(ඉටි)පන්දම් || MEGHA 2 | ONHO...

By Yazwi_03

14K 1.9K 2.6K

❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුව... More

Special Note !!
හරිම කියුට්..!!
සරුංගලේ..!!
පවුකාර ආත්ම..!!
පිම්පියා vs බිජ්ජා
පුහුලම් වාරේ
මූසලයා..!!
එහෙම කරලද..!!
ආදරෙයි බල්ලෝ !!
බැල්කනියේ රාවේ !!
ආත්මේ ලෙෆ්ට් !!
යොමේන් ~ C O R A !!
මෝෂි මෝෂි !!
අවින්දි !!
ඊබන්ස් !!
මණ්ඩලේ කචල් !!
SEVEN !!
මිනීමරුවා !!
ට්විස්ට් !!
Break down !!

භූතයා !!

595 76 36
By Yazwi_03

කාලය බොහොම ඉක්මනින් ඉගිලිලා යන්න ගියේ සමහර ජීවිතවලට වෙනස්කම් කීපයක්ම එක් කරන ගමන්.. ගෙවුණු මාසයක විතර කාලය ඇතුළත මෝක්ශ පන්සිළු ඇතුළු අනික් හැමදෙනාගෙම ජීවිත සාමාන්‍ය අතට හැරුණා..

තියෙන ශෙයාර්ස් ප්‍රමාණය අනුව පන්සිළු හරියටම marz එකේ වයිස් ප්‍රසිඩන්ට් වුණත් පුරුදු විදියටම මේඝගේ පර්සනල් සෙකට්‍රි කියන පොසිශන් එකේ වැඩ බාරගන්න පන්සිළු තීරණය කළා.. මේ අතරේ මෝක්ශට ආයෙමත් තමන්ගේ පත්වීම ලැබුණ නිසා මෝක්ශත් යොමේනුත් දෙන්නම පොලිස් රාජකාරි එක්ක ටිකක් කාර්‍ය්බහුල වෙද්දිත් අවින්දිත් එක්සෑම්ස් අසයිමන්ට්ස් සහ ප්‍රොජෙක්ට්ස් එක්ක කාර්‍යබහුල වුණා...

ඉන්න තැනක් ගැන හරි හමන් ඉඟියක්වත් නොඳුන්න මේඝ තුන් හතර පාරක් ගෙදර ඇවිත් යන හින්දා කවුරුත් මේඝ ගැන වොරි වෙන්න නොගියත් කළුකුමාරයා නැති එකේ අඩුව වෙන කාට නැතත් අවින්දිට හොඳටම දැනෙමින් තිබුණා...

අට පහ ලෙක්චර් සීරිස් එක ඉවර කරලා.. ප්‍රොජෙක්ට් මීටින් එකකටත් ඉඳලා ඉවරවෙලා අවින්දි ගෙදර ආවේ බොහොම අමාරුවෙන්.. ගෙට ගොඩ වුණු හැටියෙම ඇහැට දැකපු පළවෙනි පුටුවෙම අතපය හතර පැත්තට දාලා ඔහේ වාඩිවුණු අවින්දි මහන්සියටම විනාඩි පහකට ඇස් පියාගන්නවා කියලා හිතාගත්තත් අන්තිමට අවදි වුණු පැය දෙකකට විතර පස්සේ ඒකත් යොමේන් කතා කරපු හින්දා..

"මේරි අම්මා කතා කරේවත් නෑ..."

"මේරි අම්මා ගෙදර ගිහින්නේ අක්කේ.."

"හෑහ්... මට කිව්වෙවත් නෑනේ මේ මනුස්සයා..."

"අපේ සර්ට කියලා තිබ්බා..."

"ඇයි හදිසියකටද.."

"මොකක්ද පවුලේ ප්‍රශ්නයක්ලු.."

"ආ.. කෝ මෝක්ශ.."

"රූම් එකේ.. මේ දවස්වල සර් හෙන ප්‍රෙශර් එකක ඉන්නේ.. "

"ඇයි පන්සිළු හින්දද..."

"හේතුව ඒකමයි කියන්නත් බෑ.. ඩියුටි ප්‍රශ්නත් තියෙනවා..."

"උඩින් කේස්ද.."

"එහෙමමත් නෙමෙයි.. කේස් එකක් විසඳගන්න බැරුව..."

"පව් හැබැයි.. පන්සිළුටත් මොකෙක්ද යකෙක් වැහිලනේ දැන්... මොනවා වෙනවද මන්දා යොමේන් මේ ගෙදර.. මට නම් හිතාගන්නත් බෑ..."

"ඒක නම් ඇත්ත අක්කේ.. පන්සිළු අයියා කොහොමට ඉඳපු මනුස්සයෙක්ද.. ඒකට දැන් ගෙදර එන වෙලාවක් දන්නෙත් නෑ යන වෙලාවක් දන්නෙත් නෑ.. මන් හිතන්නේ මන් දැන් සති දෙකකින් තුනකින් එයත් එක්ක වචනයක්වත් කතා කරෙත් නැතුව ඇති..."

"මන් කියලා වෙනමද යොමේන්.. මේවා අර මිනිහගේ වැරදි.. කොහේදෝ මගුලක ගිහිල්ලා... කාටවත් කියන්නෙත් නෑ. භූතයා වගේ සැරින් සැරේ මතුවෙනවා.. මේ කොල්ලට ඔක්කොම වැඩ ටික කරගස්සවලා... එයා රෝන්දේ.. මතක් වෙද්දිත් මගේ ඇඟේ ලේ කෝප වෙනවා..."

"ඒ උනාට අක්කේ පන්සිළු අයියා වෙනදත් ඔය වර්ක් ලෝඩ් එකම කරන්න ඇතිනේ.. ඒත් දැන් තියෙන්නේ වෙනම දෙයක්.. හරියට අපිට මූණ දෙන්න බෑ වගේනේ එයා හැසිරෙන්නේ.."

"මොකක් හරි අවුලක් තියෙනවා යොමේන් මෙතන... ඉන්නකෝ අද දෙන්නා එක්කම මන් කතා කරනවා.. මේ නාඩගම දැන් ඇති හොඳටම..."

"ඒත් අක්කේ.. අපේ සර්ට මොකුත් කියන්න එපා.. අද SSP සර් එක්කත් වලියක් ඇදලා ඔය ඇවිත් ඉන්නේ... "

"බලමුකෝ..  මන් කතා කරනවා විතරනේ.... පන්සිළු ඊයේ ආවේ කීයටද.."

"මන් දන්නෙත් නෑ අක්කේ.. අයෝගා නම් කිව්වා උදේ තුනහමාරට විතර පන්සිළු අයියගේ කාර් එක වත්ත ඇතුළට දානවා එයා දැක්කා කියලා..."

"එහෙමද.. ඒ ඩබල පට්ට ඇලට් එකේ නේ ඉන්නේ.. පන්සිළු යන එන වෙලාවල් මන් දැනගන්නෙත් ඒ දෙන්නගෙන්.. එක අතකට දිගටම මෙහේ ඉන්න කිව්ව එකත් හොඳයි.. බොලාගේ යමක රාජ්ජේ ඉන්නවට වඩා..."

"ඒක නම් ඇත්ත.."

"බුදු අම්මේ.. හිනාව... උබට මල් කඩන්න ලේසිනේ නේ... "

"පිස්සුද අක්කේ මොන මල්ද.."

"ඔව් ඔව්... මල් නෙමෙයි උබ මල් වට්ටි කඩන්නේ.... එකකුත් නෙමෙයි දෙකක්ම නේ නැද්ද..."

"විකාර..."

අවින්දි කතාව වෙන පැත්තකට හරවපු නිසා යොමේන් හිනාවෙවීම එතනින් හීනියට මාරු වෙලා යන්න ගියා..

"මේ ඔයාගෙ ආදරණීය සර්ව ඩිනර් එකට එක්කන් එන්න.. ඈ"

"හා හා..."

ඈතට යන යොමේන්ට ටිකක් සද්දෙන් එහෙම කියපු අවින්දි නැගිටලා වොශ් එකක් දාගන්න හිතාගෙන රූම් එකට ගියේ පන්සිළුට ටෙක්ස්ට් එකකුත් යවන ගමන්.. පැයක් විතර රෑ කියලා නොබලම හොඳට නාගත්තු අවින්දි පහළට ආවේ ඩිනර් ටේබල් එක රෙඩි කරන්න.. මේරි අම්මා රෑටත් උයලම ගිහින් තිබුණු නිසා උයන එක ගැන කරදරයක් වෙන්න නොවුණු එක ගැන අවින්දි සතුටු වුණා.. ඩිනර් එකට අමතරව අවින්දි මේඝගේ වයින් කලෙක්ෂන් එකෙන් රෙඩ් වයින් එකක් එක්ක ග්ලාසස් ටිකකුත් රෙඩි කළේ මෝක්ශ එක්ක වගේම පන්සිළු එක්කත් කතා කරන්න ඒක පොඩි උදව්වක් වෙයි කියලා හිතුණු නිසා...

"යොමේන්.. කන්න එන්න..."

ඔරලෝසුව දිහා බලන ගමන්ම... අවින්දි යොමේන්ට එකපාරක් කතා කරලා ටේබල් එකේ පළල පැත්තේ තිබුණු තනි පුටුව පුරුදු විදියටම මේඝ වෙනුවෙන් හිස්ව තියලා තවත් පුටුවකින් වාඩි වුණා...

"ඌව්ව්.. වයින්..."

එහෙම කියාගෙනම මෝක්ශ එක්ක ආපු යොමේන් අවින්දිට එහාපැත්තේ පුටුවෙන් වාඩිවුණේ මෝක්ෂ ෆෝන් එක දිහාම බලාගෙන ඇවිත් අවින්දිට කෙළින්ම විරුද්ධ පැත්තේ තිබුණු පුටුව ඇදගෙන වාඩිවෙද්දි...

"වැඩක්ද අරයා.. "

අවින්දි යොමේන්ගෙන් ඇස්වලින් එහෙම අහද්දි යොමේන් යන්තමට ඔලුව වනලා ඔව් කියලා කිව්වේ වචන පාවිච්චි නොකරමයි... ඒත් එක්කම වගේ ගේට් එක පැත්තෙන් හෝන් සද්දයක් වගේම ඊටපස්සේ ගේට් එක ඕපන් වෙන සද්දයකුත් ඇහුණු හින්දා යොමේන් ආයෙම ප්‍රශ්නාර්ථයක් පිරුණු ඇස්වලින් අවින්දි දිහා බැලුවා..  ඒකටත් ඇස්වලින්ම උත්තර දීපු අවින්දි කෑම බෙදාගන්නේ නැතුවම බලාගෙන හිටියේ පන්සිළු මතුවෙනකන්...

බ්ලෙසර් එකත් අත උඩින් දාගෙන ආපු පන්සිළු රූම් එකට රිංගගන්න හැටි අවින්දි වගේම යොමේනුත් හොඳටම දැක්කත් මෝක්ශට ඒකේ සිහියක් තිබුණේ නෑ...

"මෝක්ෂ.. කන්නේ නැද්ද..."

අවින්දි එකපාරක් ඇහුවත් මෝක්ශගෙන් උත්තරයක් නොවුණු නිසා යොමේන් අවින්දිගේ මූණ දිහා බැලුවා...

"මෝක්ශ..."

"ආ.. ඔව්..  ඇයි.."

"කෑම කන්නැද්ද..."

"කමු කමු.."

"නෑ ඉන්න.. මෙතන වයින් බොට්ල් එකක් තියෙනවා පේන්නැද්ද..."

ටේබල් එක උඩ තියලා තිබුණු වයින් බොට්ල් එක පෙන්නන ගමන් අවින්දි ඇහුවේ මේඝ කලබලෙන් කෑම බෙදාගන්න ලෑස්ති වෙද්දි...

"ආ..."

පැස්ටා එකේ තිබුණු හැන්දෙන් අත ගත්තු මෝක්ශ ආයේම පුටුවේ පිටිපස්සට වෙලා වාඩිවුණා...

"මොකක්ද මෝක්ශ වෙලා තියෙන්නේ.  ඔය දෙන්නම මේ ලෝකේ නෙමෙයිනේ ඉන්නේ..."

"මොකුත් නෑ අවින්දි.. වැඩ වැඩියි..."

"වැඩ වැඩියි කියලා ඔහොම තමන්වම අමාරුවේ දාගන්න එක හරිද.. බලන්න ඔය දෙන්නා දැන් කොයි තරම් වෙනස් වෙලාද ආ.. වෙනදා වගේ කතා කරපු කාලයක්වත් මතකද... හිනාවුණු කාලයක් මතකද.. ඉස්සරත් ඔයා ඔය රස්සාව කරා නේද.. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ..."

"ඒ ඉස්සර අවින්දි මේ දැන්... දැන් ප්‍රෙශර් එක වැඩි වගේම... "

"ඔව්.. ඉතින්..."

"නෑ....මොකුත් නෑ..."

අවින්දිගෙත් මෝක්ශගෙත් අතරේ කතාව යන අතරෙම මෝක්ශ තුන්දෙනාගෙම ග්ලාසස් වලට වයින් පිරෙව්වේ කතාවට බාධාවක් නොවෙන්න...

"කතා කරලා වැඩක් නෑ යොමේන් මේ මිනිස්සු එක්ක.. "

ඉවසීම පොඩ්ඩක් අඩු වුණු හින්දා අවින්දි යොමේන් පුරවපු වයින් ග්ලාස් එක අතට අරගෙන උගුරක් බොන අතරෙම ෆ්‍රෙශ් වෙලා ආපු පන්සිළු මෝක්ෂට එහාපැත්තෙන් වාඩි වෙලා හරිම යාන්ත්‍රික විදියට මෝක්ශගේ ප්ලේට් එකට වගේම තමන්ගේ ප්ලේට් එකටත් කෑම බෙදාගන්න ගත්තා...

"පන්සිළු.. දැන් ඔයාටත් ඔය ළඟ තියෙන වයින් ග්ලාස් එක පේන්නැද්ද.... "

"ආ..."

"රෙඩ් වයින්... යුවර් ෆේවරිට් වන්..."

"ඕහ්... සොරි දැක්කේ නෑ..."

"මොකද වෙන්නේ ඉතින් දැන්.. කොහොමද වැඩ එහෙම..."

"ඉට්ස් ගොයින් වෙල්..."

"රියලි.. දෙන් හව් අබවුට් යූ..."

"අබවුට් මී...?"

"යස්.. "

"නතින්ග් ස්පෙශල්.. ජස්ට් ඈස් යූශුවල්..."

"ඕහ්.. අයි.. සී....

නිවාඩුවක් එහෙම නැද්ද දෙන්නටම.. අපි ට්‍රිප් එකක් යමු..."

"බෑ.. මට හෙල්ලෙන්නවත් බෑ..."

පන්සිළු ප්ලේට් එකට බෙඳපු චීස් පැස්ටා එක ෆෝක් එකෙන් හාරන ගමන් මෝක්ශ කියද්දි අවින්දිගේ වගේම යොමේන්ගෙත් ඇස් තිබුණේ ඒ පැස්ටා ප්ලේට් එකේ...

"ඕ කමෝන් ගායිස්... මොකද මේ.. වෙනදා මෙතන මෙහෙම atmosphere එකක් තිබිලා නෑ.. හරිම awkward වෙලා..."

ටේබල් එකටත් එක අතකින් ගහන ගමන් ටිකක් සද්දෙන් අවින්දි එහෙම කිව්වේ පුටුවේ පිටිපස්සට වෙන ගමන්..

"මේ ලෝකේ හැමදේම හැමදාම එකම විදියට තියෙන්නේ නෑ අවින්දි.... "

එහෙම කියලා දාපු පන්සිළු සද්දෙට පුටුවත් පිටිපස්සට කරලා දාලා නැගිට්ටේ මෝක්ශගේ ඇරෙන්න අනික් දෙන්නගෙම ඇස් උඩ යද්දි..

"ඇන්ඩ්.. ජස්ට් මයින් යුවර් own බිස්නස්... "

පුටුවෙන් නැගිටලා අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිදගෙන ගියපු පන්සිළු ආයෙම යන්තන් පිටිපස්ස හැරිලා කියද්දි.. යොමේන් වගේම අවින්දිත් ආයේ මූණට මූණ බලාගත්තේ ජීවිතේ කවමදාකවත් ඒ වගේ වචනයක් පන්සිළුගෙන් අහලා නොතිබුණු නිසා... ඒවගේම.. ඒ වෙලාවේ ඒ රතුකළු ඇස්වල තිබුණු හැඟීම් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ වුණු නිසා...

පන්සිළු නැගිටලා ගියාට පස්සේ අතේ තිබුණු ෆෝක් එක මේසේ උඩට අත ඇරපු මෝක්ශත් එතනින් නැගිටලා යන්න ගියා...

"මුන් දෙන්නට යක්කු ගහලද යොමේන් ආහ්... මොන යකෙක් ගහලද..."

"අනේ මන්දා අක්කේ මට තේරෙන්නෙත් නෑ.. අපි මේ වැඩ අස්සේ හිරවෙන්න පටන් ගත්තට පස්සෙනේ මේ හැමදේම.. "

"දැක්කද මට කිව්ව කතාව.. කවදාවත් ඔහොම කියන මනුස්සයෙක් නෙමෙයිනේ..."

"ඒකනේ.. මටත් පුදුම.. අපි කොච්චර රණ්ඩු වුණත් කෑගහගත්තත් පන්සිළු අයියා කවදාවත් ඔහොම කතා කරන්නේ නෑනේ.. "

"මෙතන වෙන මොකක් හරි තියෙන්නේ යොමේන්.. "

"ඒ කියන්නේ..."

"දන්නෑ මට තේරෙන්නේ නෑ.. මෙතන වෙන මොකක්ම හරි දෙයක් තියෙනවා.. පන්සිළු ඕනකමෙන් එයාව අපෙන් ඈත් කරවගන්නවා.. මන් දන්නෑ ඒ ඇයි කියලා..."

වයින් ග්ලාස් එක හිස් කරනගමන් අවින්දි එහෙම කියද්දි යොමේන් කල්පනා කරන්න ගත්තේ මේඝ එදා කියපු දේවල් සහ පන්සිළුගේ මේ අමුතු හැසිරීම අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙද කියලා...

"සර්ගේ ෆෝන් එක තියලා ගිහින්නේ..."

මේසේ උඩ තිබුණු ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තු නිසා යොමේන් ඒ දිහා බලාගෙනම කිව්වේ අවින්දි ඒ ගැන කෙයා නොකර දිගටම කෑම ගනිද්දි...

P.S. භාසුරු (M)

කෝල් අයි ඩී එක චෙක් කරපු යොමේන් කෝල් එක ආන්සර් කළේ ඒක ඔෆීශියල් කෝල් එකක් වුණු නිසා... විනාඩි කීපයක් කෝල් එකේ ඉඳපු යොමේන් ෆෝන් එකත් අරගෙනම කෑම මේසෙන් නැගිට්ටලා මෝක්ශව හොයාගෙන යන්න හැදුවත් අවින්දි යොමේන්ව නවත්තගත්තා...

"කොහෙද දුවන්නේ ඒපාර..."

"ඉක්මනට ස්ටේශන් එකට යන්න ඕන අක්කේ.. මන් සර්ට කියලා එන්නම්..."

"ඕකේ... ඕකේ.... ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ ආයේ මන් මගේ වැඩක් කරගෙන ඉන්නවා මිසක්.. අනුන්ගේ මගුල්වලට හොම්බ දාන්න යන්නෑ.. අන්තිමට මන් තමයි නරක ගෑනි වෙන්නේ...."

ඈතට දුවලා යන යොමේන්ට ඇහෙන්නත් එක්ක අවින්දි එහෙම කිව්වත් ඒක අහගන්න තරම් සිහියක් යොමේන්ට තිබුණේ නෑ.. ටෙරස් එකට වෙලා ඉඳපු මෝක්ශව අල්ලගත්තු සැනින්ම යොමේන් ස්ටේශන් එකෙන් ආපු පණිවිඩේ මෝක්ශගේ කනෙන් තිබ්බේ හුස්මක් ගන්නවත් විනාඩියක්වත් පරක්කු නොකර...

"මන් එනවා කිව්වද..."

"ඔව් සර්.. මන් කිව්වා.."

"මීඩියා..."

"හරි සර් ඒවා ඔක්කොම හැන්ඩ්ල් කරලා තියෙන්නෙ..."

"ගුඩ්.. අපි දැන් යන්..."

කාර් එක ළඟට යන අතරෙම මෝක්ශත් යොමේනුත් අතර කෙටි සංවාද කිහිපයක්ම සිද්ද වුණේ ටිකකට කලින් ආපු ෆෝන් කෝල් එක සම්බන්ධව.. අවින්දි මේ දෙන්නගෙම එකපාරටම වෙනස් වුණු හැසිරීම දිහා බලාගෙන ඉද්දි මෝක්ශ ෆෝන් කෝල් එකක් අරගන්න අතරේ කාර් එකට නගිද්දි.. යොමේන් කාර් එක ස්ටාට් කරගෙන වේගෙන් වත්තෙන් එළියට දැම්මා..

මෝක්ෂ කාර් එකේ යන අතරෙදිත් කලබලෙන් ෆෝන් කෝල්ස් තුන හතරක්ම එහෙට මෙහෙට හුවමාරු කරගත්තේ යොමේන් කලර් ලයිට්ස් පවා කෙයා නොකර පුළුවන් තරම් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරන් යද්දි..
.
.
.
.
.
.
.

"සර් අපි ආවා..."

කාර් එක නවත්තන පරක්කුවට දෙන්නම කාර් එකෙන් බැස්සට පස්සේ තවත් පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඇවිත් මෝක්ශව වට කරගත්තේ යොමේනුත් ඒ පිටිපස්සෙන්ම එද්දි...

"ෆොරෙන්සික් ටීම් එක ත්‍රීවිල් එක චෙක් කරනවා සර්..."

තමන්ට අඩි කිහිපයක් ඈතින් නවත්තලා තිබුණු කළුපාට ත්‍රීවිල් එක පෙන්නන ගමන් එක පොලිස් නිලධාරියෙක් කිව්වේ මෝක්ෂ ඒ දිහා ඇහිබැම එකට එකතු කරගෙන අවධානෙන් බලන් ඉඳිද්දි...

"කලින් එක වගේමයි සර්.. නෝ සෙක්ශුවල් හැරස්මන්ට්ස්... හොරකම් කරළත් නෑ... අනික...."

"වේට් අ මිනිට්..."

පොලිස් ඔෆිසර් කියාගෙන කියාගෙන යද්දි මෝක්ශ අත දික් කරලා ඒ කතාව නවත්තලා ඔෆිසර් දිහා බැලුවේ ගිනිපිටවෙන ඇස් දෙකකින්... යොමේන් ඒ එක්කම නළල පිරිමදින්න ගත්තේ මෝක්ශගේ යකා අවුස්සන පණ්ඩිත වැඩක් කරන්න එපා කියලා කලින්ම ටීම් එකට ඉන්ෆෝම් කළත් එයාලා ඒක ගැන කෙයා කරලා නොතිබුණු හින්දා...

"තමුසෙලා බොඩි එක බිමට ගත්තද.."

"ඔ... ඔව්.. සර්...."

"මන් තමුසෙලට කී සැරයක් කියලා තියෙනවද ඕයි ආ... මන් එනකන් ඔය වගේ දේවල් කරන්න එපා කියලා.. මොළයක් නැද්ද.. "

"ස්.. සොරි සර්.."

"තමුසේ සොරි කිව්වම බොඩි එක ගිහින් ආයේ ගහේ එල්ලෙනවද නෑනේ.... බ්ලඩී ඉඩියට්ස්..."

"සොරි සර්..."

"ශිට්...."

ඔෆිසර්ට කෑගහලා කෑගහලා අනික් පැත්තට හැරුණු මෝක්ශ ආයෙම ඔෆිසර් දිහාවට හැරුණේ ප්‍රශ්නයක් අහන්න...

"මැරුණු වෙලාව හොයාගත්තද..."

"රෑ තමයි සර්... "

"සර් අහන්නේ වෙලාවක් මනුස්සයෝ.."

මෝක්ශගේ තරහා ආයෙම ඇවිස්සෙන්න කලින් යොමේන් මැදට පැනලා ඔෆිසර්ගෙන් ඇහුවත් එයාට ඒකට උත්තරයක් දීගන්න තරම් හැකියාවක් තිබුණෙ නෑ..

"මොන ඩොක්ටර්ව පත් කරයිද කියලා දන්නෑනේ සර් අනික තාම ඩොක්ටර් ආවෙත් නෑ..."

"තව පැය භාගෙකින් මට දැනගන්න ඕන.."

"සර් මන් කොහොමද.. "

"තමුසෙගේ කන් ඇහෙන්නැද්ද... මන් කිව්වේ මට දැනගන්න ඕන කියලා එච්චරයි.. ඒකත් කරන්න බැරිනම්.. ඔය අටවගෙන ඉන්න මගුල් ටික ගලවලා දාලා ලැට් එකක් හෝදන්න යනවා.. ඒක මීට නම්බුයි..."

අනික් ඔෆිසර්ස්ලා මීක් සද්දයක් නැතුව බලන් ඉද්දි මහ හයියෙන් කෑගහපු මෝක්ශ ඉස්සරහට ඇවිදගෙන ගියා ඒ අතරේ යොමේන් ශේප් එකේ බැනුම් අහපු ඔෆිසර්ගේ පිටට තට්ටුවක් දාලා මිනිහව පොඩ්ඩක් ඕකේ කරලා කියපු වැඩේ කරන්න යවලා ආයේම මෝක්ශගේ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා...

"අයිඩින්ටිටි එක හොයාගත්තද භාසුරු.. "

"ඔව් සර්.. මේ කොල්ලගේ නම පෑදියආරච්චිගේ රවිඳු දිල්ශාන්.. වයස අවුරුදු විසි පහයි.. ඊයේ ත්‍රීවිල් පාක් එකේ සිද්ද වුණු රණ්ඩුවකට පස්සේ මේ කොල්ලා අතුරුදහන් වෙලා කියලා එයාගේ බෝඩිමේ යාළුවා පොලීසියට පැමිණිල්ලක් දාලා තියෙනවා සර්.."

"සාක්ෂි මොකුත් තියෙනවද.."

"නෑ සර්.  දැනට ඔක්කොම නෙගටිව්.. "

"පවුලේ අයට දැනුම් දුන්නද..."

"යාළුවට ඉන්ෆෝම් කළා සර්.. එයා පවුලේ අයට කියයි.."

"රොජර් මොකද.."

"නොට් රෙස්පොන්ඩඩ් සර්..."

"රිපෝටින් ටයිම්"

"8.30 pm "

භාසුරුගෙන් ප්‍රශ්න අහන අතරෙම බොඩි එක තිබුණු තැනට මෝක්ශ ගියේ යොමේනුත් ඒ එක්කම පිටිපස්සෙන් එද්දි.. ඒත් බොඩි එක ළඟට යන්න කලින් මෝක්ශ යන එක නවත්තලා එහෙමම නැවතුණේ පිටිපස්සෙන් ආපු යොමේනුත් එහෙමම බ්‍රේක් ගහගනිද්දි...

"ඔහොම ඉන්න..."

බොඩි එක ළඟට යන්න නොදී යොමේන්ව ටිකක් ඈතින් තියපු මෝක්ශ භාසුරු එක්ක එතනට යන්න ගියේ යොමේන් කියන්න හදන දේවත් අහන්න වෙලාවක් නාස්ති නොකරමයි...

"කලින් එක වගේමයි සර්...

හොරකමක් වෙලා නෑ.. අනික සර්.. බෙල්ලේ රින්ග් එකක් වගේ හෝල්ස් හිටින විදියට තමයි ඇනලා තියෙන්නේ අතපය වගේම කටත් බැඳලා දාලා සර්... "

භාසුරු විස්තරය කරගෙන යන අතරෙම තමන්ට හරියටම අඩියක් නැත්තන් දෙකක් ඉදිරියෙන් තිබුණු මළ සිරුර දිහා මෝක්ෂ බලන් හිටියේ එක අතක දබර ඇඟිල්ලක් නහය පහළින් තියාගෙන දැඩි අවධානෙකින්...

"කවුද මුලින්ම මේක දැකලා තියෙන්නේ..."

"නයිට් patrol එකේ අය සර්.."

"එන්න කියන්න..."

මෝක්ශගේ ඕඩර් එකට අනුව නයිට් patrol එකේ ගියපු සාජන්ව එක්කගෙන එන්න භාසුරු ගියේ මෝක්ශ බර කල්පනාවකට වැටෙද්දි...

"සර්....."

"කොහොමද මේක දැක්කේ..."

"සර්.. මන් තමයි මේ දවස්වල නයිට් ඩියුටි ඉන්නේ.. මන් ඉතින් එක රවුමක් ගිහින් ඇවිල්ලා මෙතන පොඩ්ඩක් නැවැත්තුවා... මේ..."

කතාව බාගෙට වගේ නවත්තපු සාජන් දිහා මෝක්ශ රවලා බලද්දි මිනිහා සුළඟිල්ල දික් කරලා එතන නැවැත්තුවේ ශරීර බරක් නිදහස් කරගන්න කියන එක පෙන්නුවා...

"ඉතින්.."

"පස්සේ සර් මම ආයේ එන්න හැරෙද්දි තමා ෆෝන් එකක සද්දයක් ඇහුණේ.. මන් ඊටපස්සේ විපරම් කරලා බැලුවාම ෆෝන් එකක් හම්බුණා.. ඊටපස්සේ එතන ලේ පැල්ලම් කීපයක් තිබ්බ හින්දා මන් චුට්ටක් ඉස්සරහට ඇවිත් බැලුවාම තමයි මේක ගහේ එල්ලලා තියෙනවා දැක්කේ.. "

"කෝ දැන් ෆෝන් එක..."

සාජන් එතනින් ගියාට පස්සේ මෝක්ෂ භාසුරුගෙන් ඇහුවේ බොඩි එක දිහා බලාගෙනමයි...

"ඒක decode කරන ගමන් සර්... ඕන්නම් ගිහින් බලන්න පුළුවන්..."

"ලෙට්ස් ගෝ..."

බොඩි එක අවට වට කරලා තිබුණු කහපාට පටියෙන් එළියට ආපු මෝක්ශ භාසුරු එක්කම සයිබර් සෙල් එකේ අය ෆෝන් එක විකේතනය කරමින් ඉඳපු වාහනය ළඟට ආවේ කිසිම ආරාධනාවක් නැතුවම යොමේනුත් මෝක්ශගේ පිටිපස්සෙන් වැටෙද්දි...

"මොකද තත්වේ..."

"අපි කෝල් ලිස්ට් එක ගත්තා සර්.. එහෙම විශේෂ දෙයක් පේන්න නෑ... "

"අන්තිමට ආපු කෝල් එක..."

"මේ තියෙන්නේ සර්.. මෙතන ඉඳන් කිලෝමීටර් හතරක් විතර එහයින් තියෙන ඇඩ්‍රස් එකක නම්බර් එකක්.. "

"යොමේන්..."

"යස් සර්..."

"මේ නම්බර් එක අයිති ඇඩ්‍රස් එකට ගිහින් හොයලා බලන්න... මන් කලින් බොඩි එක බලන්න යනවා ඔයා එතනට එන්න.. නැත්තන් ගෙදර යන්න..."

"ඕකේ සර්..."

මෝක්ශ පවරපු වැඩේට යොමේන් එතනින් පිටවෙලා යද්දි තවත් සාජන් කෙනෙක් මෝක්ශ ගාවට ආවේ පණිවිඩයක් අරගෙන...

"සර් ඩොක්ටර් ගගන ඇවිත් ඉන්නේ.... "

"ගුඩ්... "

එහෙම කියපු මෝක්ශ ඒ සාජන් එක්ක ඉක්මන් ගමනින් ඩොක්ටර් හිටපු තැනට යන්න ගියේ ගතවන විනාඩියක් වුණත් අපතේ යවන එක තවත් කේස් එකකට ආරම්භයක් වන බව මෝක්ශ කාටත් වඩා හොඳට දැනගෙන ඉඳපු නිසා...

"ඩොක්ටර් ගගන.. මට පුළුවන් තරම් ඉක්මනට රිපෝට් එක ඕන.. "

"ඕකේ සර්.. අයි'ල් ඩු මයි බෙස්ට්..."

"ඩොක්ටර් නාරද ?"

"සර් මෝග් එකේ ඇත්තේ මෝක්ෂ..."

"මේ වෙලාවෙත් ?"

"ඔව්... දන්නවනේ ඉතින්..."

ඩොක්ටර් ගගනටත් කෙටි හිනාවකින් සංග්‍රහ කරපු මෝක්ශ පුළුවන් තරම් ඉක්මනට භාසුරු එක්ක පොලිස් කාර් එකට නැග්ගේ ඉක්මනට මෝග් එකට යන්න හිතාගෙන...

"සර්.. සර්... "

කාර් එක පිටිපස්සෙන් පොලිස් ඔෆිසර් කෙනෙක් දුවගෙන එද්දි ඒක ගාණකට නොගත්තු මෝක්ෂ භාසුරුට වාහනේ ස්පීඩ් එක වැඩි කරන්න කියලා අතින් සංඥා කරන ගමන් ශීට් එකේ පිටිපස්සට හේත්තු වුණේ ඔලුව ඇතුළේ තියෙන කරුණු කාරණා ඔක්කොම ටික එක තැනකට ගොනු කරගන්න ට්‍රයි කරන ගමන්...

ට්‍රැෆික් නැති නිසා විනාඩි දහයක් පහළොවක් ඇතුළට හොස්පිට්ල් එකට ආපු මෝක්ශ භාසුරු එන්නත් කලින්ම කොරිඩෝ කිහිපයක් පහු කරගෙන වේගෙන් මෝග් එක පැත්තට ගියේ භාසුරුත් මෝක්ශගේ පිටිපස්සෙන් බැරි බැරි ගාතේ දුවගෙන එද්දි...

"ඩොක්ටර්.. "

නිරුවත් ඩෙඩ් බොඩි එකක කකුල්වල නියපොතු චෙක් කරමින් ඉඳපු ඩොක්ටර් නාරද මෝග් එකේ ගාඩ්ගේ කටහඬ ඇහුණට පස්සේ ඔලුව විතරක් ඉහළට උස්සලා ඒ දිහා බැලුවා..

"ඕහ් මිස්ටර් මෝක්ෂ... කම් කම්...."

ඩොක්ටර් නාරද තමන් කර කර ඉඳපු වැඩේ නවත්තලා ග්ලවුස් දෙක ගලවලා ඩස්බින් දාලා තවත් ග්ලවුස් දෙකකට මාරු වෙලා.. වර්කින් ටේබල් එක ගාවට ගියේ මෝක්ශත් කාමරේ මැඳට වෙන්න වගේ තියලා තිබුණු ඩෙඩ් බොඩි එක ළඟට වෙලා ඉද්දි...

"මෙතන ඔයා අවධානය දෙන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා මෝක්ශ...

පළවෙනි එක තමයි.. මෙයාගෙ මේ බෙල්ලේ සිදුරු හදලා තියෙන විදිය හරියට මාලයක් වගේ... මේක අමුතු ආයුධයක් හැබැයි පුදුම තියුණුයි.. උල් උල් ගොඩක්.. තියෙන තනි ආයුධයක් මන් ඒක එහෙම කියන්න හේතුව තමයි මේ හැම කැපුමක්ම එකම ගැඹුර සහ එකම ප්‍රමාණය.. ඒ සිදුරු අතර පරතරයත් එක සමානයි... සාමාන්‍යෙන් වෙන වෙනම එකින් එක සිදුරු හදද්දි ඒක එහෙමම වෙනවා කියන්න බෑ.. මට හිතෙන්නේ මේක අර මන් කිව්වා වගේ ආයුධයක්.. .

අනික් වැදගත්ම දේ.. මෙයාගේ ඇඟේ තුවාලෙකට කියලා තියෙන්නේ මේක විතරයි... වෙන කිසිම හානියක් නෑ.. අර අත් කකුල් බැඳපු ලණුවලින් අත් පොඩ්ඩක් හීරිලා තියෙන එක මිසක් වෙන කිසිම හානියක් කරලා නෑ.. අඩුම මෙයා අරගෙන යද්දි පොරබැදීමක්වත් වෙලා කියලා හිතන්න බෑ.. මොකද එහෙම සලකුණක්වත් නෑ.. අනික සිහි නැති කරන්න කෙමිකල් එකක් යූස් කරලත් නෑ... "

"එතකොට ඩොක්‍ටර් කියන්නේ මෙයා කැමැත්තෙන්ම ගිහින් කියලද.."

"ම්ම්  එහෙම වෙන්නත් පුළුවන්... අනික් වැදගත් දේ තමයි.. බෙල්ලේ උණු තුවාලවලට වඩා මරණයට හේතුව වෙලා තියෙන්නේ හාට් ඇටෑක් එකක්..."

"හාට් ඇටෑක්...?"

"ඔව්... "

"අනික් වැදගත්ම දේ මෝක්ෂ... මේ බෙල්ල සිදුරු කරගෙන තියෙන්නේ... මේ බෝයිම තමයි..."

"ඒ කියන්නේ..."

"මෙයා දකුණත හුරු කෙනෙක්.. බලන්න මෙයාගේ දකුණු අතේ ඇඟිලි හතරේ මුල.. එතන රතුවෙලා හීරිලා ගිහින් කොටින්ම ටිකක් ඇතුළට හෑරිලා වගේ තියෙන්නේ.. ඒ ඇයි.. මොකද මෙයා තමයි ඒ වෙපන් එක අල්ලගෙන ඉඳලා තියෙන්නේ සහ එයාම තමයි ඒකෙන් මෙයාගෙ බෙල්ල සිදුරු කරගෙන තියෙන්නේ.. අනික.. "

"මැරුණට පස්සේ ඕක මෙයාගේ අතට දාලා ඔය විදියේ මාක් එකක් තිව්වා වෙන්න බැරිද..."

"ම්ම්ම්.. මාත් ඕක හිතුවා.. හැබැයි.. මේ අතේ තියෙන හීරිම් වගේ දේවල් දැක්කාම නම් එහෙම හිතෙන්නේ නෑ එයාම තමයි මේක කරගෙන තියෙන්නේ.. මොකද මෙයාගේ මේ අත බැඳලා දාලාත් නෑ.. අනික් අතත් එක්ක කකුල් දෙකම බැඳලා දාලා ඒත් දකුණු අත නිදහස් කරලා තිබිලා තියෙන්නේ... ලණු පාරක් නෑ අතේ..."

"වෙන මොකුත් එවිඩන්ස් තියෙනවද.. නෝට් එකක්.. ෆින්ගර්ප්‍රින්ට්ස් ඕර් එනිතිග්එල්ස්.."

"නෝ.. මර්ඩර් එක කරපු කෙනාගේ කියන්න කිසිම දෙයක් නෑ. බොහොම නීට් එකට මර්ඩර් එක කරලා තියෙන්නේ..."

"අන්න ඒකත් තව පොයින්ට් එකක්.. හිතන්න මෝක්ෂ මෙච්චර නීට් එකට වැඩකරපු කෙනා බෙල්ලට අනිද්දි ඇයි මේ වමට බර වෙලා ඒක කරලා තියෙන්නේ වැඩිපුර.. එයාට ඕන්නම් පුළුවන් මේක බෙල්ලේ මැදට වෙන්න තියාගෙන අනින්න... මේ වගේ නීට් එකට මිනිමරන අය ඔය වගේ අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ මෝක්ෂ.. පොඩි ඇදයක් උනත් එයාලට ඒක හෙන අවුලක්.. සෝ.. ඒකයි මන් කියන්නේ මේ විදියට බෙල්ල සිදුරු කරගෙන තියෙන්නේ මෙයාමයි.. "

"ඩොක්‍ටර් නාරද.. අද තව මර්ඩර් එකක් වුණා..."

"එහෙමද.. හෙට වෙද්දි බොඩි එක ලැබෙයි නේ..."

"ඔව්.. අනිවාර්‍යෙන්ම ඩොක්ටර් ගගන දැන් මන් එද්දි චෙක් කරන ගමන් හිටියේ..."

"ඕහ් ගගන මට කියලා ගියේ.. මන් හිතුවේ වෙන කේස් එකක එකක් කියලා... ඕකේ.. හෙට දවල්ට හම්බුවෙමු එහෙනම්..."

ඩොක්ටර් නාරද මෝග් එකෙන් එළියට ගියාට පස්සේ මෝක්ෂත් එතනින් එළියට ඇවිත් භාසුරු එක්කම ආයේ ස්ටේශන් එකට යන්න ගියා....

....................................................

"වැඩක් නෑ පිගී මුන් ඔක්කොටම පිස්සුනේ බන්... මිනිහෙක් ඉන්නවා ඌ ගෙදර නෑ.. ඒ උන්දැගේ යාළුවෝ කියලා මුස්පේන්තු මී හරක් දෙන්නෙක් ඉන්නවා උන් පැය විසිහතරෙම වලි.. තව එකෙක් ඉන්නවා ඌ මැජික් අරිෂ්ටේ බොනවා කියලා හිතාගෙනද කොහෙද වස්සා වගෙ කිරි බොනවා.. අර පන්සිළු කියන එකා දැන් ඇහැටවත් දකින්න නෑ... යකෝ මුන් එක්ක ඉඳලා මටත් දැන් තිත්ත වෙලා තියෙන්නේ.. මාත් ටික දවසක් බලලා යනවා යන්න ඔලුව හැරිච්ච අතේ...."

පන්සිළුත් මෝක්ශත් යොමේනුත් ඩයිනින් ටේබල් එකෙන් නැගිටලා ගියාට පස්සේ හතරෙන් තුනක්ම ඉතුරුවුණු වයින් බොට්ල් එකත් අරගෙන ඉස්සරහා ගෙදරට රිංගගත්තු අවින්දිගේ නන්ස්ටොප් කියවිල්ල අහන් ඉන්න බැරුව ආශු වගේම අයොත් නිදි මත බේරි බේරි ඒ කියන ඒවා අහන් ඉඳියේ නාහා ඉන්න බැරිකමට...

"නිකන් හිතන්න.. මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද ආ.. මෙච්චර කල් මුන් කිසි අහේනියක් නැතුව ජීවත් වුණා.. මේ ළඟකදි ඉඳන්.. මොන මල ඉලව්වක් වෙලාද මන් දන්නෑ.. මරාගෙන මැරෙන්න හදනවා... "

"අයියෝ අක්කණ්ඩියේ.. එක්කො අපි ඉස්සෙල්ලා ඕක බීලා ඉමුද ආ..."

තාමත් අවින්දි තුරුල් කරන් ඉන්න බොට්ල් එක දිහාගෙන බලාගෙනම ආශු ඇහුවත් අවින්දි තව තවත් ඒක අත්වලට හිරකරගෙන පොඩි ළමයෙක් ටෙඩියෙක්ව බදාගන්නවා වගේ ඒක තුරුළු කරගෙනම ඉඳියා...

"බෑ හලෝ.. මේක මන් ඉස්සුවේ අරුන් තුන්දෙනා එක්ක සෙට් වෙන්න.. අපි වෙන එකක් ට්‍රයි කරමු... මේක බෑ..."

" ඇයි ඕක බැරි..."

"අනේ මන්දා.. මේක බෑ වගේ... ඉන්නකෝ මන් අරන් එන්නම් එකක්..."

එහෙම කියපු අවින්දි වාඩිවෙලා ඉඳපු තැනින් නැගිටලා වයින් බොට්ල් එකත් අරගෙන ම දොරගාවට ගියේ වෙන බොට්ල් එකක් අරගෙන එන්න කියලා හිතාගෙන..
.
.
.
.
.
.

"හෑඈඈඈඈඈඈඈහ්..."
.
.
.
.
.
.

එකපාරටටම වයින් බොට්ල් එක බිම වැටිලා කුඩුවෙලා යන සද්දේ වගේම අවින්දි ගිරිය යටින් ලතෝනි දෙන සද්දෙත් ඇහුණු නිසා සාලේ නිදි කිර කිර ඉඳපු ඩබලම පුළුවන් තරම් ඉක්මනින් දොර ගාවට දිව්වේ මොකක්ද සිද්ද වුණේ කියලා බලන්න...

"නිසාචර වනචාරි මිනිහා...තමුසේ.. යතුරුහිලෙන් ගේ ඇතුළ බලන් ඉඳියා.. නේද.. ඇටවල්ලා...ලැජ්ජ නැති එකා.. මොන හයියකටද ආ.. තමුසේ.. තමුසේ අද තමයි මේ අවින්දි රන්දුනු මේඝාදිත්‍යගෙන් පාඩමක් ඉගෙන ගන්නේ.. ගාය නේද.. තමුසෙට.. ඉන්නවකෝ.. තමුසෙට අද මම..."

ආශුත් අයොත් දොර ගාවට දුවගෙන යද්දි අවින්දි රටේ නැති වචනවලින් ඇඟෙන් කොටසක් ගේ ඇතුලෙත් ඉතුරු කොටස එළියෙත් තියෙන විදියට බිම වැටිලා ඉඳපු මනුස්සයෙක්ගේ ඔලුව රෙදි අපුල්ලනවා වගේ කකුල් දෙකෙන්ම තලමින් හිටියා...

"මේ මොකද මේ..."

"ආ... මූද... මූ මේ ගේ ඇතුළ බලන් ඉඳලා.. මට අතටම අහුවුණා...ඉතුරු කරන්නේ නෑ ගල්වල් බල්ලා..."

"සිරාවට...  හොඳ වැඩක් කරන්න ඕන එහෙනම්..ආයේ මූගේ ඇස් දෙක වපර වෙලා දෙකොන පූට්ටු වෙලා පේන්නම..."

එහෙම කියපු ආශුත් අයෝ එක්කම මල කඳ වගේ බිම වැටිලා ඉඳපු මිනිහට ගහගෙන ගහගෙන ගියා...

"ඕයි.. යකෝ... පිස්සු නැතුව ඉඳපන්.. මේකා මැරිලද කොහෙද බන්..."

කිසි හැලහොල්මනක් නැතිව ගුටි කන මිනිහ දිහා ටිකක් වෙලා බලන් ඉඳපු අයෝ ආශුව ඇදලා පැත්තකට ගන්න ගමන් එහෙම කියද්දි.. අවින්දිත් දඟලන එක පැත්තකින් තියලා ඒ කිව්ව එක ගැන හිතන්න ගත්තා...

"මේ මිනිහා මෙච්චර ගුටි කාලත් කෙඳිරියක්වත් දැම්මේ නෑනේ.. මලා මූ මැරිලද එතකොට..."

අවින්දි එහෙම කියන ගමන්ම ඉක්මනට නැවිලා නහය ළඟට ඇගිල්ල තියලා ඒ මනුස්සයගේ හුස්ම වැටෙනවද කියලා චෙක් කළා...

"ඒ... ඒ.... ඕයි.. මූ මැරිලා.."

"නෑ... වෙන්න බෑ..."

අවින්දි කියපු එක ඇහුවට පස්සේ ආශුත් පහළට නැවිලා ඒ මනුස්සයගේ අත අල්ලලා නාඩි චෙක් කළා..

"ඒහ්.. ගල් වෙලා වගේ මේ මිනිහා.. සීතලයිනේ.. අනික නාඩි වැටෙන්නෙත් නෑ..."

තුන්දෙනාම බය වෙලා  මූණට මූණ බලාගත්තේ මිනිමැරුම් චෝදනාවක් ඇස් ඉස්සරහා පිනුම් ගහනවා මැවි මැවි පේන්න ගත්තු හින්දා..

"ඒත් එහෙම පොඩ්ඩක් ගුටි කෑවා කියලා මනුස්සයෙක් මැරෙනවද.."

"ඔලුවටනේ ගැහුවේ එතකොට කියන්න බෑ..."

අවින්දිගේ ප්‍රශ්නෙට අයෝ උත්තර දුන්නේ නියපොත්තකුත් හපන ගමන්...

"දැන් මොකද කරන්නේ... ආ... ආශු... මොකක්ද ෆෝස් එකකනේ වැඩ කිව්වේ.. කියනවකෝ මොකක්ද දැන් මේකට කරන්නේ කියලා..."

"හරි හරි පොඩ්ඩක් ඉන්න මට හිතන්න ඕන...එකපාරටම කල්පනා වෙන්නෑ හත්තිලව්වේ.."

"උබ කල්පනා කරද්දි මූ ඊළඟ ආත්මේ ඉපදිලා සිස්සත්තෙත් ලියලා ඉවර වෙලා තියෙයි.. ඕයි.. ඉක්මනට හිතපන්.."

"කටවහන් ඉඳපන් යකො හිතන්න දීලා..."

"හරි.... හරි... මන් දන්නවා කරන්න ඕන දේ..."

"මොකක්ද..."

"කෙනෙක් ඉන්නවා අපි එයාගෙන් අහමු..."

"නෝ බෑ... බෑ... අපිට මේක කාටවත් කියන්න බෑ.. පිට කෙනෙක්ට..  ඉට්ස් අ රිස්ක්...."

"නෑ... ඉන්නකෝ එයා trustworthy...මන් එයාගෙන් අහන්නම්....වේට්..."

එහෙම කියපු අවින්දි කලිසම් සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරගෙන කෝල් එකක් අරන් ඒක රින්ග් වෙනකන් ඉඳියේ බොහොම නොඉවසිල්ලෙන්... ඒ නොඉවසිල්ල කොච්චරද කියලා තත්පරෙන් තත්පරේට ගැලවිලා බිමට වැටෙන අවින්දිගේ නියපොතු කෑලිවලින් හොඳටම දැකබලාගන්න පුළුවන් වුණා...

"මේ... ඕයි.. මාර වැඩේ..."

එහා පැත්තෙන් කෝල් එක ආන්සර් කරපු හැටියෙම අවින්දි කලබලෙන් වගේ කිව්වා...

"ඕ ගෝඩ්... ඒපාර මොන මගුලක්ද කරේ.. ආ...ආර් යූ ප්‍රෙග්නන්ට් අගේන්..නැත්තන් කාමරේට මකුළුවෙක් ආවද.. වොශෲම් එකේ හකරැල්ලෙක් ඉඳියද...නැත්තන් ගෙම්බෙක්.. නැත්තන් මනුස්සයා තරහා වෙලා ගියාද.. කාටහරි ගහන්න ඕනද නැත්තන් මොකෙක්ට හරි ගැහුවද.. නැත්තන් බැන්නද..

එක්කෝ ගෙදර කරන්ට් එක නැද්ද... එහෙමත් නැත්තන් ආයෙම පරිප්පුව බෙරි උනාද... නැත්තන් කෑම එකට ලුණු වැඩි වුණාද... නැත්තන් දහදාස් තුන්වෙනි ක්‍රශ් එක හම්බුනාද... එහෙමත් නැත්තන් ජන්ග්කුක් නේක්ඩ් ලයිව් එකක් ආවද... නෑ එහෙනම් මන් දැනගන්න එපැයි... එක්කෝ... ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක වැඩ නැද්ද.. එක්කෝ ගෙදර ලොක් එක මතක නැද්ද..  ෆෝ ගෝඩ් සේක් කියපන්.. මොන මගුලක්ද මේ පාර කළේ..."

"මැරුවා..."

"මොකක්ද..."

"මන් මිනිහෙක්ව මැරුවා ඕයි..."

"ෆක්... මාව විහිළුවකට ගන්නවද උබ ආ..."

"නෑ ඕයි.. සිරාවටම මන් මැරුවා... ඉඳපන් ෆොටෝ එකක් එවන්නම්..."

අවින්දි කෝල් එකේ ඉඳිද්දිම බිම වැටිලා ඉන්න මනුස්සයගේ ෆොටෝ එකක් අරගෙන ලපේට යැව්වා..

"හෙල්.. නෝ.... සිරාවටම... පිස්සු හැදිලද බල්ලෝ...ආ"

"මන් මොකුත් කළේ නෑ ඕයි..."

"යකෝ එතකොට ඔය මිනිහා ගේ ඉස්සරහා ඉබේ මැරිලා වැටුණද..."

"නෑ..."

"එහෙනම්.............. 'අම්මා චුච්චු........' "

යස්වි කෝල් එකෙ ඉඳිද්දි බැක්ග්‍රවුන්ඩ් එකෙන් පොඩි ළමයෙක්ගෙන් කටහඬක් ඇහෙන්න ගත්තා...

"අලයෝ.... මන් ආයේ කියන්නේ නෑ ඔය මැච් එක බලන එක නවත්තලා ගිහින් මේ ශයෙත්ව නිදි කරවන්න.. නැත්තන් ඊළඟ පාර මැච් බලන්න ටීවි එකක් ඉතුරු වෙන එකක් නෑ.. ඇහුණද.... ශයෙත් බබා යන්න තාත්තා ගාවට...දුවලා යන්න... චුච්චු පස්සේ...."

යස්වි ලයින් එකේ ඉඳගෙනම ඒ විදියට බෙරිහන් දෙනවා අහන ඉඳපු අවින්දි ආයෙම කතා කරන්න ගත්තා....

"මන් ගැහුවා ඕයි උට.."

"ඒ කියන්නේ..."

"ඔලුවට නැගලා ඔලුව පෑගුවා..."

"පෛත්තියන්ද... උබට ආ..."

" අනේ මන් දන්නෑ ඕයි දැන් මේ මිනියට මොකක්ද කරන්නේ..."

"යකෝ.. යකෝ.. මිනියක් මරල මට කෝල් කරලා අහලා හරියනවද බන්.... උබට පිස්සුද... "

"කියපන් මොකක් හරි.. මට මතක් වෙන්නෑ කලබලේට මොකුත්.."

"මෙච්චරයි අම්මපා අඩු වෙලා තිබ්බේ.. මර්ඩරින් සම්වන්...!!! ජස්‍ට් නව් යූ කම්ප්ලීටඩ් දැට් ගෝල්.. ශා වාව්... වාව්.. බ්‍රිලියන්ට් එක්සලන්ට්.. අමේසින් ... සච් අ වොන්ඩර් වුමන් යූ ආර්..."

"අනේ ඕයි මේ..."

"දැන් ඔය මිනිය උයන් කාපන්..."

"කියපන්කෝ....මොකක්ද කරන්නේ..."

"මන් දන්නෑ..."

"දන්නෑ කියන්නේ..."

"පොලීසියට කියපන්.. මෝඩ පොලිස් මොකක් හරි කරයි අනික.. ඔලුව පෑගුවා කියලා එහෙම මැරෙන්නේ නෑනේ වෙන මොකක් හරි එහෙකට මැරෙන්න ඇත්තේ...."

"අනේ මාව හිරේ දායි බල්ලෝ..."

"නෑ එහෙම වෙන්නෑ... උබ මන් කියන එක අහලා කෝල් එකක් දීලා කියපන් සිද්ද වෙච්ච එක..."

"අනේ බෑ..."

"මේ ඕයි... උබෙන් පාරක් කාලා මිනිහෙක් එහෙම මැරෙන්නේ නෑ..."

"පොලීසියට නම් කියන්න බෑ...."

"එහෙනම්...ඕන මල ඉලව්වක් කරගනින්..."

"කියපන්කෝ..."

"එහෙනම් ඇම්බියුලන්ස් එකකටවත් කතා කරපන්.. සමහර විට මැරිලත් නැතුව ඇති..."

"ශුවර්ද..."

"ඔව්... කතා කරපන් 1990 ට... වුණ එක කියහන්.. උන් උනත් මෝඩ නෑ උබෙන් පාරක් කාලා මිනිහෙක් මැරුණා කියලා පිළිගන්න..."

"ඔන්න එහෙනම් කෝල් කරනවා.."

"කරපන්.. ඊටපස්සේ...කියපන්.. මොකද උනේ කියලා..."

"හා.."

කෝල් එකත් කට් කරලා ඉවර වෙලා අවින්දි ඇම්බියුලන්ස් එකට කතා කළේ අනික් දෙන්නත් ඒ දිහා බලන් ඉද්දි...

විනාඩි ගාණක් ඇතුළත ගේ ඉස්සරහා ඇම්බියුලන්ස් එකක් නවත්තද්දිත් අවින්දිත් ආශුත් තුන්දෙනාම එළියට වෙලා බලන් හිටියා..
ඒ මනුස්සයව චෙක් කරපු ඩොක්ටර්ගේ මූණ දැක්කාම තමන්ගේ ගෙසින් එක හරි කියලා තුන්දෙනාටම තේරුම් ගියා...

"අම් සොරි හී ඉස් නෝ මෝ..."

බොඩි එක ළඟින් නැගිටපු ඩොක්ටර් අවින්දිට එහෙම කියලා ඇම්බියුලන්ස් එක ගාවට ගියේ තවත් කෙනෙක් ඇවිත් බොඩි එක ඇම්බියුලන්ස් එක ඇතුළෙන් තියලා සුදු රෙද්දකින් වහද්දි...

"අපිට හිරේ යන්න වෙයි වගේ නේද...."

අයෝගා අනික් දෙන්නටම රහසින් එහෙම කිව්වේ ටිකක් බයෙන්...

"ඔය කොහෙද යන්නේ.."

මෙච්චර වෙලා ආශුගෙත් අයෝගෙත් ළඟ හිටගෙන ඉඳපු අවින්දි ඇම්බියුලන්ස් එක ළඟට හෙමි හෙමින් ඇවිදගෙන යද්දි ආශු ඇහුවා..

"ටිකක් ඉන්න.. මන් ඒ මනුස්සයගේ මූණවත් දැක්කේ නෑ.."

එහෙම කියපු අවින්දි හෙමි හෙමින් ඇම්බියුලන්ස් එක ගාවට ගියේ ඒක ඇතුළේ ඉඳපු හෙල්ත් ඔෆිසර් යම් යම් දේවල් වගයක් ඇතුළේ ඉඳගෙන රෙඩි කරමින් ඉඳිද්දි...

අඩියෙන් අඩිය ඇම්බියුලන්ස් එකට ළං වුණු අවින්දි ඒකට ගොඩ වෙලා හෙමින් හෙමින් ඒ බොඩි එක වහලා තිබුණු සුදු රෙද්ද ඕපන් කළේ බාගෙට වෙව්ලන ඇඟිලි තුඩුවලින්...

සාමාන්‍ය ඒත් ටිකක් රතු වෙච්ච මුහුණක් තිබුණු අවුරුදු තිස් පහක් හතළිහක් අතර වයසක් ගත්තු ඒ මනුස්සයා දිහා තත්පර කීපයක් බලන් ඉඳපු අවින්දි ආයෙම ටික ටික නැවිලා වඩාත් හොඳින් ඒ මූණට ළං වුණේ කකින් ඒ වගෙ මූණත් දැකලා තියෙද කියන එක මතක් කරගන්න ගමන්...

ඒත් නොහිතූ විරූ විදියට අවින්දි ඩෙඩ් බොඩි එකට තව ටිකක් ළං වෙද්දි ඒ මනුස්සයා එකපාරට ම ඇස් දෙක ඇරියා.. ඒ මනුස්සයගේ ඇස් වගේම අවින්දිගෙ ඇස් දෙකත් එකිනෙක කන්ටෑක්ට් වුනු හින්දා අවින්දි එකපාරටම ගැස්සිලා පිටිපස්සට විසිවුණේ දරාගන්න බැරි පුදුමෙකුත් එක්ක...

එකපාරක් ඇහිපිය ගහපු ඒ මනුස්සයා ලාවට හිනාවේගෙනම කොන්ද කෙළින් කරගෙන වාඩි වුණේ කිසිම දෙයක් නොවුණ ගාණට..

"වට් ද හෙල් ඉස් ගොයින් ඔන් හියර්...  බුදු අම්මෝ භූතයෙක්.."

ආයෙම යටිගිරියෙන් බෙරිහන් දීගෙනම පස්සෙන් පස්සට ආපු අවින්දි ඇම්බියුලන්ස් එකෙන් බිමට ඇදගෙන වැටුණේ කොන්දත් හොඳ හැටි බිම ඇනගෙන...

ඇම්බියුලන්ස් එක ඇතුළේ ඉඳපු ඔෆිසර්ත් කෑගහගෙනම බිමට පැනලා දුවගෙන ගිහින් ඒ ඩොක්ටර්ගේ පිටිපස්සේ හැංගුනා... ආශුයි අයොයි දෙන්නම බදාගෙන කෑගහන්න ගත්තේ මරණින් අවදි වුණු ඩ්‍රැකියුලා වගේ ඒ මනුස්සයා ඇඟ උඩ එලලා තිබුණු සුදු රෙද්ද ටික ටික අයින් කරලා නැගිටලා ඇම්බියුලන්ස් එකෙන් බිමට බැහැපු හින්දා...

"වාචාල තරුණිය.. නුඹට අපහසුවක් නැහැනේ.. නොවේද...සමව අයැදිය යුතු නැහෑ නුඹට සමාව දීමට තරම් මා කාරුණිකයි...."

අමුතු භාෂාවකින් අවින්දි ළඟට ආපු හොල්මන් මිනිහා එහෙම අහද්දි අවින්දි ගල් ගැහිලා වගේ බලන් ඉදියේ මේ ලෝකේ දෙයක් තේරුම් ගන්න බැරුව....

"නුඹේ පහරවල් සිතුවාට වඩා ශක්තිමත්.. නමුත් නුඹ පැවසූ... හිල... ඒ කුමක්ද.. මා හිලකින් කිසිවක් දුටුවේ නෑ..."

හොල්මන් මිනිහා අවින්දි ළඟින් එක දණක් බිමට තියාගෙන වාඩිවෙන ගමන් එහෙම කිව්වා...

"මම හොඳ කෙනෙක්...වරදවා වටහා නොගන්න...."
.
.
.
.
.
.

"හරිනේ ගම කාලා නාලා හාලා වෙන්න ඕන ටික සේරම වෙලා නේද..."

හොල්මන් මිනිහා දිගටම කියවගෙන යද්දි එතනට ෆෝන් එකත් අතේ තියාගෙන දුවගෙන ආපු පන්සිළු ඔලුවත් අත් දෙකෙන්ම බදාගෙන කෑගැහුවා....

"සොරි for the inconvenience ඩොක්ටර්.. ඇත්තටම මන් මෙයාව දන්නවා.. මෙයාට එහෙම අවුලක් නෑ.. ඔයාලට දැන් යන්න පුළුවන්...තැන්ක් යූ සෝ මච් ඔයාල කරපු උදව්වට.."

"ආර් යූ ශුවර් ඉස් හී ඕකේ.."

"යස් යස්....ඔෆ්කෝස් හී ඉස් ටෝටලි ෆයින්...ලුක්..."

භූත මනුස්සයව පෙන්නනගමන් ෆේක් විදියට හිනාවෙවී පන්සිළු කතා කරන දිහා සැකෙන් වගේ බලාගෙන හිටපු ඇම්බියුලන්ස් එකේ දෙන්නා ටිකකින් එතනින් යන්න ගියා..

"මෙයා මන් දන්න කෙනෙක්.. ඩෝන්ට් වොරි අපිට මෙයාව ටික දවසක් තියාගන්න වෙනවා..."

මේඝගෙන් විනාඩි ගාණකට කලින් ලැබුණු පණිවිඩයේ තිබුණු දේවල් මතකයට නගාගනිමින් පන්සිළු කිව්වේ බිම වැටුණේ අවින්දි තවමත් අමුතු මනුස්සයා දිහා ශොක් වෙලා වගේ බලන් ඉඳිද්දි...

"ඒපාර මේ කොහෙන් ගෙනාපු පිටසක්වලයෙක්ද පන්සිළු..."

කිසිම දෙයක් ගාණකට නොගෙන එතන ඉන්නේ හැමෝගෙම මූණු දිහා බලාගෙන මාරුවෙන් මාරුවට හිනාවෙවී වගේම අත් දෙකත් පිටිපස්සට බැඳගෙන බලාගෙන ඉන්න අමුතු මනුස්සයා දිහා බලාගෙනම අවින්දි පන්සිළුගෙන් ඇහුවත් ඒකට පන්සිළු ප්‍රතිඋත්තර දුන්නේ ලොකු හුස්මක් පහළ හෙළන ගමන්....

...................................................

යස්වි

Continue Reading

You'll Also Like

366K 16.8K 65
Love is a thing that if you'll find, never can see it but you will meet this nearly or by chance.
74.3K 4.9K 33
ညိုရိပ် ရဲ့ ဒုတိယမြောက် BL OC Fic လေးပါ။ အားနည်းချက်တွေရှိဦးမယ်ဆိုပေမယ့် တတ်နိုင်သလောက်ကြိုးစားရေးထားပါတယ်။ဖတ်ကြည့်ပေးကြပါဦးနော်။ ဒီ Fic လေးထဲမှာ ပ...
131K 12.4K 145
အပိုင်း၃၁၁စပါ့မယ်ရှင့်အရှေ့အပိုင်းများကို accထဲတွင်ရှာ၍ဖတ်နိုင်ပါတယ်😊
26.8K 2.6K 25
လူတစ်ယောက်ဆီက ဘာကိုမှ မမျှော်လင့်ဘဲ သူ့အနားမှာ တစ်သက်လုံးနေနိုင်လား...ဟင်...မင်း နေနိုင်ပါ့မလား 🌙 လူတစ္ေယာက္ဆီက ဘာကိုမွ မေမွ်ာ္လင့္ဘဲ သူ႔အနားမွာ တစ...