WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.

15.

81 20 4
By _Fairy_dimples_18










කැතී දැන් පොන් එක දිහාම ගොඩක් වෙලා ඉදන් බලන් ඉන්නවා.. කැතීගෙ අම්මා මේ දිහා කී සැරයක් ම බලන් ගියා.. කැතී එක වේලාවට පොන් එකෙන් කාටද කෝල් ගන්නවා, ඊට පස්සේ කේන්තියෙන් හුස්ම ගන්නවා, ඊටත් පස්සෙ පොන් එක දිහා බලන් කාටදෝ බනිනවත් එක්ක


" ඔයා මොකක්ද ඔය පොන් එක දිහා බලන් කරන්නේ " කැතීගෙ අම්මා කැතී ලගට ඇවිත් කතා කරද්දී කැති එකපාරට ගැස්සුනෙ පොන් එකේ සිහියෙන් හිටපු නිසා


" අම්මේ බලන්නකෝ.. මේ කෙල්ල මට සතියකින් කතා කරේ නෑ.. පෙරේදාත් ගත්ත ගමන් තිබ්බා.. මොනවා කරනවද මන්ද.. අපරාදේ යන්න දුන්නේ කියලා හිතෙනවා .. කිව්වේ නම් කොහොමද දවසින් දවස කතා කරන්නම් කියලා.. කෝ දැන්.. කෝල් එකක් තියා msg එකක්වත් නෑ "  කැතීගෙ අම්මා අහපු ගමන් කැතී කියාගෙන කියාගෙන ගියා..


" ඉතින් ට්‍රිස්ට කෝල් කරලා බලන්නකෝ " කැතීගෙ අම්මා හිතලම ඇහුවෙ කැතීගෙ දැන් රියැක්ට් එක මොකක්ද බලන්න.. ඇබීගෙ පොන් එක වැඩ නැත්තම් කැතීට ඇබීට කතා කරන්න නම් ට්‍රිස්ට තමයි කෝල් එකක් ගන්න වෙන්නේ.. කැතීගෙ මූණ බලන් ඉද්දී ම අවුල් ගියා.. ඒක දැක්ක කැතීගෙ අම්මා.,


" හරි හරි.. ඔය ළමයා කෝල් එකක් ගනී.. වැඩ ඇති.. අනික දැන් ඇබී පොඩි ළමයෙක් නෙමෙයි නේ "

" කාට පොඩි නොවුණත් ඇබී තාම මට පොඩියි.. එයා ලොකුයි කියලා හිතන් හිටියට එහෙම නෑ.. අනික මොනවද ඔච්චරටම තියෙන වැඩ.. තමන්ගේ අම්මට කෝල් එකක් දෙන්න බැරි තරම් "


" ඉතින් ඔයත් ඉස්සර එහෙම නේ.. ට්‍රිස් ඇබී දෙන්නා පුංචි කාලේ ඔයා කම්පැනි එකට යනවා.. පොඩි දෙන්නව එතකොට බලාගත්තෙ මමයි ෆෝලිනුයි.. එතකොට අපි බලන් ඉන්නේ ඔයාගෙන් කෝල් එකක් එනකන්.. ඒ වෙලාවට මුලින්ම පොන් එක ගන්නෙ ට්‍රිස් "


" අම්මා ඒ කාලේ ඒවා ඒ කාලෙම තිබිච්චදෙන්.. දැන් ඒවා ඕන නෑ.. අහ්.. වෙලාව.. එන්න දැන් බෙහෙත් බොන වෙලාව හරි " කැතී අම්මවත් එක්කන් කාමරේට ගියෙ අම්මට බෙහෙත් ටික දෙන්න.. කැතී යද්දි පොන් එක තියලා ගියෙ මෙසේ උඩ.. ස්ක්‍රින් එක ඔෆ් වෙලා නොටිෆිකේෂන් එකක් එද්දී ලොක් ස්ක්‍රින් එකේ තිබුනේ ඇබීගෙ පොටො එකක් ..










*


*


*






ඇබී රැ swimming club  එකේ ඉන්න නිසා ම හැනාත් ඇබී එක්ක කතා කරන්න ඕන නිසා නැවතුනා.. රැ  නමය දහය වෙද්දි හැමෝම ගියත් ඇබී අන්තිමට හැමදේම වහලා යන්න නැවතුනා... ඇබී රැ වෙනකන් හිටියෙ එයා ක්ලබ් එකට බැදුනත් ඒකේ හරියට වැඩක් වෙන්නේ නැති නිසා අදින් අයින් වෙන්න කියලා...  ලයිට් ඔෆ් නිසා ඇබී එක්ක කතා කරන්න ආව හැනාට හොදට වටපිටාව නම් පෙනුනේ නෑ... කමක් නෑ කියලා බිත්තිය අල්ල අල්ල ඉස්සරහට ගියත් එකපාරට කකුල පැටලිලා හැනා වැටුනෙ පූල් එකට... හිමිට හිමිට ඇබීව හොයනවා කියලා හැනා ඇවිත් තියෙන්නේ පූල්ස් තියෙන තැනට


හොදම දේ නෑ නෑ ඒක කොහොමද හොද වෙන්නේ.. නරකම දේ කියන්නේ හැනාට පීනන්න බැරි එක... හැනා උඩට එන්න දැගලුවත් හරි ගියෙ නෑ... කොහොමහරි හැනා ඔළුව වතුරට උඩින් තියාගන්න ට්‍රයි කරත් හැනාව ටිකෙන් ටික මැද්දට ගියා...

ඇබී ඉන්න බව හැනා දන්න නිසාම හැනා කෑ ගහල ඇබීට කතා කරා..



" ඇබී..... බේරගන්න..... "


කීප  පාරක්ම කතා කරත් ඇබී තියා එයාගේ හෙවනැල්ලක්වත් පෙනුනේ නෑ .. හැනා ඉවරයි කියලා හැනාටම හිතුනා



හැනා < මං ඇබීට කෑ ගහලා කතා කරා ...එයා එන්නේ නෑ හැනා... මං ආපහු ගිලුණා...ඇස් දෙක බොද වීගෙන එද්දි හැනාට ඇහුනේ ඇබීගෙ කටහඩ  >




ඇබී ඔක්කොමත් අරන් ආපහු යන්න හදද්දී  ඇබීට ඇහුනේ හැනා ගෙ කටහඩ... ඒත් එහෙම කොහොමද වෙන්නේ...හැනා කොහොමද මේ වෙලාවේ මෙතන ඉන්නේ... ඇබී ඒක ගණන් ගන්නේ නැතුව යන්න හදද්දී ආයම ඒ කටහඩ ඇහුනා... ඇබීට පිස්සු හැදීගෙන එනවද කියලා හිතුනා.. නැති කෙනෙක් ගෙ කටහඩක් ඇහෙන්නේ... ආයම සැරයක් ඇහෙද්දි... මේක නිකම් එකක් වෙන්න බැහැ... ඇබීට අමුත්තක් දැනුන නිසා ඇබී නිකමට පූල් එක පැත්තට ආයම ගියා...




" හැනාහ් "



ඇබීට කියැවුණේ එච්චරයි... ඇබී ඊළග තප්පරේම හිටියේ පූල් එකේ... ඇදන් හිටපු ඇදුම පිටින්ම පූල් එකට පැනලා කොහොමහරි හැනා ඉන්න හරියට පීනුවා..  ඇබී හැනාවත් අරන් ගොඩට ආවා... ඇබීට තිබුණ ප්‍රශ්නෙ මොනවද මේ වෙලාවේ මෙයා මෙතන කරන්නේ... හැනාව බිමින් තියලා මූණට තට්ටු කරත් සිහිය ආවේ නැහැ...ඇබී මගේ අත් දෙක හැනාගෙ බඩට තියලා උඩට පහලට කරා ... හැනාට සිහිය ආවෙ කටින් වතුර චුට්ටකුත් එලියට එද්දී... යන්තන් ඇති කෙල්ලට සිහිය ආවා... ඇබී හැනාව කෙලින් කරවලා


" මොන මගුලක් ද තමුසේ මෙතන ඉදන් කරන්නේ ආ "

" මං... මං මේ "

දැන් දීපන්කො හැනා උත්තර



"  කතා කරනවා...බලනවා...බලනවා මං එන්න විනාඩියක් පරක්කු උනා නම් වෙන දේ... ආ...තමුසෙට ඕන මැරෙන්නද... එතකොට මට මොකද වෙන්නේ කියලා හිතුවද ආ....කතා කරනවා... "

ඇබීට යකා ආවේස උනා.. ඇයි ඉතින් තව ටිකෙන් හැනා ඉවරයි නේ.. ඇබීට හිතුන ඒ පාර මොන ගොං වැඩක් ද මහා රැ කරන්නේ කියලා



ඇබී තරහට කෑ ගහල හැනාට ගහන්න අත ඉස්සුවත් ඒ ගමන්ම හැනාව ළගට අරන් තුරුළු කරගත්තෙ ඒ ටිකට කවදාවත් නැති වෙච්ච බයකින් හදවත ගැහෙද්දි...හැනාත් ඇබී ගෙ ඉන වටේ අත් දෙක දාගෙන තවත් ඇබීට තුරුළු උනේ එයාට දැනෙන මේ බය වෙලා ගැහෙන හදවත එයා නිසාද කියලා හිතෙද්දි


" මට හේතුව ඕන නෑ.. එනවා යන්න මාත් එක්ක "


ඇබී හැනාවත් ඇදගෙන එලියට ගිහින් හැනාට ඇබීගෙ බයික් එකේ තියෙන ජැකට් එක පෙරෙව්වා.. ඇබී හැනාව ගෙදරට ගිහින් දාන්නම් කියද්දී හැනා කොහෙත්ම එපා කිව්වේ නෑ.. ඇබී හැනා දිහා බලලා බයික් එක ස්ටාර්ට් කරගෙන




" නගිනවා "

හැනා කෝට් එක දාගත්තට තවමත් සීතල දැනෙනවා.. ඔව් ඉතින්.. රිටර්න් හම්බෙන්න එපැයි.. ඇබී අහක බලන් කියද්දී ඇබී දිහා බලපු හැනා හිමීට ඇබීගෙ උරහිසෙන් අල්ලගෙන බයික් එකට නැග්ගා.. හැනා හිතලම ඇබීගෙ ඉණ වටින් අත් දෙක දාගෙන ඇබීව අල්ලගනිද්දි ඇබී බයික් එකෙන් වේගෙන් පාරට දාලා ගියා


බයික් එක වේගෙන් ඉස්සරහට යද්දී හුලං ඇගට වදිනකොට ලොකු සීතලක් එක්ක හැනා තව ටිකක් ඇබීව හයියෙන් බදාගත්තා... රැ වෙලා නිසා දවල් වගේ රැ පාරෙ ලොකුවට වාහන තිබුණෙ නෑ.. හැනා ආසාවෙන් ඇබී එක්ක බයික් එකේ ගියෙ.. හැනා කවදාවත් බයික් එකක ගිහින් නෑ.. හැනා බයික් එකක යන පලවෙනි වතාව මේක.. හැනාගෙ ගේ ලගට ආව ඇබී ගේ ඉස්සරහින් ටිකක් එහාට වෙන්න කරලා බයික් එක ස්ටාර්ට් කරගෙන ම නැවැත්තුවා




" බහින්න "

ඇබී එකපාර කියද්දී හැනා කෙලින් වෙලා ආයමත් ඇබීගෙ උරහිසෙන් අල්ලගෙන බයික් එකෙන් බැස්සා.. හැනා බැස්ස ගමන් ඇබී එක්ක කතා කරන්න ගියත් ඇබී බයික් එක අරගෙන හැනා දිහා හැරිලාවත් බලන්නේ නැතුව ගියා.. ඇබී බයික් එකෙන් ඈතට යන දිහා හැනා බලන් හිටියෙ අත් දෙකත් සීතල නිසා බැදගෙන.. බයික් එක පේන්නේ නැතුව ගියාට පස්සේ හැනා ගේ ඇතුලට දිව්වා...









*

*

*









ANOTHER DAY,


" හැනා දැන් ඇති " හේසල් කිව්වේ හැනා බොන හත්වෙනි වීදුරුව හැනා අතින් ගන්න ගමන්.. වීදුරුව යන දිහා හැනා බලලා


" මෙහෙම තමයි එයත් මගේ ලගින් ගියෙ... උෆ්... ඇයි... කොහොමද වැරදුනේ.. එයා දැන් මගේ මූණවත් බලන්නේ නෑ බං "

හේසල් හැනා දිහා බලාගෙන හිටියා.. ඇබී නිසා වෙච්ච දෙයක්..

" එයා පට්ට ලස්සනයි බං "

" හැනාහ් "

" මොකද.. එයා ලස්සනයි ආ නැද්ද.. ඒ හින්දාමයි මං කැමති උනේ.. ඒත් දැන්... හික්... මට එයාව ඕන " හැනා හේසල්ට දිහාට හැරිලා බොරුවට අඩන්න ගද්දි මොන මගුලක්ද වගේ බලන් හිටිය හේසල්



" හැනා අපි දැන් යමුද.. මං උබලගෙ අම්මට කිව්වේ උබ අද අපේ දිහා නවතිනවා කියලා.. මේ විදිහට උබලගෙ ගෙදර ගියොත් උබලගෙ අම්මා අපි දෙන්නවම බාවයි "




" අනේ යන්න.. මං මෙතන මගේ ප්‍රශ්නෙ ගැන කියද්දී උබ මගුලක් කියවනවා.. මොකක් හරි කරපන්කෝ "

" මං මොකක්ද යකෝ කරන්නේ "


හැනා හයියෙන් කියද්දී හේසලුත් හයියෙන් ම කිව්වා.. මොකක් හරි කරන්නලු// ඒත් මොකක්ද දන්නෙ නෑ


" ම්.. මොකක් හරි "


" හරි.. එන්නකෝ.. පස්සේ කතා කරමු ඈ.. දැන් යමු ගෙදර "

" ඈ.. ඈයි ගෙදර... පස්සේ කතා කරන්නේ අපි දැන් කතා කරමු "

" මෙහෙ වරෙන් බං මගෙන් අහගන්නෙ නැතුව..  "


හේසල් හැනාවත් ඇදගෙන එතනින් එලියට යන්න ආවා.. හැනා හිමින් හිමින් නැගිටලා එනකොට හේසල් බලාගෙන හිටියේ මාර ඉවසීමෙන්... හැනා හිමීට වටපිට බලන් එනකොට බලන් හිටපු හේසල් හැනාගෙ අතකිනුත් ඇදගෙන එලියට ගියා



" හෝව් හෝව්... හිමින් යං බං "
හේසල් ජෙට් එක වගේ යද්දි හැනා හැප්පීගෙන, ඇදීගෙන හේසල් පිටිපස්සෙන් යනවා.. එලියට ඇවිත් හේසල් කැබ් එකකට කතා කරද්දී හැනා එතනම බිමින් ඉදගත්තා..



" එහ්... ඒ අර ජූලි නේද "
බිව්වාම නැති දේවලුත් පේනවා කියලා හැනාට කොහේදෝ ඉන්න ජූලි කෙනෙක්ව එහාට වෙන්න හිටගෙන ඉන්නවා පෙනුනා.. දෙපාරක් තුන්පාරක් හරියට බැලුවාමත් හැනාට පෙනුනේ එතන ජූලි ඉන්නවා වගේ... බීලා ඉන්න නිසා කෝකටත් හරියටම එයාද කියලා බලාගන්න හැනා හේසල්ටත් ඒ පැත්ත පෙන්නුවා


හැනා පෙන්නද්දි ඒ පැත්ත බලපු හේසල්ට නම් පෙනුනේ එතන ඉන්න වෙන girl  කෙනෙක් ව.. එයා ටිකක් හැඩරුව අතින් ජූලි වගේ උනාට ඒ ජූලි නෙමෙයි



" ඒ ජූලි නෙමෙයි බං "

" මො.කද... මොකද නැත්තේ.. ඒ ජූලි තමයි.. බලපන් හොදට "

" ඒ ජූලි නෙමෙයි යකෝ කටවහම් හිටපන්කො "

" උබට ඇස් පේන්නේ නැද්ද බං.. පොඩ්ඩක් ඉදපන්කො "


හැනා බිමින් නැගිටලා ඒ කෙල්ල ඉන්න පැත්තට යන්න හදද්දී ම හේසල් ඉක්මනට හැනාව නැවැත්තුවෙ ඔතනට හැනා ගියොත් නැති ප්‍රශ්නයක් ඇති කරගන්න තමයි වෙන්නේ කියලා දන්න නිසා.. හේසල් හැනාව අල්ලගෙන.,



" මට නෙමෙයි බං උබටයි ඇස් පේන්නේ නැත්තේ.. අන්න කැබ් එක එනවා "

" ඒ පොඩ්ඩක් ඉදපන්... මං නිකන් ගිහින් බලලා එන්නම් "

" උබ බීලා හින්දයි එහෙම පේන්නේ යකෝ.. මෙහෙ හිටු "



හේසල් කිව්වත් හැනාට අර කෙල්ල ලගට යන්න ඕනම උනා.. හැනා කෙල්ල ලගට යන්න දගලද්දි හේසල් හැනාව තද කරල අල්ලගත්තා.. හේසල් කතා කරපු කැබ් එක එතනට එද්දී හේසල් හැනාව අල්ලගෙන කොහොමහරි කැබ් එක ඇතුලට බලෙන්ම ඇදගෙන ගියා..



" ඉක්මනට යං.. මං පාර කියන්නම් "

කැබ් එක ඉස්සරහට යද්දි හැනා හේසල් ගෙ ඇග උඩින් ඇවිත් කැබ් එකේ ජනේලෙන් ඔළුව දාලා අර එලියෙ හිටපු ජූලි වගේ කෙල්ලට.,



" Fuck you Julie " කියලා මැද ඇඟිල්ල පෙන්නද්දි ඒකට කැබ් එකේ හිටපු ඩ්‍රයිවරුත් කන්ෆියුස් උනා.. හේසල් ඔළුවට අත තියාගද්දි හැනා ශීට් එකට හේත්තු වෙලා හිනා වෙලා එහෙම්මම හේසල් ගෙ උරහිසට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා..


















See you guys ❤️




Continue Reading

You'll Also Like

18.9K 2.7K 22
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක්...
21.4K 538 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
8.6K 275 56
WOC SERIES SAMPINGAN XAVIER ADREAN X DAHLIA ARYANA Dahlia Aryana. Dipaksa bekerja di kelab malam oleh ibu kandungnya sendiri. Berhari-hari dipaksa me...
16.3K 1.6K 18
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...