The Promise Of Love❤️💚

By Podi2001SPTA

2.4K 306 69

දන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හ... More

The Promise Of Love
The Promise Of Love ❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚
🥀 A/N
The Promise Of Love❤️💚
The Promise Of Love❤️💚

The Promise Of Love❤️💚

72 9 0
By Podi2001SPTA


"සමරෙ අයියා ... හා කාලෙකින් නං තමා ',
කොහොමද ඉතිං "

මං එහෙම කියාගෙන බටු ඇටේගෙ අතත් මිරිකලා ඒ  අත අතහැරල සමරෙ අයියා ළඟින් පුටුට ඇදල ඈදි ගත්තේ බෝසරටත් ඇහෙන් පෙන්නලා උනත් එයා බයවෙලා නවියා දිහා බලං ඉන්නවා ..මං හැරිල බලද්දී සමරෙ අයියා,


" නවීන් ..

           නවීන් දිසානායක




" සමරෙ අයියා ..


"තේ හදපං"


" තේ නං එපා සමරෙ අයියා.. කාපු ගමන් ආවෙ"

" නවීන් එහෙනං ෆැන්ට දෙකක් "

තේ හදපං කියලා නවියට කියද්දී  මං සමරෙ අයියට කීවේ තේ නං එපා කියලා උනත් බෝසර නං තොලත් විකාගෙන හොරෙන් හිනාවුනා ..සමරෙ අයියට තේරුනාද මන්දා ..එයත් ඒ වෙලාවෙම අපි දෙන්න දිහා ම බලලා ඔලුව වැනුවෙ නවියට බීම ගේන්ට කියලා ..,
නවියගෙ කොහොමත් ලයින් වැඩී. මං ⁣මාටෝ නොදන්නෙ ඌ ගැන ..ඒත් .......ඌ මෙදාසැරේ අල්ලගත්තෙ වැරදි එකාව.

රෑපක්කා කවන කවන පාරට කට ඇරල බත් ගුලිය කටට දාගන්ට තනන සමරෙ අයියා' ඇති' කියලා කෑම නැවැත්තුවා . අපේ පැත්තට හැරුනු රෑපක්කා ,

"හංසාා .. මල්ලියේ...කවුද මේ..පොඩිඩා ? ",
කියලා ඇහුවට , උත්තර දෙන්ට ත්  කලින් ෆැන්ටා ගේන්ට ගියපු නවියා ඇවිත් බෝතල් දෙක මේසේ උඩින් තිබ්බ ම සමරෙ අයියා ඇහෙන් ඒව ගන්ට කිව්වා. ඔලුව දෙපැත්ත ට වනපු බෝසර බීම එපා කියද්දි එපා  කියන්ට බැරිකමට මං ගත්තට මාත්  නොබී හිටියා .


"හංසා මේ පැත්තට ආවද..නැත්තං.. වෙන ගමනක් යන්ට ද"


" ඇ.. මං...වෙන ගමනක් යන්ට තමයි ආවේනං සමරෙ අයියා .."


" හ්ම් හ්ම් !! තේරුනා ඒක...........මං හංසව හෙව්වෙ ...මගේ වැඩ ටික කරගන්ට ඉන්නෑයොන්ට ඉංගිරිසි ටිකක් උගන්නගන්ට ඇහැක් ද බලන්ට ... උන් වැඩිය ඉස්කෝලේ නං ගිහිල්ලා නැ මේ අපේ නවීන් කොල්ලත් ඕලෙවල් විතරයි නෙව..මේකාත් හැමදාම වීල් හයර් කරන්ටද...හ්ම්ම් ..නැද්ද මං අහන්නෙ හංසා?.....


" හ්ම් ! ඔව් සමරෙ අයියා "


" ඔව් නෙවෙ හංසා....උඹ ට පුළුවන් නෙ මල්ලියේ ..මේ අපේ ඈයොන්ටත් ඔය කියලා දෙන දෙයක් ගිල්ලෝවන්ට...ඉස්සරහට මගේ බිස්නස් එක කරගෙන යන්ට කව්රුහරි මගේ ළඟ ඉන්ටත් එපැ'යි...හංසට කරදර කරන්ට බෑ නොවෑ....නැත්නං..හංසා තරං වෙන කව්රුත් නැ"


"ම්ම් මං කරන්නං සමරෙ අයියා .. චුට්ටෙයි බර්තයි නවියටයිනෙ...කැමති නං ඉරිදා හවස පන්සලේ පුළුවන් නැත්නං ගෙදර එන්ට ..."


" නැ නැ හංසා...කොහේවත් නෙවෙ ...මෙහේ ඉදන්ම කරගෙන යන්ට ......මං තුන්දෙනාගේම ක්ලාස්  ෆීස් දෙනවා."



"සල්ලි ඕන නැ සමරෙ අයියා ..මං හෙටම එන්නං අද නං බෑ..."



" හ්ම් හ්ම් !  අද කොහොමත් බෑ තමා උඹ ට එහෙ මෙහේ යන්ට ..එහෙනං පරිස්සමෙන් පලයං කොල්ලො ...නවීන් ..හන්දියට ඇරලහං"


සමරෙ අයියා එහෙම කිව්වම එයා අපි ගැන දැනගෙනවත්දො කියලා ත් හිතුණා .
මේසේ උඩ  තිව්නු ෆැන්ටෙ ඇරන් බෝසර ගෙ අතට දුන්නු සමරෙ අයියා ,
" ලොකුකම බල්ලට දාලා බීපං කොල්ලො",  කීවා.
ලැජ්ජාව ට ද කේන්තිය ට ද මන්දා රතුවුනු බෝසර බිමට රැව්වද මන්දා..  

"සමරෙ අයියා ...

"හරි හරි බං මං වැරැද්ද ක් කීවයැ'යි...උඹ එක්කොරං එද්දි මෙතන වැඩ ගැන කියාදීලා එක්කරං වරෙං.. ..... """ කොල්ලො ..මං කැමති පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සුන් ට..අපි බාර්කාරයෝ තමයි .. අනික තමා අපේ හංසා ..ඌ උඹ ව තෝරගන්ට ඇත්තෙ උඹ ඌට හොද නිසා ..හංසගෙ තේරීම් වරදින්ට විදිහක් නැ. එහෙව් එකේ...ඌ උඹවත් ඇරන් මෙහේ ආව කියන්නේ උඹ ට ඉස්සරහට අපිත් එක්ක ගැටෙන්ට සිද්ද වෙනවා..තේරුනානේ කොල්ලො "..

යාංතමට ඔලුව විතරක් හොල්ලපු ඒ දෑස් තිබ්බෙ ම බිම වගේම සැනෙන් සමරෙ අයියා දිහා බලලා , "තෑන්ක්ස්" කීව බටු ඇටේ මගේ දිහා ඇස්කොනෙන් බලල අනිත් පැත්තට හැරුනා . නවියා ඉස්සරහින් යද්දී ඒ හා සමාන වේගෙකින් අඩිය තිබ්බ එයාගෙ අතේ බීම බෝතලෙ බද දෑගිළි අතර  මිරිකිලා තිබ්බා


⁣සීවරං දෙයියනේ  මේකාට යන තරහ !



නවියා එක්ක යද්දි චුට්ටෙලා කෑ ගැහුවෙ" පස්සෙ සෙට් වෙමු" කියලා උනත්  බටු ඇටයා නං පැත්තපාත්තුවේ එක්කොරං එන්නෙ නෑමයි කියලා හිතේ හගිස්සා ගත්තෙ අද වෙච්ච දේත් එක්කල එයා හැසිරුන විදිහ ගැන හිතලා. .නොදන්නා අයට සමරෙ අයියා බාර්කාරයා වලිකාරයා උවත් එයා තරං කෙලින් වැඩකරන මිනිහෙක් විදිහට මං දැකල තිබුණේ ම මගෙ අප්පච්චි විතරක් ම වෙද්දී ..ඉතිං බටු ඇටේ කොහොමද එක දවසින් මනුස්සයෙක් ව අදුනගන්නෙ.. .ඊටත් වඩා මට එපාවුනේ නවීන් ගෙ යනකාං එනකාං තිබ්බ සෙවලපෙරිල්ල

ඇයි යකෝ නවියගෙ ඇස් දණ්ඩ තිබ්බෙ ම මේකාස්සෙ රෙද්ද !



කොහොමහරි ටැංකියක් ගේන්ට ගියපු අපිට නවියා මැදිහත් වෙලා එකක්  නොමිලෙම ඇරන් දෙද්දි ඒක එපා කියලා කීව මගේ බටු ඇටේට වලව්වට යන්ට ඕනෙ උනත් මං ඒ කඩේ අයිතිකාරයාට ටැංකියේ මිල ගෙවද්දිත් එයා කරේම එපා කියලා ඔලුව හොල්ලපු එකම විතරයි

" බෝසර ..ගන්ට ඒක මං ගෙවල ඉවරයි "

"එපා අනේ ඊයා මම ආසත් නැ ..

"බටු ඇටේ...

" මං තෝරපු හන්දා වෙන්ටැති එපා කියෙව්වෙ...හා හා... ළඟ ඉන්ට කෙනා ආස දේ ගන්ට කෝ හොදේ..',  හෙට්ටිආරච්චි මාමා..,
     මඩිය තරකරගන්ට වෙන්නැ ඕක මං ඇරන් යනවා"...

"ඒක හරි කතාව ක් නෙ ...බොලාලට ගියපු රටද මේක ?

"මං ද දැන් වැරදි?? පොට් එකට ඇවිල්ලා කොහොමද හිටියේ ..හෙට දෙනව කියලා දවස් කීයක් පහු කොරාද......ආ...වෙරි සොරි...කෝ ගන්ට ! හංසා දීපු ගාන එහෙම්ම ගන්ට !"


නවියා තෝරපු එක නැතුව වෙන එකක් තෝරන්ට යද්දි කඩෙි මුදලාලි යි නවියයි හිග මුදලකට ඇවිළෙද්දි මගේ බටු ඇටේ බයවෙල " යමු යමු" ගගා කෑ ගහනවා, ඉස්සර මාත් මේ විදිහට ම සද්ද දෑවත් දැන් බෝසර ඉන්ට නිසා මං කටපියා ගත්තේ මගෙ කටත් නලියනවා වගේම ටැංකි එපා ,එපා  ගාන බෝ්සරගෙ අතේ වැලමිටෙන් ඇදල ගද්දී පරඩැලක් වගෙ එයා ඇවිත් වැදුනෙ මගෙ පපුවෙ වගෙම මෙච්චර වෙලා කලු වළාකුළ් තිබ්බ මූණ බිරාන්ත වෙලා තිබ්බෙ මං එයාට සද්ද නැති ව ඉන්ට කියපු නිසාමත් නොවෙයි හැබැයි ,

"බටු ඇටේ පොඩ්ඩිත්තක් කටපියාගෙන ඉන්නවා ඕයි'  ,
       ඒහ්....  නවියා...නවත්තපං බං! ...හෙට්ටි මාමා..හෙට වෙන්ට කළියෙන් ණයතුරුස් තියෙනවනං ඒව බේරගෙන ඉන්ට වෙයි ..නැත්නං අපි ගන්ටත් දන්නවා .."








ටැංකියත් මාළුත් අඩුපාඩු ත් ඇරන් නවිගෙ වීලෙන්ම වලව්වට ආවත් බටු ඇටේ නං මෙලෝසංසාරෙක  දෙයක් මාත් එක්ක කතා කරේ නැ වගේම නිස්සද්ද ව උන්නා.විඩෙන් විඩේ ඒ ඇස් මාව මගෑරියා වගේම හේතුව ක් හිතාගන්ට බැරි උනු මාත් ළතවුනා

ඇයි යකෝ මේකා⁣ගෙ ගෑස් බලන්ටෙපාය  !




සතියෙ දවස් පහම පොත් සාප්පුවට දියවෙද්දි ඉරිදා රෑ ගෙවුනෙ සමරෙ අයිය දිහාවෙ උනා.කොච්චර කොහොම දැන අදුනගෙන උන්නත් රෑ කියලා නොබලා  ⁣තමන්ගෙ තැන ට ඇවිත් බුදියගන්ට මට ඕන උනා..නැ එහෙම කියන්ටත් බෑ ..දැන් ඉතිං මාත් මගෙ පවුල කියන දේ අහන්ට එපෑය


සාමාන්‍ය පෙළ ඩී අටක් ඇරගෙන පාස් වෙච්ච මගෙ බටු ඇටේ උසස් පෙළට පංති ගියා. හැන්දෑ වරුවෙ සමුද්‍ර එකට එන එයා ඇරන් මං සමහර දවස් වලට වැල්ලට ගියා. ඔහොම දවස් වලට තමා බටු ඇටයා වල් ඇටයා වෙන්නෙත් ..නැ මං කීවේ ඉතිං තැන අදාළ නෑමයිනෙ එයාට


පොත් කඩේ වැඩත් එක්ක මට දවස ගානේ වලව්වේම නවතින්ට ඉඩක් නැති උනේ අප්පච්චි ට සහලවලා උණ ඇරන්  මාතර මහ ඉස්පිරිතාලෙ උණ  වාට්ටුවේ  නවත්තන්ට උනු නිසා  වගේම උන්දැ ළඟ නැවතිලා බේත් හේත් පොවද්දි අප්පච්චි කොරේම කල්පනා කරන එක .දින තුනක් තිස්සේම අසනීප නිවාඩු නොඉල්ලා හිටපු මට රස්සාව ගහල ගියත් මං අප්පච්චි ට ඒ වග ඇගෙව්වෙවත් නැ..මොටෝ ඕක කියලා තව දුක් !



අසනීප හොද කරගත්තත් හරි දැන් දැන් අප්පච්චි වෙනදා වගෙ නොයිද  හැන්දකොරේට බිබී එන්ට පුරුදු වෙලා තිවුනා. කලාතුරකින් ඇහෙන එයාගෙ මධුර ගායනාව හැන්දෑ හයේ කනිසම පහුකොරං කඩුල්ල පැනල එනකංම සරමත් කැහැපට ගහගෙන උන්නා.කාගෙ ගුබ්බෑයං අස්සෙ රිංගුවා උනත් ගෙදර ඇවිත් බත් ටික කාලා බුදියෑලුවා. අඩුගානෙ කතා කොරන්ටවත් උන්දැට නිච්චි නැ.. දවස්ගානකින් මගෙ බටු ඇටේ දකින්ට වත් නොලැබම සති ගනං ගෙවුනා..වලව්වෙන්වත් නෑවිදින් තිබ්බ වගේම බටු ඇටයවත් වෙනදා හොරෙං එන පාරේ නැවිත් තිබ්බා. අඩුමගානේ පංතිය ළගට ගියත් බිම බලාගෙන ම වාහේනේට ගොඩවෙන එයා නිකමටවත් හැරිල මං දිහා බැලුවෙ නැති උනා .


නොසෑහෙන්න රිදෙනවා රත්තරනෙ මේ හිත



රස්සාවක් හොයලම මහන්සි උනු මං ආමි එකට ඉල්ලුම් කරා.. මං දන්නැ අප්පච්චි ඒ ගැන මනාපයක් තියෙද කියලවත්. මොටෝ උන්දෑ  මා එක්ක කතා කරොත් ඒකත් නුහුරට උනා.බැරිම තැන සමරෙ අයිය අහා ගොහින් බාර් එකේ වැඩට සෙට් උනේ පරන පුරුදු ටික ත් ආය ම එද්දී .  බජාර් එකේ වැටිලා සතියකට පස්සෙ නවියා එක්ක කඩු අසේලයියගෙ වැ⁣ඩකට සෙට්වෙලා  දුර යන්ට ත් උනා.  පළාතම හොල්ලං ඉදපු අසේලයියගෙ ගෙදර ගියපු අපි එයා එනකං ඉද්දි දන්නෙම නැතුව රෑත් උනා. කමක් නෑ අප්පච්චි ඔයි තියෙන එකක් රත් කොරං  බුදියගන්නැතා

ලොරියෙ හිටපු නවියා බීඩියක් ඇදල අනිත් බාගෙ මට දුන්නා .අපි දෙන්න මාරුවෙන් මාරුවට ඒක අදිද්දි කතාව ට බැස්සේ ඌ කොට  ඒකත්  මං අකමැති ම මාතෘකාව ඇරන්. ඒ වෙද්දි මට උගෙ බීඩියත් එපා උනා රෙද්ද ක් කියෝනවා.


"ඉතිං කියහංකො උබේ පොඩි ඇටයා ගැන ... පුදුම හුරතලයක්නෙ බං ඒකාගෙ  තියෙන්නෙ.."

"හුරතලෙ...වල් බල්ලා! තොට මක්කටෙයි ඒකගෙ හුරතලේ..

"හරි හරි හුත්තො....තොට නගිනවනෙ ඌ ගැන කිව්වහම..තොගෙ එකාට මං වල්කං කොරන්ට ආවෙ නැතුවා.. එකක් මතක තියාගනිං ⁣ඒකාගෙ ඇස්වල තෝ ගැන ආදරේ උතුරනවා මයෙ හිතේ තෝ කරනවාටත් වඩා වැඩි ඇති ....."

"ඒකෙන් උඹ ට කාරි නැනේ..උඹ මොටෝ ඌ දිහා බලන්නෙ කියාපාං..

"තෝ මහ බල්ලෙක්නෙ යකෝ..බැලුව කියලා මුකුත් උනා ද...ඇ..මං මුකුත් කොරාද ඇ...නිකං බඩ උනා වගේනෙ තොගෙ කතාව ...

" ඌ මගේ...මගේ කියන්නේ මගේ...එච්චරයි ...!"

"හරි ඉතිං තොගෙ තමා..මටෝන්නෑ..............................................................හංසා...ආදරේ කියන්නේ භාවනාවක් වගේ..හරි කෙනාට ආදරේ කරද්දි විදවිල්ල අඩුයි..මං ජීවිතේ එකටම ආදරේ කියන හැගීම වින්දෙත් නොලැබීම ඉස්සර කරං..තාම ඒ ආදරේ හිතේ තියෙනවා .......ඉතිං උඹ හිතනවද..එහෙව් ආදරේ තා එකෙක්ට දෙන්ට පුළුවන් කියලා..


"නවීන්..පරන දේවල් අමතක කරහං ! හොදක් වෙන්නෑ කාටත් ඒව මතක්කරා කියලා"


" ඒක තමා...උඹත් ඒක තේරුන් ගනිං..මං ඉස්සර කොතනද දැන් කොතනද කියලා බලපං..මං තේරුන් ඇරන් ඉවරයි කොල්ලො කොල්ලො ආදර කතා නැ බං ඒව තනිකර ආතල් විතරයි ...ඔයි පේන්නැ...සමරෙ අයියට මක්කැ'යි උනේ කොච්චර පරිස්සං කොරාද..අන්තිමේ පැදුර⁣ටත් නොකිය යන්ට  ගියේ.....ආන්....දැන් ඉන්නවලු තුඩාවේ ළමේක් ඉන්නා ..ගෑනියක්  බැදලා....ඌට දෙවනි වෙන්ට බැරිව මෙයත් මෙහේ රෑපක්කව බැන්දා...කොයි?  සතුටින් ද ඉන්නේ......නෑ බං නෑ..සමරෙ අයියා විදවනවා ..අවංකව ආදරේ කරල..........මට තාම හිතාගන්ට බෑ බං ..අරෑ අරතරං පරිස්සං කොරපු එකාව දාලා අරකි ළග නතර වෙච්චි ⁣කාරණාව"

නවියා එකදිගට කියෝගෙන ගියේ බිංදු ගැන ..බිංදු කියන්නේ ගමේ ඉස්කොලෙ පිනාගෙ පුතා.සමරෙ අයියා එක්ක යාළුවෙලා අන්තිමට ගෙදරත් නැවතිලා ආණ්ඩුවේ රස්සාවක්  කොරපු බිංදු නොහොත් තුශාර හිටීගමන් සමරෙ අයියට බූට් එක දීලා ගියා ගියාමයි ආය පැත්තවත් ආවෙ නැ...මටත් ඒකම වෙයිද..බටු ඇටේ ත් මාව දාල යයිද..


" බලපං ඉතිං හංසෝ..මේ යකා තාම නෑනේ මොන හුත්තෙක යනවද ?"

" එන මගුලෙක ගොහින් එන්නැතෑ බං....මහන්සි නං බුදියගනිං..මට අහවර නැ පාන්දර වෙනකං මේකේ ලගින්ට"


"තදියමද උඹ ට? සද්ද වහල තියාගනිං ...බොසා කොහෙන් මතුවෙයිද දන්නැ ....

"ඇයි මං ඌට බයවෙන්ට ඕනද...?



" බය?? කැමති නං බයවෙයං...මං බය කරන්න ගත්තොත් උඹ ට ඇපත් නැ හහ්හහ්.."


" අඅසේලයියා.....

" ම්ම්...නවීන් ....අලුත් එකෙක් ද ?"

" න් නෑ..ප'පරන කෙනෙක් ..

" කලුවරේ ඉන්නේ ?? මෙහාට ඇවිත් මූණ පෙන්නහං''''' ...ආහ්! මාතලේද මෙච්චර දවසක් හිටියේ ?"


' නෑ"





..මාතලේද ඇහැව්වෙ මොටෝ...මූ පටලෝගෙනද මාව...මගෙන් උත්තරයක් වත් නොගෙන නවීන් එක්ක ගේ පිටු පස්සෙට යද්දි මං කල්පනා කරා.ගොහින් විනාඩි 10කට පස්සෙ ආපු අසේල ලොකු මල්ලක් ලොරිය ඇතුළට දැවා. අපහසුවෙන් වගේ ඇවිදං ආපු නවියත් ඩ්‍රයිවින් සීට් එකට නගින්ට හැදුවාම හැමදෙයක් ම තේරුං ගත්තු මං ඌව වළකලා එතනට ගියා




උඹ ආදරේ ගැන මහලොකු ටෝක දුන්නට තෝරාගත්තු පාර වැරදියි සහෝදරයා









සදුදා පුරුදු විදිහට ම බාර් එකෙත් හවස බටු ඇටේගෙ පංතිය ළගත් කල්ගෙව්ව මං නවියා ඉද්දිම අත්හැර දාපු ළිං ගැට්ට උඩ ඈදි ගෙනම සිගරට් එක ඇද්දා. වැඩි වෙලාවක් ගියේ නැ පංතිය ඇරෙන්⁣ට පැය බාගෙකට කලියෙන් ආපු  බටු ඇටේ මං ඈත තියාම දකිද්දි අතෙ තිව්නු සිගරට් කොටේ වීසි කොරන්ටවත් උනේ නැ එයා ඒක දැක්කා.. හුටා!



🥀
පො ඩි

Continue Reading

You'll Also Like

1.2M 52.3K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
34.1K 285 70
Mortals will meet Percabeth. It will go on until they started, to until they're married and have kids. Some of the mortals will have parts to get rev...
406K 6.4K 80
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
13.3K 155 19
Your dad met someone, and at first you were happy for him. But that someone was hiding something... a/n : this is my first book, so there can be some...