න විතරයි..කන්න වගේනෙ යකො බලන් ඉන්නෙ..මුට කරපු වැරැද්දකුත් නෑ..කෙලින්ම අහන්නොනේ මොකද්ද මන් එක්ක තියෙන ප්‍රශ්නේ කියලා..ඇයි යකඩො රවනවයී ගස්සනවයි..කෙල්ලොන්ගෙත් නැනෙ මෙච්චර ගැස්සිල්ලක්...

එයාගෙ බැල්ම බලාගෙන ඉන්න බැරි තැනම තමාලවත් පහුකරන් පඩිපෙල නගින්න ගත්තා..මුල ටික නම් දුව දුව වගේ නැග්ගට..හම්මෙ දෙවනි තට්ටුවෙ ඉදන් කකුලට හොද ගනන්..තුන්වෙනි තට්ටුවෙ පලවෙනි පඩිය නැගගන්නත් බැ දැන් නම් හොදටම හති..තමාලයත් තාම බඩගානවා..ඌ එනකම් පඩිය අල්ලම් හති දැම්මා..තාම විස්සක්වත් නෑ..එ වුනාට දනිස් අමාරුව..අච්චෝ ලැජ්ජාවෙ බැ අප්පා..හැටපැනපු සීයලා මීට හොදයි..

දහතුනේ සෙක්ශන් එකට ලන් වෙද්දිම වගේ හෙන කදයාවගේ එකෙක් මන් ලගින් බැහැන් යනවා චායාව විතරයි පෙනුනේ..යකෝ ෆ්ලැෂ් ද ඒ..දිව්වද පැන්නද..ඒ  යන යෑමට නම් තප්පර දහයෙන් බිම..

"එ උබ දැක්කද බන් දැන් බැහැගෙන දිව්ව එකා.."

"කවුද..ආ ද්වීනාශ් අයියනේ බන්..ඇයි තො ඇස් දෙක කටේදාන් ද ඉදියේ ඒකා බහිද්දි..කොහෙද ඉතිම් උබට ඌව පේන්නැ කොහොමත්.."

"එ සිරාවට ගියා නෙමෙ ඔයි විද්දනේ බන් මන් ආපිට බලද්දි ශර්ට් එක විතරයි පෙනුනේ.."

"හරි හරි උබට එයාව ලගදිම පේන්න ගනි දැන් යමන්කො.."

.
.
.
තරග ඔක්කොම වගේ මෙ වෙද්දි ඉවරයී..දැන් තියෙන්නෙ ඉතිම් හවුස් හදන වැඩයී බැජ් හදන වැඩ ටිකකුයි තමා..මේකනෙ ඉතිම් ලොකුම වැඩේ..තව දවස් තුනයි ඔක්කොටමත්..හෙට නම් පෝය අනිද්දායි ඊට පස්සෙ දවසෙයි තමා ඉතිම් ලොකුම හරිය..

අද රෑට තමාලයගෙ ගෙදර කිරිදානයක්...
හවසට ඉතිම් එහෙ තමයි..උන්ගේ නෑදෑයො සෙට් එකත් දැකබලාගන්න පුලුවන් කාලෙකින්..තමාලයගේ අයියලා ටික තමා ආතල්ම..අවුරුදු දෙකකින් වගේ මේ ආයෙ එකතුවෙන්නෙ..කිරිදානෙට පහුවෙන්දා පාටියක්ලු..ම්ම් මරුවට තියෙයි..

උදේ පීරියඩ් ටිකේනම් දතකාගෙන ඉගෙන ගත්තා..ඉන්ටවල් එකෙන් පස්සෙ තමා එලියට පැනගන්න පුලුවන් වුනේ..කාගෙන් බේරුනත් මල්කාන්ති මිස්ගෙන් බේරෙන එක ලෙසි නැහැ..

"සප්තයෝ..මේ මෙ වරෙන්කො බන් ගමනක් යන්න තිනවා..බොලෑ නයනේ කාන්තිය තින මිස් කිව්වා බන් එලියට ගිහිල්ලා මෙන්න මෙ බඩු ටික අරන් එන්න කියලා වරෙම් බන් ..පනින්න කියාපු චාන්ස් එක.."

"ටසිරි අඩො යමන් යමන් කම්මැලිකමේ ඉදියේ ආ.."

"ඔව් ඔව් බලපම් ඉතිම් අපිට කලිම් යසස් අයියලා ගිහිම් වෙන වැඩකට ඒක නිසා මට සෙට් වුනේ.."

හම්මෙ ඉතිම් වාසනාව තමා..මෙහෙම එලියට පනින්න ඉතිම් ස්පෝට් මීට් කාලයක්ම එන්නොන ඉතිම්..ලගම තියෙන්නෙ ආර්පිකෝ එක හින්දා ඒකට ගියා..මිස් අපිට කියල ගෙදරට බඩු ගෙන්න ගන්නවද මන්දා..සීනියි ලුනුයි බීම කුඩුයි දෙහි නාරන් කෝඩියල් මදිවට අගලේ ඇනයි කොන්ක්‍රීට් ඇනයි සේලයින් එකයි ග්ලෝස් කෑලියි පුලුනුයි..

"අඩෝ අද ටවුමෙම රොන්දෙ ගහන්න වෙයි..බලපම්කො ලිස්‍ට් එක..මේ කලයකුත් ගේන්න කියලා..මිස්ට නාන්නද දන්නැ බන්.."

"මේ සප්තයෝ එක්කො ඕකට යන්න කලිම් දොර ගාව ඉන්න අන්කල් ගෙන් අහමුද බන් ඇන එහෙම ගන්න පුලුවන් වෙයිද කියලා.."

"අඩො ආපිකෝ ඇවිල්ලා තිබ්බට ඇන අරන් ගිහිම් නෑ බන් මමත්..එක්කො හාඩ්වෙයාර් එකකට ගිහිම් යමුද.."

"නැ පොඩ්ඩක් ඉදින්කො අහලාම යමන් ආයෙ දෙපාරක් යන්න බෑ අර අතන අන්කල්ගෙන් අහමූ අඅ නිදිද බන් එයා..."

"මේ අන්කල්..මේකෙ ඇන එහෙම ගන්න පුලුවන් වෙයිද..දන්නැති හින්දයි අහන්නෙ..ආයෙ දෙපාරක් යන්න වෙනවනේ එකයි.."

"ආ...මොකද්ද පුතා..ආආආ..හරි හරි මේ ඔහොම්ම කෙලින් ගිහිම් දකුනට හැරෙන්න ආයෙත් දකුනට හැරිලා එතනිම් දකුනට ගිහිම් උඩ තට්ටුවට යන්න ඒකෙන් නැගලා වමට යද්දි දකුනු අත පැත්තෙයි පුතා බේකරිය තියෙන්නෙ.."

මොකක්  මොලේට ලොඩ් වෙන්න වෙලා ගියා..ඇන ගන්න අහපු මුට  අන්කල් මොකද්ද මේ  බෙකරියක් ගැන කියවන්නෙ..

"නැ නැ අන්කල් බේකරිය නෙමෙ..මේ හාඩ්වෙයාර් එකකට යන්න බැරි හින්දයි ඇහුවෙ මේක ඇන තියෙනවද කියලා.."

"ආයෙත් අහලා මාලු පාන් කිබුලා බනිස් පීසා ජෑම් පාන්  එහෙමත් තියෙනවා පුතා..රෑට රෑට කොත්තුත් ගන්න පුලුවන් ඕන්.."

"අයියෝ නැ නැ අන්කල් ඇනයක් ගන්න බැරිවෙයිද..ඇනයක්.."

"මොනාද අහන්නෙ පුතා මන් ගාව කොහෙන්ද මාලු පාන්..මන් දැන් ඔයාට කිව්වනේ යන විදිය එතන තියෙනවා ඇතිවෙන්න.."

"අනේ මෙ කෙහෙල් මල් බනිසක් නෙමෙ අන්කලයෝ..අම්මපා කන් ඇහෙන්නැද්ද මනුස්සයෝ.."

"මගෙ කන් ඇහෙනවා ලමයො මන් දැන් එකපාරක් කිව්වානෙද මන් ලග මාලු පාන් නැ කියලා.."

"ඔයි කෑගහන්නෙපා බන්.."

"අඩෝ මෙ අන්කල් බීලද උට්ටො..ඇනයක් අහද්දි මාලු පාන් ගානවා.."

"කො ඉදින් තමාලයෝ මෙයාගෙන් අහලා වැඩක් නෑ..ඇතුලේ එකෙක්ගෙන් අහමු..අඩො අපිටමයි බන් මෙහෙම වෙන්නෙ.."

"අනෙ අන්කල් ඔයාගේ මාලුපාන් ගෙඩිය තියන් වාඩිවෙයම්.."

"excuse me sir මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"ආ මේ අපි මෙ අන්කල් ගෙන් ඇහුවෙ මෙකෙන් ඇනගන්න පුලුවන් වෙයිද කියලා අපිට.."

"මොකක් ඇනගන්න ..මොනාද ඇනගන්න ඕන.."

"අනෙ ඔයි මෙ වෙන කඩෙකට යමන්කො කඩවල් නෑ වගේ මේකටම ආවා.."

"කෑගහන්නැතුව ඉදපම් තමාල් ටිකක්..
"මෙ අයියේ අපි ඇහුවෙ කොන්ක්‍රීට් ඇණ ගන්න පුලුවන් වෙයිද කියලා.."

"ආහ් ඔව් සර් උඩට යන්න ඕන..උඩ තට්ටුවේ කෙරෝලේම තියෙනවා..බලලා ගන්න පුලුවන්.."

"ආ හරි අයියේ තැන්ක්ස්.."

ඇති යාන්තම් අහගත්තා.. ඇණ ගන්න ආපු මුටයි මටයි තව ටිකෙන් වෙන්නෙ ඇනගන්න තමා නැත්තම්...
ලිස්ට් එකෙ තිබ්බ ඔක්කොම බඩුත් ගත්තා..  මිස් කිව්වලු ඉතුරු ටිකෙන් මොනාහරි ගන්නත් කියලා..ලොකු මුකුත් ගන්න බැරි නිසා වොන්ඩර් කෝන් දෙකක් අරන් කකා ආවා..මූයි මායි දැන් නිකම් නිවාඩුවට  බඩු අරන් ගෙදර යන මිනිස්සු දෙන්නෙක් වගේ..



ස්කොලේ ඇරිලා ගෙදර ආපු ගමන් කාලා අනිත් අතට දොරත් ලොක් කරලා යතුර පෝච්චිය යටින් දාලා තමාලයගේ ගෙදර ගියා..අද ඉතිම් එහෙ වැඩ..

"ආ සුදු මල්ලියා..අම්මෙ දැක්ක කල්..කොහොමද කොල්ලො ඉතිම්.."

"ඒ බලාම්කො ලොකු අයියේ මූ දැන් ලස්සන වෙලානේ..පොඩිකාලෙ ජන්ගි කොටේ ගහම් මෙහෙ වැටි වැටි දුවපු එකාමද මේ..අම්මො අල්ලලා ඉබින්න හිතයි බන්.."

ගේට්ටුවෙන් ඇතුල් වුනා විතරයී..අම්මේ ඉතිම් බලන්න එපැයි මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර..ලේසි නෑ තමාලයට ඉන්නවා මස්සිනාලම හත් දෙනෙක්..ම්ම්ම් යොහ් හතම පුදුම ලස්සනක් අප්පා..ආපු ගමන් මාව පිලිගත්තෙ රොකී අයියා...අර අනිත් එකා තමයි ජොනී අයියා..ජොනී සින්ස් නෙමෙ හරිතේ වැරදි අදහස් ගන්නෙපා ඕන්..ඩබල ටුවින්ස්ලා..හැන්ඩි කොල්ලො දෙන්නා..උන් දෙන්නා තමා ආතල්ම.. ඉතුරු පස් දෙනා ආවද දන්නැ..හතම බැදලා නැ හැබැයි..යසස් අයියා ඉදියෙ නැතත් මටයි තමාලයටයි පාඩුවක් නැ ඉතිම්..අපි දෙන්නටම හරි ආදරෙයි හැබැයි හත්දෙනාම..

"රොකී අයියේ..කොහොමද ඉතිම්..කාලෙකිම් නේද ජොනී අයියෙ.."

"අනේ අනේ කොල්ලව ඉතිම් බලන්න අපිව එන්නොනේ..දැන් නම් වඩාගන්නත් බැරිද මන්දා බන්..උබලා හැදුනේ අපේ අත්වල.."

"අයියලව මතක් වුනා අයියෝ ඉතිම්..කොහෙද ගෙවල් වලින් එහෙම තනියෙම් යන්න දෙන්නෙත් නැනෙ අප්පා..කො අනිත් අය ආවෙ නැද්ද.."

"හරි හරි පොඩ්ඩො මන් දන්නවනෙ..මහිමයි ලකියයි නම් අපිත් එක්කම ආවා..ශේහාන්ලා එනගමන්..අකිත් අයියනම් එන්නෙ රෑවෙලා..පොර කෝමත් ගනන් කාරයනේ.."

"ආ හරි එහෙනම් ..මන් ඇතුල්ට යන්නම් තමාලයා ඇතුලේ නේද.."

"අපො අර ඉන්නෙ ඕකා..කො ඉදින් ටිකක් බදාගන්නවත්..කාලෙකින්නෙ මේ හම්බුනෙත්..දැන්නම් ඉන්නවා අල්ලගන්න පුලුවන් ගානට..ඉස්සර අල්ලන්නත් බෑ උබ හෙන හිම්බිජ්ජානෙ..කො වරෙම්..අම්මො පොඩ්ඩො උබ ලග සුවද..පිච්ච සුවදට ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා බන්..දන්නැද්ද ඔය සුවදට හැගීම් ඇවිස්සෙනවා කියලා.."

"අතෑරපම් ජොනතනෝ ඔය පොඩි එකාව..කො මෙහෙට එන්න බලන්න පොඩ්ඩො අම්මෙ උබ තාම චූටි බන්..හොදට කාලා හැදියම්කො..ම්ම් සුවදයි නම් තමයී..උබට කොන්ඩේ මෙහෙම තමයි ලස්සනම.."

ඉස්සර ඉදන්ම මුන් දෙන්නගේ වැඩෙ මාව මිරිකලා තලන එක..පිට එකෙක් දැක්කනම් හිතන්නෙ අසහනේ කියලා මුන්ට..මුන් හොදයි තව තුනක් ඉන්නව කන්න බලාගෙන..

මට බෙදාගන්න බැරුව මරාගන්න හදන මුන් දෙන්නාවත් ඇදගෙනම ඇතුලට යද්දි අදුරන ඇස් දෙකක් දැක්කා..ආ..අම්මො මේන් මෙයානෙ ඔය ඇස් කතා කරනවා..මගෙ දිහා රව රවා..අනෙ අම්මපා රවන්නැතිවෙලාවක් නෑ මූනම්..අසල්වාසියට උදව්කරන්න ඇවිල්ලා..රොකි අයියයි ජොනි අයියයි දිහත් කන්න වගේ බැල්මක් දානව..මන් හිතන්නෙ මේ යකා මිනීමස් කනවා..

"එහ් නේත්‍ර මලයා..අර වැඩ ටික හරි නේද..ආහ් නේ සුදු දැන්ද ආවෙ..අතෑරපම් ඔය පොඩි එකාව මරන් කන්න හදන්නැතුව.."

නේත්‍ර..කවුද යකො නෙත්‍ර..මෙ කලවැද්දගේ නමද ඒක..
ඔය එන්නෙ මගෙ නිවිච්ච මහිම අයියා..එයත් ඉතිම් ඇදල අරන් බදාගත්තා..මෙය ගාව විතරයි හුස්මක් අරන් ඉන්න පුලුවන්..අනිත් උන් බැලුවත් ඇත්නම් රෙස්ලින් ගහන්න වගේ කොයිවෙලෙත් ඇදලා ගන්නේ..හැබැයි ඉතිම් සහෝදරයෙක් නැති මට සහෝදරයො වුනේ මෙයාලා තමයි..

"මහිම අයියා කාලෙකින් අනේ..උදේද ආවේ.."

"ඔව් සුදු..දැන් හැඩයි නේ..කොල්ලො උබ පිං පාටයි බන්..කාලද ආවේ..යමු කන්න..නේත්‍ර යම් එන්න පුන්චි තෙ හදලා.."

මේ වැද්දත් අද එහෙනම් මෙහෙ..ඉදියත් වැඩක් නැ ඉතිම් කතාකරන එකෙක්ද..අනෙ උගෙන් වැඩක් නැ අද ඉතිම් දවස ගෙවන්න ඉන්නෙ හතක්ම..හිතුනොත් බදිනවා මේ හතම..යසස් අයියා හම්බෙන්න කලිම් තමාලයා එක්ක හිතාන ඉදියේ හතෙම් එකක් දාගන්න..කොහෙද ඉතිම් හිත අරගත්තනේ අප්පා..

"අම්නේ මයේ වස්තුව ආවා..අම්මෙහ් ඔය කේක් එක ගේන්ඩෝ..වන්ඩුනම් කන්න බෑරියෝ..මගෙ එකාට වන්ඩු ගිල්ලන්න පුලුවන් ද එහෙම..මනමෙ පවසන්න තේ ද කෝපිද.."

"කාලා ආවෙ බන්..කමන්නැ..එහෙනම් තේ දෙන්න.."

"බෑ අපි හැදුවේ කෝපී එක නිසා කෝපි බොන්නෙ අපි.."

නොදෝකින් ගස් බල්ලා..අහද්දි හිතන්න තිබ්බා මටත්..

"මේ සූකිරී  එක නෙමෙ බන්..මේ කලවැද්- නෑ මේ ද්වීනාශ් අයියගෙ නම නේත්‍රද බන්.."

"අඩො උබ ඒකවත් දන්නැද්ද..හික්කෙයියා බන්..එයාගෙ නම තිනෙත්‍ර ද්වීනාෂ් ඓයිශ්වර්ය.."

"අඩෝ ඒකහ්..ඒ බන් නම ලස්සනයි නේහ්..නම ලස්සන වුනාට උගෙ නම් වැඩක් නැ.."

"ආ ඇයි ඇයි දැන් ඌ කලුද..අනෙ නිකම් ඉදාම් හොදට ඉන්න එකාට ඇනුම් පද නොකිය..."

"ද්වීනාශ් අයියට මොනාහරි කියද්දි උබට හරි අමාරුයි නෙහ්..මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ.."

"කිව්වයි කියලා හිතාගනිම්..."

ඇවිල්ලා ඉන්න නැන්දලා වැඩ කරනවා හෝ ගාලා..ආපු අයට කන්න උයනවා..රෑට තමා ඉතිම් කිරියා හදන්නෙ..අපේ පැත්තෙනම් කිරියා කපලා දෙන්නෙ..දකුනු පලාතෙ පැත්තේ එහෙම කෝප්ප වලටලු කිරියා දෙන්නෙ..මොකද්ද මන්දා නමකුත් කියනවා මතක නැ දැන් නම්..

හවස් වෙද්දි ඉතිම් තව කට්ටිය ආවා..අපෙ අම්මත් ඇවිල්ලා කෙලින්ම කුස්සියේ ඉතිම්..ගැහැනු කට්ටිය හදලා දුන්නට පස්සෙනෙ ඉතිම් අපි හැදිගාලා හදන්නෙ ඔව්වා..පාන්දර වෙනකම් හදන්න තමා ඉතිම් තියෙන්නෙ..හෙන ආසාවක් තියෙනවා කිරි හැදිගාන්න..බලන් ඉදලා විතරයි තියෙන්නෙ ඕක හැදිගාලම නෑ..

"පොඩ්ඩෝ..මේහෙ එන්න අනේ ටිකක් ආශ්‍රේ කරන්න.."

"ඒ මේකාගෙ පුදුම ලස්සනක් බන් තියෙන්නෙ..මගෙ පස්සෙම් ආපු එක කෙල්ලෙක්වත් මෙච්චර ලස්සන නැ බන්.."

"ආ ලකී අයියෙ සප්තයා විතරද ලස්සන ඇයි අපි කලුද.."

"අමො අමෝ අපෙ සූකිරියා..උබේ කොහෙද බන් කලූ..මේ ඉන්නෙ ලස්සනට උබත් කිරි ගුනේ වගේ..අපේ අත්ගුනේ තමයී ඉතිම් ..බොලා හැදුනේ අපේ අත්වල බන්..කිරි ටොයියො දෙන්නා වගේ මේ ඉන්නෙ.."

"සුදු මල්ලියා දැන් කෙල්ලෙක් එහෙම ඉන්නොද ඉතිම්.."

"ආ අඅ මේ පොඩි එකාගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙපා ශෙහානයෝ..මන් මේ ඉන්නෙ කොල්ලා ටිකක් ලොකුවෙනකම් කසාද බැදගන්න.."

"එතකොට අර උබේ fb එකෙ ඉදම් සුදාප්පච්චී ගාලා වැලලෙන එකී..එ ජොනියෝ කියපම් රොකියගෙයි ශෙහානයගෙයි  පැටිකිරිය.."

"එව්වා බදින්නෙ කවුද බන්..මන් ආදරෙ අපෙ සුද්දටනෙ ඉතිම්..ආ නැද්ද පොඩි කාලේ මේකා කිව්වනෙ ලොකුවුනාම බදින්නෙ අපේ හතෙන් එකෙක්
කියලා..මට මතකයි ඕවා.."

"අනේ දිනුක අයියේ..එකාලෙ විහිලුවට කියපුවනේ..මෙ තමාලයා තමා ඔට්ටු අල්ලන්න ආවෙ..මන් දන්නැ ඕවා.."

"ආ ඒව්වා හරියන්නෑ කොල්ලො..අපෙ හතම දැන් බලාගෙන ඉන්නෙ කෙල්ලෙක්වත් දාගන්නැතුව උබේ උත්තරේ එනකම් හරිද..අපේ එකෙක් ඇරෙන්න වෙන එකෙක් අල්ලම් අහුවෙන්නෙපා ඕන්..හතම බදිනෝ උබව.."

"පොඩි එකාව බය කරන්නෙපා රොකී..
මුන්ගේ විකාර පොඩ්ඩො ඕවා ගනම් ගන්න එපා..ඒක නෙමෙ නේත්‍ර මල්ලි මොකද මෙ කතාවත් කරන්නැත්තේ.."

"අපේ ද්වීනාශ් අයියා එහෙම තමා ලොක්කයියේ..වැඩිය කතා අඩුයි..ඒ හැටි.."

"අහ් කමන්නැ අපි තාම අලුත්නෙ එයාට..අහන් ඉන්න එකම මදැයි බන් අයියේ.."

හප්පෝ ඕකානම් කතාකරයි මේන් කියලා..ඔය පේන්නැද්ද මේ දැනුත් දිනුක අයියගේ ඔඩොක්කුවෙ වාඩිවෙලා ඉන්න අසරන මට රවාගෙන ඉන්නවා..රවන්න විතරයී මේ නරේන්ද්‍ර සිංහයා දන්නෙ..

"ආන් සප්තයෝ උම්බේ ඩැඩියා එනවා.."

"ආව් ආව් මොකද්ද මොකද්ද එ කතාව.."

"අයියලා දන්නෑනෙ මූ ඒකාලේ කිය කිය ඉදියෙ එව්ක්ක්ව්ක්...අත්ට ගනිම්ම්ම් ඉව්ව්ව්ව්ව් හ්හාම් කීන්නඈ කියනෑ... "

"ආයෙ කතා නෑ හරිද.."

"අපෝ කියන්නැ මැනිකෙ කියන්නැමයි.."

"මොකො මොකො හොර කතා ආ.."

"අච්චො අච්චෝ එහෙම එකක් නෑ අනේ මෙ තමාලයගේ විකාරනේ.."

"අප්පො මේකා හරි කියුට් අයියේ..මන් මේකාව අරන් යනවා බන්.."

අපි කයිය ගහන් ඉන්න වෙලේ වත්තට ආපු බෙන්ස් එක දැකලා තමාලයා කෑගහන්න ගත්තා..ඒ ආවෙ නම් අකිත් අයියා..එකාලේ ඉතිම් යම් යම් සිදුවීම් වුනා..මේ ලමයා ඉතිම් දහය වසරට එනකම් වගේ කස් කරන් ඉදියේ මෙයාවනේ..ඇරත් හත්දෙනාගෙන් බදිනොනම් බදිනො කිව්වෙත් මෙයාව..මෙයාලගෙන් වැඩිමල්ම මහිම අයියා..එයාගෙන් පස්සෙ තමා අකිත් අයියා ඉන්නේ..එයා නම් හරි සැරයි..හැබැයි මට නම් නැ..
හි හී..හත්දෙනාගෙන්ම හැන්ඩිත් මෙයා හැබැයි..

තමාලයගේ ගෙදර තමා හැමොගෙම මහගෙදර..ප්‍රවීනගෙ මහගෙදර වගේ තමා ඉතිම් ඉස්සර බැලුවොත් ඇත්නම් මෙහෙ නෑදෑයො පාටි දානවා බජව් දානවා..පස්සෙ තමාලයගේ ආච්චීයි සියයි නැති වුනාට පස්සෙයි අයියල ජොබ් වලට යන්න ගත්තයින් යන එන එක අඩු වුනෙ..අනිත් අයවනම් හෙන කාලෙකිම් දැක්කට අකිත් අයියනම් ඉදල හිටලා මට කෝල් කරලා විස්තර අහනවා..සමහර දවසට ක්ලාස් එක ගාවටත් එනවා..හැබැයි මාස හයකින් විතර තමා මෙ දකින්නේ ආයෙ..

වාව්..එයා තවත් ලස්සන වෙලා හැබැයි..ඩැඩී ලුක් එකක් අප්පා..බැස්ස ගමන් බැලුවෙ මන් දිහා..හේ මේ පැත්තට එනවා නේත..හෝ හෝ ලස්සන ලස්සන මගේ ආදරීයේ...
යොහ් යොහ් සප්තයා..සිත දමනය කරගනිම් වටේ යනවා..අච්චො ඉතිම් ම්හුක් මුල් කස් එකනෙ  දන්නැද්ද ටිකක් ඩාම් ඩූම්ම්ම්.....

"හායි සුදු බබා...ආ මෙන්න.."

"අඩො අඩෝ කෝ අපිට පොඩ්ඩට විතරද ඔව්වා..ආ.."

"කෑගහන්නෙපා..උබලටත් ගෙනාවා..සූකිරී ආ ඔයාට..මේ ටික අනිත් අයට දෙන්න..මන් ඇතුලට ගිහිම් එන්නම්.."




යොහ් මට Ferrero Rocher collection එකක්ම ගෙනල්ලා නේත..දෙයියනේ එයාට තාම මතකයි අප්පා මන් ආස එක..අනෙව් බලන්න ඉතිම් ඒ ආදරෙ..හා හා හිත ඔව්වා තහනම්..

"ද්වීනාශ් අයියේ එකක් කනවද.."

"මන් චොක්ලට් කන්නැ.."

අප්පොහ් ඇහුවෙත් අපරාදෙ..අර සෙට් එක පෙරේතයො වගේ කද්දි මෙයා විතරක් බලන් ඉන්න නිසා දුන්නෙ...දෙන්නැ බොට ආයෙ කිසි දෙයක් තුප්පිත කලවැද්දා..

අකිත් අයියා👉👈

රොකී & ජොනී

ශෙහාන්
දිනුක
ලකී

මහිම
















ද්වීනාශ් කොල්ලවත හෙව්වෙ
එයා නෑ හේ හේ👉👈

------------------------
හෙල්ලොව්....
මං ආවා..

අච්චෝ අච්චො මටත් මස්සිනාලා හතක් ඕනෙ අයියෝඕඕඔ

ද්වීනාශ්ගෙත් හෙන ඔලුව නේහ්හ්
හිතුනොත් මස්සිනෙක්ට දෙනවා
අප්පා👉👈


එහෙම කරම්න හොද නැ ඉතිම් එයාට ඉන්නවනේ හේ හේ..🙊

මස්සිනාලා හත එතකොට මගේ
හේ හේ 👉👈

එන්නාම්......

_Gojo_

Continue Reading

You'll Also Like

3.1M 252K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
1.7K 186 14
" සූර්යන් මට ඔබව විශ්වාස කල හැකිද " " චන්ද්‍රන් ඔබට මගේ ප්‍රේමය විශ්වාසනම් මාව විශ්වාස කරන්න " සූර්යන්ගේ හා චන්ද්‍රන්ගේ ආදර වෘතාන්තය 🌞 🌙
1.7K 186 12
රහස් පරීක්ෂණ කතාවක්
1.7M 95K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...