- Plot 23 -

נכתב על ידי Bulbz_D

820K 109K 37.3K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... עוד

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -

- 5 -

8.3K 1.1K 50
נכתב על ידי Bulbz_D

'' මගේ දරුවො අහන්න... මේ කතාව සමහර විට හුළගටත් පරණයි.. සමහර විට හුළග තරම්ම අලුත්... ඒත් දැනගෙන ඉන්න ඕන කතාවක්... අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වුන පරීක්ෂණයක බලාපොරොත්තු නොවුන ප්‍රථිඵලයක්... කතාව පටන් ගන්නේ එතනින්... එයාලා ජීවත් වුනේ වෙනම ලෝකයක... ඒක සමාන්තර විශ්වයක් නෙවේ.. අපි එදි නෙදා එහා මෙහා යන ලෝකෙම අපෙන් හැංගිලා තිබුණ කොටසක...සමහර විට අපි අතරේම ... එයාලා කොහොමටවත් අැත්ත ලෝකෙටවත් , එකිනෙකා අතරවත් මුහු නොවිය යුතු ජීවින් උනා..  එයාලා මිනිස්සුම තමයි.. පොඩි වෙනසක් තිබුනා..

එයාලා වර්ග තුනයි... ඩ්‍රොමිඩා , බර්ඩ්‍රේන් තමයි එයාලාගේ ප්‍රධාන වංශ දෙක... ඒ වගේම නුමුහුම් වංශ දෙක ....එ් දෙක තරම්ම බලවත් නොවුන මුහුම් වංශය යොරෙල්... ඒක හරියට ඩ්‍රොමිඩා , බර්ඩ්‍රේන්වලට අයත් නැති මුහුම් වුන සේරමලා යොරෙල් වංශයේ වුනා... අපි තාමත් ඉන්නේ අන්තර්ජානවලට කෘත්‍යයක් නැ කියලා කියන යුගයක මගේ දරුවො.... ඒත් අවුරුදු දහස් ගණනකට කලින් අතීතයේ ජාන විශේෂඥයෙක් කරපු පරීක්ෂාවක ප්‍රථිඵලයක් විදියට ජාන මුහුමකදී සිදුවුන අත්වැරදීමක් විදියට එයාලාගේ ජානවල ඉන්ට්‍රෝනවල කෘත්‍යයක් කේතකරණය වුනා... අත් වැරදීමක් කිව්වට ලොකු වැරදීමක්.... සොබාදහමට එපිටින් යන වැරදීමක්....''

කටත් ඇරගෙන ඉදපු අවුරුද්දක විතර පොඩි එකා අඩන්න ගත්තේ අත්තමට තුරුළු වෙන ගමන්... එළියේ වැස්සත් එක්ක ලොකු කුණාටුවක්...

'' ඒත් මේ සොබාදහම හැමතිස්සේම බර්ඩ්‍රේන්වරුන්ටත් ඩ්‍රොමිඩියන්ස්ලාටත් බැදුනා.... හුස්ම ගන්න හැමදේම එයාලාට  බැදුනා.... ගස් , ගල් මල් එක්ක හැමතිස්සේම ඩ්‍රොමිඩියන්ස්ලා ආත්මයෙන්ම බැදෙද්දි , හැම සතා සීපාවා එක්කම බර්ඩ්‍රේන්ස්ලා ආත්මයෙන්ම බැදුනා...  ඩ්‍රොමිඩියන්ස්ලාගේ කදුළුවලට මල් පිපුනා.. බර්ඩ්‍රේන්ස්ලාට හැමදේම ඉව වැටුනා... ඒත් එයාලාට නියමයන් තිබුනා මගේ දරුවො... ඉස්සරහට ලොකු අනතුරක් නොවෙන්න මේ දේවල් පරිස්සම් කරන්න එයාලාට නියම වුනා... ''

'' ඒ මොකක්ද අත්තඅම්මේ ? '' අවුරුදු දොළහක් විතර පෙනුන පොඩි ළමයා ඇහුවේ එයාගේ අය්යාට තුරුළු වෙන ගමන්.. කුණාටුව එන්න එන්නම තද වෙලා...

'' සොබාදහම අභිභවන්න කෙනෙක් නැහැ මගේ දරුවො...  එහෙම කෙනෙක්ට පැවැත්මකුත් නැහැ කියලා ඍෂිවරු දැනගෙන ඉදියා... ඒත් අවුරුදු හත්සීයකට කලින් බර්ඩ්‍රේන් කෙනෙක් වගේම ඩ්‍රොමිඩා කෙනෙක් අතින් ඒ නියමය කැඩුනා... එතනින් එහාට හැමදේම අදුරුයි දරුවො... බර්ඩ්‍රේන්ලා ඩ්‍රොමිඩියන්ස්ලා ඇවිලුනා... තහනම් නියමය කඩපු බර්ඩ්‍රේන්ව හා ඩ්‍රොමිඩියන්ව එයාලා විසින්ම හංගගත්තා...  ''

'' ඒ කියන්නේ මැරුවද ? '' අකුණක් පුපුරලා යද්දි බයටම ගුලි වුන පිරිමි ළමයා ඇහුවේ අතේ ඉදපු අවුරුද්දක පොඩි එකා අඩන්න ගනිද්දි....

'' ෂ් ෂ්... ඒ එක අකුණක් විතරයිනේ දරුවො.. '' ඇය සන්සුන්ව කිව්වේ පුංචි දරුවාගේ හිස සිපගනිමින්...

'' කවදාවත් කිසිම දවසක එයාලා මුහු වෙන්න හොද නැහැ කියලා එයාලම තීරණය කළා.. ඉතින් එයාලාගේ පරම්පරාවන් අතරේම ඥාතින් අතරේ විතරක් ම විවාහයන් විතරක් වුනා.. යොරෙල් වංශය තහනම් වුනේ නැතත් , එ් වංශයට බැදෙන්නන් බර්ඩ්‍රේන් වංශය හැර යා යුතු වුනා.. උසස් බර්ඩ්‍රේන්වරු බිහි වුනේ නුමුහුම් පෙළපතෙන් විතරයි... ''

'' අත්තම්මේ , මේක නිකන් කතාවක් නෙවේ නේද ? අපි මේ කියන බර්ඩ්‍රේන්වරු නේද ? '' මෙච්චර වෙලා නිශ්ශබ්දව කතාව අහගෙන ඉදපු පිරිමි ළමයා ඇහුවේ ඇයගේ වියපත් මුහුනේ සිනහාවක් මැවෙද්දි..

'' ඔයා හරි මගේ බුද්ධිමත් දරුවො.. අපි බර්ඩ්‍රේන්වරු.. බර්ඩ්‍රේන් ජාන මුහු වුණ නුමුහුම් පෙළපත වේඝාර්ණ ඍෂි පෙළපත...  ''

'' එතකොට අර ඩ්‍රොමිඩියන්වරු ? ''

'' දැන ගනිවි..... මතක තියාගන්න දරුවො ඔයාලා විශේෂයි...  ස්වභාව ධර්මයයා අභිබවන්න කාටවත්ම බැහැ... එය මගින් ඉපිද එය සමග ජීවත්ව එයට එකගව මියයන්න....''

උඩුමහලේ සම්පූර්ණ විසිත්ත කාමරයම දැඩි නිහඩතාවයක ගිලී ගියේ පිටත කුණාටුව තව තවත් වැඩි වෙද්දි...

.
.
.
.
.
.
.

'' ඔහොම ඇස් කරකවනකොට මට ලෝබ හිතෙනවානේ දරුවො.. ම්හ්... අම්මා එක්ක තරහා නැ නේද මගේ පුතේ ? ''  රතු පාට මලානික පොඩි එළියත් අදුරුදහන් වෙලා යද්දි අන්තිම හුස්මත් හිර වෙද්දි මියුන් ඇස් දෙක ඇරියා... එකපාරට ඇස් දෙකට වැටුනු සුදු පාට ෆ්ලැෂ් එකට ඇස් නිලංකාර වෙලා ගිය එකට සාප කරපු මියුන් ආයේම ඇස් දෙක වහගත්තේ එකම එක කදුළු බිංදුවක් ඇස් අයිනෙන් බේරෙද්දි...

'' සිහිය ආවාද ඩොක්ට ? '' කලබලෙන් ඇතුලට දුවගෙන ආපු අඩි සද්දය මියුන්ට ඇහුනා..

'' ඔව්.. අනිත් දරුවාට නම් සිහිය ආවා දැන්... ''

'' ආහ්.. ගොඩ් බ්ලෙස් හිම්.. ගවීෂ්ගේ තත්වේ මොකද ඩොක්ට ? ''

'' තාම අන්කොන්ෂස්.. අපි බලමු.. රිපෝට්ස් නෝමල්.. මේහ්... මේ අනිත් දරුවා ආශක්‍යසිංහ කවුරු හරි කෙනෙක් නේද ? එයාලාව ඉන්ෆෝම් කළාද මිස්ට වේඝර්ණාරච්චි ?  ''

'' තාම නැ.. මං කතා කරලා ඉන්නම් .. '' එයාගේ ඇද දිහාවට එන අඩි සද්දයට මියුන් හිතලම ඇස් පියාගත්තේ දැන් කාත් එක්කවත් කතා කරන්න ඕනකමක් නැති නිසා.. අනික ගවීෂ්ට සිහිය ආවේ නැත්තන් එයාව මෙතනින් පණ පිටින් යවන්නැ කියන්න මියුන් හොදටම දන්නවා...  මියුන් කොහොමත් මුරණ්ඩුයි. ලෙඩ වුනාම ඉතින් අමුතුවෙන් අහන්න දෙයක්ද ?

'' එක්කියුස් මී පුතා. මං මෙතුල වේඝර්ණාරච්චි... '' ඇස් අරින්නැ කියලා හිතන් ඉදියාට කතා කරපු විදියෙන් මියුන් ඇස් ඇරියේ වේඝර්ණාරච්චිලාගේ මෙච්චර ඉවසීමක් තියෙන කෙනෙක් ඉන්න පුලුවන්ද කියලා හිතාගන්න බැරුව...ආහ් මේ අංකල්.. විලේජ් එකේ ගග ගාවදි දෙතුන් පාරක් දැකලා තියෙන අංකල් වේඝර්ණාරච්චි දෙවෙනි පරම්පරාවේ බාලම පුතා කියලා මියුන් අදුරගත්තා...

'' කාට හරි ඉන්ෆෝම් කරන්න ඕනද ? '' මියුන් උත්තරයක් දුන්නැතුව ආයේම හැරුනේ මුරණ්ඩුකමට...

'' කන්න බොන්න මොනවා හරි ගෙනත් ඕනද ? '' මියුන්ගේ මුරණ්ඩුකම එයාගේ ඥාති පුතා ගවීෂ්ට වඩා වැඩි කියලා තේරුන මෙතුල පොඩි හිනාවක් දැම්මේ ආයේම මියුන්ට කතා කරන ගමන්..

'' බොරුවට අහන්න ඕන නැනේ අංකල් නේද ? ඔයාලාගේ කෙනාට සිහිය ආවොත් විතරනේ මාව යවන්නේ කොහොමත් ? '' මියුන් කෙලින්ම ඇහුවේ එහා ඇදේ තාම සිහිය නැතුව ඉන්න ගවීෂ් දිහා බලලා... එයාගේ එහා පැත්තේ තාම අර රණ්ඩුව බේරන්න ආපු කසිනුයි අංකලුයි ඉන්නවා මියුන් දැක්කා...

'' එයාට සිහිය එන්නැති තරම් බරපතල නැ දරුවො කොහොමත්.. හොස්පිටල් එකට ගෙනෙද්දිත් සැරින් සැරේට සිහිය තිබ්බා එයාගේ.. තියට එකට දාන්න වුන නිසා තමයි තාම සිහිය ආවේ නැත්තේ.. '' මෙතුල හිනා වෙලා කිව්වේ මියුන් කට වහගනිද්දි.. ඒත් කාටද ඉන්ෆෝම් කරන්නේ ? මෙවීනාට කිව්වොත් කලබල වෙලා ගිනි තියනවා.... අරවින්ද්ට කිව්වොත් සිහිය නැති එකාගේ බෙල්ල මිරිකලා දාන්න බැරි නැ මෙහේ ඇවිත්..  කියන්න සතුටුයි ඒ දෙන්නාගේ ඇර නම්බර්ස්  මියුන්ගේ ෆෝන් එකේ සේව් නැනැ..

'' ක්‍රිෂ් කියලා නම්බරයක් ඇති නෝට්පැඩ් එකේ.. '' මියුන් කරබාගෙන කිව්වේ ෆෝන් එක අන්ලොක් කරල මෙතුල අතට දෙන ගමන්... ක්‍රිෂ් අක්කා කොහොමත් විලේජ් හොස්පිටල් එකේම ට්‍රේනින් ඩොක්ට කෙනෙක් නිසා මෙතනට එන්න යන්නේ උපරිම විනාඩි දෙකයි....

'' චූටි මාමේ.. සුදු මාමේ... ගවීෂ්ට සිහිය ආවා.. '' යොවන්දි කැගැහුවේ මෙතුලත් කෝල් එක අතරේම ඒ පැත්ත බලද්දි... ආහ් සිහිය ඇවිත්ද ? අපරාදේ ඔහොමම නිවන් දකින්න තිබ්බේ හැබැයි... ෂික්..

'' විනාඩි දෙකෙන් මෙතන කිව්වා..  '' මෙතුල මියුන්ට තට්ටුවක් දාලා නැගිට්ටේ ගවීෂ්ගේ ඇද පැත්තට කකුල ඉක්මන් කරන ගමන්...

සුදු පාට බිත්තිවලට ඇස් හුරුවෙන්න වෙලාවක් දිපු ගවීෂ් සේලයින් කටුව ගහපු එයාගේ අත දිහා බැලුවේ මුලින්ම ඉන්නේ කොහොද කොතනටද ආවේ කියලා හිතාගන්න බැරුව.. මේ විදියට වලියකට පස්සේ සිහිය එන පළවෙනි වතාව නොවන නිසා හිතුවට වඩා ඉක්මනට ගවීෂ්ගේ මොළේට ගියා මේ පාරත් සාර්ථක ලෙස වලියක් නිසා කෙල වී ඇති බව...

'' සුදු මාමේ.. චූටි මාමේ.. යොවන්දිත් ඉන්නවා ??? '' අම්මො නහය රිදෙනවා.. අත රිදෙනවා... කකුලත් රිදෙනවා... යටිබඩත් රිදෙනවා... ඔළුවත් කැරකැවෙනවා.... බෙල්ල වටේම තැලිලා වගේ....  දැන් තමයි මිනිහාට ටිකෙන් ටික මතක් වෙන්නේ.. ටකරම් පොඩි වෙන සද්දේ.. අර යකා බෙල්ල මිරිකපු හැටි... අන්තිමට උෟම පණ නැතුව ඇග උඩට කඩන් වැටුන හැටි... කෝ ඒකා ????

තත්පරේට අංශක බර ගාණක වේගෙන් ගවීෂ් ඔළුව හැරෙව්වේ එහා පැත්තේ ඇදට... ඒක හිස්.. ඒ කියන්නේ දැනටම මිනිය අස් කරලා ???????? එතකොට අනිත් පැත්ත... ආහ්... බැන්ඩේජ් ගොඩක් මැද්දෙන් අර අමුතු කළු ඇස් දෙක පෙනුනම ගවීෂ් ගැස්සිලා ගියේ වැදුන පාරවල් ටික මතක් වෙලාද නැත්තන් බෙල්ල හරවපු වේගේට ද කියලා හිතාගන්න බැරුව ගවීෂ් ආයේ අහක බලාගත්තේ බර ගානක ප්‍රවේගයෙන්... මං මේ ඌ මැරිලාද කියලා බැලුවේ...  අපරාදේ පණ පිටින්... චූටි මාමා බේරුවේ නැත්තන් කෝමත් ඕකාව මරනවා මං....

'' එක්ස්කියුස් මී.. '' දොරත් අරන් කඩාපාත් උන ඩොක්ට රෝබ් එක දාගත්තු කොල්ලා...... වගේ පෙනුන කෙල්ල දිහා ගවීෂ් බලාගෙන ඉදියා.. ආහ් .. මේ අර ක්‍රිෂ් ආශක්‍යසිංහ... අරුගේ කසින් කෙනෙක්නේහ්.. මල්ලි බබාව ගෙදර එක්කන් යන්න ඇවිත් ඇති... හහ් හහා.. ඇවිදගන්න පුලුවන්ද දන්නෙත් වැදුන ෂොට් ටිකේ හැටියට...

'' මයි ගෝඩ් මියුන්.. !! එයැයි මෙතන හෙන විපත්තියක් වෙලා වගේ දුවගෙන ගියාට මියුන් එහා පැත්ත හැරෙනවා ගවීෂ් බලාගෙන ඉදියා... මුගේ ලොකුකම බලහන්කො.. දෙන්ඩ තියෙන්නේ මුට .. ''

'' මේ පොඩි මහත්තයා... වටේ පිටේ බලලා ඉවර නං මෙහේ බලනවද ? '' සුදු මාමාගේ කටහඩට තමයි ඒ පාර ගවීෂ් උඩින් ගිහින් වැටුනේ....

'' ඕ සුදු මාමේ.. අවුලක් නැ අවුලක් නැ.. මෙව්වා නතින්.. '' ගවීෂ් පොර වගේ කියලා නැගිටින්න හැදුවට යටි බඩට වැදිලා තිබ්බ පාරවල්වල සැර තාම මිනිහාට දැනෙනවා.. යකු අර යකාගේ ඇට කෝටු ගොඩ වගේද බලහන් නෙලලා තියෙන්නේ.. ඇගිල්ලේ තරමට නෙවෙයි ඉදිමිලා තියෙන්නේ... දෙන්ඩ තියෙන්නේ මුට...

'' මෙතන මොකක්ද උනේ ? '' මියුන්ව චෙක් කරලා ඉවර වුන ගමන්ම ක්‍රිෂ් හැරුනේ වේඝර්ණාරච්චිලා දිහාවට.... දැන් තමයි හැබැ යුද්ධය පටන් ගන්නේ... .

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

המשך קריאה

You'll Also Like

14.5K 3.8K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...
27.2K 5.6K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
317 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?