වෙලාව පාන්දර හයයි...වෙනද පුරුද්දටම අදත් මට හය වෙනකොටම ඇහැරුනා...ඊයේ රෑ එක විතර වෙනකම්ම ඇහැරන් ඉදිය නිසා ඇස්වල නිදිමත ඉතුරු වෙලා තිබුනා...තව ටිකක් නිදා ගන්න ඕන උනත් අද එයා එනවා කිව්ව නිසාම මම නිදිමත පැත්තකට දාල මූනත් හෝදගෙන කුස්සියට ආවා...හීටර් එකට වතුර එකකුත් දාල ස්විච් එකත් දාල මම ටැනීට කතා කරා...
ටැනී...චූටි පුතා කෝ මගේ...යොන්ටෑන් තාම නිදිද කොලුවො...
අප්පේ ඉතින් මම හිතුවා හරී...හැකරැල්ලා වගේ වකගහගෙන සාලෙ තිබ්බ එයාගෙ පුංචි ගේ ඇතුලේ එයා නිදි....පව් එයාට සීතල ඇති...වෙනදට උදේම නැගිටලා මාවත් නැගිට්ටන එයා අද තාම නිදි...ඇහැරවන්නත් ලෝබ හිතුන කොට කුස්සියෙන් ඇහුන වතුර එක උනු වෙන සද්දෙට මම මගේ චූටි පුතාගේ ඔලුවත් අතගාල කුස්සියට ආව..
එයා එනවා කිව්වට වෙලාවක් කිව්වෙ නෑ...මාව ගේ ලගින් දාල ගියපු වෙලේ ඉදන් පටන් ගත්ත අපේ මැසේජ් කිරිල්ල නතර උනේ රෑ එකත් පහුවෙලා..එයා මහ ගොඩක් කතා නොකරත් මං යවන හෑලි එක්ක එයාටත් කතා නොකර ඉන්න.බැරි උනා..හිකිස්..මගේනෙ දැන්...මගේ විදියට හදලා ගන්න ඕන නැද්ද මං අහන්නෙ..ඔහොම කතා නොකර ඉදියා කියලා එයාට සතරමහ නිදානෙ පහත් එවවැයැ....
ටැනී එන්න මගේ චූටි පුතේ...දැන් නැගිටින්න කොලුවෝ...කම්මැලි කොල්ලෙක් වෙලානෙ මෙයා...
මම ටැනීව වඩා ගත්තා...අනේ මගේ කම්මැලි පුතන්ඩියා මගේ බෙල්ල අස්සෙ සුට්ටන් නැති මූන හන්ගන් කෙදිරි ගානවා..පව් එයාට හදවත් රෝගයක් තියනවා..කොන්කරලා.වගේ පැත්තක ඉන්න කොට ඒකමයි මම එයාව අරන් හදාගත්තෙ...බල්ලෙක් උනත් ඌ ලග තිබුනෙ මිනිස්සුන්ට නැති ගතිගුන...දොඩන් ගෙඩි දෙකක් උස නැති උනත් මේකා බුරන්න ගත්තමනම් මට ගෙයි වහල අල්ලගන්න කබ දාන්න වුනා...පුංචි උනත් ගම්බිරිස් ඇටේ සැරයි කියනවා නේ...ටැනී හැමතිස්සෙම හෙව්වෙ ආදරේ...ටැනීව ගන්නවෙලේ මට එයාල කිව්වෙත් ආදරෙම්ම ඉන්න කියලා...එයාගෙත් අම්මලා තාත්තල නෑ...මං වගේම...
අම්මා නෑ කියනකොට මට එයාව මතක් උනා...අනේ මගේ ගෞරව් ටත් අම්මා නැහැලු...එයා හැදුනේ තාත්තා ලගලු...එයාට තියෙන්නෙ තනිකරම අම්මගෙ රූපෙලු...එයාගෙ අම්මා හරි කරුණාවන්තයිලු...ඒ කරුනාවන්ත කමමලු සාපයක් වෙලා ඒ අම්මට පඩිසන් දුන්නෙ.. එයාගෙ ගතිගුන තාත්තා වගේලු..පුතත් මෙහෙම නම් එයාගෙ තාත්තා කොහොම ඇත්ද..මොනවා උනත් මගේ ගෞට අම්මගේ ගතිගුණ වලින් දශමයක් හරි ඇවිත් තියනවා...ඒකනේ මෙච්චර කරුණාවන්ත...මගේ ගෞරව්....
එයාගැන කල්පනා කරන්න ගත්තම මට.වෙලාව යනවා කියල වත් නොදැනෙන කොට මේලෝකෙට ආපු මම කුස්සියට ආවා...එයා එනකොට මොනවහරි උයලා තියන්න ඕන... කරන රස්සාව ගැන කොච්චර ඇහුවත් එයා ඒ ප්‍රශ්නේ මගඇරියා..ඇයිද කියලා දන්නෑ..සමහර.විට එයා ආස නැතුවැති කියන්න...අනේ මන්දා එදත් අදත් මට කියන්න තියෙන්නෙ ගෞරව් කියන්නෙ මහ ප්‍රෙහේලිකාවක්ම උනා...
කැකුලු කනවද දන්නෑ...අහන්නත් බෑ...කමක්නෑ ඔන්න ඔහේ හදනවා...වෙනසක් තියෙන්න එපැයි...ම්හුක්..
මම කැකුලු හාල් බකට් එකෙන් හාල් හුන්ඩු දෙකක් නෑබිලියට දාගත්තා...පෝන් එකෙන් සින්දුවකුත් දාගත්ත මම ඒකෙ පද පේලි මුමුනන ගමන් උයන්න ගත්තා...
රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා..
ඇසුවා එදා….
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා..
මල් දම් ගොතා….
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි….
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ..
ලංවී ඉන්නෙ මා නම්
රහසක් කිය..නවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ….
දුම්තා දුම්තා දුම් තදුම්තනානා
දුම්තා දුම්තා දුම් තදුම්තනානා
දුම්තා දුම්තා දුම් තදුම්තනානා නේ....
දුම්තා දුම්තා දුම් තදුම්තනානා
දුම්තා දුම්තා දුම් තදුම්තනානා
දුම්තා දුම්තා දුම් තදුම්තනානා නේ....
මම ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවා..මම්ම ආසම සින්දුව මේක වෙද්දි මේක අහනකොට මට ඇගට අමුතුම ශක්තියක් ගලාගෙන එනවා වගේ උනා...කටහඩ පවා වෙනස් වෙලා යනකොට මම එලවලු කප කපම කෑ ගගහා වැහිබිංදුව ආයේ ආයෙ ඇහුවා...ඒක තනිකරම අධිමාත්‍රාවක්...ටැනී කෙසේවෙතත් මං කෑ ගහන කෑ ගැහිල්ලට මේ වට පිටාවේ මිනිස්සුත් බයවෙනවලු...පාරෙ යනකොට මොකද දරුවො උනේ....කෑගැහැව්වෙ මොකද... කරදරයක්වත් උනාද කියලා හැත්තබුරුත්තම අහනකොට තියන ගොබ්බම හිනාව දා ගන්න ගමන් මං කිව්වෙ 'සින්දුවක්නේ නැන්දේ කිව්වේ' කියලා...ඒ චරම් හැකියාවක් මට තිබුනේ...
"තියෙන දාංගලේ උබේ...."
මාව ගැස්සිලා ගියා..එකසීය ගානට හාටුවත් ගැහෙන්න ගද්දි එකපාරටම සද්දයක්වත් නැතුව ඇවිල්ලා ඉදපු එයා නිසා මං ගැස්සිලා ගියා...මට මොනවා නැතත් අද එක දෙයක් නම් තේරුම් ගියා කවද හරි මගේ පණ මග යන්නෙ මේ මනුස්සයා නිසා....
"මොකද මේ මගේ මැණික බය වෙලා...ම්ම්ම්"
ගෞරව් ඔයා කොහොමද ඇතුලට ආවේ මම දොරවහලනේ--
මට ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ...එයා මගේ කලබල ඇස් දෙකට තියපු හාදු එක්ක මගේ ඇස් දෙක වගේම කටත් වැහිලා මුලිම්ම ගියා....
"ඔච්චර වේගෙන් කියවන්න එපා මැණික...එහා මෙහා යන මේ ඇස් දෙක හංගගන්න හිතෙනවා කාටවත්ව නොපෙනෙන්න..මගෙ විතරයි නේද...කියපන් මගේ විතරයි නේද මගේ මැණික උබ..."
මගේ ඇස් දෙක මාරුවෙන් මාරුවට ඉබින එයා මුමුනවා...මම එයාගෙ විතරයි නේද අහනවා...මම එයාගෙ ඇර කාගේ වෙන්නද...කලබල වෙන්න එපා කියන එයාම මං කියන මාතෘකාව ලගදි හරියට කලබලවෙලාඅ..මුලින් සන්සුන්ව කතා කරපු එයා අන්තිම අන්තිම වචන වලදි වෙව්ලුවා...කලු ආගාද මගේ මූණ පුරාම යව යව එයාගේ ඇගට මාව තදිම්ම තද කර ගත්තා....හරියට මං කොහේ හරි පැනලා යයි කියලා වගේ....
ගෞරව්..සුදුමහත්තයා උස්ම ගන්න බැ..අතඇරපන්කො...
"ස..සමාවෙන්න මැණික...මට බය හිතෙනවා බන්...උබව මට නැති වෙයි කියලා මට බයයි බන්..මං මේ සම්බන්ධෙ ඇති කරගත්තට මම බයයි බන්...අනේ මැණික එහෙම උනොත් එහෙම උනොත් මම යක්කුන්ටත් හපන් වෙයි මගේ පණ...උබ උබව මගෙන් උදුරගන්න කාටවත්ම ඉඩ තියන්නැ....ඉවසපන් මැණික උබව මගේ ලගටම ගන්න දවස එනකන්...ඉයේ උබව ගෙදර ඇරලවලා ගිය මොහොතෙ ඉදන් මාව ගිනි ගන්නවා බන්...උබ තනියෙන්නෙ කියලා හිතෙන තැන මාව පිච්චිලාම ගියා බන්..පොරොන්දුවෙයන් පරිස්සන් වෙනවා කියලා...කවුරු ආවත් උබගේ වැඩකට ඇර අර දොර අරින්න එපා මගේ සදහස...."
එයා ආයෙම පොරොන්දු ඉල්ලනවා..මේ සම්බන්දෙ ඇති කර ගත්තට එයාට බයයි ලු...ඊයෙ ගෙදරඇරලවලා ගියපු මොහොතේ ඉදම්ම එයාව ගිනිගනන්වලු මං තනියෙන්නෙ කියලා හිතෙන තැන එයා පිච්චිලා ගියාලු..එච්චර බයක් දැනෙන්න තරම් මොකද්ද හේතුව...මමත් තනියමම හැදුන කෙනෙක් වෙනකොට මං ගැන එයාට බයක් දැනෙන්න තරම්...මගේ ඔලුව අවුල් වෙලා ගියා...එයාගේ හිතේ කියන්නැති මොකද්දෝ ලොකු දෙයක් තියනවා..ඒත් මොන විදියට ඇහුවත් එයා ඒක කියන්නෑ..ඊයෙ මම අහපු හැමවෙලේම එයා ඒක මගඇරියා...එක්කො එයාගේ තාත්තා මේ සම්බන්දේ දැන ගනී කියලද....මම එයාලට පෑහෙන්නැති කෙනෙක් මම අනාතයෙක්..මං යන එන මං නැතුව උන්නු එකෙක් නිසා ද...සමහර විට එහෙමත් වෙන්න පුලුවන්...මම වගේ කෙනෙක් ගෞරව් වගේ මහත්තයෙක්ට ගැලපෙයිද...ඒ තාත්තත් කැමති තමන්ගෙ දරුවව අනාතයෙක්ට දෙන්න..
මම එයා දිහා බැලුවා එයා තාද්මත් මාව බදාගෙන...අහන්නද එපාද...හිත කෑ ගහද්දි ඕන මගුලක් වෙන්නය කියලා මම අහලා දැම්මා...
ගෞරව් ඔයාගේ තාත්තා......එයා...දැන ගනී කියලද ගෞරව් බය...ඒක නිසාද...මං අනාතයෙක්-
චටාස්....
මගේ කන කීං ගාල ගියා... මෙච්චර වෙලා මාව තුරුල් කරන් ඉදපු එයා මාව තල්ලු කරලා කනට ගහපු පාර එක්ක මට උන් හිටි තැන් අමතක වෙන්න ආවා...කන පුපුරු ගහන්න ගද්දි මම කනත් අල්ලන් එයා දිහා බැලුවා...ඒ ඇස් වල සියුම් කේශනාලිකාවෙ ඉදම්ම ඉලිප්පිලා තිබුනා..ඒ අත් වල කොල පාට නහර වැල් ඉලිප්පිලා ඒ අත් මිටමෙලවිලා... ගැහුවොත් මෙතනම මැරෙන සයිස් එකට එයාට යකා පැනලා...
"උබ මොකද්ද කිව්වෙ ආහ්...මං උබට එහෙම කිව්වද ම්ම්ම්...කියපන් කවද්ද මොන වෙලාවෙද මං උබට එහෙම දෙයක් කිව්වෙ...ආ මැණික..අනිත් එක උබ අනාතයෙක් නම් මං කවුද යකෝ..තෝ තෝ අනාතයෙක් නම් මං මොකාද කියලා කියපන්...මැණික මං උබට මේ හොදින් කියන්නෙ ඔය කතාව ආයෙ මගේ කනට ඇහෙන්න කිව්වොත් සත්තයි උබව මරනවා මම...එක හෝඩුවාවක් වත් හොයන්න බැරි වෙන්නම මරනවා...මතක තියා ගනින් උබ මගේ තාත්තා නෙවේ සක්කරයා ආවත් මම මේ අත අල්ලගත්තෙ අත්තරින්න නෙවේ...මම බය උබ ගැන මිසක් මම ගැනත් නොවේ....මට උබවෙනුවෙන් මැරෙන්නත් පුලුවන්...මරන්නත් පුලුවන්..මාව යකෙක් කර ගන්නැතුව ඉදපන්...මම එච්චර හොද මිනිහෙක් නෙවේ මගේ මැණික..."
එයාට තරහා ගිහිල්ලා..මූන දිහා බලන්න බැරි තරම් තරහා ගිහිල්ලා..ඒ ඇස් දිහා කෙලින් බලන්න බැරිතරම්...බෙල්ලෙ ඉදන් නහර පුප්පන් එයා කෑ ගහනවා...ආයේ කිව්වොත් මරනවා ලු...කටට ආපුවට කිව්වට මෙච්චර තර්හා යයි කියලා හීනෙකින් වත් නොහිතත්දි මම පුපුරු ගහන කම්මුල අල්ලගෙනම හොර පූසා වගේ ඒ පපුව අස්සට රිංගුවා...පූස් පැටව් කිරි උරන්න අම්මා අස්සට ගියා වගේ රිලා පැටියා අම්මා අස්සට රිංගුවා වගේ මමත් එයා අස්සට රිංගුවා...කලු පාට ශර්ට් එකේ බොත්තම් එක්ක සෙල්ලන් කර කරම මම ඒ පපුවේ ගැස්මට ඇහුන් කන් දුන්න....
ඒ පපුව වේගෙන් ගැහෙනවා...ගැලවිලා බිම වැටෙන තරමටම වේගෙන් ගැහෙනවා..මගේ ඉන වටේ ඒ අත් යනවා වගේ තේරෙද්දි මම ඒ බෙදුනු පපුවට හාදු තිබ්බා..එයාටම ආවේනික මගේ ආසම සුවද වෙච්චි එයාගෙ සුවද උරන ගමන් මම ඒ පිරිණු පපුවේ හදවතට උඩින් හාදු තැවරුවා...
එයා ලග හරි උනුසුම්....
බනින්න එපානේ සුදු මහත්තයෝ....ඔයාගේ කඩුපුලට සමාව දීපියකෝ ඉතිම් ම්හුක්...
"මගේ පිස්සු හුරුතලේ උබ...මං හරි ආදරෙයි මගේ පණ..."
✻──────────────────────────✻
බායි...ගීන් එන්නාම්...
කමෙන්ටුවක් දාන්න...
මම සයිබීරියන් පූස් අප්පු...
වෙයිකි...
JIKT.WAIKY✻♡🖤🕊️