දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

80.6K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 7

1.7K 202 32
By Gojo_Nj9119

.
.
.
.
.

ස්කොලේට ගිය වෙලේ ඉදන් මගෙ රාජකාරිය ෆයිල් උස්සම් පිට්ටනියෙ එහාට යන එකයි මෙහාට දුවන එකයි...
මේ කලවැද්දා ගාවින් හෙලවෙන්නවත් බැහැ..උදෙ ඉදන් තරගවලට ලමයින්ව තෝරනවා..පොඩි කොල්ලො සෙට් එක දුවවලම හති..දැන් ඉන්නෙ after o/l සෙට් එකයි අපෙ වයසෙ සෙට් එකෙන් තොරගන්න විතරයි..

තමාලයත් උදෙ ඉදන්ම කට්ටිය තෝරලා මහන්සී කියලා අඩ අඩ ඉන්නවා..

"මහා වුට්ටක් වුනානෙ බන් මේක..එපා වෙනොනෙ ඕයී..කකුල් දෙක නැ වගෙ බන්.."

"මන්දා බන් මාත් උදෙ ඉදම් මෙ ලබ්බ උස්සම් එහෙම මෙහෙට දුවනෝ..ඊලගට අපෙ උන්ව තමා තොරන්න තීන්නෙ..උබ මොනාටද යන්නෙ.."

"උසටයි,දුරටයි යනො බන් මට උබට වගෙ ඔය විසිකිරිලි බෑ කියල දන්නොනෙ..තුන් පිම්මටත් දායි කොහොමත්.."

"එහෙනම් තව ටිකෙන් උබවත් ගන්න වෙයි..මට තරග තීන්නෙ අනිද්දට වගේ..හෙට මැරතන් එකලු නේහ්.."

.
.
තමාලයා නම් කොහොමෙන් හරි උසයි දුරයි පැනගත්තා..මට නම් ඔය පැනිලි බැහැ...දවසක් උස පනින්න ගිහිම් පැනපු පාරට පස්ස බිම ඇනිලා කොන්දත් හෙලවුනා..පස්සෙ කෙලින්  වෙන්න බැරුව  එතන ඉදපු උන් ටිකක් මගෙ කොන්දත් පෑගුවා බිම දාගෙන..

"ආ..පලාගත්තා නේද කලිසම..උබලට අං ඇවිල්ලනෙ..කට කැඩෙනකම් කිව්වා හෙට එනකොට අමතර ඇදුමක් දාගෙන වරෙල්ලා කියලා..හරිනෙ දැන් අමාරුව..ඔහොම්ම ඉදපම්..තොපිලා ඔක්කොම එකයි.."

මෙ කලිසම පලාගත්ත තුන්වෙනියා..මල්කුමාරි මිස්ටත් මලපැනලා බැනගෙන බැනගෙන ගියා..මිස් නිකම් අද මාලනී ෆොන්සේකත් වගේ ටිකක්..සග දාලා හැට් එකත් දාගෙන සාරිය කරවටේ දාන් කෑල්ල වගේ ඉන්නෙ..ඒ අස්සෙ fb එකේ තිබ්බ පොස්ට් එකකුත් මතක් වුනා..අර නිකී ජාතියෙ බල්ලෙක්ට සගක් දාලා ඔලුවත් ලේන්සුවකින් වගෙ ගැටගහලා තීන meme එකක්..අම්මොහ්..මිසුත් ඉන්නෙ අපේ හවුස් එකෙ නිසා ලේසිවෙන්නෑ..අපෙ උන් බාගෙට බාගයක්  ඇදුමක් ගෙනල්ලා තිබ්බෙ නැ..මෙහෙම ගියොත් ගෘහවිද්‍යා කාමරෙ දන්සැල් පෝලිම වගේ කලිසම් පෝලිමක් තියෙයි..

"සප්ත දුර පැනලා බලමු එකපාරක්..අනිත් එක නම් ඕන නැ..මෙකෙන් තේරිලා ඉන්නෙ තමාල් විතරයි..ඔයාලගෙ හවුස් එකෙන් ප්ලේස් එකක් නැහැ දැනට..ඔයත් පැනලා බලන්න ඔහොම්ම.."

ඔය ඉතිම් නිකම් ඉන්න දෙන්නෙම නෑනෙ මට බැ අයියෝ පනින්න..

"අනේ මිස්..අනේ මේකට යන්නම ඕනිද.."

"ආ...මේ මොකද ඔහොම නම් බැ.. පනින්න පනින්න එකපාරක්..ද්වීනාෂ් මෙ සප්තව බලන්න ටිකක්.."

බෑ කිව්වම තෙරෙන්නෙ නැනෙ...බෑ කියන්නෙ බැරි නිසානෙ අනෙ මන්දා මෙ හෙන ගෙඩි ඔක්කොම මට විතරනෙ..වෙන දෙයක් වෙච්චාවෙ කියලා  දූවගෙන ගිහිම් පැන්නා..

"foul...ආයෙ එන්න..ලෑල්ලට කකුල තියලා පනින්න..පැනලා පිටිපස්සට අත් තියන්න එපා..එතකොට දුර අඩුවෙනවා.."

මොන ලෑල්ලක්ද යකො..දුවන් එද්දි ලෑල්ලක් පේන්නැනෙ..අනික තියන්න හිතන් ඉන්න කකුල නෙමෙයි ලෑල්ලට තියවෙන්නෙ..

"foul..ලෑල්ල පෙන්නැද්ද ආ..මේ බලනවා මෙන්න මෙතනටවත් අඩිය තියන්න බලන්න..ලෑල්ල ගාව ඉදම් අඩිගානට මැනන් ගිහිම් බලන්න..ආයෙ පනින්න දෙන්නැ හරිද.."

යොහ් දෙවියනේ..මෙ යස්සයාගෙන් මා මුදවාගනු මැනවී..ලෑල්ල දැක්කම බය හිතේනවා අඩේහ්..අනෙ තව නම් බෑ අප්පා..මට දැන් කේන්තීයි මේ යකා එක්ක..

"foul..foul..foul...ලෑල්ල පේන්නැද්ද මනුස්සයෝ..ඒ ගමන ලෑල්ලට කලිම් පැන්නා..මේකවත් පැනගන්නවත් බැරිද හරියට... ආඅ"

"මට බැ මන් යනවා.."

අනෙ උබ නටපම්..ඇගෙ තිබ්බ වැලිත් පිහිදදා මන් යන්න ලෑස්තිවුනා.දැන් නම් ඇඩෙන්නත් වගේ..බැරි නිසානෙ පනින්න බැරි..ඕන වෙඩිමක් කරගන්න කියලා මන් ආවා එන්න..

"සප්ත..කොහෙද යන්නෙ..ආ...සප්ත...සප්ත...ඒයි මනමේකල..."

"මොකද.."

" ආ නෑ යන්න.."

මොන වදයක්ද මේ..පුදුම කරුමයක් වුනානෙ මේක..කෑගහලා කෑගහලා යන්නලූ..මන් අකමැති කෑල්ලත් අල්ලම් නටනවා මේකා..මෙතනට වෙලා ලේ පුච්ච ගන්න මට බැ මන් යනවා ටිකක් නිවෙන්න..කො අයියෝ මෙයා උදේ ඉදම් දැක්කෙම නැ..යසස් අයියේ..ඔයා කොහෙද ඒයි..

යසස් අයියා උදෙ ඉදම් පිනා සෑර්ගෙ වැඩක්ලූ..ඒක තමා පේන්නවත් ඉදියෙ නැත්තෙ..පව් අප්පා..මයෙ අහිංසකයටනෙ ඔක්කෝම වැඩ දෙන්නෙ..ලේසිනෑනෙ ඉතිම් හෙඩ්පිපෙට් අයියා වුනාම..මන් බලද්දි යසස් අයියා ඉන්නවා මේන් හෝල් එකෙ තමාලයයි තව කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක..ආ ඔය ඉන්නෙ අනිත් හවුස්වල කැප්ටන්ලයි..ගේම්ස් කැප්ටනුයි..හිකෙයියා..ගේම්ස් කැප්ටන්ට නේද මන් දවසක් අයියේ කියන්න ගියෙ..අනෙව් පොඩි පගයා මාව දැක්කාම තාම හිනාවෙනවා..එච්චර හිනායන දෙයක් නෙමෙනේ ඒක..මිනිස්සුන්ටනෙ වැරදීම් වෙන්නෙ..

මයෙ යසස් අයියටම මෙ ඔක්කොම තනියෙම් කරන්න දෙන්න බෑනෙ..මාත් පොඩි හෙල්පක් දෙන්න ඕනිනෙ ඉතිම්..තමාලයා දාගෙන ලමයින්ගෙ නම් ලියනවා..හෙට තියෙන මැරතන් එකෙ වැඩ ටික තමයි ඔය..

මෙහෙම හරි යසස් අයියා ගාව ඉදන් වැඩ කරන්න හම්බුන එක ගැන මට හුගක් සතුටුයි..එයා හරි ලස්සන පිරිමි ලමයෙක්..බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත්..එයාට තියෙන්නෙ හරි ලස්සන හදවතක්..හැම කෙනෙක් දිහාම බලන්නෙ කාරුනිකව..අනේ මෙ මනුස්සයව මට ලැබෙයි නේද දෙවියනේ..ඔයාව හිමිවෙන කෙනා හරි වාසනාවන්තයි අයියේ..මන් එ තරමට පින් කරලා තියෙයිද..මට පුලුවන් වෙයිද.. ම්ම්ම්ම්..මන් හිතනවා..මට පුලුවන් වෙයි කියලා..හොද විදියට හිතමු කොල්ලො..ඔයා වාසනාවන්ත වෙයි මෙ වගෙ හොද කෙනෙක් ලබන්න..

ස්කොලෙ ඇරෙනකන්ම යසස් අයියා එක්ක ඉදිය නිසා මං සතුටින්..හැප්පි හැප්පී හැප්පී..
ගෙදර ඇවිල්ලත් එක විදියකට ඉන්න බැ..පනුවො මෝරලා වගේ..මේ වෙලාවට හොද කතාවක් කියවන්න එක තමයි..අලුතෙන් ආව කතාවක් තියෙනවා..ඒක කියවන්න ඕන..හොල්මන් සීන් එකකුත් වගෙ එකක් තියෙනවලූ..තමාලය තමා කිව්වෙ කියවලම බලන්න ඕනි..

ටිං..ටිං...

ඩේටා ඔන් කරපු ගමන් notification වැස්සයි..වැඩි හරියක් ගෘප් වලින් තමයි..කොහොමත් ගෘප් එකකට ඇඩ් වුන මුල් දවස් වල වගෙ පස්සෙ පස්සෙ මැසෙජ් කරන්න බැ කම්මැලි හිතෙනවා..
තමාලයගෙ අම්මා සිරන්තියා හදපු ගෘප් එකෙ මැසෙජ් බරගානක් දාලා මොනාද දන්නැ අද දාලා තින්නෙ..කාගෙන් බේරුනත් සිරන්තියගෙන් නම් බේරිල්ලක් නෑමයි..තමාලයගෙන් ඉල්ලන් නුබ ඍතුවක් කියවලා..ඉන්දර් ඉන්දර් ගගා මැරෙන්න හදනවාලු..පව් අර අසරන මනුස්සයා..වෙලාවකට අන්කල්ගෙන් අහනවලු..'අපේ මහත්තයා හාද්දක් තියන්න අවසරද' කියලා..දවසක ඔය මනුස්සයා ඔය ගෙදරින් යන්නෙ සිරන්තිගෙ කරදරේ දරාගන්න බැරුව..මෙදාපාර කියෙව්ව කතාව මොකද්ද දන්නැ..

"puthukiyooo...oyaa gedara awada eii..yoh me lamayata hariiyata wada appaa..."

"mata agniwa genalla dipiyaaww..."

"ape gedara weralu gahet agniyek idida kollo.."

"matat oni yassa adarayak.."

"weralu mal suwadata yakku asai kyla ada danagatte.."

"man me ude idam weralu gaha wate awidinawa kollo..idida bn agniyek meke.."

"ape podi ekagen owwa ahala wadak na..u idiyata melo wadakata naha.."

"matat agni wage yakek onii kolloo..."

දෙයියනෙ සිරන්තී......
කෙම්මුර කියවලා නෙද...
bof කියවපු දවසෙ ඉදම් වෙලාවකට මෙයාට ගඩාපි පැටියව ආවෙස වෙන්න ගන්නවා..අඩො මැසේජ් වැලයි..මෙව බලන්නෙ කොහොමද අයියෝ..තමාලයො උබ වැරැද්දක් තමා කරගත්තෙ මචන්....එ අස්සෙම් වොයිස් එකකුත් දාලා..

"අනේ අග්ගියෝ..අප්පුත්තේ...ඉම්හී ඉම්හී...දෙයියනේ අග්නි කොහොමද ශිවන්ව තනියෙම් යැව්වෙ..ශිබල් ශිබල්..ගැහුවා ආයෙ නෑ ඉෆ්‍රිත් මයෙ අසරනයට..සෙක්කියා..ආනෙ වාවන්නැ පුතුකියෝ..මන් හරි වේදනාවෙන් අයියෝ..මන් හිතුවෙම මැරෙයි කියලා..අන්ද්වෙඒඒඒ....අනෙ අසරනයට එහෙම කරානෙ මේ අග්ගියා..අද කාලෙ කොල්ලො ඔහොම්මමයි..යක්කුන්ගෙ කියලා වෙනසක් නැ..මුට අම්මපා කිසි ගානක් නැද්ද..බේරගන්න වත් ආවෙ නැනෙ අර අසරනයව..පොලේ ගැහුවා අයියො ඔත්තොකේ  හිතක් පපුවක් නැ වගේ..අග්නී උබ නම් අමනුස්සයෙක්ම තමයි..උබෙ බොරු ආදරෙ..නැත්තම් ශිවන්ව ඔහොම යවයිද මන් අහන්නෙ..අනෙ පුතුකියො..ඉම්හී ඉම්හී.."

මේ අර්බුදය මා විසින් ඇති කරනු ලද්දක් නොවෙ..ජොබී අක්කෙ..ඔන් අපි දන්නෑ නෑමයි..ඒක අහලා මගෙ පෙශර් නැගලා සීනී බැස්සා වගේ..මගේ වෙලාවෙ හොද කමට මන් කෙම්මුර කියවන කාලෙ සිරන්තියා ඕක ගැන දන්නැ..අම්මො එකාලෙ වුනානම් කතා කියවිල්ල නවත්තලම දාන්න හිතෙයි මට..දැන් අග්ගියගේ  බීසනෙ ගහලා කලිම් ඉන්දර්වයි විතේන්වයි ඕනි කියලා නැහුනා..හෙට අනිද්දා කාව ඉල්ලයිද දන්නෑ..දැන් නම් මට ගෑස් වගෙ..පපුවෙ යට රිදෙන්න ගන්නවා අම්මේ...

කියන්න ගියපු කතාවත් අතෑරල දැම්මා..දෙයියනෙ කියලා අපෙ අම්මා ඔව්වට ආස නෑ..නවල් එකක් දෙකක් කියෙව්වොත් ඇරෙන්න එයාට ලොකු වෙලාවකුත් නැහැ ඕවට..උදෙ ගිහිම් හවස ආව ගමන් උයන්න ගන්නවා..ආයෙ ගෙදර වැඩ කරනවා..තාත්තගෙ වැඩක් තිබ්බොත් කරනවා..මගෙන් ස්කෝලෙ ගැන අහනවා..රෑට ඉන්න පැය ටිකෙ ලොකූ වෙලාවක් එයාට නැ ඉතිම්..

දවසෙම ක්ලාස් එකෙ ඉදිය නැති නිසා නෝට් හෙන තොගයක් ලියන්න තියෙනවා..එකොන් මිස් පිටු දොලහක්ම ලියවලා..මන් නැති වුනාමනෙ මෙ ඔක්කොම කරන්නෙ..හෙටත් දවසෙම එලියෙ තමයි..මැරතන් එකට යසස් අයියත් ඉන්නවා කිව්වා..අර වැද්දත් දුවයිලු..මන් ස්කොලෙදි යසස් අයියට කිව්වා ඔයාට වින් කරන්න පුලුවන් කියලත්..ගිය පාර ෆස්ට් ප්ලේස් ආවෙ වැද්දලූ..මෙදාපාර යසස් අයියට එන්න ලැබේවා ඒස්වාහ් පුහ්ඃ...
.
.
.




7ට මැරතන් එක පටන් ගන්න නිසා 6.30ට වගෙ  අපෙ තාත්තට කියලා ස්කෝලෙට ගෙනල්ලා දාගත්තා..අපි එද්දි හුගක් අය ඇවිල්ලා ඉදියේ..

යසස් අයියා runner kit එකට මාර ලස්සනයිනෙ සාන්ත..ඇස් අහකට ගන්න හිතෙන්නැ..අපරාදෙ කියන්න බැ වැද්දා කිව්වට ද්වීනාශයත් හෙන හැන්ඩියා..තමාලයට හොදයි ඉතිම්..මන් බලද්දි යසස් අයියගේ බැල්මත් අපෙ පැත්තට වැටිලා තිබ්බා..හිතපු නැති විදියට එයා බලපු නිසා මන් ගැස්සුනත් ඒක වැඩිය පෙන්නන්න ගියෙ නැහැ..එයා මන් දිහා බලලා හිනාවක් පාලා යන්න  ගියා.. මට හිතුනෙම යසස් අයියගෙ බැල්ම තිබ්බෙ මගෙන් වෙන පැත්තකටදො කියලමයි..මටත් විකාර..එයා කොහෙ බැලුවත් හිනා වුනේ මන් එක්කනේ..

මැරතන් එක පටන් අරන් විනාඩි පහලවක් වගේ යද්දි කට්ටිය එනවයි කියලා ආරන්චිය ආව නිසා තමාලයයි මායි ඉදියෙ මාර කුතුහලයකින්..දුවන අය පස්සෙ යන්න බයික් වලින් වෙනම කට්ටිය ඇවිල්ලා ඉදියා..මුටයි මටයි මොන බයික්ද ඉතිම් අපි පටන් ගත්ත තැනට වෙලා එන්නෙ කවුද කියලා බලන් ඉදියා...

පලවෙනියට දුවන් ආවෙ මන් හිතුවා වගේම යසස් අයියා තමයි..දැක්කනෙ මන් කිව්වනෙ එයාට පුලුවන් කියලා..එයා දුවන් ඇවිල්ලා ටිකක් එහාට වෙන්න ගිහිම් වාඩි වුනාම මායි තමාලයයි වතුරත් අරන් එයා ගාවට ගියා..මට හිනාවකුත් දීලා හරි අමාරුවෙන් වතුර ටිකක් බීලා අනිත් ඔක්කොම ඔලුවට දාගත්තා..
අම්මො ලේසි වැඩක් නෙමෙ මැරතන් දුවනවා කියන එකත්..එකපාරක් මාත් දුවලා පහ වුනා..අන්තිම හරිය ලන්වෙද්දිම දුවාගන්න බෑ කියලා අඩන්න ගත්තම තමාලයා මගෙ ඔලුවට හොදවැයින් පාරකුත් ගැහුවා මට මතකයි..අම්මො නැවතුන ගමන් නිවන් ගියා වගෙ තමා..

"ඔයා කිව්ව හින්දා මන් එක වුනා..දැන් හරීනෙ.."

මන් දිව්ව මැරතන් එක ගැන මනොපාර ගහන් ඉද්දි එකපාරට මගෙ ලගට කරලා යසස් අයියා කිව්ව දේත් එක්ක මගෙ ඇග ගිනි ගන්නව වගේ දැනෙන්න ගත්තා..මොකක් මන් කිව්ව හින්දා..අනේ අයියේ...මට ඇහුනෙ හරියටද...

"මන් කිව්ව හ්හින්දා....."

"හ්ම්..."

යොහ් එයානම් හිනාවෙනවා මන් එපැයි ඇතුලෙන් පිච්චෙන්නෙ දැන් නම් උඩ පැන පැන නටන්න හිතෙනවා..

" එක නෙමෙ අයියේ..කො ද්වීනාශ් අයියා..තාම ආවෙ නැනෙ..දෙකටවත් එයිද එයා.."

"මට කලින් එයා දිව්වා අභී..කෝමහරි බෝගහා හන්දියෙදි එයා ටිකක් ස්ලොව් වුනා මන් හිතුවෙ පස්සෙන් එනවා ඇති කියලයි..තාම නැනෙද..ඒත්"

තමාලයා අහනකම්ම මටත් කලවැදිස්ව අමතක වෙලා ගියානෙ..කෝ ඇත්තටම මෙයා..නින්ද ගිහිල්ලා වත්ද...
.
.
.

"අඩො තමාලයා first aid box එක කොහෙද බන්..ද්වීනාෂ් අයියා මගදි වැටිලා තුවාලෙ පිටින්ම දුවලා ආවෙ බන්..ඉක්මන්ට වරෙම් යකෝ.."














---------------------
හායි ගායිස් මන් ආවා😌❤️


සුට්ටක් පරක්කු වුනාදත් මන්දා...
වෝට් කරපු හැමෝටම ආතරෙයී...උම්ම්මාහ්❤️😌

😂

එම්නම්.....😌❤️

_Gojo_

Continue Reading

You'll Also Like

1.7M 94.7K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
22.3K 2.9K 42
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
590K 62.6K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
11.8K 1.4K 32
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න