"ටේහියුන්...ඔයා මේ ගමන පිටත් වෙන්නේ ජිමින්,ජන්කුක්,හේසෝක් තුන්දෙනා එක්ක'
"අහ්...ජිමින් ඊයේනේ ආවේ..එයාට විවේක ගන්න දෙන්න.."
"එයා ඔයාගේ රැකවලා..ඔයාව ආරක්ෂා කරන එක එයාගේ වගකීම..."
"ඒක එහෙම කියමුකෝ.ඇයි ජන්කුක්ව එවන්නේ..එයා මගේ ප්‍රධාන හතුරා.මන් අතින් එයාට කරදරයක් උනොත් වගකීම මන් භාරගන්නේ නෑ..."
"ඔයා එයාට මුකුත් කරනකන් එයා නිකන් බලන් ඉන්නේ නෑ..ඒ නැතත් ඔයා එයාට මොනාහරි කලොත් එයාගේ කැබින් එකේ අය එක්ක වගෙම එයාගේ තාත්තා එරිස් ඔයාගේ තාත්තා එක්ක රන්ඩුවෙන එක නවත්වන්න මුලු දේව මන්ඩලේටම බැරි වේවී...ඉතින් ඉවසීමෙන් වැඩ කරන්න..."
"එයා ජිමින්ට මොනාහරි නොකියන තාක් ජිමින්ට කරදර නොකරන තාක් මන් ඉවසීමෙන් වැඩ කරන්නම්..."
"ම්...ඒ ඇති..."
"මට දැනගන්න පුලුවන්ද ජන්කුක්වයි හේසොක්වයි මේ ගවේශනයට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා..."
"ඔයාට මේ ගවේශනය සාර්තක කරගන්න එයාලගේ උදව් ඕනී..මොකද ඔයාලගේ ශක්තීන් එකිනෙකට වෙනස්..."
"ම්...එතකොට මන් එක්ක යන්න හිටිය සුගා හියුන්ට මොකද වුනේ..."
"එයාට මේ ගමන යන්න අයිතියක් නෑ..."
"අහ්.."
"එයාගේ තාත්තාගේ බලපෑම...එයා ඕක ගැන සියුස් උතුමානම් එක්ක වාදකරන්න හැදුවත් මන් එයාව නතර කලා.මොකද මිස්ටර් ඩීගේ වැඩ නිසා එතුමන් හොදටම කලකිරිලා ඉන්නේ.ඉතින් වාදකරන්න ගියොත් එතුමන් මිස්ටර් ඩීට මොනවගේ දඩුවමක් දේවීද කියලා මට හිතාගන්න බෑ.
හැබැයි ඒක කොහෙත්ම හොද විදිහේ දඩුවමල් නොවෙන බවනම් මග විශ්වාසයි'
"හ්ම්...මිනිස්සු අතරේ බෙදීම් ඇති කරලා තීන්නේම මේයාලයි...අනේ මන්දා..කවදා මේවා වෙනස් වේවිද කියලා..."
"දේවල් හරි කාලෙට හරි විදිහට වෙනස් වේවී...ඔයාට තීන්නේ ඔයාගේ උපරිමය කරලා මේ වෙන්න යන විනාසය නවත්වන එක...තේරුනාද..."
"ඔව්..."
"එහෙනම් දැන් ගිහින් බඩු ටික ලෑස්ති කරන් වත්ත මායිමේ පයින් ගහලගට එන්න..."
ජිමින් එක්ක සතුටින් ගතකල රෑකට පස්සේ ඉර මුදුන් වෙනවත් එක්ක මාව කැදෙව්ව මිස්ටර් ලී අද දවසේ මන් පිටත්වෙන්න නියමිත ගමන ගැන මන් එක්ක කතාබහා කරලා ඉවර වෙලා ඒ විදිහට මාව පිට කරද්දි බර හුස්මක් පාතදාපු මන් ආයෙම මගේ කැබින් එක දිහාට යමින් හිටියේ..
ඒත් එක සැරේම මන් ඉස්සරහින් මතු වුන යූන් හියුන් නිසා මගේ ගමන නතර වුනා..
"බබෝ..ඔයා මන් එක්ක තරහද...මට ගොඩක් සමාවෙන්න..මන් ගොඩක් උත්සහා කලා ඔයා එක්ක මේ ගමන එන්න..ඒත් අර අලි ඔලුවා ඒකට කැමති වුනේම නෑනේ..."
"හියුන් ඒ ඔයාගේ අප්පා..."
"කවුරුහරි..😒"
"මේ අහන්නකො හියුන්..මන් මේ ගමන තනියම ගිහින් එන්නම්.."
"නැහැ ඔයා තනියම යන්නේ නෑ !!!"
"අහ්.."
අපි ලගට එමින් හිටි ජිමිනියි මන් ලග හිටි හියුනුයි දෙන්නම එකසැරේම කෑගැහුවේ මගේ හිත ඇතුලේ අහස උසට ගිඩ නැගුනු දඩාරියන් ප්ලෑන සුනු විසුනු කරලා දාලයි..
"ඔයා දන්නවද ඔයාගේ ලේ පස්සෙන් කී දෙනෙක් පන්නනවද කියලා..මෝඩයෙක් වෙන්න එපා..ජිමින් ජන්කුක් හේසොක් එක්ක පරිස්සමට ගිහින් එන්න..."
"අනෙහ්..."
"ඔයාට එයාලා එක්ක යන්න බැයිනම් අප්පට ඕනි කුදයක් ගහගන්න කියලා මන් එනවා ඔයා එක්ක..එතකොට ඔක්කොම හරිනේ.."
"අහ්..එපා..මන් එයාලා එක්ක යන්නම් ඔයා අප්පා එක්ක රන්ඩුවට යන්න එපා..
ඔයා හොද හියුන්නේ..."
හියුන්ගේ අතේ එල්ලුන මන් එහෙම කියද්දි ජිමිනි ඉන්නවා මූන පෙට්ටියක් කරන්..
චුට්ටක් ඉවසන්න සුදු මැනික..කේන්තිය ගිය පූසෙක් ඉන්නවා හුරතල් කරන්න...
"පරිස්සමට ගිහින් එන්න ඕනී..."
"හරී...ඔයත් පරිස්සමින් ඉන්න ඕනී.."
"හාම්...මේ කොල්ලෝ මෙයාව හොදට බලාගෙන තමුනුත් පරිස්සමට ගිහින් එන්න ඕනී හරිද..නැත්තන් මේයාගේ හදවත පැලිලා මැරේවී..."
ආශ් හියුන් ඔයා මගේ නම්බුව නේද ඔය හොදි නැතිව කන්න හදන්නේ...
"මන් එහෙම කරන්නම් මිස්ටර් ඩී.."
ජිමින් එහෙම කියනවත් එක්ක එයාගේ කොන්ඩේ ඇවිස්සුව යූන් හියුන් මගේ නලලට කිස් එක්කුත් දීලා අතුරුදන් වුනා.
"එයා දුකින්..."
"ඇහ්.."
"එයා සාමාන්‍යයෙන් මගේ කම්මුල් කිස් කරන්නේ.ඒත් දැන් මගේ නලල කිස් කලේ"
"ම්...එයාට ඔයා එක්ක එන්න බැරි නිසා අවුලින් ඇත්තේ..."
"හ්ම්..."
"දැන් යමු බඩු ටික අරන් පයින් ගහා ලගට..නැත්තන් අපේ ගමනට පරක්කු වේවී..."
මගේ අතේ එල්ලිලා මාවත් ඇදන් කැබින් දිහාට ඇදෙන ගමන් ජිමින් එහෙම කියද්දි මන් එයා පස්සෙන් ගෑටුවේ ඔම්මා ගැන දහසක් බලාපොරොත්තු තියාගෙනයි...