𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)

By DVM__Princess

40.3K 7.5K 2.1K

"කූ එයා ඔයාට වඩා ගොඩක් වැඩිමල්!!" "I don't care" 𝐴 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 𝑓𝑎𝑛 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛.. 𝐼𝑓 𝑦𝑜𝑢 𝑑𝑜𝑛... More

𝙄𝙣𝙩𝙧𝙤
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 1
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 2
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 3
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 4
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 5
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 6
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 7
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 8
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 9
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 10
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 11
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 12
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 13
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 14
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 15
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 16
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 17
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 18
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 19
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 20
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 22
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 23
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 24
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 25
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 26
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 27
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 28
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 29
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 30
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 31
𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 32 (𝙀𝙉𝘿)

𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 21

1.1K 233 79
By DVM__Princess

ටේහ්‍යොන්ග් හිටියෙ නින්දෙ..ටේහ්‍යොන්ග් ළඟම ටේහ්‍යොන්ගෙ එහාපැත්තෙන් ජන්කුක් ටේහ්‍යොන්ග්ට තුරුල් වෙලා නිදාගෙන හිටියා..

නින්දෙ හිටපු ටේහ්‍යොන්ග්ට දැනුණා එයාගෙ තොල් උඩ සීතල දෙයක් එහාමෙහා යනවා..කට කොනින් හිනාවුණු ටේහ්‍යොන්ග් ඇස් ඇරලා එයා දිහාවට යොමුවෙලා තියන බෝල ඇස් දිහා බැලුවා..ජන්කුක්ගෙ තොල්පෙති ටේහ්‍යොන්ගෙ තොල් උඩ තද වෙලා තිබුණෙ..

"Good morning හ්‍යොන්ගි.."

ටේහ්‍යොන්ගෙ තොල් මතම මුමුණපු ජන්කුක් එයාගෙ තොල් අහකට අරන් ටේහ්‍යොන්ග් එක්ක හිනාවුණා..ටේහ්‍යොන්ග් ආපිට ජන්කුක් එක්ක හිනාවෙලා ජන්කුක්ව ඇදට තද කරලා ජන්කුක්ගෙ ඇඟ මතට ඇවිත් මූණට ළං වුණා..

"Good morning.."

"ම්හ්... හ්‍යොන්ගී~"

ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙ තොල්වලට බර වෙලා ආපහු සිපගන්න ගනිද්දි ජන්කුක් කෙඳිරිල්ලක් පිටකරලා ටේහ්‍යොන්ගෙ බෙල්ල වටේ අත් යැව්වා..

*peep*

එකපාරටම කාර් එකක් horn කරන සද්දෙ ඇහුණු ටේහ්‍යොන්ග් නින්දෙන් ගැස්සිලා ඇහැරුණා..

ඔව්.. එයා මෙච්චර වෙලා දැකලා තිබුණෙ හීනයක්..ඒ නිසයි නින්දෙන් ඇහැරෙද්දිත් ටේහ්‍යොන්ගෙ මූණෙ හිනාවක් ඇඳිලා තිබුණා..ඒත් ඒ හිනාව ක්ෂණයකින් අතුරුදහන් වෙලා ගියා..

ටේහ්‍යොන්ග්ට ටිකකට කලින් ඇහුණෙ ජියෝන්ගෙ වාහනෙ horn එක..දැන් ටේහ්‍යොන්ග් ගොඩක් වෙලාවට ඇහැරෙන්නෙ ජියෝන්ගෙ කාර් එකේ සද්දෙට.. ඉස්සර එයා මීට කලින් ඇහැරුණා. මොකද හැමදාම උදේට college යන්න ලෑස්ති වෙන ජන්කුක්ගෙ කෑ ගැහිල්ලට ටේහ්‍යොන්ග්ව හැමදාම ඉබේම ඇහැරෙනවා..

ඒත් දැන්...ටේහ්‍යොන්ග්ව ඉස්සර වගේ ඇහැරෙන්නෙ නෑ.. මොකද උදේ පාන්දරට කෑ ගහන්න ජන්කුක් නැති නිසා!

ජන්කුක් යුන්ගිත් එක්ක USA ගිහින් දැනට සතියක් වෙනවා!

ටේහ්‍යොන්ග් Art exhibition එකට ගිහින් සතියකට පස්සෙ ආපහු ඩේගු ඉඳලා සෝල් එනකොට ගොඩක් දේවල් සිද්ද වෙලා තිබුණා..ඒ වෙද්දි ජන්කුක්ව USA යවන්න සේරම ලෑස්ති කරලා ඉවරයි ජන්කුක් යන්න තව සතියයි ඉතුරු වෙලා තිබුණෙ..ටේහ්‍යොන්ග් ආවට පස්සෙ එයා හැමදෙයක්ම දැනගත්තා..

ජන්කුක් හදිසියෙම මෙහෙම තීරණයක් අරන් තියෙන්නෙ ඇයි කියලා ජියෝන්වත් සේහිවත් හරි හේතුවක් නොදැන හිටියට ටේහ්‍යොන්ග් දන්නවා ..අනිවාරෙන්ම ජන්කුක් මෙහෙන් යන්න හදන්නෙ එයා නිසා කියලා ටේහ්‍යොන්ග් දන්නවා..එයාට ඕනි වුණේ නෑ ජන්කුක්ව යවන්න..ටේහ්‍යොන්ග් ජන්කුක්ව නවත්තන්න හැදුවා..ඒත් ඒ හැමවෙලාවෙම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වුණා..කවදාවත් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වෙලා නැති ජන්කුක් ඒ සතිය පුරාම ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වුණා.. හැමදාම!

ටේහ්‍යොන්ග් හින්දම මුලින්ම යන්න බෑ කියපු ජන්කුක් අන්තිමේදි ටේහ්‍යොන්ග් හින්දම USA යන්න කැමති වුණා..

රූම් එකෙන් එළියට ආපු ටේහ්‍යොන්ග් Coffee එක්ක හදාගෙන ඒකත් බොන ගමන් චිත්‍ර කාමරේට ගියා..ටේහ්‍යොන්ග් මේ චිත්‍ර කාමරේට ආවේ සතියකට පස්සෙ! ජන්කුක් ගිය දවසෙ ඉඳන් ටේහ්‍යොන්ග් මේ වෙනකල් චිත්‍ර කාමරේ ගිහින් තිබුණෙ නෑ..චිත්‍ර කාමරේට වෙලා චිත්‍රයක් අඳින්න තරම් නිදහස් මනසක් ටේහ්‍යොන්ග්ට තිබුණෙ නෑ..ටේහ්‍යොන්ගෙ හිතට ලොකු බරක්,වේදනාවක් දැනුණා..

Coffee mug එක මේසේ පැත්තකින් තියලා ටේහ්‍යොන්ග් canvas board එක ඉස්සරහ පුටුවක් තියාගෙන ඉඳගත්තා..

විනාඩියක්.. දෙකක්.. නෑ පැය බාගයක්ම ටේහ්‍යොන්ග් ඔහේ හිස් canvas board එක දිහා ඔහේ බලාගෙන හිටියා.

"ආහ්හ්හ්!!"

නළල දෙපැත්ත තෙරපන ගමන් ටේහ්‍යොන්ග් ඇස් වහගත්තා..සතියක් ගෙවිලත් ටේහ්‍යොන්ග්ට තවමත් කිසිම හොඳක් දැනුණෙ නෑ...










වෙලාව රෑ දොළහටත් කිට්ටුයි..සේහි නිදාගන්න කියලා ඇඳට ගියා විතරයි ගේ ඉස්සරහ කාර් එකක් horn කරනවා ඇහුණා.ඇඳෙන් නැඟිටපු සේහි ගිහින් ගේට් එක ඇරියා.ගේට් එකෙන් ඇතුල් වුණේ ටේහ්‍යොන්ගෙ කාර් එක..හැබැයි කාර් එක drive කළේනම් ටේහ්‍යොන්ග් නෙවෙයි..ටේහ්‍යොන්ග් passenger seat එකේ ඉන්නවා දැක්කම සේහිගෙ හිතට අමුත්තක් දැනුණා..ඒ නිසා සේහි කාර් එක පිටිපස්සෙන් garage එකට ගියා..

කාර් එකේ driving seat එක පැත්තෙන් එළියට බැස්සෙ හෝසොක්..හෝසොක් වටෙන් ඇවිදගෙන passenger seat එක ළඟ දොර ඇරලා ඇතුළෙ හිටපු ටේහ්‍යොන්ග්ව එළියට ගත්තා..ටේහ්‍යොන්ගෙ එක අතක් අරන් තමන්ගෙ උරහිසට දාගත්තු හෝසොක් ටේහ්‍යොන්ග්වත් අල්ලගෙන කාර් එකේ දොර වැහුවා.

"හෝසොකා~"

"ශ්.. කටවහගන්න!!"

හෝසොක් ඉක්මනට ටේහ්‍යොන්ග් කියන්න ගිය දේ මග නැවැත්තුවෙ ඉස්සරහ හිටගෙන ඉන්න සේහි නිසා..

"අම්.. අද පොඩි පාටියක් දැම්මා.. ටේට පොඩ්ඩක් limit පැන්නා"

සේහි ප්‍රශ්නයක් අහන්න කලින් ඉක්මන් වුණ හෝසොක් මඳ හිනාවකුත් එක්ක එහෙම කියලා ටේහ්‍යොන්ග්වත් වාරු කරගෙන garage එකෙන් එළියට ගිහින් පඩිපෙළ නැඟගෙන උඩට යද්දි අත් දෙකත් බැඳගෙන ටික වෙලාවක් බලාගෙන හිටපු ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා.

"හෝසොකා..ඇයි උබ බොරු කිව්වෙ ඇත්තම කියන්න එයාලට.."

ටේහ්‍යොන්ග් මත් වෙච්චි හඬින් ඔලුවත් වැනි වැනිම හෝසොක්ට එහෙම කියද්දි හෝසොක් කේන්තියෙන් තොල හපාගත්තා.

හෝසොක් දොර ඇරගෙන ගේ ඇතුළට ගිහින් ටේහ්‍යොන්ග්ව couch එක උඩට ඇතඇරියෙ එක අතකින් එයාගෙ රිදුම් දෙන උරහිසක් මසාජ් කරන ගමන්..

"ඇයි උබ බොරු කිව්වෙ ඇත්තම කියන්න එපැයි මම එයාලගෙ කු~"

"ටේ කට වහපන්.."

හෝසොක් ටිකක් තදින් කිව්වම ටේහ්‍යොන්ග් couch එකේ හාන්සි වෙලා ඇස් පියාගත්තා.

"එයාලට මම මොකක්ද කියන්න ඕනි.. ජන්කුක් මෙහෙන් ගිය නිසා දුකට උබ බිව්වා කියලද ආ?"

හෝසොක් ටේහ්‍යොන්ග්ට බැන බැන ටේහ්‍යොන්ග් දාගෙන හිටපු සපත්තු ගලවලා බිමට දැම්මා.

"පිස්සා!"

ඇස් තද කරලා පියාගෙන නළල දෙපැත්ත මිරිකගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා එහෙම මුමුණපු හෝසොක් කිචන් එක පැත්තට ගියා.

හෝසොක් එතනින් ගියාම ඇස් ඇරලා බලපු ටේහ්‍යොන්ග් දැක්කෙ මේසේ උඩ තියන ජන්කුක්ගෙ iron man toy එක.. ඒක ජන්කුක් දවසක් අමතක ටේහ්‍යොන්ගෙ ගෙදර දාලා ගියපු එකක්..ටේහ්‍යොන්ග් එයාගෙ අත දික් කරලා toy එක එයාගෙ අතට අරගෙන පපුවට තියලා තද කරගත්තා.

"I miss you"

ටේහ්‍යොන්ග්ට දැනුණා එයාගෙ ඇස් කදුළු පටලයකින් වැහිලා යනවා..උගුර හිර වෙලා වගේ දැනුණා..ටේහ්‍යොන්ග් පුළුවන් තරම් ඇඬුම් පාලනය කරගන්න try කලත් එයාට බැරි වුණා..එයාගෙ ඇස් අඟින් කදුළු බිංදු රූටලා ගිහින් කම්මුල් තෙත් කරන්න ගත්තා..

කිචන් එකේ ඉඳන් ටේහ්‍යොන්ග්ට බොන්න දෙන්න lemon juice එක හදන් ආපහු ටේහ්‍යොන්ග් ළඟට ආපු හෝසොක් දැක්කෙ ඇස් පියාගෙන අඬන ටේහ්‍යොන්ග්ව..ටේහ්‍යොන්ගෙ ඇස් අඟින් නොනවත්වා කදුළු මතුවෙනවා..

"ටේ උබට මොකද මේ වෙලා තියෙන්නෙ..."

අතේ තිබුණු glass එක මේසේ උඩින් තිබ්බ හෝසොක් couch එකේ ටේහ්‍යොන්ග් ළඟින් ඉඳගෙන ටේහ්‍යොන්ග්ව බදාගත්තම හෝසොක් ආපිට තද කරලා බදාගත්ත ටේහ්‍යොන්ග් අඬන්න ගත්තා..හෝසොක් ටේහ්‍යොන්ග්ව සනසන්න ටේහ්‍යොන්ගෙ කොන්ද අතගෑවා..මේ විදියට ටේහ්‍යොන්ග් අඬනවා එයා දැක්කෙත් පළවෙනි වතාවට!

"ටේ උබ~"

"හෝසොකා.. මට මගේ පොඩි කොල්ලා නැතුව පාළුයි... මගේ පපුව පිච්චෙනවා වගේ! මම දන්නෙ නෑ.. මට ගොඩක් රිදෙනවා..."

"ටේ මට තේරෙනවා..ඒත් උබ මෙහෙම බීලා නාස්ති වෙලා හරි යන්නෙ නෑ!"

"මට දුකයි බන්... මට දුකයි!! මට ඕනි නෑ කුකීව යවන්න..මම නවත්තන්න හැදුවා ඒත් එයා මුරණ්ඩුයි...මට තේරෙන්නෙ නෑ ඇයි එයාට එහෙම හදිසියෙම මෙහෙන් යන්න ඕනි වුණේ කියලා..ඒත් ඒකට මම ලොකු හේතුවක් කියලා මම දන්නවා"

"ටේ.. එයා ඉගෙන ගන්නනේ ගියෙ.. ආපහු එයි.."

"ආවේ නැතොත්?"

ටේහ්‍යොන්ග් එයාගෙ කදුළු පිහිදාන ගමන් දුර්වල විදියට හිනාවෙලා couch එකට හේත්තු වුණා..හෝසොක් නිහඬවම ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියෙ එයාට දෙන්න උත්තරයක් නැති නිසා මොකද ජන්කුක් ආපහු එයිද නැද්ද කියන්න එයා දන්නෙ නෑ...

"පුංචි වදකාරයා නැති වුණාමයි මට ඒ අඩුව දැනුණෙ..."

ජන්කුක්ගෙ toy එක තද කරගෙන අල්ලන් ටේහ්‍යොන්ග් ඒක දිහා බලන් මිමිණුවා..හෝසොක් මේසේ උඩ තිබුණු lemon juice එක අතට අරන් ටේහ්‍යොන්ග් දික් කළාම ටේහ්‍යොන්ග් ඒක අතට අරන් උගුර කීපයක් බිව්වා.

"මම දන්නවා... මම එයාගෙන් ඈත් වෙලා හිටියා තමයි..ඒත්.. මම හැමදාම ඒ මූණ දැක්කා.. මට ඕනි ආපහු ඒ මූණ දකින්න.."

ටේහ්‍යොන්ගෙ උගුර හිර වෙලා වචන එන්නෙ නෑ වගේ දැනුණා..ඒ ගැඹුරු හඬින් වේදනාත්මක ඉකියක් පිට වුණා..

"මට කොච්චර කරදර කළත් මම ඒ හැමදෙයක්ම පහුවෙනිදා වෙද්දි අමතක කළා..කරදරකාරයා කියලා බැන්නා තමයි.. එ-ඒත් මට එයාව කරදරයක් නෙවෙයි"

"මම ඒ පුංචි හිත ගොඩක් රිද්දන්න ඇති ඒත් මම එහෙම කළේ හිතකින් නෙවෙයි..මට එහෙම කරන්න වුණා..
මම හිතුවෙ නෑ එයා මෙහෙම ඈතට යයි කියලා.. වයසින් පොඩි වුණත් කුකීගෙ හිතේ මන් වෙනුවෙන් ආදරේ මහ ගොඩක් තිබුණා.. මුලදි මම ඒක attraction එකක් විතරක් වෙන්න ඇති කියලා හිතුවත් පස්සෙ මට ඒක දැනුණා.. කුකී ඇත්තටම මට ආදරෙයි කියලා.. මන් කොච්චර එපා කිව්වත් එයා මගෙන් හැමදාම ආදරේ බලාපොරොත්තු වුණා"

"මට තේරෙන්නෙ නෑ හොසොකා.. මට කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ! හැමවෙලේම කුකීවමයි මතක් වෙන්නෙ..හ්‍යොන්ගි කියලා මට කතා කරනවා ඇහෙනවා.."

ටේහ්‍යොන්ග් කම්මුල් දිගේ ආපහු කදුළු ගලන්න ගනිද්දි ටේහ්‍යොන්ග් ඔලුව පහළට බර කරන් ජන්කුක් ගැනම කියවන්න ගත්තා..

අන්තිමේදි ටේහ්‍යොන්ග්ව රූම් එකට එක්කන් ගිහින් ටේහ්‍යොන්ග් නිදාගන්නකල් ටේහ්‍යොන්ග් ළඟින්ම හිටපු හෝසොක් ගෙදරින් පිටත් වෙද්දි පාන්දර වෙන්නත් ළං වෙලා තිබුණා..








USA

ජන්කුක් එයාගෙ පොත් මේසෙට වෙලා පෑනකුත් කටේ ගහගෙන පොතක් පෙරල පෙරල හිටියා...ජන්කුක්ට එහා පැත්තෙ ඒ ළඟම තිබුණ මේසේට වෙලා හිටියෙ යුන්ගි..යුන්ගිගෙ Granny දෙන්නටම ඉන්න රූම්ස් දෙකක් ලෑස්ති කරලා තිබුණත් ජන්කුක්ටයි යුන්ගිටයි ඕනි වුණේ නෑ වෙන වෙනම ඉන්න..ඒ නිසා දෙන්නම ඉන්නෙ එකම රූම් එකේ..

තමන් පෙරලගෙන හිටපු පොත වහපු යුන්ගි ජන්කුක් දිහාවට හැරිලා ජන්කුක් ඉඳගෙන හිටපු පුටුව එයාගෙ පැත්තට හැරෙව්වා..

"කුකී මට ඇත්තම කියන්න?"

"ම්-මොකක්ද..."

කටේ තිබුණ පෑන මේසෙ උඩින් තියපු ජන්කුක් ඇස් දෙක ලොකු කරගෙන යුන්ගි දිහා බැලුවා.

"ඇයි ඔයා එකපාරටම මාත් එක්ක USA එන්න කැමති වුණේ..."

"ඇයි ඔයා කැමති නැද්ද මම ආවට?"

"නිකන් වැඩකට නැති කතා කියන්න එපා... මන් අහපු දේට උත්තර දෙන්න"

යුන්ගි ජන්කුක් දිහා රවලා බලලා කිව්වම ජන්කුක් කට පුම්බගෙන යුන්ගි දිහා බලන් ඉඳලා හුස්මක් හෙළුවා.

"ට්-ටේ හ්‍යොන්ගිට girl friend කෙනෙක් ඉන්නවා..."

ජන්කුක් බර හුස්මක් පාත දාලා මේසෙ උඩින් මූණ තියාගෙන යුන්ගි දිහා බැලුවා.

"හහ් මට හිතුණා ඔයා මෙහෙම එකපාරටම මාත් එක්ක එන්න කැමති වුණ එකට එයා සම්බන්ධයි කියලා..."

යුන්ගි කටකොනින් හිනාවෙලා කිව්වා..එයා දැනන් හිටියා ටේහ්‍යොන්ග් නිසා තමයි ජන්කුක් එයත් එක්ක USA ආවේ කියලා..ටේහ්‍යොන්ගෙන් ඈත් වෙන්න තියන අකමැත්තට මුලින්ම USA යන්න බෑ කියපු ජන්කුක් එකපාරටම යන්න කැමති වුණාම යුන්ගි පුදුම වුණා..එයා කවදාවත් හිතුවෙ නෑ ජන්කුක් එයත් එක්ක USA එයි කියලා..ජන්කුක් ඒ තරමට ටේහ්‍යොන්ග්ට බැඳිලා හිටියෙ!

"අපි අන්තිමට restaurant ගිය දවසෙ.. එදා මම හ්‍යොන්ගිව දැක්කා ගර්ල් කෙනෙක් එක්ක..ඒ restaurant එකේම ඉන්නවා.. එ-එයාගෙ නම ජෙනී"

"මගෙ අතින් milkshake හැලුණු චිත්‍රෙ හිටියත් ඒ ජෙනී.."

ජන්කුක් හිමීට මුමුණලා පුටුවෙන් නැඟිටලා ගිහින් එයාගෙ ඇඳේ නිදාගෙන සිවිලිම දිහා බලන් හිටියා..යුන්ගි එයා ඉඳන් හිටපු පුටුවෙම ඉඳගෙන ජන්කුක් දිහා බැලුවා..

"කුකී ඔයාට වැරදීමක් වෙලා වෙන්න පුළුවන්.."

"නෑ මට වැරදුණෙ නෑ..ජෙනී කියන්නෙ හ්‍යොන්ගිගෙ ගර්ල් තමයි..ඒ ජෙනී හැමවෙලේම හ්‍යොන්ගිට කෝල් කරනවා.. එදා restaurant එකෙත් එයාල හිටියෙ couple එකක් වගේ!"

ජන්කුක් ඇඳේ ඉඳගෙන යුන්ගි දිහා බැලුවා..ජන්කුක් ඇස් අස්සෙ කදුළු නළියනවා..

"හ්‍යොන්ගිට girl friend කෙනෙක් හිටියත් නැතත් එයා කොහොමත් මට කැමති වෙන්නෙ නෑනෙ.. හැමදාම හ්‍යොන්ගිට කැමැත්තෙන් හිටියෙ මම විතරයි! කොච්චර බලන් හිටියත්.. හ්‍යොන්ගිගෙ කටින් කවදාවත් මන් අහන්න ආසාවෙන් ඉන්න වචන එළියට එන්නෙ නෑ..."

ජන්කුක් හයියෙන් අඬන්න ගනිද්දි යුන්ගි ඉක්මනට ගිහින් ඇඳට නැඟලා ජන්කුක්ව බදාගත්තා..

"ශ්.. කුකී අඬන්න එපා.. ඒ හැමදෙයක්ම අමතක කරන්න"

"යූන්.."

"මට පොරොන්දු වෙන්න... ඔයා හැමදෙයක්ම අමතක කරනවා කියලා.. අපි දැන් අලුත් තැනක.. ඒ නිසා පරණ දේවල් අමතක කරලා හැමදෙයක්ම අලුතින් පටන් ගමු"

යුන්ගි හිනාවෙලා ජන්කුක්ගෙ ඔලුව අතගාලා කදුළු පිහිදැම්මා.

"promise? "

යුන්ගි එයාගෙ අත ඉස්සරහට දික් කළාම ජන්කුක් එයාගෙ අත යුන්ගිගෙ අත උඩින් තිබ්බා.

"promise!"





DVM__Princess

Continue Reading

You'll Also Like

31.4K 2.5K 72
ဖတ်ကြည့်နော်😉😉
2.4K 727 18
ɪ'ᴍ ʜᴇʀᴇ. ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ. ɪ ᴅᴏɴ'ᴛ ᴄᴀʀᴇ ɪꜰ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ꜰɪɢʜᴛ ꜰᴏʀ ᴛʜᴇ ᴄᴏᴜɴᴛʀʏ , ɪ ᴡɪʟʟ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ʏᴏᴜ. ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪɴɢ ᴄᴀɴ ᴇᴠᴇʀ ᴅᴏ ᴛᴏ ʟᴏꜱᴇ ᴍʏ ʟᴏᴠᴇ ꜰᴏʀ ʏᴏᴜ...
1.9K 298 16
❤සහෝදර බැඳීමක අසම්මත ප්‍රේමය❤
73.2K 4K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။