දෑගිලි ✔( complete )✨

Da Gojo_Nj9119

80.9K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Altro

Chapter 1
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 2

2.7K 272 40
Da Gojo_Nj9119

.
.
.
.
.
.
.
මන් ගෙදර ආව ගමන් නින්දට වැටුණා..හිතට අවුලක් දැනුනම මට ඕනිම නිදාගන්න..නිදිපෙති බිව්වා වගෙ එතකොට එක දිගට දවස් දෙකක් වගෙ නිදාගන්න උනත් පුලුවන්..මන් නැගිටිද්දි
හයත් පහුවෙලා..අම්මා කුස්සියෙ උයනවා..මූන ටිකක් හෝදම් කුස්සිය පැත්තට ගියා..අම්මා උයද්දි හැමදාම වගෙ මන් එයා එක්ක කයියක් ගහන් ඉන්නවා..ඔහොම ඉද්දි අනිවාරෙම් වැඩක් දෙකක් කරන්න සිද්ද වෙනවා..හැබැයි පොල් ගාන වැඩෙ තමයි මට පේන්නම බැරි..මට උයන්න බැරි නැහැ එත් අම්මා උයන වෙලාවට මන් ඉන්නෙ උයන්න දන්නැ වගෙ..ඕන් අම්මට අසනීප වුන දවසකට වගෙ මන් තමා ගෙදර උයන්නෙ..

"බබා..තාත්තට කන්න එන්න කියන්න.."

තාත්තටත් එන්න කියලා අපි රෑට කෑවා..

"කොහොමද ස්කූල් වැඩ.."

"ලොකු අවුලක් නැ තාත්තෙ..දැනට කරගෙන යනවා.."

අපෙ තාත්තා වැඩිය කතාවට එන එක්කෙනෙක් නම් නෙමෙයි..නිහඩ චරිතයක්..ඉදල හිටලා වචනයක් දෙකක් කතා කරොත් තමා..හැබැයි අවශ්‍ය දේට කට අරිනවා..අනෙ මන්දා මිනිස්සුන්ගෙ දත් ගලොලා මෙයාට එයාගෙ කට ඇරගන්න අමතක වෙලාද කියලත්..ඉදල හිටලා එකපාරට එයා මගෙන් 'චූටි කෑවද..කෑම හොදයිද..දැන් මොකද කරන්නෙ..'
ආන් එතකොට බඩු බනිස්..මෑන් මූඩියක් විතර ගහලා කියලා අපි එදාට දැනගන්නො..අපෙ තාත්තගෙ කට ඇරගන්න නම් සොට් එකක් ගස්සන්නම ඕනි..නැත්තම් සමහර දවස් වලට කෑවද...එච්චරයි..ගමනක් ගිහිම් ආවම..ආ ආවද..එච්චරයි..පේශන්ස්ලා එක්ක වුනත් අවශ්‍ය දේ ඇරුනම ආයෙ වෙන කතා නෑලු..සහයට ඉන්න මිසීලටත් එච්චරයි..

කාලා ඉවර වෙලා රූම් එකට ගිහිම් ගිය සතියෙ එකොන් ක්ලාස් එකේ වැඩ කරන්න ගත්තා..සතියක් ගියා මන් වැඩ කරන්නෙ ක්ලාස් එකට කලින් දවසෙ රෑටමයි..නෑ ඉතිම් අමතක වෙනවනේ..එ අස්සෙ මට ආයෙ යසස් අයියව මතක් වෙනවා..ඔව් ඉතිම් එකොන් ක්ලාස් කිව්වම එයාව තමයි මතක් වෙන්නොනෙ..මොකද එයානෙ මෙ ක්ලාස් එක හොයාගන්න උදවුත් කරෙ..අපෙ තමාලයගෙ නැන්දගෙ ගෙදරට අල්ලපු වැටෙ තමයි මගෙ යසස් අයියා ඉන්නෙ..ඉතිම් තමාලයා යසස් අයියාගෙ මාර්ගෙන් තමා ක්ලාස් එක හොයාගත්තෙ..

ටිං.......

"ado ub gysathiye econ wd krd bn..mt ara anthima prshne karanm ewpm.."

"therenne na oi me labba..aparade kyla htnwa meka thoragttet.."

"econ nm sapayak oii..

ඩේටා ඔන් කරා විතරයි ටාං ටාං ගාලා මැසෙජ් වැලයි..භාගයක්ම තමාලයගෙන්..මූ පන්තියෙ දෙක වුනේ කොප්ප ගහලද කියලත් සැකයි...නැ වෙන්න බැ ඌ ලගම ඉදියෙ මමනෙ..පොරට එක්සෑම් එකෙදී කිරි අත්තා වැහෙනොද මන්දා ලියනො ලියනො ඉවරයක් නැ..කොලත් මදිවෙලා වටේ උන්ගෙනුත් ඉල්ලුවා මන් බලාගෙන..

"mn karet na bn dnui krnne..idpm krot dannam.."

ටිං....

ආයෙත් මැසෙජ් එකක් ..ඉනට අත තියම් ඉන්න තට්ට අංකල්ව එවලා..ඒකට මන් ගිනි ගොඩේ පිච්චෙන ස්පොන්ච් බොබ්ව යවලා අනිත් චැට් ටික බැලුවා..තමාලයා ඇරුනාම තව දෙන්නෙක්ගෙන් විතරයි මැසෙජ් ඇවිත් තින්නෙ අනිත් ඔක්කොම කතා ගෘප්,බටස ගෘප්,ඇනිමෙ ගෘප් ආ තව හනාහකියා ගෘප් එකත් තීනෝ.. ඒකෙ දාන කවි නිසදැස් මාර ලස්සනයි අප්පා..මොලේට කොහෙන් එනොද මන්දා එ අදහස්..බොක්කටම වදිනවා ආයෙ උනුවෙලාම යන්න..ඒකෙ තිබ්බ කවි ටිකක් කියොලා හාට් රිඇක්ට් දලා ආයෙ ඕෆ් ලයින් ගියා..දැන් ඉතිම් යන්නොනෙ වට්ටියට..එකියන්නෙ වට්ටපැඩ් එකට තමා..අම්මෙ ඉතිම් නිදාගන්න කලිම් එකක් කියවන්නම ඕනී..ඔලෙවල් ඉවර වුන කාලෙනම් දවසම ගතකලේ ඒකෙ..දැන් ඉතිම් එහෙම ලොකූවට වෙලාවක් නැනෙ ඉතිම් රාත්‍රී නින්දට පෙර අනිවාරෙම් කතාවක් කියවලම තමා නින්දට යන්නෙ..මේ ටිකේම ඔක්කොම ඔන්ගොයින්..ඉතිම් දාපු අප්ඩේට් බලලා නිදාගත්තා.....

උදේ ලෑස්තිවෙලා ටයි එකත් කරේ දාම් මන් බස් එකට දිව්වා..මන් යද්දි තමාලයා ඉන්නවා කෙල්ලො දෙන්නෙකුත් වට කරන්...

"එ සප්තයා යසයි වුම්තා එනවෙලාව.. අද කොල්ලොන්ගෙ සැරිය නෑ වගෙ බන්..කෙල්ලොන්ගෙ එකෙ තමා යන්න වෙන්නෙ.."

"අඩෝ ඒකෙ කොන්දා කැමතිවෙයිද..අද ඉන්නෙ අලුත් එකෙක්නම් ශේපක් දාන්න තිබ්බා..."

හරිනෙ ඔය කරෙ ඉතිම් මාසෙට දවසක් හරි ඔය කඩුත්තුව නැතිවෙනොනේ..මෙ රජයේ ප්‍රවාහන සේවය ගැන නම් කියන්න වචන නැ..දැන් ඉතිම් කෙල්ලොන්ගෙ එකේ හිටන් පලයම්කො..ඒකෙත් ආතල් එකක් නැතුවම නෙමෙ..එත් මට ඕකුන්ගෙ රැස් බලන්න බැ අප්පා..වැඩිපුරම ඉන්නෙ අපේ සහොදරියොන්ගෙ පාසල එකියන්නෙ යශෝදරාවෙ අය..ස්කොලෙ නම යසෝදරාව උනාට මුන්ගෙනම් ගන්න දෙයක් නැ..දන්නැද්ද ඉතිම් බාලිකාවියොනෙ..

"එ මන් ඇහුවා ඩයිවර් අයියා කිව්ව අදට දාන් යන්නම් කියලා..ඉක්මන්ට නැගහම් ඉතිම්.."

කෝමහරි හිරවෙවී තෙරපී තෙරපී ස්කොලෙට ආවා..අම්මො බැස්සා විතරයි නිවන් ගියා වගෙ..ඔලුවෙ කැරකිල්ලකුත් ඇල්ලුවා එ ටිකට..කෙල්ලොන්ගෙ සැරිය එනවා අපේ එකට කලිම්..අද හතටත් කලිම් ඇවිල්ලා අපි ඒක නිසා..

පන්තියට ගියා බෑග් එක තිබ්බා..දැන් තීන්නෙ වට වන්දනාවෙ යන්න..පන්තියෙනම් ඉන්න බැ අතුගාන්න සෙට් වෙනො..මන් ඕන්නම් ඔය ක්ලාස් එක දෙපාරක් විතර අතුගාලා ඇති..තමාලයවත් ඇදම් පල්ලෙහාට ගියා ..අපි ඉන්න තට්ටුවට පල්ලෙහා තමායි කොමස් සෙක්ශන් එක තින්නෙ එ තට්ටුවෙම ඉතිම් දහතුනේ අයියලා රජ කරන්නෙ..
පල්ලෙහාට බහිද්දිම ඉන්නව මන් දකින්නම ආස කෙනා.. ජනේලෙන් පල්ලෙහා බලන් මොනා කල්පනා කරනවද මන්දා මෙයා..මන් ලගට යද්දිම එයා හැරිලා බැලුවා..අනෙ එ හිනාව ..එ ඇසුත් හිනාවෙනවා දෙයියනේ..
එ හිනාව තමයි මන් පලවෙනි දවසෙ ස්කොලෙට ආවම මුලින්ම දැක්කෙ..ගේට්ටුවෙන් ඇතුලට එද්දිම එයා ඉදියා ලස්සන හිනාවක් මූනෙ තියම්..මාව දැක්ක ගමන් එ හිනාව ඩබල් කරලා මන් එක්ක හිනා වුනා..එ හිනාව දැක්කම මට හිතුනෙම මන් මීට කලිම් කොහෙදි හරි මෙ හිනාව දැකලා තිනවා කියන්න විතරයි..කොහෙදි කොහොමද කියන්න නම් දන්නැ..එ හිනාව මට හුගක් ලගයි වගෙ දැනුනා..අදත් එ හිනාවමයි..

"ගුඩ්මෝනින්ග් අභී.."

"...ග්ගුඩ්..මෝනින්ග් අයියේ.."

මට නවත්ත ගන්නම බැරි එයා ගාවදි වචන ටැපලෙන එක..දිව කොටවෙන්නෙ මේ වෙලාවට තමයී..එයා මට කතා කරන්නෙ වැඩි දෙනෙක් මට කතා නොකරන නමින් .. අනිත් අයට සප්ත වුණ මන් එයාට අභී වුණා..

"යෂ් දොලහේ උන් අද බුදුමැදුර ඉස්සරහා අතුගාලා නෑ..ගිහින් එතන බලහම්.."

පුදන කොටම කාපි යකා කිව්වලූ...ඔය ආවෙ මහසෝන් දිෂ්ටිය..කෑවා මගෙ මූඩ් එක..එ අස්සෙ කෝ මෙ තමාලයා.. දැන් මන් එක්කම ආවනෙ..හෑ..මූ මොකද මෙ යසස් අයියගෙ ක්ලාස් එකෙ ඉදම් එන්නෙ..මගෙ එහාපැත්තෙනෙ ඉදියේ..මන් නොදන්න මුට ඍදි බලයක්වත් හම්බුනාද මන්දා..
ඌ එද්දිම මන් ඌව ඇදගෙන පල්ලෙහාට ගියා..

"කොහෙද යකො උබ යසස් අයියගෙ පන්තියෙ රිංගන්න ගියෙ.. මන් බලද්දි මගෙ එහා පැත්තෙ ඉදපු එකා නැ.."

"ටවුක'න යකෝ තොගෙ ඉස්සරහින්මනෙ මන් ගියේ..මට ද්වීනාෂ් අයියා ක්ලාස් එකට එන්න කිව්වෙ..එක නිසා ඇතුලට ගියා..උබ මොන සිහියෙන්ද ඉන්නෙ ආ..."

මල විජ්ජුම්බරයයි..ඇත්තටම මන් යසස් අයියව ඇරෙන්න එතනිම් ගිය මූව දැක්කෙ නැනෙ..ඇරත් මන් ඉදියෙ යසස් අයියගේ සිහියෙන්..

"කොහෙද යකුනෙ තොපි මකබෑවෙන්න ගියෙ..දවසයි ආවෙ නැත්තෙ මුන්ට දැන් අපි කියල එක්කෙ ඉදියා කියලා වත් මතක නැති හැටියක්.."

වට ගහලා ආයෙ පන්තියට ආවා විතරයී විශාලයා උගෙ කුංචනාදෙ පටන් ගත්තා..ඌයි ශීධරයයි ඊයේ ආවෙ නැ..මං හිතන්නෙ උන් දෙන්නා කතාවෙලාම තමා ආවෙ නැත්තේ..එ තරහටමයි උන් දෙන්නා එන්න කලියෙන්ම එලියට ගියෙ අපි..තමාල්,විශාල්, ශ්‍රීධර අපි සෙට් එක තමා එකට ඉන්නෙ..ශ්‍රීධරයනම් අහිංසක එකා..ඒකට විශාල් උගෙ කටට තමාලයත් සැරන්ඩ්..කටක් නෙමෙ ඕක..බටු ඇටෙ උනාම ගම්බිරිස් ඇටෙ වගෙ තමා ඉතිම්..

"ආ..උබලට කතාවෙලා නිවාඩු දාන්න හොදනම් අපි දෙන්නා විතරක් රෝන්දෙ ගියාම මොකෝ.."

"හරි අපි ආවෙ නැ.. ඒක පැත්තකිම් තියාම්කො..එ වුනාට උඹලා දෙන්නට ඔහොම අපි නැතුව යන්න බෑ මං නම් කියන්නෙ.."

"ඇයි අපි ගියාම යැවෙන්නැතෙයි..එ මෙ බලාම්කො සප්තයෝ..ආ අපි ගියොත් යැවෙන්නැද්ද අහපම් මුගෙන්.."

"අපෝ වහගනිල්ලා තොපෙ කටවල්..දැන් ඇති ඕක.."

මුන් දෙන්නාට දෙන්නා ළඟින් ගියොත් ඇහැක් නැ වගෙ..එල්ලෙන්නමයි බලන්නෙ..ඒ අස්සෙම් ශ්‍රීධරයා ආපු වෙලේ ඉදම් ලියන මහත්තයා ආරූඪ වෙලා වගෙ ලියනවා..නහයෙන් පල්ලෙහාට රූටන කන්නාඩියත් මැද ඇගිල්ලෙම් උස්ස උස්ස ලියනො පශ්චාත් බාගෙ කඩියා කාලා වගෙ..හොද වැඩෙ පොර ඊයේ ආවෙ නැති නිසානෙ මෙ ඔක්කොම..

පලවෙනි කාලච්ඡේදෙ ඉවර වුනා විතරයි අපෙ උන් ටික බත් මුල් දිගෑර ගත්තා..

"සප්තයො උබෙ කෑම එක ඉන්ටවල් එකට තියාගනිම් ආ..තමාලයගෙ එක මුලින්ම දියම්"

දැන් කාලා ආයෙත් ඉන්ටවල් එකටත් කන ජාතියෙ මිනිස්සු තමා අපි..මගෙ කෑම එක තියාගන්නෙ මං වැඩිහරියක් ගේන්නෙ පැස්ටා වගෙ දෙවල් හින්දයි..මුලින්ම තමාලයගෙ බත් එක..ඊට පස්සෙ විශාලයගෙ..අන්තිමට තමා ශ්‍රීධරගෙ එක කන්නෙ.. උගෙ බත් එක මාරම රහක් තියෙන්නෙ ආයෙ ඒක නිසා අපි එක කන්න තියාගන්නෙ අන්තිමට..අනිවාරෙම් බිත්තරයක් තම්බලා ඒක ආයෙ බැදල තමා ගේන්නෙ..කූනිස්සො දාපු චිලිපේස්ටි එකත් අනිවාරෙන් තියෙනො..ඉතිම් හූස් හූස් ගගා හූල්ල හූල්ල අපි කාලා දුවනවා..

"සප්තයා බිත්තරේ මෙහාට එවපම්..දිගෑරපු වෙලේ ඉදම් උබ ඕකට අරක්ගෙන වගෙ ළඟ තියන් ඉන්නෙ.."

"ඕකා හැමදාම ඕමයි තමාලයො මානික්‍යෙ රකින ශිවන්‍යා වගේ මූත් නිකම්..දීපිය ඔක මෙහාට.."

"මගෙන් මුකුත් නාහා ඉදින් ආ..ඉදාන් මං මේක ගත්තෙ හතරට බෙදන්න ...උඹලා එක්ක බැනෙ නැත්තම්.."

"අනෙ මං නොදන්න උබේ බෙදිල්ල ..ගාන්ට බෙදපම් ආ හැමදාම තෝ තමා ලොකු කෑල්ල ගන්නෙ.."

රන්ඩු අස්සෙම කාලා ඉවර වුනා ..හැමදාම මරාගැනිල්ල පටන් ගන්නෙ ශ්‍රීධරගෙ බත් එකෙන් තමයි..උන් කටක් කද්දි මට කටවල් දෙකක් කන්න පුලුවන් වුන එක මගේ විශේෂ දක්ශතාවෙ..ඒකට මට කරන්න දෙයක් නෑ ඇත්ත වශයෙන්ම..

කාලා ඉවර වෙලා හිමීට එකොන් ඒකට ගාටන්න ගත්තා..කොමස් සෙක්ශන් එකට යන්නයි දැන් තියෙන්නෙ..අපි යනකොට යසස් අයියලා ක්ලාස් එකෙ නැ ..මෙ වෙලාවට එයාලට it ද කොහෙද..අපි එනකම් බලාගෙන එකොන් මිස් ඉන්නවා..ඔබ දැක්කම මට මාර ශක්තියක් නෙමෙ ලොකු නිදිමතක් තමා පහල වෙන්නෙ..එකෝන් මිස් කියල තියෙන්නෙ එද්දි වතුර බෝතලෙත් අරන් එන්න කියලා..අපි නිදිකිර කිර ඉද්දි එයාට පාඩම කරන්න බෑ වගේ ලූ එතකොට මූනට වතුර ටිකක් ගාගන්න කියනවා..ඔය මොනා කරත් මට නම් නිදිමතයි..

පිරියඩ් එකෙන් බාගයක් යද්දි හරි ම තමා ඉතිම් ..මට නින්ද යාගෙන එනවා..
ඇස් පිහාටු බරට ගැලවෙයිද මන්දා..එ අස්සෙම් තමාලයා ඩෙස් එකෙ නම කොටනෝ..නිදි මත අස්සෙ මට ඔව්වත් පේනවා..

"අපි හිතමූ සප්ත ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා..ම්ම් හරිද..ඔහුගෙ ව්‍යාපාර ආයතනයෙ මුළු අයභාරය අතිරික්තයෙන් මුළු ස්තාවර පිරිවැයේන් යම් ප්‍රමාණයක්වත් ආවරණය කරගන්න පුළුවන් නම් එයාට පුළුවන් එ නිෂ්පාදනයෙ දිගටම නිරත වෙන්න පුළුවන් වෙන්නෙ..එතකොට එයාගෙ ව්‍යාපාරයේ වසා දාන්න සිද්ද වෙන්නෙ මොනා වුනාමද කියලා කියන්න බලන්න කවුරු හරි මට දැන්.."

මගෙ මුලු ඇගේම රෝම කූප කෙලින් වුණා වගේ හැඟීමක් ආවා..හාට් එක පනින්න ඔන්න මෙන්න වගෙ මට දැනුනේ...නිදිමත කොහෙන් ගියාද දන්නැ...අපේ එකෝන් මිස් ඔහොම්මමයී..කවුරු හරි නිදි කිරාගෙන එනවා දැක්ක ගමන් ඒකගේ නම උදාහරනෙකට අරගන්නවා..මේවට තමා මට නගින්නෙ..අම්මෝ දාඩියත් දැම්මා..

කොමහරි එකෙන් පස්සෙ නිදිමතක් නම් පහල වුන්නැ මට ආයෙත්..බෙල් කරන්න කලිම් යසස් අයියලා පන්තියට ආව නිසා අපිට එළියට යන්න වුනා..අපෙ එකෝන් මිස් තමයි එයාලගෙ පන්තිභාරව ඉන්නෙ..දැන් නම් ඉතිම් යන්නත් හිත නැ..එයා එනකම් තමා අන්‍තිම විනාඩි දහයෙ දොර දිහා බලන් ඉදියේ..එයා කෙලින්ම ඇවිල්ලා පොත් තිබ්බෙ මං හිටපු සෙට් එකෙයි..ඔව් මං දන්නවා එයා එතන තමයි ඉන්නෙ කියල..අයියා මටත් හිනාවක් දාලා තමාලයා එක්කම් ගියා it මිස් එක්කම් එන්න කිව්ව කියලා..අපිට ඉන්ටවල් එකෙන් පස්සෙ Git..ඔය මිස් එන්න කියන්න ඇත්තෙ අපිට නෝට් එක දෙන්න තමයි..

තමාලයා නැති නිසා උගෙ පොතුත් උස්සම් මං පන්තියෙන් එළියට යන්න හැදුවා විතරයි.. පැහැදිලිව තිබ්බ පාරෙ එක පාරට බිත්තියක් බැන්දා වගෙ දඩෝන් ගාලා මං කාගෙ හරි ඇගක වැදුනා මදිවට ඒකාගෙ බැජ් එකක් කිස් කරා..එක පාරට වුන දේ නිසා වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරි පාර මන් ඔලුව උස්සද්දිම ඒ යකා කඩාගෙන ඇතුලට වැදුනා..මොන යකාද යකෝ ඒහ්..
බැලින්නම් ඒ ඉදියේ............

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

______________________

හෙලොව්ව්ව්....

ඔම්න ඉතිම් දෙවනි කොටස ගෙනාවා🙊..

මගෙ කතාව කියෙව්ව අයට තින්කිව්..ලව් යූ...උම්මාහ්...

ඔයාලා මට පුදුම සත්තියක් අයියෝ😫❤️

.
.
ආ.....
තව දෙයක්..
මෙ හිච්චී ඕතරී yizhan/zyanyi ත් පිස්සුවෙන් වගේ කියවන්නෙ..non ලියන්න හිතුවට මැවෙන්නෙම fan fiction එකක්නෙ අප්පා😫කමන්නැ ඉතිම් ඔයාලාට ඔන්නම් කැමති අය ඒ විදියට හිතාගන්න හාද..ඉටිම් එහෙම අයට මන් දැන් අපෙ සප්ත කොල්ලව පෙන්නනයි යන්නෙ..

ටංට ටා.......

සප්ත අභිරු කේශව මනමේකල
.

මේ ඉන්නෙ මට කොයිවෙලෙත් මැවෙන සප්ත

හරිනේ එහෙනම්..
පස්න තියෙනවද පස්න..


ඊලග චැපියෙන් හම්බෙමූ බායී බායි...
ඒක්බාර්.....
ආතරෙයි ❤️🙊

Continua a leggere

Ti piacerà anche

25K 2.3K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻
606K 63.7K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
2.5K 275 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
3M 192K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...