බැහැල ආව ඩ්‍රයිවර් අන්කල් උඩට කරගෙන තිවුණු සරම පාතට දාලා බෙල්ල පැත්තකට නවලා බයාදු හිනාවක් දෑවා..මට නිකම් ඒක හරි අමුතුවට දැණුනේ ..මොනව උනත් මේ මගේ ශාන් අයියා ගෙ අප්පච්චි වගේම මගෙත් අප්පච්චි ..කටපුරා අප්පච්චි කියලා කතා නොකරත් එයා කියන දේවල් අහන්න මාත් පුරුදු වෙලා හිටියා .. ඇදේ වාඩි වෙලාම හිටපු මං වටපිට බලද්දිත් මද්දුන් අයියා බොනට් එකට හේත්තු වෙලා මගේ දිහා බලං ඉන්නවා .. හදීසියෙ ආපු ශාන් අයියා ගෙ අප්පච්චි ව අපෙ අප්පච්චි එළෙව්වද...නැත්නම් මද්දුන් අයියා වෙන හේතුව ක් මවලා එයාව මෙහාට එව්ව ද කියලා මට නොයෙක් නොයෙක් විදිහට හිතුණා.
" චූටි බේබි .. වාහනේ ඇරන් ඇවිත් තියෙන්නේ ....යන්ටෑකි දැන් "
" එයා යන්නෙ මාත් එක්ක "
කුස්සියේ ඉදපු ශාන් අයියා ඒ ඇසිල්ලෙ ඉස්තෝප්පුවට ආවත් හරි එළියෙ බොනෙට්ටුවට හේත්තු වුණු මද්දුන් අයියා කාරෙකෙ අතෑරල දාලා ගෙට එන්න ආවා.
මුගෙ පැණි ගතිය නම් තාම ගිහිල්ලා නැ..පකයෙක්ම තමා!
ඉස්තෝප්පුවට ගොඩවුනු මද්දුන් අයියා මට රවාගෙනම වාඩි උනේ ඩ්‍රයිවර් අන්කල් ගේ ඇතුළෙන් ගෙනත් තියපු ලොකු පුටුවක වගේම ශර්ට් එක උස්සලා පපුව පේන්න ම පොවන් ගහගත්තාම ඩ්‍රයිවර් අන්කල් ශාන් අයියට කිව්වා වතුර ගේන්න කියලා.. මාත් නැගිටලා අයියා එක්කම කුස්සියට යන්න තනද්දි මගේ අතින් ඇදල නවත්ගත්ත මද්දුන් අයියා ,
" සදිව් ට වාඩි වෙන්න මේ ගෙදර පුටු නැද්ද ..., කියලා ඇහුවාම' මං ඒ අතත් අතෑරල ගිහින් බූරු ඇදේ ම වාඩිවෙන්න හැදුවා විතරයි , මද්දුන් අයියා ආයම කෑ ගැහුවා
"ඕවා තියෙන්නේ බුදියගන්න මිසක් වාඩි වෙන්න නෙවෙයි නේ..."
"ඉන්ට ලොකු මහත්තයෝ කෑනුගා..මං ගේන්නං පුටුවක් .."
" ඒ..එප්පාංකල්..එපාා....."
ඩ්‍රයිවර් අන්කල් මද්දුන් අයියා ට කෑ ගහන්න එපා කියලා පුටුව ගේන්න යද්දි මං එපා කියලා නවත්ත ගත්තා .ඇයි අනෙ පුටුවද දැන් මෙතෙන්ට ඕනම හුහ්!
වතුර එක අරන් ශාන් අයියා ආවම මං නැගිටලා ඒක අරන් මද්දුන් අයියට ඇල්ලුවාම,
" ඔයාද සදිව් දැන් මේ ගෙදර වැඩකාරයා ? හහ්! ගෙනාපු එක්කෙනාටම අල්ලන්න කියනවා..කවුද දන්නෙ වහ දාලද කියලා"
මද්දුන් අයියා ජරා කතාවක් කියාගෙන යද්දී මං හිමීට ශාන් අයියා දිහා බැලුව ම එයා දත්මිටි කාගෙන ඉන්නවා හැබැයි එයාගෙ අප්පච්චි බිම බලාගෙන ම පව්! අහිංසක මිනිස්සුන් ට ම තමයි හයිකාරංකම් පෙන්නනනෙ.. ගද ගහන ඌරුලෑවා ම්හ්හ් !
" කන ඇහෙන් නැද්ද ..ඉශාන් ...මං තමුන් ට කියන්නේ ' ඕක ගෙනත් දෙනවා "
"වහ දෙන්ට තරම් පඩත්තරකං නෑ අපේ ළඟ.. කව්රු ඇල්ලුවත් තිබහ නං බොන්ට දැනගන්ට ඕනා.. කැටයම් නොදා බොනවනං.. බීපං මහත්තයෝ නැත්නං...... මෙන්න මෙහෙම අල්ලල වීසි කරපං #ත්ත !"
"හිච්චියෝ.........
"ශාන් අයියා .....
මගේ අතේ තියෙන වතුර වීදුරුව අරන් මිදුලට විසික් කෙරුව ශාන් අයියා නරක වචනයකුත් කියාගෙන ආපිට කුස්සියට ගියේ, ඩ්‍රයිවර් අන්කලුයි මමයි එයාට කතා කරද්දි . ගල් ගිලිල වගේ බලං ඉන්න මද්දුන් අයියත් කොරවෙලා ගිහින් කියලා දැක්කා.අනේ මෙයා ශාන් අයියට බයයි වගේ..කට විතරයි !
"සදිව්... එනවා යන්න "
ගෙට ගොඩ උනු වෙලාවෙ ඉදලා සද්දෙන් කටගහන් ආපු මද්දුන් අයියා හිමීට මට කාරෙකට යන්න කියන් නැගිටිද්දි මාත් ශාන් අයියා ට කියන්න ගේ ඇතුළට පැන්නා.
කුස්සියේ පිටුපස දොරට හේත්තු දාන් අහස දිහා බලං ඉන්න මගෙ හිච්චොං අයියව පිටිපස්සෙන් ම බදාගෙන ඒ පිටම ඉඹල කම්ඹුල තිව්වාම එයා අත පිටිපස්සට කරල මාව ඇදල ඉස්සරහට කරන් ඉනට අත් දෙකම පටළලා තුරුළ් කරගත්තා.
වැහි හීතලත් එක්ක මල් සුවදක් එද්දි ඒ මොන මල්ද අහන්න මං ඔලුව උඩට ඉස්සුවාම එයා ඒ ඇහිල්ලෙම මගේ ඉස්මුදුන ඉම්ඹා. අනේ..මේම ආදරයක් නේද අර හෝහපුටු මද්දුව කඩන්න හදන්නෙ ..මට දැනුණා මගෙ ඇස් තෙත් වෙනව කියලා , හැබැයි ඒක එයාට පෙනුන් නැ..ඒත් ......, එයා මගේ ඇස් දෙකට හාදු තිව්වා.ඒ වගේම "ආය නම් එපා " කීවා . මං හිතල අඩනව නෙවෙ නෙ අනෙ.. මේ රෙද්දෙ කදුළු ඉබේම එනවා.
" ශාන් අයියෙ ...මං......
" යනව කියන්ට නෙ ආවෙ...ම්ම්ම් ..යන්ට ..මං පස්සෙන් එන්නං"
"එන්නම් කීවෙ.... ඔයා එනවද වලව්වට ..."
"හ්ම්!"
"නවතින්නම..ද"
"හ්ම්ම්!"
" එතෝට ,' මද්දුන් ...
" ඒ පකයා ගැන කතා නොකර ඉන්ට!"
" ඒ උනත් ..එයා සද්ද නැතුව ඉන්න එකක් නැ.....මොනවහරි කරයි"
"ඉතිං...මට බයවෙන්ට කියලද කියන්නේ ...
" නෑ නැ දෙයියනේ ...ඔයාට තේරෙන්නැ ..මං බයයි ඔයාල රන්ඩු වෙද්දී ....
" බය නැති ව ඉන්නවා බටු ඇටේ..ඌට කරන්ට ඇහැක් දෙයක් නැ!"
" ඒ උනත් ....රන්ඩු කර...
" දැන් රන්ඩු කරන්ට එපාද...?"
" නැ අයියො නැ කරන්න කරන්න.. බය කල්ලම දාන්න...
" හේනං...මයෙ කොල්ලා කියන්නේ මක්කයි මෙ...ම්ම්ම් ....රන්ඩු වෙන්ට එපාලු කරන්ට ලු...එකක් කියන්ට කෝ"
"............පරිස්සමෙන් කරන දෙයක් කරන්න ..මොකද එයා සද්ද බද්ද නැති ව ඉදලා..පන්න පන්න පාර දෙනවා.."
" හත්තිලව්වේ.....! පරිස්සමෙන් කරන්ටලු...කෙල්ලො නං කියන්නේ .......රන්ඩු වලට ඇදෙන්ට එපාය කියලා ..ඒකට මගේ කොල්ලා ....... යන්ට ලු..ඒකත් පරිස්සමෙන් .........................
" මොන කෙල්ලෙක් ගැන ද කියවන්නේ ?....',දැන් කෙල්ලෙකුත් ඉන්නවද...
" අම්මෝ....!! ,බටු ඇටේ.....ඒක නිකං කට වචනෙට කිව්වෙ ....නිකං...නිකං.........
"මං ඔය ළද බොළඳ කෙල්ලො වගෙ නෙවෙ ශාන් අයියා ....ගහනව නම් ගහනවා මරනව නම් මරාගෙන මැරෙනවා"
"බටු ඇටෙ......................
" රන්ඩු කරන්න කීවෙ..කාටවත් බයේ ජීවත් වෙන්න ඕනෙ නැති නිසා හැබැයි පරිස්සමෙන් කීවේ ඔයාගෙ මෙන්න මේ තියෙන හදවත අයිති මට නිසා ..තේරුම් ගියා ද ඔයි මැටි මොළේට ම්හ්හ් !"
මං කියෙව්වා ..ඇයි අනෙ මට තරහ ගියා..මෙයාට මේකවත් තේරෙන් නැද්ද .. අත් දෙකත් පපුව ගාවින් බැඳගෙන ටිකක් වෙලා මං දිහා ත් බලන් ඉදපු එයා ඇදල අරන් ආයෙත් මාව තුරුළ් කරගත්තා විතරක් නෙවෙ ..එයා අහනවා,
" රිදෙන්නැද්ද ..එක දිග ට කියෙව්වම"
"මොනව ගැන ද අහන්නෙ ....
"මං අහන්නෙ ..මේ චූටි කුරුළු හොටේ...රිදෙන්නැද කියලා "
අයියෝ!.. කට මිරික මිරික කුරුළු හොටේ රිදෙන්නැද්ද අහනවා ම්හ්හ්ක්
" ආදරේ හිතෙනවා"
" මට...ද"
" නැ ..මේ කියවන චූටි කටට.... මගේ බෝනික්කා....උම්ම්ම්මා"
ඉම්ඹා! උම්මා කියලා තොල් දෙකම.. වරුසාවක් වගේ එයාගෙ ආදරේ ..
" මොකද්ද මෙ එන සුවඳ අයියෙ "
" ම්ම්ම් ..ඇට්ටේරියා....හරි සුවඳ යි නේ.."
" ම්න් .. ගොඩක් ...අපේ වලව්වේ නැනේ..ම්හ්හ් "
" ඔව් ඉතිං අර පාට පාට කඩදාසි යි ඇන්තූරියම් හදාගෙන වටේට තියං ඉන්නවා ..වැඩක් තියෙද ඔව්ව ...නේ......ද"
" අනෙ මේ හිච්චොං අයියා එන්න එපා ඒවට එහෙම කියන්..ම්හුක් ! අම්මා ආසම මල් ඒවා...එයා හදපුවත් තියෙනවා තාම.. ඉහි..ක්..
"හා හා....නාඩ ඉන්ට... ඔයා ආස විදිහට ඕන තරං හදන්ට..අනික ඉතිං........සුවඳ මලක් වලව්වේ ..ම ඉද්දි මොටද තව සුවද මල්...ම්ම්ම්......"
" ඒ කවුද ..........
" එයා......., එයා මගේ මෙතන ඉන්නේ "
වලව්වේ සුවඳ මලක් ඉන්නවා කියපු එයාගෙන් කවුද කියලා ඇහුව ම, මගේ අත අරන් එයාගෙ පපුවෙ වම් පැත්තට තියල එයා ඉන්නේ මෙතන කිව්වාම මට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරගන්න බැරිවුණා . එයා මට ආදරෙයි ..මට සුවඳ මල ක් කියලත් කීවා.......ඇටේරියා වලටත් වඩා සුවඳ යි කියලද කීවේ..අම්..මෝ!....මට ලැජ්ජත් එක්ක
Bo pov end🥀
වර්ථමානය 🌻
වොශ් කරන් ඉවර උනු බෝසර ඇතුළෙ ඉදන් කෑ ගහනව ටවල් එක ඉල්ලලා.. අනේ ඉතිං මේ යෝදයට මේකවත් ගෙනියන්ට බැරි උනානේ..කවද හැදේද මන්ද ..දොර ඇරගෙන ඇතුළට යන්ට හිතුනු අදහස අතෑරගෙන බාගෙට ඇරුණු දොරින් ටවල් එක දුන්නේ ඒ ඇගිලිත් තදට මිරිකලා..
බෝසර කිරි එක බිබී ඉද්දිම මං ගොහින් ජනේලෙ ඇරියේ ඉර එළිය ට වහල තිවුණු කාමරේ ට ආලෝකය ක් දෙන්ට උනත් පාර බදු ඇරන් වගේ එහාට මෙහාට යන වීල් එකක් දැක්ක මට මතක් උනේ ඒකත් හරියට නවියගෙ වීලේ වගේම උනු නිසා... ඇත්තටම නවියට මොකද උනේ? දිලීප ආමි ගියා චුට්ටෙයි බර්තොයි කොහේද.....
ආටිගලට මොකක් වෙන්ටැද්ද... ඔක්කොම අහගන්ට පුළුවන් කෙනෙකුට දැන් ඉතිරිවෙලා ඉන්නේ ලාල් විතරක් ම වෙද්දි අප්පච්චි ව බලං යමින් ගමන් යන්ටෝනා ඌවත් බලන්ට.ඒත් ඒ වීල් එක...ඇයි මේ ටිකේම කරක් ගහන්නෙ...ගිහිල්ලා ම බලමුකො
මං කාමරෙන් එළියට ගියේ බෝසර කිරි එක බිබී ඉද්දිමයි.සාලෙත් අප්පච්චි නෑ කියන්නේ එයා මේ වෙද්දී මිදුලෙ ඇත්තෙ..අපෝ...දැන් ඉතිං කනක් ඇහිල ඉවරයි
තිබුණු පරන මලකඩ කාපු යකඩ ගේට්ටුව අහක් කොරලා දැන් හැඩ ට අලුත් එකක් දාලා කලු පාටින්. ඇති යංතං මොටෝ මේව යනකොට ගෙනියන්නෙයි..මට තවම මතකයි ඕක අයින් කරන්ට කියද්දි ත් අප්පච්චි ට යකා වැහුනා. වලව් මානේනෙ ඉතිං මකලවත් යවන්ට බැ නොවැ
තණකොළ බිස්සෙ උඩින් උඩින් ඉදලෙන් ඇන ඇන කොළරොඩු ගන්ට හදන අප්පච්චි ව මගෑරිල පාරට යන්ට තතනද්දි පොල්ලෙන් ගැහුව වගෙ අප්පච්චි අහපු කතාව ට මට හීන් දාඩිය දෑවා. දැක්ක වගේ කියන්නේ දැකලද මන්ද ..
"උඹලා දෙන්න දැන් පවුල් කන්න ද හදන්නෙ ?........
" හ්ම් !"
" මිනිස්සු හිනස්සන්නැතුව කයි කතන්දර අහගන්නැතිව ඉන්න ම බැරිද ?"
" මං කරන්නෙ මටෝන දේ අප්පච්චි "
" ඔව් ඔව් ඔය කොරල හිරේ ලැගලා ආවේ..එකපාරක් නෙවෙයි නේ...යනවා එනවා... හිරෙත් නිකම් උඹේ ගෙදර වගේ නෙ තිබ්බේ..
" හිනා යන කතා කියන්ට එපා අප්පච්චි ..හිරේ නිකං ගෙදර වගේ නෙවෙ ...ගෙදර ම තමයි ..මොටෝ මේ ගමේ මිනිස්සුන් ට පඩයක් ගියත් අහුවෙන්නෙ මං කොට..
" හා හා ඇති ඇති ..නවත්තගන්නවා"
"ඇත්ත කියන්ට බය වෙන්ටෝන නෑ අප්පච්චි !"
" මං දන්න ඇත්ත හොදටම ඇති ඉශාන් ..' , කෝ මොකටද පාරට යන්නෙ? "
" නිකං"
" කලින් හිටපු කිසිකෙනෙක් දැන් හොයාගන්න නැ..නෑ කියන්නේ ඉශාන් උන් මේ ගමෙත් නැ"
" එතකොට අප්පච්චි කියන්නේ ..උන්ව ගමෙන් පැන්නුව කියලද..................
" නෑ .......උන්ට යන්න ඕන අහ උන් ගිහින් "
.............................
යන්ටෝනහා ගොහින් කියන්නේ ..උනුත් අතුරුදහන් කරලද..හරියට නවියා වගෙ..
සමරෙ අයියා කාන්තියක්කා ... අප්පච්චි ආශ්‍රය කොරන්ට එපා කියපු උන්ලමයි මං හිරේ ඉද්දි කන්ට බොන්ට ගෙනත් මගේ හිතහරි හදන්ට හිටියේ වගේම බේරගන්ට ආව ගිය අයම..උන්ලවත් අතුරුදහන් කරේ අප්පච්චිවත්ද එතකොට ..
පාරට වෙලා මගේ කියන උං ගැන ම කල්පනා කරපු මං ඇස් කරකෝලා බැලුවෙ මං දිහා ම බෝසර බලං උන්නවයි කියන හැඟීමෙන් යුතුව උනත් ජනෙල් කූරුවල එල්ලිල එයා බලං හිටියේ ඇස් දෙකත් ලොකු කරං ...එළියට නං එන්ටෙපා වස්තුවේ අද්ද අද්ද ආවොත් ඒකත් කොරල කියලා අහුවෙනවා
"ඉශාන්..........උඹ ඔයි සම්බන්දෙ නවත්තන්නෙම නැත් ද?"
" නෑ"
" ඒ කවුද කියලා මං කියන්න ඕන නෑනේ "
" මටෝන් නැ..අඩුගානේ අප්පච්චි දන්නවද මං අප්පච්චි කියන්නේ කාටද කියලවත් ....
" මමයි උඹේ අප්පච්චි "
"මං පිළිගන්නෑ"
" නෑ! බෑ! නෙවෙයි ඉශාන් ..ඒක කවදහරි පිළිගන්න වෙනවා ..අද නැත්නං හෙට.....
"කොහොමටවත් නැ .. මට ඉන්නේ එක අප්පච්චි කෙනයි ඒ ඔයා නෙවෙ ..බලහත්කාරෙන් ළඟ තියාගත්තා කියලා මට ඒ ඉල්ලන තනතුර දෙන්ට බෑ.."
" ගුණදාස ගියේ මට හැම දෙයක් ම කියලා.. .. මගේ ලොකු පුතා උඹ"
"ඒ ගුණදාස ම මට කීවෙත් මගෙ අප්පච්චි එයා කියලා .. අප්පච්චි ලා කවදාවත් දරුවොන්ට බොරු කියන්නෙ නැ', මාව තවත් තරහ ගස්සන්නැතිව ඉන්ට පුළුවන් නං ලොකු දෙයක් .."
මං තවත් එතන නොයිද වීල් එක හරවං ගියපු පාරේ පයින් ම ඉස්සරහට එන්ට ආවා. අප්පච්චි විතරක් ම නෙවෙ නෙ වගීශයගෙනුත් පුදුම කරදරයක් නෙව තිබුණේ
•
•
•
•
එන්නං🥀
නීහු 💚
😌 කතාව හොරෙන් කියවන අයට ආතරෙයි