සුළඟ නුඹ || Sulaga Nuba [ Sin...

Bởi WinKy_21

37.7K 4.9K 2K

නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️ Xem Thêm

𝑰𝒏𝒕𝒓𝒐↬
ƈԋαρƚҽɾ 01
ƈԋαρƚҽɾ 02
ƈԋαρƚҽɾ 03
ƈԋαρƚҽɾ 04
ƈԋαρƚҽɾ 05
ƈԋαρƚҽɾ 06
ƈԋαρƚҽɾ 07
ƈԋαρƚҽɾ 08
ƈԋαρƚҽɾ 09
ƈԋαρƚҽɾ 10
ƈԋαρƚҽɾ 11
ƈԋαρƚҽɾ 12
ƈԋαρƚҽɾ 13
ƈԋαρƚҽɾ 14
ƈԋαρƚҽɾ 15
ƈԋαρƚҽɾ 16
ƈԋαρƚҽɾ 17
ƈԋαρƚҽɾ 18
ƈԋαρƚҽɾ 19
ƈԋαρƚҽɾ 21
ƈԋαρƚҽɾ 22
ƈԋαρƚҽɾ 23
ƈԋαρƚҽɾ 24
ƈԋαρƚҽɾ 25
ƈԋαρƚҽɾ 26
ƈԋαρƚҽɾ 27
ƈԋαρƚҽɾ 28
ƈԋαρƚҽɾ 29
ƈԋαρƚҽɾ 30
ƈԋαρƚҽɾ 31
ƈԋαρƚҽɾ 32
ƈԋαρƚҽɾ 33
ƈԋαρƚҽɾ 34
ƈԋαρƚҽɾ 35
ƈԋαρƚҽɾ 36
ƈԋαρƚҽɾ 37
ƈԋαρƚҽɾ 38
ƈԋαρƚҽɾ 39
ƈԋαρƚҽɾ 40
ƈԋαρƚҽɾ 41
ƈԋαρƚҽɾ 42
ƈԋαρƚҽɾ 43
ƈԋαρƚҽɾ 44
ƈԋαρƚҽɾ 45

ƈԋαρƚҽɾ 20

783 122 25
Bởi WinKy_21

සුදූව පොඩ්ඩක් ශේප් කරලා මං ආයෙම එලියට ආවෙ ඔලුව ටිකක් නිදහස් කරගන්න ඕනෙ කියල හිතුන නිසා..

කාර් එකත් අරගෙන මං නැවතුනේ බීච් එක ගාව.. රෑට කොහොමත් සෙනඟ අඩුයි... මුහුදු රැලි ඇවිත් වෙරලෙ හැප්පෙන සද්දෙ ඇරුනම වටපිටාව හරිම නිස්කලංකයි.. පැත්තක තිබ්බ බෙන්ච් එකකින් ඉඳගෙන මං සෑහෙන වෙලාවක් යනකන් මුහුද දිහා බලාගෙන හිටියා..

පපාගෙන් එන ප්‍රෙශර් එක එන්න එන්නම වැඩි වෙනව කියලා මට හිතිලා තිබුනේ.. ඇයි මට ඒකට කිසිම දෙයක් කරගන්න බැරි තරම් මෙච්චර අසරණ උනේ..? කොල්ලෙක් වෙලත් කෙලින් තීරණයක් ගන්න බැරි තරමටම ? කම්පෙටිශන් එක ඉවර වෙනකන් මට මුකුත්ම කරන්න බෑ.. මේ ඉන්න විදියටම මේව දරාගෙන ඉන්නව ඇරෙන්න..

ඒ අස්සෙන් අද හසරැල් ගැන සුදූ කියපුවත් මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්තා..

හසරැල් කියන්නෙ මට කවදාවත් හැබෑ කරගන්න බැරි ලස්සන හීනයක් කියලයි මට හිතුනෙ.. එයාගෙ හිතේ මං ගැන හොඳ ඉමේජ් එකක් කොහොමටවත් නෑ.. ඒක පැත්තකින් තියමුකො.. මොනාහරි ප්‍රාතිහාරයක් වෙලා කවදමහරි දවසක එයා මගෙ ෆීලින්ග්ස් ඇක්සෙප්ට් කරත් පපා කවදාවත් එහෙම රිලේශන්ශිප් එකකට ඉඩ දෙන්නෙ නෑ කියලා ඉර හඳ වගේ මට විශ්වාසයි.. අනිත් එක ඒකෙන් කවදහරි හසරැල්ට කරදරයක් උනොත් ? පපා කියන්නෙ එහෙම දේවල් කරන්න බැරි මනුස්සයෙක් නෙමෙයි..

ඉතින් හොඳම දේ මගෙ ෆීලින්ග්ස් හසරැල්ගෙන් හංගන් ඉන්න එක නෙමෙයිද.. ඒත් එයා ලඟදි මාව කන්ට්‍රෝල් නැතිව යනවනෙ.. එතකොට මං මොකද කරන්නෙ ?

ඕව ගැන ඕනාවට වඩා කල්පනා කරන්න හොඳ නෑ නුවේද්.. අන්තිමට උබට පිස්සු හැදිලයි නතර වෙන්නෙ..

ඔලුව දෙපැත්තට ගසලා ඇඳන් උන්නු ට්‍රවුසර් එකේ කකුල් දෙක ටිකක් නමාගෙන මං බෙන්ච් එකෙන් නැගිටලා මුහුදු රැලි කකුල් වල වදින මානෙට ඇවිත් එහෙම්මම වෙරල දිගේ ඇවිදගෙන ගියෙ අත් දෙක සාක්කු දෙක අස්සෙ හංගගෙන..

හෙට අම්මව බලන්න යන්නයි මං හිතන් හිටියෙ.. ප්‍රැක්ටිස් වැටුනම ආයෙ යන්න දවසක් හම්බෙන්නෙත් නෑනෙ...

අම්මා... එයා නැති අඩුව මේ වගේ වෙලාවට දැනෙනවා වැඩී.... ඒක වචන වලින් කියලා ඉවර කරන්න බැරි හෙන මූසල හැඟිමක්..

අහලා තියෙනව නේද කතාවක් පුතාල වැඩියෙන්ම ලඟ අම්මලට කියලා ? ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. හැබැයි අපේ ගෙදරනම් මම විතරක් නෙමෙයි.සුදූ උනත් වැඩිපුරම ළං උනේ අම්මට..

අම්මා නැති උනාට පස්සෙ මාව නිකන් හිස් වෙලා වගෙයි දැනෙන්නෙ.. එහෙමයි කියලා අපිට බෑනෙ එකතැන නවතින්න.. එන විදියට මූණ දෙන්න වෙනවා.. දරාගන්න වෙනවා..

මගෙ හයියට අරුන් තුන් දෙනා ඉන්න බව ඇත්ත... ඒත් අර හිතේ තියෙන හිස්තැන්, අඳුරු මූසල හැඟීම් උන් ඉස්සහරහ එලියට නොදා ඉන්න මං වැඩිහරියක් පරිස්සම් උනා... මං කියන්නෙ එයාල මං ගැන  කිසිම දෙයක් ගැන නොදන්නවා කියන එක නෙමෙයි.. එයාල දන්නවා පපා එක්ක සුදූගෙයි මගෙයි ලොකු බොන්ඩ් එකක් නෑ කියන එක. එයාල දන්නවා අම්මව මට ගොඩක් මිස් වෙනවා කියන එක. හැබැයි මගෙ හිතේ තියෙන අඳුරු මූසල හැඟීම් එකින් එක මං එයාලත් එක්ක කවදාවත් බෙදාගෙන නෑ.. අනේ මන්දා ඇයිද කියන්න.. මට හිතුනෙ නෑ මං මෙච්චරටම දුර්වලයි කියලා කිසිම කෙනෙක්ට පෙන්නන්න.. ඒවයින් පොඩි ප්‍රමාණයක් හරි දැනන් හිටියනම් ඒ කෙනා ශශී විතරයි..

නිතරම කියව කියව හිනාවෙලා විහිලු කරලා ඉන්න නුවේද් කියන්නෙ තනිකරම මගෙ ඇත්තම හැඟීම් හංගන්න , අනිත් අයට නොපෙන්නා ඉන්න මං මවපු කෙනෙක් විතරයි.. කවුරුහරි ඇහුවොත් ඔයාට දැන් මහන්සි නැද්ද කැරැක්ටර්ස් දෙකක් මෙන්ටේන් කරලා කියලා මට අවංකවම කියන්න තියෙන්නෙ මට දැන් මහන්සි.. මැරෙන්න තරම් මහන්සී.. එහෙමයි කියලා සේරම අත ඇරලා දාන්න පුලුවන්ද ? බෑ.. මට බෑ.. සේරම අත ඇරලා දාන්න හිතෙන හැම වෙලාවකම මට මතක් වෙන්නෙ අම්මගෙ හීන.. මං ඒව හැබෑ කරන්න ඕනෙ.. අනික ලොකුම හේතුව සුදූ..

කවුරුමහරි කෙනෙක් , මාව දරාගන්න පුලුවන් කෙනෙක්, දුක හිතුනම මහන්සි දැනුනම බර වෙන්න උරහිසක් තිබුණනම් කියලා හිතුන තැන් අනන්තවත් තිබිලා ඇති.. හැබැයි මගෙ හිතට දැනිච්ච තැනක් , බය නැතුව මගෙ ඩාක්සයිඩ් එක ඕපන් කරන්න පුලුවන් කෙනෙක් මට මුණ ගැහිලා තිබ්බෙ නෑ.. අන්තිමට හිතට දැනිච්ච තැන නතර වෙන්නවත් මට අවසර නෑ.. මේ ලෝකෙ හෙන අසාධාරණයි.. !

ඕව හිත හිත මං සෑහෙන දුරක් ඇවිදන් ගිහින්.. ඇස් අගිස්සෙන් කඳුලු බින්දු දෙක තුනක් කම්මුල් දිගෙ ගලාගෙන යනකොට මං ඉක්මනින් ඒව පිහිදගත්තා.. මේව මේ වෙලාවෙ කවුරුත් දකින්නෙ නැති බව ඇත්ත.. ඒත් මට ඕනෙ නෑ අඬන්න.. කඳුලු මට ඕනෙ නෑ.. ඒව ඇස් අස්සෙම හැංගිලා තිබිච්ච දෙන්..

ටිකකින් සාක්කුවෙ තිබිච්ච ෆෝන් එක වයිබ්‍රේට් වෙනකොට මං අරන් බැලුවෙ කවුද මේ වෙලාවෙ කියලා...

ශශී.. මේ වෙලාවෙ කතා කරන්න තරම් මූඩ් එකක් නෑ.. මං කෝල් එක කට් කරලා පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා නිකමට වෙලාව බැලුවා.. යකෝ 10ත් පහු වෙලා.. මං ඇවිත් පැයකට ලඟයි දැන් නම්..

ෆෝන් ආයෙම සාක්කුවට දාගන්න යද්දි ආයෙ කෝල් එකක්..

ඒ පාර කවුද කෝල් කරන්නෙ..? එහෙම හිත හිත අරන් බලනකොට තිබ්බෙ අඳුරන්නෙ නැති number එකක්..

මොන මගුලක්ද..  නිදහසේ ඉන්න කියලා ආවම ඒ ඇවිල්ලත් නිදහසක් නෑනෙ රෙද්ද... එහෙම හිතලා කෝල් එක කට් කරන්නත් ගිහින් කෝකටත් කියලා ආන්ස්වර් කරා..

" හෙලෝ.. " පිරිමි කටහඬක්..

" යාහ් කවුද කතා කරන්නෙ ? "

ශික්.. මගෙ වොයිස් එකට මොකද වෙලා තියෙන්නේ...  බිඳිලා ගියපු ගතියක් දැනෙනවා වගේ නිකන්.. 

මං එහෙම හිත හිත ඉද්දි  තප්පර දෙක තුනක් ඉඳලා එහා පැත්තෙන් උත්තර දුන්නා..

" ඔයාගෙ දෙයක් මං ගාව තියෙනවා.."

ෆුහ්.. මොනෞත්තක්ද යකෝ මේ.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටයිප් එකේ ආන්ස්වර් එකක්නෙ ඒක.. කවුරු හරි ප්‍රෑන්ක් එකක්වත් කරනවද මන්දා.. ඒ අස්සෙන් මේ මුහුදු රැලි ගහන සද්දෙයි හුලඟෙ සැරයි එක්ක කියන එකක් හරියට ඇහෙන්නෙත් නෑ...

" මොකක්.. ? "

" කොහෙද ඉන්නෙ ?ගෙදර නෙමේද ?  "  මගෙ ප්‍රශ්නෙට ආයෙම ප්‍රශ්නයක්...

උබට මොකද පගෝ මං කොහෙ හිටියත්.. මගෙ මේ ඔලුව විකාර වෙලා තියෙන වෙලාවෙ මොකාද මේ ආයෙම ඔලුව කන්න ආපු එකා..

" මේ මිස්ටර්.. ඔයා මේ විහිලුවක් නම් කරන්නෙ මේ ඒකට වෙලාව නෙමෙයි.. මේ රෑ ආතල් ගන්නෝනෙ නම් වෙන එකෙක්ව හොයාගන්න... "

අර බිඳිච්ච වොයිස් එකෙන්ම මං එහෙම කියලා කෝල් එක කට් කරන්නයි හැදුවෙ..

" අයියෙ.. "

එහා පැත්තෙන් එහෙම ඇහෙනකොට මං කන්ෆියුස් උනේ මට කොහොමත් ඔහොම කතා කරන්න කියලා ලඟම පිරිසෙන් හිටියෙ සුදූ විතරක් නිසා.. කොල්ලෙක්නම් කොහොමටවත් නෑ..
මං උත්තර දුන්නෙ නැති නිසාමද මං එහා පැත්තෙන් ආයෙ කතා කරා...

" ම..මං හසරැල්.. "

තව ටිකෙන් ෆොන් එක අත ඇරෙනවා හත්තික්කේ.. මේ මොන ආශ්චර්‍යක්ද මේ.. ? අනික අයියෙ කියල නේද කතා කරේ... ?

" හෙලෝ... ඔයා අහගෙනද ඉන්නෙ.. ? "

" ආහ් ඔව්ව්.. කියන්න.. ඔයා මොකද මේ වෙලාවෙ.. ? අනික ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක.. ? " 

මට තිබිච්ච ප්‍රශ්න දෙක තුන එහෙම ඇහුවා..

" කොහෙද ඉන්නෙ ? "

අහපු එකට නෙමේනෙ මේ මනුස්සයා උත්තර දෙන්නේ..

" බීච් එකේ.. "

" මේ රෑ.. " හෙන කියුරියස් ලුක් එකක් එයාගෙ මූණෙ ඇඳිලා තියෙන විදිය මට මැවිලා පෙනුනා..

" ඔව් ඇයි රෑට යන්නෙපා කියලා කොහෙවත් කියලා තියෙනවද.. ? "

හෙනම කාම් විදියට මං එහෙම ඇහුවා..

" තනියමද ආවෙ ? "

අහන එකට උත්තර දීපන් යකෝ.. මං හිතින් බැන බැන ආයෙම කතා කරා..

" හ්ම්ම්ම්.. "

"  අවුලෙන්ද.. ? "
එයාට ඒක තේරිලාද.. ?

" ඇයි එහෙම ඇහුවෙ.. ? "

" ඔයාගෙ වොයිස් එක වෙනදා වගේ නෙමෙයි.. ඒකයි.. "

" ඔයා කතා කරේ ? " මං ඒ කතාව මග අරින්න ඕනාවට වෙන එකක් ඇහුවා...

" ( චූටි පුතා.... ආ මෙන්න කිරි එකක් හැදුවා මං.. කන්න බෑ කිව්වනෙ ) "

එහා පැත්තෙන් එහෙම ඇහුනා..

හසරැල්ගෙ අම්මා වෙන්න ඇති.. ඒක ඇහෙනකොට මට මං ගැනම හෙන අසරණ හැඟීමක් ඇති උනා..

කෑවද බිව්වද හොයන්න, ආදරෙන් කතා කරන්න කිසිම කෙනෙක් අපේ අර විසාල ගේ ඇතුලෙ හිටියෙ නෑ..

" හෙලෝ.. "

විනාඩියකට විතර පස්සෙ හසරැල්ගෙ කටහඬ ආයෙම ඇහුනා..
දැන් නම් කතා කරන්න බෑ වගේ.. හිටියටත් වඩා මාව අවුල් උනාද මන්දා..

" අයියෙ.. ඔයා ඉන්නවද.. ? "

" ම්ම්ම්.. කියන්න... "

" යූ ඕකෙ ? "

" යාහ් අම් ඕකේ.. මං ඔයාට පස්සෙ ගන්නම් දිනේත්‍ර.. "

එහෙම කියලා දෙවනි පාරටත් මං කෝල් එක කට් කරන්න හැදුවෙ තව කතා කරොත් එහෙම මොනව කියවෙයිද කියලා මටවත් විශ්වාසයක් තිබ්බෙ නැති නිසා...

" පොඩ්ඩක් ඉන්න.. ඔයා ඇත්තටම හොඳින් නෙමෙයි අයියෙ.. මොකද්ද ප්‍රශ්නෙ? "

" එහෙම එකක් නෑ.. Um totally fine..  "  

" මෙච්චර රෑ වෙලා බීච් එකක තනියම ඇවිද ඇවිද කල්පනා කරන ඔයා දැන් මට කියන්නෙ ඔයා හොඳින් කියන එක මට පිලිගන්න කියලද ? ඔයාට මාත් එක්කනෙ කතා කරන්න බැරි.. මං ගෞරි අක්කට කියන්නද කෝල් එකක් ගන්න කියලා ?"

" එපා..මට පොඩ්ඩක් තනියම ඉන්න ඕනෙ උනා ඒක නිසයි ආවෙ.. මං ගෙදර ගිහින් text කරන්නම්.. බායි .. "

එහෙම කියලා මං කෝල් එක කට් කරලා දැම්මා..

මේක මං කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි...

අනික තමයි අයියෙ කියන එක හෙන ලඟයි වගේ දැනෙන්නෙ ඇයි මෙච්චරටම ?

--------------------------------------------------------------


හලොව්ව්.. ඊයෙ එන්න හිටියෙ ළමයිනේ.. හදිස්සියෙම රෑ  ලෙක්චර් එකක් වැටුනා..කතාව ලියන්න වෙලා තිබ්බෙ නෑ ඉතින් 🥺

පුලුවන් ඉක්මනින් ආයෙම එන්නම්.. 😘❤️

Winky_❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

32K 4.2K 69
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
168K 12.6K 34
"You have a responsibility of china. You're the president.." xiao zhan yelled at wang yibo. "I'm sorry....i know it's all my fault..give me one more...
1.1M 54.7K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...