දෑගිලි ✔( complete )✨

By Gojo_Nj9119

81.1K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... More

Chapter 1
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 3

2.2K 245 39
By Gojo_Nj9119

chapter 3

.
.
.
.
.
.
.

"ආ..ව්ව්....."

මන් හිතන්නේ මන් තරු එක්කම මන්දාකිනියක්ම මහා දවාලෙ දැක්කා..කවුද වැදුනෙ කියලා බලන්න ගිය මට වුනේ ගහෙන් වැටුන මිනිහගෙ ඔලුවට දේවාලෙ කඩන් වැටුනා වගේ වැඩක්..මන් හැදුවෙ ඔලුව ටිකක් උස්සල බලන්න විතරයි මොකද ඉදපු එකා මට වඩා සෑහෙන්න උසයි..එත් ඔලුව උස්සලා බලන්න ගිහිම් මට වුනේ නලලත් අල්ලගෙන කෑගහන්න..මැදැගිල්ල නවලා මහපටැගිල්ලෙ වද්දගෙන අර ටෝන් ගාලා නලලට ගහන හොදවැයින් සොට් එකක් මට හම්බුනා..ගහපු එකාගෙ කිරිඅත්තගෙ බලු සංහතියටම දෙස් තිය තිය මන් නලල අතගාලා බැලුවා කෑල්ලක් ගැලවුනාද කියලා..එච්චරට සැරයි..කදුලුත් පැන්නා..ගහපු පාරට මුත්‍රාශෙත් කැලඹිලා බරකුත් ලෝඩ් වුනා..ඒකා ගහලා මාවත් තල්ලු කරගෙනම වගේ යන්න ගියේ..අනෙ ඕකගේ අම්මපා...

හැබැයි................................

ඒ..සුවද..ඔව් ඒ සුවද..එක පිච්ච මල් ..ගිය එකා ගාවින් හමාගෙන ආවෙ පිච්චමල් සුවදක්..සාමාන්‍යෙන් කොල්ලො පාවිච්චි කරන්නෙ සැර සුවදක් තියෙන පර්ෆියුම් වර්ගනෙ..අනික ඒ මන් ආසම සුවද..ගහපු එකට කෙසෙ වෙතත් සුවද හින්දම මට දැන් ඒකාව බලාගන්න ඕනිමයි..නලලත් අත ගගා මන් ක්ශනික ආයෙ පන්තිය පැත්තට හැරිලා බැලුවා..

..අනේ එයා.. ඒ ඉදියෙ

ඔව් එ එයා..යසස් අයියා..එයාද මගෙ නලලට තට්ටු කරෙ..දැන්නම් වැඩිය රිදෙන්නැ වගෙ..එ සුවද එතකොට එයාගෙද..මන් බලද්දි එයා හිනාවෙලා මන් දිහා බලන් ඉන්නවා..මට දැනෙනව මගෙ මූන රතූවෙගෙන එනවා කියලා..තවත් එතන ඉන්න බැරි නිසා මන් අපෙ පන්තියට දුවලා ආවා..

පර්ෆියුම් කියන්නෙ මන් ආසම දෙවල් වලින් එකක්..එකත් පිච්ච සුවද..මන් ආසම මලෙ සුවද..ඒකත් හමන්නෙ මන් ආසම කෙනා ලගින්..යෝහ්..මට දැන් පිස්සු වගෙ අප්පා..උන්මන්තයෙක් වගේ දැන් නම්..මන් පන්තියට යද්දි තමාලයත් ඇවිල්ලා ඉන්නො මන් එනකම්..ඉන්ටවල් එකෙන් පස්සෙ සුපුරුදු විදියට ඉගෙන ගන්න වුනා..git වෙලාවෙත් පන්තිභාර මිස් ඉතිහාසෙ උගන්නන්න ගත්තා..

ස්කොලෙ ඇරිලා තමාලයා එක්ක එකොන් ක්ලාස් ගිහිම් ගෙදර එද්දි හයත් පහු..ආපු ගමන් වොශක් දාලා කාලා ඇදට පැන්නෙ තිබ්බ මහන්සියටමයි..එත් නින්ද යන්නැ අප්පා..මට හිතෙන්නෙම පිච්ච වැල ගාවට යන්නනෙ..මල් පිපිලද දන්නෑ දැන් දහයත් පහුවෙලා..ගිහිම් බැලුවා තාම පොහොට්ටු අප්පා..

"ඔයාලා ඉක්මන්ට පිපෙන්නකෝ.."

මට කොමත් ගස් එක්ක කතා කරන පිස්සුව ලෙසටම තියෙනවා..ගහක් දැක්කත් තට්ටුවක් දාලා හරි යනො..ඉස්සර මට තිබ්බා රූස්ස ගහක් දැක්කම බදාගන්න පිස්සුවක්..හැබැයි දැන් ඒ පිස්සුව හොදයි මොකද ගස් බදාගැනිල්ල කෙලවර උනේ මගේ මූනෙ ඉදම් ඇගේ පැත්තකම පළු දාගෙන..දවසක් බදුල්ලෙ නැන්දලගෙ ගෙදර ගිහිම් තිබ්බ ලොකූ ගහක් බදාගත්තා මන් දැක්කෙ නැ එතන දලඹුවො ඉන්නවා කියලා පිස්සු තද වෙලා එ ගහත් බදාගෙන ඉඹ ඉඹ ඉදියේ.මට දැනුනා මාව කසාගෙන එනව..කසන්න කසන්න පිච්චෙනො වගෙ දැවිල්ල අරන්..කැගහගෙන ගෙවල් වල මිනිස්සුත් ගෙන්නගත්තා..මිනිස්සු හිතුවෙ නයෙක් ගැහුවා කියලා..අන්තිමට පොල්තෙල් ගාලා පිහියෙන් හූරලා තමා බූව යවාගත්තේ..කොහොමහරි ඇගෙ පැත්තක්ම බරවා හැදිලා වගෙ ඉදිමිලා තිබුනා දවස් දෙකක්ම..අම්මො හරි සුන්දර මතක එව්වා..

"ඈ කොල්ලො මොකද බන් ඔය එලියෙ කරන්නෙ..මේ යක්කු ගස් නගින වෙලේ හිනාවෙවී පිච්ච වැල ගාව ඉදම් උබ කා එක්කද මනමාලකම් පාන්නෙ..රෑට වරෙම්කො බලන්න අනෙ අම්මෙ නින්ද යන්නැ අද මෙතන ඉන්නම්කො ගාගෙන.."

"අනෙ අම්මො බය කරලා මරන්නද හදන්නෙ අප්පා..ලගටම එනවා දැක්කෙ නැ..ඇරත් මන් කා එක්ක මනමාල කම් පාන්නද මන් ආවෙ පිච්ච වැල බලන්නනෙ..ම්හුක්"

"මට පෙනෝ වැලක් බලන්න ආපු වගක් නම්..අනික පිච්චමල් මොකටද මෙ එකපාරටම... උබ හොයාගත්තෙ ලෙච්චමී කෙනෙක්වත්ද.."

"යෝහ් අනෙ අම්මට පිස්සුද අප්පා..මේ හොදට ඉන්න ලමයට කට කතා හදන්නෙපා හරිද..දැන් පිට එවුන් නෙමෙනෙ ගෙදර එවු-..මන් කිව්වෙ ගෙදර අයමනේ කට කතා හදන්නෙ හරි නෑ අප්පා ඔයාලනම්.."

"අනෙ මගෙ මසුරන් කට..උබ ඕන බඩකඩිත්තුවක් හොයාගනිම් හැබැයි ආගම පිට වෙන්න බැ හරිද..ආයෙ මන් නරක ගැනි කියන්නෙපා.."

"මන් හොයාගන්නෙ සාමී කෙනෙක්..අයියෝ සාමි නී යෙනක වේනුම් ගගා ඉන්න පුලුවන් නෙ..මන් යනවා අප්පා යන්න මට ඔන්නැති කෙල්ලෙක් නැ අම්මටත් පිස්සු.."

කාගෙන් බෙරුනත් අපෙ අම්මගෙ උකුසු ඇස් වලින් බේරෙන්න බැනෙ..එලියට ආපු ටිකට මගෙ පිටිපස්සෙම් ඇවිත් කතා කරනකම්ම මන් දන්නෙත් නැ..ඔහොම එකපාර කතා කරද්දි හිත ගැස්සෙනෝනෙ..කොහෙද ඔව්වා තේරෙන එකක්යැ..කෙල්ලෙක් ගැන කතා කරොත් අනිවාරෙම් ඉවර වෙන්නෙ පිට ආගමක් ගාවගන්නෙපා කියාගෙනනෙ..අපෙ අම්මා මිනිස්සුන්ව වෙනස් විදියට දකින්නැ එහෙම..එයාට ඉස්සර ඉදියෙත් දෙමල යාලුවෙක්ලු..ඔය පිට ආගම් ගේන්න එප කියල නොකිය කියන්නෙ දෙමල කෙල්ලො ගැන..මෙ ඔක්කොටම හෙනෙ අපෙ ලොකු අම්මගෙ බාප්පා බැදපු නෝනගෙ නන්ගිගෙ පුතා පන්නලා ගෙනාවෙ දෙමල කෑල්ලක් හින්දා..නැකම දුරවුනාට ඕපෙ හොයන්න බලාගෙන ඉන්න සංහතියක් ඒක..ඒ කෙල්ලව නිකම් ත්‍රිලෝක සුන්දරී කියාගෙන ඒකා නම් හිතාගෙන ඉන්නෙ..අපිටත් ලොකු ලයින්දානවනෙ..අපෙ අම්මත් එක්ක බහින්බස් වීමක් වෙලා මන් ඌට නෙලලයි අන්තිමට එ කතාව ඉවර උනේ..ඔක්කොම ලෙච්චමියෙක් නිසා කියලා අම්මා බැන්නෙ..එක හින්දයි යාලුවො ආශ්‍රේ කරාට කමන්නැ උබට දෙමලියෙක්නම් බදින්න බෑය කියලා කියන්නෙ..අනෙ ඉතිම් අපෙ අම්මටත් පිස්සු..එයාගෙ පුතුකියා කැමත්තෙන් ඉන්නෙ කොල්ලෙක්ටනෙ කියලා දන්නැති නිසානෙ පිස්සු කෙල්ල කෑගහන්නෙ..කෙල්ලෙක්ටවත් ගියෙ නැති හිත ගියෙ මගෙ යසස්කුමාරයටනෙ..

උදෙ ලැස්තිවෙලා යන්න කලිම් ආයෙ පිච්ච වැල ගාවට ගිහිම් මල් දෙක තුනක් කඩාගෙන සාක්කුවට දාගත්තා..ආයෙ ඉතිම් දවසෙම සාක්කුවෙන් එන්නෙ ඔය සුවද..ඉස්සර ඕලෙවල් කාලෙ මන් හැමදාම වගෙ මලක් දෙක්ක දාන් යනවා..දැන් ආයෙ එ පුරුද්ද පටන් ගනිවී..

සැරියෙ ඇවිල්ලා බැහැලා ස්කොලෙට යද්දි මන් දැක්කෙ අර විනාශ දැවැන්තයා කාර් එකෙන් බැහැලා පාර පැනන් එනවා..උදේ පාන්දරම මේකව නේද දැක්කේ..දවසෙම බාල්දි වැටෙයිදෝ මන්දා..අර..අනෙ අම්මපා මන් මුට මොන වැරැද්දක් කරාටද මේ හැටි මට රවන්නෙ..යකො උදෙන්ම මනුස්සයෙක් දැක්කම හිනාවෙලා යන්නොනෙ හරිනම්..එකට මේයකා ගෝනිබිල්ලෙක් වගේ බුම්මගෙන යන ලස්සන..මන් හිතන්නෙ දෙවියන්ට මූව මවද්දි හිනාව දාන්න අමතක වෙලා නපුරු කම තීන හැලියක්ම හැලිලද කොහෙද..අර ජිම් පප්පා වැටුනා වගේ මේකා නපුරු කම හැලියට ඇදම් වැටුනද කවුද දන්නෙ..අඩිය ඉක්මන් කරලා ගේට්ටුවෙන් ඇතුලට ගිහිම් බුදු මැදුරට වැදලා ක්ලාස් එකට දිව්වා..අද තමාලයා ක්‍රිකට් ප්‍රැක්ටිස් නිසා උදෙන්ම යනො කිව්වා..මන් යද්දි ඒකා බත් එකක් දිගෑරම් දෙසාබානවා..

"අනාව්..මයෙ සප්තයා එන්න එන්න බයියම් කටක් කවන්නද මයෙ වස්තුවට.."

"උදෙම කාල බැ යකො..උබ කාපම් මට එපා.."

"හරි හරි අන්තිම කට තිබ්බෙ..බොට එපා නම් මන් කනවා..මේ වතුර එක
දීපම්කෝ.."

"මෙන්න මෙකෙන් ගනිම් මන් යනො විශාලයා බලන්න ඌ එනවා දැක්කා.."

අනෙ මන්දා මුන් කවදා හැදෙයිද කියන්න..හැදෙන්නැ ඉතිම් මන් වගෙම නැතෑ..වතුර බෝතල් ඉතිම් ලොකු පන්තිවලට ආවම හැලෙනවනෙ..පර්ස් නැ සමහර උන් බෑග් ගේන්නෙත් නැ ..එ වුනාට මට නම් වතුර බොතලයක් ඕනිමයි..වතුර නැතුව මුත්‍රාශේ කේස් දානවා හරීයට මට..අරකා කනකම් සදලු තලෙට වෙලා ගේට්ටුවෙන් එන අයව බලන් ඉදියා..යසස් කුමාරයා කොහෙවත් පේන්න නැ හැබැයී..තමාලයා එක්ක පල්ලෙහාට ගිහිම් බලන්න ඔනී

"යකො සප්තයෝ උබට රෙදි නැද්දොයි මේ මේස රෙද්ද බෑග්ගෙ ඔබන් ගෙදර ගිනිහිම් තින්නෙ..ඊයා ඔයි ඒක හෝදලවත් නෑ ඒමදිවට.."

"මොන රෙද්දක්ද උබ කියවන්නෙ..මට මොකටද යකෝ රෙදී.."

"අඩෝ ඊයෙ පන්තිභාර මිස් දේසනයක් දුන්නා මතක නැද්ද රෙද්දෙ ජරාව දැකලා..උබට නේද පන්තිනායකයා බාර දුන්නෙ.."

හරිනෙ ඔය කරලා තීන්නෙ ලෙසටම..ඕක අමතක වුනේ කොමද..අනික ඔහොම එකක් දුන්නා කියලවත් මතකයක් තිබ්බෙ නැ..
එවෙලෙම අනිත් බාග දෙකත් ආවා..අනෙ අම්මපා මටමනෙ මෙවා වෙන්නෙ උදෙ පාන්දර මොකා දැක්කද මන්දා..

"ඇඩෙන්න අහගන්න වෙයි පුතෝ මිස් පන්තියට ආවම ඈ..මොකො දැන් තෝ කරන්නෙ.."

"අනෙ අම්මපා මෙක දුන්නෙකා කෝ.."

"අඩො චන්ද්‍ර කුමාර............"

" මෙහෙ වරෙම්..තො නම් සාපයක්.වෙන එකෙක් ඉදියෙ නැද්ද ගෙරි බල්ලො තොට මේක දෙන්න..දැන් බලපම් මිස් මාව කයි.."

"ඉතිම් උබට මන් ඊයෙ කියලමනෙ දුන්නෙ..අනෙ සප්තයෝ උබ හා හා කියලමනෙ ගත්තේ.."

"මන් කොයිවෙලේද තිරිසනො මේකට හා කිව්වෙ..අනෙ අම්මපා දැන් නැහිලා වැඩක් නෑනෙ..අර ගැනු මනුස්සයා මේස රෙද්ද නෑ කියලා අද මොනා කියයිද දන්නැ.."
.
.
.

" මේ සප්තයෝ මොකො කියන්නෙ පිටිපස්සෙ කර්ටන් එකක්වත් ගලොලා දාමුද බන්"

"පිස්සුද බන්..පිටීම පස්සෙ ඉන්න සරම් අදින චීත්ත ටික නහින්න ගනී රෙද්ද නැතුව අව්වයි කියලා..උබට ඔනි ආයෙ මන් වලියක් දාගන්නො බලන්නද.."

දැන් නම් ඔලුවත් පුපුරන්න වගේ..හරිනෙ මන් උදේම දැක්කෙ අර මුස්පේන්තුවවනෙ..කෑව මගෙ දවසම..එ අස්සෙම් විශාලයා අහනො කර්ටන් එකක් දාමුද කියලත්..අපො පිටිපස්සෙ ඉන්න බේස හැත්ත ඩෙස් එකටත් මරාගන්නනෙ බලන් ඉන්නෙ..උගෙ අම්මා අප්පගෙ දෙපල වගෙ ඇලවිලා පිටිපස්සෙම..පසුපෙල මන්ත්‍රීලා කියලා හිතන් ඉන්නෙ..ගිනි අරන් ඉන්න වෙලාවෙ මී පැනි වගෙ කට හඩකින් ශ්‍රීධර දුන්න අදහස නම් නරකමත් නෑ..

"එක නෙමෙ සප්තයෝ මේ රෙද්ද තුනී නිසා ඉක්මන්ට වේලෙයි හැබැයී.. තාම වෙලාව හතයිනේ අපිට පුළුවන් මේක හොදල ඉක්මන්ට වේලගන්න.."

"අඩෝ ශිදරින්ගේ කතාවත් ඇත්ත ආ ඔන්න ඔකත් අරන් වරෙම් මෙ තමාල් ඉන්නකම් ඔයා රෙද්දකටවත් බයවෙන්නෙපා සංකද.."

කරන්න දෙයක් නැ මොකො මං ආයෙ කාලෙ ආපස්සට හරවන්නද..වෙන වෙයක් වෙච්චාවෙ කියලා රෙද්ද හෝදන්න තීරනේ කරා..කවදා හෝදපු රෙදිද..

"පොඩ්ඩක් ඔම හිටාම් ලැට් එකෙ බාලදිය ඇති එක ගේන්නම්"

"ඊයා වුට්ටො පෛත්ත්‍යම්ද..අර මුර අංකල් ගාව ඇති එකක් ඒක ඉල්ල ගමු.."

කොහොමද දෙයියනේ ලැට් බාල්දියට අත දාන්නෙ..විසබීජ පිරිලා ඇති..මන් වැඩිය ඕවට යන්නෙත් නැති එකෙ ඕක අල්ලතෑකිද..බාල්දිය හරි කියමුකො මොනාගාලද හෝදන්නෙ.

"ශ්‍රීදර මෙ කැන්ටිමට දුවලා ගිහිල්ලා රින්සො එකක් අරන් වරෙම්.."

"මූ විශාරදයා වගේ යද්දි හෙට එලිවෙයි කො මෙහෙට දියම් ඕක.."
"එත් කැන්ටිමේ රින්සො නෑනෙ වුට්ටො....."
"උබ හිතුවද අපෙ උන් මේකෙ සන්ලයිට් ඇඩ් එකේ වගෙ පූල් එකෙ බැහැලා රෙදි හෝදනවා කියලා.."

"අනෙ විශාලයො රින්සො නැත්තම් ශැම්පො එකක් හරි ගෙනෙම් බන්.."

"යකො කැන්ටිමෙ ශැම්පොත් තිනෝද..උබ හිතුවද මේකෙ උන් ශැම්පො ගාලා පූල් එකෙ නානවා කියලා.."

"ප'කො පින් අත්වෙයි මාව අමනුස්සයෙක් කරගන්නැතුව ගිහිම් අරන් වරෙම්.. මන් දැක්කා දවසක් ශැම්පො වැලක් එල්ලෙනව.."

කොමහරි ශැම්පෝ දාලා මේස රෙද්ද හේදුවා..එව්ව් සෙවල වගෙ මුන් මේකෙන් හොටු පිහිදලද මන්දා..ඒකෙ තිබ්බ කුනු..මුන් බෝඩ් එක පිහින්න ගත්තේ මේස රෙද්දද මන්දා..අන්තිමට රෙද්ද නම් හෙදුවා..දැන් මේක වේලෙන්න දාන්නත් එපැයි..

" ඔයි තමාලයො බලපම් වැලක් තියෙද කියලා.."

"උබට පිස්සුද වුට්තො ස්කොලේ වැල් බලන්න..ඕක කාටහරි ඇහුනනම් ඉදලා ඉවරයිනේ.."

"අනෙ ඔයි මාව අමනුස්සයෙක් කරගන්නැතුව බලාම් මේක වනන්න තැනක්..ලබ්බක් කියවනො මෙතන ඉදම්.."

"අනෙ අනෙ පිස්සු කොල්ලා...හරියට කියන්න එපැයි..උබ හින්දනෙ අපිත් මෙ කට්ට කන්නෙ..කමන්නැ යාලුවා හින්දනෙ මේ ඔක්කොම.."

හෙදුවත් හරි දැන් වනන්න තැනක් එපැයි ඉක්මන්ට වේලෙන්න නම් අව්ව තියෙන්නත් ඔනී..මෙ දවස් වල වැස්ස නැති නිසා හොදයි..උදෙන්ම අව්ව වැටෙනවා..එත් මෙ ගස් අස්සෙ කොහෙන්ද අව්වක්..

"මෙ මේක අරන් යමන් උඩට..ගිහිම් ලැබ් එකෙ වහලෙන් දාන්න පුලුවන් නෙ තුන්වෙනි තට්ටුවෙ ඉදම්.."

"ආ එකත් හොදයි යමන් යමන් ඉක්මන්ට අර ගෑනු පරානෙ උදෙන්ම නාවොත් හොදයි..නැත්තම් ආවෙස වුනාම අපි අනාතයි.."

"මන් හිතන්නෙ අද පොඩි උන්ට එක්සැම් නිසා මෙයා යන්නැති උදෙන්ම එපැත්තට.."

අපො එක අතකට ලොකු දෙයක් එකියන්නෙ මිස් අද එන්නෙ ඉන්ටවල් එකෙන් පස්සෙ..අපෙ පන්ති තින තට්ටුවට නැගලා බැල්කනී එකෙන් ලැබ් එකෙ වහලට පැනලා රෙද්ද ඒකෙ වැනුවා..වනන්න කලිම් වහල පිහිම්නත් වුනා ...ඒකෙ උඩ තින ජරාව..

"මෙ ඕක හුලගට ගහගෙන යයිද බන්.."

"මෙ ටිකෙ හුලන් නැනෙ බන් ඔන්නොහෙ යමූ.."

දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..මට වෙන්නෙම මෙවන් සුන්දර අකර තැබ්බි තමයි ඉතිම් ..එ වුනාට මගෙ හිතට හරි නෑ..හිතෙන්නෙම රෙද්ද හුලගෙ ගහගෙන යයිදෝ කියලා..සෙට් එකත් එක්ක ආයෙ පන්තියට ආවට හිත තියෙන්නෙම රෙද්ද ගාව..

අද උදේ රැස්වීම තින නිසා ඒකට පල්ලෙහාට එන්න කියලා තිබ්බා..හිටන් ඉන්න ගියහම එපා වෙනවා..එත් කමන්නැ මගෙ හීන කුමාරයා දිහා බලාගෙන හරි ඉන්න පුලුවන් නෙ මට..
එයාගෙ ක්ලාස් එකෙ ලයින් එකත් තීන්නෙ අපේ එක ලග නිසා එයා කොයිවෙලෙත් එහෙට මෙහෙට යද්දි මට යසස් අයියව පේනවා..යොහ් මන් ලගින් යද්දි හිනාවකුත් දීගෙන යනවා අප්පා........
.
.
.
.
.
මන් හිතුවෙ නැ මෙහෙම දෙයක් සිද්ද වෙයි කියලා නම්..මට කලිම් හිතන්න තිබ්බා..දැන් පරක්කු වැඩියි හොදටෝම.

.
.
.
.
.
.
.

තමාල් මන්දාර අනුවින්ද මදනායක

_____________________

මොකද්ද දන්නෙ නෑහ් නේ වුනේ👉👈

.
.
හෙලොව්ව්ව්...කොමත
මං ආවා👉👈
මට තරු දාන්න හරිත..
ඒක්බාර්...කොමෙන්ටුවකුත් දාන්න ඉතිම් 😫❤️
වෝට් කරපු කමෙන්ට් දාපු අයට ඔන්න ජුජුස්

.
.
.
ඊලග එකෙන් එම්නම්❤️
ආතරෙයී❤️❤️❤️
_Gojo_

Continue Reading

You'll Also Like

3K 282 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
1.6M 98.1K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...