ENDLESS LOVE my director sea...

By PeshalaNilanjani

1.6K 227 109

ඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක්... More

ENDLESS LOVE....
INTRO....
01
03
04
05
06

02

133 29 7
By PeshalaNilanjani

A/N 

ජන්කුක් හිටියෙ එයාගෙ කාමරේ ඇද උඩ හාන්සිවෙලා. ඔලුව යටින් එක අතක් තියාගෙන සුදු පාට සිවිලිම දිහා ජන්කුක් බලන් හිටියෙ හිස් හැඟීමකින්. සිවිලිම දිහා බලන් හිටිය ජන්කුක්ගෙ එක ඇහැකින් කඳුලු බිඳුවක් රූටලා පහලට කඩන් වැටුණත් ජන්කුක් ඒ ගැන කිසිම තැකීමක් නොකර ඉදියා. හරියට කඳුලු ගැලුවේ තමන්ගෙ ඇහෙන් නෙමෙ වගේ.

හොඳ හුස්මක් ඉහලට ගත් ජන්කුක් තදින් ඇස් පියා ගත්තෙ කඳුලු බිඳු එක දෙක කම්බුල් දිගේ ගලාගෙන යනකොට. ජන්කුක් දිහා බලන ඕනම කෙනෙක්ට පෙනවා ඒ මුණේ තියෙනව විඩාබර බව, ඇස් වල තියෙන වේදනාව.

ජන්කුක් ඉන්නෙ මොකක්ම හරි ලොකු දෙයක් හිතේ හිරකරගෙන වේදනාවෙන්. වේදනාවෙන්න පිරුන් ඇස්, විඩෙන් විඩේ පහල හෙළන බර සුසුම් කොල්ලගේ හිතේ තියන වේදනාව මනාව කියා පෑවා. ඒ විතරක්ද ඒ ඇස් වල ගලන කඳුලු කුමක් හෝ ලොකු කාරණයක් කියනවා.

කල්පනා සාගරයේ ගැඹුරටම කිදා බැස සිටි ජන්කුක් පියවි සිහියට එන්නෙ කාමරේ දොරට තට්ටු කරන හඩින්. ගැස්සිලා ඔලුව උස්සලා දොර දිහා බලපු කොල්ලා වේගෙන් ඇස් පිහිඳ ගන්නෙ එන කෙනාට තමන්ගෙ කඳුලු නොපෙන්වා ඉන්නයි.

" ඔප්පා මන් එන්නද?..."

" එන්න යූනා... "

එහා පැත්තෙන් ඇහුණ හායුන්ගේ හඩත් එක්කම පිළිතුරු වශයෙන් ජන්කුක් ඇයට ඇතුලට ඒමට අවසර දුන්නා. 

" මේ රෑ මොකද මගේ රූම් එකට ආවෙ..."

තමන්ගෙ ඇඳෙන් ඉදාගත්ත හායුන් දිහා බලන් ජන්කුක් අහනකොට කෙල්ල කරේ හරි ලස්සනට හිනාවුණ එක.

" මට නින්ද යන්නෙ නෑ හලෝ..."

කටත් ඇද කර කර පොඩි ළමයෙක් වගේ කෙල්ල කියන දිහා කොල්ලා බලන් හිටියෙ හරි ආදරෙන්.

" නින්ද යන්නෙ නෑ... "

" හ්ම්ම්. මන් අද ඔයා ගාවින් නිදාගන්නද ඔප්පා..."

දැනටමත් හාන්සිවෙලා ඉන්න ජන්කුක් දිහා බලන් හායුන් ඇහුවේ හුරතල් විදියට.

" ම්ම්ම් එන්න..."

කෙල්ලගේ කලු බෝල ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටිය කොල්ලා තමන්ගෙ එහා පැත්තට තට්ටුවක් දාලා කියනකොට කෙල්ලගේ මුණේ මලක් පිපුණා වගේ වුණා.

ඒ එක්කම කොල්ලගේ එහා පැත්තෙන් හාන්සිවුණ කෙල්ල ජන්කුක් පැත්තට හැරුණේ කොල්ලත් කෙල්ල දිහා අසාවෙන් බලන් ඉන්නකොට. 

" ඔප්පා..."

" ම්ම්ම්..."

" මන් හරි අමුතු හීනයක් දැක්කනෙ... "

" හීනයක්?...''

'' හ්ම්ම්..."

" මොකද්ද?... "

තමන්ගෙ ළඟ හුරතල් වේවි කතා කරන තමන්ගෙ දොන්සේන් දිහා ජන්කුක් බලන් හටියේ ගොඩක් ආදරෙන්.

" හරියටම පැහැදිලි නෑ ඒත් ඒ හිටියෙ ජිමින් ඔප්පයි, සෙලින් ඔන්නි. මාත් එතන හිටියා. එතන වුණ දේවල් මට වැඩිය පැහැදිලි නෑ ඔප්පා. ඒත් සේ--සෙලින් ඔන්නි හිටියෙ ඔප්පගේ උකුල උඩ ම්--මන් හිටියෙ ඒ දිහා බලාගෙන. මන් හොදටම ඇඩුවා ඔප්පා ඒ දිහා බලන්...."

හායුන් ඇස් වල කඳුලු පුරවන් කියනකොට ඒ දිහා කොල්ල බලන් හිටියෙ හිස් හැඟීමකින්.

" අඬන්න එපා යූනා.ඒක හීනයක් හරිද?... "

හායුන්ගේ ඔලුව අතගාන ගමන් ජන්කුක් කිව්වේ කෙල්ලව සනසන්න බලාපොරොත්තුවෙන්.

" ඒත් ඔ---

" ශ් දැන් නිදාගමු. මට ගොඩක් නිදිමතයි...."

ජන්කුක් එහෙම කියලා කෙල්ලගේ ඔලුව අතගාන්න ගත්තෙ කෙල්ලව නිදාකරන්න හිතාගෙන.

" ගුඩ් නයිට් ඔප්පා..."

" ගුඩ් නයිට් මගේ පැටියෝ.... "

හායුන්ගේ නළලට හාදුවක් තිබ්බ ජන්කුක් කෙල්ලගේ සිනිදු කෙස් අතර ආයිමත් ඇගිලි අරන් ගියා. ටික වෙලාවකට පස්සෙ හායුන්ට නින්ද ගියේ ජන්කුක්ගෙ තුරුලෙමයි.

තමන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න හායුන් දිහා බලන් හිටපු ජන්කුක්ට නම් නින්ද අහලකවත් තිබ්බෙ නෑ.

ඒත් ඒ හිත හැඟීම් ගොන්නක් හිරවෙලා තිබ්බා. දුක,සතුට,කලකිරීම,පසුතැවිම වගේ ගොඩක් හැඟීම් කොල්ලගේ හිතේ ඒ මොහොතෙ තිබ්බා.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" මන් මේ පාරත් පරක්කු වැඩි වුණාද මගේ යූනා?... "

හායුන්ගේ ඉනවටා අත් යවපු ජන්කුක් කෙල්ලව තමන්ට තවත් තුරුලු කර ගත්තෙ හිතෙන් එහෙම අහන ගමන්.

_________________________________________

හී හී ඔයාලව අවුස්සන්න ආවෙ... 😁

ගුඩ් මොනින් මයි මෝචිස්... 🌄

ඔයාලගෙ අදහස් කියන් යන්න...

සරන්හේ... 😘

Continue Reading

You'll Also Like

872K 35.9K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
192K 26.5K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
78.1K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
125K 23.2K 51
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚...